අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2013-07-29
මන්තිරි යළිත් එද්දෙන් අප සොයා  ගෙන

7/29/2013 10:09:00 pm
1

චන්දය ලබාගන්නට පළමුව අටුවේ වී ටික බිමට දී ලැග කොහු ලණු පුටුවේ කළයෙන් නමාගෙන දිය බී පොල් කටුවේ රද මැතිතුමා නැහැ අප ඉ...

Read more »
2013-07-20
කළියුග කාලේ - රෝහන බැද්දගේ සමග බන්දුල විජේවීර

7/20/2013 07:48:00 pm

කළියුග කාලෙට උපන්න නුවන්කාරයෝ දෙන්නෙක් අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉදගත්තේ එකෙක්  රයිගම පැත්තේ අනිකා ගම්පොල පැත්තේ එකෙක්  රයිග...

Read more »
2013-07-14
ජුලි මතකය.

7/14/2013 08:15:00 am
1

මේ මීදුමගේ හපන්කමක් නෙමෙයි .  මීදුමගේ එදා තිබු දුර්වල කමක් . මීදුමට  මොළය දීලා තියෙන්නේ මොනවටද කියලා තේරුමක් ඒ අවධියේ තිබුනේ නැහැ . 1976...

Read more »
2013-07-12
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ

7/12/2013 04:40:00 pm
3

මගේ මතකය මින් දශක හතරකට පමණ පෙර මගේ තරුණවියට ගොස් මොහොතක් නතර විනි. මිතුරු කැලක් සමග තට්ටු දෙකේ බස් රියක නැගී  අසල්වාසී මගියන්ටද හිරිහැ...

Read more »