භෞත චිකිත්සාව බටහිර වෛද්‍ය කර්මයේදී සිරුරට බාහිරින් කරනු ලබන ප්‍රතිකාර ක්‍රම
වෙදයකි. ආයුර්වේදයේද මීට සමාන ප්‍රතිකර්ම විධි සිදු කරන අතර ඒ සදහා යොදා ගන්නා ක්‍රමවේදයන්
අතර විශාල වෙනස් කමක් දක්නට ලැබේ. ආයුර්වේදයේදී තෙල් වර්ග බාහිරින් අලේප
කරමින් ශාක ඹෟෂධ රෙදිකඩක පොට්ටනියක් කර උනුසුමින් තැවීම
සහ ඹෟෂධීය පත්තු බැදීම වෙනුවට බටහිර වෛද්‍ය
කර්මයේදී ආලෝකය ,විද්යුතය, සදහා නවීන විදුලි උපකරන යොදමින් සිරුර උනුසුම් කිරීමත් ව්‍යයාමයත් උපයෝගී කරගනි.
මෙම වියමනේ
උත්සහාය බටහිර වෛද්‍ය කර්මයේදී භෞත චිකිත්සා ප්‍රතිකාර කිරීම පිලිබද තොරතුරු සංක්‍ෂිප්තව පලකිරීමය.
සිරුරට භෞත චිකිත්සා ප්‍රතිකාරයන් සදහා යොදා ගන්නා ක්‍රමවේදයන්
•
උඩුකුරු තෙරපුම
•
ගුරුත්‍වාකර්ෂණය
•
විද්‍යුතය
•
ශබ්දය
•
ව්‍යායාමය
ලෙස සරලව කාණ්ඩ කර දැක්විය හැකිය.
භෞත චිකිත්සා ප්‍රතිකාර වයස් සීමාවකින් තොරව ළදරු වියේ සිට වියපත් විය
දක්වා යොදා ගනු ඇත.
මෙම ප්‍රතිකාර මගින් ඹෟෂධ බාවිතයෙන් තොර නිසා සාංකූලතා
ඇතිවන්නේ නැත. ස්නායු රෝග , විකලාංග රෝග, රක්තවාත රෝග, ළමා රෝග .ක්‍රීඩාවන් නිසා සිදුවන අනතුරු ,ශ්වසන හා හෘද රෝග, සහ විවිධ ක්‍රියාකාරකම් නිසා ඇතිවන සිරුරේ වේදනා සුව කිරීමට භෞත චිකිත්සා ප්‍රතිකාර වලින් සිදුකරනු ලැබේ.
ශාරීරික සුවතාවය පවත්වා ගැණිමට භෞත චිකිත්සාවෙන් නිවරදි උපදේශක‍්‍තවයක් ලබා
ගත හැක.භෞත චිකිත්සා ප්‍රතිකාරයන්හී මුලික අරමුණු වන්නේ
සිරුරේ මාංශපේශී ශක්තිමත්
කිරීම , සන්දි වල චලන සමායෝජනය හා චලන
පරාසය ඇතිකිරීම
, බර දරාගැනීම හා සමබරතාවය දියුණු කිරීම, ස්ථුල බව අඩුකිරීම , වේදනාව අඩුකිරීම
, ශ්වසන පහසුව ඇති කිරීම
, ඇවිදීම පුහුණු කිරීම (විකලාංග සහ අංශබාග රෝගින්ට) .වැඩිහිටි පුද්ගල සාංකූලතා
![]() |
සාංකූලතා ඇතිවන්නේ නැත |
අවම කිරීම.සහ ශරීර සුවතාවය රැකීම හා පවත්වා ගෙන යාම
වැනි කරුණු සාක්‍ෂා
කරගැණිමය
භෞත චිකිත්සක වෘත්තීයවේදීන්
වෙත යොමු කිරීමෙන් පහත සදහන් ළමා රෝග හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර ලබාගැණිමට හැකිය.
මාස 4 – 5 : හිස කෙලින් නොතිබීම
මාස 6-7 : තනිව නොපෙරලීම
මාස 9- 12 :තනිව වාඩි නොවීම
මාස 12 වැඩි : අල්ලා ගෙන නොනැගිටීම
මාස 16 -24 : ආධාරකයක් රහිතව ඇවිදීමට නොහැකි වීම
උපතේදී හා ළඳරු අවධියේ
•
බෙල්ලේ ගැටිත්තක් තිබීම
•
එක් අවයවයක (පාද, අත්) චලනය දුර්වල වීම
•
සන්ධියක චලනය දුර්වල වීම
•
සන්ධිවල ඉදිමුම රත්පැහැ ගැන්වීම
•
උපතේදී ඇති වන අපස්මාරය
•
මාංශ පේශීවල අසාමන්‍ය තද ගතිය හෝ ලිහිල් බව
ළමා කාලයේ දක්නට ලැබෙන රෝග
•
හැසිරීමේ අසාමාන්‍ය තත්වයන්
•
මුහුනේ මාංශ පේශීවල විකෘති තත්වයන්
•
කොඳු ඇට පෙල ඇදවීම
•
ඇවිදින විට දිස්වන අස්වාභාවික බව
Ø
පාදවල ඇදයක්
Ø
සන්ධි ගැටීම
Ø
කකුල කතිර ආකාරයෙන්
තැබීම
Ø
ඇගිලි වලින් ඇවිදීම
Ø
පාදයක් කෙටිවීම
Ø
දනිස් පසුපසට නැමීම
භෞත චිකිත්සාවේ ප්‍රතිඵල සාර්ථක වීමට නම් ...
• ප්‍රතිකාර සඳහා යොමු වීම
•
සායන වලට නියමිත ලෙස සහභාගීවීම
•
ඇගයීම
•
රෝගියා සමඟ අවබෝධයක් දැනුවත්බවක් ඇති පුද්ගලයෙක් සායනය වලට සහභාගී වීම
•
නිවැරදි ඉරියව් පිලිබඳ හඳුනාගැනීම
•
ආධාරක භාවිතය
•
වෘත්තීයවේදීන්ගෙන් හැර අනෙක් උපදෙස් පිලි නොපැදීම
බලන්ගොඩ රෝහලේ භෞතවේදී චිකිත්සක
ඊ.එම්.එස් ඩී. එදිරිසිංහ මහත්මියගේ දේශණයක් ඇසුරෙනි.
notes of imaginary
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.