http://www.youtube.com/watch?v=8UCn02PEnMI&list=RD023ZjXE0Y8ftg notes of imaginary
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
http://www.youtube.com/watch?v=8UCn02PEnMI&list=RD023ZjXE0Y8ftg notes of imaginary
මේ රටේ පරිපාලන සේවා දෙකක් ඇත. එකක් රාජ්‍ය පරිපාලන සේවය වන අතර අනෙක අධ්‍යාපන පරිපාලන සේවයයි. මෙම සේවා දෙකම සමගාමී සේවා වන අතර රාජ්‍ය පර...
රෝහන බැද්දගේ මහතා හොරන තක්‍ෂිලාවේ උසස් පෙල කරන අවධියේදී මීදුමට හමුවන්නේ ගුරු - ගෝල සම්බන්‍ධයකිනි. තක්‍ෂිලාවෙන් නික්ම යාමෙන් පසුව එ...
notes of imaginary
යුරෝපීයෝ (සුද්දෝ) ආඩම්බරකාරයෝ කරලා තියෙන්නේ ආසියාතිකයෝ කියලයි මට හිතෙන්නේ . අතීතයේ කොල්ලකාරයෝ වගේ රට රටවලට ඇවිත් චන්ඩිකම් කරලා රටවල් මර...
2013 අවුරුද්දේ මැයි දිනය පවත්වලා එවරයි. මැයි පලවෙනිදා කම්කරුවන්ගේ දිනය වුනත් වර්තමානයේ අපි මැයි දිනය දකින්නේ දේශපාලකයන්ගේ දිනයක් ලෙසයි...
ග්‍රාම සේවා නිලධාරී තුමා තමයි අපේ ආසන්නතම රාජ්‍ය ( සේවකයා ) නිලධාරියා . රාජ්‍ය සේවකයින් , මහජන නියෝජිතයන් වගේ අය ඉන්නේ පොත...