wwwwwwww wwwwwwww wwwwwwwwww
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2011-07-28

දගයෝ ටිකක්.



දගකාරයෝ 



මීයා සහ කේජු




අංශක 360 යි.

2011-07-25

රැජින මමයි -අපේ රාජ්ජේ



ලෙස්ටර් ගේ සංදේශය චිත්‍රපටියට ඇතුලත්වු මේ ගීතය සමග පෙන්වන කදුයායයේ දර්ශන  කරුනාරත්න දිවුල්ගනේ ගයන "සමනලවැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා බසී" ගීතයත් සමග



2011-07-23

ලෙස්ටර්ගේ සංදේශය

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්


ලෙස්ටර් සහ විලියම් බ්ලෙක් 


ආනන්ද ජයරත්න සමග කාන්ති ගුණතුංග

මීදුම ප්‍රාථමික පාසල් සිසුවකුවු අවධියේ මීදුමගේ නිවහනට ආසන්න පරිසරයේ ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ සංදේශය රූපගත කරනු ලැබීය. ලෙස්ටර් සහ විලීයම් බ්ලෙක් ඇතුළු පිරිසක් සුදුසු පරිසර පසුබිමක් සොයා ගිය චාරිකාවකදී බෙලිහුල්ඔය තානායමේ නවාතැන් ගනු ලැබු අතර තානායම අසලම පිහිටි තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා විසින් බෙලිහුල්ඔය අවට පරිසරය පෙන්වා ඒ පිලිබදව සිත්ගත් පිරිස සංදේශය රූගත කිරීමට බෙලිහුල්ඔය තෝරාගත් බව මීදුම අසා ඇත.
එකල රුපියල් 15000/= වැය කොට ප්‍රදේශයේ පදිංචිව සිටි ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවෙකු ලවා ඉදිකල ප්‍රදේශයේ නිවාස ඉදිකරීම් සදහා යොදා ගත් කබොක් විශේෂයක්වු ගලින්  (කුඩුගල් ලෙස හදුන්වයි. ) සුවිසල් ඉදිකිරීමක්වු පෘතුගීසී බලකොටුව ඉදිකර තිබිණි. එම බිමේ දර්ශණ පසුතල සදහා බලකොටුවට පිවිසීමට මාර්ග පද්ධතියක් සහ ඉදිරිපස වෙළදපලක් වැනි තාවකාලික ඉදිකිරීම්ද තිබුනා මීදුමට මතකය. ලංකාවේ පෘතුගීසි යටත් විජිත විරෝධී අරගලය නිරූපිත සංදේශය චිත්‍රපටය හෙළ සිනමාවේ මුල් යුගයේ දැවැන්ත ම නිර්මානය මෙම  සිනමා පටයයි. සුනිල් ශාන්ත ගේ මධුර ගී තනු සදහා  ආර්. මුත්තුසාමි පසුබිම් සංගීතයෙන් ද දායක වූ සංදේශයේ 'කටේ කිරි සුව යන්නට පවා බැරි වුණා', 'රැජින මමයි අපේ රාජ්ජේ', 'පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා' වැනි ගීත රචනා කළේ අරිසෙන් අහුබුදු ය. මේ ගීත අදත් කණට මිහිරිය.
තිරනාටකය කේ.ඒ ඩබ්ලිව්. පෙරේරා, බෙනඩික්ට් දොඩම්පෙගම හා ලෙස්ටර් ය. ප්‍රධාන කැමරා ශිල්පියා වූයේ විලියම් බ්ලේක් ය. සුමිත්‍රා පීරිස් එහි සහාය අධ්‍යක්ෂවරියක වූවා ය. ආරියසේන වීරක්කොඩි සංදේශය චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූයේ ය. සංදේශය රූපගත කෙරුණේ බෙලිහුල්ඔය තානායමට මඳක් ඔබ්බෙන් පිහිටි එළිමහන් බිමක ය. මාස 14ක් තිස්සේ ශිල්පීන් 123කගේ සහභාගිත්වයෙන් දළ සේයා පට අඩි 120,000ක් භාවිතා කළ සංදේශයට එදා කේ. ගුණරත්නම්ගේ සිනමාස් සමාගම රු. ලක්ෂ පහක් ආයෝජනය කළේ ය

සංදේශය ලංකාවේ මුලින් ම වාරණය වූ චිත්‍රපට අතරට ද එක් වේ. එය රැඟුම් පාලක මණ්ඩලය විසින් වාරණය කරන ලද්දේ සාමාන්‍ය මිනිසුන් එහි භික්ෂු චරිත නිරූපණය කළ නිසා බව කියැවේ. පසුව මෙම වාරණය ඉවත් වුණේ මාපලගම විපුලසාර හිමියන්ගේ මැදිහත් වීමෙන් බව ද වාර්තා වේ. සංදේශය මුල් වරට තිරගත කර 1960 වසරේදීය.එවකට වයස අවුරුදු දොලහක දහතුනක  කුඩා පාසල් සිසුවකු වු මීදුම ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ සංදේශය නමු වු දැවන්ත නිර්මාණය බැලීමට සැතපුම් 36 ක් ගෙවා රත්නපුර නගරයේ පිහිටා තිබු “ලක්‍ෂිමී “ සිනමා ශාලාවට ගියා ය. එකල දිනපතා පත්‍රවල බදාදා පලවු චිත්‍රපටි විචාර  නොවරදාවාම කියවන මීදුම සංදේශය ඔසවා තැබු උස බිෂ්පාසන පරිසරයේ ජීවත්වු මීදුමටද ආඩම්බරයක් විය. එහෙත්  සංදේශය  විඳින්නට තරම් මීදුම ඒ වන විට  මුහුකුරා ගොස් නො තිබිණි. පසුකලක මේ චිත්‍රපටිය නැවත බැලීමේ දැඩි උවමනාවක් මීදුමට ඇති වුනත් තවමත් එයට අවස්ථාව නම් උදා වුනේ නැත..
පුංචි අපිට මේ චිත්‍රපටියට රංගන දායකත්වය දැරූ ආනන්ද ජයරත්න, කාන්ති ගුණතුංග, ගාමිණී ෆොන්සේකා, අයිරාංගනී සේරසිංහ, වින්සන්ට් වාස් ඇතුළු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක්  නිතර දෙවේලේ මග තොටේදී හමුවිය. එකල බැහර පාසලක උගත් මීදුමට මිතුරන් හා ‍දෛනිකව බෙදා ගන්න සංදේශය පිළිබද බොහෝ මාතෘකා ඇතිවී තිබින. සංදේශයේ ප්‍රධාන චරිතයවු ආනන්ද ජයරත්න පරයා  ගාමිණී ෆොන්සේකා රසික රසිකාවියන් අතර ජනප්‍රිය වීමට ඉවහල් වූ මුල් කාලීන චිත්‍රපටයක්ද විය.


පෘතුගීසි කාරයා
පසුතලය - බලකොටුව තුල


 පසුතලය - බෙලිහුල්ඔය ඉදිකර තිබු  බලකොටුව ඉදිරිපිට වෙළද නගරය.
වර්තමාන" පර්ල් ටුවරිස්ට් ඉන් ' සංචාරක හෝටලයට යාබද ඉඩම


 කටේ කිරි සුවද යන්නට පවා බැරිවුනා.
පසුතලය - වර්තමාන සබරගමුව විශ්ව විද්‍යාලය හරහා දිවෙන කුඹල්ගම මාර්තය


වර්තමාන 156 කි.මි අසල බිම් භාගය

ඒ කන්දත් අපේ තමයි. මේ කන්දත් අපේ තමයි.

කදු යායම අපේ තමයි- අපේ රාජ්ජේ.

2011-07-18

නියගය සමග සවන් දෙන්න.





මේ සමනලවැව අද දර්ශණ කිහිපයක්.

සමනල වැව පුරවන්න ගලා බසින්නේ
 වළවේ ගගයි බෙලිහුල්ඔයයි.
මැයි මාසේ ඉදන් ඇති වියලි කාලගුණික තත්වය නිසා
මේ ගංගා දෙකම හිදිලා.
සැප්තැම්බර් දක්වා මේ තත්වය මේ කලාපයට බලපානවා.
වැස්ස ගැන හිතන්නවත් වෙන්නේ සැප්තැම්බර් මාසේ.
ඉතින් රටේ අනෙක් ජලාශවලටත්
මේකම වුනොත්
අපිට හොරෙන් හොරෙන් කපන විදුලිය
ප්‍රකාශයට පත් කරලා
කපන්නම  සිද්ධවෙයි.

2011-07-15

හා හා පරිස්සමෙන් !.

2011-07-12

හන්තානේ කදු මුදුන සිසාරා - පණ්ඩිත් අමරදේව


හන්තානේ කදු මුදුන සිසාරා 
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැදි කුටිය සමීපේ
 කුසුමක් වී ඉන්නම්
තුන් මහලින් සැදි 
සරසවි පායේ 
මල් කැටයම් සෙවනේ 
සිරි පොද වැස්සේ 
නැගුනු සතුටු රල 
මිරිගු සයුර විනි අතීතයේ 
හන්තානේ කදු මුදුන සිසාරා 
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැදි කුටිය සමීපේ
 කුසුමක් වී ඉන්නම්

පාළු නිසන්සල  
කදු වැටි අතරේ
මහවැලි ගං ඉවුරේ 
අත්තටු සිදගත් විහග විලාසෙන් 
අපේ පැතුම්
 ඉකි බිදුනු ඇසේ 
අපේ පැතුම්
 ඉකි බිදුනු ඇසේ 


හන්තානේ කදු මුදුන සිසාරා 
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැදි කුටිය සමීපේ
 කුසුමක් වී ඉන්නම්

2011-07-11

එජාපයට කවදා ඉර පායත්ද ?.

 
ජාතික දේශපාලන පක්‍ෂ කාගේවත් පිලකට වත් පුද්ගලයෙකුටවත් අයත් නොවන මහජනතාවට පමනක් අයත්වන බූදලයන් ලෙස මීදුම සිතයි. එහෙත් ඒවා කවදාවකවත් මහජනතාවට අයත් බුදලයන් ලෙස භාවිතා නොවන බවත් අත්දැකීම් තුලින් මිදුම පැහැදිලි කර ගෙන සිටී. මීදුම එක්සත් ජාතික පක්‍ෂය නිර්මාණය කර ගෙන සිටින අර්බුදය දෙස මැදිහත් සිතින් බලා සිටින්නෙකි. එය විසදී නව ජවයකින් පිබිදී පාලක පක්‍ෂයක් ලෙස නායක කාරකාදීන්ගේ බඩ කද මහත් වෙනවා දකින්නත්කැමත්තක් මීදුමට තිබේ.

මොනම දේශපාලකයෙක් වත් ජනතා සුබ සිද්ධිය පෙරට ගෙන තම සුබ සිද්ධිය පමා කල බවක් මීදුමට තේරෙන වයසේ සිට අත් දැකීමක් නොලද දෙයකි. ඒ නිසා එසේ සීතීම සාධාරණයයි කියවන ඔබටද සිතෙනු ඇත.
අඩුම තරමේ කරට කර අභියෝග කල හැකි විපක්‍ෂයක් රටට තිබිම යහපත් ලක්‍ෂණයකි . ආණ්ඩු පක්‍ෂයේ සිටින විට මැති ඇමති හෙංචයියලා තමන්ට හදා වඩා ගන්නා හැටි ඉරිසියාවට හෝ රටට කියන්න තරම් විපක්‍ෂය සත්ගුණවත්, ශක්තිමත් කන්ඩායමක් වී සිටීම ඒ නිසා වැදගත්වේ.
ඇන කොටා ගෙන තර්ක විතර්ක කරමින් සිට වටු වැද්දාගේ දැලට අහුවුන වටුවන්ගේ තැනට පත්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය සමගියෙන් සාමදානයන් එක්ව වැඩ කර දැල උස්සා ගෙන පියාඹන්නට උත්සහා ගන්නේ නැත.තවත් කාලයක් මෙලෙස සිටීමෙන් එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයට එක්වී මහාවංශයේ තවත් එක් පිටුවක් වනු ඇත.
පලාත් සභා මංත්‍රී මෛත්‍රි ගුණරත්න මහතා දිසා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පැමිනිල්ල පක්‍ෂයේ වර්තමාන අර්බුදයයේ පසුබිම් ස්වරූපය පිලිබදව යම් කිසි අව‍බෝධයක් ලබා ගත හැකි අවස්ථාවක් ලෙස දකින මීදුම එම පැමිණිල්ල උපුටා දක්වන සී.ඒ. ප්‍රේමචන්ද්‍ර යන් විසින් සැ ජුලි 11 දිවයින ට සැපයු විශේෂාංග ලිපියේ කොටස් කිහිපයක් මෙසේ පහතින් උපුටා දක්වයි.

පසුබිම.
“ ........................නව පක්‍ෂ ව්‍යවස්‌ථාවේම 8(6) වගන්තිය අනුව පක්‍ෂ නායක ඇතුළු ප්‍රධාන නිලතල හොබවන්නන් හා නව කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ව්‍යවස්‌ථාව සම්මත වීමෙන් මාස 4 ක්‌ ඇතුළත එනම් 2011 අප්‍රේල් 12 වැනිදාට පෙර පත් කරගත යුතු විය. අදාළ පත් කර ගැනීම් සිදු කර ගැනීම සඳහා ව්‍යවස්‌ථාව සම්මත වන අවස්‌ථාවේ සිටි කෘත්‍යාධිකාරී මණ්‌ඩලය අප්‍රේල් මස 12 වැනිදා තෙක්‌ දිගටම "අන්තර්වාර කෘත්‍යාධිකාරී මණ්‌ඩලයක්‌" හැටියට කටයුතු කරන ලදී. ඉකුත් මාර්තු 21, 22 හා 23 යන දිනවලදී මෙකී නව පත් කිරීම් කරගැනීම සඳහා මේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌වන ලදී. මේ රැස්‌වීම්වලදී පක්‍ෂයේ නායක, නියෝජ්‍ය නායක හා පක්‍ෂ සභාපති තරගයක්‌ නොමැතිව පත් කර ගන්නා ලදී. එපමණක්‌ නොව උප නායක නමැති තනතුර අහෝසි කොට තවත් නියෝජ්‍ය නායක තනතුරක්‌ ඇති කොට එයට සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට ද ඒකමතිකව තීරණය කරන ලදී. නව පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව සිදුවූයේ එපමණකි. රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ නායකත්වය නැවතත් තහවුරු කරගත් මොහොතේ සිට කලින් තිබුණාටත් වඩා අන්තනෝමතික පාලනයක්‌ ගෙන යැමට පටන් ගත්තේය.
ඔහු මුල්වරට පක්‍ෂයේ නව උපදේශක සභාව රැස්‌ කරන ලද්දේ ජාතික සංවිධායක ධුරයට කිසිවෙක්‌ පත් නොකොටය. ව්‍යවස්‌ථාවට අනුව මහලේකම්වරයා ද පත් කරන්නේ පක්‍ෂ නායකයා විසින් නිසා උපදේශක සභාවේ සෙසු සාමාජියන් නිසි ආකාරව පත්වී සිටියේය. නමුත් ජාතික සංවිධායකවරයකු නැතිව උපදේශක සභාවට රැස්‌විය හැකිද, එවැනි තත්ත්වයක්‌ යටතේ ගන්නා තීරණ වලංගු ද යන්න සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා නඟන ලද ප්‍රශ්නයට පිළිතුර වූයේ වික්‍රමසිංහ මහතා විසින් නව ව්‍යවස්‌ථාවේම හදිසි අවස්‌ථා විධි විධානයක්‌ වන 16(2) වගන්තිය උපුටා දැක්‌වීමයි.
මෙකී වගන්තියට අනුව එ.ජ.ප. යේ කුමන හෝ තීන්දු ගන්නා කමිටුවට ඇබෑර්තුවක්‌ හෝ සාමාජියන් පත් කිරීමේ යම් වැරැද්දක්‌ හෝ තිබුණොත් එකී කමිටුව විසින් ගන්නා ලද සියලුම තීන්දු වලංගු බවයි.

ඒ මොහොතේ සිට මුළු එ.ජා.ප. යම එකී හදිසි නීති රෙගුලාසියට යට විය.
උපදේශක සභාව රැස්‌වූයේ ජාතික සංවිධායකවරයකු නැතිවයි. පසුව රවි කරුණානායක මහතා ජාතික සංවිධායකවරයා හැටියට පත් කරන විට එකී තීන්දුව ගත් කෘත්‍යාධිකාරී මණ්‌ඩලය සිටියේ සම්පූර්ණ සාමාජිකයන් ගණනින් අඩක්‌ පමණි. 16 (2) වගන්තියේ හදිසි නීති රෙගුලාසි අනුව එය ද ප්‍රශ්නයක්‌ නොවීය.


මෛත්‍රි ගුණරත්න නඩු මඟට බැස්‌සේ මෙතැනදීය. ඔහු උසාවියෙන් ඉල්ලා සිටියේ ජාතික සංවිධායක තනතුරට හා උප සභාපති, නීති ලේකම්, විදේශ කටයුතු ලේකම් වැනි තවත් තනතුරු 16 කට කරන ලද පත්වීම් අවලංගු කරන ලෙසය. එවැනි අවලංගු කිරීමක්‌ ඉල්ලා සිටීමට හේතු දක්‌වා තිබුණේ පහත සඳහන් ආකාරයටය.

මෙම වසරේ මාර්තු 21, 22 හා 23 රැස්‌වූ අන්තර්වාර කෘත්‍යාධිකාරී මණ්‌ඩලය, පක්‍ෂ නායක, නියෝජ්‍ය නායක, සභාපති හා තවත් නියෝජ්‍ය නායක තනතුරක්‌ ඇති කළ ද ජාතික සංවිධායකවරයකු පත් කර ගත නොහැකි විය. මාර්තු 23 වැනිදා කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම අවසන් වූයේ මාර්තු 28 වැනිදා නැවතත් රැස්‌වී ජාතික සංවිධායකවරයකු පත් කර ගන්නා බවට සටහන් කර ගනිමිනි. මාර්තු 28 වැනිදා කෘත්‍යාධිකාරී මණ්‌ඩලය නැවතත් රැස්‌වුණු පසු ඉමිතියාස්‌ බාකීර් මාකර් මහතා විසින් ජාතික සංවිධායක ධුරයට රංජිත් මද්දුමබණ්‌ඩාර නම් කරනු ලැබූ අතර චන්ද්‍ර ගන්කන්ද විසින් එය ස්‌ථිර කරන ලදී. එදින වෙනත් කිසිදු නමක්‌ ජාතික සංවිධායක ධුරය වෙනුවෙන් ඉදිරිපත් වූයේ නැත. නමුත් රංජිත් මද්දුම බණ්‌ඩාර එම තනතුරට නිතරගයෙන් පත් වුණේ යෑයි ප්‍රකාශ නොකරන ලදී.
සිදුවූයේ අන්තර්වාර කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ නිල කාලය අප්‍රේල් 12 වැනිදා අවසන් වනතුරු බලා සිට ඉන් පසුව නව කෘත්‍යාධිකාරී මණ්‌ඩලයෙන් භාගයක්‌ පමණ පත්කොට එකී බාගෙට පත් කරන ලද අලුත් කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් රවි කරුණානායක මහතා ජාතික සංවිධායක ධුරයට පත් කර ගැනීමයි.

මෛත්‍රි ගුණරත්නගේ ඉල්ලීම


නඩු මඟට බසිමින් මෛත්‍රි ගුණරත්න මහතා පවසා සිටින්නේ පක්‍ෂයේ ප්‍රධාන නිලතල හා නව කෘත්‍යාධිකාරී මණ්‌ඩලයක්‌ පත් කිරීම ව්‍යවස්‌ථාවට අනුව කළ යුතුව තිබුණේ අප්‍රේල් 12 වැනිදාට පෙර බවයි. එදිනට පෙර ජාතික සංවිධායක ධුරයට යෝජනා වූ එකම නම වූයේ රංජිත් මද්දුමබණ්‌ඩාර වන නිසා නීති ප්‍රකාරව ඔහු නිතරගයෙන් ජාතික සංවිධායක ධුරයට පත්වූ බවට ප්‍රකාශ විය යුතු බවයි. පක්‍ෂයේ අවශේෂ නිලතල හා කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයන් පත් කළ යුතු වන්නේ නිසියාකාරව පත්වී තිබෙන උපදේශක කමිටුවක නිර්දේශ අනුව වන නිසා එවැනි නිර්දේශයක්‌ නොමැතිව වර්තමානයේ පත්වී සිටින අවශේෂ නිලධාරීන්ගේ පත්වීම් අහෝසි කළ යුතු බවයි.

මෛත්‍රි ගුණරත්නගේ එම ඉල්ලීම උසාවියෙන් ලබාදෙනු ලැබුවහොත් එ.ජා.ප. ය තුළ දැවැන්ත පෙරළියක්‌ හට ගනු ඇත. ඒ අනුව දැනට විභාග වන වැදගත්ම දේශපාලන නඩුව මෙය වන්නේය. මෙකී නඩුව විභාග කිරීමට එරෙහිව රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය විසින් ගොනු කර තිබුණු මූලික විරෝධතාවන් අතර තිබුණු ප්‍රධානම තර්කය වූයේ මෛත්‍රි ගුණරත්න එ.ජා.ප. යේ සාමාජිකයකු නොවන නිසා ඔහුට මෙවැනි නඩුවක්‌ පැවරීමට අයිතියක්‌ නොමැති බවයි. නමුත් ගුණරත්න මහතා දකුණු පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රීවරයෙකි. ඔහු එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රීවරයකු හැටියට තුන් වතාවක්‌ තේරී පත්වී තිබිණි. එසේ තිබියදී ඔහු පක්‍ෂයේ සාමාජිකයකු නොවන්නේ යෑයි කියා තිබෙන්නේ ඇයි දැයි අප විමසා බැලූ විට ඔහු අපට කියා සිටියේ ඔහුට එ.ජා.ප. යේ සාමාජිකත්වය තිබෙන බවත් ඔහුගේ දායක මුදල සෑම මසකදීම දකුණු පළාත් සභාවෙන් ස්‌ථාවර නියෝගයක්‌ මගින් එ.ජා.ප. යේ ගිණුමට බැර වන බවයි. වික්‍රමසිංහ පාර්ශ්වයේ මූලික විරෝධතාවන් ඉවතලමින් නුගේගොඩ දිසා විනිසුරුවරිය ද විවෘත උසාවියේ පවසා තිබුණේ 2010 ඔක්‌තෝබර් මාසයේදී එ.ජා.ප. මහලේකම්වරයා මෛත්‍රි ගුණරත්න මහතාට යවන ලද එක්‌තරා ලිපියකින් ඔහු එ.ජා.ප. යේ සාමාජිකයෙක්‌ බව සඳහන් කර තිබූ බවයි. වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය විසින් නඟන ලද සෙසු මූලික විරෝධතාවන් ඔහුගේ පෙත්සමේ තාක්‍ෂණික කරුණු අළලා කෙරුණු ඒවාය.

වික්‍රමසිංහ පාර්ශ්වයට උසාවියට දැක්විය යුතු කරුනු.
නමුත් ඒ සියලුම විරෝධතාවන් ඉවතලමින් නඩුව අසා ඉවර වනතුරු අන්තර් වාරණ නියෝගයක්‌ නිකුත් නොකළ යුත්තේ මන්දැයි හේතු දැක්‌වීමට වික්‍රමසිංහ පාර්ශ්වයට සිදුවී ඇත.
මේ අනුව ඔවුන්ට ජාතික සංවිධායකවරයකු නොමැතිව උපදේශක සභාව රැස්‌ කිරීම නීත්‍යනුකූල බව පෙන්වීමට සිදුවනු ඇත.
එපමණක්‌ නොව ව්‍යවස්‌ථාව විසින්ම නියම කරන ලද මාස 4 ක කාලපරිච්ඡේදය තුළදී අන්තර්වාර කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් කළ යුතුව තිබූ ජාතික සංවිධායක පත්වීම එම කාලය ඉක්‌මවා ගොස්‌ නව කෘත්‍යාධිකාරී මණ්‌ඩලයක්‌ විසින් රවි කරුණානායක මහතා ජාතික සංවිධායක ධුරයට පත් කිරීම නීත්‍යනුකූල වන්නේ කෙසේදැයි පෙන්වීමට සිදුවනු ඇත.
එමෙන්ම ව්‍යවස්‌ථාවෙන් නියමිත මාස 4 ක කාලය තුළ එනම් අප්‍රේල් 12 වැනිදාට පෙර අලුත් ව්‍යවස්‌ථාවේ විධි විධානවලට අනුව සම්පූර්ණ උපදේශක මණ්‌ඩලයක්‌ පත් කරගන්නේ නැතිව එකී අසම්පූර්ණ උපදේශක මණ්‌ඩලයක්‌ විසින් පත් කරන ලද නව නිලධාරීන්ගේ හා කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයන්ගේ පත්වීම් නීත්‍යනුකූල වන්නේ කෙසේදැයි පෙන්වීමට සිදුවන්නේය.

වික්‍රමසිංහ පාර්ශ්වයට පෙන්වාදීමට සිදුවන තවත් කරුණක්‌ වන්නේ ව්‍යවස්‌ථාවට අනුකූලව ජාතික සංවිධායකවරයකු ද පත් කර ගන්නේ නැතුව එකී ඇබෑර්තුව තිබියදී උපදේශක මණ්‌ඩලය විසින් ගන්නා තීරණ නීත්‍යනුකූල කිරීමට හදිසි අවස්‌ථා විධි විධානයක්‌ වන ඉහත කී 16(2) වගන්තිය පාවිච්චි කිරීම සාධාරණ වන්නේ කෙසේද යන්නයි.
ව්‍යවස්‌ථාවේ නියමිත කාල පරිච්ඡේදය තුළදී නිසි ආකාරව ජාතික සංවිධායක ධුරයට යෝජනා වී තිබුණු රංජිත් මද්දුමබණ්‌ඩාරගේ නම නොසලකා හැරීම ද කුමන පදනමක්‌ මත කරන ලද්දක්‌ දැයි පෙන්වීමට ඔවුන්ට සිදුවනු ඇත...................................”


11 සදුදා දිවයින - සී.ඒ. චන්ද්‍රප්‍රේම

2011-07-09

අපේ පෙම් කතා අසා සිටිනවා.


සද හොරෙන්  හොරෙන් බලා  
වළා රොදක සැගවිලා 
අපේ මියුරු පෙම් කතා 
අසා සිටිනවා.

කදුළු බිදු ගලා සදේ - තුරුලතා පුරා 
සියොලගම සැලී මගේ 
නොහිම් සීතලේ 
ඔබේ නෙත යදී    ම් ම්
 මහද වියරුවෙන් 
සද හොරෙන්  හොරෙන් බලා  
වළා රොදක සැගවිලා 
අපේ මියුරු පෙම් කතා 
අසා සිටිනවා.


කියඹු වැල් ලිහී ඔබේ 
මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ 
සිතුම් සසලවයි
නිවා ලන්න මා 
ඔබේ සිසිලසින්

සද හොරෙන්  හොරෙන් බලා  
වළා රොදක සැගවිලා 
අපේ මියුරු පෙම් කතා 
අසා සිටිනවා.

2011-07-04

2011-07-01

කොලොම් තොට නැත මහළුවී.



කොලොම් තොට ඇත මහළුවී 
අවහන් හල නැත පැරණිවී
එදා හඩමයි අදත්  යවුයනයේ 
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොදුරියේ.


කුඹ ගසක් උඩනැවතිලා 
සිනා සලමින් සදේ ඇයි සරදම්
බලන් කැඩපත සොදුරියේ 
පාට වත්සුනු  දෙකොපොලින් පිසදා 



කොලොම් තොට ඇත මහළුවී 
අවහන් හල නැත පැරණිවී
එදා හඩමයි අදත්  යවුයනයේ 
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොදුරියේ.


පෙරුම් පුරමින් හමුවෙලා 
උනුන් රහසින් බැන්ද ආදර පෙම් 
බලන් කැඩපත සොදුරියේ 
කුමන අරුමද නරකෙසක් නැමිලා



කොලොම් තොට ඇත මහළුවී 
අවහන් හල නැත පැරණිවී
එදා හඩමයි අදත්  යවුයනයේ 
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොදුරියේ.