ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-05-28

ප්‍රාග් - ප්‍රොටෝ අවධියේ සිංහල භාෂාව




භාෂාව මනුෂ්‍ය සත්වයා අන්‍ය සත්වයන්ගෙන් වෙසෙසා දැක්‌වෙන ප්‍රධාන ලක්‌ෂණයකැයි පැවසිය හැකිය. අන්‍ය සත්වයන් ද මුඛ මාධ්‍යයෙන් නොයෙක්‌ පණිවුඩ හුවමාරු කරගන්නා නමුත් මනුෂ්‍ය භාෂාව එම පණිවුඩ හුවමාරු ක්‍රමයන්ට වඩා සංකීර්ණ අදහස්‌වලට වාහනයක්‌ බව කරුණු පරීක්‍ෂා කිරීමේදී පෙනේ. මනුෂ්‍යයා විසින් නිපදවාගත් මේ චින්තනයේ පිහිටෙන් ඔහුට ක්‍රමයෙන් අතිශය පෘථුල වූ මහත් ශිෂ්ටාචාරයක්‌ ගොඩන`ගා ගැනීමට හැකිවිය.
 

එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මානව ශිෂ්ටාචාරගතවීමේ මුල අදියරවලදී ප්‍රබල භාෂාමය උප සන්නිවේදන මාධ්‍යයක්‌ ලෙසින් ලේඛනය බිහිවූ අතර මෙසොපෙතේමියාවෙන් ඇරඹී එය මිසරය, පර්සියාව, ඉන්දියාව, චීනය වැනි ලෝක ශිෂ්ටාචාර පැවති ප්‍රදේශ පුරා රූපාක්‍ෂර, සංකේතාක්‌ෂර, සංකේතාත්මක ලෙස හා අවසානයේ ක්‍රමික අක්‌ෂර ලෙස ලොව පුරා පැතිර ගියේය. ඒ අනුව ලේඛනය යනු වසර ලක්‍ෂ ගණනාවක්‌ තිස්‌සේ ශබ්ද විධිකාරයට, අංගචලනාකාරයට චිත්‍ර සටහන් ගුහාවල ඇදීම යනාදි වශයෙන් විකාශය වෙමින් ආ මානව සන්නිවේදනයේ විශිෂ්ට ප්‍රතිඵලයක්‌ බව පැවසිය හැක. එබැවින් ලේඛන ක්‍රමවල ඉතිහාසය මිනිසාගේ ආරම්භක අවස්‌ථාවෙහි පටන්ම සාකච්ඡාවට බඳුන් කළ යුතුය.
 
පෙර දැක්‌වූ ආකාරයට ලෝක භාෂා පරිණාමයේ ප්‍රතිඵලයක්‌ව උදාහරණ ලෙස අවුරුදු 2500 පැරණි සිංහල භාෂාව පෙන්වාදිය හැක. ඉන්දු යුරෝපා භාෂා පවුලට අයත් මෙම භාෂාවද ප්‍රාග්ඓතිහාසික මානවයාගේ අංගචලනය හා ශබ්ද උපකාර කොටගත් සංඥාවල සිට ප්‍රොටෝ ඓතිහාසික යුගය වන විට කිසියම් ලේඛන කලාවක්‌ සහ ක්‍රමික භාෂා ව්‍යවහාරයක්‌ම බවට පත්ව අනතුරුව සිදුවන ආර්යාගමන බලපෑම්, ඒ හා ස්‌වදේශික සහසම්බන්ධතා ක්‍රි.පු. 3 සිට මහින්දාගමනයෙන් ඇතිවුණ අශෝකාක්‌ක්‍ෂරවල බලපෑම්ද, පසුකාලීන ආන්ද්‍ර, ද්‍රවිඩ බලපෑම්ද ක්‍රි.ව. 7 සිට පල්ලව බලපෑම්වල සිට ක්‍රි.ව. 15, 16, 17 යුරෝපා ආක්‍රමණවලද බලපෑම් සහගතවත් නොයෙක්‌ බලපෑම්වල ප්‍රතිඵලයක්‌ ලෙස බිහිවුණ ක්‍රමිකව විකාශනය වූ ලේඛන ක්‍රමයක්‌ සහිත භාෂාවක්‌ ලෙස දැක්‌විය හැක. 
පෙරකී අවුරුදු 2500 වැනි දීර්ඝ කාල පරිච්ඡේදය තුළ මේ සිංහල භාෂාවට නව වැකි, වාක්‍ය රටාවන්, වියරණ විදී, නීතිරීති රාශියක්‌ එකතුවූ අතර ඊටත් වඩා සුවිශේෂි ලෙස නව අක්‌ෂර රාශියකින් සැදුම්ලත් කලින්කල වර්ධනය වූ අක්‌ෂර හෝඩියකින් සැදුම්ලත් ලේඛන කලාවක්‌ද බිහිවූවාය. අද අප එකී අක්‌ෂර ව්‍යවහාරයේ ක්‍රමික විකාශය නිරීක්‍ෂණය කිරීම සඳහා එය පූර්ව බ්‍රහ්ම, අපර බ්‍රහ්ම ලෙස වර්ගීකරගනු ලබති. මෙකී සිංහල අක්‌ෂර හා භාෂා ව්‍යවහාරය අතීතයේ සිට වර්තමානය දක්‌වා කෙසේ නිර්මාණය වූයේ දැයි පර්යේෂණ කිරීමට මෙරට හා විදේශීය ප`ඩිවරුන් උත්සහ ගත්තේ ක්‍රි.ව. 18 වන සියවසෙන් අනතුරුවය. ප්‍රථමයෙන්ම ගොගර්ලි, කාසිෙච්ට්‌ටි, ටර්නර්, රීස්‌ ඩේවිස්‌ වැනි විද්වතුන් මෙරට ශිලා ලිපි කියවා මෙරට භාෂාව සහ ලේඛන පිළිබඳව අධ්‍යනය කර සිය නිගමන සිලෝන් ඇල්මැක්‌ රාජකීය ආසියාතික සමිති ස`ගරාව වැනි ස`ගරාවලට ඉදිරිපත් කළහ. 
අනතුරුව ලක්‌දිව සෙල් ලිපි කියවූ ගෝල්ඩ්සමිත්, ඊ. මයුලර්, බෙල් අයර්ටන්, හොකාර්ට්‌, වින්සර්, ඉසෙඩ් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාරණ යන බහුශ්‍රැතයන් විසින් ශිලාලිපි රාශියක්‌ සොයාගත් අතර, එසේම ඒවාවල භාෂාවේදී, වියරණ විදී, අක්‌ෂර විකාශය වැනි ප්‍රයෝජනවත් මාතෘකා යටතේ පර්යේෂණ ලිපි හා ග්‍රන්ථ රාශියක්‌ ලියන ලදී. ඒ අතර මෙරට ප්‍රථම අභිලේඛනමය කෘතිය වන Ancient
inscriptions in Ceylon (මයුලර් විසින් රචනා කළේය) සිට ක්‍රි.ව. 1904 දී වික්‍රමසිංහ විසින් පළකරන ලද ලක්‌දිව සෙල්ලිපි සංග්‍රහය (Epigraphia 'eylanica) නමැති ස`ගරාව සිට එය ක්‍රි.ව. 1964 දක්‌වා දීර්ඝ කලක්‌ සාර්ථකව සෙනරත් පරණවිතාරණ යටතේ පවත්වාගෙන ගොස්‌ ඉක්‌බිතිව ශිලාලේඛනය හා ව්‍යවහාර පිළිබඳව වැදගත් තොරතුරු රාශියක්‌ ලෝකයාට සපයන ලදී. 
අනතුරුව සිංහල අක්‌ෂර මාලාවේ සම්භවය හා වර්ධනය පිළිබඳව පර්යේෂණ කළවුන් අතර තෙන්නකොන් විමලානන්ද, සද්ධාමංගල කරුණාරත්න, අබය ආරියසිංහ, මූලටීයන වංගීංස හිමි, අහමඩ් හසන් දානි, බන්දූසේන ගුණසේකර, පී.ඊ.ඊ. ප්‍රනාන්දු, සී.ඩබ් නිකලස්‌, හෙන් පාකර්, සී. ඊ. ගොඩකුඹුර, විමල් ජී. බලගොල්ලේ, ඒ. කොඩ්රිංටන් යන දෙස්‌ විදෙස්‌ පඬිවරුන් වැදගත්වේ. ඔවුන් විසින් රචිත ලංකාවේ බ්‍රාහ්මී අභිලේඛන, Sienhalaless paleography පැරණි ලක්‌දිව යන කෘතිවල ආදී ඓතිහාසික අවදියේ අක්‌ෂර මාලාව, එහි වර්ධනය සහ භාෂා ව්‍යවහාර පිළිබඳව නව පර්යේෂණ වාර්තා රැසක්‌ ඉදිරිපත් කර ඇත. 
එකී උද්යෝගයේද ප්‍රතිඵලයක්‌ වශයෙන් අදවන විට පුරා විද්‍යාඥයන් විසින් ලක්‌දිව ශිලා ලිපි 4000ක ප්‍රමාණයක්‌ සොයාගනු ලැබ ඇති අතර එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් අක්‍ෂර මාලා සම්භවය හා එහි භාෂා ව්‍යවහාර පිළිබඳ ඊට බලපෑ බ්‍රාහ්මී අක්‌ෂර ව්‍යාප්තිය (අශෝකාක්‌ෂර), පල්ලව, ද්‍රවිඩ ලේඛන හා භාෂා ව්‍යවහාර වැනි සංස්‌කෘතික ප්‍රවාහයන්ද එහි උත්කෘෂ්ඨ ප්‍රතිඵලයක්‌ වශයෙන් සිංහල භාෂාවේ සිදුවන අක්‌ෂර රූප වෙනස්‌කම්, භාෂා හා ලේඛන විධිවල වෙනස්‌කම් නව භාෂා හා ලේඛන ව්‍යවහාර, කාලාරූපික සිදුවුණු ලේඛන වෙනස්‌කම්, ශිලා ලිපි වර්ග ඒවාවල සඳහන්ව ඇති තොරතුරු යනාදි වශයෙන් ආදි ඓතිහාසික අවදියේ අක්‌ෂර මාලාව හා ඒවාවල භාෂා ව්‍යවහාරය ආශ්‍රිත ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් තොරතුරු රාශිය අදවන විට අනාවරණය කරගෙන ඇත. 
එකී කරුණු සිතේ තබාගෙන මෙම නිබන්ධනය මඟින් සාකච්ඡා කරන්නේ ප්‍රාග්-ප්‍රොaටෝ අවධියේ (ක්‍රි.පු. 12 - ක්‍රි.ව. 3) මෙරට ශිලා ලිපි වල අක්‌ෂර හා එහි භාෂා ව්‍යවහාරය පිළිබඳවය.

ලෝක භාෂා හා මුල්ම ලේඛන 

සිංහලයේ ආදී ඓතිහාසික අවදියේ අක්‌ෂර සහ භාෂා ව්‍යවහාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථම එවැනි සුමිහිර ලේඛන කලාවක්‌ සහිත භාෂා ව්‍යවහාරයක්‌ බිහිවීමට හේතුවූ ලෝක භාෂා ව්‍යවහාරය හා එහි මුල්ම ලේඛන පිළිබඳව තරමක්‌ දුරට සාකච්ඡා කළ යුතුය. එබැවින් භාෂා හා ලේඛන ක්‍රමවල ඉතිහාසය මිනිසාගේ ආරම්භ අවස්‌ථාවෙහි පටන්ම සාකච්ඡාවට භාජනය කළ යුතුවේ. පරිණාමවාදයට අනුව චාතුර්ථික යුගයේ දී මානව කල්ප වානරයාගෙන් මානවයා ප්‍රභවයවූ බව කියවේ. දෙපා ගමනින් යන වානර මිනිසාගේ අවධියේ සිටම මිනිසා පිළිබඳව ඉතිහාසය ආරම්භ වී පවතී. 
ලොව පුරා පුරාවිද්‍යාඥයන්ගේ පොදු පිළිගැනීමට අනුව පුරාශිලා (Paleolithic Age), මධ්‍යය ශිලා යුගය (Mesolithic) මා නවශිලා යුගය (NeolithicAge) යනුවෙන් ප්‍රාග් ඉතිහාස පුළුල් කොටස්‌ තුනකට බෙදා තිබේ. මෙම අවදියේ ත්‍රිත්වය තුළ ජීවත්වූ මානවයාගේ භාෂාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී ලේඛන ව්‍යවහාරයක්‌ නොපැවති අතර ඔවුහු ඒ වෙනුවට සන්නිවේදන කටයුතු වෙනුවෙන් හූ කීම, ගිනිගොඩවල් ගැසීම, අංගචලන මාධ්‍යයෙන් සංඥා දැක්‌වීම, ගුහාවල චිත්‍ර ඇ`දීම වැනි භාෂා ව්‍යවහාරයන් භාවිතා කළහ. මේවාවලට නිදර්ශන ප්‍රංශයේ හා ස්‌පාඤ්ඤයේ පිහිටි ලැස්‌කෝ හා අල්ටමීරා ගුහාවල පිහිටි දඩයම් දර්ශන රැගත් චිත්‍ර පෙන්වා දිය හැක. ඒ ආකාරයට පැරණි මානවයා අංගචලන, චිත්‍ර සටහන්, ශබ්ද විධික්‍රම භාවිතා කොටගෙන ස්‌වකීය භාෂා මාධ්‍යයක සන්නිවේදන කටයුතු සිදු කළහ. 
අනතුරුව මෙය විශාල වෙනසකට භාජනය වන්නට විය. එනම් මිනිසා ශිෂ්ටාචාරගතවීම ආරම්භ කිරීමයි. ඒ අනුව හේනෙම මැටිවලින් තනමින්, ගොවිතැන් කරමින්, ක්‍රමිකව සත්වපාලනය සිදුකරමින් ක්‍රි.පු. 6 සියවසේ දී ජෙරිකෝ වැනි මූල නාගරික ජනාවාස ඉදිකිරීම වැනි ක්‍රියාකාරකම් සිදුකරමින් ස්‌වකීය ශිෂ්ටාචාරගතවීම වේගවත් කළ අතර එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ක්‍රි.පු. 4500-1750 අතර කාල පරාසය තුළ ලෝකය පුරා ඊජිප්තු (නයිල් නිම්න) ශිෂ්ටාචාරය, මෙසෙපොතෙමියානු ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හොවැංහෝ වැනි දියුණු නාගරික හා විවිධ සංස්‌කෘතිකාංගයන් පිරි ශිෂ්ටාචාර බිහිවන්නට විය. 
මෙම ශිෂ්ඨාචාර බිහිවුණු කාල පරිච්ඡේදය නූතන පුරා විද්‍යාවේ කාල ක්‍රමයට අනුව තඹ (Copper) සහ ලෝකඩ (Bron'e) යුගය ලෙස හැඳින්වේ. 
පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේ පැවති ප්‍රාථමික භාෂා සන්නිවේදන ප්‍රකාශන 
මාෙධ්‍යාaපක්‍රම පෙරකී මිනිස්‌ බුද්ධි චින්තනයේ විප්ලවීය ශිෂ්ටාචාර බිහිවන අවදියවන විට එකී ශිෂ්ටාචාරගත අවදියට ඔබින ලෙස මිනිස්‌ භාෂාව වෙනස්‌වී සංවර්ධනයට පත්වූ අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස මිනිසා සිය අදහස්‌ හා හැ`ගීම් ප්‍රකාශ කිරීම සඳහා කිසියම් සංකේත හෙවත් අක්‌ෂර ක්‍රමයක්‌ නිර්මාණය කරගත් අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස නොයෙකුත් ලේඛන කලාවක්‌ ලොව පුරා බිහිවිය. දැනට කෙරී ඇති පුරාවිද්‍යාත්මක පර්යේෂණවලට අනුව ලෝකයේ පැරණිතම ලේඛනය නැතහොත් අක්‌ෂර ව්‍යවහාරය භාවිතා කර ඇත්තේ ක්‍රි.පු. 3500 සුමේයන්වරු විසිනි. ඔවුහු කූඤ්ඤ අකුරු (cuneiform) නම් ඉතාම සංවර්ධිත ලේඛන ක්‍රමයක්‌ නිපදවූහ. එය සංකේතාත්මක (Symbolic stroke) වචන නිරූපණය කළ ක්‍රමයකි. මෙම අකුරු අව්වේ වියළාගත් මැටි මුද්‍රdවල ලේඛන ගත කල ක්‍රමයකි. එම සමකාලයදීම පුරාතන මිසරවරුන්ද රූපාක්‌ෂර (Picture writing) ක්‍රමයක්‌ භාවිතා කළහ. එය අද විද්වතුන් විසින් හඳුන්වන්නේ හයිරෝග්ලිµsක්‌ස්‌ (hieroglyphics) යන නමිනි. මෙම ක්‍රමයද එක්‌ එක්‌ රූපයෙහි ශබ්දයක්‌ හෝ ස්‌වරූපය නියෝජනය විය. 
මීට අමතරව ක්‍රි.පු. 2500 ඉන්දියාවේ බිහිවුණු ඉන්දු-නිම්න ශිෂ්ටාචාරයෙහිද ගල් හා මැටි මුද්‍රd මත ලියන ලද මුද්‍රd සහිත සංකේතාක්‌ෂර රාශියක්‌ හමු වී ඇත. එසේම මෙම සංකේතාක්‍ෂර ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පැතිර පැවති ඇµaගනිස්‌ථානය, සයිප්‍රස්‌, ක්‍රීට්‌, පාස්‌කු දූපත් හා ලංකාවේ ප්‍රදේශ වලින් හමු වී ඇත. මෙකී ඉන්දු නිම්න අක්‌ෂර මාලාව ඉන්දියාවේ සියලුම අක්‌ෂර මාලාවන්ගේ මූලාරම්භය වශයෙන් ආර්.නාගස්‌වාමි හඳුන්වයි. ආචාර්ය ඩින්ජර්ගේ අදහසකට අනුව එම අක්‌ෂර මාලාවෙන් අඩක්‌ චිත්‍රමය වෙයි. අඩක්‌ ශබ්දමය වෙයි. මෙම අක්‌ෂර මාලාවෙන් බ්‍රහ්මී අක්‌ෂර මාලාව ප්‍රභවය වීය යන්න ලැන්ග්ඩන්, හන්ටර් ආදීන්ගේ විශ්වාසයයි. මෙම අක්‌ෂර මාලාව තුලනය කරන ලැන්ග්ඩන් බ්‍රාහ්මී අක්‌ෂර 14 ක සමානාත්වය පෙන්වා දෙයි. (මේ අනුව අප සිංහල භාෂාවේ හා ඇයගේ අක්‌ෂර අභිවර්ධනයට හේතුවූ බ්‍රාහ්මී භාෂාව අක්‌ෂර මාලාව ප්‍රභවය වූයේ ඉන්දු නිම්නයෙන් බව උපකල්පනය කළ හැක) මීට අමතරව ක්‍රි.පු. 1766-1027 අතර පැවති චීනයේ ශැං යුගයේ සත්ව ඇටකටුවල රූපාක්‌ෂර වර්ගයක්‌ ලියු අතර එය පසුකාලයේ අක්‌ෂර 1000යුත් මැන්ඩරින් භාෂාව බවට පරිවර්තනය විය. 
මේ අතර සුමේයානු හා මිසර අක්‌ෂර හෝඩිය පාදක කොට ගෙන ක්‍රි.පු. 1000 පමණ අක්‌ෂර 22 යුත් හෝඩියක්‌ භාවිතයට ගත් අතර, එය පසුකාලයේදී ග්‍රීක්‌වරුන් විසින් ණයට ගෙන ඔවුනට අභිමත අක්‌ෂර හා ලේඛන ව්‍යවහාරයක්‌ සකසාගත්හ. පසු කාලයේ ලෝකයේ විශේෂයෙන්ම යුරෝපයේ විවිධාකාරවූ භාෂා රටා සහ අක්‌ෂර ක්‍රමයක්‌ බිහි වීමට හේතුවුයේ මෙම ලතින් හෝඩිය වේ. 
මේ හා සමගාමීවම ඉන්දියාව, ලංකාව, පර්සියාව. චීනය, ජපානය, පලස්‌තීනය සහ මැද පෙරදිග යන ප්‍රදේශ වල ද විවිධාකාර භාෂා හා උප භාෂා මෙන්ම අනම්‍ය වූ අක්‌ෂර ලේඛන ව්‍යවහාර බිහිවුණ බවද අප අමතක නොකළ යුතුය.
කෙසේ හෝ වේවා අද වන විට වාග් විද්‍යාඥයන් සහ පුරා විද්‍යාඥයන් විසින් ලෝක භාෂා ව්‍යවහාර හඳුනාගැනීම පහසු කරවීම සඳහා ප්‍රධාන භාෂා පවුල් නැතහොත් භාෂා ගණ ලෙස බෙදා වෙන් කරති. මෙම ක්‍රමය ක්‍රි.ව. 1872 දී මැක්‌ස්‌මුලර් ප`ඩිතුමා විසින් සොයා ගත් ක්‍රමයකී. ඔහු විසින් නිර්මාණය කරන ලද එකී භාෂා බෙදීම පහත දැක්‌වෙන පරිදි සංක්‍ෂිප්තව දැක්‌විය හැක.
යනාදී වශයෙන් ප්‍රධාන භාෂා පවුල් කිහිපයක්‌ද තවත් අප්‍රධාන භාෂා පවුල් රාශියක්‌ද මෙම වර්ගීකරණයට අයත්ය. 
ප්‍රාග් ඓතිහාසික අවදියේ හා ප්‍රොටෝ ඓතිහාසික අවදියේ සිංහල අක්‌ෂර ක්‍රම හා භාෂාව. 
ඉහත දැක්‌වූ වාග් විද්‍යා ප්‍රභේදකරණයට අනුව සිංහල ඉන්දු යුරෝපානු භාෂා පවුලට අයත් වේ. එහෙත් මෙම නිබන්ධනය ම`ගින් සංක්‍ෂිප්තව සාකච්ඡා කරන ක්‍රි.පු. 12 - ක්‍රි.ව. 3 දක්‌වා වූ ආදී ඓතිහාසික අවදියෙහි අක්‌ෂර මාලාව පිළිබඳව හෝ එහි භාෂා ව්‍යවහාරය පිළිබඳව සාකච්ඡා කිරීමේදී තරමක්‌ දුරට ලෝක අක්‌ෂර ව්‍යවහාරය මෙන්ම මෙරට ලේඛන කලාවෙහි ආරම්භ පිළිබඳව තරමක්‌ දුරට සාකච්ඡා කළ යුතුය. සංකල්පීය වශයෙන් ලේඛන නිරූපනය කරමින් කළ මානව සන්නිවේදන ක්‍රියාකාරකම් පිළිබඳව ඉතිහාසය පුරාශිලා යුගය තරමට පැරණි යෑයි ලංකාව සම්බන්ධයෙන් අනුමාන කළ හැක. යම් යම් අදහස්‌ ප්‍රකාශ කිරීම සඳහා ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මිනිසුන් විසින් අඳින ලදැයි අනුමාන කරනු ලබන ගුහා චිත්‍ර ගණනාවක්‌ දැදුරුඔය නිම්න අවට අරන්කැලේ හා ගනේවිහාර භූමිවලින් හමු වී ඇත. 
මීට අමතරව ක්‍රි.පු. 2000 වඩා පැරණි නවශිලා යුගයට යෑයි අනුමාන කළ හැකි සංකේත රූප ගණනාවක්‌ දොරවක්‌කන්දෙන් හමු වී ඇත. ප්‍රෙටෝ ඓතිහාසික අවදිය වන විට ලාංකික මානවයා භාෂා ව්‍යවහාරය පිළිබඳ මනා දැනීමක්‌ ලබා තිබු අතර මෙකල සංකේතාක්‌ෂර ලේඛන ක්‍රමයක්‌ පැවති බවට සාධක පින්වැව සහ ඉබ්බන්කටුව සුසාන භූමියේ ශිලා මංජුසා පියන් මත ඇ`දි සටහන්ද අනෙයිකොට්‌ටේ ලෝහ මුද්‍රවල ඇති සංකේතවලින්ද මනාව තහවුරු වේ. 
මේවායින් ඇතැමෙක්‌ ඉන්දු නිම්නයේ සංකේතාක්‌ෂර වලට සමාන බවද පැවසේ. මීට අමතරව අනුරාධපුර ඇතුළු නුවර කැණීම්වලදී ක්‍රි.පු. 600-500 අතර කාල පරාසයට අයත් බ්‍රාහ්මී අක්‌ෂර සහිත මැටි බඳුන් කැබලි ප්‍රමාණයක්‌ ආචාර්ය ශිරාන් දැරණියගල විසින් සොයා ගෙන ඇත. මෙම සොයා ගැනීමත් සමගම ලෝකය උඩුකුරු වූ අතර බ්‍රාහ්මී ලේඛන ක්‍රමය ඉන්දියාවේ භාවිතා කිරීමට පෙර ඒවා ලංකාවේ භාවිතාවුණු බව උපකල්පනය කළ හැක. මීට අමතරව ස්‌ථර පුරා විද්‍යාත්මක සාධකවලට අනුව මෙරට ලේඛන කලාව ස්‌ථර වශයෙන් ආරම්භ වූ බව පවසන ක්‍රි.පු. 3 සියවස හෙවත් ආදී ඓතිහාසික යුගයේ බ්‍රාහ්මී ශිලා ලිපිවල ඇති පූර්ව බ්‍රාහ්මී පැරණි අක්‌ෂර අතර බ්‍රාහ්මී නොවන අක්‌ෂර සංකේත හමුවීමෙන් පෙනී යන්නේ මහින්දාගමනයට පෙර මෙරට ලේඛන ක්‍රමයක්‌ පැවති බවය. 
ලංකාවේ ගල් ගුහා ආශ්‍රිතව මෙවැනි බ්‍රාහ්මී නොවන අක්‌ෂර රාශියක්‌ පුරා විද්‍යාඥ සුදර්ශන් සෙනෙවිරත්න විසින් සොයා ගෙන ඇත. මෙම අක්‌ෂරවලින් ඇතැම් ඒවාට සමරූපීභාවයක්‌ පැරණි දකුණු ඉන්දියාවේ ත්‍රිච්නාපොලි - මධුරාපුර හා සින්නවේලි ආශ්‍රිත භූමි ප්‍රදේශවල හමු වී ඇති පුර්ව බ්‍රාහ්මී අක්‌ෂරවලද ඇත. එසේම ඉහත කී ප්‍රදේශ වලින් හමුවී ඇති උ, එ. ක, න, ප, ය, ර වැනි අක්‌ෂර වලට හැම අතින්ම සමාන අක්‌ෂර මෙරට ලෙන් වලින්ද සොයාගෙන ඇත. 
මෙම සමානකම් ගැන අදහස්‌ දක්‌වන නන්දසේන මුදියන්සේ මහතා පවසන්නේ උතුරු ඉන්දියාවේ ලේඛනයෙන් කැඩීගිය අමුතම බ්‍රාහ්මීය ලේඛන සම්ප්‍රදායක්‌ අශෝක යුගය පෙර ලංකාව ඇතුළු දකුණු ඉන්දීය ප්‍රදේශවල පැතිරී යන්නට ඇති බවයි. එසේම මෙරටින් හමු වී ඇති බ්‍රහ්මී නොවන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට සමාන අක්‌ෂර ගැන අදහස්‌ දක්‌වන පරණවිතාරනයන් පවසන්නේ හරප්පා සභ්‍යත්වය ආසන්නව විජය උපන් භූමිය පැවති හෙයින් ක්‍රි.පු. 3 පෙර ඔහු විසින් මෙරට හරප්පා සභ්‍යත්වය සමාන අක්‌ෂර ගෙන එන්නට ඇති බවත් ය. 
කෙසේ හෝ වේවා මහින්දාගමනයට පෙර මෙරට ලේඛන කලාවක්‌ පැවති බවට ලිඛිත ඓතිහාසික සාධක මහාවංසය, දීපවංශය වැනි ඓතිහාසික මූලාශ්‍රවලින් ද ලැබේ. නිදර්ශන ලෙස තමන්ට රාජාභිශේකය සඳහා ක්‍ෂත්‍රීය කුමාරිකාවක්‌ ඉල්ලා විජය රජු විසින් පාණ්‌ඩ්‍යය දේශයට ලිපියක්‌ යෑවීම, සුදුසු රජ කුමරකු ඉල්ලා විජය විසින් සුමිත්ත කුමරුට ලිපියක්‌ යෑවීම වැනි කරුණු පෙන්වා දිය හැක. එසේම අදද සිංහලයේ භාවිතා වන ඔලුව, කකුල, කට, කලව, තොල, පොත්ත. බඩ, ළිඳ, ලිප, විලුඹ, වැනි වචන ආර්යය නොවන ස්‌වදේශීය වචන බව පෙනේ. 
ඉහත කී කරුණු වලට අනුව ආදි ඓතිහාසික යුගයේ භාවිතා කෙරුණු බ්‍රාහ්මී අක්‌ෂර හා ව්‍යවහාරයන එය දායාද කොට දුන්නා යෑයි පවසන මහින්දාගමනට පෙර සිටම දායාද වූ බව කිව හැක. විශේෂයෙන්ම බ්‍රාහ්මී අක්‌ෂර මාලාව හරප්පා රූපාක්‌ෂර වලින් සකස්‌ වූ බවත් එසේ සකස්‌ වීමෙන් පසුව ඉන්දියාව පුරා භාවිතයට ගැනුනු බවත් බහුතර පුරාක්‌ෂර විද්‍යාඥ මතයයි. ප්‍රාදේශික අනන්‍යතා ඇතිව ඒවා හැඩ ගැසුනු අතර ද. ඉන්දියානු බ්‍රාහ්මී අක්‌ෂර දෙරට පැවති සබඳතා හෙයින් මෙරටට සංක්‍රමණය වන්නට ඇතැයි තර්ක කළ හැක. 
ඒ හෙයින් මෙරට ජනතාවගේ සාක්‌ෂරතාවය මහින්දාගමනය සීමා කිරීම තර්කගෝචර නොවේ. එසේ ලක්‌දිව භාවිතයේ තිබුණු අක්‌ෂර මාලාව බෞද්ධ ධර්ම දූතයන් වහන්සේලාගේ පැමිණීමෙන් පසුව වෙනත් මූලයන්ගේ බලපෑමත් ආභාසයත් ඇති ව වර්ධනය වූ සේ ගැනීම වඩාත් තර්කගෝචර වෙයි. එබැවින් ආදි ඓතිහාසික අවදියේ අක්‌ෂර මාලාව හා භාෂා ව්‍යවහාරය පිළිබඳව සාකච්ඡා කරන විට එහි අභිවර්ධනයේලා කිසියම් දුරකට මහින්දාගමනය පෙර සිට වර්ධනය වෙමින් පැත ආ ලේඛන ව්‍යවහාරයක්‌ හේතු වන බව නිගමනය කළ හැක. 

---ගාමිණි වසන්ත වැන්දකෝන් මුණු පොතට.
ඉසුරු හේරත්
A day in the life

2025-05-27

පපුවේ කැක්කුම


ඔයාලා හිතන්නේ හාට් ඇටෑක් එකක් ආවම අපට රෝග ලක්ෂණයක් විදියට දැනෙන්නේ පපුවේ කක්කුම විතරක් කියලද ?
නෑ..එහෙම නෑ..හාට් ඇටෑක් එකක් එන්න පුලුවන් නොයෙක් නොයෙක් විදි කීපයක් තියෙනවා.
ඔන්න අද කියන්න යන්නේ ඒ ගැන..

2025-05-23

යුද්ධ හමුදා බුද්ධි අංශය.



එල්ටීටීඊ නැව්, සුදු වෑන් සහ යුද්ධ හමුදා බුද්ධි අංශය.
රටේ බුද්ධි අංශ දුර්වලයි, කියන පෝස්ට් කිහිපයක් ශෙයා වෙනව දැක්කා... අපේ බුද්ධි අංශ කොච්චර ශක්තිමත් ද කියල කියන්න පොඩි උදාහරණයක් දෙන්නම්...
එල්ටීටීඊ සංවිධානයේ කොදු නාරටිය වුන ලෝකය පුරා දැවැන්ත ජාලයක් විදියට ඉතා ශක්තිමත් ලෙස පැතිරිල තිබ්බ සැපයුම් ජාලය අක්‍රීය කිරීමේ මෙහෙයුම ඒවගෙන් එකක්... හුගක් අය දන්නෙ නාවික හමුදාවෙන් මූදෙදි නැව් වලට පහර දීල විනාශ කලා කියන එක විතරයි.
ඔය විනාශ කරපු හැම නැවක් පිටිපස්සෙම හුගක් සංකීර්ණ කතා ගොඩක් තියෙනවා…

2025-05-22

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ .


(අන්තර්ජාල අධ්‍යාපනික සගරාව sinhala subjects ඇසුරෙන්.)


නිදහස ලැබීමෙන් පසුව වූවත් අප රට තුළ ක්‍රියාත්මක වූයේ 1946 ලංකා රාජාඥාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1947 ලංකා නිදහස් පනත ඇතුළු තවත් අණ පනත් කිහිපයක් එක් කොට සකස් කරනු ලැබූ ආණ්ඩුක්‍රමය 1948 නිදහස ලැබීමෙන් පසුවද ක්‍රියාත්මක වූයේය.
එම ව්‍යවස්ථාව 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වන තෙක්ම ක්‍රියාත්මක විය.


2025-05-21

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ .



හතර වන ඊළාම් යුද්ධයේදී ත්‍රස්තයන් බියෙන් සලිත කළ, ත්‍රස්ත පාලන ප්‍රදේශ තුළට ඇතුල් වී අදහාගත නොහැකි ප්‍රහාර එල්ල කළ 6 දෙනාගෙන් හෝ 8 දෙනාගෙන් යුත් යුද්ධ හමුදා විශේෂ බලකා කුඩා කණ්ඩායම් පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්. එම ඒකකය හඳුන්වන්නේ විශේෂ බලකා රෙජිමේන්තුවට අයත් දිගු දුර විහිදුම් බළකාය ලෙසයි. (Long Range Reconnaissance Patrol – LRRP) මහසොහොන් බළකාය ලෙස හඳුන්වන්නේ ද මෙයයි. සතුරන්ගේ ප්‍රධාන නායකයන් ඉලක්ක කිරීම, ඔවුන්ගේ වැදගත් කඳවුරු සොයා පහරදීම හා විශාල කඳවුරු පිළිබඳ සොයා බලා ගුවන් හමුදාවට තොරතුරු සැපයීම ආදිය සිදු කිරීම මහසොහොන් බලකායේ විශේෂ රාජකාරී වෙනවා.

2025-05-20

ඓතිහාසිකවු විශ්මජනක තීරණය.





"ඔවුන් එදා අපට දුන් පණිවුඩය තර්ජනයක් වගේ. එංගලන්ත විදේශ ඇමැති මිලිබෑන්ඩ් කීවා "ජනාධිපති මහත්මයා අපි මෙතනට ආවේ ඔබට සමස්ත ලෝක ජනතාව ගේ පණිවුඩයක් ලබා දෙන්නයි. ඔබ වහාම මේ සමූල ඝාතනය නතර කළ යුතුයි." කියලා එයා දැඩිව ප්‍රකාශ කළා.

2025-05-19

සෙනසුරා



එක්තරා සරුසාර ගමක හිටි හැටියේ විශාල සාගතයක් ඇති විය. සියළු භවභෝග සම්පත් විනාශ වී ගියේය. ගවයන් එළදෙනුන් නොදන්නා රෝග හැදී මිය ගියෝය. මෙයට හේතුව ගමේ සිටින යම්කිසි කාලකන්ණි පවුලක් යයි සිතූ ගම් ප්‍රධානියා, එම ගම දෙකට බෙදුවේය. කෙමෙන් එම ගමේ එක පැත්තක් සෞභාග්‍යය ලබා ගත්තේ, ගමේ අනෙක් පැත්තට හිටි අඩියේ දැවැන්ත වර්ෂාවක් කඩා වැටී, එහි තිබුණු වැවේ බැම්මද කැඩී ගියේය.
කාලකන්ණි යයි සලකන පවුලක් ගමේ ඒ පැත්තේ සිටී යයි සිතූ මිනිසුන්, මේ ආකාරයට ගමේ සිටිය හැකි අවාසනාවන්තම පවුල කෙමෙන් තේරුහ. ඒ පවුල තෝරන තුරාවට ගමෙන් එක් භාගයක් අවාසනාවෙන් පෙළුණි. අවසානයේ ඉතිරි වූයේ කණවැන්දුම් ගැහැනියක් සහ ඇයගේ කුඩා පුතා පමණි. මුළු ගමටම හෙණයක් වූ මේ අම්මා සහ පුතා ඒ ගම් පළාතෙන්ම නෙරපන ලද්දේය. දැන් ඔවුන් ජීවත් වන්නේ හිඟමන් යැදීමෙනි. එහෙත් හිඟමන් යැදීමට මේ දරුවා එකතු කරගෙන යනවිට කිසි දිනෙක මවටද හිඟමන් ලැබුනේ නැත.
එසේ හෙයින් ඇය කීවේ, තනිවම ගොස් ඔහුගේ ජීවිතය බලා කියා ගත යුතු බවය. ඔහු ගමෙන් ගමට හිඟමනේ ගොස් බොහෝ දුක් විඳ, සිඟමන් යැදීමට වඩා තමා විසින්ම වැර වෑයමෙන් මහන්සි වී යමක් කර ජීවිතය නඩත්තු කල යුතු යයි සිතුවේය. දැන් මේ දරුවා කෙමෙන් උස මහත්වූ, තාරුණ්‍යයේ එළිපත්තට පැමිණි කෙනෙකි. 
කිසිම කෙනෙක් නොයන කැලෑ මායිමක ඔහු හේනක් අටවා ගත්තේය. එහි ඇති කැලෑව කපා, බිම සකස් කර පාත්ති දැමූ ඔහු, උඳු වැපිරුවේය. දැන් උඳු වගාව සරුවට වැවී ගෙන එයි. උඳු නෙලීමේ කාලය එනවිට ඔහු ඊට ලැහැස්ති වූයේය. නමුත් ඔහුගේ අවාසනාවට උඳු නෙලීමට යාබද ගම් වල කිසි කෙනෙක් ඔහුගේ සහායට නොපැමිණීයහ. උඳු ඉක්මනින් නෙළිය යුතුය. තරුණයා මහන්සි නොබලා උඳු නෙලීම ආරම්භ කළේය. දින කීපයකින් හේනේ තිබුණු සියළු උඳු නෙලා අවසාන කල ඔහු ඒ සියල්ල එක ගොඩකට එකතු කළේය. 
අවසාන දිනයේ ඔහු බොහෝ විඩාවට පත් වුවද, ඔහු ඒ දැවැන්ත උඳුගොඩ දෙස බලා සිටියේ මහත් සතුටිනි. හෙට දිනයේ උඳු සුද්ද කර පොළට ගොස් විකිණිය යුතුය සේ ඔහු සිතුවේය. එම මළ හිරු බසින සැන්දෑවේ ඔහුගේ හේන දෙසට කොර ගසමින් එන කළු පැහැ අපිරිසුදු යාචකයෙකි. ඔහු මේ තරුණයා අසලට විත් මෙසේ කීවේය. … “උඳු ගොඩ කොපමණ ලොකු වුනත්, ගොඩින්ම ලාහයි…! … කියා හේ බස්නාහිර දෙසට හැරී නොපෙනී ගියේය. 
මේ කියමන සහ යාචකයා ගැන උනන්දුවෙන් බලා සිටි තරුණයා ඒ යාචකයා ගේ ලකුණු ගැන සිතුවේය. ඔහු එන විට කපුටන් රැළක් පැමිණි බවද, ඔහුගේ ඇස් කහ පැහැ බවද, උසැති කෙනෙක් බවද, නහර ඉල්පී ගිය අවාසනාවන්ත හිඟන පෙනුමක් ඇති කෙනෙක් බවද ඔහු දුටුවේය. හේ කවරෙක්වත් නොව, අවාසනාව ගෙනෙන ‘සෙනසුරා’ බව තරුණයා අවබෝධ කර ගත්තේය. 
මෙතෙක් මහන්සි වී වවා ගත් උඳුගොඩෙන් ලැබෙන්නේ එකම එක ලාහක් බව දැන ගැනීම ඔහුගේ සිත පාරවන්නක් විය.
එහෙත් ඔහු ඉන් සැලුනේ නැත. ඔහු දිගින් දිගටම හිඟන්නා කියූ දෙය ගැන කල්පනා කළේය. අවසානයේ, ඔහුට හොඳ නුවණක් පෑදිණ. එනම් මහන්සි නොබලා මේ උඳුගොඩ වෙනස් කල යුතු බවය. ඔහු ඒ උඳුගොඩ කුඩා උඳුගොඩවල් දහස් ගණනකට වෙන් කළේය. පසු දින තරුණයා වීර්යයෙන් යුතුව උඳු සුද්ද කිරීම ආරම්භ කර විශාල උඳු අස්වැන්නක් ලබා ගත්තේ, ඒ හැම කුඩා උඳුගොඩ කින්ම ලාහ බැගින් උඳු ලැබීමෙනි. උඳු අස්වැන්නෙන් ලැබුණු මුදලෙන් තරුණයාගේ දියුණුව ආරම්භ විය. 
කලකට පසු දුක් විඳින තරුණයා දැකීමට එහි පැමිණි සෙනසුරා දුටුවේ, රජ සැප විඳින තරුණයාය. සෙනසුරා ඔහුට නමස්කාර කර නොපෙනී ගියේය.
කළුතර දිස්ත්‍රික්කයේ ඇති මේ ගම්මානයට අද දින ‘උඳුගොඩ’ යයි කියති. 
මේ කතාව පටබැඳි කතාවක් වෙන්න ඇත. එහෙත් මෙයින් ගත හැකි දේවල් තිබේ. එකක් වන්නේ ජ්‍යෝතිෂයේ කියැවෙන ශනි ගේ ස්වභාවය හෙවත් දුක් දෙන ස්වභාවය මිනිසෙක්ට බලපාන අයුරුයි. ඒ තරුණයා මහන්සි නොවුවා නම් දුක් පීඩා වලින්ම ඔහු මිය යන්නට ඉඩ තිබිණි. අනෙක් අතට හින්දු ජ්‍යෝතිෂයේ දැක්වෙන්නේ සහ විශේෂයෙන් පෙන්වා දෙන්නේ ‘කර්මය’ යන නියාමය ගැන පමණි. 
එහි පෙන්වන කර්ම ශුන්‍ය කර ගැනීමේ පුද පූජා විධි තිබුනද, බොහෝ පුද පූජා විධි බ්‍රාහ්මණයන්ට ලාභ ලැබෙන සේ සකස් කර ඇති බව පැරණි පොත් පත් බලන විට පෙනේ. 
ඒ පූජාවන්ට වැඩියෙන්ම රැවටෙන්නේ දේශපාලනඥයන් ය. ඉන්දියානුවන් පමණක් නොව ලංකාවේ දෙස්පාලුවන්ද, තිරුපති වැනි ස්ථාන වලට ගොස් රැවටෙනවා අප දැක ඇත්තෙමු. ඕනෑම මිනිසෙක් තමා උපතින් ගෙන ආ කර්ම රාශියක් ඇත. ඒවා වෙනස් කිරීමට තිරුපති යෑම හෝ විශාල මිළක් වැයවෙන පූජා කිරීමේ තේරුමක් නැත. ඒවා කරන්නට හැකි ක්‍රමය ඉහත කී තරුණයා කර පෙන්වූයේය. 
ඉහත කතාවෙන් නම් පෙනෙන්නේ ශනි හෙවත් සෙනසුරා ට එපමණ මොළයක් නැති බවත්, උට්ඨාන වීර්යයෙන්ම සෙනසුරා පැරදවිය හැකි බවත්ය. 
සටහන - Lalith Karunaratna

A day in the life

2025-05-18

මහා කවි පැබ්ලෝ නෙරුදා




මහා කවි පැබ්ලෝ නෙරුදාගේ 
1973 සැප්තැම්බර් 23 වැනි දින පෙරවරු 11. 30ට කවියාගේ හදවතේ ගැස්ම නතර විය. 
එදින රාත්‍රියේම හමුදා නිලධාරීහු ඔහුගේ නිවසට කඩාවැදුණහ. නිවසේ දොරටු සුනුවිසුනු කරනු ලැබූ අතර අතට අසුවූ සෑම පොතක්මල අත්පිටපතක්ම ඔවුන්ගේ භාරයට ගනු ලැබිණ. ඔවුන්ට බිය ගෙනදුන් කවි අඩංගු ලේඛන ඉරා දමනු ලැබීය. නිවසේ තිබූ පැබ්ලෝ පිකාසෝගේ චිත්‍රල පැරණි ඉන්දීය පිඟන් භාණ්ඩ විනාශ කර දමනු ලැබීය. අනතුරුව ඔවූහු නිවසින් පිටව යෑමට පෙර නිවසේ සියලු ජල කරාම විවෘත කළහ. 

චිලී රාජ්‍යයේ මහා කවි පැබ්ලෝ නෙරුදාගේ අවසන් ගමන. 

මහා කවි පැබ්ලෝ නෙරූදාගේ මෘත දේහය බහාලූ පයින් ලීයෙන් නිමවුණ චාම් දෙණ ශාන්ත ක්‍රිස්ටෝපල් කන්දේ පිහිටි ඒ වනවිට වතුරෙන් යටව තිබූ ඔහුගේ නිවසේ තැන්පත් කරන ලදී. නිවසේ බිම වතුර පිරී තිබූ බැවින් කිවියාගේ හිතවත්තු ලෑලි දමා ඒ මතට නැග මෘත දේහය වටා සිටගත්හ. නිවස වටා ජනතාව රැස්වීමට පටන් ගත්හ. කවියාට අවසාන ගෞරව දැක්වීමට පැමිණි බව ඔවූහු පැවසූහ. නිවස මුර කළ කැරිබියන් හමුදාව, පිරිස පලවා හැරීමට උත්සාහ කළහ. එහෙත් එම පිරිස මෘත දේහය පසුපසින් සොහොන් බිම දක්වා ගමන් කිරීමට උසස් හමුදා නිලධාරීන්ගේ අවසරය පැතුහ. 

එම අවසරය ලැබීමෙන් පසු අවමංගල පෙරහැර පිටත් විය. මැෂින් තුවක්කු ගත් සොල්දාදුවන් සහ කැරිබියන් හමුදාව, පිරිස වටා සිටිමින් රැකවල් කළහ. ජීවත්ව සිටි නෙරූදාට වඩා මියගිය නෙරූදාට ඔවූහු බිය වූහ. 

ශාන්ත ක්‍රිස්ටෝපල් කන්දේ පිහිටි කවියාගේ නිවසේ සිට සොහොන් බිමට දුර කිලෝ මීටර් තුනක් පමණ විය. මෘත දේහය රැගෙන ගිය ම. දෙපස නිවෙස්වල දොර කවුළු වසා අඳුරු කොට තිබිණ. සැප්තැම්බර් 25 වැනිදා කවියාගේ අවමඟුල සිදුවන බව නගරවාසීන් නොදැන සිටියා නොවේ. කවියාගේ නිවසේ සිට සොහොන් බිම දක්වා මාර්ගය ද ඔවූහු දැන සිටියහ. එහෙත් මාවත්වල කණ්ඩායම් වශයෙන් ගැවසීම තහනම් කර තිබිණ. 
මෘත දේහය පසුපස ගමන් කළ පිරිස ක්‍රමයෙන් වැඩිවිය. කවියාගේ නිවසින් පෙරහැර පිටත්වන විට ඒ පිටුපස ගමන් කළේ ස්වල්ප දෙනකු නමුදු සොහොන් බිම දොරටුව වෙත ළඟාවන විට පිරිස දෙදහස ඉකමවා ගියේය. 

1973 සැප්තැම්බර් 11 දින සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු චිලී රාජ්‍යය තුළ සහෝදරයා යනුවෙන් ඇමතීම තහනම් විය. 
එහෙත් මෘත දේහය පිටුපස ගමන් කළ පිරිසගෙන් කෙනෙක් පැබ්ලෝ නෙරූදා සහෝදරයා අප සමගයි කියමින් කෑගැසුවේය. ඒ සමග රැස්ව සිටි පිරිස පැබ්ලෝ නෙරූදා සහෝදරයා අප සමගයි කියමින් කෑගැසූහ. හදිසියේම එම පාඨය ලියැවුණ රෙදිකඩක් පිරිස අතරින් එසවිණ. 

චිලී රාජ්‍යයේ මහා කවි පැබ්ලෝ නෙරුදාගේ අවසන් ගමන. 

සොල්දාදුවෝ පිරිස වටකොට මුර කළ නමුදු පිරිසට අවහිර කිරීමට බිය වූහ.
සොහොන් බිමට අවමංගල පෙරහැර ඇතුළු වනවිට සොල්දාදුවන් සහ කැරිබියන්වරු දහස් ගණනක් ගේට්ටු මුර කළහ. සෑම මිනී වළක් අසලම යකඩ තොප්පියක් හිස ලා ගත් සෙබළෙක් විය. සෑම සිහිවටනයක්ම මුවා කොට රයිපලයක් හෝ මැෂින් තුවක්කුවක් පිරිස දෙසට එල්ල කොට තිබිණ.

සම්ප්‍රාදායික දම්වැල්වලින් අපි බැඳී නොසිටිමු. වහලුනි නැගිටිව්. තවදුරටත් වහලුන් ලෙස නොසිටිව්” පිරිසගෙන් කෙනෙක් එම ගීතය ගෑයීමට පටන් ගත්තේය. සියල්ලෝම ඊට එක්වූහ. 

ඒ සමගම හමුදා පොලිස් නිලධාරීන් පිරිවරා ගත් ට්‍රක් රථ සොහොන් බිමට පැමිණියේය. ඒ වනවිට කවියාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි සිටි පිරිසට වඩා සොල්දාදුවන් ගණනින් වැඩි විය. එහෙත් අවමංගල උත්සවයට බාධා කිරීමට ඔවූහු උත්සාහ නොකළහ. 
අනතුරුව පැබ්ලෝ නෙරූදාගේ පද්‍ය පන්ති කිපයක් ගායනා කිරීමෙන් පසු ඔහුගේ දේහය තැන්පත් කොට අවසන් ගෞරව දක්වනු ලැබීය.

කවියාගේ අවමඟුල සිදුවන අතර සන්තියාගෝවේ සන් බරෝඩා නේවාසිකාගාරයේදී හමුදා නිලධාරීහු කවියාගේ සියලු පොත් ගිනිබත් කළහ. 

💗💗(පැබ්ලෝ නෙරූදා කෙටි කලක් මෙරට චිලී තානාපති ලෙස කටයුතු කළේය. 
එම වකවානුව තුළ එතුමා මහනුවර සහ ගාල්ලේ සංචාරය කළ බව වාර්තාගතය.) 
බොබී ජී. බොතේජු


A day in the life

2025-05-15

හොසෙ මුජිකා.- ජනාධිපති බොලිවීයා රාජ්‍යය.








 


 

 



මුණු පොතට වියමන් කලේ :
Shanaka Madhushan Liyanagama
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හවස කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතයි. ඊට කළින් එතුමා තමන්ගෙ කලිසම්, කමිස ටික හෝදලා එළියෙ රෙදි වැලේ දැම්මා. එළිපත්තේ ගොඩගැසුණු කිලිටි රෙදි ගොඩ හිස් වීම නිසා ජනාධිපතිතුමා හිටියෙ සැහැල්ලුවෙන්.
ජනාධිපති ආරක්ෂක බලකාය තම රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටිනවා. බලකායක් කිව්වට ඒකෙ ඉන්නෙ පොලිස් භටයන් දෙන්නෙක් විතරයි.
ජනාධිපතිතුමාගේ නිවසට හැරෙන පටුපාර ළඟ ඇති බස් හෝල්ට් එකේ වාඩි වෙලා සිගැට්ටුවක් බොමින් ඔවුන් බලා සිටින්නේ ජනාධිපතිතුමාගේ පරණ Volkswagen කාර් එක පිටුපසින් පසු ගමන් අරඹන්න.



ජනාධිපතිතුමා හමු වීමට යන අයෙකුට අක්‍රමවත්ව තණකොළ වැවුණු මිදුලේ පරණ ට්‍රැක්ටරයක් නවතා තිබෙනවා දකින්න ලැබෙනවා. ට්‍රැක්ටරය කැඩුනාම බාස් කෙනෙක් නැතිව ඒක හදාගන්න ජනාධිපතිතුමාට පුළුවන්.ඒ ට්‍රැක්ටරය වගේම ගෙමිදුලේ පුංචි ගොවිපලත් ජනාධිපතිතුමා විසින් හොඳින් නඩත්තු කළා.ඒකෙන් එන ආදායමෙන් තමයි එතුමා සහ ආර්යාව දිවි ගැට ගහ ගත්තේ.
මොන්තෙවීඩියෝ නගරයට ඈතින් පිහිටි තම ආර්යාවට අයිති පිටිසර ගොවිපලේ පිහිටි කොළ පැහැති තහඩු සෙවිළි කළ කුඩා නිවසේ තමයි උරුගුවේ ජනාධිපතිවරයා ජීවත්වුණේ.. කුඩා ගොවිපලත්, ට්‍රැක්ටරයත්, පරණ Volkswagen කාරයත් හැර වෙනත් කිසිදු දේපලක් ඔහුට තිබුණේ නැහැ.
2010 වර්ෂයේදී, රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරන්නන්ගේ වත්කම් ප්‍රකාශනය එළිදැක්වීමේදී නිලධාරීන් දැඩි ලෙස වික්ෂිප්ත වී ගියා. හොසේගේ වත්කම් ප්‍රකාශයේ සදහන් කිරීමට තිබුණු එකම වත්කම ඇ.ඩොලර් 1800 ක ක්ෂය වටිනාකමක් සහිත Volkswagen මෝටර් රථය පමණයි.



උරුගුවේ හිටපු ජනාධිපති හොසෙ මුජිකා ලෝකයා විසින් හඳුනා ගන්නේ ලොව දුප්පත්ම ජනපති ලෙසයි.ඔහුට උරුගුවේ ජනතාව ආදරයට ඇමතුවේ පෙපේ (El Pepe) කියලා.
හොසෙ මුජිකා හෙවත් එල් පෙපේ උපන්නේ 1935 දී. පියා දුප්පත් ගොවියෙක්. බංකොලොත් වූ ගොවියෙක් ලෙස පියා මියයන විට හොසේගේ වයස අවුරුදු පහයි.
හැටේ දශකයේ අග භාගයේදී තරුණ හෝසෙ MLT-Tupamoros නම් ගරිල්ලා සංවිධානයක සාමාජිකයෙක් වුණා. MLT-Tupamoros කියන්නේ කියුබානු විප්ලවයෙන් පන්නරය ලැබූ වාමාංශික සංවිධානයක්. හොසේව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණියා.
දැඩි සටනකින් පසු ඔහු අත්අඩංගුවට පත් වන විට හොසේගේ සිරුර තුළට වෙඩි උණ්ඩ හයක් ඇතුළු වී හමාරයි.තුවාල සුවපත් වූ පසු හොසේ හිර ගෙදරින් පැන ගියේ උමඟක් කපා ගෙන.නැවත නැවතත් හිර ගත වූ හොසේ හිර බත් කෑ අවුරුදු 14 තුළ හතර වතාවක් ම පලා ගියා.
1985 දී මේ ලතින් ඇමෙරිකානු රාජ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදය උදා වුණා.ඒ සමඟ නිදහස ලැබූ හොසේ මුජිකා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක් වුනා.2010 වන විට ඔහු උරුගුවේ ජනාධිපතිවරයා බවට පත්වුණා.ඔහු 2015 දී විශ්‍රාම යන තුරුම රට පාලනය කළේ පෙර කියපු පිටිසර ගොවිපළේ සිට.
එල් පෙපේ අපේ රටේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගැනවත් අහල තිබුණු කෙනෙක් නෙවෙයි.එතුමා දුප්පත් කිව්වට ජනාධිපතිවරයා ලෙස ඔහුට ලැබුණු මාසික වැටුප ඇමෙරිකානු ඩොලර් 12000ක්.
එහෙනම් කොහොමද උන්නැහේ දුප්පත් වුණේ..
ඔහු තමන්ට ලැබෙන මාසික වැටුපෙන් සියයට අනූවක් ම ආපසු දුන්නේ ජනතාවගේ සුබ සිද්ධියට. ඒ මුදල මාස් පතා බෙදී යන්නේ අඩු ආදායම් ලාභීන් සහ කුඩා ව්‍යාපාර හිමියන් අතර.එල් පෙපේ තමන්ට ජීවත් වීමට අතට ගත්තේ පඩියෙන් සියයට දහයයි. ඒ කියන්නේ උරුගුවේ ජාතිකයෙකුගේ සාමාන්‍ය ආදායම. ආර්යාවගේ වියදම සරි කර ගන්න ගොවිපළ ප්‍රමාණවත් වුණා.
අගනුවර පිහිටි සුඛෝපභෝගී ජනාධිපති මන්දිරය ප්‍රතික්ෂේප කළ එල් පෙපේ පිටිසරට ගොස් ගෙවල් කීපයක් එකතු කර මන්දිරයක් හදාගත්තෙ නැහැ.
ලොව ජනාධිපතිවරුන්ගේ මන්දිර ඉදිරිපිට සාමාන්‍යයෙන් ඇති කැඩිලැක්, මර්සිඩීස් බෙන්ස්, ජගුවාර් වැනි සුඛෝපභෝගී වාහන එල් පෙපේගෙ නිවස අසළ නවතා තිබුණේ නැහැ.ඔහුට වෙනම රියදුරෙකුත් නැහැ.
තනිවම පදවා ගෙන යන පරණ වොක්ස්වැගන් මෝටර් රථයෙන් තමයි ජනාධිපතිවරයා රාජකාරී කටයුතු වලට ගියේ.




පස්සෙ කාලෙක මේ පරණ කාර් කට්ටට අරාබියේ ෂෙයික් වරයෙකුගෙන් හොඳ ඔෆර් එකක් ලැබුණා. ඔහු ඩොලර් මිලියනයකට මේ මෝටර් රථය මිල දී ගන්න උත්සාහ කළේ එය ජනාධිපතිවරයෙකුගේ වාහනයක් නිසා. එසේ නොවුනා නම් මේ පරණ වාහනය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකක් විතර වෙයි.

එල් පෙපේ ටික දවසක් කල්පනා කරලා වාහනය ඉහළ ඉල්ලුමට විකුණන්න තීරණය කළා.එයින් ලැබුණු මුදලත් ඔහු ජනතාවට ම ලබා දුන්නා.
අවුරුදු 75 දී උරුගුවේ ජනාධිපතිවරයා වූ එල් පෙපේට රකින්නට පරම්පරාවක් හිටියේ නැහැ.ඔහුට දරුවන් හිටියෙ නැහැ.
නිවස තුළ සහ ගෙවත්තේ ආරක්ෂාවට ඉන්නේ උරුගුවේ ජනාධිපතිවරයාගේ කලණ මිතුරා වන මැනුවෙල් නම් වූ බලු සුරතලා පමණයි.ඒ බලු සුරතලාටත් ඇත්තේ කකුල් තුනයි. මේ කකුල් තුනේ ආබාධිත ‘මැනුවෙල්’ උරුගුවේ ජනතාව අතර හරිම ජනප්‍රියයි.
හොසේ පවසන පරිදි ලෝකයේ අවසාන දවස උදාවුවත් දේශපාලකයන්ගේ ධන තණ්හාවනම් නිමා වන්නේ නැහැ.
එහෙම ලෝකයක හොසේ මුජිකා කියන්නේ පුද්ගලයෙකුට එහා ගිය ඇත්තටම දේශපාලන න්‍යායක්.
දුප්පතුන් වෙනුවෙන් විප්ලව කළ ඔහූ ජනාධිපති වීමෙන් පසුවත් එම වැඩපිළිවෙළම ගෙන ගියා.කීර්තියේ හිනිපත්තේ සිටියදී ඔහු 2015 දී ජනාධිපතිධූරයෙන් විශ්‍රාම ගියා.අදත් ඔහු තම පිටිසර ගොවිපළේ සතුටින් ජීවත් වෙනවා.
අත් හැරීම කුමක්දැයි පූජකයන්ට පවා ඉගෙන ගත හැකි ආගමක් තමයි හොසේ මුජිකා කියන්නේ.
ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා ලෙස තමන්ව හංවඩු ගහනවාට උරුගුවේ ජනාධිපතිවරයා අකමැතියි.
“මගේ ජීවිතේ වැඩි හරියක් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදියට. තියන දෙයින් මම හොඳට ඉන්නවා. මම දුප්පත් කියල මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වා ගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.”
ඇත්තටම හොසේ මුජිකා (jose alberto mujica hose muhika) කියන්නේ ලොව පොහොසත්ම ජනාධිපතිවරයා කිව්වොත් නිවැරදියි.
(මුල් ලිපිය 2020)





හොසෙ මුජිකා මිය ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 89 කි.

A day in the life

රෝහණ විජේවීර කෙනෙකුන් නොහිටියා නම්.......


මෙම ප්‍රශ්නයට කෙටි සහ සරල පිළිතුරු දෙන ඇතැම් අයට නම් ඇත්තේ එකම පිළිතුරකි. “එහෙම වුනා නම් රටට මේ වින්නැහි එකක්වත් නැහැ; රට අගේට තියෙයි” යනු ඒ පිළිතුර විය හැකිය. එහෙත් එවැනි පිළිතුරක් දෙන අයට තම මතය තහවුරු කිරීමට සාධාරණ හේතු ඉදිරිපත් කළ නොහැකිය. මන්ද? යථාර්ථය එය නොවන නිසයි.