බේකර්ස් බෙන්ඩ් - බෙලිහුල්ඔය

නොන්පෙරියල්

හුණු ගල් පොකුණ - කල්තොට

හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ.



යාපහුව

දඹදෙනිය රාජධානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. මේ දළදා මැදුරට යන පියගැට පෙළයි.


සමනලවැව

වලවෙිි ගඟ, දෙනගම ඔය, බෙලිහුල්ඔය සහ හිරිකටු ඔයේ ජලයෙන් පෝෂිත වන සමනල වැව.



කළුදිය පොකුණ

මිහින්තලේ.

2025-08-25

අනාවැකි කියන කුරුල්ලෝ .



කළු කූඹි නිවෙස තුළට බිත්තර රැගෙන එන්නේ නම්, දිමි­ගොටු කල­බලේ පිළි­ස­කර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාර­ම්ප­රික දැනුමේ පැවැ­තිණි. කෙසේ වෙතත් මෙයා­කා­ර­යෙන් පාර­ම්ප­රික දැනුමේ පැවැති බොහෝ දේ එම පර­ම්ප­රා­වල සාමා­ජි­ක­යින් සම­ඟම මැකී යෑම කන­ගා­ටු­වට කරු­ණක් නොවෙද?"

අවට පරි­ස­රයේ ගහ­කොළ සතා සීපා­වුන් දෙස බලා දේශ­ගු­ණික සහ කාල­ගු­ණික විප­ර්යාස පිළි­බඳ අනා­වැකි පළ කිරීමේ සුවි­ශේෂ හැකි­යා­වක් අතී­තයේ පටන්ම අපේ මිනි­සුන් තුළ විය. මේ හැකි­යාව බොහෝ කොට ප්‍රයෝ­ජ­න­වත් වූයේ ගොවි­තැ­නේ­දීය.
ඒ හැරුණු විට වෙනත් දෛනික කට­යු­තු­ව­ල­දීත් ප්‍රයෝ­ජ­න­වත් නොවු­ණාම නොවේ. අවට පරි­ස­රය නිරී­ක්ෂ­ණය කර­මින් අනා­වැකි පළ කිරීමේ මේ කියන්නා වූ දැනුම හුදෙක් ශ්‍රී ලංකාවේ පම­ණක් නොව රට­ ර­ට­වල අනා­දි­මත් කලක සිට පැවත එන්නකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මේ සම්බ­න්ධව පව­තින දැනුම් පද්ධ­තිය ද සුවි­ශේෂී එකකි. අපේ ගොවි ජන­තාව එදා පටන්ම ගොවි­තැන් කිරී­මට හුරු පුරුදු වූයේ පරි­ස­රය පිළි­බඳ විම­සුම් ඇස­කිනි. එහෙත් පසු කලෙ­කදී එය අවි­ද්‍යා­ත්මක මත­යක් ලෙස සල­ක­මින් බට­හිර විද්‍යා­වෙන් බැහැර කර­න්නට විය.
කෙසේ වෙතත් 1980 දශ­ක­යේදී පටන් මෙම පාර­ම්ප­රික දැනුම Phenology නමින් නව විද්‍යා­වක් ලෙස දියුණු කොට ඇත. ‘Phenology’ යනු ‘Phenomenology’ (සංසිද්ධි විද්‍යාව) යන වච­න­යෙන් කෙටි කොට ගත්තකි.
විශේ­ෂ­යෙන්ම මේ පාර­ම්ප­රික ඥානය ඉව­හල් කර­ගත් දැනුම වැඩි­ දි­යුණු කිරී­ම­ටත් නව නිරී­ක්ෂණ මඟින් එම දැනු­මට අලු­තින් යමක් එක් කර ගැනී­ම­ටත් 1980 දශ­කයේ මැද භාගයේ සිට ඇම­රිකා එක්සත් ජන­ප­දය ජාතික මට්ට­මෙන් මෙන්ම ප්‍රාදේ­ශීය මට්ට­මෙන් ද ප්‍රය­ත්න­යක් දරනා බව කිව යුතු ය. එහෙත් ශ්‍රී ලංකාව තුළ තව­මත් එවැ­න්නක් පිළි­බඳ ලකුණු පහළ වී නැත.
මෙම විද්‍යා­වට අදා­ළව දීර්ඝ කාලීන පර්යේ­ෂණ සහ නිරී­ක්ෂණ මත සනාථ වූ කරුණු බැහැර කළ යුතු නැති අතර ඒවා­යෙන් ඵල ප්‍රයෝ­ජන ගත හැකි මාර්ග­යක් විවර වීම ද වඩා වැද­ගත්ය.
මෙවන් සංසිද්ධි සලකා බැලී­මේදී ඒවා­යෙන් සම­හ­ර­කට විද්‍යා­ත්මක කරුණු පැහැ­දිලි කිරී­මක් ලබා දිය හැකි මුත් ඇතැම් සිද්ධීන් හඳු­නා­ගත හැක්කේ අපේ දැනු­මෙන් ඔබ්බට ගිය සංසි­ද්ධීන් ලෙසය.

✭සැප්තැ­ම්බර් මාසයේ මැද ශ්‍රී ලංකා­වට සංක්‍ර­ම­ණය වන පක්ෂීන් අතර දැකිය හැකි අළු හැල­පෙන්දා (Grey Wagtail) අවට පරි­සයේ සැරි­ස­රනු දකින විට ගොවීන් අනු­මා­නය කරන්නේ සති දෙක තුනක් ඇතු­ළත වැසි ලැබෙන බවය. ඒ අනු­මා­නය නිවැ­රැදි බව හඟ­ව­මින්ම පක්ෂි­යාගේ සැරි සැරී­මෙන් සති දෙක තුනක කාලය තුළ සංව­හන වැසි ආරම්භ වන බව අත් දුටු සත්‍ය­යකි.

අතී­තයේ ගොවි­යන් පිළිගත්තේ රන් ඔලෙ­යි­යන් (Pacific Golden Plover) ඉප­නැල්ලේ දැකී­මෙන් හැඟ­ වෙන්නේ පුර­න් කෙ­ටී­මට කාලය බවයි.

එහෙත් මෙම රන් ඔලෙ­යියා ස්වරූ­ප­යෙන් සහ ශරීර වර්ණ­යෙන් කැස්ව­ටු­වාට සමාන බැවින් මෙම පක්ෂීන් දෙව­ර්ගය පට­ලවා ගත් ඇතැම් ගොවීන් කියා සිටියේ කැස්ව­ටු­වන් කුඹුරේ ඉප­නැල්ල මැද සිටින විට එය වැස්ස ළග එන බවට සංකේ­ත­යක් බවත්, පුරන් කෙටී­මට කාලය පැමිණ ඇති බවත්ය. කැස්ව­ටු­වාට දිග හීන් හොටක් ඇති අතර රන් ඔලෙ­යි­යාට ඇත්තේ කෙටි හොටකි. ස්වරූ­ප­යෙන් තර­මක් සමාන වූවත් එම පක්ෂීන් දෙව­ර්ගය වෙන්කොට හඳු­නා­ගත හැකි යම් යම් වෙන­ස්කම් පෙන්වා දිය හැකිය. අම්පාර ප්‍රදේ­ශයේ මෙම පක්ෂි දෙව­ර්ග­යම දැක­ගත හැකි අතර බොහෝ ගොවීන් ඔවුන් වෙන්කොට හඳුනා ගැනී­මේදී අස­මත් වීම හේතු­වෙන් කියා සිටියේ කැස්ව­ටු­වන් කුඹුරේ ඉප­නැල්ල මැද සිටින විට එය වැස්ස ළඟ එන බවට සංකේ­ත­යක් බව වුවත් එම මතය සත්‍ය වූයේ රන් ඔලෙ­යි­යන් සම්බ­න්ධ­යෙනි.
✭සංක්‍ර­ණික පක්ෂීන් ශ්‍රී ලංකා­වට පැමි­ණෙන්නේ වට කිහි­ප­ය­කට වන අත­රට හැම විටම පුර­න් කෙ­ටීම සම්බන්ධ අනා­වැකි හා සම්බන්ධ වන්නේ දෙවැනි වටයේ පැමි­ණෙන පක්ෂීන්ය. සාමා­න්‍ය­යෙන් එම පක්ෂීන් පැමි­ණෙන්නේ සැප්තැ­ම්බර් මාසයේ මැද වන විට වුවත් ඇතැම් වර්ෂ­වල සැප්තැ­ම්බර් මුල හෝ තර­මක් පසුව පැමි­ණෙන අවස්ථා ද දැක­ගත හැකි ය. කෙසේ වෙතත් එම සංක්‍ර­ම­ණය වීමේ කාල­යත් සමඟ වර්ෂාව බොහෝ­විට සම­පාත වීමක් දැක­ගත හැකි ය.

✭වැහි­ලි­හි­ණියා මෙහිදී වැඩි අව­ධා­න­යක් හිමි කර­ගන්නා පක්ෂි­යෙකි. වැහි­ලි­හිණි විශේෂ කිහි­ප­යක් වෙතත් අපේ ජන­ප්‍ර­වා­දයේ වැස්ස රැගෙන එන බවට සඳ­හන් වන්නේ ‘Barn swallow’ නම් වැහි­ලි­හි­ණියා සම්බ­න්ධ­යෙනි. මේ වැහි­ලි­හිණි සංක්‍ර­ම­ණය වන්නේ සංව­හන සුළං ධාරා අව­සන් වන, නැත­හොත් මෝසම් වැසි ඇරැ­ඹෙන කාලය වන විට ය. එබැ­වින් වැහි­ලි­හිණි වැසි රැගෙන එන බවට ජන­ප්‍ර­වා­දයේ එන කිය­මන වියළි කලා­පය සම්බ­න්ධ­යෙන් බොහෝ­දු­රට සනාථ වේ. එම පක්ෂි විශේ­ෂය බොහෝ විට සංක්‍ර­ම­ණය වන්නේ නැඟෙ­න­හිර සංක්‍ර­ම­ණික පක්ෂියකු බැවින් තෙත් කලා­ප­යේදී දකි­න­වාට වඩා කලි­යෙන් වියළි කලා­පයේ දී බොහෝ­ විට දැක ගත හැකිය. ග්‍රාමීය මෙන් ම නග­රා­ශ්‍රි­තව සිදු කරන ලද අධ්‍ය­ය­න­ය­න්ගෙන් පවා පෙනී යන්නේ වැහි­ලි­හිණි ඉහළ අහසේ පියෑ­ඹීම, වැස්ස ළග එන බවට පැහැ­දිලි සංකේ­ත­යක් බවය.
සංක්‍ර­ම­ණය වීමෙන් මාස කිහි­ප­ය­කට පසු මේ දිව­යි­නෙන් නික්මෙන වැහි­ලි­හි­ණියා නික්මී­මට මත්තෙන් පිහාටු හලා අලුත් පිහාටු ලබා­ගැ­නීම ද විශේ­ෂ­ත්ව­යකි. පිහාටු හැලීම කලින් සිදු­ වු­ව­ හොත් නික්මීම ප්‍රමාද වේ. පිහාටු හැලීම ප්‍රමාද වුව­ හොත් නික්මීම කලින් සිදු වේ. ඒ අනුව පිහාටු හැලීම ප්‍රමාද වී සිදු­වන, එනම් නික්මීම කලින් සිදු වන වර්ෂ­ය­න්වල වැසි කලින් ලැබෙනු ඇත. මෙකී සම්බ­න්ධ­තාව රන් ඔලෙ­යි­යා­ගෙන් ද පුංචි වැලි ඔලෙ­යි­යා­ගෙන් ද දැකිය හැකි ය. පුංචි වැලි ඔලෙ­යි­යාගේ පැමි­ණී­මත් වර්ෂා­වත් අතර සම්බන්ධ වන්නේ ඊශාන දිග මෝස­ම­ටය. එම පක්ෂියා ද පිහාටු හලා ගිම්හාන සෘතු වර්ණය ලබා­ගන්නේ ශ්‍රී ලංකා­වේ­දීය. පුංචි වැලි ඔලෙ­යියා ගිම්හාන සෘතු වර්ණය කලින් ලබා­ග­ත­හොත් ඉදි­රි­යට එන්නේ පෑවි­ල්ලකි. මේ පෑවිල්ල තුළ පක්ෂියා සංක්‍ර­ම­ණය නොවී ගිම්හාන සෘතු වර්ණ­යේම සිටී. ගිම්හාන සෘතු වර්ණය ගන්නේ මාර්තු මාසය පමණ වන විට නම් මාර්තු අග වන විට එම පක්ෂීන් නික්මෙන අතර, අප්‍රේල් මස මුල වන විට ම බක්මහ වැසි ද පැමිණේ. අපේ ජන­ප්‍ර­වා­දයේ වැලි ඔලෙ­යියා පිළි­බඳ විශේ­ෂ­යෙන් සඳ­හන් නොව­න­මුත් රන් ඔලෙ­යියා, වැහි­ලි­හි­ණියා, අළු හැල­ැම්පෙන්දා පිළි­බඳ කියැවේ. ඒ හැරුණු විට කහ හැලැ­ම්පෙන්දා සහ වන හැලැම්­පෙන්දා ද පැමි­ණෙන්නේ වැස්සත් සම­ඟය. ශ්‍රී ලංකා­වට සංක්‍ර­ම­ණය වන නිල් කුරු­මිණි කුරු­ල්ලාට ද වර්ෂාව හා පැහැ­දිලි සම්බ­න්ධ­තා­වක් ඇත.

✭ඇතැම් ගොවීන් තුරි­ත­යන්ව ‘මන්දා­රම් ලිහිණි’ යනු­වෙන් හඳුන්වා දෙන්නේ නොදැ­නු­ව­ත්කම හේතු­වෙනි. තුරිත විශේෂ 5 ක් ශ්‍රී ලංකා­වේදී හමු­වන අතර එයින් විශේෂ තුනක් සම්බ­න්ධ­යෙන් වියළි කලා­පයේ ගොවීන් පව­සන පරිදි, මන්දා­ර­ම අහසේ දැකිය හැකි බවට වන කිය­මන සත්‍ය වන බව පැහැ­දිලි කර­ගත හැක. කැදලි තුරි­තයා, කළු තුරි­තයා, මහ තුරි­තයා සැරි­ස­රන්නේ ඉහළ අහ­සේය. වර්ෂා­වක් කිට්ටු වන විට ඇති වන අව­පී­ඩන කලා­ප­යත් සමඟ මෙම පක්ෂීන් පහ­ළට පැමිණේ. මෙම පක්ෂීන් පහ­ළින් සැරි­ස­රනු දකින ගොවියා වැසි ළඟ එන බව දැක ගොවි­තැන් වැඩ නවත්වා නිවෙස බලා යෑමට සැරසේ. ශ්‍රී ලංකා­වට ඔක්තෝ­බර් මාසයේ පමණ සංක්‍ර­ම­ණය වන දුඹුරු මාරාවා නැත­හොත් දුඹුරු මැසි­මා­රාවා (Brown flycatcher) පිළි­බඳ අපේ ජන­ව­හරේ සඳ­හන් නොවේ. එම පක්ෂියා සාමා­න්‍ය­යෙන් ශ්‍රී ලංකාවේ සිටින කාල­යේදි (සාමා­න්‍ය­යෙන් ඔක්තෝ­බර් සිට මාර්තු අග දක්වා) උදෑ­සන සහ හවස් කාලයේ නාද කරයි. ඒ හැරුණු විට වෙනත් වේලා­වක ශබ්ද කළ­හොත් අඩ පැයක්, පැයක් ඇතු­ළත ආසන්න කලා­ප­යට වැස්සක් ඇද­හැ­ලෙන බව නම් නොඅ­නු­මාන ය. ජන­ප්‍ර­වා­ද­යට අනුව මයිනා හඳු­නා­ගත හැක්කේ කාල­ගුණ විප­ර්යාස හා බැඳුණු තවත් සුවි­ශේෂී පක්ෂි­යෙකු ලෙසිනි. මයිනා සාමා­න්‍ය­යෙන් ඇවි­දින විට බොහොම කන්ක­ලුව නාද කරන අතර හිටි හැටියේ කල­බ­ල­යෙන් එම කන්කලු නාද­යට වෙනස් වූ ශබ්ද­යක් නඟන්නේ නම් දෙපැ­යක් ඇතු­ළත වර්ෂා­වක් ඇද­හැලේ.
✭පක්ෂීන් හැරුණු විට අව්වැසි පිළි­බඳ අනා­වැකි පළ කරන තවත් සත්තු ඇත. මත්ස­්‍යයන් සම්බ­න්ධ­යෙන් සලකා බැලී­මේදී කාව­යියා සහ කනයා වැස්සක් ඇති වීමට මත්තෙන් වෙනස් සහ තර­මක් කල­බ­ල­කාරී හැසි­රී­මක් පෙන්වන බව හඳු­නා­ගත හැකිය. එසේ ම වැසි සමය එළැ­ඹෙ­න්නට මත්තෙන් ශ්‍රී ලංකා­වට බත්කූරු සංක්‍ර­ම­ණ­යක් ද සිදු වන්නේ වැසි සමය පිළි­බඳ ඉඟි ලබා­දෙ­මිනි. මෙවැනි සොබා­වික සංසි­ද්ධීන් පිළි­බඳ දිගින් දිග­ටම අධ්‍ය­ය­නය කිරීම තුළ නව දැනුම ළඟා කර­ගත හැක්කේ වස විසෙන් තොර ගොවි­තැ­නට පළ ­ප්‍ර­යෝ­ජ­න­වත් වන අන්ද­මිනි.

✭කළු කූඹි නිවෙස තුළට බිත්තර රැගෙන එන්නේ නම්, දිමි­ගොටු කල­බලේ පිළි­ස­කර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාර­ම්ප­රික දැනුමේ පැවැ­තිණි. කෙසේ වෙතත් මෙයා­කා­ර­යෙන් පාර­ම්ප­රික දැනුමේ පැවැති බොහෝ දේ එම පර­ම්ප­රා­වල සාමා­ජි­ක­යින් සම­ඟම මැකී යෑම කන­ගා­ටු­වට කරු­ණක් නොවෙද? අතී­තයේ ගොවීන් ගොවි­තැන් කළේ, රට බත­බු­ල­තින් සශ්‍රීක කළේ සොබා­ද­හමේ ගති ලකුණු අනුව කල්යල් බලා පාර­ම්ප­රික දැනුම උප­යෝගී කර­ග­නි­මින් මිස, කෘෂි රසා­ය­නික ද්‍රව්‍ය­ව­ලට පින් සිදු වන්නට නම් නොවේ. අධි­රා­ජ්‍ය­වාදී ආක්‍ර­ම­ණ­යන්ට මත්තෙන් ස්වදේ­ශි­ක­යන් තුළ වූ පාර­ම්ප­රික ඥානය ගොවි­තැ­නේදී බහු­ලව යොදා ගත් බව පොත පතෙහි ද සඳ­හන් වේ. අතීත හෙළ­ගො­වියා පුර­න්කො­ටන සෘතුව හඳු­නා­ගත්තේ සතුන්ගේ හැසි­රී­මෙනි. ගහ­කොළ මල්ව­ලින් ඊ ළඟ සෘතුව හඳුනා ගත්තේ ය. අද ඒ සියල්ල අපේ වැඩි­හිටි පර­ම්ප­රා­වල අව­සන් පුරුක් සම­ඟින්ම අභා­ව­යට යමින් පවතී. කෙසේ වෙතත් පිළි­ගත යුතු සත්‍ය නම් මෙය නව පර්යේ­ෂණ සහ අධ්‍ය­ය­න­යන් මඟින් තව­දු­ර­ටත් වැඩි­දි­යුණු කළ යුතු විද්‍යා­වක් බවය.

පරි­ස­ර­වේදී නීතිඥ ජගත් ගුණ­ව­ර්ධන මහතා විසින් සංක්‍ර­ම­ණික පක්ෂීන් සහ සංසිද්ධි විද්‍යාව අලළා සිදු කරන ලද පර්යේ­ෂ­ණ­යක් මුල් කර ගනි­මින් දැක්වූ අද­හස් ඇසු­රෙන් මෙම ලිපිය සැකැ­සිණි.

උපුටා ගැනීමකි.
- මූණු පොතට චතු ප්‍රබා වියමන් කරන ලද්දකි.
A day in the life

2025-08-24

ජනාධිපති අනුර කුමාර දිසානායක.




ජනාධිපති අනුර කුමාරට රටේ තරුණයන් අතර දැන් ඇති ස්ථානය ගැන බටහිර රාජ්‍ය තාන්ත්‍රික රහස්‍ය සමීක්ෂණයකින් හෙළි වූ කරුණු මෙන්න..!

-ලංකා ඊ නිව්ස් හි ඉංග්‍රීසි සංස්කරණයේ දේශපාලන ලියුම්කරු ගේ වාර්තාවක සිංහල පරිවර්තනකි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.10, ප.ව‍.11.30) ශ්‍රී ලංකාවේ පළමු ජාතික ජනතා බලවේගයේ (NPP) පරිපාලනයේ ධුර කාලයෙන් වසරකට ආසන්න කාලයක් ගතවී ඇති අතර, බටහිර රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් විසින් කරන ලද විචක්ෂණශීලී සමීක්ෂණයකින්, රටේ වඩාත්ම තීරණාත්මක ඡන්දදායකයින් අතර එනම් වයස අවුරුදු 18 සිට 35 දක්වා කාණ්ඩය අතර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ස්ථානය පිළිබඳ කැපී පෙනෙන ධනාත්මක චිත්‍රයක් සලකුණු කර ඇත.
කොළඹ සහ බටහිර අගනගරවල තෝරාගත් විදේශ ප්‍රතිපත්ති නිලධාරීන් කණ්ඩායමක් සමඟ බෙදාගත් රහස්‍ය තක්සේරුවෙන් පෙනී යන්නේ ජනාධිපතිවරයා රට පුරා තරුණ ඡන්දදායකයින් අතර සියයට 72 ක ජනප්‍රියත්වයක් භුක්ති විඳින බවයි. මෙම සංඛ්‍යාව හුදෙක් මැතිවරණ සංඛ්‍යාලේඛනයක් නොවේ: එය ජනාධිපතිවරයාගේ දූෂණ විරෝධී ස්ථාවරය, අවම පාලන විලාසය, වාර්ගික සමගිය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති සහ දිගු කලක් ආධිපත්‍යය දැරූ දේශපාලන සංස්කෘතියක් භුක්ති විඳි අනුග්‍රහය කපා හැර දැමීමෙන් සිදුව ඇති බව පෙන්නුම් කරයි.
අනුර ජනාධිපති ධුරයට පත් කළ තරුණ ඡන්දය..
රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමේ සමීක්ෂණය ආරම්භ වන්නේ බොහෝ විශ්ලේෂකයින් දැනටමත් නිගමනය කර ඇති දේ පිළිගැනීමෙනි - එනම් වයස අවුරුදු 18–35 අතර ජනවිකාශනයේ අනුපාතය NPP හි අතිවිශිෂ්ට ජයග්‍රහණයට කේන්ද්‍රීය වූ බවයි. දේශපාලන රාජවංශ, රාජ්‍ය අනුග්‍රහය ලත් ගජමිතුරුකම් සහ වාර්ගික-ආගමික ගැටුම් නිසා වෙහෙසට පත් වූ මෙම කණ්ඩායම, තරාදියේ අනුරගේ පැත්තේ බර වැඩි කිරීමට උපකාරී විය.
ග්‍රාමීය සහ නාගරික දිස්ත්‍රික්ක පුරා පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවලින් පෙනී ගියේ තරුණ ඡන්දදායකයින් ජනාධිපති අනුර කුමාරට පහත සඳහන් දේ සඳහා ගෞරවය දක්වන බවයි:
1. රජයේ පත්වීම් වලදී ඥාති සංග්‍රහය ඉවත් කිරීම -
කිසිදු ඇමතිවරයෙකුගේ සහෝදර සහෝදරියන්ට, බෑණනුවන්ට හෝ පුතුන්ට සහ ඥාතීන්ට රජයේ ප්‍රධාන හෝ අප්‍රධාන තනතුරු ලබා දී නොමැති අතර, කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බදු ගෙවන්නන්ගේ අරමුදල් වලින් වැටුප් වරප්‍රසාද ලබන “උපදේශක” වැනි පදවි ප්‍රදානය කර නොමැත.
2. අඩු අයවැයක් මත රාජ්‍යය පවත්වාගෙන යාම-
සුඛෝපභෝගී වාහන, විදේශීය සංචාර සහ නිෂ්ඵල ව්‍යාපෘති මගින් රාජ්‍ය සම්පත් ගිල දැමූ අතීතයේ “මන්දිර දේශපාලනය” ලෙස හැඳින්වූ දෙයට ප්‍රතිචාර දැක්වූ තරුණ ප්‍රජාව නිතර NPP හි නව ප්‍රවේශය සංසන්දනය කළහ.
3. දූෂණ විරෝධී පොරොන්දු ඉටු කිරීම-
NPP රජයේ කිසිදු අමාත්‍යවරයෙකු තවමත් කොන්ත්‍රාත්තු සඳහා කොමිස් ඉල්ලා හෝ ලබාගෙන හෝ අපකීර්තියකට සම්බන්ධ වී නොමැත. මෙය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ වාර්තාවකි.
4. වාර්ගික සමගිය අනුගමනය කිරීම-
වත්මන් පරිපාලනය යටතේ, අන්තවාදී බෞද්ධ කණ්ඩායම් ආගමික හෝ වාර්ගික සුළුතරයන් බිය ගැන්වීමේ ප්‍රධාන සිදුවීම් කිසිවක් සිදුවී නොමැති අතර මෙය බහු-වාර්ගික දිස්ත්‍රික්කවල ප්‍රවේශමෙන් ශුභවාදීව සටහන් වූ වෙනසකි.
ග්‍රාමීය සමාජය
සමීක්ෂණ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ජනාධිපතිවරයාගේ ආයාචනය කොළඹින් පිටත ප්‍රබලම ලෙස කා වැදී ඇති බවයි. ග්‍රාමීය දිස්ත්‍රික්කවල, විශේෂයෙන් උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල, ජාතික ජන බලවේගයේ ජනප්‍රියතාවය සියයට 75 ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතී.
නාගරික මෙගා ව්‍යාපෘති කෙරෙහි උමතු වූ පැරණි මධ්‍යම රජයන් විසින් ඓතිහාසිකව නොසලකා හරින ලද මෙම ප්‍රදේශ, කුඩා, ඉලක්කගත ආයෝජන වලින් ප්‍රතිලාභ ලබා ඇත. ග්‍රාමීය විදුලිබල වැඩිදියුණු කිරීම්, ගොවීන් සඳහා ක්ෂුද්‍ර ණය යෝජනා ක්‍රම සහ වඩා හොඳින් නඩත්තු කරන ලද පළාත් රෝහල් ඒ අතර තීරණාත්මක වී තිබේ. මෙම මුලපිරීම් ක්‍රියාත්මක කර ඇත්තේ මහා පරිමාන පිරිවැය සහ අවතාර කොන්ත්‍රාත්කරුවන්ගේ හුරුපුරුදු රටාවකින් තොරවය.
පොළොන්නරුවේ එක් ගොවියෙක් සමීක්ෂණ සම්මුඛ පරීක්ෂකවරුන්ට මෙසේ පැවසීය:
“ආණ්ඩු මෙහි පැමිණ රිබන් කපා, ඡායාරූප ගෙන, අතුරුදහන් වූ හැටි අපි දැක තියෙනවා. මෙවර ඔවුන් ද (එන්පීපීය) පැමිණියා, ඔවුන් වැඩ කළා, මුදල් ගියේ ව්‍යාපෘතියට මිස ඔවුන්ගේ සාක්කුවලට නොවේ.”
නාගරික පැලැන්තිය වෙනස්..
කොළඹ සහ බස්නාහිර පළාතේ සමහර ප්‍රදේශවල, ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙලට අනුමැතිය අඩු වුවද, තවමත් සාමාර්ථයේ ලකුණට වඩා ඉහළ ය. සමීක්ෂණය නාගරික ප්‍රදේශයේ ජනප්‍රියතාව ශ්‍රේණිගත කිරීම සියයට 52 ක් ලෙස වාර්තා කරයි. සැලකිය යුතු කරුණක් නම්, පෙර පාලක පන්තියේ මුල් බැසගත් ජාල සහ NPP හි සමාජවාදී මූලයන් පිළිබඳව ආර්ථික ප්‍රභූ පැලැන්තියේ කල් පවතින සැකය යි.
මෙම කණ්ඩායම් වල විචාරකයෝ රජය "අධික ලෙස පරමාදර්ශී" සහ ආයතනික මැදිහත්වීමක් නොමැති ලෙස දැකීමේ නැඹුරුක් දක්වති. රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර විසින් සම්මුඛ සාකච්ඡාවට ලක් කරන ලද සමහර විචාරකයින් තර්ක කළේ "පැරණි දේශපාලන සම්බන්ධතා තවමත් සක්‍රීය වාතාවරණයක් තුළ විදේශ ආයෝජන ඉහළ නොයනු ඇති" බවයි.
සාරාංශයක් ලෙස කීවහොත්, ජනාධිපතිවරයාගේ ග්‍රාමීය ආධාරකරුවන් අඛණ්ඩ ලෙස වර්ණනා කරන දේ, ඔහුගේ නාගරික විචාරකයින් සමහර විට අහිංසක ලෙස බැහැර කරන බව පෙනී යයි.
ආර්ථිකය සහ සන්නිවේදනය..
සමහර විට සමීක්ෂණයෙන් වඩාත්ම කැපී පෙනෙන අවබෝධය ප්‍රතිපත්ති ගැන නොව සන්නිවේදනය ගැන විය හැකිය. තරුණ ඡන්දදායකයින් නිරන්තරයෙන් ජනාධිපතිවරයාගේ සෘජු, බොරු පුරාජේරු කතා නැති ස්වරූපය ඔවුන්ගේ විශ්වාසයට හේතුවක් ලෙස සඳහන් කළහ. ඔහුගේ ප්‍රසිද්ධ කථා, සජීවීව විකාශය වූ ප්‍රශ්නෝත්තර සැසි සහ විවිධ සම්මන්ත්‍රණ ආදිය වගවීම පිළිබඳ හැඟීමක් තරුණයන්ට ලබා දී ඇත.
ප්‍රතිපත්තිමය වශයෙන්, ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රවේශය - ඉලක්කගත සමාජ වියදම් සමඟ මූල්‍ය විනය සමතුලිත කිරීම - දෝංකාර නංවා ඇත. විශේෂයෙන් උගත් නමුත් ඌන සේවා නියුක්ත තරුණයින් අතර, පුම්බා ඇති රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් වෙනුවට වෘත්තීය පුහුණුව ඉලක්ක කරගත් රැකියා උත්පාදන යෝජනා ක්‍රම පිළිගෙන ඇත.
යාපනයේ විශ්ව විද්‍යාල උපාධිධාරියෙක් මෙසේ පැවසීය:
"පළමු වතාවට, 'දේශපාලන ණය ගෙවීම' සඳහා නිර්මාණය කරන ලද රැකියා සඳහා නොවී රජය අපව ඇත්ත වශයෙන්ම පවතින රැකියා සඳහා සූදානම් කිරීමට උත්සාහ කරන බව මට හැඟේ.."
ලොකු කතා නොමැතිව ජනවාර්ගික සමගිය..
පසුගිය රජයන් උත්කර්ෂයට ලක් කළ මහා ප්‍රකාශන නොමැතිව ජනාධිපති අනුර කුමාර ජනවාර්ගික සංහිඳියාවට ප්‍රවේශ වී ඇති බව සමීක්ෂණයේ සඳහන් වේ. ඒ වෙනුවට, ඔහුගේ පරිපාලනය 'පරිපාලන සාධාරණත්වය' කෙරෙහි අවධානය යොමු කර ඇත. රාජ්‍ය සේවාවන්ට සමාන ප්‍රවේශය, විවිධත්වය පිළිබිඹු කරන මිශ්‍ර ප්‍රජාවන්හි පත්වීම් සහ සුළුතර ආගමික පිළිවෙත්වලට ඇඟිලි නොගැසීමේ පැහැදිලි ප්‍රතිපත්තිය ඒ අතර වේ.
රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ නිරීක්ෂකයින් මෙය සලකන්නේ දේශපාලන කේවල් කිරීමේ උපකරණයක් ලෙස මෙතෙක් ජනවාර්ගිකත්වය භාවිතා කිරීම සමාජයෙන් ඉවත් කිරීමට හිතාමතා ගත් උත්සාහයක් ලෙසයි. වාර්ගික බෙදීම්වලින් වෙහෙසට පත් ඡන්දදායකයින්ගේ අවධානයට තවමත් මෙය ලක් නොවූ වෙනසකි.
අඩු වියදම් ජනාධිපති ධුරයක්..
ජනාධිපති ධුරයේ මෙහෙයුම් පිරිවැය කෙරෙහි රාජ්‍ය තාන්ත්‍රිකයින් සමීක්ෂනයේ දී විශේෂයෙන් උනන්දු විය. සමීක්ෂණයේ මූල්‍ය සමාලෝචනයට අනුව, ජනාධිපති කාර්යාලය ඔහුගේ පූර්වගාමියාගේ පළමු වසරට සාපේක්ෂව අභිමත වියදම් සියයට 40 කින් පමණ අඩු කර ඇත. සුඛෝපභෝගී පෙර ගමන්, පසු ගමන් රථ පෙළපාළි නැති වී ගොස් ඇත. විදේශයන්හි නිල සංචාර අඩුය. ඒවා ද සිදුවන්නේ බොහෝ විට පුද්ගලයින් දහයකට අඩු නියෝජිතයින් සමඟය. දේශීය සංචාර වඩාත් නිහතමානී ය, හෙළිකොප්ටර් ගමන් ඇත්තේම නැති තරම් ය. සමහර විට සාමාන්‍ය ප්‍රවාහන පහසුකම් භාවිතා කරයි.
ජනාධිපතිවරයාගේ සංකේතාත්මක හා ප්‍රායෝගික 'අරපිරිමැස්මේ සම්ප්‍රදාය' නිසා ආර්ථික අර්බුදකාරී යුගයක හැදී වැඩී ඇති තරුණ ඡන්දදායකයින් අතර පිබිදීමක් පෙන්වා තිබේ.
බටහිර රාජ්‍ය තාන්ත්‍රික දෘෂ්ටිකෝණය..
රහස්‍ය වාර්තාව නිගමනය කරන්නේ, රජයට ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට සහ 1970 ගණන්වල සිට සෑම පරිපාලනයක්ම පීඩාවට පත් කළ අපකීර්තියෙන් වැළකී සිටීමට හැකි නම්, තරුණ ඡන්දදායකයින් අතර ජනාධිපතිවරයාගේ ඉහළ ස්ථාවරය “අඛණ්ඩ දේශපාලන ස්ථාවරත්වයක් සඳහා කල් පවතින පදනමක් සපයන” බවයි.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය මගින් සමාජය මෙහෙයවනු ලබන යුගයක ජනප්‍රියත්වය අස්ථාවර විය හැකි බව ද සමීක්ෂකයෝ අනතුරු අඟවති. විශේෂයෙන් විනිවිදභාවය හෝ පාලනය පිළිබඳ ක්ෂේත්‍රවල එක් ඉහළ පෙළේ වැරදි පියවරකින් NPP හි පිරිසිදු ප්‍රතිරූපය ඛාදනය කළ හැකිය.
අසාමාන්‍ය ප්‍රශංසාවක්..
වාර්තාවේ සඳහන් කොළඹ පදනම් කරගත් දේශපාලන විචාරකයෙකුගේ එක් අදහසක් අනුව ජනාධිපතිවරයාගේ අනුමත ශ්‍රේණිගත කිරීම් ශක්තිමත්ව පවතින්නේ මන්දැයි සාරාංශගත කළ හැකිය:
“ඔහුට පෙර සිටි කිසිවෙකුට වඩා අඩු මුදලකින් ඔහුගේ පොරොන්දු වැඩි ප්‍රමාණයක් ඉටු කර ඇත. ලෝකයාට පොරොන්දු වී අපට පනත් කෙටුම්පත් පමණක් ලබා දෙන නායකයින්ට පුරුදු වී සිටි රටකට, එයම විප්ලවයකි.!”
Lankaenews ඉංග්‍රිසි ලිපිය පරිශීලනයට පිවිසෙන්න :- https://www.lankaenews.com/news/4693/en

ලංකා ඊ නිව්ස් හි ඉංග්‍රීසි සංස්කරණයේ දේශපාලන ලියුම්කරු ගේ වාර්තාවක සිංහල පරිවර්තනයකි- සිංහලට නැගුවේ - චන්ද්‍රප්‍රදීප්


A day in the life

2025-08-23

කුදිරාම් බෝස්




දවස 1908 අගෝස්තු 11. බිහාර් හිරගෙදර තාප්ප වටේට ඉන්දියානුවො දහස් ගානක් රැස්වුනා. හැමෝගෙම අතේ මල් පොකුරු. ඒ වයස අවුරුදු 19ක කොලු ගැටයෙක් වෙනුවෙන්. අවසන් මොහොතෙ හෝ මේ කොලු ගැටයාව දැකගන්න එක තමයි හැමෝගෙම උවමනාව උනේ.

මොකද මේ පුංචි කොල්ලා හිටියෙ තව සුලු මොහොතකින් මරණ දණ්ඩනයට සූදානම්ව.
වෙලාව උදේ 6 යි. කලුවර නිවුනා. බිහාර් හිරගෙදර වසාගෙන පිනි කෝඩයක් වැටුනා. වයස අවුරුදු 19ක් වූ ‘කුදිරාම් බෝස්‘ හරිම සංසුන් ව පෝරකය දිහාට ඇවිද යන්න පටන් ගත්තා. පෝරකය ළඟ නැවතිලා කෙලින් හිටගත්තා. රැස්ව හිටපු මහා ජනකාය එක්ක අවසන් වරට හිනාවුනා. මරණයෙන් පසුව ලක්ෂ ගානක් මල් පොකුරුවලින් ඔහුගෙ දේහය වැහුනා. ඉන්දියාව ම ඇඬුවා. එතැන් සිට අද වෙනකන් ම අගෝස්තු 11 තමයි කුදිරාම් බෝස්ගේ සැමරුම යෙදෙන්නෙ. ඉන්දියාවේ පුංචි වීරයා.
කුදිරාම් බෝස් ඉපැදුනේ 1889 දෙසැම්බර් 3 වැනිදා බෙංගාලයේදි. එයා කුඩා කාලෙදි ම එයාට දෙමව්පියො අහිමි උනා. හැදුනෙ වැඩුනෙ අක්කා ළඟ. මේ වෙද්දි ඉන්දියාව තිබුනෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය එක්ක අනවරත ගැටුමක. ජාතිමාමක ඉන්දීය නිදහස් සටන උපරිම තලයකට ඇවිලුනා. කුදිරාම් බෝස් මේ හැම නිදහස් සටන් වීරයෙක්ගෙ ම කතාවලට හොඳින් කන් දුන්නා. ඒ වීරයො ගැන එයා ආඩම්බර උනා.
වයස අවුරුදු 15 දි එයා බ්‍රිතාන්‍යයට විරුද්ධව සටන් කරන්න හදාගත්තු විප්ලවීය ව්‍යාපාරයකට බැඳුනා. ඒකෙ නම ආනුෂිලාන් සමීති. ඉන්දීය නිදහස් සටන කියන්නෙ ලෝක ඉතිහාසයේ සුවිශේෂී ම නිදහස් සටන කිව්වොත් වැරදි නෑ. ලංකාව වගේ රටවල් ඉතා ඉක්මනින් ම ආයුධ අරන් සටන් කරන එක නැවැත්තුවා. හැබැයි ඉන්දියාව ඉස්සරහට ආවෙ සන්නද්ධ සටන වෙනමත්, රාජ්‍ය තාන්ත්‍රික සටන වෙනමත් පෝෂණය කරමින්. එයාලා දැනන් හිටියා දෙකෙන් කොයික හෝ යම් දවසක දිනන බව.
කුදිරාම් බෝස් තෝරාගත්තෙ සටන් කිරීම. එයා ආයුධ පුහුණු උනා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ආණ්ඩුවේ මර්මස්ථානවලට බෝම්බ සවි කරන එක තමයි එයා බාරගත්තු වැඩේ.
මේ වෙද්දි ඉන්දියාවෙ හිටියා ඩග්ලස් කින්ස්ෆෝඩ් කියලා නඩුකාරයෙක්. එයා ප්‍රසිද්ධ ව හිටියෙ ඉන්දියානුවන්ට කෘෘර දඬුවම් දෙන බ්‍රිතාන්‍ය නිලධාරියෙක් විදිහට. කුදිරාම් බෝස් ඇතුලු කණ්ඩායමක් මේ ඩග්ලස් නඩුකාරයාව මරා දැමීමේ මෙහෙයුම බාරගත්තා. සැළසුම ව්‍යර්ථ උනා. මොකද ඉතාම ඉක්මනින් ඩග්ලස් නඩුකාරයාව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් වෙනත් පලාතකට මාරු කර යවපු හින්දා.
කුදිරාම් බෝස් ඇතුලු පිරිස ව්‍යාජ නම්වලින් ඉන්දියාවෙ විවිධ තැන්වල පෙනී සිටිමින් ඩග්ලස් ගැන ඔත්තු බැලුවා. 1908 අප්‍රේල් 30 වැනිදා මෙයාලට හරි තොරතුරක් ලැබුනා. ඩග්ලස් එන්න නියමිතව හිටියා යුරෝපියන් සමාජ ශාලාවකට. සැළසුම උනේ මේකයි. ඩග්ලස් එන්නෙ කුලී රථයකින්. සමාජ ශාලාව ළඟට ඩග්ලස් එද්දි කුදිරාම් තවත් රථයකින් එතැනට යනවා. යනගමන් බෝම්බය දමා ගහනවා. කලුවරේ කිසිවක් පේන්නෑ. කුදිරාම්ට පුලුවන් පැනගන්න.
බෝම්බෙ පිපිරුවා. ඩග්ලස්ගෙ බිරිඳයි දියණියයි තමයි ඒකෙ ගොදුරු උනේ. සැළසුම සාර්ථක උනත් ඉලක්කය වැරදුනා. ඩග්ලස් බේරුනා.
මේක බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සමස්ථ අවධානය ම කුදිරාම් බෝස් වෙත එල්ල කළ උණුසුම් පුවතක් උනා. කුදිරාම්ට සිද්ධ උනා දවල් කාලයේ කොහේ හෝ හැංඟෙන්න. මුලු රාත්‍රිය පුරා ම තැනින් තැනට සංචාරය කරමින් ජීවිතය බේරාගන්න. එක්තරා අලුයම් කාලයකදී කුදිරාම් රෑ තිස්සේ ඇවිදපු මහන්සියට දුම්රිය ස්ථානයක ඉඳගෙන ගිමන් හැරියා. පොලිස් නිලධාරීන් දුටු සැණින් ඔහුව හඳුනාගත්තා. කුදිරාම් බෝස් අත් අඩංගුවට පත්වුනා. කුදිරාම් එක්ක මේ ප්‍රහාරයට එකතු වූ අනෙක් සගයා එදා ම කල්කටාවේදී පොලිසියට අහු උනා. හැබැයි එයාව නම් එතැන ම වෙඩි තියලා මරා දැම්මා.
කුදිරාම්ව අත් අඩංගුවට ගත් පුවතට මුලු නගරය ම කැළඹුනා. මිනිස්සු පොලිසි වැටලුවා. කුදිරාම් ඒ වෙද්දි ඉන්දීය නිදහස් සටනේ අති ජනප්‍රිය පුංචි කොල්ලෙක්. මේ නිදහස දිනාගන්න නම් ආයුධ අරන් සටන් කරන්න ඕන කියපු කඳවුරේ මිනිස්සු කුදිරාම්ට සැළකුවේ පරිනත නායකයෙක් ගානට. මොකද ඉන්දියානුවො බ්‍රිතාන්‍ය පාලකයින් යටතේ ඒ තරම් දුක් වින්ඳා.
කුදිරාම්ට විරුද්ධ ව නඩු දැම්මා. ක්ෂණික ව ම නඩුව කැඳෙව්වා. කුදිරාම් දැනන් හිටියෙ නෑ යාලුවා මැරුණු බව. කුදිරාම් පාපොච්චාරණය කෙරුවා තමන් තනියම ගිහින් බෝම්බය දමා ගැසූ බව. හැබැයි උසාවියේදි කුදිරාම්ට යාලුවගේ දේහය ගෙනැත් පෙන්නුවා. කුදිරාම් නිහඬ උනා. බෝම්බය ගැන ඉන්පසු කිසි වචනයක් උසාවිය තුළ කුදිරාම්ගෙ කටින් පිටවුනේ නෑ.
කුදිරාම් වෙනුවෙන් පෙනී සිටීමට නිදහස් සටනේ හිටපු නීතීඥයින් පොරකෑවා. ඔවුන්ගෙ තර්කය උනේ කුදිරාම් ඉතා ලාබාල හින්දා නිදහස් කරන්න කියන එක. 1908 ජූනි 13 කුදිරාම් බෝස්ට අධිරාජ්‍ය අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කෙරුවා.
මරණ දණ්ඩනය ගැන වගන්තිය නඩුකාරයා විසින් කුදිරාම්ට පැහැදිලිව කියෙව්වා. තේරුණාද ඇහුවා. ඔව් මට තේරුණා. කුදිරාම් කිව්වා. මට ඔයාට බෝම්බ හදන්නෙ කොහොමද කියලා කියාදෙන්නත් තේරෙනවා. කුදිරාම් මරණ දණ්ඩනය ලැබීමෙන් පස්සෙ නඩුකාරයාට කිව්වා.
අගෝස්තු 11 වැනිදා ඉන්දියාවේ පුවත්පත් සැරසුනේ කුදිරාම් ගැන ලියැවුනු ලොකු අකුරුවලින්. කුදිරාම් බෝස් යනුවෙන් ලියූ දෝති (ඇඳුමක්) වලින් 11 වැනිදා ඉන්දියානුවො සැරසුනා. වැඩියෙන් ම මේ වැඩේට එකතු උනේ කුදිරාම්ගෙ සමවයස්වල හිටපු පාසැල් ළමයි. කුදිරාම් ඉන්දීය නිදහස නොදැක ම පෝරකයට ගියා.
අදත් බෙංගාලයේ කුදිරාම් බෝස් නමින් පාසැල්, රෝහල්, දුම්රිය ස්ථාන නම්වෙලා තියෙයි. චිත්‍රපට පවා නිර්මාණය උනා.
බ්‍රිතාන්‍ය යුගයේදී මරණ දණ්ඩනය හිමි වූ බෙංගාල වීරයින් අතර කුදිරාම් බෝස් ප්‍රමුඛයෙක්. යෞවනයෙකුගේ කෙටි ජීවිත කාලය තුළ පවා නිදහස ගැන අමරණීය හැඟීම් ඇවිලී යා හැකි බව ඉන්දියාවට මතක් කර දුන්නෙ කුදිරාම් බෝස්. ඔහුගෙ හිතේ ඇවිලුනු මේ නිදහස් ගිනි පුළිඟුව තමයි, අගෝස්තු 11 වැනිදා පෝරකයට යන අතරමඟ මල් අරන් හිටපු මිනිස්සුන්ට ඔහු බෝ කෙරුවෙ.
අදට කුදිරාම් බෝස් ඒ ගමන ගිහින් අවුරුදු 117 ක් !.

A day in the life

2025-08-22

ෆිදෙල් කස්ත්‍රෝ




මෙයට අවුරුදු 99 කට පෙර කියුබාවේ බිරාන්හිදී 1926 ජුලි 13 වැනිදා උපත ලැබූ (13/08/1926-25/11/2016) ෆිදෙල් කස්ත්‍රෝ 1959 විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් පසුව 2008 දී නායක ධුරයෙන් විශ්‍රාම ගන්නා තුරු කියුබාවේ අසහාය නායකයා වශයෙන් සේවය කළේය.ඔහුගේ ගේ නායකත්වයට අභියෝගයක් නොපැවතුනි.එනමුත් සී අයි ඒ සංවිධානය ඔහු ඝාතනය කිරීමට නොයෙක් ක්‍රම මගින් 8 වතාවක සිට 600 වතාවක් උත්සාහ කල බව ප්‍රකට කරුණකි.පසු ගිය සිය සියවසේ මැදභාගයේ අවසානයේ සිට මේ සියවසේ දශකයටත් වැඩි කාලයක් ඔහු මිය යනතෙක් රතු ධජය ඉහලින්ම ඔසවා ගෙන සිටි විප්ලවාදී නායකයා ඔහු වීම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ උදහසට පාත්‍ර විය.ඔහු නමින් කිසිම ගොඩ නැගිල්ලක් හෝ ස්මාරකයක් නම් නොකරන ලෙස මරණයට පෙර ඉල්ලා සිටීමට තරම් කස්ත්‍රෝ නිහතමානී විය. 

මේ  කෙටි සටහන ලියන්නේ ඔහුට පවතින ඉමහත් ගෞරවය සහ ගැඹුරු සහෝදරත්වය පෙර දැරි කරගෙනය.කස්ත්‍රෝ ගැන ලිවිම පවා අද විප්ලවාදී ක්‍රියාවක් වන්නේ ඔහු මියයන තෙක්ම සමාජ විප්ලවයේ ජීවමාන ආදර්ශය වශයෙන් පැවතී නිසාය. ඔහු ජයග්‍රහණය කල කියුබාව අද එහි ජීවමාන ආදර්ශය වශයෙන් පවතී.කියුබානු විප්ලවයේ ජයග්‍රහණය යනු ෆිදෙල් කස්ත්‍රෝ ට මෙන්ම ඔහු නායකත්වය දුන් ගරිල්ලා ව්‍යාපාරයටද ලතින් ඇමරිකාවේ අධිරාජ්‍ය විරෝධී ගිනිසිළුවේ ආලෝකය කියුබාව මත පතිත වී ඇති බව වටහැ ගැනීම සහ එවකට කියුබාව තුල පැවැති ආඥාදායක දේශපාලන තත්වයේ අභියෝගයන්ට මුහුණදීමේ හැකියාව පැවති බව තේරුම් ගැනීමට පුළුවන් වූ සංසිද්ධියක් වෙයි. 

ෆිදෙල් කස්ත්‍රෝ යුග පුරුෂයෙක් වශයෙන් පැන නැංගේ මේ අභියෝගයට නිර්භීතව සහ අධිෂ්ටාන සහගතව මුහුණ දීමේ ධෛර්ය ප්‍රගුණ කල නිසාවෙනි.මේ ධෛර්ය සම්පන්න බව හේතු කිහිපයක් නිසා අපට දැක ගත හැකිය. කියුබාව තුල විප්ලවයකින් බලය අල්ලා ගැනීමේ වාස්තවික සහ විෂයමුලික තත්වයන් ගොඩ නැගෙමින් තුබුනද සංශෝධනවාදයට පීලි පැන තිබුන මොස්කව් වලට සම්බන්ධ කියුබානු සමාජවාදී පක්ෂය එම තත්වය ග්‍රහණය කොට නොතිබුණි. 

කස්ත්‍රෝ පළමුවෙන්ම මොන්කදෝ බැරක්කයට කල පහර දීම සන්නද්ධ ක්‍රියාවක් වශයෙන් අසාර්ථක වී සහ පරාජය වී හිරබත් කෑ නමුදු බැටිස්ටා පරාජය කිරීමේ උත්සාහය අත හැරියේ නැත. එම පරාජයෙන් පසුව ගොඩ නැගු ජුලි 26 දා ව්‍යාපාරය සන්නද්ධ විප්ලවයේ අඛන්ඩතාවය ආරක්ෂා කිරීම පිණිස රටින් පිටව මෙක්ෂිකොවට ගොස් ඊ ළඟ ප්‍රහාරය සුදානම් කරනු ලැබීය.
1956 නොවැම්බර් 25 සහ දෙසැම්බර් 2 දා අතර ග්‍රන්මාව කියුබානු වෙරළට ළඟ වූ පසු සහෝදරයන් බොහෝ දෙනෙක් බැටිස්ටා හමුදාව විසින් විනාශ කරනු ලැබූවද කස්ත්‍රෝ සිය උත්සාහය අත හැරියේ නැත. කස්ත්‍රෝ සිය නායකත්වය විප්ලවයේ ජයග්‍රහණය වෙනුවෙන් අත නොහැර ගෙන යාමට ඔහු වටා සිටි නායකයන් අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලැබිණ.
චේ ගුවේරා,කැමිලෝ සෙන්ෆියුගොස්,රාවුල් කස්ත්‍රෝ මේ සම්බන්ධයෙන් අමරණිය වූ කාර්යභාරයක් ඉටු කරමින් විප්ලවයේ ජයග්‍රහණය ඉදිරියට ගෙනයාමට කස්ත්‍රෝ සමග අයෝමය සමගියක් සහිතව ඒකරාශි වුහ.ෆිදෙල් ට පමණක් දෙවැනි වූ වාමාංශික පවුලකින් විප්ලවීය දේශපාලනයට පැමිණි කැමිලෝ 1959 ඔක්තෝබර් මස ගුවන් අනතුරකින් මිය ගිය බව එවකට ළදරු විප්ලවාදී ආණ්ඩුව සහතික කරනු ලැබිණ. කැමිලෝ මෙන්ම අනික් නායකයන් නොමැතිව විප්ලවය ජග්‍රහණය කිරීමට කස්ත්‍රෝ ට නොහැකි වීමට ඉඩ තිබුණි. 
කස්ත්‍රෝගේ ධෛර්යේ අනෙක් කරණය වන්නේ ඇමරිකානු එක්සත් ජනපදය අභියස විප්ලවයේ ජයග්‍රහණය අඩාල වීමට කිසි සේත්ම ඉඩ නොදීමයි.
විප්ලවයේ ජයග්‍රහණය 1959 සිට අද දක්වා ආරක්ෂා කර ගැනීමට කස්ත්‍රෝ විසින් පෙන්වූ ප්‍රඥාව කියුබානු වර්තමාන නායකත්වය විසින් අදත් අයෝමය සංයමයකින් යුක්තව ප්‍රගුණ කරනු ලබයි. 
මොන්කාදෝ ප්‍රහාරය ආරක්ෂා කරමින් උසාවිය හමුවේ කස්ත්‍රෝ 'ඉතිහාසය විසින් තමන් නිදොස් කරනු ඇතැ'යි කල ප්‍රකාශය කියුබානු විප්ලවයේ ආර්ථික සමාජයීය දේශපාලනමය සහ සංස්කෘතික ජයග්‍රහණයන් පරිපුර්ණ ලෙස ලබා ගත් යුගය එළඹෙන තෙක් කියුබානු ජනතාව තම ආදරණිය නායකයාගේ උපත විප්ලවාදී කියුබාවේ උපත ලෙස අනුස්මරණය කරනු ඇත. 

අපේ ගැටවර වයසේ අපට යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් නැගී සිටීමට ඉමහත් ආස්වාදයක් ගෙනදුන් ෆිදෙල්ට  අපේ නොකැළැල් ප්‍රණාමය පුද කරමු.


Kushan Chalitha සමග Dayapala Thiranagama

A day in the life

2025-08-21

දුවන බල්ලෝ...





ඇයි මේ බල්ලෝ දුවන කාර් එකක්, බයිසිකලයක් දැක්ක ගමන් පිස්සුවෙන් වගේ පස්සෙන් පනින්නේ?
( මම නම් ඒ වෙලාවට කරන්නේ වාහනේ, බයිසිකලේ නවත්තලා අහනවා ඇයි මොකද ප්‍රශ්නයක්ද කියලා, එතකොට කට්ටිය නොදැක්ක වගේ ආපහු හැරිලා යනවා)
1. මොළේ ක්‍රියාකරන විදිය (Neuroscience behind it):
ඇහැට අහුවෙන චලනය: බල්ලන්ගේ ඇස් හරිම සංවේදියි, විශේෂයෙන්ම චලනය වන දේවල් වලට. පොඩි හෙලවීමක් උනත් එයාලට ඉක්මනට අහුවෙනවා. වේගෙන් යන දෙයක් දැක්කම, එයාලගේ ඇහැ ඒක ප්‍රබල දෘශ්‍ය උත්තේජනයක් (visual stimulus) විදියට 'ටක්' ගාල අල්ලගන්නවා.
මොළේට යන ස්නායු සංඥා: අර චලනය ඇහැට අහු උන ගමන්, එයාලගේ මොළේට ස්නායු සංඥා (nerve signals) යනවා, "අන්න මොකක්දෝ යනවා!" කියලා. ඊටපස්සේ මොළේ තමයි (විශේෂයෙන්ම චාලක පාලනයට සම්බන්ධ කොටස්) තීරණය කරන්නේ "හරි, දැන් ඕක පස්සේ පන්නමු!" කියලා. ( පූසෙක් දැක්කත් බල්ලන්ට ඉන්න බෑ, මොකද පූස දුවනවනේ)
දුවනකොට එන 'ආතල්' එකේ විද්‍යාව: 
වැදගත්ම දේ තමයි, ඔහොම දුවනකොට එයාලගේ මොළේ ඇතුළේ ඩොපමයින් (Dopamine) වගේ, එයාලට සතුටක්, 'ආතල්' එකක් දැනෙන රසායනික ද්‍රව්‍ය (මේවට කියන්නේ ස්නායු සම්ප්‍රේෂක - neurotransmitters) නිපදවෙනවා. මේක මොළේ තියෙන එයාලගේ ත්‍යාග පද්ධතිය (reward system) එක සක්‍රීය කරනවා. ඒක නිසා තමයි එයාලට ඒක ආයෙ ආයෙත් කරන්න හිතෙන්නේ, හරියට අපි කැමති දෙයක් කළාම ආයෙත් කරන්න හිතෙනවා වගේ.
සමහරවිට බයට දක්වන ප්‍රතිචාරය: 
වෙලාවකට, ලොකු සද්දයක් දාගෙන එන වාහනයක් දැක්කම එයාලට බයක් දැනෙන්නත් පුළුවන්. ඒ වෙලාවට ඇඩ්‍රිනලින් (Adrenaline) වගේ හෝමෝන ඇඟේ ක්‍රියාත්මක වෙලා, 'සටන් කරන්න හෝ පැනලා දුවන්න' කියන සටන්-හෝ-පලායාමේ ප්‍රතිචාරය (fight-or-flight response) කියන තත්වෙට එයාලව පත් කරනවා. ඉතින් ඒ 'භයානක' දේ එලවලා දාන්න, ඒ කියන්නේ 'සටන්' කරන්න වගේ, එයාලා පස්සෙන් දුවනවා.

2. ඇඟේම එන උරුමය (ජාන වලින් එන දේවල් - Genetic Predisposition):

පරම්පරාවෙන් එන දඩයක්කාරකම: මේක තමයි ලොකුම හේතුව. බල්ලෝ කියන්නේ ඉස්සර කැලේ දඩයම් කරපු සත්තු ජාතියකින් (වෘකයෝ වගේ) පැවතගෙන එන නිසා, ඒ දඩයම් කරන සහජ දඩයම් ආශාව (innate prey drive) කියන ගතිය එයාලගේ ප්‍රවේණික උරුමයේ (genetic inheritance), ඒ කියන්නේ DNA වලම, තියෙනවා. දුවන දෙයක් දැක්කම එයාලට ඉබේටම වගේ හිතෙන්නේ ඒක දඩයමක් කියලා.
සමහර බල්ලෝ මේකට විශේෂයි: 
ඔයා දැකල ඇතිනේ, සමහර බල්ලෝ අනිත් අයට වඩා දුවන දේවල් පස්සේ පන්නන්න දක්ෂයි. ඒ මොකද, මිනිස්සු සමහර බල්ලන්ව (උදා: ගොපල්ලෝ පාවිච්චි කරන බල්ලෝ - Herding dogs, දඩයම් බල්ලෝ - Hunting dogs) අවුරුදු ගාණක් තිස්සේ වරණීය අභිජනනය (selective breeding) කරලා, ඒ කියන්නේ එයාලට ඕන විදියේ වර්ග-විශේෂිත ලක්ෂණ (breed-specific traits) ඇතිවෙන විදියට බෝ කරලම තියෙන්නේ එහෙම වැඩ වලට. ඉතින් එයාලගේ ඇඟේ ඒ හැකියාව ජාන වලින්ම තවත් වැඩියි.

3. ඉබේටම වෙන දේවල් (Reflexes and Fixed Action Patterns):

දැක්ක ගමන් හිත යොමු වෙන එක: 
දුවන දෙයක් දැක්ක ගමන්, වෙන කිසි දෙයක් හිතන්න කලින්, බල්ලාගේ අවධානය ඒ පැත්තට යන එකට කියන්නේ දිශානති ප්‍රතිචාරය (orienting reflex) කියලා. ඒක ස්වයංක්‍රීයව, ඉබේටම වෙන දෙයක්.
හිතන්න කලින් ක්‍රියාත්මක වෙන එක: 
ඊටපස්සේ, "අයියෝ, මේක පස්සේ පැන්නුවොත් හොඳද? නරකද?" කියලා ලොකුවට හිත හිත ඉන්න වෙලාවක් නැතුව, දුවන දෙයක් දැක්ක ඒ සංඥා උත්තේජනයට (sign stimulus), එයාලගේ ඇඟ ඉබේටම වගේ 'පන්නන්න' කියලා අණ දෙනවා. මේ වගේ ඉබේටම සිද්ධවෙන, හිතන්න කලින් ක්‍රියාත්මක වෙන චර්යා රටා වලට ස්ථාවර ක්‍රියා රටා (Fixed Action Patterns - FAPs) කියලත් විද්‍යාත්මකව කියනවා. ඒක හරියට, අපේ අතට රස්නෙ දෙයක් වැදුන ගමන් අපි අත පස්සට ගන්නවා වගේ, ලොකුවට හිතන්න දෙයක් නෑ, ඉබේටම වෙනවා.

සරලවම කිව්වොත්, බල්ලෝ දුවන දේවල් පස්සේ පන්නන්නේ එයාලගේ ඇස්වලට චලනය කියන දෘශ්‍ය උත්තේජනය ඉක්මනට අහුවෙන නිසා, එහෙම පන්නනකොට මොළේ ඩොපමයින් වගේ දේවල් නිසා එයාලට සතුටක් දැනෙන නිසා (ඒ කියන්නේ ත්‍යාග පද්ධතිය ක්‍රියාත්මක වෙන නිසා), එයාලගේ ප්‍රවේණියෙන් එන සහජ දඩයම් ආශාව නිසා, සහ ඒක එයාලට ස්ථාවර ක්‍රියා රටාවක් විදියට ඉබේටම වගේ කරන්න හිතෙන දෙයක් නිසා.
මීට පස්සේ බල්ලෙක් එලෙව්වොත්, බය වෙලා කඩාගෙන බිඳගෙන යන්න එපා, විශේෂයෙන්ම බයික් වල යනකොට.
නවත්තල අහන්න ඇයි කියලා ?.

Dr. Priya
Copied

A day in the life

2025-08-20

Omega 3 වියපත් වීම පාලනය කරයි.



මිනිසාගේ නිරෝගීභාවය වෙනුවෙන් සහ යහපැවැත්ම වෙනුවෙන් සමබල ආහාර වේලක් පවත්වාගත යුතු වැදගත් සාධකයක්. ඒ අතරින් අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඔමේගා (Omega) 3 මේද අම්ල ගැන ගොඩක් අය කතා බහ වෙන කරුණක්.
මත්ස්‍යයන් තුළින් මේ ඔමේගා 3 ශරීරයට පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අත්‍යවශ්‍ය වන මේද අම්ලයක් වන මෙම ඔමේගා 3 පෝෂණය අපේ ශරීරයෙන් නිෂ්පාදනය නොකිරීම නිසා ශරීරයට ආහාරවලින් ලබා ගත යුතු වෙනවා.
කෙසේ වෙතත් ප්‍රමාණවත් තරම් ඔමේගා 3 ආහාරවේලකින් ලබා ගන්න ටිකක් අපහසු කාරණාවක් නමුත් අපිට අතිරේකයක් වශයෙන් ශරීරයට එකතු කරගන්න හැකියාව තිබෙනවා.
ෆිෂ් ඔයිල් (fish oil) බොන්න හැම දේටම හොඳයි...
මේ වගේ බොහෝ කතා fish oil එක්ක කතා වෙනවා. ගොඩ දෙනෙක් විවිධ හේතුවලට මේවා ගන්නවා. ඉතින් අද fish oil වල මිත්ත්‍යාවන් සහ නිවැරැදි භාවිතය ගැන කතා කරමු.

ෆිෂ් ඔයිල් වල අහල ඇති ඔමෙගා 3 ෆැටි ඇසිඩ් සහ ඔමෙගා 6 කියලා තියනවා. මේකෙන් වඩාත්ම වැදගත් වෙන්නෙ ඔමෙගා 3.

ෆිෂ් ඔයිල් වලට කොලෙස්ටරෝල් අඩු වෙනවද? කියල ‌ගොඩක් අය අහන ප්‍රශ්නයක්. ෆිෂ් ඔයිල්වලට කොලෙස්ටරෝල් අඩුවෙන්නේ නැහැ. බොහොම සුළු ප්‍රමාණයකින් ශරීරයේ තිබෙන හොද කොලෙස්ටරෝල් ( HDL) වැඩි කරනවා.
ඇත්තටම වෙන්නෙ, අපේ රුධිරගත කොලෙස්ටරෝල් ඔක්සිකරණය වෙලා කොලෙස්ටරෝල් තැම්පත් වීමක් වෙනවා. මේක තමයි නරක. ඉතින් මේ ෆිෂ් ඔයිල් වලින් මේ තැම්පත් වීම නවත්වනවා. මේ නිසා හදවත් රෝග අවදානම අඩුකරනවා. ඔමේගා 3 මේද අම්ල මගින් ට්ර්යිග්ලිසරයිඩ් විශාල ප්‍රමාණයකින් අඩු කරන්නට දායක වෙනවා. ඒ වගේම අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන්ගේ රුධිර පීඩන මට්ටම අඩු කරන්නත් දායක වෙනවා. ඔමේගා 3 වලට හැකියාව තියෙනවා රුධිර පට්ටිකා එකට ගැටීම වළක්වා හානිදායක රුධිර කැටි ගැසීම් වලක්වා ගන්න. එසේම ශරීරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නටත් දායක වෙන ඔමේගා 3 අඩංගු මෝරතෙල් හදවතේ ගැටලු ඇති වීමේ අවදානම බොහෝදුරට අඩු කරනවා.
ඒ වගේම මෙම ඔමේගා 3 වලින් පිළිකා මර්දනය කරනවා. කාන්තාවන් භාවිතා කළ යුතු තෙල් වර්ගයක් විදියට මෝරතෙල් හඳුන්වන්නට හැකියාව තියනවා. මෝරතෙල් කාන්තාවන්ගේ වයස්ගත වීමත් එක්ක ඇතිවන අස්ථිවල ගැටලු සඳහා වගේම කාන්තාවන් බහුතරයකට ඇතිවන පියයුරු පිළිකා මර්දනය කිරීමේ හැකියාවකුත් මේ මෝර තෙල් සතු නිසා. මේ මගින් පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාවය අඩු කරන අතර පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීමත් වළක්වනවා. ඒ වගේම පියයුරු පිළිකා මර්දනය සඳහා දිගුකාලීන ප්‍රතිකර්මයක් ලෙසත් මෙය ඉතා වැදගත් වෙනවා.
ඔසප් වේදනාව අවම කිරීමත් ෆිෂ් ඔයිල් වල ඇති ඔමෙගා 3 මගින් සිදුවෙන බව වෛද්‍ය පර්‍යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඔසප් වීමේදි දරුණු වේදනාවන්ට ලබා දෙන ඖෂධ වලට වඩා ඔමෙගා 3 අතිරේකය වඩාත් ඵලදායි බවත් සොයාගෙන තියෙනවා.
අපි හැමෝම කැමති දෙයක් තමයි අපේ සම සුන්දරව නිරෝගී පැහැපත්කම රදවාගන යන්න. මේ ඔමේගා 3 පෝෂකයෙන් නිරෝගී සමක් ලබාදෙනවා. සමේ තෙතමනය ආරක්ෂා කිරීමට, සමේ කුරුලෑ, ලප කැළැල් ඇති වීම අඩුවීමටත් උදව් වෙන මේ ඔමේගා 3 භාවිතයෙන් අකලට වියපත් වීම වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා. වැඩිහිටි පුද්ගලයන්ගේ මතකය අඩුවීම අවම කර හොඳ මතක ශක්තියක් පවත්වා ගෙනයාමටත් උපකාරී වෙනවා.
අපි නිතරම මාලු ආහාරයට ගන්නවා, ඒක නිසා අපිට ෆිෂ් ඔයිල් ගන්න ඕනි නෑ නේද? කියල කවුරු හරි අහනවා නම් ඔබ දැන ගත යුතු කරුණක් තමයි ඔමේගා 3 අඩංගු වන්නේ කුඩා මත්සයන්ගේ බව. ඔබ විශාල මාලුවන් ආහාරයට ගන්නවා නම් ඔබට ඔමේගා 3 ලබා ගන්න හැකියාවක් නැහැ. මුහුදු පත්ලේ තිබෙන කුඩා පැළෑටි ආහාරයට ගන්නා මසුන්ගේ තමයි ඔමෙගා 3 බහුලව පවතින්නේ.
ඒ කොහොම වුණත් ෆිෂ් ඔයිල් අපේ ශරීරයට බෙහෙවින් හිතකර ප්‍රතිලාභ ලබාදුන්නත් එය නිසි මාත්‍රාවකින් වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත ලබා ගැනීමට කටයුතු කිරීම අනිවාර්යයි. ඒ වගේම ප්‍රමිතියෙන් යුතු fish oil ලබා ගැනීමට ඔබ විශේශයෙන්ම සැලකිලිමත් විය යුතු බව අපි ඔබට මතක් කරනවා

@highlightසුවපත් දිවියක් උදෙසා - මුණු පොතෙන්


A day in the life

2025-08-19

සංගීතවේදී වික්ටර් හාරා


"ඔහුගේ කටට වයර් ආධාරයෙන් විදුලි සැර යවනවා මම දුටුවා..." - සංගීතවේදී වික්ටර් හාරා මරාදමනු දුටු වෛද්‍යවරයෙකු ලියූ සංවේදී ලිපිය
වීදුලියට පිලිස්සීමෙන් සිරුරේ බොහෝ ස්ථාන අවපැහැ ගැන්වී තිබුණා...
ඒ දණ්ඩනයට ලක්වන්නේ මගේ මිතුරකු බව මා දුටුවා... 
 
ඔගස්ටෝ පිනෝචේ චිලී රටේ බලය අත්පත් කර ගත්තේ හමුදා කුමන්ත්‍රණයක් මාර්ගයෙනි. චිලී සමාජවාදී පක්ෂයේ නායක සැල්වදෝර් ඇලන්දේගේ රජය ඇමෙරිකන් මධ්‍යම ඔත්තු සේවාවේ සහාය ඇතිව පෙරළා දමනු ලැබුවේ 1973 සැප්තැම්බර් 11 මෙහෙයවූ හමුදා කුමන්ත්‍රණය මඟිනි. කුමන්ත්‍රණය මෙහෙයවන අවස්ථාවේ ඔගස්ටෝ පිනෝචේ ජනාධිපති ඇලන්දේගේ රජයේ හමුදාපති වූයේය. 
කුමන්ත්‍රණයට යටත් නොවූ ජනාධිපති ඇලන්දේ AK-47 රයිපලයකින් වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගත්තේය. 
 
ප්‍රතිවිප්ලවය විසින් චිලී රට වධකාගාරයක් බවට පරිවර්තනය කළේය. දහස් ගණන් ප්‍රගතිශීලී කලාකරුවන්, විද්වතුන් වධකාගාරවලදී මරුමුවට පත්වූහ. මිලිටරි ජුන්ටාව විසින් 1990 දක්වාම චිලී දේශය පාලනය කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය මුලිනුපුටා දැමීමෙනි' 
 
චිලී හමුදා කුමන්ත්‍රණයෙන් පසු මිලිටරි ජුන්ටාව විසින් වධ කඳවුරක සිරකර තබන ලද නමුත් දෛවයේ හාස්කමකින් දිවි ගලවා ගත් ඇලන්දේගේ හිතවතකු වූ ගේබි්‍රයෙල් එල්ඩෝරා නම් වෛද්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත යවනු ලැබූ ලිපියකින් කොටසක් මෙවර ඉදිරිපත් කරමු. 
 
ලේකම්,
මානව හිමිකම කොමිසම
එක්සත් ජාතීන්ගේ සංවිධානය
ජිනීවා, ස්විස්ටර්ලන්තය.
මුලදී මා රඳවාහුන් කුටියට ඉතා කුඩා සිදුරකින් හිරු රැස් දහරක් කාන්දු වූ නමුදු පසුව එයද වසා දැමීමට නියෝග කළේය. බීමට දුන් අපවිත්‍ර දිය බඳුන දුටු විට පිපාසය අතුරුදන් වෙයි. දෙදිනකට පසු ලබා දෙන කෑම වේල ඔක්කාරය දැනවීය. අපවිත්‍ර දෑ අනුභව කර රෝගී වනවාට වඩා නිරාහාරව කුසගින්නේ මිය යන්නෙමැයි මම තීරණය කළෙමි. තිත්ත කළුවරේ දවස ගෙවීම හිසරදයට හා ඇස් දැවිල්ලට හේතුවන බව මා දැනගත්තේ මේ අඳුරු කුටියේදීය.
සිහිය විකල්වන තරම් රෝගී තත්ත්වය උත්සන්න වූයෙන් මා වෛද්‍යවරයකු වෙත ගෙන යෑමට බන්ධනාගාර නිලධාරීහු කාරුණික වූහ. ඔවුන්ට ස්තුතිවන්ත වීමට නොහැකිවීම ගැන මම දුක්වෙමි. වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු මා තරමක් හොඳ ස්ථානයකට මාරු කළේය. මා වෛද්‍යවරයා වෙත යොමු කර සිටියදී බිඳ වැටුණු ජීවිතාශාව සහ ආත්ම ධෛර්යය නැවත ගොඩනඟා ගත හැකි අත්දැකීමකට මම මුහුණ දුන්නෙමි. මම එයින් තැතිගත් නමුත් විශ්වාස කළ නොහැකි තරම් භක්තියක් සහ චිත්ත ශක්තියක් මා තුළ වැඩෙන්නට විය.
මා සිටි ස්ථානයට නොදුරෙහිවූ සිර කුටියක බිම බාවන ලද පුද්ගලයකුගේ කටට වයර් ආධාරයෙන් විදුලි සැර යවනු මම දුටුවෙමි. විදුලියට පිලිස්සීමෙන් ඔහුගේ සිරුරේ බොහෝ ස්ථාන අව පැහැ ගැන්වී තිබිණි. ඔවුන් ඔහුට අතින් පයින්ද පහර එල්ල කළෝය. ඒ දණ්ඩනයට ලක්වන්නේ මගේ මිතුරකු බව මා දුටුවේ තරමක් වේලා ගතවීමෙන් පසුවය. ඔහු එකවර හඳුනාගත නොහැකි තරම් වෙනස්ව සිටියේ තළාපෙළා දැමීම නිසාය. හෙතෙම කොතෙක් තාඩන පීඩනවලට භාජන වුවද මහත් අභිමානයෙන් හා ධෛර්යයෙන් යුතුව නිශ්ශබ්දව ඉවසා සිටි අයුරු දැකීමෙන් මා තුළද ශක්තිය වැඩිණි. ඔහු අනෙකකු නොව මගේ පාසල් වියේ මිතුරකු වූද, චිලී ජනතාවගේ හද දිනූ සංගීතවේදියා වූ වික්ටර් හාරාය. ඔහුගේ අවසානය කුමක්දැයි මා නොදුටුවේ වෛද්‍යවරයා විසින් මා අපස්මාර රෝගියකු ලෙස එළිමහන් සිර කුටියකට යොමු කළ නිසාය.
ගේබ්‍රියෙල් එල්. ඩෝරා' 
 
සන්තියාගෝ චිලී ගුරුවරයකු, සංගීතඥයකු, නාට්‍යකරුවකු, විප්ලවවාදී කවියකු, ගීත රචකයකු මෙන්ම කොමියුනිස්ට් ක්‍රියාකාරියකුද වූ වික්ටර් හාරා දරුණු වධ බන්ධනයට ලක්කළ මිලිටරි ආණ්ඩුව වික්ටර් හාරාට වෙඩි තබා ඝාතනය කොට ඔහුගේ සිරුර සන්තියාගෝ නුවර පැල්පත් ප්‍රදේශයක වීථියක දමා තිබිණි. 
 
2016 ජුනි මාසයේ ෆ්ලොරීඩා ජූරි සභාවක් වික්ටර් හාරාගේ ඝාතනයට වගකිවයුතු චිලියේ හිටපු හමුදා නිලධාරි පෙද්‍රෝ බැරියන්ටෝස් සොයා ගන්නා ලදී. 2018 ජූලි මාසයේ චිලී විශ්‍රාමික හමුදා නිලධාරීන් 8 දෙනකුට විරුද්ධව නඩු පවරන ලදුව වික්ටර් හාරා ඝාතනය කිරීමේ වරදට ඔවුන්ට වසර 18ක සිරදඬුවම් නියම විය.

 

ශ්‍රීයානි අජන්තා විතාන
මව්බිම




face book -
Sanjaya Nilruwan Gunasekara


A day in the life

2025-08-18

සිලියාක් රෝගය Coeliac Disease.


සීලීයාක් රෝගය යනු ඔබ ග්ලූටන් අනුභව කරන විට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබේම පටක වලට පහර දෙන තත්වයකි.
මෙය ඔබේ බඩවැල් (කුඩා අන්ත්‍රය) වලට හානි කරන බැවින් ඔබේ ශරීරයට නිසි ලෙස පෝෂ්‍ය පදාර්ථ ලබා ගත නොහැක.
සීලීයාක් රෝගය පාචනය, උදර වේදනාව ඇතුළු රෝග ලක්ෂණ රාශියක් ඇති කළ හැකිය.
සීලීයාක් රෝගය ඇතිවන්නේ ධාන්‍ය වර්ග 3 ක දක්නට ලැබෙන ආහාර ප්‍රෝටීනයක් වන ග්ලූටන් වලට අහිතකර ප්‍රතික්‍රියාවක් මගිනි:
තිරිඟු
බාර්ලි
රයි

ග්ලූටන් එම ධාන්‍ය වර්ග අඩංගු ඕනෑම ආහාරයක දක්නට ලැබේ, ඒවා අතර:
පැස්ටා
කේක්
උදෑසන ආහාර ධාන්‍ය වර්ග
බොහෝ පාන් වර්ග
සමහර සෝස් වර්ග
ඊට අමතරව, බොහෝ බියර් බාර්ලි සමඟ සාදා ඇත.

සීලියාක් රෝගයේ රෝග ලක්ෂණ


ග්ලූටන් අඩංගු ආහාර ගැනීමෙන් බඩවැල් රෝග ලක්ෂණ රාශියක් ඇති විය හැක, එනම්:
විශේෂයෙන් අප්‍රසන්න ගඳක් ඇති විය හැකි පාචනය
බඩ කැක්කුම
බඩ පිම්බීම සහ වාතය පිටවීම (වාතය පිටවීම)
අජීර්ණය
මලබද්ධය
ආහාර වලින් ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ නොලැබීම නිසා ඇතිවන තෙහෙට්ටුව (තෙහෙට්ටුව)
නොදැනුවත්වම බර අඩු වීම
ගැබ් ගැනීමේ ගැටළු (වඳභාවය)
ස්නායු හානි (පර්යන්ත ස්නායු රෝග)
සම්බන්ධීකරණය, සමබරතාවය සහ කථනයට බලපාන ආබාධ

සෙලියාක් රෝගය හඳුනා ගන්නේ කෙසේද?


රුධිර පරීක්ෂණ: සෙලියාක් රෝගයෙන් පෙළෙන බොහෝ පුද්ගලයින් තුළ ඉහළ යන පටක ට්‍රාන්ස්ග්ලූටමිනේස් (tTG) ප්‍රතිදේහ වැනි නිශ්චිත ප්‍රතිදේහ සඳහා පරීක්ෂා කිරීම.
බයොප්සි සමඟ එන්ඩොස්කොපි පරීක්ෂාව: ලාක්ෂණික හානිය හඳුනා ගැනීමෙන් රෝග විනිශ්චය තහවුරු කිරීම සඳහා බඩවැල් ආස්තරයේ කුඩා සාම්පලයක් ගනු ලැබේ.

සීලියාක් රෝගයට ප්‍රතිකාර කිරීම

සිලියාක් රෝගයට ප්‍රතිකාරයක් නොමැත,
නමුත් ග්ලූටන්-නැති ආහාර වේලක් අනුගමනය කිරීම රෝග ලක්ෂණ පාලනය කිරීමට සහ තත්වයේ දිගුකාලීන සංකූලතා වළක්වා ගැනීමට උපකාරී වේ.
ඔබට සුලු රෝග ලක්ෂණ තිබුණත්, ග්ලූටන් අනුභව කිරීම දිගටම කරගෙන යාම බරපතල සංකූලතා ඇති කළ හැකි බැවින් ඔබේ ආහාර වේල වෙනස් කිරීම කල යුතුයි.

කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය
බන්දුල සත්කුමාර


A day in the life

2025-08-17

මීකිරි වලට වස මුසු ⁣වෙන හැටි


මීකිරි කියන්නේ එසේ මෙසේ රසයක්, ගුණයක් තියෙන කෑමක්ය කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එළකිරි වගේ දෙගුණයක් ප්රෝටීන්, මේදය, කනිජ ලවන වගේම විටමිනුත් යහමින් තියෙන බඩවැලට හිතකර බැක්ටීරියා (ප්රෝබයොටික්) වලින් හොඳටම පොහොසත් ආහාරයක් තමයි මීකිරි කියන්නේ. නැවුම් හට්ටියේ නියම ප්රමිතියට, පදමට නිෂ්පාදනය කරපු මීකිරි අනාදිමත් කාලයක ඉදල ලංකා⁣වේ බොහෙම ජනප්‍රිය කෑමක්. රුහුණේ මීකිරි කියන්නේ වෙනම වයිබ් එකක්.
ඒත් මීකිරි ගැන රහ නැති, ටිකක් අමුතු කතාවක් පර්යේෂණ අධ්‍යයන පත්රිකා, පලකෙරෙන රිසර්ච් ගේට් වෙබ් සඟරාවේ මෑතකදී පලවෙලා තිබුණා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ විද්‍යාථීන් කිහිප දෙනෙකු 2016 වර්ෂයේ කරල තියෙන මේ පර්යේෂණයෙන් හොයල බලල තියෙන්නේ , ලංකාවේ විවිධ පළාත්වල නිෂ්පාදනය කෙරෙන මීකිරිවල අඩංගු බැරලෝහ ප්රමාණයක් ගැන ය. මේ කාරණාව ගැන මෙයට පෙර කරපු අධ්‍යයනයන් ඉතාමත් හිඟ නිසා මේක ටිකක් වටිනවා.
සම්පූර්ණ අධ්‍යයන වාර්තාව මේ ලිංක් එකෙන් කියවන්න.
https://www.researchgate.net/.../350706907_Quantification...
මේ අධ්‍යයනයෙන් හෙළිවෙලා තියෙන කරුණුවලට අනුව ලංකාවේ සමහර පළාත්වල මීකිරි සාම්පල්වල ආසනික්, කැඩ්මියම්, ලෙඩ් වගේ බැර ලෝහ සැලකිය යුතු මට්ටමකික් හමු වෙලා තියෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්රමානය ඉක්මවා යන කැඩ්මියම් සාන්ද්‍රණයක් අනුරාධපුරේ පදවියේ මීකිරි සාම්පල්වලින් ලීටරයට මයික්රෝග්රෑම් 37.5ක ප්රමාණයක් හමු වෙලා තිබෙනවා . මේ ප්රමාණය අනුමත උපරිම ප්රමාණය වගේ දහ ගුණයක් විතර වෙනවා. (The World Health Organization (WHO) recommends a maximum of 0.003 mg/L (3 μg/L) of cadmium in drinking water.)
අවාසනාවක⁣ට, ලංකාවේ වකුගඩු රෝගීන් (CKDu) වැඩි පුරම හමු වෙන්නේත් පදවිය ශ්‍රී පුර වගේ ප්රදේශවලින්.
පරික්ෂා කළ මීකිරි සාම්පල් වලින් ආසනික් සහ ඊයම් අන්තර්ගතය වැඩිම මීකිරි හමුවෙලා තියෙන්නේ ඇඹිලිපිටිය ප්රදේශයෙන් ගත්තු සාම්පල වල. මේවායේ එකී බැර ලෝහ ප්රමාණයන් අනුමත ප්රමාණයන් ඉක්මවා වාර්තා වී නැතත් සැලකිය යුතු අවදානමක් පෙන්නුම් කරල තියෙනවා.
මීකිරිවලට බැරලෝහ ආවේ කොහොමද...?
මේකට ක්රම දෙකයි තියෙන්නේ. එකක් මී වැස්සියන් කන කෑම සහ බොන වතුර. අනික් ක්රමය තමයි කිරි ගබඩා කරල තියෙන ඇසුරුම්. මේ බැර ලෝහ වර්ග එකක්වත් ලංකාවේ පසේ සහ ජලයේ ස්වභාවිකව මෙතරම් සාන්ද්රණයක් සහිතව තියෙන එවුවා නෙවෙයි. ඒ අතින් අපි වාසනාවන්තයි. සමහර රටවල්වල ස්වභාවිකවම පස්වල සහ ජලයේ ආසනික් , කැඩ්මියම්, ඊයම් වගේ බැර ලෝහ ප්රමාණයන් වැඩියි. උදාහරණයක් ගත්තොත් බංග්ලාදේශයේ ලිං ජලයේ ආසනික් ප්රමාණය ලීටරයට මයික්‍රෝග්රෑම් 50 ද ඉක්මවා වාර්තා වෙනවා. මෙය ලෝක සෞඛ්‍ය සංවිදානය විසින් පානීය ජලයේ තියෙන්න පුළුවන් උපරිම ආසනික් ප්රමාණය වගේ පස් ගුණයක්.
ලංකාවේ එහෙම තත්වයක් නැති නිසා, වෙන්න පුළුවන් එක විදියක් තමයි කෘෂිකාර්මික කටයුතු වලට යොදන කෘෂි රසායනික ද්රව්‍ය වල අඩංගු බැර ලෝහ කාලයක් තිස්සේ එකතු වෙලා මේ හරකුන්ගේ ආහාර සහ බොන වතුර හරහා ශරීරගත වෙන එක. බැර ලෝහ යම් තරමකට එහෙමත් මීකිරිවලට යනවා ⁣වෙන්න පුළුවන්. හැබැයි මේ අධ්‍යයනයේදී කවුරුවත් එච්වර හිතන්නේ නැති පැතිකඩක් අනාවරණය වෙලා තියෙනවා. ඒක තමයි මේ අධ්‍යයනයට යොදා ගත්තු ප්ලාස්ටික් ඇසුරුම්වල ගබඩා කරල තිබිච්ච මීකිරවල බැර ලෝහ ප්රමාණය මැටි හට්ටිවල ගබඩා කරල තිබුණු කිරිවලට සාපේක්ෂව අඩු මට්ටමක තිබීමය. (ඒකෙන් අදහස් කරන්නේ නෑ ප්ලාස්ටික් ඇසුරුම් සෞඛ්‍යආරක්ෂිතයි කියල. මොකද ප්ලාස්ටික් ඇසුරුම්වලින් මයික්රොප්ලාස්ටික් සහ ප්ලාස්සයිසර්ස් ආහාරවලට කාන්ඳු වෙන්න පුළුවන්.)


එහෙම වෙන්නේ කොහොමද..
මැටි කියන්නේ ඛණිජ ලවන සහ බැරලෝහ අවශෝෂණය කරගෙන ගබඩා කරගන්නා මාධ්‍යයක්. දීර්ඝ කාලයක් තිස්සේ පසට එකතුවෙන වස විස මැටිවල ගබඩා කරගෙන තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ මැටිවලින් හදන කිරි හට්ටි, වලං, මුට්ටිවල ගබඩා කෙරෙන ආහාර සහ ජලයට ඒ වස විස රිලීස් කරනවා. හරි සරලයි.

මේ අධ්‍යයනය කරල තියෙන්නේ 2016 අවුරුද්දේ. මේ අධ්‍යයනය මත විතරක් පදනම් වෙලා නිගමනවලට එළැඹෙන එක විද්‍යාත්මක නෑ. හැබැයි, දැන් තත්වය සහ එම ප්රදේශවල ස්වභාවික කුඹුරු මැටිවල අන්තර්ගත බැර ලෝහ ප්රමාණයන් පිළිබඳව සහ කන බොන කෑමවල වස විස ගැන පුළුල් අධ්‍යයන සහ ආවේක්ෂණ ක්රම විධිමත් සහ ශක්තිමත් කිරීම පිලිබඳවත් විශේෂයෙන් කෘෂිකාර්මික යෙදවුම්වල තත්වය හා ප්‍රමිතිය ගැන වැඩි වැඩියෙන් සොයා බැලීමේ වැදගත්කම ගැනත් යම් රතු එළියක් මේ අධ්‍යයනය මගින් පෙන්නුම් කර තිබෙන බවනම් අවශ්‍යයෙන්ම කිව යුතුව තිබෙනවා.

- ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක .
දෙහිවල ගල්කිස්ස මහානගර සභාව .












A day in the life

2025-08-16

නවාතැන් කාරයා.



"දැන් ඉතින් මං වයසයි. ලෝකෙ තිබ්බ ඔක්කොම වැඩ ඉවර කළාට පස්සෙ මගේ වැඩක් කියලා දෙයක් කරගන්න තරම් ශක්තියක් මට ඉතිරි වෙලා නෑනෙ. කොටින්ම, හිටපු ගේ ලොකු වැඩි නිසා ඒක විකුනලා පොඩි එහෙකට ඇවිල්ලත් දැන් කලක් වෙනවා. දැන් දැන් මේකත් සුද්ධ පවිත්‍ර කර ගන්න එක මහමෙරක් වගේ, අමාරුයි. කවුද දැන් මගෙ වැඩ කරලා දෙන්න ඉන්නෙ ? 

"ඇයි, මගෙ ළමයි?"
"එයාලට කොයි තරම් වැඩද? එයාලගෙ ළමයි, එයාලගෙ රස්සාවල්, එයාලගෙ ගෙවල් දොරවල් නඩත්තු, අපොයි අම්මේ, මං එදා කරපු යුද්දෙ අද කරන්නෙ එයාලා" 
හොඳටම හිතන කොට මට ඉතිරි වෙන්නෙ කොහේ හරි තියෙන නර්සින් හෝම් එකක් තමයි. බලපු ඒවායින් හිතට අල්ලපු තැන නම් හරිම පිළිවෙළයි, නිස්කලංකයි. තනි කාමරේ පුංචි පුංචි උපකරණ ටිකක් එක්ක මටම අයිති වෙච්චි තනි ඇඳක්. එයාලගෙ කෑම බීම රටාවත් මගෙ වයසටම ගැළපෙන්න රස ගුණ පිරිලා.
ඒත්....
හොඳ වැඩි වෙන්න වැඩි වෙන්න ගාණත් වැඩි වෙන එක අහන්නත් දෙයක්ද? අවුරුද්දෙන් අවුරුද්ද ගාස්තු වැඩි නොවී තියේවි, කියලා කාට නම් කිව හැකිද ?
මුළු පැන්ෂන් එකම වියදම් කළොත් යාන්තමින් පිරිමහ ගත්තැකි. දැනට ඉන්න ගේ-දොර විකුණුවොත් නම් ඒකත් ඒ හැටි ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.
දරුවො මගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙම නෑනෙ, ඒ අය පූර්ණව ස්වාධීන වෙලා ඒ ඒ අයගේ සහකාර - සහකාරියන් එක්ක. අද කාලෙ අහන්න ලැබෙන දේවල් එක්ක බලද්දී නම් මගෙ දරුවො වාසනාවන්.
ඒත්....
දැන් ඉතින් මේ හැම දේම අතෑරලා යන්න ඕන.
උදෙන්ම ගේ අස්පස් කරන්න ගත්තා. බලපු බලපු හැම තැනම මගෙ අතීතෙ නටඹුන්.
බෑග්, පෙට්ටි, පින්තූර, මතක සටහන්, ඇඳුම්, ඇඳ ඇතිරිලි, තෑගි බෝග..... කොයි තරම් නම් කියලද? කුස්සිය පුරාම රිදී යකඩ නන්ස්ටික් භාජන, චීන පිඟන්, හට්ටි මුට්ටි, වළං, හාල් පෙට්ටි, කුළුබඩු. ඇඳුම් කබඩ් පුරාම වෛවාරණ්න සාරි, මාල, කෝට්, කළිසම්, ටයි, යට ඇඳුම්,
පුස්තකාලෙ පිරෙන්න පොත් පත්, ඒවායින් කීයක් කියෙව්වද කියලාවත් මතකයක්වත් නැති ගානයි, මේ වෙද්දී.... බිත්ති පුරා ෆොටෝ සිය ගාණක්.
මේ කිසිම දෙයක් පිළිගන්න නර්සින් හෝම් එකේ පුංචි කාමරේ කොහෙත්ම ලෑස්ති වෙන එකක් නෑ.
අපි හදාපු තට්ටු ගෙවල්, මං හිටවපු මල් පඳුරු මට නොතේරෙන කතාවක් කියනවා, හරියට සරදමක් කරන්නා වගේ.....
මේ ජීවිත කාලෙ පුරාවට මං දහදිය හෙළපු කිසිම දෙයක් අද මට ගෙනියන්න බෑ.
පණ තියෙනකම් මට අර පුංචි ඇඳයි, එක ඇඳුමකුයි, පිඟානයි, කෝප්පෙයි අයිති වේවි.
ඉතින් ඊට පස්සෙ?
නෑ නෑ කවදත් මට හැබෑවට අයිති වෙලා තිබ්බෙ ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මම පාවිච්චි කලේත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මට වුවමනා වුනෙත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. ගෙදර ඇඳන් දාහක් තිබ්බත් මං නිදා ගත්තෙ එක ඇඳක විතරයි. ඇඳුම් දාහක් තිබ්බත් මං එක වෙලාවක ඇන්දෙ එකම එක සරළ ඇඳුමයි. තේ කෝප්ප සිය දහස් ගණනක් තිබ්බත් මට එක වෙලාවක බොන්න පුළුවන් වුනේ එකම එක කෝප්පෙක විතරයි. කොයිතරම් රස මසවුළු තිබ්බත් මං කෑවෙ බඩ පිරෙන පොඩි කොටසක් විතරයි.
ඉතුරු හැම අතිරික්තයම වෙනුවෙන් මං මහන්සි වුණා විතරමයි.. හෙම්බත් වුණා විතරමයි.. කාලේ කෑවා විතරමයි.. සිද්ධ වෙලා තියෙන්නේ, එදා මට ඒක නොතේරුණ එක විතරයි..
අද මං අවදි වෙලා...!!!
මේ තාවකාලික නවාතැන අපිට පාවිච්චි කරන්න ගොඩක් දේ දුන්නට අපිටම කියල අයිති කරගන්න කිසි දෙයක් දෙන්නෙ නෑ. අපි ඒ ඒ දේවල් තාවකාලිකව බාවිතා කරන්නෝ, පාවිච්චි කරන්නෝ විතරයි.....
ඉතින් ඇයි අපි මේ තරම් වද වෙන්නෙ ? මේ දේ තේරුම් ගන්න මෙච්චර වයසට යනකන් ඉන්න වුනේ ඇයි... ? මේ දේ තේරුම් ගන්න ඇඟේ හයිය හත්තිය ඉවර වෙනකං ඉන්න වුනේ ඇයි... ?
ඔයාලට මේ කියන්නේ .....
ජීවිතේ විඳින්න පරක්කු වෙන්න එපා. අයිතියක් නොකියා මේ සියල්ලට නොකඩා නොබිඳ මේ සියල්ල පාවිච්චි කොට ස්තුතියි කියා නික්ම යන්න ලැහැස්ති පිට ඉන්න.
හද පුරා ආදරෙන් ඔබ වටා ඇති ජීවී - අජීවී සියල්ලට සළකන්න. ගෞරවය දක්වන්න:
ඔබත් මමත් ඇත්තටම මේ නවාතැන් පොළේ තාවකාලික නවාතැන්කරුවෝ විතරමයි.
උපුටා ගැනීමකි....Nanda Thushara Kumara Weralavithana මුණු පොතට


A day in the life