බේකර්ස් බෙන්ඩ් - බෙලිහුල්ඔය

නොන්පෙරියල්

හුණු ගල් පොකුණ - කල්තොට

හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ. පාෂාණ නිර්මාණය වන ආකාරය අනුව එහි වර්ග ත්‍රිත්වයකි. එනම් ආග්නේය පාෂාණ (Igneous Rocks), අවසාධිත පාෂාණ (Sendimentary Rocks) සහ විපරීත පාෂාණ (Metamorphic Rocks) වේ.


බේකර්ස් බෙන්ඩ්

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.








බේකර්ස් බෙන්ඩ්

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.



යාපහුව

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2025-07-27

ඉතිහාසය සහ අධ්‍යාපන අමාත්‍යංශය - 2


ඉතිහාසයේ පටලැවිල්ල..
අනිවාර්යද..? නැද්ද..?
අගමැතිතුමිය කියන්නේ අනිවාර්ය විෂයයන් පහක් තිබෙන බවත් ,
ඒ හැර විෂයන් දෙකක් ලිස්ට් දෙකකින් තෝරා ගැනීමට හැකි බවත්..
ඒ තෝරා ගන්නා ලිස්ට් දෙකේ සෞන්දර්ය සහ ඉතිහාසයේ තිබෙන බවත්..
අපි කියන්නෙත් ඒකම තමයි..
අපි වැඩේ වැරදියි කිව්වේ ඒක නොතේරිලා නෙවෙයි...
අනිවාර්ය විෂයයන්ගෙන් ඉතිහාසය ඉවත් කරහම,
ඉතිහාසය විෂය සාමාන්‍යයෙන් ළමයින්ට වෙහෙස අරන් පාඩම් කරන්න ඕන විෂයක් නිසා, බොහෝ දරුවන් එය තෝරා නොගැනීමට ඉඩ තිබෙනවා..
එවිට බහුතරයක් දරුවන් ඉතිහාසය විෂය හැදෑරීමෙන් ඉවත් වෙනවා..
"ඔන්න අපි ළමයින්ට තෝරගන්න දීලා තියෙනවා.. ළමයි තෝරගත්තෙ නෑ ..
ඒකට අපට කරන්න දෙයක් නෑ"
කියලා ඇඟ බේරගන්න එක රටේ පාලකයන්ගේ සිරිතක් නොවිය යුතුයි..
පාලකයන් ඉන්නේ ළමයින්ට හරි මග යන්න පුළුවන් වැඩපිළිවෙළවල්,
තීරණය කරලා ඒවා සංවිධානය කරලා ක්‍රියාත්මක කරන්න මිසක්,
ළමයින්ට ඕන දේ කරන්න නම් අධ්‍යාපන අමාත්‍යංශ ,විෂය මාලා සංවර්ධන ය ආයතන, අවශ්‍ය වෙන්නේ නෑනේ...
ඉතිහාසය යන විෂය අනිවාර්ය කළ යුත්තේ රටක් හා ඒ රටේ පුරවැසියන්ගේ බැඳීම පිළිබඳ එය ප්‍රධාන සාධකයක් වන නිසා..
අද උලපනේ හාමුදුරුවෝ කිව්වේ ඉතිහාසයක් අවශ්‍ය රටවැසියන් බිහිකරන්න ඕන නිසා කියලා..
ඉතිහාසය නැති උනහම බිහිවෙන්නේ පරවැසියන් කියලා...
ඒක නිසා තමයි ඒක අනිවාර්ය විෂයක් විදියට තියෙන්න ඕන..
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වර්තමාන රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන කමිටුවේ ප්‍රධානියෙක්..

ඔහු කියනවා "මේක කලොත් හෙන ගහන්න ඕන කියලා...
අපි නම් එහෙම හෙන ගහන්න කියලා කියන්නේ නෑ..
අපි කියන්නේ ඉතිහාසය අනිවාර්ය විෂයක් විදියට සාමාන්‍ය පෙළ විභාගයට තියන්න ඕන කියලා...
එතකොට බොහොම පහසුවෙන් ප්‍රශ්නය විසඳෙනවා..
කාටවත් විරෝධතා කරන්න දෙයක් නෑ....
නවීන ලෝකයට රැකියා අවස්ථාවන්ට ැලපෙන වෘත්තියේ අධ්‍යාපන පැත්තකට දරුවන්ට අවස්ථාවක් සලසලා අධ්‍යාපනයේ වෙනස්කම් ඇතිවෙනවා නම් ඩාත් යහපත් ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා..
ඉතිහාසය අයින් කරන එක නෙවෙයි කරන්න ඕනේ ,
දෙස් විදෙස් රැකියා වෙළඳපොළට ගැලපෙන වෘත්තීය අධ්‍යාපන පාඨමාලා පාසල් අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළ සහ ඉන් ඉහළ පන්තිවලට යනකොට ඇතුළත් කරන එක..
එහෙම වුණොත් රජයට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වේවි. තමන්ගේ පාලන කාලය තුළදී..
මොන විෂය ධාරාවක් ඉගෙන ගත්තත්,
රටක ඉතිහාසය කියන එක,
ඒ රටේ දරුවන්ගේ හදවතට බැඳීමක් ඇතිවෙන විදියට උගන්වන්න,
විෂය නිර්දේශ සකස් කරන්න ඕනේ...
තමන් ගෞරවනීය ඉතිහාසයක් තියෙන රටක පුරවැසියන් කියන එක,
රට ගැන අභිමානයහ ඇතිවෙන විදියට, දරුවන්ගේ සිත් සතන් තුළට ඇතුළත් වෙන විදියට ඉතිහාසය පාඨමාලා සැකසෙන්න ඕන..
අධ්‍යාපන බලධාරීන් ඒ විදියේ උපදෙස් රජයට දෙනවනම් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ..
අපට නොපෙනෙන සමහර බලවේග වල අවශ්‍යතාවය අනුව ඔවුන්ට වාසි සහගත විදියට ඉදිරි දරු පරම්පරාව මෙහෙයවන්න කෙරෙන
කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළවල් යග්‍රහණය කරන්න ඉඩ දෙන්න හොඳ නෑ..
ඊයේ සමාජමාධ්‍යවල සංසරණය වුණු අධ්‍යාපන විෂය මාලාවේ වෙනස් කිරීම පිළිබඳ සටහනෙත් අනිවාර්ය විෂයයන් පේළියේ තිබුණේ ඉතිහාසය හැර අනෙක් විෂයන් පහ පමණයි..
කොහොම වෙතත් මේ වැඩේ කරන්න ගියොත් නම් බලවත් විරෝධයක් පැන නගින එක ස්ථිරයි...
සමහර විට වටවංගු කතා කියන්නේ ඒ විරෝධයේ සැර බාල කරගන්න වෙන්න පුළුවන්..
උසස් පෙළට ඉතිහාසය කවර පාඨමාලාවක් යටතේ වුවත් අනිවාර්යයි කියන කතාව පිළිබඳ ව පැහැදිලි බවක් නෑ.
සැබවින්ම එහෙම තියෙනවා නම් හොඳයි..
ඒත් හරිම අපැහැදිලි පැහැදිලි කිරීමක් තියෙන්නේ..
සාමාන්‍ය පිලොන් අනිවාර්ය බව ඉවත් කරලා උසස් පෙළට අනිවාර්ය කියලා කිව්වහම ඒක මහා අමුතු වැඩක් වගේ දැනෙනවා..
අපි අගමැතිතුමිය ඇතුළු අධ්‍යාපන බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලන්නේ,
කරුණාකරලා දරුවන්ගේ සිත් සතන් ඇතුළට තමන්ගේ රට පිළිබඳව අභිමානයක් ඇතිවෙනව විදියට ,
තමන් රටට ආදරය කරන පුරවැසියෝ බවට පත්වෙන විදියට,
ඉතිහාසය විෂය දරුවන්ට අනිවාර්ය විෂයක් කරන ලෙසයි.....
දැනට අනිවාර්ය විෂයක් වන එය,
අනිවාර්ය තත්ත්වයෙන් වෙනස් නොකරන ලෙසයි..

 

A day in the life

2025-07-26

ඉතිහාසය සහ අධ්‍යාපන අමාත්‍යාංශය 1.


තිහාසය ඉගෙනගන්න එක අනිවාර්ය නෑ කියලා අධ්‍යාපන අමත්‍යංශය පාසල් විශය නිර්දේශයෙන් ඉතිහාස විෂය අයින් කරන්න උත්සහ කරනවා.මෙ සඳහා මැදිහත්ව කටයුතු කරන්නෙ අධ්‍යාපන ඇමති වන රටේ අගමැතිනිය වීම මොන තරම් අවාසනාවක්ද ? අගමැතිනියගෙ අරමුණ අපි කවුරුන්ද වග නොදන්න අනාගත ජාතියක් බිහි කිරීමද ?
අපේ දරුවන්ට තමන්ගේම රටේ ඉතිහාසය දැනගන්න අනිවාර්ය නැහැ කියලා කියන එක විකෘති අදහසක්. ජාතියක එකමුතු හැඟීමක්, පුරවැසි වගකීමක්, සංස්කෘතික උරුමය පිළිබඳ අවබෝධයක් ඇතිවෙන්න ඉතිහාසය ඉගෙනීම අත්‍යවශ්‍යයි.

2025-07-25

මේක කියවන්නම ඕන කතාවක් - රුසියාව.



මේක කියවන්නම ඕන කතාවක්....
රටක් බංකොලොත් වුණොත්, මොකද වෙන්නේ?
මම මේ ලියන්නේ එහෙම බංකොලොත් වුණ රටක ගෙවුණු මගේ ජීවිතේ අත්දැකීම්.
කියවල බලන්න එතකොට තේරුම් යාවි කොයිතරම් අමිහිරි ද කියල.
මම_උසස් අධ්‍යාපනය ලැබුවේ_රුසියාවේ.මම හිතන විදිහට අපි තමයි_රුසියාවට ශිෂ්‍යත්වෙන් ගිය අවසාන කණ්ඩායම හෝ අවසන් කණ්ඩායමට පෙර කණ්ඩායම.

2025-07-24

ඇමේසන් වනාන්තරයේ පැරණි නගර සංකීර්ණයක් .



ඇමේසන් වනාන්තරයේ වසර 2,500කටත් වඩා පැරණි නගර සංකීර්ණයක් අනාවරණය වෙයි...
අපගේ පෘථිවියේ තවමත් නොදන්නා රහස් බොහෝමයක් ඇති බවට තවත් සාක්ෂියක් සපයමින්, ඇමසන් වනාන්තරයේ පුරාණ අතීතය පිළිබඳ අවබෝධය සම්පූර්ණයෙන්ම වෙනස් කරන විස්මිත සොයාගැනීමක් ඉක්වදෝරයේ, ඇමේසන් වනාන්තර සීමාවේ උපනෝ නිම්නයෙන් (Upano Valley) වාර්තා වෙනවා. එනම්, දියුණු ලේසර් සිතියම්කරණ තාක්ෂණයක් වන Lidar (Light Detection and Ranging) තාක්ෂණය භාවිත කරමින්, පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් වසර 2,500කටත් වඩා පැරණි, අති විශාල හා සංකීර්ණ නගර ජාලයක් සොයාගෙන තිබෙනවා.
 

2025-07-23

ජෝ .......ජෝ අබේවික්‍රම.


ජෝගෙ ඇක්ටින් අද තරුණ පරපුරත් රස විඳිනවා. මං හිතන්නෙ ජෝ අබේවික්රමයන් කරපු චිත්රපට 162 අතරින් වැඩි දෙනෙක් කැමති ම චරිතෙ වැලිකතර ෆිල්ම් එකෙ ගෝරිං මුදලාලි වෙන්න ඕනෙ.

ගෝරිං මුදලාලි ලාංකීය සිනමාවෙ එතෙක් මෙතෙක් හමුවන අද්විතීය ම චරිතයක්. Unique Personality එකක් කිව්වත් හරි. අදටත් ඒ චරිතය රසියන්ට අමතක කරන්න බැරි ජෝ ඒ චරිතයට ගෙනාපු අනන්ය හැඩතල එක්කයි. හැබැයි ඔය චරිතය මුලින්ම ලිව්වෙ ජෝ වෙනුවෙන් නම් නෙවෙයි. ගෝරිං මුදලාලි කියන්නෙ ජෝ ඉල්ලගෙන කරපු එකම චරිතය කියලයි කියන්නෙ.

කතාව වෙන්නෙ මෙහෙමයි. වැලිකතර ලිව්ව තිස්ස අබේසේකර මහත්මයා වැලිකතරට කලින් ජෝ එක්ක කරන්න කතා කරගෙන හිටපු ෆිල්ම් එක තමයි කාපිරි ජෝසප්. දෙවැනි ලෝක සංග්රාමයෙදි එක එක රටවල්වලට ගිහිල්ලන් මොලේ විකෘති වෙච්චි මිනිහෙක් ගැන කතාවක් ඒක.හැබැයි මේ කතාව කරන්න ප්රොඩියුසර් කැමැති වෙන්නෑ. ඒ අනුව තමයි වැලිකතර කෙරෙන්නෙ. හැබැයි ඒකෙ ජෝට චරිතයක් තිබ්බෙ නෑ.

ජෝ ඒ කාලෙ ගොඩක් ම ඇක්ට් කලේ කොමඩි ෆිල්ම් වල. නිහාල්සිංහ මහත්තයා වැලිකතරට ජෝට ආරාධනා නොකරන්නත් හේතුව මෙන්න මේක. ජෝ හදන් ඉන්න ඉමේජ් එක බින්දා කියල හිතන නිසා.

පළවෙනි ලෝක යුද්දේ කාලෙ ජර්මනියට අයිති නැවක් තිබුණා ඇම්ඩන් කියලා. මේ නැව ගිය ගිය තැන විනාශයි විනාශයි. වෙඩි තියලා ඉවරයක් කරන්න බැරි නැවක් ඇම්ඩන් නැව.

ඇම්ඩන් කියන එක හැදුනේ නැව ප්
රබලයි ගිය ගිය තැන විනාසයි කියන අදහසින්.
"ඕක ගිය තැන ඉවරයි. ඕක හරි ඇම්ඩන්"

"ඒ වගේ තමයි ගෝරිං කියන්නෙත්. හිට්ලර්ගේ ඇමතියෙක් නොවෑ ගෝරිං, ගෝරින් රණ්ඩුකාරයා, අපිට ඔය නම එන්නේ එහොම"

ජෝගේ රඟපෑමේ ලොකු වෙනසක් වුනේ වැලි වැලිකතරෙන්.' වැලිකතර' කළේ ඩී.බී නිහාල් සිංහ.ඊට ඉස්සෙල්ලා වැලිකතර නොවේ කරන්න හිටියේ. කාපිරි ජෝසප් කියලා කතාවක් තමයි තිස්ස අබේසේකර ලිව්වේ,

දෙවැනි ලෝක සංග්
රාමයේදී එක එක රටවල ගිහිල්ලා මොළේ විකෘති වෙච්ච මිනිහෙක්. යුනිෆෝම් එක ඇඳගෙන පාරේ යනවා. බෙළෙක් තහඩු ගහගෙන. කාපිරි ජෝසප්.
" දැන් සේරම කතා කරලා තිබ්බේ. හැබැයි ලියවිලි අත්සන් කලේ නෑ. මෙන්න ඔහොම ඉන්නකොට තිස්සා අබේසේකර කතා කළා"
"මචං හරි වැඩේනේ,අර චිත්රපටය කරන්නේ නෑ. ප්රඩියුසර්. එයා වෙන කතාවක් අහලා ඒකට කැමති වුණා. උඹට ඒකෙ චරිතයක් නෑනේ."
තිස්ස අබේසේකරයි භාර්යාවයි ළමයි දෙන්නයි හිටියේ ගංගොඩවිල.කැලේ වගේ හරියක . ජෝ දවසක් යනවා. මොකද උනේ කියලා අහන්න අහන්න.කැලේ ඇතුල්වෙළ ළිඳක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා දෙන්න අඩියක් ගහලා කතාව පටන් ගත්තා.
"තිස්සට පුළුවන්ද ඔය කතාව මට කියන්ඩ"
අලුත් කතාව. ඒකෙ නම එතකොට මරු කතර.
තිස්ස කතාව කියනවා. ඕකේ තියෙනවා ගෝරිං මුදලාලි කියලා චරිතයක් චරිතයක්. ජෝගෙ හිත ගත්තා ඒ චරිතෙ.
"ඔය ගෝරින් මුදලාලි මට අරන් දෙන්න පුළුවන්ද?"
ජෝ චරිත ඉල්ලගෙන ගිහින් නෑ ඔය ඉල්ලගෙන ගිය එකම එක.
"මට ගෝරිං මුදලාලි අරන් දෙන්ඩ"
තිස්ස නිහාල්සිංහට කතා කළා . විස්තරේ කිව්වා. නිහාල් සිංහ ජෝට කතා කළා.
"මචං මම කැමතියි උඹ මේක කරනවානම්. මං උඹට කතා කළේ නැත්තේ උඹ මේ නිකන් එඩී ජයමාන්න ගේ වැඩනෙ කරන්නේ. උඹ හදාගෙන තියෙන ඉමේජ් එක මං බින්දා කියලා හිතයි. උඹට කරන්න පුළුවන් නම් මම දෙන්නං"
ජෝ මෙතන්දි ගන්නෙ අභියෝගයක්. !
ජෝ කියන්නෙ සමාජය ඇසුරෙන්ම රංගනය ඉගෙන ගත්ත නළුවෙක්.ගෝරිං චරිතය කරනකොට ඔහුට මුණ ගැසුනු හමුවුණු මිනිස්සුගෙන්ගෙන් ආභාශය අරන් ඔහු මේ චරිතය ගොඩනගන තිබුණා.ඒ චරිතය එච්චර සාර්ථක වෙන්නෙත් ජෝගෙ ඒ තිබුණු සමාජ බුද්ධිය නිසාමයි.
ජෝ මේ චරිතය ගැන පසු කාලිනව මතක් කරද්දි මෙහෙම කියනවා.
' කොහොම උනත් අපි හැම කෙනෙක් තුළම ගෝරිං මුදලාලි කෙනෙක් හැංගිලා ඇති'
එදා වැලි කතර බලලා සැෆයර් හෝල් එකෙන් පහලට බැහැලා යන ඩී.බී.ධනපාල මහත්මයා, භාෂා විශාරදයා ජෝගෙ අත තදින් අල්ලන් ඉඳලා මෙහෙම කියනවා.
"යකෝ උඹ"
එච්චරයි ප්රතිචාරය. ඒ ඔහුටත් සතුට විස්තර කරගන්න බැරුව. ඔව් ඒකෙ පුදුමයක් නෑ අදටත් අපි ගෝරිං මුදලාලිව බලලා පුදුම වෙනවා.


(සටහන ආරියරත්න ඇතුගලගේ ජෝ: සිනමාරණ්යයේ මහා රංගධරයානෝ කෘතිය ඇසුරෙන්)

A day in the life

2025-07-22

ගසක් සමග මිතුරු වෙමු.





1. ඔබේ ගස බුද්ධිමත්ව තෝරන්න.
සොබාදහමේ ඇවිදින්න, ගසකට සිත ඇදී යාමට ඉඩ දෙන්න. ඔබ එයට ළඟා වන විට ඔබට හැඟෙන ආකාරය ගැන අවධානය යොමු කරන්න.
එය සමහර විට සන්සුන් හෝ හුරුපුරුදු බවක් විය හැක.
2. ගස පිළිගෙන ආචාර කරන්න.
ගෞරවාන්විතව ගස ළඟට ගොස් ඔබ මිතුරෙකු මෙන් එයට ආචාර කරන්න. ඔබට හඬ නගා ආයුබෝවන් කියන්නට හෝ සරලව මානසික සුබපැතුම් පිරිනැමීමට හැකිය. එය ජීවියෙකු ලෙස සිතා ගන්න.
3. එහි ව්යුහය නිරීක්ෂණය කිරීම සහ අගය කිරීම.
ගසේ අතු, කොළ, පොතු සහ මුල් දෙස මොහොතක් බලන්න. එහි හැඩය, වර්ණය සහ පරිසරය සමඟ අන්තර් ක්රියා කරන ආකාරය අගය කරන්න. ගසෙහි අද්විතීය පෞරුෂය සහ චරිතය දැකීමට මෙය ඔබට උපකාර කරයි.(නිශ්ශබ්දව වාඩි වී ගස දෙස බලන්න, කිසිදු විනිශ්චයක් හෝ සිතුවිලි නොමැතිව එහි විස්තර කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබේ මනස නිශ්චලව තබා ගසේ සාරය උරා ගැනීමට උත්සාහ කරන්න. මෙම භාවනා ක්රමය මඟින් ඔබේ පැවැත්ම පිළිබඳ හැඟීම සහ අභ්යන්තර සාමය ගැඹුරු කළ හැකිය.)
4. භෞතිකව ස්පර්ශ කර සම්බන්ධ කරන්න
ගසේ කඳ හෝ අතු මත ඔබේ අත් තබන්න. හැකිනම් ගස බදාගන්න.. පොත්තේ වයනය විද ගන්න, ඔබ ගස සමඟ ශක්තිය හුවමාරු කරන බව සිතන්න.
5.ගස යට වාඩි වන්න.
ගසට එරෙහිව ඔබේ පිටුපසින් ඉඳගන්න, එහි කඳට ඔබට සහාය වීමට ඉඩ දෙන්න. ඔබේ ඇස් වසාගෙන ඔබට යටින් ඇති පෘථිවියට අවදානය යොමු කරන්න කෙමෙන් කෙමෙන් අවදානය පෘථිවිය මත ඇදී යන ගසේ මුල් වෙත ගෙන එන්න දැන් ගසේ මූල පද්ධතිය සමඟ ඒකාබද්ධ වෙන්න.ඔබ සහ ගස අතර ශක්තිය චලනය වන ආකාරය දෘශ්යමාන කරන්න. ගසෙහි මූලයන් පෘථිවියෙන් ශක්තිය ලබාගෙන එය ඔබ වෙත මාරු කරන අතර, ඔබ ඔබේ ශක්තිය නැවත එයට ලබා දෙන බව සිතන්න. මෙම චක්රය හරහා ගමන් කරන දිදුලන ආලෝකයක් සිතින් මවා ගන්න.
6. ගැඹුරින් හුස්ම ගන්න සහ ගසේ ශක්තිය සමඟ සමමුහුර්ත කරන්න.
ගස සමඟ වාඩි වී ගැඹුරු හුස්මක් ගන්න. සෙමින් ආශ්වාස කරන්න, ඔබ ගසෙන් ශක්තිය ලබා ගන්නා බවක් එවිට දැනේ, ඔබේ මනස සන්සුන් කර ගසේ ආත්මය හෝ විඥානය සමඟ සන්නිවේදනය කිරීමට උත්සාහ කරන්න.ගස ඔබ සමඟ හුස්ම ගන්නා ආකාරය දෘශ්යමාන කරන්න. ඔබ ආශ්වාස කරන විට, ගසෙන් ශක්තිය ඔබේ ශරීරයට ඇද ගන්නා බව සිතන්න, ඔබ හුස්ම ගන්නා විට, ඔබේ ශක්තිය නැවත ගස තුළට යැවීම සිතින් මවා ගන්න. මෙය හුස්ම ගලායාමක් සහ බලශක්ති හුවමාරුවක් ඇති කරයි, ඔබේ බැඳීම ගැඹුරු කරයි.
7. ගස සමඟ ඔබේ අභිප්රාය බෙදා ගන්න
ඔබට සුවපහසුවක් දැනෙන විට, ඔබේ ජීවිතයේ අරමුණු, ඉලක්ක හෝ සිහින ගස සමඟ බෙදා ගන්න. ඔබේ මනසින් ඒවා ශබ්ද නඟා හෝ නිහඬව කතා කරන්න. බොහෝ අය විශ්වාස කරන්නේ ගස්වලට සහජ ප්රඥාවක් ඇති අතර අපගේ ගමනට අපට සහාය වෙමින් අපගේ අභිප්රායන් සඳහා ඉඩක් තබා ගත හැකි බවයි.
8. ගසට කෘතඥතාව පළ කරන්න.
පිටත්ව යාමට පෙර, එහි ශක්තිය ඔබ සමඟ බෙදා ගැනීම සඳහා ගසට කෘතඥතාව පළ කරන්න. ඔබට මෙය නිශ්ශබ්දව හෝ ශබ්ද නඟා කළ හැකිය. ස්තුතිය පිරිනැමීම බැඳීම ශක්තිමත් කරන අතර ගසේ පැවැත්මට ගෞරවය පෙන්වයි.
9.බැඳීම ශක්තිමත් කිරීම සඳහා නිතිපතා ආපසු යන්න.
ගසක් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට වෙනත් ඕනෑම සම්බන්ධතාවයක් මෙන් කාලය ගතවේ. නිතිපතා ගස වෙත ගොස්, එය සමඟ බිම හිඳ ගැනීම, හුස්ම ගැනීම සහ භාවනා කිරීම දිගටම කරගෙන යන්න. කාලයාගේ ඇවෑමෙන්, සාමය සහ සම්බන්ධතාවයේ ගැඹුරු හැඟීමක් ඔබට දැකිය හැකිය.(සෘතු සමග ගස වෙනස් වන ආකාරය නිරීක්ෂණය කරන්න. අවුරුද්ද පුරා එහි කොළ, පොත්ත සහ සමස්ත ශක්තිය වෙනස් වන ආකාරය සැලකිල්ලට ගන්න. එහි චක්රවලට අනුගත වීමෙන්, ඔබට ස්වභාවධර්මයේ රිද්මයන් සහ ඒවා තුළ ඔබේම ස්ථානය පිළිබඳ වැඩි අවබෝධයක් ලැබෙනු ඇත.)
10. තෑග්ගක් හෝ අගය කිරීමේ සංකේතයක් තබන්න
අගය කිරීමේ සංකේතයක් ලෙස මලක්, කොළයක් හෝ දිරාපත් විය හැකි පූජාවක් තැබීම සලකන්න. විකල්පයක් ලෙස, ඔබට ගස වටා ඇති කුණු අහුලා ගැනීමට මිනිත්තු කිහිපයක් ගත කළ හැකිය.

- චන්මිත් විනුල්
A day in the life

"ORDER OF THE PEOPLES HERO"





ජර්මන් හමුදාව ඔය පින්තූරේ ඉන්න ගෑනු ළමයව ප්‍රසිද්ධියේ එල්ලලා මරනකොට එයාගේ වයස යන්තම් අවුරුදු දාහතයි.

වයස දාහතක් උනාට එයා හිට්ලර්ගෙ එස් එස් හමුදාවට වෙඩි තියල.

එස් එස් හමුදාව එයාව අත්අඩංගුවට අරගෙන දින ගාණක් නොයෙකුත් වධහිංසා පමුණුවමින් ප්‍රශ්න කරත් එයා තමන්ගේ සංවිධානයේ කිසිම සාමාජිකයෙක් පාවලා දෙන්නෙ නෑ.

අන්තිමේ එල්ලන්න කලින් එයාට දෙනවා ජීවිතය ගැන අවසාන බලාපොරොත්තුව..

ඒ..

මරණයෙන් බේරෙන්න ඕනෑ නම් තමන්ව මෙහෙයවන සංවිධානයේ නායකයන් සහ පුද්ගලයන් සම්බන්ධ තොරතුරු හෙළි කරන්න.

ජර්මන් දඩ බල්ලන් ඉස්සරහ ඉන්න අවුරුදු දාහතක ගෑනු ළමයා ඒකට උත්තර දෙනවා මෙහෙම.







"කවදාහරි දවසක ජයග්‍රහණයත් අරගෙන මගේ මිනිස්සු ඔයාලව මුන ගැහෙන්න ඒවි. අන්න එදාට ඕගොල්ලෝ හැමෝටම එයාලගෙ නම් දැනගන්න පුළුවන්"
එල්ලලා මරලා දාන්න මොහොතකට කලින්
"නිදහස් වෙනුවෙන් සටන් කරන්න. සංවිධානය සහ සාමාජිකයන් දිගුකල් දිනේවා"
කියලා ප්‍රසිද්ධියේ ශබ්ද නගමින් කෑ ගහලා එයා මරණයට මුහුණ දෙනව.
මේ කවුද..
එයාගෙ නම "ලෙපා රේඩික්" (Lepa Radic) සර්බියානු සම්භවයක් තියෙන යුගෝස්ලාවියානුවෙක්.

1941 අප්‍රේල් 10 නාසි හමුදා (ඉතාලි, ජපන්, ජර්මන්) එයාගෙ රට ආක්‍රමණය කරනව. ඒ අවුරුද්දෙදිම ඒකට විරුද්ධව ලෙපා රේඩික් යුගෝස්ලාවියානු කොමියුනිට්ස් පක්ෂයට බැඳෙනව. එතකොට එයාට වයස අවුරුදු පහලවයි.
1941 අවුරුද්දෙ නොවැම්බර් මාසෙදී එයා එයාගෙ පවුලේ සියලුම සාමාජිකයන් එක්කම අත්අඩංගුවට පත්වෙනවා. මාසයක කාලයක් ඇතුළත තමන්ගේ සහෝදරිය එක්ක අත්අඩංගුවෙන් පැනලා යන්න තරම් ලෙපා රේඩික් දක්ෂ වෙනව.
1943 මුල ආයෙත් එයාව නාසින්ට අහුවෙනව. එයා ඒ දවස්වල නෙරටිවා (Neretva) සටනෙ තුවාල වෙච්චි අය ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමේ වගකීම දරන ගමන්.

කිසිම තොරතුරක් ලබා නොදුන්න ලෙපා රේඩික් 1943 පෙබරවාරි අට වෙනිදා වීරවරියක් වගේ ප්‍රසිද්ධියේ මරණයට මූණ දෙනව.
අවුරුදු අටකට පස්සෙ එයා "ORDER OF THE PEOPLES HERO" සම්මානයෙන් පිදුම් ලබනව.
ඒක අසාමාන්‍ය වීරෝධාර ක්‍රියාවල යෙදුණු පුද්ගලයන්ට, හමුදා ඒකක වලට දීපු සම්මානයක්. පස්සෙ අවුරුදු පහලවක කෙනෙක් ඒක දිනාගත්තත්, එදා වෙද්දි ඒක ලබාගත් ලාබාලතම තැනැත්තිය වෙන්නෙත් ලෙපා රේඩික්..

..සමීර බෝපගේ..
A day in the life

2025-07-21

බේකිං සෝඩා - කුඩු අතර වෙනස.




1. What is Baking Soda?
Chemical name: Sodium Bicarbonate (NaHCO₃)
Type: A base (alkaline)
How It Works:
Baking soda requires an acidic ingredient (like lemon juice, yogurt, buttermilk, vinegar, or brown sugar) and moisture to activate. When it reacts with acid and moisture, it produces carbon dioxide (CO₂), which forms bubbles and makes baked goods rise.
Examples of Baking Soda in Use:
Banana Bread – the mashed bananas provide acidity.
Buttermilk Pancakes – buttermilk activates the baking soda.
Chocolate Cake – cocoa powder (if natural and not Dutch-processed) acts as the acid.
Important Notes:
Baking soda is 3-4 times stronger than baking powder.
If too much is used without enough acid, it can leave a metallic or soapy aftertaste.
It acts fast, so you need to bake immediately after mixing.
2. What is Baking Powder?
Chemical composition: Baking powder contains:
Baking soda
An acid salt (like cream of tartar)
A moisture-absorbing agent (like cornstarch)
How It Works:
Since it already contains acid, it only needs moisture (and heat, in the case of double-acting powder) to activate. Most baking powders today are double-acting:
First activation: when mixed with liquid.
Second activation: when heated during baking.
Examples of Baking Powder in Use:
Vanilla Cake – where there's no other acidic ingredient.
Sugar Cookies – for light and fluffy texture.
Scones or Biscuits – when you're not using an acid like buttermilk.
Important Notes:
Easier to use for beginners, since no additional acid is required.
Cannot substitute 1:1 with baking soda (you’ll need more baking powder).
Can You Substitute One for the Other?
Baking Soda → Baking Powder: Yes, but use 3x more baking powder than baking soda. It may slightly affect taste and texture.
Baking Powder → Baking Soda: Only if you add an acid, and use 1/3 the amount of baking soda.
Quick Summary Table:
Property Baking Soda Baking Powder
Composition Sodium bicarbonate Baking soda + acid + starch
Needs acid to work? Yes No (already contains acid)
Strength Stronger Weaker
Taste if misused Bitter or metallic Mild
Examples Banana bread, cookies w/ brown sugar Cakes, muffins without acidic ingredients
Substitution Use less Use 2-3x more
Pro Tip:
When in doubt, check the recipe ingredients:
If you see lemon, buttermilk, yogurt, vinegar, or brown sugar → likely needs baking soda.

If there's no acidic ingredient → use baking powder.

බේකිං කුඩු වල අම්ලය අඩංගු බැවින්, එය සක්‍රිය කිරීමට අවශ්‍ය වන්නේ තෙතමනය (සහ ද්විත්ව ක්‍රියාකාරී කුඩු සම්බන්ධයෙන් තාපය) පමණි.
අද බොහෝ බේකිං කුඩු ද්විත්ව ක්‍රියාකාරී වේ.
බේකිං කුඩු සහ බේකිං සෝඩා අතර වෙනස

බේකිං සෝඩා රසායනික නාමය:
සෝඩියම් බයිකාබනේට් (NaHCO₃)
වර්ගය: මූලික (ක්ෂාරීය)

බටර්මිල්ක් පෑන්කේක් - බටර්මිල්ක් ෙබ්කිං සෝඩා සක්‍රීය කරයි. චොකලට් කේක් - කොකෝවා කුඩු අම්ලයක් ලෙස ක්‍රියා කරයි.

බේකිං සෝඩා බේකිං කුඩු වලට වඩා 3-4 ගුණයකින් ශක්තිමත් වේ. ප්‍රමාණවත් අම්ලයක් නොමැතිව වැඩිපුර භාවිතා කළහොත්, එය ලෝහමය හෝ සබන් පසු රසයක් ඉතිරි කළ හැකිය. එය වේගයෙන් ක්‍රියා කරයි, එබැවින් ඔබ එය මිශ්‍ර කළ වහාම පිළිස්සිය යුතුය.

බේකිං කුඩු යනු කුමක්ද?

බේකිං  අම්ල ලවණ (ටාටාර් ක්‍රීම් වැනි)  බේකිං කුඩු  සමඟ 1:1 අනුපාතයකින් ආදේශ කළ නොහැක (ඔබට තවත්  බේකිං කුඩු අවශ්‍ය වනු ඇත).

බේකිං  සෝඩා→බේකිං කුඩු 
ඔව්, නමුත් ෙබ්කිං සෝඩා වලට වඩා 3 ගුණයකින් වැඩි   බේකිං කුඩු  කරන්න. එය රසයට සහ සුවඳට ටිකක් බලපායි.

 ක්‍රියා කරන ආකාරය:

බේකිං සෝඩා සක්‍රිය වීමට ආම්ලික අමුද්‍රව්‍යයක් (ලෙමන් යුෂ, යෝගට්, බටර්මිල්ක්, විනාකිරි හෝ දුඹුරු සීනි වැනි) සහ තෙතමනය අවශ්‍ය වේ.

එය අම්ලය හා තෙතමනය සමඟ ප්‍රතික්‍රියා කරන විට, එය කාබන් ඩයොක්සයිඩ් (CO₂) නිපදවයි, එය බුබුලු සාදයි සහ බේක් කළ මිශ්‍රණය ඉහළ යාමට හේතු වේ.

භාවිතයේ ඇති  බේකිං සෝඩා සඳහා උදාහරණ:

කෙසෙල් පාන් - පොඩි කළ කෙසෙල් ආම්ලිකතාවය සපයයි.

වැදගත් සටහන්:

රසායනික සංයුතිය:

බේකිං  කිරීමේදී අඩංගු වන්නේ:

තෙතමනය අවශෝෂණය කරන කාරකයක් (ඉරිඟු පිෂ්ඨය වැනි)

එය ක්‍රියා කරන ආකාරය:

පළමු සක්‍රිය කිරීම: දියර සමඟ මිශ්‍ර කළ විට.

දෙවන සක්‍රිය කිරීම: 
බේකිං අතරතුර රත් කළ විට.

බේකිං කුඩු සඳහා උදාහරණ:

වැනිලා කේක් - වෙනත් ආම්ලික අමුද්‍රව්‍යයක් නොමැති තැන.
සීනි කුකීස් - සැහැල්ලු හා හැපෙනසුළු වයනයක් සඳහා.
ස්කෝන් හෝ බිස්කට් - ඔබ බටර්මිල්ක් වැනි අම්ලයක් භාවිතා නොකරන විට.

වැදගත් සටහන්:

ආරම්භකයින් සඳහා එය භාවිතා කිරීම පහසුය, මන්ද එයට අමතර අම්ලයක් අවශ්‍ය නොවේ.
ඔබට එකක් අනෙකට පරිවර්තනය කළ හැකිද?

බේකිං කුඩු   බ්කිං සෝඩා:

ඔබ අම්ලයක් එකතු කරන්නේ නම්  බේකිං සෝඩා ප්‍රමාණයෙන් 1/3 ක් පමණක් භාවිතා කරන්න.

සාරාංශ වගුව:
බේකිං සෝඩා   බේකිං කුඩු  වල ගුණාංග

සංයුතිය

සෝඩියම් බයිකාබනේට්  බේකිං සෝඩා  අම්ලය + පිෂ්ඨය

ක්‍රියා කිරීමට අම්ලය අවශ්‍යද?

නැත (
දැනටමත් අම්ලය අඩංගු වේ'

ශක්තිය ; 
ශක්තිමත් දුර්වල
මෘදු ලෙස අනිසි ලෙස භාවිතා කළහොත් කටුක හෝ ලෝහමය රසය

උදාහරණ: 
කෙසෙල් පාන්, කුකීස්, සුදු/දුඹුරු සීනි කේක්, ආම්ලික අමුද්‍රව්‍ය නොමැතිව

අඩු ආදේශකයක් භාවිතා කරන්න 2-3 ගුණයක් වැඩිපුර භාවිතා කරන්න

ඉඟිය:

සැකයක් ඇති විට, වට්ටෝරු අමුද්‍රව්‍ය පරීක්ෂා කරන්න:

ඔබ ලෙමන්, බටර් මිල්ක්, යෝගට්, විනාකිරි හෝ දුඹුරු සීනි දුටුවහොත් → ෙබ්කිං සෝඩා බොහෝ විට අවශ්‍ය වේ.

ආම්ලික අමුද්‍රව්‍ය නොමැති නම් → ෙබ්කිං කුඩු භාවිතා කරන්න.

බේකිං කුඩු  සහ  බේකිං සෝඩා අතර වෙනස
2;1 වේ.

FoodZeee


ජීවිතේ දවසක්

2025-07-20

ශ්‍රී ලංකාවේ හතර කොන .



මේ පාඩම් අපි ඉගනගත්තේ සමාජ අධ්‍යනයට ඉස්කෝලේ දි එනම් අපේ රටේ දිගින් වැඩිම ස්ථානය ලෙස සැලකෙන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කියලා එතකොට පළලින් වැඩිම තැන් දෙක සැලකෙන්නේ කොළඹ කොටුවේ සිට සංගමන් කන්ද තුඩුව තෙක් කියලා
වෙනත් රටක නම් ඔය සීමාව කන්දක්, ගඟක් එහම නැතිනම් ගොඩබිම මායිමක්‌ විය හැකිය. ඒත් ලංකාවේ අපිට නම් මේ හතර කොනම මනරම් වෙරළබඩ පරිසරයක් දක්නට පුළුවන් ය
දෙවුන්දර තුඩුව
පේදුරු තුඩුව
සංගමන් කන්ද
කොළඹ කොටුව

දෙවුන්දර තුඩුව 





දෙවිනුවර හෝ දෙවුන්දර ලෙසද හැඳින්වේ, එය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ පිහිටි ජනාවාසයකි. එහි ප්‍රදීපාගාරය වන දෙවුන්දර හෙඩ් ප්‍රදීපාගාරය සඳහා ප්‍රසිද්ධය, එය ශ්‍රී ලංකාවේ උසම සහ අග්නිදිග ආසියාවේ උසම එකක් වේ. මෙම ප්‍රදේශය හින්දු සිද්ධස්ථාන සහ බෞද්ධ විහාරස්ථානයක් සමඟ ඓතිහාසික හා ආගමික වැදගත්කමක් දරයි.
දෙවුන්දර ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර නගරයට ආසන්නව පිහිටා ඇත.
දෙවුන්දර ප්‍රධාන ප්‍රදීපාගාරය:
එය 1890 දී ඉදිකරන ලද අතර එය මීටර් 49 (අඩි 161) ක් උසයි.දෙවිනුවර තුඩුවේ තිබෙන ප්‍රදීපාගාරය ලංකාවේ උසම ප්‍රදීපාගාරයයි.

ඓතිහාසික හා ආගමික වැදගත්කම:
දෙවුන්දර කලක් සමෘද්ධිමත් වරාය නගරයක් සහ පූජනීය ස්ථානයක් විය. එය තේනවරම් විහාරස්ථානයේ නටබුන්, සැලකිය යුතු හින්දු සිද්ධස්ථානයක් සහ බෞද්ධ විහාරස්ථානයක් (විහාරය) සඳහා නිවහන වේ.
දෙවුන්දර යන නම පුරාණ සිංහල නාමය වන
"දෙවුන්දර" සහ දෙමළ නාමය වන "ටෙන් තුරෙයි" සඳහා යුරෝපීය කෙටි යෙදුමකි. සිංහල භාෂාවෙන් "දෙවිනුවර" යන්න "දෙවියන්ගේ නගරය" ලෙස පරිවර්තනය කර ඇති අතර "තෙනවරම්" යන්නෙහි තේරුම "දස දෙනාගේ දේවාලය" යන්නයි.

සංගමන් කන්ද
සංගමන් කන්ද තුඩුව (සංගමන් කන්ද) ශ්‍රී ලංකාවේ නැගෙනහිරම ස්ථානයයි.සමහර ස්ථාන මීටර් 100 ක් පළල වේ. සංගමන් කන්ද ප්‍රදීපාගාරය 1947 දී ඉදිකරන ලද අතර එහි උස අඩි 25 කි. මෙය 2004 සුනාමියෙන් විනාශ වූ අතර දැන් ඉතිරිව ඇත්තේ ප්‍රදීපාගාරයේ අඩි 15 ක් පමණි.
කොළඹ කොටුව පැරණි ප්‍රදීපාගාරය සහ ඔරලෝසු කණුව ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඔරලෝසු සවිකරන ලද එකම ප්‍රදීපාගාරය වේ. ප්‍රදීපාගාරයක් වූවත් එය වර්ථමානය වන විට අක්‍රීය කොට තිබෙන අතර, ඒ වෙනුවට එය ඔරලෝසු කණුවක් ලෙස ප්‍රයෝජනයට ගැනේ. කණුව, කොළඹ කොටුවේ චැතම් වීදිය හා ජනාධිපති මාවත අසල හන්දියෙහි පිහිටුවා ඇත.
කොළඹ කොටුව

ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගරයේ, කේන්ද්‍රීය ව්‍යාපාරික ප්‍රදේශය ලෙස කොටුව හැඳින්විය හැක. පෘතුගීසි ජාතිකයන් මුලින්ම මෙහි බලකෙටුව තැනූ අතර පසුව ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් විසින්ද මෙම බලකොටුව භාවිතා කරන ලදී.
කොළොම්තොට/ කොළොන්තොට ලෙස අතීතයේදී හැඳින්වුනු මේ ප්‍රදේශයට 16 වන ශත වර්ශයේ මුල් සමයේදී පෘතුගීසීන් මුල්වරට ලංකාද්වීපයට ගොඩබසිනු ලදුව, පසුව ඔවුන්ගේ වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්වු බව සැලකේ. පෘතුගීසීන් විසින් මේ වෙළෙඳ මධ්‍යස්ථානය පසුව ආරක්ෂක මධ්‍යස්ථානයක් හා ‍වරායක් ලෙස සංවර්ධනය කරන ලදී. එසේ සිදුකරන ලද්දේ දිවයින තුලට තම බලය විහිදුවීමට අවශ්‍ය පාලනය කොටුව ප්‍රදේශයට එක් කරගැනීමේ අරමුණිනි. පෘතුගීසීන් විසින් ගොඩනගනු ලැබූ කොටුව 1656 දී ලන්දේසීන් විසින් අත්කරගනු ලදුව තමුන්ගේ වටිනා වෙළෙඳ ද්‍රව්‍ය ආරක්ෂා කරගැනීමට යොදාගන්නා ලදී. කොළඹ, ලන්දේසි පරිපාල‍නයේ ප්‍රමුඛස්ථානයට පත්වීමත් සමඟ මුහුදින් හා රට අභ්‍යන්තරයෙන් ඇතිවිය හැකි තර්ජන වලට මුහුණ දිය හැකි ආකාරයෙන් නගරය පුළුල් හා ශක්තිමත් කරවීමට ලන්දේසීහූ උත්සුක වූහ. පෘතුගීසීන්ගේ ආරක්ෂක බලකොටු හා ඉදිකිරීම් සමහරක් බිඳ හෙලීමට කටයුතු කළ ලන්දේසීන්, අනතුරුව වැවත් මුහුදත් අතර පිහිටි බිමෙහි ස්වාභාවික වාසිය හොඳින් ලබාගත හැකි වන අයුරින් එය යලි ගොඩනංවන ලදී. ආක්‍රමණකාරී ලන්දේසීන්ට එරෙහිව රට අභ්‍යන්තරයෙන් පැනනැගි සිංහල රජවරුන්ගේ සටන් හමුවේ එය කීප විටකම වටලෑමට ලක්වූ විට, ලන්දේසීන් හට කොටුව ඉතා වැදගත් හමුදාමය බලකොටුවක්ම විය.
බ්‍රිතාන්‍යයන් විසින් ලන්දේසීන්ට අයිතිව තිබූ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්කරගැනීමත් සමඟම කොටුව ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානය බවට පත්විය. 1815 දී කන්ද උඩරට ගිවිසුමත් සමඟම කොළඹ මුළු දිවයිනේම අගනගරය ලෙසට නම් කෙරිණි. තවදුරටත් සෘජු හමුදාමය තර්ජනයක් නොපැවති නිසාත්, නගරයේ සංවර්ධනයට බාධාවක් යැයි සැලකූ නිසාත්, 1870 දී කොටුවේ බිත්ති කඩා බිම හෙලන ලදී. ලන්දේසි ගොඩනැගිලිද මෙලෙසම විනාශකර දැමුනු අතර නව ගොඩනැගිලි ඉදි කරවූයේ ප්‍රදේශයට බ්‍රිතාන්‍ය ඌරුවක් එක්වන ආකාරයෙනි.
මෙලෙස බලකොටුවේ ප්‍රාකාර බිත්ති පවා බිඳ දැමුවද තවමත් මෙම ප්‍රදේශය කොටුව නමින් හැඳින්වේ. කොටුව ප්‍රදේශයේ ගොඩනැගිලි බොහෝමයක් බ්‍රිතාන්‍ය පරිපාලන ගොඩනැගිලි වශයෙන් පැවතුනි. පාලනය කෙමෙන් ස්වදේශික ශ්‍රී ලාංකීයයන් අතට මාරුවීමේදී ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව හා ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ ගොඩනැගිලි මෙම ප්‍රදේශය තුල පැවතිණි. කොටුව ප්‍රදේශය ශ්‍රී ලංකා පරිපාලනයේ හදවත වූයේ යම් සේද එය ශ්‍රී ලංකාවේ වාණිජ කටයුතු වලද හදවත විය. රට 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගැනීමත් සමගම රාජ්‍ය ආයතන හා පරිපාලන මධ්‍යස්ථාන කොටුව ප්‍රදේශයට කේන්ද්‍රගත වීමක් දක්නට ලැබුණි. කෙසේ නමුදු පසුකාලීනව රාජ්‍ය පරිපාලනය පුළුල් වීමත් සමග කොළඹ නගරයේ තදබදය හේතුවෙන් හා සියළුම රාජ්‍ය ආර්ථික මර්මස්ථාන එකම ප්‍රදේශයක පිහිටු‍වීමේ ආරක්ෂක අවාසිය හේතුවෙන් 1980 දී රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට විතැන් කිරීමට පටන් ගැණුනි. මෙය ආරම්භ වූයේ පැරණි රාජ්‍ය මන්ත්‍රණසභා ගොඩනැගිල්ලේ තිබූ පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර නව ගොඩනැගිලි සංකීර්ණයකට රැගෙන යාමත් සමගිනි. මෙසේ ඇරඹුනු රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු කොළඹින් පිටතට ‍ගෙනයෑමේ ව්‍යාපෘතිය කිසිදා සම්පූර්ණ කරගැනීමට නොහැකි වුනු අතර බොහෝමයක් වැදගත් රාජ්‍ය ආයතන අදටත් කොටුව ප්‍රදේශයේ ඉතිරිව පවතී.


පේදුරු තුඩුව
පේදුරු තුඩුව යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. පේදුරු තුඩුව ශ්‍රී ලංකාවේ වඩාත්ම උතුරු කෙලවරයි.
තවත් සරලව සඳහන් කළහොත් ශ්‍රි ලංකාවේ උතුරු කෙලවරයි. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට 432Kmක දුරක් ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි පේදුරු තුඩුව 3Kmක් පුරා දිවෙන අලංකාරය මුහුදු තීරයකින් ද සමන්විත වේ. කපු වගාවට ප්‍රසිද්ධ මෙම ප්‍රදේශය "පේදුරැ '' නැමැති නාවිකයා සොයාගත් නිසා ඔහුගේ නම යොදා ඇත. සෑම තප්පර පහකට වරක් එළිය විහිද වන මෙහි ප්‍රදීපගාරය 1916 දි ඉදිකර ඇත. එහි උස අඩි 105 කි. 
 
අන්තර් ජාලය ඇසුරින් සකස් කරන ලදී.

-- ධම්මක ගුණවර්ධණ

A day in the life

2025-07-19

එකපැහැර රිමාන්ඩ් කිරීම.





පොඩ්ඩක් ඉන්නකෝ,,
කදුලු කතාවක් අහන්නකෝ.
පහුගිය අප්‍රේල් මාසෙ අග දිනයක ඇඹිලිපිටිය අධිකරණයෙදි මිත්‍රයෙකු වෙනුවෙන් ඇප තැන්පත් කරන්න ආව අසංක ඉඳුනිල් කියන 46 හැවිරිදි පුද්ගලයගෙ දුරකතනය අධිකරණයෙදි නාද වෙනවා. ඔහුව පරීක්ෂා කරපු පොලිස් නිලධාරියා සාක්කුවෙ තිබිලා, බීඩි දෙකක් සහ ලයිටරයක් සොයා ගන්නවා. මෙයා යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්න ආවා කියන සැකයක් තියනව කියලා පොලිස් නිලධාරියා අධිකරණයෙන් ඉල්ලනවා වැඩි දුර විමර්ශන අවශ්‍ය නිසා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා. රක්ෂිත බන්ධනාගාරගත කරපු අසංක ඉඳුනිල් එහිදී වුණ පහරකෑමක් නිසා මරුමුවට පත් වෙනවා.

මිත්‍රයෙකු වෙනුවෙන් ඇප තැන්පත් කරන්න ගිය සාමාන්‍ය පුරවැසියෙකු දවස් දෙක තුනකින් පෙට්ටියකින් ගෙදරට එනවා.
අධිකරණයකදී අපරාධ යුක්තිය අනුව රක්ෂිත බන්ධනාගාරගත කරන්න ඕන සීමිත අවස්ථාවලදී පමණක් කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් බොහෝ අවස්ථාවල දකින්න ලැබෙන්නෙ, අධිකරණය විසින් පොලිසියේ ඉල්ලීම අනුව සැකකරුවන් පොඩ්ඩක් ඉන්නකෝ,
කදුලු කතාවක් අහන්නකෝ
පහුගිය අප්‍රේල් මාසෙ අග දිනයක ඇඹිලිපිටිය අධිකරණයෙදි මිත්‍රයෙකු වෙනුවෙන් ඇප තැන්පත් කරන්න ආව අසංක ඉඳුනිල් කියන 46 හැවිරිදි පුද්ගලයගෙ දුරකතනය අධිකරණයෙදි නාද වෙනවා. ඔහුව පරීක්ෂා කරපු පොලිස් නිලධාරියා සාක්කුවෙ තිබිලා, බීඩි දෙකක් සහ ලයිටරයක් සොයා ගන්නවා. මෙයා යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්න ආවා කියන සැකයක් තියනව කියලා පොලිස් නිලධාරියා අධිකරණයෙන් ඉල්ලනවා වැඩි දුර විමර්ශන අවශ්‍ය නිසා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා. රක්ෂිත බන්ධනාගාරගත කරපු අසංක ඉඳුනිල් එහිදී වුණ පහරකෑමක් නිසා මරුමුවට පත් වෙනවා.

මිත්‍රයෙකු වෙනුවෙන් ඇප තැන්පත් කරන්න ගිය සාමාන්‍ය පුරවැසියෙකු දවස් දෙක තුනකින් පෙට්ටියකින් ගෙදරට එනවා.

අධිකරණයකදී අපරාධ යුක්තිය අනුව රක්ෂිත බන්ධනාගාරගත කරන්න ඕන සීමිත අවස්ථාවලදී පමණක් කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් බොහෝ අවස්ථාවල දකින්න ලැබෙන්නෙ, අධිකරණය විසින් පොලිසියේ ඉල්ලීම අනුව සැකකරුවන් එකපැහැර රිමාන්ඩ් කිරීම. අධිකරණ තීන්දු කතා නොකළ යුතු ටැබූ සබ්ජෙක්ට් එකක් මට්ටමට පත්ව තිබෙන නිසා අපට ඒ ගැන කතා කරද්දි දෙපාරක් හිතන්න වෙනවා. අසංක ඉඳුනිල් වගේ දෙපයින් ඇවිදන් ගිහින් පෙට්ටියකින් ගෙදර එන්න වීමේ සම්භාවිතාවක් ඇති නිසා.

කොහොම වුණත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන්න තීන්දුවක මේ ගැන සෑහෙන වැදගත් කරුණු ප්‍රමාණයක් සඳහන් වෙන එක නෛතික ක්‍රියාවලිය සහ යුක්තිය ගැන සෑහෙන තරම් ආලෝකයක් දල්වනවා.

ඒ ගැන කෙටි විස්තරයක් කිව්වොත් මෙහෙමයි,

2018 වර්ෂයේ මැයි මාසෙ 6 දා වන අලි ගම්වැදීම වැළැක්වීමට බලධාරීන්ගේ මැදිහත්වීමේ දියාරුකමට විරෝධය පළ කළ ගොවීන් පිරිසක් අරලගංවිල කලුකැලේ මංසන්ධියෙදි විරෝධතාවක් සිදු කරනවා. මෙහිදී පොළොන්නරුව – මහියංගණ මාර්ගයේ ගමනාගමනයට බාධා වෙන බව දන්වලා පොලිසිය අධිකරණ නියෝගයක් ගන්නවා, විරෝධයට විරුද්ධව.
එහිදී අත්අඩංගුවට ගන්න ගොවීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා කරන පොලිසියෙ ඉල්ලීමට ඉඩදීලා පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කරනවා.

මේ ගොවීන් දෙදෙනා, මේ හේතුවෙන් තමන්ගෙ මූලික අයිතවාසිකම් කඩවුණු බවට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනවා.

එහිදී ඉතාම වැදගත් කරුණු සහිතව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනවා. මෙකී අත්අඩංගුවට ගැනීම මගින් ගොවීන් දෙදෙනාගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා කියලා තීන්දු කරන ශ්‍රේෂ්ඨාධිකරණය අරලගංවිල හිටපු පොලිස් ස්ථානාධිපතිගෙ පෞද්ගලික මුදලින් එම දෙදෙනාට රුපියල් 30000 බැගින් ගෙවන්න කියලා නියෝග කරනවා.

මේ තීන්දුවෙ වැදගත්ම කොටස තමයි, ඇප ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස.

එහි සඳහන් වෙනවා, පොලිසිය ඉල්ලීමක් කළ පමණින් යමෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොකළ යුතු බව. යමෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ යුත්තේ සීමිත අවස්ථාවලදී පමණක් බව සහ මහේස්ත්‍රාත්වරයෙකු අපරාධ යුක්තිය මූලධර්මය අනුව කටයුතු කළ යුතු බව.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම නොතකා, පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ව දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෘත්තීය ගරුත්වයට පවා නොගැලපෙන බව නඩු තීන්දුවේ සඳහන් වෙනවා. මෙවැනි ක්‍රියා දිගටම සිදු නොවන්නට මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීමට විනිසුරු පුහුණු ආයතන අධ්‍යක්ෂවරයාටත් තීන්දුව මගින් නියෝග කරනවා.

සමකාලීනව ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අතර සෑහෙන කතාබහට ලක් විය යුතු තීන්දුවක් විදිහට මේක සලකන්න පුළුවන්. පෙත්සම වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ චතුර වෙත්තසිංහ සහ නුවන් බෝපගේ යන අයටත් කෘතඥතාව පළ කරන්න ඕන. ඒ වගේ ම මේ තීන්දුව ගැන හොඳ සංවාදයක් ඇති කරගන්න පුළුවන් නම් වටිනවා !. අධිකරණ තීන්දු කතා නොකළ යුතු ටැබූ සබ්ජෙක්ට් එකක් මට්ටමට පත්ව තිබෙන නිසා අපට ඒ ගැන කතා කරද්දි දෙපාරක් හිතන්න වෙනවා. අසංක ඉඳුනිල් වගේ දෙපයින් ඇවිදන් ගිහින් පෙට්ටියකින් ගෙදර එන්න වීමේ සම්භාවිතාවක් ඇති නිසා.
කොහොම වුණත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන්න තීන්දුවක මේ ගැන සෑහෙන වැදගත් කරුණු ප්‍රමාණයක් සඳහන් වෙන එක නෛතික ක්‍රියාවලිය සහ යුක්තිය ගැන සෑහෙන තරම් ආලෝකයක් දල්වනවා.

සමකාලීනව ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අතර සෑහෙන කතාබහට ලක් විය යුතු තීන්දුවක් විදිහට මේක සලකන්න පුළුවන්. පෙත්සම වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ චතුර වෙත්තසිංහ සහ නුවන් බෝපගේ යන අයටත් කෘතඥතාව පළ කරන්න ඕන.


ඒ වගේ ම මේ තීන්දුව ගැන හොඳ සංවාදයක් ඇති කරගන්න පුළුවන් නම් වටිනවා !

කුමුදු තිලකරත්න 

A day in the life