ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2013-09-25

Catch me if you can



පලාත් සභා මැතිවරණය අවසන්ය. ආයෙත් තව ටික දවසකින් තවත් පලාත් සභා කිහිපයක ( තුනක්) මැතිවරණ පවත්වනු ලබන බව ප්‍රකාශිතය. මේ මැතිවරණ අපට ධාර්මිෂ්ඨර් යුගයෙන් පහල වු දායාදයන්ය. පුංචි රටට මැතිවරණ හතරක් !. මේ පුංචි රටේ හැම වසරේම මැතිවරණයක් නොතිබුනොතින් එය නම් පුදුමයකි.

අවුරුදු තිහක් තිස්සේ ත්‍රස්තවාදියෙකුගේ පාලනයට යටත්ව තිබු කැන්ගරු නීතිය රජකල උතුරට විග්නේෂ්වරම් කෙනෙකු උතුරේ ජනතාව තෝරා පත් කර ගෙන තිබේ.
දකුනේ ජනතාවට මෙන්ම නිදහසේ ( මෙයට නියම අරුතක් නැත. ) දයාසිරිලා අනුරාධලා පත්කර ගත හැකිවුවත් ඒ නීතිය යටතේම ඒ ව්‍යවස්ථාව යටතේම උතුරට විග්නේෂ්වරම් කෙනෙක් ස්වාධීනව ( මෙයටත් නියම අරුතක් නැත ) පත්කරගෙන කටයුතු කිරීම අකැප බව දකුනේ ජනතාව සිතන්නේ නම් එහි සාධාරනයක් ඇතියි සිතිය නොහැකිය.

උතුරටත් දකුනටත් එක හා සමානව සිතන්න අපේ රටේ දේශපාලකයන් සහ ආගමික දේශකයන් ඉඩ දෙන්නේ නැති සෙයකි. දකුනේ මෙන්ම උතුරේත් මේ වර්ගයේ ජාතිහිතෛෂින් අපමන සිටිති.අද ඇති සංහිදියාව නොඉවසන සෙයකින් මේ ජාති හිතෛෂීන් තම ශ්‍රී මුඛ විවර කරන්නේ වක්කඩ කඩා හැළුවාක් මෙනි.

එකෙකුට දිවුරුම් දීමේ ප්‍රශ්නයකි. තවත් එකෙකුට තවත් ප්‍රශ්නයකි. පවතින විධියට පැවතීමක් නොමැතිව අපි වෙනම පැත්තක යයි කුලල් කා ගන්න යාම මේ පොර කුකුළන්ට නම් විනෝදයකි.

අපිට රට දියුණු කර ගත යුතුයයි සිතා අපේ චින්තනය වෙනස් නොකර ගත හැකිද ?.
සිංහල පමනයි වු දා සිට උතුරත් දකුනත් විරසකවු බව අපට අද අමතකය. “58 පටන් ගත් ගිණි පුපුරු මහ විනාශයක් කර තවමත් නිමී ගොස් නැත. එපමනක්ද නොව භාෂාව නිසා අපට සිදුවු තවත් හෑල්ළුවීම් කොතෙක් ඇත්ද ?
අන්තර්ජාලය ලෝකයම එක් ගමක් බවට පත්වී ඇත. මේ යුගයේ අපි සිංහල භාෂාව පමනක් ඉගන ගත් නිසා තනිවු කොදෙවිවක වාසය කරන හුදකලා මිනිසුන් බවට පත් වී ඇත. මේ බව හදුනා ගත් 56 දරුවන් කම්පාවෙන් තම දරුවන් ජාත්‍යන්තර පාසල් වලට යවන යුගයක අපි අද ජීවත් වෙන බව සිතිය යුතුය.

ත්‍රස්වාදියෙකු හා එක්ව වෙන්ව යන්නට අවුරුදු තිහක් තැත් කරන කල ජනතාවක් එක් වරම අංශක 360ක් ආපසු හැරවිය නොහැක. ඒ සදහා විග්නේෂ්වරම්ලා මෙන්ම දකුනේ ඇත්තෝද ඉවසීමෙන් කටයුතු කල යුතුය.

මම ස්‌ටීවන් ස්‌පිල්බර්ග් නමැති චිත්‍රපටකරුවාගේ "Catch me if you can" චිත්‍රපටියේ කතාව අසා ඇත්තෙමි. එය දේශපාලනයට සම්බන්‍ධවු කතාවක් නොවුවත් සංහිදියාව පිලිබදවත් දක්‍ෂතාවයෙන් ප්‍රයෝජන ගන්නට උපක්‍රමශීලි විම පිලිබදවත් කිසියම් තරමක පණිවිඩයක් දෙන කතාවක්යයි මට සිතුණි.

මෙම චිත්‍රපට කතාව සත්‍ය සිදුවීමක් පාදක කරගත් ජීවමාන චරිතයක් වටා ගොඩ නැගුනකි.
1948 අප්‍රියෙල් මස 27 වැනි දා උපන් ෆ්‍රැන්ක්‌ විලියම් ඇබග්නේල්, වංචාවක් ලෙස නොපෙනෙන අයුරින් ඕනෑම ලේඛනයක අනු පිටපත් සෑදීම, චෙක්‌පත්වල අංක වෙනස්‌ කිරීම. ගුවන් ගමන් ප්‍රවේශපත්වල අනු පිටපත් සාදා එමගින් ගුවන් යානාවල ගමන් කිරීම ඇතුළු වංචා ගණනාවක්‌ කල පුද්ගලයෙක් විය.
ඔහු ව්‍යාජ හැඳුනුම්පත් අටක්‌ සාදාගෙන ගුවන් සේවා අටක නියමුවා ලෙස පෙනී සිටියේ ය. ගුවන් යානයක්‌ පදවන සෑම මොහොතකමපැදවීමට නොදත් නිසා යානයේ නියමු කුටියේ (cabin) සිට දෙවැනි නියමුවා ලවා යානය පදවාගෙන යාමට කටයුතු කලේය. මෙම වංචා සහගත කටයුතු කරමින් සිටියත් කල් යත්ම ඇමරිකන් රහස්‌ පොලිසිය ඔහු අල්ලා නඩු විසදා හිරේ දැමී ය.
ඔහුගේ දක්‍ෂකම වටහා ගත් එම රහස්‌ පොලිසියේ ම නිලධාරියකු ආණ්‌ඩුවෙන් විශේෂ අවසරයක්‌ ලබාගෙන ඔහු හිරෙන් නිදහස්‌ කර හොර චෙක්‌පත් සහ හොර මුදල් නෝට්‌ටු හඳුනා ගැනීමේ ආරක්‍ෂක උපදේශක නිලධාරියකු ලෙස රහස්‌ පොලිසියේ සේවයට බඳවා ගත්තේ ය.

මේ ස්‌ටීවන් ස්‌පිල්බර්ග්ගේ "Catch me if you can" චිත්‍රපටියේ කතාවයි. ෆ්‍රැන්ක්‌ විලියම් ඇබග්නේල් රජයෙන් විශ්‍රාම ලබා ඇමරිකන් පොලිස්‌ අභ්‍යාස විදුහලේ උපදේශකයකු ලෙස කටයුතු කරයි.

අපට නීතියත් ව්‍යවස්ථාවත් ආරක්‍ෂා කර ගෙන සාමයෙන් හා සාමදානයෙන් ප්‍රශ්න වලට විසදුම් සොයමින් ඉදිරියට යා නොහැකිද ?

නිතරම මම මගෙන් අසමි.


notes of imaginary

2013-09-21

භෞත චිකිත්සක ප්‍රතිකාර


භෞත චිකිත්සාව බටහිර වෛද්‍ය කර්මයේදී  සිරුරට බාහිරින් කරනු ලබන ප්‍රතිකාර ක්‍රම වෙදයකි. ආයුර්වේදයේද මීට සමාන ප්‍රතිකර්ම විධි සිදු කරන අතර ඒ සදහා යොදා ගන්නා ක්‍රමවේදයන් අතර විශාල වෙනස් කමක් දක්නට ලැබේ. ආයුර්වේදයේදී තෙල් වර්ග බාහිරින් අලේප කරමින්   ශාක ඹෟෂධ රෙදිකඩක පොට්ටනියක් කර උනුසුමින් තැවීම සහ ඹෟෂධීය පත්තු බැදීම වෙනුවට  බටහිර වෛද්‍ය කර්මයේදී ආලෝකය ,විද්යුතය, සදහා නවීන විදුලි උපකරන යොදමින් සිරුර උනුසුම් කිරීමත්  ව්‍යයාමයත්  උපයෝගී කරගනි.


මෙම වියමනේ උත්සහාය  බටහිර වෛද්‍ය කර්මයේදී භෞත චිකිත්සා ප්‍රතිකාර කිරීම පිලිබද තොරතුරු  සංක්‍ෂිප්තව පලකිරීමය.

සිරුරට භෞත චිකිත්සා ප්‍රතිකාරයන් සදහා  යොදා ගන්නා ක්‍රමවේදයන්   
       උඩුකුරු  තෙරපුම
        ගුරුත්‍වාකර්ෂණය
        විද්‍යුතය
        ශබ්දය
        ව්‍යායාමය
ලෙස සරලව  කාණ්ඩ කර දැක්විය හැකිය.
භෞත චිකිත්සා ප්‍රතිකාර   වයස් සීමාවකින් තොරව ළදරු වියේ සිට වියපත් විය දක්වා යොදා ගනු ඇත. 
මෙම ප්‍රතිකාර මගින් ඹෟෂධ බාවිතයෙන් තොර නිසා සාංකූලතා ඇතිවන්නේ නැත. ස්නායු රෝග , විකලාංග රෝග, රක්තවාත රෝග, ළමා‍ රෝග .්‍රීඩාවන් නිසා සිදුවන  අනතුරු ,ශ්වසන හා හෘද රෝග, සහ විවිධ ක්‍රියාකාරකම් නිසා ඇතිවන සිරුරේ වේදනා  සුව කිරීමට භෞත චිකිත්සා ප්‍රතිකාර   වලින් සිදුකරනු ලැබේ.
රීරික  සුවතාවය පවත්වා ගැණිමට භෞත චිකිත්සාවෙන් නිවරදි උපදේශක‍්‍තවයක්   ලබා ගත හැක.භෞත චිකිත්සා ප්‍රතිකාරයන්හී මුලික අරමුණු  වන්නේ  සිරුරේ මාංශපේශී ශක්තිමත් කිරීම , සන්දි වල චලන සමායෝජනය  හා චලන    පරාසය ඇතිකිරීම , බර දරාගැනීම හා සමබරතාවය දියුණු කිරීම, ස්ථුල බව අඩුකිරීම , වේදනාව අඩුකිරීම , ශ්වසන පහසුව ඇති කිරීම , ඇවිදීම පුහුණු කිරීම (විකලාංග සහ අංශබාග රෝගින්ට) .වැඩිහිටි පුද්ගල සාංකූලතා 

 සාංකූලතා ඇතිවන්නේ නැත
අවම කිරීම.සහ ශරීර සුවතාවය රැකීම හා පවත්වා ගෙන යාම වැනි කරුණු සාක්‍ෂා කරගැණිමය
භෞත චිකිත්සක වෘත්තීයවේදීන් වෙත යොමු කිරීමෙන් පහත සදහන් ළමා රෝග හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර ලබාගැණිමට හැකිය.
මාස 4 5  : හිස කෙලින් නොතිබීම
මාස 6-7      : තනිව නොපෙරලීම
මාස 9- 12   :තනිව වාඩි නොවීම
මාස 12 වැඩි            : අල්ලා ගෙන නොනැගිටීම
මාස 16 -24             : ආධාරකයක් රහිතව ඇවිදීමට නොහැකි වීම
 උපතේදී හා ළඳරු අවධියේ
        බෙල්ලේ ගැටිත්තක් තිබීම
        එක් අවයවයක (පාද, අත්) චලනය දුර්වල වීම
        සන්ධියක චලනය දුර්වල වීම
        සන්ධිවල ඉදිමුම රත්පැහැ ගැන්වීම
        උපතේදී ඇති වන අපස්මාරය
        මාංශ පේශීවල අසාමන්‍ය තද ගතිය හෝ ලිහිල් බව
 
නිවැරදි ඉරියව් පිලිබඳ හඳුනාගැනීම
 

 ළමා කාල‍යේ දක්නට ලැබෙන රෝග
        හැසිරීමේ අසාමාන්‍ය තත්වයන්
        මුහුනේ මාංශ පේශීවල විකෘති තත්වයන්
        කොඳු ඇට පෙල ඇදවීම
        ඇවිදින විට දිස්වන අස්වාභාවික බව
Ø   පාදවල ඇදයක්
Ø  සන්ධි ගැටීම
Ø  කකුල කතිර ආකාරයෙන් තැබීම
Ø  ඇගිලි වලින් ඇවිදීම
Ø  පාදයක් කෙටිවීම
Ø  දනිස් පසුපසට නැමීම

භෞත චිකිත්සාවේ ප්‍රතිඵල සාර්ථක වීමට නම් ...
       ප්‍රතිකාර සඳහා යොමු වීම
        සායන වලට නියමිත ලෙස සහභාගීවීම
        ඇගයීම
        රෝගියා සමඟ අවබෝධයක් දැනුවත්බවක් ඇති     පුද්ගලයෙක් සායනය වලට සහභාගී වීම
        නිවැරදි ඉරියව් පිලිබඳ හඳුනාගැනීම
        ආධාරක භාවිතය
        වෘත්තීයවේදීන්ගෙන් හැර අනෙක්  උපදෙස් පිලි නොපැදීම


බලන්ගොඩ  රෝහලේ භෞතවේදී චිකිත්සක ඊ.එම්.එස් ඩී. එදිරිසිංහ මහත්මියගේ දේශණයක් ඇසුරෙනි.





notes of imaginary

2013-09-12

තොටුපල අයිනේ - වික්ටර් රත්නායක




තොටුපල අයිනේ -------------- කවුද අතවනන්නේ .
කවුද අතවනන්නේ  - තොටුපල අයිනේ
තොටුපල අයිනේ -------------- කවුද අතවනන්නේ
කවුද අතවනන්නේ -  තොටුපල අයිනේ

හැන්දෑවරුවේ  - ඉවුරේ වැටකේ
උණ පදුරේ හෙවනේ
හබල බිදීලා -----------------
හබල බිදීලා  - පෙරළුන ඔරුවක සුන්බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි
ඒ දෙස නොබලමි
තොටුපල අයිනේ - කවුද අතවනන්නේ
 
ආ මග අදුරේ -  පෙරමග එගොඩින්
තරු යුවලක්  දිළිහේ
ඔරුකද ඇතුලේ ------------------
ඔරුකද ඇතුලේ නුපුරුදු සුවදක්
දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි
හෙට මම හිනැහෙමි
තොටුපල අයිනේ - කවුද අතවනන්නේ

තොටුපල අයිනේ------------------------------- - කවුද අතවනන්නේ
කවුද අතවනන්නේ තොටුපල අයිනේ



notes of imaginary

2013-09-03

ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී - ඈ මට හමුවූවා.....


 197 6 වගේ කාලේ ඉදන් ගුවන් විදුලියෙන් අහපු විශාරද සනත් නන්දසිරි ගයන මේ ගීතය මාස දෙකක් විතර කාලයක් ඩෙස්ක් ටොප් එකේ තියාගෙන බලා හිටියා.
ගිතය ඩෙස්ක් ටොප් එකට එන්නත් හේතුවක් ඇතිවෙන්නත් එපාය. මේ කියන දවස් වල මට නුවරඑළියේ දවස් දෙකක කාලය මරන්න අවස්ථාවක් ලැබුනා. වියපත් බව ආදරයෙන් පිලිගත්ත මට මේ ගමන අලස බවින් ගත කරන්න ඇත්නම් හොදයි නේද කියලයි හිතුනේ. ඒ බව මගේ පිරිසට පැහැදිලි කර දෙන්න පුළුවන් වුනා. විවාදයකින් තොරවම මාව තනිකර දමලා අනෙක් පිරිවර රිසි රිසි පරිදි විනෝද වෙන්න මගෙන් වෙන්වුනා



නවාතැනින් පිටත් වුන මම වැව පේනමානයේ තණ නිල්ලේ බංකුවකට වාරු වුනා. පරිසරය මගෙන් බොද වෙලා ගිහින් මම අතීතයත් වර්මානයක් අතර දෝලනය වෙමින් කාලය ගෙවා දමමින් සිටියා. දු දරුවන් සමග පැමිනි එක් නුවරඑළි සංචාරයකදී බිරියන්ට හොරෙන් ඇග රත්වෙන්න යමක් බොන්න අදහස් කර මගේ මිත්‍රයෙකුටත් මටත් වු අලකලංචියක් මතකයට ආවා.


ඒ දවස් වල “ සිලෝන් බෘවරි සමාගමේ 5% හේ නිෂ්පාදන උනු උණුවේම ගන්න පුළුවන් අවුට්ලට් එකක් නගරයේ තිබුනා අපි දෙන්න කෑන් එකක් අරගෙන ලීටර් තුනක් පුරවගෙන සැරවෙන්න කියලා 33% ඇල්කොහොල් මිලි ලීටර් 750ක් ඒකට එකතු කලා . අපි දෙන්නට අවසර පත් නිකුත් කරලා තිබුනේ උපරීම මධ්‍යසාර සංයුතිය 5%ට වඩා අඩු පානයක් ගන්න විතරයි. අපි හොරට මේ මිශ්‍රණය ගෙනත් 5% ඒවා කියලා දැන් ටික ටික බොනවා. පැය දෙක තුනක් මේ වැඩේ කර කර ඉන්න කොට දෙන්නටම යකා ගැහුවා වගේ ෆීල්ඩ් එකෙන් අවුට් වෙන්න වුනා. මතක තියෙන කාලයක් යනකමම් අපි දෙන්නට අපේ ගෙවල් වල ඉන්න වුනේ කනේ මූඩි ගහගෙන වහලේ වවුලෝ වගේ එල්ලිලා.


මතකය මේ වගේ දේවල් අතර එහාට මෙහාට යමින් කාලය ගෙවිලා ගියා. මට ඔච්චමක් කරමින් මාව පසු කර ගෙන ගිය කෙල්ලෝ කොල්ලෝ රොත්තක් සමග සිටි නඩයක නඩේ ගුරා කියලා හිතන්න පුළුවන් මහල්ලෙක් නතර වෙලා මා දිහා බලා ගෙන විමසිල්ලෙන් ඉන්නවා.
බලනා බැල්මට මම හිතුවා අදුරන මුණක් කියලා. මම අතීතයේ පත්ලට ගිහින් ජීවිතය පෙරා ගෙන තන නිල්ලට ආවා. මම හදුනා ගන්නත් ඉස්සරම ඔහු මගේ කොන්ඩයට ඩයි පාරක් දාලා මූනත් මේකප් කරලා ලගට ඇවිත් “මචාං උඹ.....................?. මම විශ්වා . විශ්වපාල ” ප්‍රශ්නයක් එක්ක උත්තරයක් දුන්නා .



අවුරුදු හතලිහකට විතර අවසාන වරට දැක්ක විශ්වා පරණ මිත්‍රත්වය තහවුරු කරලා උගේ නඩේට ඕන තැනක ඇවිදලා මෙතෙන්ට ආපහු එන්න නැත්නම් ඉන්න තැන කියලා කෝල් එකක් දෙන්න කියලා අණ කලා. මගේ අලස විවේකයට පරමාණු බෝම්බයක් වැටුනා.


අපි අවුරුදු හතලිහක් ජීවිතය කාල් ගාමින් උඩු යටිකුරු කර යලි යලි විමසන්න පටන් ගත්තා. කාලය අපිටත් හොරා ගෙවිලා ගියා සෝඩා ලිටර් දෙකක් 43% ක සැර බාලකරමින් කතාබහ ඇදී ගියා. අවුල්පත් වලින් බඩ පිරුනා. අද ඔහුත් සමග පැමිණ සිටියේ අපි ඒ දවස්වල විශ්වාගේ ගමන් සගයා කියලා හිතාපු කෙනා නෙමෙයි. “කෝ මචං උ‍ඹේ පරණ කෑල්ල ?. ” මට ප්‍රශ්ණයක් වුනා.ගැටවර වියේ අවුරුදු දහයක් විතර ඉදන් විශ්ව විද්‍යාල ජීවිතේ පහු කර ගෙන සමාජයත් එක්ක ගැටෙන කම් උඹත් එක්ක හිටපු කෑල්ල මම තව විස්තර කලා.

“ඒකී ගියා බන්.” “පුංචි කාලේ අපිට ජීවිතේ තේරෙන්නේ නෑ. ජීවත් වෙන්න හදන කොටයි ජීවිතේ තේරෙන්නේ. ඒකිට ඒක මට කලින් තේරුම් ගියා .මට ‍තේරුම් ගියේ ඒකිට තේරිලා ටික දවසක් ගියාට පස්සේ !. විශ්වා නෙනැවතී දාර්ශණික අදහසක් වමාරනවා. ප්‍රථම ප්‍රේමය මේතරම් හෑල්ලු වෙන්න පියබද කොයිතරම් විශ්වාට සමීපද කියලා ජීවිතය කිරන්න උවමනාවක් මට ඇතිවුනා.


මම ජීවිතේ තේරුම් ගත්තේ අර රොත්තත් එක්ක මුණුපුරු මිණිපිරියන් පිරවරා ගෙන ගිය ඈ හමුවුනාට පස්සේ !.


ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී,
ඈ මට හමුවූවා.....


සුපිපුණු වනමල් සුවඳ හමද්දී,
ඈ මට හමුවූවා.....
ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී....

රන්කේඳි දහරින් පෙරි පෙරි ඉතිරී....//
හිරු අවරට ඇදුනා..
පාළුව තනිකම රජයන විටදී....//
ඈ මට හමුවූවා....

සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී....//
රහසක් මට කීවා..
සුදු-මුදු වැල්ලේ සිටියදී තනිවී....//
ඈ මට හමුවූවා....

ඇවිලුනු ගිනිදැල්....//


විශ්වා ඒ අතීතයෙන් මිදිලා වර්තමානය දරු මුණුපුරන් ගැන කතා කරනවා මම අහගෙන ඉන්නව. පිරිස ගෙන් විශ්වාට පණිවිඩයක් ලැබෙන කම් .විශ්වා ගෙන් සමු අරන් මගේ තාවකාලික නවාතැනට යන්න.

නුවරඑළියට ගලන මීදුමත් එක්ක ඉරත් බස්ණාහිරට සේන්දු වෙනවා.




















notes of imaginary

2013-09-01

පොලොන්නරුව ඉතිහාසයෙන් .




ශත වර්ෂ හතක් නිදිගත් වනව සිටි පොලොන්නරුව පිබිදීමට පටන්ගත්තේ බ්‍රිතාන්‍ය පාලනයේ අවසන් භාගයේදී ය. බ්‍රිතාන්‍යයන් විසින් වනාන්තරයට යටවී තනිවු අපේ උරුමය නැවත එලි පෙහෙලි කරමින් ඇරඹු සංවර්ධණය අග්‍රාමත්‍යය ඩී.එස් සේනානායක මැතිදුන්ගේ නව ගොවි ජනපද ව්‍යාපාරයන් සමග නිල්ල පිරුණු ගොවි ජනපදයක් බවට පොලොන්නරුව පත්විය.


අතීත පුරා විද්‍යාත්මක වටිනාකම් රැසක් අපට ඉතිරි කළ පුලතිසි පුරවරය ලෙස හැදුන්වු පොළොන්නරුව වර්තමානයේ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් ක‍ර ඇති, අපේ අතීත සෞභාග්‍ය ලෝකයට කියා පාන භුමියකි. .

පොලොන්නරු පූජා භූමිය වෙන්වත් වානිජ නගරයක් ලෙස කදුරුවෙල නව නගරයක් ලෙස බිහිවී තිබේ. පොළොන්නරුව දුම්රිය ස්ථානය , බස් නැවතුම් පොල සහ ව්‍යාපාරික ස්ථාන නව පොළොන්නරු නගරය වන කදුරුවෙල පිහිටා ඇත.

පැරණි අනුරාධපුරයේ මෙන් පොලොන්නරුවේ පැරණි නගරයේ නටඹුන් මත ගොඩනැගිළි ඉදිවී නැති බව අපට නිරීක්‍ෂනය වන්නකි

ඓතිහාසික පොළොන්නරුව නගරයක් ලෙස නිර්මාණය කරන ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍ය වරයෙකු ඉදිකල විජිතපුරය ඓතිහාසික පොළොන්නරුව බව එක් මතයකි. දුටුගැමුණු රජු විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බළකොටුව පොළොන්නරුව ආසන්නයේ තිබෙන්නට ඇතැයි ද විශ්වාසයකි

දුටුගැමුණු රජතුමා අනුරපුරය ආක්‍රමණය කරද්දී කන්දවාරපිට්ඨි නම් තැනක කඳවුර ලා ගත් බවත් එය පොළොන්නරුව බවටත් මතයක් ද පවතී. එසේම 1 උපතිස්ස රජ දවස පුලස්තිපුර වැවක් කරවූ බව ඇති සෙල්ලිපියක් හමුව ඇත. ඒ හැරුණු කොට 4 අග්බෝ, 7 අග්බෝ, 2 සේන, 5 සේන රජවරුන් පොළොන්නරුව අගනුවර කරගෙන රජකම් කර ඇත.
පස්වැනි මිහිදු රජු සමයේ සොළීහු මෙරට ආක්‍රමණය කොට පොළොන්නරුව සිට රටේ පාලනය ගෙන ගියේය. වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.
ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කරමින් මෙරට පාලනය කරනු ලැබු මහා පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ දැවැන්ත වාරිමාර්ග පද්ධතීන්ද ඉදි කර තිබේ. වර්ෂ 1164 දී පොළොන්නරුවේ රජ පැමිණ 33 වසරක් එතුමන් රට පාලනය කළ බව සදහන්වේ.එකළ රාමඤ්ඤ පුරය, පඩි රට, රාජිනා පුරය ආදී විදෙස් රාජ්‍යයන් කිහිපයක්ද යටත් කරගත් බව මහාවංශයේ සඳහන් වේ. පෙළොන්නරුවේ ඇති නටඹුන් වලින් වැඩි ප්‍රමාණයක් මෙම පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමයේ ඉදිකරවන ලද ගොඩනැගිළිය.
වර්ෂ 1197 දී රජ පැමිණී නිශ්ශංකමල්ල රජු බොහෝ වෙහෙර විහාර කරවා ප්‍රතිසංස්කරණය කල බව ඉතිහාසයයේ සදහන්වේ. පොළොන්නරුවේ ඓතිහාසික ගල්පොත නැමැති සෙල්ලිපිය මෙම රජුගේ ලේඛනයකි.
අනුරාධපුර සමයේදී ද පොළොන්නරුවේ දියුණු නගරයක් ලෙස පවතින්නට ඇති බවට සාධක පොත පතෙහි සදහන්වේ. .පොළොන්නරුව පිළිබඳ මහාවංශයේ පළමුවැනි උපතිස්ස රජු ක්‍රීස්තු වර්ෂ 365 ත් 406 ත් අතර තෝපා වැවබැන්දවු බව සදහන් කරයි . ක්‍රිස්තු වර්ෂ 633 දී තුන්වැනි අග්‍රබෝධි රජු විසින් කරවන ලද ආරාමයක් පිළිබඳ තොරතුරුද සඳහන් වේ.
රජවරුන් පහළොස් දෙනෙක් සහ ලීලාවතී හා කළ්‍යාණවතී නැමැති රැජිනියන් ද පාලනය කළ පොළොන්නරු රාජධානිය සොළි ආක්‍රමණයෙන් බිඳවැටේ.
ඉන් පසු කාලිංග මාඝ නම්වු සොළි රජු ගේ පාලනය ඇරඹේ. මෙකළ ඇතිවු හින්දු සංස්කෘතිකමය ආභාෂයන් ශිව දේවාල, පොලොන්නරුවේ සදකඩපහන ආදී නිර්මාණවලින් හදුනාගත හැකිවේ. සටහන්වේ.
නැවත දෙවැනි පරාක්‍රමබාහු කාලිංඝ මාඝ පරාජය කර දඹදෙණිය සිය රාජධානිය කර ගත්තේය.
ඉතිහාසය පොළොන්නරු යුගය අවසන් කරන්නේ තුන්වැනි පරාක්‍රමබාහු රජතුමාගෙනි. ඔහු ක්‍රිස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර පහක් පොළොන්නරුවට වී රට පාලනය ගෙන ගියේය.

 

පොලොන්නරු යුගයේ පාලනය කල රජවරුන්ගේ පාලන කාලයන්


👪1017 දී අනුරාධපුර රාජධාණිය බිද වැටුනේ යයි සදහන්ය

  1. පස්වෙනි මහින්ද (මිහිදු) 982-1029
  2. හතරවන කස්සප 1029-1040
  3. මහලාන කිත්ති 1040-1042
  4. වික්‍රම පණ්ඩු 1042-1043
  5. ජගතිපාල (ජගත්පාල) 1043-1046
  6. පරාක්‍රම පණ්ඩු 1046-1048
  7. ලෝක (ලෝකිස්සර ,ලෝකේශ්වර ) 1048-1054
  8. හත්වන කස්සප 1054-1055
  9. පලමුවන විජයබාහු(විජය-බා) 1055 -1110
  10. පලමුවන ජයබාහු 1110 – 1111
  11. පලමුවන වික්‍රමබාහු 1111 – 1132
  12. දෙවන ගජබාහු 1132 – 1153
  13. පලමුවන පරාක්‍රමබාහු (පැරකුම්බා) 1153 – 1186
  14. දෙවන විජයබාහු 1186- 1187
  15. නිශ්ශංකමල්ල 1187 – 1196
  16. දෙවන වික්‍රමබාහු 1196 – ——
  17. චෝඩගංග 1196 – 1197
  18. ලීලාවතී රැජිණ 1197 – 1200
  19. සහස්සමල්ල 1200 – 1202
  20. කල්‍යාණවතී රැජිණ 1202 – 1208
  21. ධර්මාශෝක 1208 – 1209
  22. අනිකංග මහාදිපාද 1209———
  23. ලීලාවතී රැජිණ (දෙවන රාජ්‍ය කාලය ) 1209 – 1210
  24. ලෝකේශ්වර 1210 – 1211
  25. ලීලාවතී රැජිණ (තුන්වන රාජ්‍ය කාලය) 1211 – 1212
  26. පරාක්‍රම පණ්ඩු 1212 – 1215
  27. මාඝ ( කාලිංග විජයබාහු) 1215 – 1236
  28. තුන්වන විජයබාහු 1232 – 1236 ( දඹදෙණිය රජ කලේය)
  29. දෙවන පරාක්‍රමබාහු (පන්ඩිත දෙවන පරාක්‍රමබාහු) 1236 -1270
  30. හතරවන විජයබාහු (බොසත් විජයබා) 1270 – 1272
  31. බුවනෙකබාහු 1272 – 1284 (දඹදෙණිය සහ යාපහුව රාජධාණි )

notes of imaginary

ඩී.සි.ඩී. (DCD) අඩංගු කිරිපිටි - අසල්වාසියාගේ අදහස


ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන, කිරිපිටිවල ඩයිසයන්ඩයිඑමයිඩ් (DCD) නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති දැයි යන සැකයත් සමග මතුවූ සමාජමය කැළඹීම, තවමත් කිරිපිටි පරිභෝජනය කරන ජනතාව අතර විවිධ අපැහැදිලි මතවාදයන්ට තුඩු දෙමින් පැතිර යන බව පෙනී යයි. මාධ්‍ය මගින් පළවන වාර්තා මගින් ඔවුන්ගේ අදහස්‌ විවිධ දිශාවන්ට දොaලනය කරනු ලබන බව පෙනේ. එම මතවාදයන්ට වඩාත් පුළුල් පැහැදිලි කිරීමක්‌ ලබාදීමත්, සමස්‌තයක්‌ ලෙස මේ සම්බන්ධව උනන්දු වන සියලුම ලාංකිකයන්ගේ අවබෝධය වර්ධනය කිරීමත් මෙම ලිපියේ අරමුණු අතර වේ.

DCD යනු කාබන්, නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය විවිධ ප්‍රමාණයන්ගේ එකතුවෙන්, කෘතිමව සෑදූ රසායනිකයකි. මෙසේ කෘතිමව නිපදවනු ලබන DCD වල භාවිතය විවිධාකාර වේ. ඒ අතරින් බහු අවයවික කර්මාන්තයේ දී (Polymer Industry) භාවිතා කරනු ලබන මෙලමයින් සංයෝගය සෑදීම (වසර කිහිපයකට පෙර කිරිපිටිවල ඇතැයි හඳුනා ගනු ලැබුවේ මෙම රසායනික සංයෝගයයි) පරිසර දූෂණය පාලනය කිරීමට නවසීලන්තය සහ සත්ත්ව නිෂ්පාදන (විශේෂයෙන් ගව පාලනය) සිදු කරනු ලබන වෙනත් රටවල තෘණ භූමි සඳහාත් භාවිතය, ප්‍රධාන වේ.

තණ බිම්වල දවසේ වැඩි කාලයක්‌ ගත කරන දහස්‌ ගණන් ගවයන් පරිසරයට මුදාහරින මුත්‍රා ප්‍රමාණය (පරිමාව) ඉතා විශාල වේ. මුත්‍රාවලට ආවේණික ගන්ධයක්‌ ඇති බව සියලු දෙනාම දන්නා කරුණකි. මෙම ගන්ධයට හේතු වනුයේ ඇමෝනියා නමැති රසායනික සංයෝගයයි. ඇමෝනියා රසායනික වශයෙන් නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍යවලින් සෑදුණ සරල සංයෝගයක්‌ වන අතර, එය වායුවක්‌ ලෙස අවට වායු ගෝලයට මුදාහැරීමේදී මුත්‍රාවලට ආවේනික ගන්ධය අපට දැනේ. ඇමෝනියාවල ඇති නයිට්‍රජන් වාතයේ, පොළොවේ ඇති ඔක්‌සිජන් සමග සම්බන්ධවීම විද්‍යාත්මකව ඔක්‌සිකරණය ලෙස හැඳින්වේ. මෙම ක්‍රියාවලියේදී ජලයේ අසීමිත ලෙස දියවන නයිට්‌රේට නමැති රසායනික සංඝටකය සහ වායුමය නයිටි්‍රක්‌ ඔක්‌සයිඩ් සහ නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් පරිසරයට මුදාහැරේ. මෙසේ මුදාහරිනු ලබන ද්‍රව්‍යමය සහ වායුමය සංඝටකයන් පිළිවෙළින් ජල දූෂණයට සහ වායු දූෂණයට සෘජු ලෙසම බලපාන රසායනික සංයෝග වේ.

තෘණ මගින්, මේ ආකාරයට ගවයන් තුළට DCD ඇතුළු වුවත්, ගවයාගේ බහිස්‍රාවී ද්‍රව්‍ය (ගොම සහ මුත්‍රා) මගින් DCD බැහැරවීමට ඇති ඉඩකඩ වඩාත් වැඩිය. ඒ අනුව ගවයාගේ ශරීරයේ අනිකුත් ඉන්ද්‍රියන්ට ද ඇතුළු වීමෙන් පසු, ප්‍රමාණාත්මකව නිර්ණය කළ හැකි මට්‌ටමින් DCD, පළමුව දියර කිරිවලත්, දෙවනුව කිරිපිටි තුළත් අඩංගුවේ යෑයි සිතීම ප්‍රශ්නාර්ථයක්‌ ගෙන දෙන්නකි.

එසේ නම් ප්‍රමාණාත්මකව නිර්ණය කළ හැකි මට්‌ටමින් DCD කිරිපිටිවල පැවතීමට වෙනත් මාර්ගයක්‌ තිබිය යුතුය. දියර කිරිවල මිල නියම කිරීමේදී, සෞඛ්‍යමය වශයෙන් වැදගත් වන එක්‌ සංඝටකයක පැවැත්මේ ප්‍රමාණය මෙහිදී අවධානයට යොමුවේ. එම සංඝටකය දියර කිරිවල අඩංගු ප්‍රොaටීන ප්‍රමාණයයි. ඒ අනුව ප්‍රොaටීන වැඩි ප්‍රමාණයක්‌ සහිත දියර කිරිවලට වඩා වැඩි මිලක්‌ නියම වේ. ප්‍රොaටීන සෑදෙනුයේ ඇමයිනෝ අම්ල නමැති සරල තැනුම් ඒකක විශාල සංඛ්‍යාවක එකතුවෙනි. සෑම ඇමයිනෝ අම්ල ඒකකයකම පොදු ලක්‍ෂණයක්‌ වනුයේ එහි නයිට්‍රජන් ඒකකයක්‌ පැවතීමයි. ඒ අනුව ප්‍රොaටීනවල ඇති නයිට්‍රජන් ප්‍රමාණය මැන බැලීම, එහි ඇති මුළු ප්‍රොaටීන ප්‍රමාණය පිළිබඳ මිනුමක්‌ වේ. ප්‍රොaටීන මැනීම සඳහා භාවිතා කරන නයිට්‍රජන් ප්‍රමාණය මැනීමේ ක්‍රමවේදයට, කුමන ආකාරයකින් නයිට්‍රජන් කිරිපිටිවල තිබේදැයි (ප්‍රොaටීන නයිට්‍රජන් සහ ප්‍රොaටීන නොවන නයිට්‍රජන්) හඳුනා ගැනීමට හැකියාවක්‌ නැත. ඒ අනුව නයිට්‍රජන් අඩංගු කිරිපිටි සමග හොඳින් ගැලපෙන, ප්‍රොaටීන නොවන වෙනත් ද්‍රව්‍යයකට වුවද, මෙම පරීක්‍ෂණයේදී සත්‍ය ප්‍රමාණයට වඩා ප්‍රොaටීන් ප්‍රමාණය වැඩි ලෙස පෙන්වීමට දායක විය හැකිය.

DCD වල රසායනික ව්‍යqහය බැලූ විට එහි එක්‌ ඒකකයක නයිට්‍රජන් ඒකක හතරක්‌ පවතතී. DCD පහසුවෙන් ජලයේ දියවන, ගඳ සුවඳක්‌ නැති ක්‍ෂණික හානි කර තත්ත්වයක්‌ ඇති නොකරන රසායනික ද්‍රව්‍යයකි. වඩාත්ම අවධානයට යොමු විය යුතු කරුණ වනුයේ, ප්‍රොaටීනවල තැනුම් ඒකකය වන ඇමයිනෝ අම්ල ඒකකයක්‌ මගින් නයිට්‍රජන් කොටස්‌ එකක්‌ ලබාදෙන විට, DCD මගින් එමෙන් හතර ගුණයක්‌ ලබාදීමයි. ඒ අනුව කිරිපිටිවල ප්‍රොaටීන අගය වැඩි කිරීමට DCD භාවිතා කළ හැකි සේම, කිරිවල පවතින ස්‌වාභාවික ප්‍රොaටීන වෙනත් වටිනාකමින් වැඩි නිෂ්පාදන සෑදීම සඳහා ඉවත් කරගෙන එම අඩුව සකස්‌ කිරීමට DCD පහසුවෙන් යොදා ගැනීමේ හැකියාව ද බැහැර කළ නොහැක.

කිරිපිටිවල මෙලමයින් රසායනය ඇතුළු කිරීම තුළ ඇත්තේ ද මෙයට සමාන තත්ත්වයකි. තෘණභූමිවලට යොදන DCD නිර්ණය කළ හැකි ප්‍රමාණවලින් කිරිපිටිවල අන්තරගතවීම සැක සහිත වුවද, ප්‍රමාණාත්මකව ප්‍රොaටීන පෙන්වීමට, DCD කිරිවලට එකතු කරහොත් (adulteration), ස්‌ථිර වශයෙන්ම නිර්ණය කළ හැකි මට්‌ටමක අගයක්‌ ගැනීම සැකයෙන් තොරව පිළිගත හැකි කරුණකි.

DCD විෂ රහිතද?

DCD වල අහිතකර භාවය පිළිබඳව පවතින කරුණු තවමත් විවාදයට තුඩු දෙන සුළුය. මිනිසුන් සම්බන්ධව සිදු කරන ලද විධිමත් විද්‍යාත්මක සොයා ගැනීම් තවමත් මෙම ලියුම්කරු දන්නා තරමින් සම්පූර්ණත්වයට පත්වී නොමැත. එයට ප්‍රධාන හේතුව වනුයේ DCD මිනිසුන් පාරිභෝජනය කරන ද්‍රව්‍ය සමග ශරීරගත විය හැකි ආකාරයක්‌ සාමාන්‍යයෙන් නොපැවතීමයි. කිරිපිටි තුළින් DCD ශරීරගතවීම මෑතකදී අවධානයට ලක්‌වූ කරුණක්‌ බැවින්, DCD ශරීරයට හානිදායක නොවන අයුරින් ඇතුළත් විය යුතු උපරිම මට්‌ටම තීරණය කිරීමට තවත් කාලයක්‌ ගත වනු ඇත. පැහැදිලි නිගමනයන් නොමැති පසුබිමක, පාරිභෝගිකයන් වශයෙන් අප පිළිගත යුත්තේ DCD පරිභෝජන ද්‍රව්‍යවල නොතිබිය යුතු බවයි. කිරිපිටි සමග හෝ අනෙකුත් ආහාර සමග DCD හෝ වෙනත් රසායනික ද්‍රව්‍යයක්‌ මුසුවී ඇතැයි සැක කරන්නේ නම්, එය බැහැර කිරීමට තරම් අප බුද්ධිමත් පාරිභෝගිකයන් විය යුතුය.

DCD ඇති බව ශ්‍රී ලංකාවේ දී නිර්ණය කළ හැකිද?

විවිධ පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු දෙස බැලූ විට DCD ලංකාව තුළදී නිර්ණය කළ හැකිද යන්න මතභේදයට තුඩු දෙන්නකි. විශ්ව ගම්මානයක්‌ බවට ලෝකය හැකිලී ඇති අද වැනි කාලයක ඒ සඳහා තාක්‍ෂණික ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවේ නොමැතිවීම පිළිගැනීමට අපහසු කරුණකි. එම අදහස ඇතිව මෙම කරුණ පිළිබඳව සොයා බැලීමේදී ලියුම්කරුට දැන ගැනීමට ලැබුණ තොරතුරු සාමාන්‍ය ජනයාට තේරුම්ගත හැකි පරිදි මෙහි සඳහන් වේ.

කිරිපිටි නිෂ්පාදනවල DCD අඩංගු යෑයි ප්‍රධාන ලෙසම වාර්තා වූ සමාගම සඳහන් කළේ, DCD නිර්ණය සඳහා අවශ්‍ය ක්‍රමවේදය පරීක්‍ෂණ කටයුතු සිදු කරන කාර්මික තාක්‍ෂණික ආයතනය (පෙර පැවැති ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනය - ක්‍ෂීෂR) සතුව නොමැති බවයි. ඒ අනුව ජනමාධ්‍ය තුළින් ඔවුන් සඳහන් කළේ, මේ සඳහා අවශ්‍ය වනුයේ ද්‍රව වර්ණලේඛන ශිල්පය සමග සම්බන්ධ වූ ස්‌කන්ධභේද වර්ණාවලිය අනුව DCD නිර්ණය කිරීමේ ක්‍රමවේදය බවයි. ඛCරැඵී-ඵී ලෙස මෙය කෙටියෙන් හැඳින්වේ. කාර්මික තාක්‍ෂණ ආයතනය මේ සම්බන්ධයෙන් මේ වන විට භාවිත කරනුයේ ද්‍රව වර්ණලේඛන ශිල්පයම වන අතර, එයට සම්බන්ධ වූ පාරජම්බුල/දෘෂ්‍ය වර්ණාවලිය අනුව DCD නිර්ණය කිරීම සිදු කරයි. මෙම ක්‍රමවේදයන් දෙක පිළිබඳවම සාමාන්‍ය ජනයාට අවබෝධයක්‌ නොමැත. එබැවින් සැමට අවබෝධ වන ලෙස සරලව පැහැදිලි කරගැනීමට පහත උදාහරණය දැක්‌වීමට අදහස්‌ කරමි.

කොළඹ සිට අනුරාධපුරයට යැමට අවශ්‍යව ඇති කෙනකුට කොළඹ සිට කුරුණෑගල, දඹුල්ල හරහා කැකිරාව දක්‌වා ගොස්‌ කැකිරාවෙන් තලාව පාරට හැරී අනුරාධපුරයට ළඟා විය හැක. තව කෙනකුට මේ අයුරින්ම කැකිරාව දක්‌වා පැමිණ, මරදන්කඩවල හරහා අනුරාධපුරයට පිවිසිය හැක. වායුසමනය කළ බස්‌ රථ මරදන්කඩවල හරහා පමණක්‌ යන බැවින්, මරඳන්කඩවල හරහා යන තැනැත්තාට වායුසමනය කළ බස්‌ රථයකින් අනුරාධපුරයට යා හැකි වන විට, තලාව හරහා යන තැනැත්තාට යා හැකි වනුයේ සාමාන්‍ය බස්‌ රථයකින් පමණි. කෙසේ වුවත් දෙදෙනාටම ගැටලුවකින් තොරව ඔවුන්ගේ ගමනාන්තය වන අනුරාධපුරයට ළඟා විය හැකිය. DCD නිර්ණය කරන ක්‍රමවේදයන් දෙක තුළ ඇත්තේ ද මෙයට සමාන තත්ත්වයකි. වායුසමනය කරන ලද බසයක සහ සාමාන්‍ය බස්‌ රථයක ගමන් කරන විට ඇතිවන පහසු අපහසුතා මෙම ක්‍රමවේදයන් දෙක තුළ ද ඇත.

කෙසේ වුවද, විද්‍යාත්මක සහ අන්තර්ජාතික මට්‌ටමින් පිළිගන්නා සත්‍යය නම් මෙවැනි නව පරීක්‍ෂණයක ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට පෙර එම ප්‍රතිඵලවල නිවැරදිභාවය තහවුරු කරනු පිණිස පරීක්‍ෂණ ක්‍රියාවලියක්‌ සිදු කිරීමයි. මෙම ක්‍රියාවලිය, පරීක්‍ෂණයේ වලංගුභාවය තහවුරු කිරීමේ (Analytical Method Validation) ක්‍රමවේදය ලෙස හැඳින්වේ.

ඉහත සඳහන් කරන ලද ක්‍රමවේදය මගින් DCD නිර්ණය කිරීමේදී, DCD තිබේ නම් එයට අදාළ සංඥවක්‌ (ඡැaන) දැකිය හැක. මෙම සංඥව හඳුනා ගැනීම පිණිස පළමුව DCD වල ප්‍රමාණය ස්‌ථිරවම දන්නා ද්‍රdවණයකින් (Standard Solution) නිශ්චිත ප්‍රමාණයන් උපකරණයට ඇතුළත් කරනු ලැබේ. ඒ අනුව DCD වලට අදාළ සංඥව පෙන්වන ස්‌ථානය සොයා ගනු ලබයි. පරීක්‍ෂාවට ලක්‌ කරන කිරිපිටිවලින්, නියමිත ක්‍රමවේදයට අනුව සකස්‌ කරගන්නා ද්‍රdවණ, සමාන තත්ත්ව යටතේදී වෙන් වෙන් වශයෙන් උපකරණයට ඇතුළත් කරනු ලබයි. DCD වලින් පළමුව සංඥව පෙන්නුම් කරන ලද ස්‌ථානයේම කිරිපිටි මගිනුත් සංඥවක්‌ පෙන්නුම් කරයි නම් එම කිරිපිටිවල DCD ඇති බවට තහවුරු වේ. කිරිපිටි නිස්‌සාරණයෙන් ලබාගන්නා ද්‍රdවණ වෙනත් බොහෝ සංඥ ලබාදිය හැකි බැවින්, ක්‍රමවේදයේ ඇති සංකීර්ණභාවය පාඨකයා හඳුනාගත යුතුය. කිරිපිටිවල DCD සඳහා ලැබෙන සංඥවේ ප්‍රමාණය, DCD අගය ප්‍රමාණාත්මකව දන්නා ද්‍රdවණය මගින් ලබාදෙන සංඥවේ ප්‍රමාණය හා සංසන්දනය කිරීමෙන් කිරිපිටිවල ඇති DCD අගය නිර්ණය කළ හැක. ඉහත සඳහන් කළ පරිදි කිරිපිටි සඳහා සංඥ එකකට වඩා වැඩි ප්‍රමාණයක්‌ ලැබේ නම් නිවැරදිව DCD තිබේදැයි හඳුනා ගන්නේ කෙසේද?

ඒ අවස්‌ථාවේදී අනුගමනය කරනු ලබන්නේ DCD ප්‍රමාණාත්මකව දන්නා ද්‍රdවණයකින් කොටසක්‌ DCD අඩංගු බවට තහවුරු වූ කිරිපිටි සඳහා පළමුව එක්‌ කිරීමයි. එමගින් සාදාගන්නා ලද ද්‍රdවණයෙන් කොටසක්‌ පෙර පරිදිම උපකරණයට ඇතුළත් කරනු ලබයි. පළමු DCD සඳහා කිරිපිටි මගින් පෙන්වන ලද සංඥව වඩාත් වර්ධනය වී මෙම අවස්‌ථාවේදී පෙනේ නම් එම කිරිපිටිවල DCD ඇති බව තහවුරු කළ හැක. ආරම්භයේදී DCD නොමැති කිරිපිටි මේ අයුරින් DCD එකතුකොට පරීක්‍ෂා කිරීමේදී අදාළ ස්‌ථානයේ අලුත් සංඥවක්‌ පෙන්නුම් කරයි. ලියුම්කරුට දැනගත හැකි කරුණක්‌ වූයේ කාර්මික තාක්‍ෂණ ආයතනය DCD තහවුරු කරගැනීම සඳහා භාවිතා කොට තිබූ එක්‌ ක්‍රමවේදයක්‌ මෙය බවයි.

කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් වූයේ DCD සම්බන්ධ ක්‍රමවේදයේ වලංගුතාව තහවුරු කරනු පිණිස කරන ලද පරීක්‍ෂණවලදී කිරිපිටිවල DCD වලට අදාළ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍ය පරීක්‍ෂා කිරීමට නොහැකි වූ බවයි. කිරිපිටිවල DCD වලට සම්බන්ධ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍ය යනු එම ද්‍රව්‍ය සෑදීම සඳහා අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා ආයතනයකින් සාදනු ලබන කිරිපිටි තුළ DCD නිශ්චිත ප්‍රමාණයක්‌ යෙදීමෙන් පිළියෙල කරගන්නා ද්‍රව්‍යයකි. සාමාන්‍යයෙන් මෙවැනි සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍යයක්‌ පිළියෙල කොට භාවිතය සඳහා මුදාහැරීම වසර ගණනාවක්‌ ගතවන ක්‍රියාවලියකි. උදාහරණයක්‌ ලෙස ගතහොත් කිරිපිටිවල අඩංගු මෙලමයින් සම්බන්ධ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍ය එළිදැක්‌වූයේ, කිරිපිටිවල මෙලමයින් අඩංගු බව සොයා ගැනීමෙන් වසර කිහිපයකට පසුවය. එබැවින් මෙම ලියුම්කරුගේ අදහස වනුයේ කිරිපිටිවල DCD සම්බන්ධ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍යය ලබාගැනීමට තවත් වසර කිහිපයක්‌ බලා සිටීමට සිදුවන බවයි. කෙසේ වුවත් කිරිපිටිවල DCD සම්බන්ධ සහතික කරන ලද විමර්ශන ද්‍රව්‍යය පිළිබඳ දන්නා පාඨකයකු සිටීනම් එය අදාළ පරීක්‍ෂණ කටයුතු කරන ආයතනවලට ලබාගැනීමට හැකිවන සේ තොරතුරු ලබාදීමෙන් මෙම සුවිශේෂී ජාතික කාර්යභාරයේ කොටස්‌කරුවකු බවට ඔබට ද පත්විය හැක.

සරත් මලවිපතිරණ
(කථිකාචාර්ය - සබරගමුව විශ්වවිද්‍යාලය)







notes of imaginary

2013-08-29

Devil"s Pool - Zambia

Photos of Devil's Pool, Livingstone
Livingstone- Southern Province - ZAMBIA

Photos of Devil's Pool, Livingstone


 Photos of Devil's Pool, Livingstone
 Photos of Devil's Pool, Livingstone

Photos of Devil's Pool, Livingstone







notes of imaginary

2013-08-26

කප්රුකවු පොල් .

 

පලාත් සභා මැතිවරණය නිසා පොල් කලාපයේ මේ දිනවල මරයුද්ධයකි .අපි දේශපාලනඥයින්ගේ අමන ක්‍රියාකාරකම් සදහා පිළිතුරු සොයන්නේ කෝච්චිය ගිය පසු ගිය කෝච්චිය ගැන සිතමිනි. කමේ කතාව පලාත් සභා මැතිවරණය ගැන නොවේ. එලොව පොල් පෙනෙන පොල් වල මිළ ගනන් ගැනද නොවේ.පොල් ත්‍රිකෝණයේ උපත ලබා රට පුරා යන ‍පොල් ගෙඩිය ගැන අද මීදුම දෑස් යොමුවේ.
පසුගිය දිනක මීදුම දිවයින පුවත් පතේ පොල් වතුර ගැන පලවු ලිපියක් කියවමින් සිටියේය . 
 එම ලිපිය ත් කියවමින් ඉතිරිවු මතක සිතේ තබා කරන මෙම වියමන මෙතැන් සිට කියවන්න.

දිනකට අපේ මුළුතැන් ගෙවල් වලින් පොල් වතුර ලීටර් 50000ක් කාණුවට හලන බව එම ලිපියේ කියවිනි. මේ කතාව කියන්නේ පොල් සංවර්ධණ මණ්ඩලයයි.පොල්වතුරෙ පල ප්‍රයෝජන ගැන කියවන්න
පොල් ගසේ මුල් උපත ශාන්තිකර දුපත් වල බව මෑතදී කළ ඩී එන් ඒ පරීක්‍ෂණ වලින් පැහැදිලි වෙයි. ආසියාතිකරයට පැතුරුන පොල් වගාව අද වානිජ වගාවක් බවට පත්වී තිබේ. ඉන්දියාව,බුරුමය,තායිලන්තය,ඕස්ට්‍රේලියාව,කාම්බෝජය,මැඩගස්කරය,ජැමෙයිකා,ටැන්සානියා මලයාව පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන රටවල වානිජ වශයෙන් පොල් වවන රටවල් වේ.
බටහිර ජාතීන් මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳවද දැන නොසිටි බව අපට සිතිය හැක. එසේත් නැති නම් . අනෙක්‌ අතට ඔවුන්ගේ ඉරිඟු සෝයා එළවළු තෙල් සහ මාගරින් වර්ග වැනි නිෂ්පාදන සදහා අපේ රටේ වෙළද පොලක් ඇති කර ගැණිමට පොල් වගාව පිළිබදව ප්‍රවර්ධණයක් නොකලා විය හැක. අපද පිට රට දේ මහත් ගෞරවයෙන් වැළද ගන්නා හෙයින් පොල් වලට වඩා ආනයණික නිෂ්පාදන වලට ඇළුම් කලාද විය හැක.





කප්රුක.


අප විසින් පොල් ගසින් කිසිදු කොටසක් ප්‍රයෝජනයට නොගෙන විසිකරදමන්නේ නැත . ඒ නිසාදෝ පොල් ගස කප්රුකක් ලෙස හැදින්වීමට අපේ ඇත්තෝ හුරුවී ඇත. පොල් ගසේ විවිධ කොටස් අප විවිධ අන්දමින් ප්‍රයෝජනයට ගනිමු .පොල් ගෙඩියක් ගතහොත් මදය කොප්පරා ,පුන්නක්කු,පිසීමට ගන්නා පොල්කිරි, පිසීමට ගන්නා තෙල් , හිස ගැල්විමට ගන්නා සුවද කරන ලද තෙල් ,සුවඳ සබන්,ෂැම්පු, බිස්කට්, සහ කේක් නිෂ්පාදනයට ගන්නේය. ලෙල්ල පොල් කෙඳි ආශ්‍රීතකොහු කර්මාන්තයයේ ලණු,කඹ,බුරුසු .වර්ග,කොහු ලණු පැදුරු, සහ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයේ යොදවා ගනු ලැබේ.පොල් කද දැවමය අවශ්‍යතා උදෙසා ද පොල් අතු පොල් අතු වියා සකස් කර නිවාස වහල ආවරණය සදහාද යොද ගනු ලැබෙන්නේය. පොල් ඉරටු ඉදල් නිෂ්පාදනය සඳහා සහ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගනු ලැබේ. පොල් මල විනාකිරි ,.පැණි,හකුරු, සහ මධයාසාර ආග්‍රීත නිෂ්පාදන සදහා යොදා ගනු ලැබේ. පොල් කටුව හැදි,බොත්තම්, සක්‍රීය කාබන් සහ මදුරු දඟර නිෂ්පාදනයේ යොදා ගනු ලැබේ.



ශ්‍රී ලංකාවේ පොල්.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පොල් සම්බන්ධයෙන් මුල්වරට කියවෙන්නේ වාර්තා ක්‍රි.පු. 03 වැනි සියවසේදී ඉන්දීය රජු වු චන්‍ද්‍රගුප්ත වෙත ගිය රාජ දූතයෙකුගෙනි. ක්‍රි. ව. 5 වන සියවසේ සිට පොල් ගස් ශ්‍රී ලංකාවේ තිබු බව ඓතිහාසික මුලාශ්‍රයන්හී සදහන්ය. 1658 වර්ෂයේ පොල් වගාවක් වශයෙන් පවත්වා ගෙන ගිය බව පළමු වරට සඳහන් වේ. 1670 වර්ෂයේ ලංදේසීහු මාතර සිට හලාවත දක්වා වෙරළබඩ ප්‍රදේශයේ පොල් වගාව ව්‍යාප්ත කළහ. ලංදේසීන්ගෙන් පසු බලයට පත් ලබා බ්‍රිතාන්‍යයෝ වෙරළබඩ ප්‍රදේශයේ මෙන්ම රට අභ්‍යන්තරයේ බස්නාහිර සහ වයඹ පළාත්වල පොල් වැවීම ආරර්‍මභ කළහ.1860 දී පොල් අක්කර 25,0000 පමණ වගාවක් අප රට සතුව තිබී 1902 වන විට අක්කර 85,0000 පමණ දක්වා වගාව ව්‍යාප්ත විය. ඉංග්‍රීසින්ගේ සහ ලන්දේසින්ගේ සමයේ පොල් ගෙඩි, කොප්පරා , පොල්තෙල් ,වියලන ලද පොල්, කොහු සහ අරක්කුද ඒ කාල වල ප්‍රධාන අපනයන වෙළඳ ද්‍රව්‍යයන් විය.
පොල් වගාව නිසා නිෂ්පාදනය සැකසුම් කිරීම හා අලෙවිය යන අංශ වලින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් දහස් ගණනකට රැකියා සැළසේ. හෙක්ටයාර් මිලියන0.44ක ප්‍රදේශයක් තුළ වසරකට පොල්ගෙඩි බිලියන 2-3ක දක්වා නිපදවෙන අතර ඒ භුමි ප්‍රමාණයෙන්74%ක් අක්කර 20ට අඩු කුඩා ඉඩමිය ව්‍යාප්තිය පොල් ඉඩම් වලින් 65%-70% දක්වා ප්‍රමාණයක් කුරැණෑගල පුත්තලම ගම්පහ සහ කොළඹයන දිස්ත්‍රික්ක වල පොල් ත්‍රිකෝණයට සීමා වී තිබේ

පොල් තෙල් ආහාරයට එක් කිරීමෙන් අපට වැදගත් වනරෝගාබාධ වලක්වා ගත හැකි අන්දම පහත දක්වන වගුවේ සරලව දක්වමි. මෙකල ඉරිඟු සෝයා එළවළු තෙල් සහ මාගරින් වර්ග අලවි කර ගැණිමට කරනු ලබන වානිජ ප්‍රචාරණයන් නිසා ජනතාව කොතෙක් දුරට නොමග ගොස් ඇත්දැයි සිතීමට එය අත්වැළකි.
1. ප්‍රතික්ෂා රෝග, එඩ්ස්,චර්ම රෝග, සෙංගමාලය, සරම්ප වැනි රෝග මර්දනය කරයි
2. බැක්ටීරිය විනාශ කරන අතර එමගින් පිළිකා, උගුරේ අසාදන, මුත්‍රාශ ප්‍රදේශයේ ඇති වන ආසාදන,දත්වල කුහර, නියුමෝනියාව හා උපදංෂය වැනි රෝග වලක්වයි.
3. පටි පණුවන්, උකුණන් සහ අනෙක් පරපෝෂිත සත්වයන් එලවා දමයි.
4. බාහිර හා ශක්තිය ලබාදෙන ආහරයක් වේ.
5. ආහාර දිරවීම හා පෝෂන ද්‍රව්‍ය උරා ගැනීම පහසු කරයි.
6. ඉන්සියුලින් වැඩි කර ශරීරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි.
7. අග්න්‍යාශයේ හා පිත්තාශයේ ආසාදන අවම කරයි.
8. දියවැඩියාවෙන් ඇති සෞඛ්‍යමය අසාදන අවම කර ආසාදනයන් මුදා හැරීමට උදව් කරයි.
9. කැල්සියම් හා මැග්නීසියම් උරා ගැනීමෙන් දත් හා අස්ථි ශක්තිමත් කිරීමට හා වර්ධනය කීරීමට උපකාරී වේ.
10. ඔස්ටියෝපොරෝසිස් යන රෝගයෙන් අරාක්ෂා කරයි.
11. මහා බඩ වැලෙහි ඉදිමීම්, බඩේ අමාරු වැනි ආසාදන වලක්වයි.
12. පටක වල උපශමනය හා නැවත සකස් කීරිමට උපකාරී වේ.
13. ප්‍රතිශක්ති පද්ධතිය සදහා උපකාර හා අධාර ලබාදේ.
14. මහාබඩවැල සහ පපුව ඇතුලු ශරීරය පිළිකා වලින් අරක්ෂා කරයි.
15. කොලොස්ටරොල් ප්‍රතිශතය වැඩි කර හදවත් රෝග වලින් ඇතිවන අවදානම අඩු කරයි.

notes of imaginary