ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-05-20

ඓතිහාසිකවු විශ්මජනක තීරණය.





"ඔවුන් එදා අපට දුන් පණිවුඩය තර්ජනයක් වගේ. එංගලන්ත විදේශ ඇමැති මිලිබෑන්ඩ් කීවා "ජනාධිපති මහත්මයා අපි මෙතනට ආවේ ඔබට සමස්ත ලෝක ජනතාව ගේ පණිවුඩයක් ලබා දෙන්නයි. ඔබ වහාම මේ සමූල ඝාතනය නතර කළ යුතුයි." කියලා එයා දැඩිව ප්‍රකාශ කළා.

2025-05-19

සෙනසුරා



එක්තරා සරුසාර ගමක හිටි හැටියේ විශාල සාගතයක් ඇති විය. සියළු භවභෝග සම්පත් විනාශ වී ගියේය. ගවයන් එළදෙනුන් නොදන්නා රෝග හැදී මිය ගියෝය. මෙයට හේතුව ගමේ සිටින යම්කිසි කාලකන්ණි පවුලක් යයි සිතූ ගම් ප්‍රධානියා, එම ගම දෙකට බෙදුවේය. කෙමෙන් එම ගමේ එක පැත්තක් සෞභාග්‍යය ලබා ගත්තේ, ගමේ අනෙක් පැත්තට හිටි අඩියේ දැවැන්ත වර්ෂාවක් කඩා වැටී, එහි තිබුණු වැවේ බැම්මද කැඩී ගියේය.
කාලකන්ණි යයි සලකන පවුලක් ගමේ ඒ පැත්තේ සිටී යයි සිතූ මිනිසුන්, මේ ආකාරයට ගමේ සිටිය හැකි අවාසනාවන්තම පවුල කෙමෙන් තේරුහ. ඒ පවුල තෝරන තුරාවට ගමෙන් එක් භාගයක් අවාසනාවෙන් පෙළුණි. අවසානයේ ඉතිරි වූයේ කණවැන්දුම් ගැහැනියක් සහ ඇයගේ කුඩා පුතා පමණි. මුළු ගමටම හෙණයක් වූ මේ අම්මා සහ පුතා ඒ ගම් පළාතෙන්ම නෙරපන ලද්දේය. දැන් ඔවුන් ජීවත් වන්නේ හිඟමන් යැදීමෙනි. එහෙත් හිඟමන් යැදීමට මේ දරුවා එකතු කරගෙන යනවිට කිසි දිනෙක මවටද හිඟමන් ලැබුනේ නැත.
එසේ හෙයින් ඇය කීවේ, තනිවම ගොස් ඔහුගේ ජීවිතය බලා කියා ගත යුතු බවය. ඔහු ගමෙන් ගමට හිඟමනේ ගොස් බොහෝ දුක් විඳ, සිඟමන් යැදීමට වඩා තමා විසින්ම වැර වෑයමෙන් මහන්සි වී යමක් කර ජීවිතය නඩත්තු කල යුතු යයි සිතුවේය. දැන් මේ දරුවා කෙමෙන් උස මහත්වූ, තාරුණ්‍යයේ එළිපත්තට පැමිණි කෙනෙකි. 
කිසිම කෙනෙක් නොයන කැලෑ මායිමක ඔහු හේනක් අටවා ගත්තේය. එහි ඇති කැලෑව කපා, බිම සකස් කර පාත්ති දැමූ ඔහු, උඳු වැපිරුවේය. දැන් උඳු වගාව සරුවට වැවී ගෙන එයි. උඳු නෙලීමේ කාලය එනවිට ඔහු ඊට ලැහැස්ති වූයේය. නමුත් ඔහුගේ අවාසනාවට උඳු නෙලීමට යාබද ගම් වල කිසි කෙනෙක් ඔහුගේ සහායට නොපැමිණීයහ. උඳු ඉක්මනින් නෙළිය යුතුය. තරුණයා මහන්සි නොබලා උඳු නෙලීම ආරම්භ කළේය. දින කීපයකින් හේනේ තිබුණු සියළු උඳු නෙලා අවසාන කල ඔහු ඒ සියල්ල එක ගොඩකට එකතු කළේය. 
අවසාන දිනයේ ඔහු බොහෝ විඩාවට පත් වුවද, ඔහු ඒ දැවැන්ත උඳුගොඩ දෙස බලා සිටියේ මහත් සතුටිනි. හෙට දිනයේ උඳු සුද්ද කර පොළට ගොස් විකිණිය යුතුය සේ ඔහු සිතුවේය. එම මළ හිරු බසින සැන්දෑවේ ඔහුගේ හේන දෙසට කොර ගසමින් එන කළු පැහැ අපිරිසුදු යාචකයෙකි. ඔහු මේ තරුණයා අසලට විත් මෙසේ කීවේය. … “උඳු ගොඩ කොපමණ ලොකු වුනත්, ගොඩින්ම ලාහයි…! … කියා හේ බස්නාහිර දෙසට හැරී නොපෙනී ගියේය. 
මේ කියමන සහ යාචකයා ගැන උනන්දුවෙන් බලා සිටි තරුණයා ඒ යාචකයා ගේ ලකුණු ගැන සිතුවේය. ඔහු එන විට කපුටන් රැළක් පැමිණි බවද, ඔහුගේ ඇස් කහ පැහැ බවද, උසැති කෙනෙක් බවද, නහර ඉල්පී ගිය අවාසනාවන්ත හිඟන පෙනුමක් ඇති කෙනෙක් බවද ඔහු දුටුවේය. හේ කවරෙක්වත් නොව, අවාසනාව ගෙනෙන ‘සෙනසුරා’ බව තරුණයා අවබෝධ කර ගත්තේය. 
මෙතෙක් මහන්සි වී වවා ගත් උඳුගොඩෙන් ලැබෙන්නේ එකම එක ලාහක් බව දැන ගැනීම ඔහුගේ සිත පාරවන්නක් විය.
එහෙත් ඔහු ඉන් සැලුනේ නැත. ඔහු දිගින් දිගටම හිඟන්නා කියූ දෙය ගැන කල්පනා කළේය. අවසානයේ, ඔහුට හොඳ නුවණක් පෑදිණ. එනම් මහන්සි නොබලා මේ උඳුගොඩ වෙනස් කල යුතු බවය. ඔහු ඒ උඳුගොඩ කුඩා උඳුගොඩවල් දහස් ගණනකට වෙන් කළේය. පසු දින තරුණයා වීර්යයෙන් යුතුව උඳු සුද්ද කිරීම ආරම්භ කර විශාල උඳු අස්වැන්නක් ලබා ගත්තේ, ඒ හැම කුඩා උඳුගොඩ කින්ම ලාහ බැගින් උඳු ලැබීමෙනි. උඳු අස්වැන්නෙන් ලැබුණු මුදලෙන් තරුණයාගේ දියුණුව ආරම්භ විය. 
කලකට පසු දුක් විඳින තරුණයා දැකීමට එහි පැමිණි සෙනසුරා දුටුවේ, රජ සැප විඳින තරුණයාය. සෙනසුරා ඔහුට නමස්කාර කර නොපෙනී ගියේය.
කළුතර දිස්ත්‍රික්කයේ ඇති මේ ගම්මානයට අද දින ‘උඳුගොඩ’ යයි කියති. 
මේ කතාව පටබැඳි කතාවක් වෙන්න ඇත. එහෙත් මෙයින් ගත හැකි දේවල් තිබේ. එකක් වන්නේ ජ්‍යෝතිෂයේ කියැවෙන ශනි ගේ ස්වභාවය හෙවත් දුක් දෙන ස්වභාවය මිනිසෙක්ට බලපාන අයුරුයි. ඒ තරුණයා මහන්සි නොවුවා නම් දුක් පීඩා වලින්ම ඔහු මිය යන්නට ඉඩ තිබිණි. අනෙක් අතට හින්දු ජ්‍යෝතිෂයේ දැක්වෙන්නේ සහ විශේෂයෙන් පෙන්වා දෙන්නේ ‘කර්මය’ යන නියාමය ගැන පමණි. 
එහි පෙන්වන කර්ම ශුන්‍ය කර ගැනීමේ පුද පූජා විධි තිබුනද, බොහෝ පුද පූජා විධි බ්‍රාහ්මණයන්ට ලාභ ලැබෙන සේ සකස් කර ඇති බව පැරණි පොත් පත් බලන විට පෙනේ. 
ඒ පූජාවන්ට වැඩියෙන්ම රැවටෙන්නේ දේශපාලනඥයන් ය. ඉන්දියානුවන් පමණක් නොව ලංකාවේ දෙස්පාලුවන්ද, තිරුපති වැනි ස්ථාන වලට ගොස් රැවටෙනවා අප දැක ඇත්තෙමු. ඕනෑම මිනිසෙක් තමා උපතින් ගෙන ආ කර්ම රාශියක් ඇත. ඒවා වෙනස් කිරීමට තිරුපති යෑම හෝ විශාල මිළක් වැයවෙන පූජා කිරීමේ තේරුමක් නැත. ඒවා කරන්නට හැකි ක්‍රමය ඉහත කී තරුණයා කර පෙන්වූයේය. 
ඉහත කතාවෙන් නම් පෙනෙන්නේ ශනි හෙවත් සෙනසුරා ට එපමණ මොළයක් නැති බවත්, උට්ඨාන වීර්යයෙන්ම සෙනසුරා පැරදවිය හැකි බවත්ය. 
සටහන - Lalith Karunaratna

A day in the life

2025-05-18

මහා කවි පැබ්ලෝ නෙරුදා




මහා කවි පැබ්ලෝ නෙරුදාගේ 
1973 සැප්තැම්බර් 23 වැනි දින පෙරවරු 11. 30ට කවියාගේ හදවතේ ගැස්ම නතර විය. 
එදින රාත්‍රියේම හමුදා නිලධාරීහු ඔහුගේ නිවසට කඩාවැදුණහ. නිවසේ දොරටු සුනුවිසුනු කරනු ලැබූ අතර අතට අසුවූ සෑම පොතක්මල අත්පිටපතක්ම ඔවුන්ගේ භාරයට ගනු ලැබිණ. ඔවුන්ට බිය ගෙනදුන් කවි අඩංගු ලේඛන ඉරා දමනු ලැබීය. නිවසේ තිබූ පැබ්ලෝ පිකාසෝගේ චිත්‍රල පැරණි ඉන්දීය පිඟන් භාණ්ඩ විනාශ කර දමනු ලැබීය. අනතුරුව ඔවූහු නිවසින් පිටව යෑමට පෙර නිවසේ සියලු ජල කරාම විවෘත කළහ. 

චිලී රාජ්‍යයේ මහා කවි පැබ්ලෝ නෙරුදාගේ අවසන් ගමන. 

මහා කවි පැබ්ලෝ නෙරූදාගේ මෘත දේහය බහාලූ පයින් ලීයෙන් නිමවුණ චාම් දෙණ ශාන්ත ක්‍රිස්ටෝපල් කන්දේ පිහිටි ඒ වනවිට වතුරෙන් යටව තිබූ ඔහුගේ නිවසේ තැන්පත් කරන ලදී. නිවසේ බිම වතුර පිරී තිබූ බැවින් කිවියාගේ හිතවත්තු ලෑලි දමා ඒ මතට නැග මෘත දේහය වටා සිටගත්හ. නිවස වටා ජනතාව රැස්වීමට පටන් ගත්හ. කවියාට අවසාන ගෞරව දැක්වීමට පැමිණි බව ඔවූහු පැවසූහ. නිවස මුර කළ කැරිබියන් හමුදාව, පිරිස පලවා හැරීමට උත්සාහ කළහ. එහෙත් එම පිරිස මෘත දේහය පසුපසින් සොහොන් බිම දක්වා ගමන් කිරීමට උසස් හමුදා නිලධාරීන්ගේ අවසරය පැතුහ. 

එම අවසරය ලැබීමෙන් පසු අවමංගල පෙරහැර පිටත් විය. මැෂින් තුවක්කු ගත් සොල්දාදුවන් සහ කැරිබියන් හමුදාව, පිරිස වටා සිටිමින් රැකවල් කළහ. ජීවත්ව සිටි නෙරූදාට වඩා මියගිය නෙරූදාට ඔවූහු බිය වූහ. 

ශාන්ත ක්‍රිස්ටෝපල් කන්දේ පිහිටි කවියාගේ නිවසේ සිට සොහොන් බිමට දුර කිලෝ මීටර් තුනක් පමණ විය. මෘත දේහය රැගෙන ගිය ම. දෙපස නිවෙස්වල දොර කවුළු වසා අඳුරු කොට තිබිණ. සැප්තැම්බර් 25 වැනිදා කවියාගේ අවමඟුල සිදුවන බව නගරවාසීන් නොදැන සිටියා නොවේ. කවියාගේ නිවසේ සිට සොහොන් බිම දක්වා මාර්ගය ද ඔවූහු දැන සිටියහ. එහෙත් මාවත්වල කණ්ඩායම් වශයෙන් ගැවසීම තහනම් කර තිබිණ. 
මෘත දේහය පසුපස ගමන් කළ පිරිස ක්‍රමයෙන් වැඩිවිය. කවියාගේ නිවසින් පෙරහැර පිටත්වන විට ඒ පිටුපස ගමන් කළේ ස්වල්ප දෙනකු නමුදු සොහොන් බිම දොරටුව වෙත ළඟාවන විට පිරිස දෙදහස ඉකමවා ගියේය. 

1973 සැප්තැම්බර් 11 දින සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු චිලී රාජ්‍යය තුළ සහෝදරයා යනුවෙන් ඇමතීම තහනම් විය. 
එහෙත් මෘත දේහය පිටුපස ගමන් කළ පිරිසගෙන් කෙනෙක් පැබ්ලෝ නෙරූදා සහෝදරයා අප සමගයි කියමින් කෑගැසුවේය. ඒ සමග රැස්ව සිටි පිරිස පැබ්ලෝ නෙරූදා සහෝදරයා අප සමගයි කියමින් කෑගැසූහ. හදිසියේම එම පාඨය ලියැවුණ රෙදිකඩක් පිරිස අතරින් එසවිණ. 

චිලී රාජ්‍යයේ මහා කවි පැබ්ලෝ නෙරුදාගේ අවසන් ගමන. 

සොල්දාදුවෝ පිරිස වටකොට මුර කළ නමුදු පිරිසට අවහිර කිරීමට බිය වූහ.
සොහොන් බිමට අවමංගල පෙරහැර ඇතුළු වනවිට සොල්දාදුවන් සහ කැරිබියන්වරු දහස් ගණනක් ගේට්ටු මුර කළහ. සෑම මිනී වළක් අසලම යකඩ තොප්පියක් හිස ලා ගත් සෙබළෙක් විය. සෑම සිහිවටනයක්ම මුවා කොට රයිපලයක් හෝ මැෂින් තුවක්කුවක් පිරිස දෙසට එල්ල කොට තිබිණ.

සම්ප්‍රාදායික දම්වැල්වලින් අපි බැඳී නොසිටිමු. වහලුනි නැගිටිව්. තවදුරටත් වහලුන් ලෙස නොසිටිව්” පිරිසගෙන් කෙනෙක් එම ගීතය ගෑයීමට පටන් ගත්තේය. සියල්ලෝම ඊට එක්වූහ. 

ඒ සමගම හමුදා පොලිස් නිලධාරීන් පිරිවරා ගත් ට්‍රක් රථ සොහොන් බිමට පැමිණියේය. ඒ වනවිට කවියාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි සිටි පිරිසට වඩා සොල්දාදුවන් ගණනින් වැඩි විය. එහෙත් අවමංගල උත්සවයට බාධා කිරීමට ඔවූහු උත්සාහ නොකළහ. 
අනතුරුව පැබ්ලෝ නෙරූදාගේ පද්‍ය පන්ති කිපයක් ගායනා කිරීමෙන් පසු ඔහුගේ දේහය තැන්පත් කොට අවසන් ගෞරව දක්වනු ලැබීය.

කවියාගේ අවමඟුල සිදුවන අතර සන්තියාගෝවේ සන් බරෝඩා නේවාසිකාගාරයේදී හමුදා නිලධාරීහු කවියාගේ සියලු පොත් ගිනිබත් කළහ. 

💗💗(පැබ්ලෝ නෙරූදා කෙටි කලක් මෙරට චිලී තානාපති ලෙස කටයුතු කළේය. 
එම වකවානුව තුළ එතුමා මහනුවර සහ ගාල්ලේ සංචාරය කළ බව වාර්තාගතය.) 
බොබී ජී. බොතේජු


A day in the life

2025-05-15

හොසෙ මුජිකා.- ජනාධිපති බොලිවීයා රාජ්‍යය.








 


 

 



මුණු පොතට වියමන් කලේ :
Shanaka Madhushan Liyanagama
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හවස කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතයි. ඊට කළින් එතුමා තමන්ගෙ කලිසම්, කමිස ටික හෝදලා එළියෙ රෙදි වැලේ දැම්මා. එළිපත්තේ ගොඩගැසුණු කිලිටි රෙදි ගොඩ හිස් වීම නිසා ජනාධිපතිතුමා හිටියෙ සැහැල්ලුවෙන්.
ජනාධිපති ආරක්ෂක බලකාය තම රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටිනවා. බලකායක් කිව්වට ඒකෙ ඉන්නෙ පොලිස් භටයන් දෙන්නෙක් විතරයි.
ජනාධිපතිතුමාගේ නිවසට හැරෙන පටුපාර ළඟ ඇති බස් හෝල්ට් එකේ වාඩි වෙලා සිගැට්ටුවක් බොමින් ඔවුන් බලා සිටින්නේ ජනාධිපතිතුමාගේ පරණ Volkswagen කාර් එක පිටුපසින් පසු ගමන් අරඹන්න.



ජනාධිපතිතුමා හමු වීමට යන අයෙකුට අක්‍රමවත්ව තණකොළ වැවුණු මිදුලේ පරණ ට්‍රැක්ටරයක් නවතා තිබෙනවා දකින්න ලැබෙනවා. ට්‍රැක්ටරය කැඩුනාම බාස් කෙනෙක් නැතිව ඒක හදාගන්න ජනාධිපතිතුමාට පුළුවන්.ඒ ට්‍රැක්ටරය වගේම ගෙමිදුලේ පුංචි ගොවිපලත් ජනාධිපතිතුමා විසින් හොඳින් නඩත්තු කළා.ඒකෙන් එන ආදායමෙන් තමයි එතුමා සහ ආර්යාව දිවි ගැට ගහ ගත්තේ.
මොන්තෙවීඩියෝ නගරයට ඈතින් පිහිටි තම ආර්යාවට අයිති පිටිසර ගොවිපලේ පිහිටි කොළ පැහැති තහඩු සෙවිළි කළ කුඩා නිවසේ තමයි උරුගුවේ ජනාධිපතිවරයා ජීවත්වුණේ.. කුඩා ගොවිපලත්, ට්‍රැක්ටරයත්, පරණ Volkswagen කාරයත් හැර වෙනත් කිසිදු දේපලක් ඔහුට තිබුණේ නැහැ.
2010 වර්ෂයේදී, රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරන්නන්ගේ වත්කම් ප්‍රකාශනය එළිදැක්වීමේදී නිලධාරීන් දැඩි ලෙස වික්ෂිප්ත වී ගියා. හොසේගේ වත්කම් ප්‍රකාශයේ සදහන් කිරීමට තිබුණු එකම වත්කම ඇ.ඩොලර් 1800 ක ක්ෂය වටිනාකමක් සහිත Volkswagen මෝටර් රථය පමණයි.



උරුගුවේ හිටපු ජනාධිපති හොසෙ මුජිකා ලෝකයා විසින් හඳුනා ගන්නේ ලොව දුප්පත්ම ජනපති ලෙසයි.ඔහුට උරුගුවේ ජනතාව ආදරයට ඇමතුවේ පෙපේ (El Pepe) කියලා.
හොසෙ මුජිකා හෙවත් එල් පෙපේ උපන්නේ 1935 දී. පියා දුප්පත් ගොවියෙක්. බංකොලොත් වූ ගොවියෙක් ලෙස පියා මියයන විට හොසේගේ වයස අවුරුදු පහයි.
හැටේ දශකයේ අග භාගයේදී තරුණ හෝසෙ MLT-Tupamoros නම් ගරිල්ලා සංවිධානයක සාමාජිකයෙක් වුණා. MLT-Tupamoros කියන්නේ කියුබානු විප්ලවයෙන් පන්නරය ලැබූ වාමාංශික සංවිධානයක්. හොසේව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණියා.
දැඩි සටනකින් පසු ඔහු අත්අඩංගුවට පත් වන විට හොසේගේ සිරුර තුළට වෙඩි උණ්ඩ හයක් ඇතුළු වී හමාරයි.තුවාල සුවපත් වූ පසු හොසේ හිර ගෙදරින් පැන ගියේ උමඟක් කපා ගෙන.නැවත නැවතත් හිර ගත වූ හොසේ හිර බත් කෑ අවුරුදු 14 තුළ හතර වතාවක් ම පලා ගියා.
1985 දී මේ ලතින් ඇමෙරිකානු රාජ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදය උදා වුණා.ඒ සමඟ නිදහස ලැබූ හොසේ මුජිකා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක් වුනා.2010 වන විට ඔහු උරුගුවේ ජනාධිපතිවරයා බවට පත්වුණා.ඔහු 2015 දී විශ්‍රාම යන තුරුම රට පාලනය කළේ පෙර කියපු පිටිසර ගොවිපළේ සිට.
එල් පෙපේ අපේ රටේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගැනවත් අහල තිබුණු කෙනෙක් නෙවෙයි.එතුමා දුප්පත් කිව්වට ජනාධිපතිවරයා ලෙස ඔහුට ලැබුණු මාසික වැටුප ඇමෙරිකානු ඩොලර් 12000ක්.
එහෙනම් කොහොමද උන්නැහේ දුප්පත් වුණේ..
ඔහු තමන්ට ලැබෙන මාසික වැටුපෙන් සියයට අනූවක් ම ආපසු දුන්නේ ජනතාවගේ සුබ සිද්ධියට. ඒ මුදල මාස් පතා බෙදී යන්නේ අඩු ආදායම් ලාභීන් සහ කුඩා ව්‍යාපාර හිමියන් අතර.එල් පෙපේ තමන්ට ජීවත් වීමට අතට ගත්තේ පඩියෙන් සියයට දහයයි. ඒ කියන්නේ උරුගුවේ ජාතිකයෙකුගේ සාමාන්‍ය ආදායම. ආර්යාවගේ වියදම සරි කර ගන්න ගොවිපළ ප්‍රමාණවත් වුණා.
අගනුවර පිහිටි සුඛෝපභෝගී ජනාධිපති මන්දිරය ප්‍රතික්ෂේප කළ එල් පෙපේ පිටිසරට ගොස් ගෙවල් කීපයක් එකතු කර මන්දිරයක් හදාගත්තෙ නැහැ.
ලොව ජනාධිපතිවරුන්ගේ මන්දිර ඉදිරිපිට සාමාන්‍යයෙන් ඇති කැඩිලැක්, මර්සිඩීස් බෙන්ස්, ජගුවාර් වැනි සුඛෝපභෝගී වාහන එල් පෙපේගෙ නිවස අසළ නවතා තිබුණේ නැහැ.ඔහුට වෙනම රියදුරෙකුත් නැහැ.
තනිවම පදවා ගෙන යන පරණ වොක්ස්වැගන් මෝටර් රථයෙන් තමයි ජනාධිපතිවරයා රාජකාරී කටයුතු වලට ගියේ.




පස්සෙ කාලෙක මේ පරණ කාර් කට්ටට අරාබියේ ෂෙයික් වරයෙකුගෙන් හොඳ ඔෆර් එකක් ලැබුණා. ඔහු ඩොලර් මිලියනයකට මේ මෝටර් රථය මිල දී ගන්න උත්සාහ කළේ එය ජනාධිපතිවරයෙකුගේ වාහනයක් නිසා. එසේ නොවුනා නම් මේ පරණ වාහනය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකක් විතර වෙයි.

එල් පෙපේ ටික දවසක් කල්පනා කරලා වාහනය ඉහළ ඉල්ලුමට විකුණන්න තීරණය කළා.එයින් ලැබුණු මුදලත් ඔහු ජනතාවට ම ලබා දුන්නා.
අවුරුදු 75 දී උරුගුවේ ජනාධිපතිවරයා වූ එල් පෙපේට රකින්නට පරම්පරාවක් හිටියේ නැහැ.ඔහුට දරුවන් හිටියෙ නැහැ.
නිවස තුළ සහ ගෙවත්තේ ආරක්ෂාවට ඉන්නේ උරුගුවේ ජනාධිපතිවරයාගේ කලණ මිතුරා වන මැනුවෙල් නම් වූ බලු සුරතලා පමණයි.ඒ බලු සුරතලාටත් ඇත්තේ කකුල් තුනයි. මේ කකුල් තුනේ ආබාධිත ‘මැනුවෙල්’ උරුගුවේ ජනතාව අතර හරිම ජනප්‍රියයි.
හොසේ පවසන පරිදි ලෝකයේ අවසාන දවස උදාවුවත් දේශපාලකයන්ගේ ධන තණ්හාවනම් නිමා වන්නේ නැහැ.
එහෙම ලෝකයක හොසේ මුජිකා කියන්නේ පුද්ගලයෙකුට එහා ගිය ඇත්තටම දේශපාලන න්‍යායක්.
දුප්පතුන් වෙනුවෙන් විප්ලව කළ ඔහූ ජනාධිපති වීමෙන් පසුවත් එම වැඩපිළිවෙළම ගෙන ගියා.කීර්තියේ හිනිපත්තේ සිටියදී ඔහු 2015 දී ජනාධිපතිධූරයෙන් විශ්‍රාම ගියා.අදත් ඔහු තම පිටිසර ගොවිපළේ සතුටින් ජීවත් වෙනවා.
අත් හැරීම කුමක්දැයි පූජකයන්ට පවා ඉගෙන ගත හැකි ආගමක් තමයි හොසේ මුජිකා කියන්නේ.
ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා ලෙස තමන්ව හංවඩු ගහනවාට උරුගුවේ ජනාධිපතිවරයා අකමැතියි.
“මගේ ජීවිතේ වැඩි හරියක් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදියට. තියන දෙයින් මම හොඳට ඉන්නවා. මම දුප්පත් කියල මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වා ගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.”
ඇත්තටම හොසේ මුජිකා (jose alberto mujica hose muhika) කියන්නේ ලොව පොහොසත්ම ජනාධිපතිවරයා කිව්වොත් නිවැරදියි.
(මුල් ලිපිය 2020)





හොසෙ මුජිකා මිය ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 89 කි.

A day in the life

රෝහණ විජේවීර කෙනෙකුන් නොහිටියා නම්.......


මෙම ප්‍රශ්නයට කෙටි සහ සරල පිළිතුරු දෙන ඇතැම් අයට නම් ඇත්තේ එකම පිළිතුරකි. “එහෙම වුනා නම් රටට මේ වින්නැහි එකක්වත් නැහැ; රට අගේට තියෙයි” යනු ඒ පිළිතුර විය හැකිය. එහෙත් එවැනි පිළිතුරක් දෙන අයට තම මතය තහවුරු කිරීමට සාධාරණ හේතු ඉදිරිපත් කළ නොහැකිය. මන්ද? යථාර්ථය එය නොවන නිසයි. 

2025-05-13

දිව්‍යලෝකේ බොරු මීටරේ .






සිරිපාල හදිස්සියේම මැරුනා.
දවසක් දෙකක් ගෙදර වටේ කරකැවී කැවී හිටියත් සිරිපාලගේ අදහස සම්පුර්න වුනේ නෑ.
ගෙදර මිනිස්සුන්ට පළවෙනි දවසේ තිබුන දුක වේදනාව දෙවෙනි දවස වෙන කොට පාවෙලා ගිහිල්ලා. උඩ බලා ගෙන හිටියත් ඇති කියලා දැන් සිරිපාලටත් හිතිලා. 
අඩන  දොඩන  සීන් වලින් අනම් මනම් දොඩන සීන්වලට හෙමින් හෙමින් මාරු වෙලා. 
පස් යට හිර වෙන්න කලින් මෙතනින් මාරු වෙන්න ඕන කියලා හිතපු සිරිපාල ගෙදර ඉස්සරහ අඹ ගහේ අත්තකුත් ජර බරාස් කියා ගෙන එතනින් මාරුවුනා.

2025-05-11

හේන් ගොවිතැන


වී ගොවිතැන(මඩ ගොවිතැන) හැරුනු විට උස්බිමෙහි කරනු ලබන සියලු වගාවන් හේන් ගොවිතැන යන නාමයෙන් ආවරණය විය. එබැවින් එයට ගොඩ ගොවිතැන යයි නමක් ද විය.
පැහැදිලි ඒකීය හේන් ගොවිතැනක් හදුනා ගත හැක්කේ වියළි කළාපයේය. තෙත් කලාපයේ තිබුනු හේන් වල විවිධත්වය වැඩි නිසා ඒකීය රටාවක් එහි හඳුනා ගත නොහැක. එමේන්ම වියළි කලාපිය හේන අනීවාර්යෙන්ම බහු බෝග වු අතර තෙත් කළාපිය හේන ඒක බෝග හෝ බෝග දෙක තුනකට සීමා විය. වර්ෂා කාලය හා ඉන් අනතුරුව එන වියළි කාලය ඇති නිසා බහු බෝග හේන වැව් බැදි රාජ්‍යයට ගැළපුනි. ඉංග්‍රීසීන් විසින් වියළි කලාපය ලෙස හදුනා ගත් වැව් බැදි රට 19 වැනි සියවස ට පෙර වියළි කලාපයක් ද නොවිය.

2025-05-08

ශාන්ත පීතරතුමාගෙ වර්තමාන අනුප්‍රාප්තිකයා .



Shanaka Madhushan Liyanagama  
මුණු පොතේ පල කරන ලද වියමනකි.

2025 . මැයි 06. 

මොහොතකට පෙර වතිකාන නගරයේ සියලුම දුරකථන හා අන්තර්ජාල සම්බන්ධතා අත්හිටවනු ලැබුවා.නමුත් ශාන්ත පීතර බැසිලිකාවේ මේ අවහිරතාව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.
මේ දුරකථන සබඳතාවයන් නැවත ක්‍රියාත්මක වන්නේ නව පාප් වහන්සේ පත් වී ඒ බව නිවේදනය කිරීමෙන් පසුවයි. ශාන්ත පීතර බැසිලිකාවේ මේ අවහිරය ක්‍රියාත්මක නොවන්නේ දහස් ගණන් සංචාරකයන් නිතරම එය නරඹන්නට පැමිණෙන නිසයි. 

2025-05-07

𝙂𝙊𝙊𝘿 𝘽𝙔𝙀 Skype .



"සුන්දර අතීත මතකයක් ....... ! " 
 චන්ද්‍රිකා විදානපතිරන.

කාලෙකට ඉහතදි අපිට ගොඩක් ප්‍රයෝජනවත් උනු, ගොඩක් ආයතන වලට නැතුවම බැරි උනු Skype අවුරුදු 22ක සේවයක් කරමින් අද Officially Shut Down වෙනව.

එස්ටෝනියන් ජාතිකයන් වෙච්ච Priit Kasesalu සහ Jaan Tallinn කියන Programmersල දෙදෙනෙක් තමා Skype ලෝකෙට බිහිකරන්නෙ 2003 දි. 
Video Telephony හෙවත් බලාගෙන කතා කිරීමට හැකි තාක්ෂණය තිබුණු මුල්ම Software එක Skype නොවුනත් මේකෙ තිබ්බ තාක්ෂණික මට්ටමේ ඉහළතාවය, High Quality Video නිසා කෙටි කලකින් අනික් Applications අභිබවා යන්න හැකි වුනෙ ලෝකෙම Video Conference වලට පාවිච්චි කරන ප්‍රධානම මෙවලම වෙමින්. 
Skype launch වෙන්න කලින් 90 දශකයෙ එනම් Internet වල පිබිදීම ඇති වුනු 1990 සිට 2000 දක්වා භාවිතා උනු CU-See me කියන ලෝකෙ ප්‍රථම Video call platform එක ලෙස සැලකෙන එකත් කෙටි කලකින් Skype අභිබවා ගියා කියල තමයි හැඳින්වෙන්නෙ. 
අපි 2006-2008 අතර කාලෙදි ඉස්කෝලෙදි Web Cam එකක් හරහා Skype පාවිච්චි කරන එක වෙනමම අත්දැකීමක් උනා වගේම, පොඩිකාලෙ Pen friend concept එක වගේ Skype වල Friend List එකක් තියාගෙන ලෝකෙම යාලුවො හදාගන්න උණකුත් තිබ්බ ඒ කාලෙ.. MySpace සහ Facebook තිබ්බත් , Call පහසුකම තිබ්බෙ Skype වල විතරයි. 
කොහොමහරි Skype සමාගමේ ඉතිහාසය ගත්තම මුල් අයිතිකාරයො දෙදෙනාගෙන් 2005දි Ebay සමාගම ඩොලර් බිලියන 2.6කට Skype අත්පත් කරගෙන තියෙනව. පසුව Ebay සමාගම බලාපොරොත්තු වුනු ප්‍රතිඵල Skype එකෙන් නොලැබුනු නිසා Ebay විසින් 2009 දි කැනේඩියන් Investor group එකකට තමන්ගෙ Shares විකුණල තියෙනව. 2011 වෙද්දි තමයි Microsoft ආයතනය විසින් ඩොලර් බිලියන 8.5කට මිළදීගන්නෙ. 
ඒ වෙනකොට මයික්‍රොසොෆ්ට් සමාගම අත්පත් කරගත් විශාලම ආයතනය උනෙත් Skype. 
2010 න් පසුව Smart Phones වල ශීඝ්‍ර දියුණුව සහ Android Os, Apple iOs වල වේගවත් දියුණුවත් එක්ක Skype වලට තියෙන තැන නැතිවේගෙන යන්න ගත්ත..
Zoom launch වෙන්නෙ 2011 දි. ඒ වගේම 2012 ඉඳල ගත්තම Tango, Viber, Imo වල Internet Calls , Video Calls පහසුකම ලේසියෙන්ම Smart phones වලින් සපයගන්න පුලුවන් වුනු නිසාත් Skype ක්‍රමක්‍රමයෙන් මිනිස්සුන්ගෙන් ඈත් උනා. ඒත් ගොඩක් Company වල මෑතක් වෙනකන්ම Skype පාවිච්චි කරා. 
Whatsapp කරළියට පැමිණීමත් Video Call function ලබාදීමත් skype වලට පසුකාලීනව වැදුනු තවත් ප්‍රහාරයක් කියල හඳුන්වන්න පුලුවන්.  
ඒත් එක්කම Covid වෛරසය ලෝකය වෙලාගත් කාලවකවානුවෙදි ලෝකෙම බහුතරයක් , 2017දි Launch උනු Microsoft Teams, 2011 සිට ආපු Zoom application සහ 2017 දි Launch උනු Google Meet වැනි Video Conference Applications තමන්ගෙ පෞද්ගලික කටයුතු සහ ව්‍යාපාර කටයුතු වලට සමීප වෙලා ඉවරයි. ඒ වගේම Facebook Messenger, Instagram වල පවා Video Calls පැමිණීමෙන් Video Calls සාමාන්‍යකරණය වීමත් එක්ක 2025 පෙබරවාරි 28 වැනි දින Skype සමාගම නිවේදනය කරනව ස්කයිප් 2025 මැයි 06 වෙනි දිනයේ සම්පූර්ණයෙන්ම වැඩකටයුතු වසා දමන බව.  
අවුරුදු 23කට ආසන්න සේවයක් මුලු ලෝකයට සිදුකර අපිට මතකයන් රැසක් ඉතිරි කරමින් අද සදහටම නවතිනව.!! 
මේකෙන් අපිට ගන්න තියෙන දේ තමයි, අපි අද පාවිච්චි කරන මොනයම් හෝ Social Media platform , දැන් AI එක්ක රොකට් වේගෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණය එක්ක තව අවුරුදු 10කින් 15කින් තවත් වෙනස්ම Applications, Softwares වලට අපිව මාරු කරල තියෙයි. 
සමහර විට හැම දේම AI assistant කෙනෙක් හරහ සිද්ධවෙන්නත් පුලුවන් අනාගතේදි. 
𝙂𝙊𝙊𝘿 𝘽𝙔𝙀 Skype .

 

A day in the life

2025-05-05

ගැබ් ගැනීමකදී අනුගමනය කල පැරැණි සිරිත් විරිත්



ගැබ් ගැනීමකදී නැන්දම්මා හා ලේලිය අතර වූ පැරැණි සිරිත් විරිත්,.
විවාහක කාන්තාවගේ මුල්ම පැතුම වන්නේ මවක් වීමයි. මවක් වීමේ පෙර ලකුණු පහළ වූ සැනින්ම අපේ කාලේ කාන්තාවකගේ එකම තේරිම ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු සොයා ගැනීමය. එසේ සොයා ගැනීමෙන් පසුව වෛද්‍යවරයාගේ පරික්ෂා කිරීම් වලින් පසුව ඇය ගැබ්ගෙන තිබේද නැද්ද යන්න පිළිබදව නිවැරදිව දැනගත හැකිය.
ඒත් අපේ අතීත ජනසමාජයේ දරුවෙකු පිළිසිද ගත් බවට යම් කාන්තාවකට සැකයක් මතුවුවහොත් ඒ ගැන ඇය මුලින්ම කීවේ නැන්දම්මාටය. එවැනි සුභ ආරංචි කිවයුත්තේ උදෑසන බව ගම්මු අතර නියමයක් පැවතුණි. ඇගේ ඔසප්වීම නතර වී ඒත් සමගම ශරීරයේ යම් යම් වෙනස් කම් සිදුවීමත් සමග ඇය මේ බව නැන්දම්මාට දැන්විය. මේ සුභ ආරංචිය නැන්දම්මාට කියූ සැනින් නැන්දම්මා ලේලියගේ හිසට අතට තබා ආශිර්වාදය කරයි. ඉන් අනතුරුව මව හා දරුගැඹ ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා පත්තනි පඩුරක් වෙන් කිරීමටද නැන්දම්මා අතින්ම සිදුකිරීම එදා පැවති චාරිත්‍රයකි. මේ පඩුර දෙහි ඇඹුලින් සෝදා පිරිසිදුකර සුදු රෙදිකඩකින් ගැට කසා පහන් පැලේ තබා පත්තිනි මෑණියන්ට කන්නලව්වක් කරන්නේ ඉන් අනතුරුවයි. කිසිදු කරදරයකින් තොරව දරුවා ඉපදුණු පසුව දින හතක් ගිය තැන දානයක් දෙන බවට පත්තිනි මෑණියන්ට පොරොන්දු වන්නේද නැන්දම්මා විසිනි.

නැන්දම්මාගෙන් ලේලියට වටිනා ත්‍යාගයක්

මෙසේ ලේලියගේ හිස අත තබා ආශිර්වාදය කරන නැන්දම්මා තමා සතු වටිනා යමක් ලේලිට දීම එදා සිරිතක් ලෙස පැවතිනි. එය නැන්දම්මා සතුව පැවති රන්මාලයක් වළල්ලක් තෝඩුදෙකක් කුඹුරු කෑල්ලක් ඉඩමක් වැනි දෙයක් ද විය හැකිය. තම තමන්ගේ වත්පොහොසත්කම අනුව එය තීරණය වුණි.
බිරිදට දරුවෙකු ලැබිමට සිටින බව ස්වාමියා දැන ගන්නේ තම මවගෙනි. ඇය සුභ වෙලාවක් බලා තම පුතාට මේ බව පවසන්නේ ව්‍යංගයෙනි. පුතාට මෙ පණිවිඩය මව විසින් දැනුම් දෙන්නේ වගකීම් සහිත බව පෙන්විමටය.
"පුතේ දුව කියනවා තවත් කුඹුරක් අස්වද්දන්න වෙයි කියලා"
බිස්ස හිස්කරන්න බැහැ කියලා දුව කියනවා"
'බිස්ස'යනු ආහාර පාන සුරක්ෂිතව තබා ඇති ස්ථානයයි. අලුත් සාමාජිකයෙකු පවුලට සම්බන්ධ වන්නේ නම් ”බිස්ස” හිස්නොකර තව තවත් පිරවිය යුතු බව ගම්මු විශ්වාස කළහ. ස්වාමියාට මේ සුභආරංචිය කියූ පසුව නව යුවල පන්සලට ගොස් මල් පහන් පූජා කර දරුගැබට ආරක්ෂාව ඉල්ලා වැදුම් පිදුම්කරනු ලැබේ.
අනතුරුව නැන්දම්මා ලේලිව කැටුව ගමේ වෙදරාල වෙත යාම සිරිතකි. මේ ගමනද යන්නේ කාටත් හොර රහසේය. බුලත් හුරුල්ලක් වෙදරමහතාට දී ලේලියට දරුගැඹක් පිහිටා ඇති බව නැන්දම්මා මූලිකව කීමද සිරිතකි. එවිට වෙදමහතා ලේලියගේ නාඩි පරික්ෂා කර බලා දරුගැඹ පිහිටි කාලය නිවැරදිව ප්‍රකාශ කරනු ලැබේ. අනතුරුව අනුගමනය කළ යුතු පිළිවෙත් වෙදරාළ විසින් පැහැදිලි කර දී ඇයට සෙත් පැතීමක් කරයි. 
වෙදරාළගේ තහංචි පැනවීම
උෂ්ණ අධික ආහාරපානවලින් වැලකීම -ඌරුමස් ඉස්සන් මගුරු මාලු මෝර මාලු වැනි පිලී වර්ග ආහාරයට නොගන්නා ලෙස තහංචියක් පනවයි.ි පළාවර්ග එළවලු පළතුරු සදහා මුල් තැනක් හිමි වේ. තනිපල්ගලමේ ගමන් බිමන් යාම තහනම් ය.- තනියම ගමන් බිමන් යන අතර කුමක් හෝ කරදරයක් වුවහොත් ඒ ගැන කිසිවෙකුත් දැන නොගනියි. දරුගැඹ දරා සිටින කාලයේදී බර ඔසවා ගෙන යෑම තහනම් කෙරේ – දරමිටි හිසමත තබා ගෙන යෑම වතුර කළගෙඩි උකුලේ තබාගෙන යෑම මෝල්ගහ සහ වංගෙඩිය භාවිත කර වී කෙටීම පිටි කෙටීම ගැඹට මාස තුන සම්පූර්ණ වනතෙක් කුරහන් ගලේ ඇඹරීම සපුරා තහනම් කෙරේ. තොවිල් බැලීම ගර්භනී කාලයේ සපුරා තහනම් කරයි. තොවිල් පලවකට හෝ ඇය කැටුව යෑම තහනම්ය. ස්නානය කළ යුත්තේ ද උදේ වරුවේය. කොණ්ඩය කඩාගෙන දවසේ වැඩි කාලයක් නොසිටින ලෙසට ඇය තහංචි පනවනු ලැබේ. 
දොළ දුක් ගාය
ගැඹට මාස තුන සම්පූර්ණ වනවාත් සමග ඇයට දාළදුක දැනේ. ඒ අනුව ඇය කන්න කැමති දෑ පවසන්නේ නැන්දම්මාටය. ඇය ආහාර සුරක්ෂිතතාවය මෙන්ම විශ්වාසනීයත්වය දන්නා කාන්තාවකි. මෙහිදී දරුගැබක් දරාසිටින කාන්තාවක් ඇතිවන දොළදුකට කන්න හිතන ඕනෑම දෙයක් ඉල්ලූ විට එය ලබා දීම අනිවාර්යෙන්ම සිදු වූවකි. එම ඉල්ලීම ඉවත දැමීමට කිසිවෙකුත් ක්‍රියා නොකරති. ඇය කන්න කැමති මොනවාද කියා දැනගත් ගම්මු එය සාදා ඇගේ අතටම ගෙනවිත් දීම සිරිතකි. එහෙත් ඇය එම ආහාරය භුක්ති විදන තෙක් බලා නොසිටියහ. ඇයද ඒ ආහාර භුක්ති වින්දේ කාටත් නොපෙනෙන්නටය.
අපේ පැරණි සමාජයේ සිරිත වූයේ ගහක අලුතින් පල හටගත් විට එහි මුල්ම කොටස බුදුන්ට පූජා කර දෙවනි කොටස ගමේ ගැබ්බර මවවරුන්ට පිරිනැමීමය. ඒ තරමටම එදා ගම්මු ගර්භනී මවකට සැලකුවේය. ගැඹට මාස තුන සම්පූර්ණ වූ පසුව ඇයව ගම්මු හැදින්වූයේ ”ගැබ්බර සිරියාව” යනුවෙනි. 
ගර්භ සංරක්ෂණය
ගැබට පළමු මාස තුන පිරුණු පසුව නැන්දම්මා නැවුම් කළගෙඩියක් ගෙන ගෙවත්තේ දෙහි ගහක හෝ පැගිරි අතු අතර එම කළ ගෙඩියේ කට බිමට සිටින සේ රදවනු ලැබේ. මෙය සිද කරන්නේ හිමිදිරි පාන්දර කපුටන් ඇඩලීමට පෙරය. ගැබ ආරක්ෂා කර ගැනීමට එදා ගම්මු කළ චාරිත්‍රයකි. මෙය ගර්භ සංරක්ෂණය ලෙස හැදින්විය. ගැබට මාස හත පිරුණු තැන ඊලග කළ ගෙඩිය ද පැගිරි ගහේ අතු අතර රදවනු ඇත. මෙසේ තුන්වන කළය ද රදවනුයේ ගැබට මාස නමය සම්පූරණ වූ පසුවය මේ කළ ගෙඩි තුන දෙහි ගහේ හෝ පැගිරි ගහක ආරක්ෂා වෙන අන්දම ගැබ දරා සිටින කාන්තාව නිරන්තරයෙන්ම දකිනු ඇත. එවිට ඇය ට තම ගැබද මේ අයුරින්ම ආරක්ෂා වන්නේ යැයි සිත සතුටු කර ගැනේ.
කල්වේලා ඇතිව වින්නඹුමාතාවට ආරාධනා කළයුතු වන්නේද ස්වාමයා විසිනි. ඒ ආරාධනාවත් සමග ගමේ වෙදරාළට ආරාධනා කරනුයේ දරුවා ඉපදීමට සිටින දිනයේදී නිවසට පැමිණෙන ලෙසටයි. තවද ගමේ වැඩිහිටියන් කිපදෙනෙකුටම ආරාධනා කරනුයේ හදසි රෝගාබාධයක් ඇති වුවහොත් ඊට අවශ්‍ය ඖෂධ ආදිය සොයා ගැනිමට උදව්වක් ලෙසට මෙසේ ආරාධනා ලැබ පැමිණෙන වැඩිහිටියන් හුළුඅතු ආන බැදගෙන ඒම සිරිතය. රාත්‍රි කාලයේදී ඔසු සෙවීමට සිදු වුවහොත් ඊට සූදානම් වීමකල් වේලා ඇතිව සිදුවිම මෙයින් ඇගවේ. 
කළගෙඩි බිදීම
දරුවා නිරෝගිව මෙලොව එළිය දුටුපසුව ගෙවත්තේ පැගිරි ගහේ සංරක්ෂිතව තබා තිබූ කළගෙඩි තුනම ගලකගසා බිදීම දරුවාගේ පියා විසින් කළ යුත්තකි. දරුගැඹ ආරක්ෂා වී ඇති බව මෙයින් හැඟවේ.

මුණු පොතට - ඉෂාන් මෙන්ඩිස්.

ජනශ්‍රැත පර්යේෂක

මහින්ද කුමාර දළුපොත
සටහන- මාලනී..විජේසිංහ
A day in the life