තෙරුවන් සරණයි .
පොසොන් පෝය 29 වෙනිදා.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2025-01-22
තේරීමක්.
2025-01-20
සීයා කියා දුන්න ජීවිත පාඩම
අපේ සීයා කියා දුන්න ජීවිත පාඩම...
1. අඩුවෙන් කතා කරන්න සහ වැඩිපුර සවන් දෙන්න. ඔබට යමක් පැවසීමට ඇති විට පමනක් එය කතා කරන්න, එවිට ඔබේ කතාවට මිනිසුන් උනන්දුවනවා.
2. ආගම, දේශපාලනය සහ මතභේද වැනි විෂයයන් සම්බන්ධයෙන් කිසිවිටෙක මිනිසුන් සමඟ වාද නොකරන්න. ඔබට ඔවුන් සමඟ එකඟ විය හැකි නම් අහගෙන ඉන්න නැතහොත් ඒවා නොසලකා හැර ඉවත්ව යන්න. ඔබ ඔවුන් සමඟ එම විෂයයන් සම්බන්ධයෙන් තර්ක කිරීමට කැමති නම්, ඔවුන් ඔබව මඩවලට ඇද දමනවා ඇත.
3. ඔබ කතා කිරීමට පෙර සිතන්න. ඒ ගැන නොසිතා යමක් කීමට ඉක්මන් වීමෙන් පසුව පසුතැවිලි වන දෙයක් පැවසීමට හේතු විය හැකියි.
4. අන් අයට නිහතමානී හා ආචාරශීලී වන්න. ඔවුන් ඔබට කෙසේ සැලකුවත් කමක් නැත. අනාගතයේදී ඔවුන් ඒ ගැන පසුතැවෙනු ඇත.
5. ඔබේ හැඟීම් පාලනය කරන්න.
තර්කයට වේගයෙන් ධාවනය කිරීමට ඉඩ දෙන අතරම ඔබ දැඩි හැඟීම් පසුපස අසුනේ තබා ගත යුතුයි.
6. ඔබගේ මීළඟ පියවර කිසිවෙකුට හෙළි නොකරන්න. තමන් නොදන්නා දේට පහර දෙන්න කාටවත් බැහැ.
7. ඔබ ගැන කතා නොකරන්න. ඔබ වෙත අනවශ්‍ය අවධානය යොමු කිරීමට විරුද්ධ වන්න.
8. අන් අය සමඟ කතා කිරීමේදී සෑම විටම ඇස් සම්බන්ධ කර විශ්වාසයෙන් සිටින්න. කතා කරන විට සියයට 50ක් සහ සවන්දීමේදී 70%ක් ඇස් සම්බන්ධතා පවත්වා ගන්න.
9. කිසිවිටෙක කෙනෙකු පිටපත් කිරීමට උත්සාහ නොකරන්න. ඔබම අද්විතීය වෙන්න.
10. ඔබට සම්පූර්ණ කැපවීමක් කළ නොහැකි දෙයක් ආරම්භ නොකරන්න.
11. නිශ්ශබ්දතාවය සතුරන් සඳහා හොඳම පිළිතුරයි. ඔවුන්ට අවශ්‍ය අවධානයන් පෝෂණය කිරීම නවත්වන්න.
12. විශිෂ්ට අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව සඳහා ඔබම පුහුණු වන්න. ඉතා විශ්ලේෂණාත්මක වන්න, මෙය ඔබට දේවල් වෙනස් ලෙස දැකීමට උපකාරී වනු ඇත. ඔබ කරන ආකාරයටම දේවල් කිරීමට හේතු තිබේ. ඔබේම අද්විතීය ආකාරයෙන් දේවල් දැකීමට නිදහස් වන්න.
13. ජන සමූහ හා පුද්ගලයන් අන්ධ ලෙස අනුගමනය කරන්න එපා. සෑම විටම කරුණු සහ තර්කය මත පදනම්ව තීරණ ගන්න. ඔබේ නිවැරදි මාර්ගය තෝරා ගැනීමට තරම් නිර්භීත වන්න.
14. ලෝකයේ නාට්‍යවලින් වළකින්න.
රගපෑම් හා හැසිරවීම සම්බන්ධයෙන් ආරක්ෂාකාරීව වළකින්න.
15. අර්ථවත් ප්‍රශ්න ඇසීමට පසුබට නොවන්න. එවිට යහපත් සංවාදයට ඔබ අවධානය මෙන්ම උනන්දුව දක්වන බව පෙනේවි.
16. සෑම විටම අන් අයට උපදෙස් ලබා නොදෙන්න. එවිට එයද සෑම විටම පහසුවෙන් ලබා ගත හැකි උපදේශයන් සමාන වේ.
17. ඔබ යම් දෙයක නිරත වන්න. ක්‍රියාකාරී වන්න. කිසිවිටෙක එකම විදියකට සිටීමට සහ සදාකාලිකව ඔහේ කැරකි කැරකි සිටින්නකු බවට පත්වීමට උත්සාහ කරන්න එපා.
සීයා දුන්න නොයෙක් උපදෙස් එදා ගනන් නොගත්තට කාලය එක්ක තේරෙනවා ඒවා ජීවිතයට කොතරම් වැදගත් ද කියලා..
උපුටාගැනිමකී..
A day in the life
2025-01-19
මෝඩයෙකු සේ සලකයි.
"යමෙකු පුද්ගලයෙකු තේරුම් නොගන්නේ නම්, ඔහු මෝඩයෙකු ලෙස සැලකීමට නැඹුරු වේ."
කාල් ජුන්ග්ගේ මෙම උපුටා දැක්වීම, මානව මනෝවිද්යාව සහ අන්තර් පුද්ගල ගතිකත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇතුළත් කරයි.
එය පොදු සංජානන නැඹුරුවක් උද්දීපනය කරයි: අන් අයගේ සිතුවිලි, අභිප්රේරණ හෝ හැසිරීම් තේරුම් ගැනීමට අප අපොහොසත් වූ විට ඔවුන්ව ඉවත් කිරීමට හෝ දැඩි ලෙස විනිශ්චය කිරීමට ඇති ප්රවණතාවය.මෙම නැඹුරුව බොහෝ විට පැන නගින්නේ අපැහැදිලි හෝ වෙනස්කම් සමඟ අපගේ ආවේණික අසහනයෙනි.යමෙකු අපගේ ලෝක දෘෂ්ඨියට අභියෝග කරන විට හෝ අතාර්කික හෝ අපට ආගන්තුක ලෙස පෙනෙන ආකාරයෙන් හැසිරෙන විට, අපගේ සහජ බුද්ධිය වන්නේ ඔවුන්ගේ ඉදිරිදර්ශනයේ සංකීර්ණතා ගවේෂණය කිරීමට කාලය ගත කරනවාට වඩා, ඒවා නිෂේධාත්මක ලෙස ලේබල් කිරීම මගින් තත්වය සරල කිරීමයි.ජුංගේ නිරීක්ෂණ අපව අනුකම්පාවෙන් සහ නිහතමානීව අන් අය වෙත ළඟා වීමට දිරිගන්වයි.වෙනත් පුද්ගලයෙකු තේරුම් ගැනීමට උත්සාහය, ඉවසීම සහ බොහෝ විට අපගේම සීමාවන්ට මුහුණ දීමට කැමැත්ත අවශ්ය වේ.ප්රශ්න ඇසීම, ගැඹුරින් ඇහුම්කන් දීම සහ ඔවුන්ගේ ඇස්වලින් ලෝකය දැකීමට ප්රමාණවත් ලෙස විනිශ්චය අත්හිටුවීම එයට ඇතුළත් විය හැකිය.මෙම ක්රියාවලියට සන්නිවේදනයේ හිඩැස් පියවීමට, ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීමට සහ ප්රජාව සහ අවබෝධය පිළිබඳ වැඩි හැඟීමක් ප්රවර්ධනය කළ හැකිය.එපමණක් නොව, ජුන්ග්ගේ තීක්ෂ්ණ බුද්ධිය බුද්ධිමය උඩඟුකමේ අන්තරායන් සිහිපත් කිරීමකි.යමෙකුගේ තර්ක හෝ තේරීම් අප ග්රහණය කර නොගත් පමණින් එම තේරීම්වල කුසලතා හෝ බුද්ධිය නොමැති බව අදහස් නොවේ.එක් පුද්ගලයෙකුට මෝඩ ලෙස පෙනෙන දෙය තවත් කෙනෙකුට ගැඹුරින් අර්ථවත් විය හැකිය, එය ක්ෂණිකව නොපෙනෙන අත්දැකීම්, විශ්වාසයන් හෝ සාරධර්ම වලින් හැඩගැසෙනු ඇත.අවසාන වශයෙන්, මෙම උපුටා දැක්වීම අපගේ ආරම්භක විනිශ්චයන්ගෙන් ඔබ්බට බැලීමට සහ මිනිස් හැසිරීම් වල මතුපිටට යටින් ඇති ගැඹුරු සත්යයන් සෙවීමට අපට අභියෝග කරයි..
Kumudu Kumara
2025-01-18
මම කියු නැන්දා
දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය
දශක ගණනාවකට පසු
නොම්මරේ හොයාගෙන කතා කර,
දුවගෙ වෙඩින් එකය, එන්නය කියා කිවුවම,
දින දෙකක් නෑදෑ ගෙවල් වල කැරකිලා
මූණ කරකුට්ටන් වෙලායැයි
උදේ හමුවූ වෙලේ චෝදනා නැගුවාය.
එයා ඉස්සරත් එහෙමය.
වැස්සත් බනින්නේ මටය.
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන
දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය.
එයා මට කලින් බැන්දාය.
අපට අප නැති වුනේ මගේ වරදින් කියා
අවසාන දවස් වල බැන්නාය.
දහසකුත් වැරදි කර මා යලිත් ඇමතුව ද
ඉවසලා ඉවසලා තව ටිකක් බලා හිඳ
වෙන අතක් බලන්නට හිතුවාය.
බඳින්නට පෙර දින ද අමතලා ඇඬුවාය.
එයා එයාටත් වඩා මට ආදරේ කලාය.
මට ඒක තේරුණේ පහුවෙලාය.
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන
දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය.
පොඩි දූ පැටියෙකු හදමුයි කියා දවසක,
මා සමග එකතු වී,
"උත්තරා" යැයි සුන්දර නමක් පවා දමා එදවස,
අඳින්නට රෝස පැහැ
ගවුම් කොට පවා තෝරා කෙල්ලෙකුට,
බඳින්නටත් බොහෝ කලක සිට,
ඇය මේ ලොව සුන්දරම අම්මා වූවාය.
අම්මෙකු වන්නට නොහැකි වේයැයි කියා,
කතන්දර දහසකුත්, තව ටිකකුත් අසා,
මුලු මහනුවරම සමග සටන් කොට
දික්කසාදය ගත්,
ඇය මේ ලොව නිර්භීතම අම්මාය.
කවුරුවත් අම්මාය කියලා නොකීවත්
කිසිදාක අම්මාය කියා ඇය නොඇහුවත්
විශ්වාස කරන්න,
ඇය මා දන්නා හොඳම අම්මාය.
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන
දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය.
ඔබ ඉපදුණා කියලා කාගෙන් හරි ඇහුණාම
එකතු කරගෙන සිටි ඇඳුම් මලු ගාණක්
අඥාතව මා නමට එවුවාය.
අද ඒක ගැන ඇහුවාම,
අතරින් පතර විවේක කාමරයට ගොස්
කොණ්ඩයද සාරියද ආයෙ ආයේ සකසමින්
එදාටත් වඩා ලස්සන ගැන වද වෙමින්
ඉඳහිට මම දෙස ද බලමින් නොබලමින් හිනැහෙමින්
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන
ලොකු කඳුලු බිඳු දෙකකින් ඇගේ ඇස් තෙමුණාය.
2025-01-17
එදා ගමේ ආහාර රටා
යෝධ බල ඇති මිනිස්සු බිහිකළ එදා ගමේ ආහාර රටා
Rasika Madushanthi
පරිසරයේ පවතින ගහ, කොළ, මල්, ගෙඩි උපයෝගී කර ගෙන පෙරදා නුවර කලාවියේ ආහාර රටාව සකස්වී තිබිණ. එසේ සකස් කරගත් රසකැවිලි මාළුපිණි ආදිය පිළිබඳ විස්තර පහත දැක්වේ.
කීරොටී රසවත් කෑමකි. කැකුළු හාල් පිටිවලට ලුණු වතුර පදමට දමා පොල් වතුරෙන් අනා රාමන්ඩි මිශ්රකර පිපෙන්නට තියයි. පිටි මිශ්රණය පිපුණ පසු ආප්ප උයන පිළිවෙලට කීරොටී සාදා ගනු ලැබේ. ඊළඟට කීරොටි කෑමට පැණි හොද්දක් සාදා ගනී. පොල්කිරි, පොල්පැණි හෝ මීපැණි, හාල්පිටි, ලුණු වතුර පදමට ගෙන මිශ්රකර ලිපේ තබා උතුරවනු ලැබේ. ඉන්පසු කලින් සෑදු කීරොටී මේ පැණි හොද්දට දමා පැයක් දෙකක් තැබූ විට කීරොටීවලට මේ පැණි හොද්ද උරා ගනී. ඉන්පසු කෑමට ගැනීමට පුළුවන.
කිරිවැදෑනි කිරිවැදෑනි ද රසවත් කෑමකි. කැකුළු හාල් බැද අඹරා වතුර සමඟ රාමන්ඩි දමා, අනා පිපෙන්න තබනු ලැබේ. මේ පිටි පිපුණ පසු අාප්ප උයන ආකාරයට ටිකක් ඝනකමට සාදනු ලැබේ. මේවා මුදවන ලද කිරි සහ මීපැණි සමඟ මිශ්ර කොට ආහාරයට ගනු ලැබේ. කිරිවැදෑනි ලෙස හඳුන්වන්නේ මේවාය.
දොහොයි තවත් නුවර කලාවියේ රසවත් කෑමකි. කුරහන් පිටි සමඟ උඳුපිටි පදමට ගෙන එකට අනා තරමක් උකුවට සකස් කර ගනී, ඉන්පසු රොටී කබලක් බඳු ඊටම විශේෂ වූ ‘දොහොයි’ තැටියක දමා ලිපේ තබා රත්වෙන ආකාරයට රොටියක් මෙන් දෙපැත්ත පෙරලා හොඳින් පිළිස්සුන පසු තැටියෙන් ඉවත් කර බිමට බාගනී. දොහොයි රසකැවිල්ලක් නොව ගුණාත්මක හා ශක්තිමත් ආහාරයකි. දොහොයි කෑමට ලූල් මාළු ඇඹුල, කමත් බිම්මල්, දඩමස් වැනි ව්යාංජනයක් සකස් කරගනී.
වෙල්ල වැහුම් කැකුළු හාල් පිටිවලට වතුර හා ලුණු මිශ්රකර තුඩුදවුලා වැනි නානු ඇති යුෂ වර්ගයක් ද යොදා පිටි මිශ්රණය සාදා කබලට දමා තැම්බුන පසු කබලෙන් ගලවා බිමට ගෙන මැදට පැණිපොල් තබා රවුම් කර ගනී.
කොමළවටා සීනි හොඳින් උණුකොට ගාන ලද පොල් ඇති පදමට සීනි මිශ්රණයට දමා හොඳින් මිශ්ර කර ඉන්පසු කැකුළු සහල් පිටි කළවම් කර ලිපේ තබා රත් කරනු ලැබේ. මේවා අතේ ගුලිකර ගත හැකි තරමට උකු බවට පත්වූ පසු ලිපෙන් බාගෙන වෙනම සකස් කර ඇති පොල්පැණි මිශ්රණය මෙයට මුහුකොට යළිත් ලිප තබා රත් කරගෙන අග්ගලා මෙන් ගුලි වශයෙන් සාදා ආහාරයට ගනී.
ආස්මී කැකුළු හාල් පිටි සකස් කරගැනීමෙන් පසු මේවා පොල් කිරට දමා මුහුකොට අතේ නොඇලෙන පදමට පිළියෙල කරගත යුතුය. ඉන්පසු දවුල් කුරුඳු කොළ සහ පොල් මිශ්රකොට වංගෙඩියේ දමා කොටා පසුව මිරිකා රෙදි කඩකින් පෙරා යුෂ වෙන්කර ගත යුතුය. ඉන්පසු මෙම නානු යුෂ සහ පිටි මුහුකොට ඇඟිලිවලින් රැළි බේරෙන පදමට සකස් කොට තෙල් ලිපේ තබා ඇඟිලි අගින් මෙම මිශ්රණය හිමින් සීරුවේ තෙල් භාජනයට ටික ටික දමා තැම්බීගෙන එද්දී හැන්දක් සහ කූරක් යොදාගෙන ආස්මිය දෙකට නමා, තෙලෙන් ඉවතට ගෙන භාජනයක දමා දවසක් පමණ තෙල් බේරෙන්නට තියා දෙවෙනි දිනයේත් ආස්මි තෙල් කබලට දමා බැදගෙන ලිපෙන් බා පදමට උණු කරගත් පැණි රටාවකට ආස්මිය මතට එක් කිරීමෙන් පසු ආහාරයට ගනු ලැබේ.
උඳු වළලු මෙයද නුවර කලාවියේ ඉතා රසවත් කෑමකි. උඳු ඇට වතුරට දමා හොඳින් පෙඟුණ පසු ඒවායේ පොතු ඉවත් කර සෝදා මිරිස් ගලේ දමා අඹරා ගනු ලැබේ. ඉන්පසු කැකුළු සහල් පිටි ටිකක්ද මුහුකර පොල්කිරි දමා පැය පහක් පමණ වේලා පිටි පිපෙන්නට තැබිය යුතුය. ඊළඟට පිරිසිදු රෙදි කෑල්ලක කුඩා සිදුරක් කර එම රෙදි කෑල්ලට මෙම පිටි මිශ්රණය ටික ටික ගෙන ලිපේ තබා ඇති රත්වූ තෙලට වළලු ආකාරයට මිරිකා රන්වන් පාටට පැමිණි පසු තෙලෙන් ඉවත් කොට උණුකර සූදානම් කරගත් පොල් පැණි, කිතුල් පැණි. මීපැණි හෝ සීනි පැණිවලට මෙම වලලු දමා වලලුවලට පැණි පිරුණු පසු ඉවත් කර ප්රයෝජනයට ගත හැකිය.
ලාළු තවත් රසකැවිලි වර්ගයකි. කැකුළු හාල් සෝදා පිටිකර ගැනීමෙන් පසු පෙනේරයකින් හලා පිටිවලට ඇල්වතුර දමා උකුවට අනාගනු ලැබේ. ඉන්පසු හිල් කළ පොල් කටුව ගෙන මෙම පිටි මිශ්රණය පොල් කටුවට දමා කෙසෙල් කොළයක් මතට මලක් මෙන් සිටින සේ තදකර වත්කර ගත යුතුය. ඉන්පසුව මේවා එකිනෙක වන්ඩුවේ තම්බා, තැම්බුන පසු අව්වේ තබා වේලාගත යුතුය. ඊට පසු තෙලෙන් බැද පැණි මිශ්ර කොට ආහාරයට ගනු ලැබේ. වන්ඩුවේ තැම්බීම යනු වතුර දැමූ මුට්ටියක කඩපිම්ම බැඳ ඒ මත මේවා තබා තවත් භාජනයකින් වසා ලිපේ තබා තම්බා ගැනීමය.
පොල් කැවුම් කැවුම්වලට පිටි සාදාගන්නා ආකාරයට පිටි සකස් කර ඇල් වතුර දමා තරමක් දියාරු ආකාරයට පිටි මිශ්රණය සකස් කරගත යුතුය. ඊට පසුව කලින් සකස් කරගත් පොල් ගුලිය පිට මිශ්රණයට දමා හොඳින් පිටි තැවරුණු පසු උණුවන තෙල් තාච්චියට දමා රන්වන් පාටට හැරෙන තුරු තෙලේ බැද ලිපෙන් බාගත යුතුය. මේවා පොල් කැවුම් ලෙස හඳුන්වනු ලැබේ.
කිතුල් තලප මේරූ කිතුල් ගසක බොඩය ඉවත් කරගෙන කුඩාවට කෑලි කපා වේලා ගැනීමෙන් පසු වංගෙඩියේ දමා කොටා, පෙනේරයකින් හලා පිටි ටික බේරා ගනු ලැබේ. ඉන්පසු මුට්ටියට කඩපිම්ම බැද කිතුල් පිටි වතුරේ දියකර කඩපිම්මට දමා කාල් ගාමින් පිරිසිදු පිටි ටික මුට්ටියට පෙරා ගෙන ඊළඟට ෙම්වාට ලුණු මිශ්රකර ලිප තබා පදමට තැම්බුන පසු මඳ ගින්නේ තියෙන්නට හැර පසුදා උදයට කෑලි කැපිය හැකි තරමට කැටගැසී ඇති කිතුල් තලපය කෑලි කපා ගනිති. ගුණදායක ආහාරයකි. එසේම තරු පහේ හෝටලයකදීවත් කෑමට නොලැබෙන රසවත් ආහාරයකි.

කුරහන් තලපකුරහන් පිටි පෙනේරයකින් හලාගෙන ඇල්වතුරට දියකර ඉන්පසු ලිපේ තබා තලපයක් බවට පත්වන තුරු නිතර හැඳි ගා ගත යුතුය. ඒ අතර ඊට ප්රමාණවත් තරමට ලුණු දියර මිශ්ර කළ යුතුය. තලපයක් බවට පත්වූ පසු ලිපෙන් බාගෙන සුදුසු හොද්දක් සාදා ගෙන ආහාරයට ගත හැකිය.
මෙනේරි බත්මෙනේරි වී වනේ දමා කොටා හාල් කරගැනීමෙන් පසු ඒවාට කැකුළු හුණු සාල් හතරෙන් එකක් පමණ මුහුකොට මෙනේරි කිරිබත් සාදා ගත හැකිය. තම්බාපු හාල්වලට සුණු සාල් හතරෙන් එකක් පමණ මෙනේරි හාල්වලට මුහු කිරීමෙන් මෙනේරි බත් සාදා ගැනීමට හැකිය.
අමුහාල් බත්‘අමු’ නමින් ධාන්ය වර්ගයක් ඇත. මේවා වනේ දමා කොටා සහල් සකස් කරගෙන කැකුළු සුණු සහල් සමඟ මිශ්ර කිරීමෙන් අමු කිරිබත් ද තම්බාපු සුණු සහල් සමඟ මිශ්ර කිරීමෙන් අමුබත් ද සාදා ගැනීමට පුළුවන.
තණහාල් කිරිබත් ‘තණ’ නමින් ධාන්ය වර්ගයක් ඇත. තණ ඇට වංගෙඩියේ දමා කොටා පොතු ඉවත් කර තණහාල් ලබාගෙන ඒවාට කැකුළු සුණු හාල් මිශ්ර කොට තණ හාල් කිරිබත් සාදාගැනීමට පුළුවන.
ඕලු බත්වැව්වල හැදෙන ජලජ පැලෑටියක් වූ ඕලුවල ගෙඩි හැදී පැසුණු පසු ඒවා කඩාගෙන විත් හොඳින් වේලා වංගෙඩියේ දමා කොටා පොතු ඉවත් කර ඕලු සහල් කරගත හැකිය. ඉන්පසු හාල් හුණ්ඩුවකට ඕලුහාල් පතක් පමණ මිශ්රකොට ඕලු බත් පිසගත හැකිය. ඕලු හාල්වල විශාල අස්වැන්නක් පවතී.
ලෝලු දළු මාළුවලෝලු දළු පිරිමහින තරමට කඩාගෙන සෝදා වතුර තබා තැම්බීමෙන් පසු වතුර පෙරා හැර ලුණු, මිරිස්, උම්බලකඩ, තුනපහ කුඩු, රතු ලූණු ආදිය දමා අමුමිරිස් කරල් කීපයක් සහ තක්කාලි ගෙඩියක් දෙකක් සහ මිටිකිරි ටිකක් දමා තවදුරටත් තම්බාගෙන තෙම්පරාදු කර ගත යුතුය.
අත්තික්කා ගෙඩි මාළුවලපටි අත්තික්කා ගෙඩි ඇති තරමට ගෙන වතුර දමා තම්බා වතුර ඉවත් කළ යුතුය. ඉන්පසු ලුණු, මිරිස්, රතුලූණු ආදිය මිශ්ර කොට යළිත් මිටි කිරෙන් තම්බා තෙල් අබ දමා ගත යුතුය.
ගිණිතිල්ලා ගෙඩි මාළුවපැසුණු ගිණිතිල්ලා ගෙඩි කඩාගෙන ඒවා දෙකට පලා මැද ඇති අැට ඉවත් කර ඇල් වතුරෙන් තම්බා වතුර පෙරා හැර තුනපහ, රතුලූණු, ලුණු, මිරිස් දමා මිටි කිරිවලින් තම්බා තෙම්පරාදු කරගත යුතුය.

නෙළුම් අලනෙළුම් අල සෝදා පිරිසිදු කරගෙන ඇල් වතුරෙන් තම්බා ඉන්පසු වතුර ඉවත් කර නෙළුම් අල කෑලිවලට කපා, ඒවාට තුනපහ ලුණු මිරිස් එකතු කර මිටි කිරෙන් නැවත තම්බා, තෙම්පරාදු කරගත හැකිය.
නෙළුම් අල තම්බා ආහාරයට ගැනීමනෙළුම් අල සෝදා පිරිසිදු කොට බතල මෙන් කෑලිවලට කපා වතුරෙන් හෝ වන්ඩුවෙන් තම්බා පොල් සහ ලුණු මිරිස් සමඟ ආහාරයට ගත හැකිය.
කෙකටිය අල තම්බා ආහාරයට ගැනීමවැව්වල හැදෙන කෙකටිය ගස්වල නෙළුම්වල මෙන් අල එරෙයි. ඒවා ගලවා ගෙන හොඳින් සෝදා පිරිසිදු කර ඇල් වතුරෙන් තම්බා වතුර පෙරා හැර, ආහාරයට ගැනීමේදී බතල අලවල මෙන් ඒවායේ පොතු ගලවා ඉවත් කළ යුතුය. පොල් සමඟ හෝ ලුණු මිරිස් සමඟ ආහාරයට ගත හැකිය.
ඕලු දළු මාළුවඕලු දඬු ගෙන සෝදා රේණු හැර හීන්වලට කෑලි කපා ලුණු, මිරිස්, තුනපහ සහ පොල් දමා මලවා ගැනීමෙන් මැල්ලුමක් සේ ආහාරයට ගත හැකිය.
මයිල මල් මාළුවමයිල මල් තම්බා වතුර හැර ලුණු මිරිස්, තුනපහ, රතු ලූණු ආදිය දමා මිටි කිරෙන් මාළුව උයා තෙම්පරාදු කරගත හැකිය.
කරකොළ මැල්ලුමකරකොළ නමින් ගස් විශේෂයක් කැලෑවේ තිබේ. මේවායේ නොමේරූ කොල සෝදා අඟුණ කොළ මෙන් සිහින්ව කපා රතුලූණු, අමු මිරිස් සහ පොල් මුහුකොට මලවා ගත හැකිය.
ලී කොළ සම්බෝලයලී කොළ නමින් පවත්නා පඳුරු විශේෂයේ ලා කොළ කඩාගෙන විත් සෝදා සිහින්ව ලියා රතු ලූණු, උම්බලකඩ, පොල්, ලුණු, අමු මිරිස් ආදිය මුහුකොට සම්බෝලය සාදා ගත හැකිය.
මුස්සැන්න කොළ බැදගැනීමමුස්සැන්න නම් වූ පඳුරු විශේෂයක් තිබේ. මේවායේ පුංචිම මල් සමඟ තනිකරම සුදු පාට කොළ හැදෙයි. මේ සුදුපාට කොළ පපඩම් මෙන් බැද ගැනීමට පුළුවන. මේ සඳහා පළමුවෙන් පිටි මිශ්රණය සාදා ගත යුතුය. හාල් පිටි හෝ පාන් පිටි ගෙන ඒවාට අමු මිරිස්, ලුණු කුඩු, ලූණු, කරපිංචා, මිරිස් කුඩු ආදිය දමා උකුවට මේ පිටි මිශ්රණය සාදා ගෙන ඊළඟට සුදු මුස්සැන්න කොළ මෙම මිශ්රණයේ ගිල්වා රත්කළ තෙලට දමා බැඳ ගැනීමට පුළුවන.
වැල්පෙනෙල සම්බෝලයදළු වැල් පෙනෙල කොළ නොතැලෙන අන්දමට සිහිනව කපා ලූණු, රතු ලූණු, අමු මිරිස් දමා ගොටුකොළ සම්බෝලයක් හදන පිළිවෙලට සාදා ගැනීමට පුළුවන.
උඩත්තා කොළ මැල්ලුමඋඩත්තා කොළ සෝදා පිරිසිදු කරගෙන අගුණකොළ කපන ආකාරයට සිහින්ව ලියා වෙනත් කොළ වර්ග මලවන ආකාරයටම මලවා ගත හැකිය.
තෙලටිය ගෙඩි මාළුවතෙලටි ගෙඩි දෙකට කපා තම්බා වතුර පෙරා ඉන්පසු තුනපහ ලුණු මිරිස් ආදිය දමා මිටි කිරිවලින් මාළුව උයාගෙන තෙම්පරාදු කරගත් මාළුවක් සාදාගත හැකිය.
පෙතන් මල් බැදුමපළමුවෙන් හාල්පිටි හෝ පාන්පිටි අවශ්ය තරමට ගෙන කරපිංචා, ලූණු, ලුණු, මිරිස් ආදිය එකට අඹරා ඒවා පිටිවල දියකර උකුවට පිටි මිශ්රණය සාදාගනු ලැබේ. ඊට පසුව පෙතන් මලේ පෙති ගලවා එකිනෙක පෙති මෙම මිශ්රණයේ පොඟවා කොකිස් බදින ආකාරයට තෙලට දමා බැදගත හැකිය.
අවර මාළුවළපටි අවර කරල් ගෙන කපා තුනපහ, මිරිස්, ලුණු ආදිය දමා තෙම්පරාදු කරගත් විට රසවත් මාළුවකි.
කිරින්ගලා කොළ අැඹුලකිරින්ගලා කොළ නොතැලෙන සේ සෝදා දිය බේරෙන්නට තියා, ඊළඟට තුනපහ හොද්ද උතුරා පැසෙන විට කොළ පොඩි නොවන සේ කපා හොද්දට දමා තුනපහ දමා තැම්බුන පසු ලිපෙන් බා ගන්න. මෙය ඉතා රසවත් ඇඹුලකි. පෙර රජදරුවන්ගේ භෝජනයට පවා කිරින්ගලා කොළ ඇඹුල එකතු කර තිබේ.
පුහුල් මල් සාදා ගැනීමපුහුල් ගෙඩියේ පොත්ත ඉවත් කර දික් අතට පුහුල් තීරු කපා ගැනීමෙන් පසු ඒවා නැවත හීන්වට දික් අතට තුනීවට කපා ගනු ලැබේ. ඊළඟට මෙසේ කැපූ පුහුල් කෑලි හුණු දියට දමා දවසක් පමණ තබා නැවත ගෙන හොඳින් සෝදා දිය බේරෙන සේ තැබිය යුතුය. ඉන්පසු පුහුල් කෑලි කිලෝ එකකට සීනි කිලෝවක් වන සේ ගෙන සීනි උණුකර ප්රයෝජනයට ගත හැකිය.
පෙරදා නුවර කලාවියේ ජනතාව පරිසරය සමඟ එක්ව පරිසරයේ සම්පත් උකහා ගෙන ජීවිත ගැටගසා ගත් බව පරිසරයෙන් උකහා ගත් මෙම ආහාර වට්ටෝරුවලින් සනාථ වේ.
වර්තමානයේ මේ අපේ දේශීය ආහාර හදන්න තියා නම්වත් දන්නේ කීයෙන් කීදෙනද. සිංහල අලුත් අවුරුද්දක අපි ඇත්තටම හදන්නේ අපේ හෙල සිංහල කැවිලිද ?? අලුත් අවුරුද්දේ කැවිලි මේසයට දේශීය කැවිලි ද වැඩිපුර ඇත්තේ පිටරැටියන් අපිට තියා ගිය කැවිලිද කියා ඔබම කල්පනා කර බලන්න. ඔබ
අපේ හෙළ කෑම වර්ග ඇත්තන් Comments වලින් පලකරන්න. අන් අයගේ දැන ගැනීම සඳහා.
උපුටාගැනීමකි.
ස්තුතියි - රාජ භෝජනA day in the life
2025-01-16
බුරුවා සහ යක්ෂයා
බූරුවෙකු ගසකට බැඳ තිබිණි. යක්ෂයෙක් ඇවිත් ලනුව ලිහා දැමුවේය. එවිට බූරුවා කුඹුරකට දිව ගොස් වගාව විනාශ කිරීමට පටන් ගත්තේය.
කුඹුර හිමි ගොවියාගේ බිරිඳ මෙය දුටු විට ඇය බූරුවාට වෙඩි තබා මරා දැමුවාය. බූරුවාගේ හිමිකරු කොතරම් කලබල වීද යත් ඔහු එසැනින් ගොවියාගේ බිරිඳට වෙඩි තැබීය.
ගොවියා ආපසු පැමිණි විට, තම බිරිඳ මියගොස් ඇති බව දැක දුවගොස් බූරුවාගේ හිමිකරුට වෙඩි තැබීය.
බූරුවාගේ අයිතිකරුගේ බිරිඳ තම පුතුන්ට ඔවුන්ගේ පියාගේ මරණයට පළිගැනීමට ගොවියාගේ නිවස ගිනිබත් කරන මෙන් ඉල්ලාසිටියේය.
පිරිමි ළමයින් සවස් වරුවේ ගොස් ගොවියා ද නිවස සමඟ පණපිටින් පිලිස්සෙනු ඇතැයි උපකල්පනය කරමින් මවගේ නියෝගය සතුටින් ඉටු කළහ.
කෙසේ නමුත් ඔවුන් එසේ ගිනිතබන විට ගොවියා ගෙදර නොසිටියේය. ආපසු පැමිණි විට,තම නිවසේ පිලිස්සීගිය සැකිල්ල දුටු ඔහු වහාම ගොස් බූරුවාගේ අයිතිකරුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනාට වෙඩි තැබීය.
සිදුවූ සියල්ලෙන් පසුතැවිල්ලට පත් ගොවියා යක්ෂයාගෙන් ඇසුවේ "ඇයි මේ සියලු භයානක දේ මෙලෙස සිදුකලේ" කියා
භූතයා පිළිතුරු දෙමින්,
“ඇයි, මම කිසිවක් කළේ නැහැ!
බූරුවා නිදහස් කිරීම හැර.
තම තමන්ගේ අභ්‍යන්තර යක්ෂයා අවධිකර, අත්තනෝමතික ලෙස ක්‍රියාකොට ඔහුව නිදහස් කළේ ඔබ සැවොමය” කීවේය.
ඔබට එය තේරුණාද?
යක්ෂයා කිසිවක් නොකරන නමුත් නපුරු චේතනා බවට හැරී අන් අයට හානියක් කිරීමට ඔබ තුළ ඇති හැකියාව අවුලුවාලමින් ඔබව අවදි කරයි.
පළිගැනීමට, ප්‍රතිචාර දැක්වීමට, වාර්තා කිරීමට, තරවටු කිරීමට හෝ පළිගැනීමට පෙර ඊළඟ වතාවේ කෙටි විරාමයක් තබා සිතන්න.
ප්‍රවේශම්වෙන්න.
බොහෝ විට, යක්ෂයාට කළ යුතු එකම දෙය නම් බූරුවා අපෙන් නිදහස් කිරීමයි.
අද මේ වනවිටත් අපේ ජනමාධ්‍ය , සමාජ මාධ්‍ය සග දේශපාලනඥයින් අපේ මනසේ සිටින බූරුවා නිදහස් කරමින් සිටී.
ඔවුන්ගේ උත්තේජනයෙන් ජීවිතයේ කිසි දිනෙක දැක නැති අයට පරුෂ වචනයෙන් බනිමින් අපි බූරුවා මෙන්ම හැසිරෙමින් සිටිමු. ක්‍රියාත්මක වන්නටපෙර නැවතත් සිතන්න.....
ඉෂාරා මධුවන්ති ගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටාගැනීමකිA day in the life
2025-01-15
සොඳුරු විරාමය -
නංගිට බබා ලැබුනෙන් ප්‍රිය බිරිඳ මගේ
සති දෙකකට ගියා සහයට ළඟට ඇගේ
පාළුව කාන්සිය හිමිදිරි උදෙත් නැගේ
තනියම තේ හදාගෙන බොන්නට උනා වගේ..
කළ විට සීනි බඳුනේ මූඩිය විවර
කොළයක් දුටිමි මතකයි අයගේ අත් අකුර
"මම හරි ආදරෙයි වස්තුව පැණි පොකුර"
ලියලා තිබුණි පැන්සලකින් මගෙ සොඳුර...
ඇර තේ පෝච්චිය බැලු විට තිබුණි ලියා
"පාළුවේ වස්තුවේ මට මෙහෙ නැතුව ඔයා
ෆිජ් එක ගෙදර බෝ තැන් ඇස ගැටෙන නිසා
අලවා තිබුනෙ මුදු ආදර වදන් එයා....
හිමි ගැන නිතර සොයනා බිරිඳක් මෙවැනි
ලද මා වෙයිද මේ ලොව කෙනෙකුට දෙවැනි
සිටිවිට ඇගේ ගුණ අයමින් හද තුළිනි
ඇය ගැන අසීමිත ආලෙන් හිත පිරුණි...
දින පහ ගෙවී වැඩ නැති අවසන ශනිදා
දහවල් දවස ගතකර ඇඳ උඩම නිදා
මිතුරන් දෙදෙනෙකුට ඇමතුම් දෙකක් යොදා
නා ගත්තෙමි හවස සාදය සිතින් බදා...
උරුවම් බබා ඇර අල්මාරිය පියන
ඇඳුමක් සොයාගත්තෙමි ඇය මැද තිබුණ
"මා නැති අතරේ තෝ මූසල ගල් බමුණ
බොන්ඩ ද යන්නේ" කොළයක අමුණා තිබිණ...
A day in the life
2025-01-14
තෛපොංගල් .
ශ්‍රී ලංකා රජය විසින් ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශිත හිණ්දුන් විසින් සමරනු ලබන ආගමික උත්සවයකි.
මෙදින ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල වලට, එනම් ආන්දර් ප්‍රදේශවල, අස්සාම්, බෙන්ගාලය, බිහාර්, ගුජරාට්, හිමාචල් ප්‍රදේශ, කර්නටකා, කේරල , ඔරිසා, මහරාෂ්ත්රම, නේපාලය, පන්ජාබය, රාජස්තානය, තමිල්නඩු සහ උත්තර් ප්‍රදේශයන්ට පාරම්පරික නිවාඩු දිනයක් වේ.
අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන 'මකර සන්ක්‍රාන්ති' සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස මොවුහු සලකති.
තෛපොංගල් උත්සවය තවත් නව වසරක් සඳහා සූර්යය භ්‍රමණයේ ආරම්භය සනිටුහන් කරයි. දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මංගල දිනයේ දී කරනු ලැබේ.මෙම උත්සවය දමිළ ජනයා සදහා පමණක්ම වෙන්වුවක් නොවේ. මහා භාරතයේ සදහන් වන පරිදි එය මුලු ඉන්දියානු ජනතාවටම පොදු චාරිත්රෙයකි. භිෂ්මා තම මිනිස් ජීවිතය වතහැරීම සුර්යයා උතුරු දිසාවට හැරීමේ දී සිදු වු බවත්, එම සිදුවීම 'උත්තරායන' නමින් හදුන්වයි. ධර්ම ශාස්ත්‍රරවයන් සදහන් කරන පරිදි මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වනදා සිදුවන අතර කුම්භ හා අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වේ.
තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්රමනය ආරම්භවීම සනිටුහන් කරයි.
අස්වැන්න නෙලන අවස්තාවේ දී සමරනු ලබන මෙම උත්සවය සෞභාග්‍යය සහ ස්තූති කිරීම හා බැදී පවතී. මෙහිදී තම අස්වැන්න සරු වීමට උපකාර කළ වර්ශාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කරනු ලැබේ.
අලුත් ඇදුමෙන් සැරසී සිටින අයුරු දැකගත හැකි අතර මෙය ගවයන් සතු ජනතාවට බෙහෙවින් වැදගත් උත්සවයක් වේ.
පොංගල් උත්සවය ඉන්දියාවේ තමිල්නාඩු වැසියන් හා ලෝවැසි සියළු දමිළ ජාතිකයින් විසින් සමරනු ලැබේ. දමිළ ජතිකයින් වෙසෙන වෙනත් රටවල්, එනම් ශ්‍රී ලංකාව , මැලේසියාව,මොරිෂස්, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ සින්ගප්පූරුව යන රටවල් ද මෙම උත්සවය සමරනු ලබයි.
උත්සවය අවම වශයෙන් අවුරුදු 1000ක් පමණවත් ඉපැරණි අතර මෙම උත්සවය් අවුරුදු 2000කටත් ඉහත පටන් පැවත එන්නක් බව සමහරුන්ගේ විශ්වාසයයි. දමිළ ජනතාව පොංගල් උත්සවය හදුන්වනු ලබනුයේ 'තමිලර් තිරුනාල්' යනුවෙනි ('දමිළ ජනතාවගේ උත්සවය' යන තේරුමයි ). මෙම උත්සවයේ මුලාරම්භය සිදුවුයේ තමිල් නාඩුවේය. 'තායි පිරන්ඩල් වාලි පිරක්කුම්' - මෙහි තේරුම වනුයේ "තායි මාසයේ උපත නව මහගු අවස්ථා සදහා මග පාදනු ඇත" යන්නයි.
තෛපොංගල් උත්සවය යෙදෙන්නේ ජනවාරි 12-15 දක්වා අතර කාලයේ දිනකය. මෙම වර්ෂයේ උත්සවය සදහා ජනවාරි 14 යෙදී තිබේ.(ග්රෙපගොරියන් කැලැන්ඩරයට අනුව ). තෛපොංගල් උත්සවය මාර්ඝාසි නම් වු දමිළ මාසයේ අවසාන දිනයේ සිට (දෙසැම්බර් - ජනවාරි ) දින සතරක් පුරාවට , තායි මාසයේ තුන්වැනි දිනය දක්වා (ජනවාරි - පෙබරවාරි ) සමරනු ලබයි.
උත්සවයේ පලමු දින, එනම් 'භෝඝි' ලෙස හදුන්වයි.
මෙදින ජනතාව තමන් පාවිච්චි කරන ලද පැරනි වස්ත්‍ර හා රෙදිපිළි පිලිස්සීමෙන් පැරනි වසරේ අවසානය සනිටුහන් කිරීමත් සමගින්ම නව තායි වසර පිලිගැනීම ද සමරනු ලබයි. ~පොංගල් යනුවෙන් හැදින්වෙන දෙවන දින මෙම සැමරුමේ ප්‍රධාන දිනා වන අතර මෙදින වැටෙනුයේ "තායි" නම් වු දෙමළ මාසයේ පළමු වන දිනේදීය (ජනවාරි 14- 15). සර්කාරෙයි හෝ වීටු පොංගල් යනුවෙන්ද හදුන්වන ලබන මෙදින සමරනු ලබනුයේ අලුත් මුට්ටියක බත්, හකුරු හා නැවුම් එළකිරි උතුරා පිසගැනීමෙනි. මෙලෙස පිසගත් ආහාරය පසුව දුඹුරු සීනි, කජු හා වියලි මිදි යොදා ගනිමින් අලංකාර කර ගනු ලැබේ.~පොංගල් යන නාමය ලැබී ඇත්තේ ඉහත සදහන් කරන ලද උතුරා යාමේ චාරිත්රය මුල් කොටගෙන. මෙම බත් මිශ්රබණය උතුරා භාජනයෙන් පිටතට හැලී යාමේදී චාරිත්රරයක් වශයෙන් දමිළ ජනතාව "පොංගාලෝ පොංගාල්" යනුවෙන් ශබ්දව කෑගසමින්, "සන්ගු" යන සංගීත භාන්ඩයද වාදනය කරනු ලබයි. මේ චරිත්රංය අනුගමනය කිරීමෙන් බලාපොරොත්තු වනුයේ නව වසර සෞභාග්ය මත් වසරක් බවට පත් කර ගැනීමයි.
පසුව මෙලෙස පිසගත් බත් මිශ්‍රණයේ පලමු කොටස හිරු උදාවත් සමගම ස්වභාවධර්මයාට පුදනු ලැබේ. මෙම පිදීමෙන් ඔවුන් තමන්ට මෙතෙක් ලබා දුන් සෞභාග්යුයට හිරුට හා ස්වභාවධර්මයාට තුති පුදන අතර ඉතිරි කොටස නිවැසියන් සමග බෙදාගනු ලැබේ. තවද මෙම දිනයේ දී නෑගම් යෑම හා එකිනෙකා සමග සුබ පැතුම් හුවමාරු කර ගැනීම ද දැකිය හැක. විශේෂයෙන් මෙම උත්සව කාලයේ දී නොයෙකුත් වර්ගයේ ආහාර හා රස කැවිලි වර්ග සාදන අතර වඩේ, මුරුක්කු, පායාස්ම් වැනි ආහාර විශේෂ තැනක් ගනී.
තුන්වැනි දිනය, එනම් මාට්ටු පොංගල් යනුවෙන් හදුන්වන මෙදින විශේෂයෙන් වෙන්වී ඇත්තේ ගවයන්ට තුති පිදීම සදහාය. ගවයන් ගොවිතැනේ දී ගොවියන්ට ලබා දෙන මහගු සේවය අගය කිරීම මෙහි පරමර්ථය වේ. මෙදින ගවයන් අලංකාර ලෙස මල් මාලා, තීන්ත හා සීනු යොදා ගනිමින් සරසන අතර සමහරු රත්රරන් හා තඹ කොපු යොදා ගනිමින්ගවයන්ගේ අං සැරසීමද කරනු ලබයි. මේ දිනයේදී ගවයන්ට නිදහසේ සැරිසැරීමට ඉඩ ලබාදෙන අතර විශේෂ ආහාර හා රස කැවිලි වර්ගද දෙනු ලැබේ. අතැම් ප්‍රදේශ වල විශේෂයෙන් ගම්බදව "ජල්ලිකාට්ටු" හෙවත් මී හරකුන් හීලෑ කිරීමේ තරග මෙම දිනයේ විශේෂ තැනක් ගනී.
අවසාන දිනයේදී, කානුම් පොංගල් ලෙස හදුන්වන මෙදින (කානුම් යනු 'නැරඹීමට' යන අර්ථය ඇතිව ) ජනතාව තම නෑදෑ හිතමිතුරන් බැලීමට යාම සිදුවේ. නාගරික ප්‍රදේශවල මෙම දිනයේදී ජනතාව තම පවුලේ සාමාජිකයින් සමග මුහුදු වෙරලට සහ සතුටු උද්‍යාන වලට යමින් පොංගල් උත්සවය සැමරීම දැකිය හැක. මෙම කාලයේදී "කෝළම්" ලෙස හැදින්වෙන විශේෂ සැරසිලි යොදා ගනිමින් ගෙමිදුල් අලංකාර ලෙස සැරසීමද දැකිය හැක. අස්වැන්න නෙළා ගැනීමට කළ උපකාරයට තම නෑදෑ හිතමිතුරන්ට ස්තූති කිරීමද මෙදිනට වෙන්වී ඇත. මුල් කාලයේදී මෙම උත්සවය ගොවි ජනයාට පමණක් සීමා වුවද අද මෙය ජාති, ආගම්, කුළ භේද වලින් තොරව සියලුම දමිළ ජනයාගේ ජාතික උත්සවයක් බවට පත්ව ඇත. මෙම උත්සවය ගම්බද ප්ර දෙශ වලද නාගරිකව මෙන්ම සුප්රසිද්ධ උත්සවයකි.
පොංගල් උත්සවය දින 3-4ක් පුරා දිවෙන අතර, මෙම දිනයන් ජතික නිවාඩු දිනයන් ලෙසද රජය විසින් ප්‍රකාශ කර ඇත.
තෛපොංගල් උත්සවය තමිල්නාඩුවේ සමරන උත්සව අතරින් අතිවිශේෂ ස්ථානයක් ගනී.
විකිපීඩියා.
2025-01-13
දුරුතු පෝය .
දුරුතු පොහොය (ජනවාරි පොහොය) වර්ෂයේ මුල්ම මාසය මෙන්ම ලංකාවාසී අපට ඉතාමත් වැදගත්ම පොහොයක් වන්නේ බුදුන් වහන්සේ ලංකාවට පළමු වරට වැඩියේ දුරුතු පොහොය දිනයේ වන නිසාය. මහියංගණයෙහි පිහිටි “මහානාග” නම් උයනේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර අරගලයක් හට ගෙන තිබිණි.
බුදුන් වහන්සේ එහි වැඩම කොට ඔවුන් ඇමතීමට උත්සාහ දැරුව ද තමන්ගේ පරිසරයට පැමිණි අමුත්තා කරදරයක් යයි සිතූ යක්ෂයෝ අවි අමෝරා ගෙන බුදුන් වහන්සේට එරෙහිව නැඟී සිටියහ. යක්ෂයින් දමනයට නම් ඔවුන් බියට පත් කර සිටිය යුතු බව සිතූ බුදුන් වහන්සේ වර්ෂාව, අකුණු සහ මහා මේඝයක් ඇති කර යක්ෂයින් බිය වද්දවා පසුව ඔවුන්ගේ බිය පහ කළ අතර පසුව යක්ෂයෝ ගිරි දිවයිනට පලා ගියහ. එහි පැමිණ සිටි සුමන (සමන්) නම් දෙවියන් පූජාවට සුදුසු දෙයක් ඉල්ලා සිටි විට බුදු හිමියන් කෙස් මිටක් දී ඇති අතර සුමන දෙවියන් විසින් බුදුරජුන් වැඩ සිටි ස්ථානයෙහිම එම කේශ ධාතු තැන්පත් කොට අඩි 10ක් උස ස්තූපයක් කර වූ අතර මියුගුණ හෙවත් මහියංගණ චෛත්‍ය එම ස්තූපයයි.
කැලණි පෙරහර පැවැත්වෙන්නේ දුරුතු මාසයේදීය.

දුරුතු පොහොය දින සිදු වූ අනෙකුත් වැදගත් සිදුවීම්...
බුදුන් වහන්සේ මහා ප්‍රඥාව ලෝක සත්ත්වයා හට දේශනා කිරීමේ මුල් පියවර තබන ලද්දේ ද දුරුතු පොහෝ දිනකදීය. ඒ උරුවෙල දනව්වට වැඩම කොට අහංකාර තුන්බෑ ජටිලයන් වූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා දෙමිනි.
තමා විසින් දහම් දේශනා කොට අරහත් භාවයට පත් තුන් බෑ ජටිල තෙරුන් සහ ඔවුන්ගේ පිරිවර සමඟ මගධය වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට දහම් දෙසා රජු සහ ඒ නුවර වැසියන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් කළේ ද දුරුතු මාසයේදීය.
බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද මෙම පොහොය දිනයේය.
දොළොස් පොහොයේ සමාරම්භක පොහොය වන්නේ දුරුතු පොහොයයි. මේ පොහොය ඉතාම වැදගත් වන්නේ සියලු පොහොයන්ට වස්තු විෂය වන පරිසරය සැකසීම අනුවය.
වසරක් ගෙවී තවත් වසරක් උදා වන මේ මොහොතේ පසුගිය වසරේ ලත් අත්දැකීම් සම්බන්ධව අවලෝකනය කොට නව වසරට ඒ අත්දැකීම් කොතරම් දුරට බලපාන්නේ ද යන්න සම්බන්ධව මෙනෙහි කළ යුතු හොඳම කඩඉමකි.
එමෙන්ම දුරුතු පොහොය වඩාත් වැදගත් වන්නේ අප සම්මා සම්බුදු තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දුකේ වෙළී - පැටලී සිටින සියලු සත්ත්වයා එම විමුක්ති මාර්ගයෙන් ගලවා ගැනීමට ප්‍රථම පියවර තබන ලද්දේ ද දුරුතු පෝයදාය.
බුදු බව ලබා නව මසකින් පසු උරුවෙල් දනව් පියසෙහි තුන්බෑ ජටිලයන් වන උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ප්‍රධාන කොටගත් දහසක් පමණ සව්වන් සදහම් මාර්ගයට යොමු කරවන ලද්දේ දුරුතු පෝදා බැවිනි.
මහියංගණයට වැඩම කොට යක්ෂ ගෝත්‍රිකයන්ට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම ද මේ පොහෝ දා සිදු වූ තවත් වැදගත් සිදුවීමකි.
බුදුරජුන්ගේ කේශ ධාතු නිදන් කිරීම මත දෙවියකු විසින් ඉදි කරන ලද ප්‍රථම දාගැබ වන්නේත් මහියංගණ දාගැබයි.
දුරුතු පෝදා අපට ලැබුණු අති උත්තම දායාදයකි. අප රටට වැඩම කළ බුදුරදුන් නිසා අපේ සමාජයේ පෙර නොවූ විරූ පෙරළියක් උදා විය.
මානව සමාජය විවිධ ආකල්පවල එල්බ ගෙන සිටි හෙයින් නිසි මාර්ගය නැත්නම් විමුක්ති මාර්ගය කුමක්ද යන්න සොයා ගැනීමට නොහැකිව මංමුළා වූ පිරිසක් බවට පත්ව සිටියහ.
මිනිසා ගස්වලට වන්දනය කළේය. තවත් පිරිසක් ගල්වලට වැඳුම් පිදුම් කළහ. ඇතැමෙක් හිරුට වන්දනය කළහ. තවත් සමහරෙක් සඳුට වැඳුම් පිදුම් කළහ. සමහරු අනංගයාට වැඳුම් පිදුම් කළහ. අනංගයා යනු ආදරයට අධිපතියාය. ආදරයට අධිපති අනංගයාට වැඳුම් පිදුම් කළ හොත් තමන්ට විමුක්ති මාර්ගය ලැබේ යැයි සිතූහ.
සමහරු නාගයා සංකේතයක් කොට ගෙන වන්දනය කළහ. රාගයෙන් කෙරෙන්නේ තමන්ගේ ඇලීම් - ගැලීම් තවත් පෝෂණය කිරීමකි. ඇලීම් ප්‍රහීණ කළ යුතුව තිබියදී තවදුරටත් එහි එල්බ ගන්නේ නම් සිදු වන්නේ සසරේ දිගුවීම පමණි. අපට අවශ්‍ය වන්නේ සංසාරය කෙටි කර ගැනීමය. නාගයාට වන්දනය කිරීමෙන් හැඟී යන්නේ එය කෙටි කර ගැනීම නොව තව තවත් එයට එල්බ ගැනීමකි. නාග වන්දනය එදා කොතරම් ජනප්‍රිය වීද යත් රජවරුන්ගේ නමේ අගට නාග යන පදය යෙදෙන්නට පුරුදු වූහ.
චෞරනාග, මහානාග, වීරනාග, ඉල නාග ආදී නම් එයට හොඳම නිදසුන්ය.
මෙවන් පරිසරයක සිටි ජනකායට බුදුවරුන් ලක්දිවට වැඩම කළ එම අඳුරු වලාකුළු පටලයෙන් නැති නම් භව කඩතුරාවෙන් වැසුණු ජනකාය යහමඟට ගන්නට දැරූ තැතද ඉතා ප්‍රශංසනීයයි.
ඉන් අනතුරුව උගත් පරපුරක් බිහි වී මහ කැලෑව එළිපෙහෙළි වී ගල් ලෙන්වලට වී සඟරුවන දහම් පොත් ලියන්නට පෙලඹුණේ ද මේ දුරුතු පුන් පොහෝදාය.
බුද්ධිමත් කැටයම් ශිල්පියා මේ මඟින් කළේත් බුදු මහිමය කියාපෑමය. අදත් එම කැටයම්වලින් ජීවමාන වන්නේ බුදු ගුණයි. බුද්ධ චරිතයයි. බුද්ධ ධර්මයයි. මේ දක්වා පැමිණි ගමන් මඟට ප්‍රවේශයක් වූයේ දුරුතු පොහොයයි.
A day in the life
2025-01-12
කෝට්ටේ රජමැදුරේ ප්‍රේම කතාවක්
ඒ වන විට අද මැලේසියාව ලෙස මුස්ලිම් බලය පැතිර ඇති රට එදා බෞද්ධ බලය වූ සිංහල රජ පරපුරුවලට නෑදෑකම් ඇති මලය රාජ්‍යය නමින් ප්‍රකට විය. තරුණ වයස වන විට හයවැනි පරාක්‍රමබාහු කුමරු හැදුණේ වැඩුණේ ඈත පෙරදිග මලය රාජ්‍යයේදීය. 1410 චීන ආධාර ඇතිව ලංකාවට අවුත් ඔහු රජ විය. ඒ වන විට රට මැද තිබූ දැදිගම රාජ්‍යයේ ඪකූර රජුගේ දූ වූ ස්වර්ණමාණික්‍යා හෙවත් රන්මැණිකා කුමරිය හයවැනි පැරකුම්බා රජුගේ අගබිසව විය. රාජාවලිය වංශකතාවේ කීරවැල්ලේ කුමරිය ලෙස හඳුන්වන්නේ මේ ස්වර්ණාමාණික්‍යා බිසවයි. හයවැනි පරාක්‍රමබාහු රජුට දාව ස්වර්ණාමාණික්‍ය බිසවට පළමුව ලැබුණේ ‘පුරන්දර’ නම් පුත් කුමරෙකි. එහෙත් පුරන්දර කුමරු කුඩා කලම අකාලයේ මළේය.
ස්වර්ණාමාණික්‍යාට දෙවනුව ලැබුණේ දූ කුමරියකි. අපේ වංශකතා හා සාහිත්‍ය ග්‍රන්ථවලට මේ කුමරිය නම් තුනකින් හඳුන්වයි. (ශ්‍රී රාහුල හිමි ලිවූ පරෙවි සන්දේශයේ ඇය ‘චන්ද්‍රාවතී’ ලෙස එයි. රාහුල හිමි ලිවූ සැළලිහිණි සන්දේශයේ ‘උලකුඩ’ දේවිය ලෙස දක්වයි. සීතාවක කල ලියැවුණු ‘අලකේශ්වර යුද්ධය’ වංශකතාවේ ඇය ලෝකානාථ හා උලකුඩය දේවී යන නම් දෙකින්ම දක්වයි.) රජුගේ මේ එකම දූ කුමරිය චන්ද්‍රාවතී ලෝකනාථා උඩකුඩය දේවී යන නම් තුනෙන්ම හඳුන්වා ඇත. මේ කුමරිය තරුණ වියට පත් කල විවාහ කර දීමට සුදුසු කුමරෙකු සොයා දීම අතිශය දුෂ්කර කරුණක් විය. හේතුව මේ වන විට ලංකාවේ රජකම සඳහා පාණ්ඩ්‍ය හා සවුළු (මැලේ හෙවත් ජා) රජ පරපුර අතර පැවැති උග්‍ර ගැටුමයි. එත් පරපුරක කුමරෙකුට ඈ පාවා දුන්නොත් අනෙක් පරපුර හා ඔවුන්ගේ විශාල අනුගාමික පිරිස එයට විරුද්ධ වන බැවිනි. මේ අනුව හයවැනි පරාක්‍රමබාහු රජු තම දියණිය සඳහා පාණ්ඩ්‍ය හා සවුළු යන රාජ පරම්පරා දෙකටම අයිති රජ කුමරෙකු තම දියණිය පාවා දීමට සෙවීමට විය. ඒ මගින් පාණ්ඩ්‍ය හා සවුළු යන රජ පරම්පරා දෙකේ ගැටුම නතර වන බව රජු කල්පනා කළේය.
කලක් යන විට පැරකුම්බා රජුට රජ පරම්පරා දෙකටම සම්බන්ධ රජ කුමරෙකු ගැන තොරතුරු හමු විය. ඒ අම්බලන්තොට රාජධානියේ සුන්දර පාණ්ඩ්‍ය කුමරුය. (සැළලිහිණි සන්දේශයේ ‘නන්නුරුතනයාර්’ ලෙස දැක්වූයේ ඔහුය.) හයවෙනි පැරකුම්බා රජුගේ දූ වූ චන්ද්‍රාවතී කුමරිය දුටු සුන්දර පාණ්ඩ්‍ය කුමරු ඇයට කැමැති වී ඇය විවාහ කර දීමට එකඟ විය. සුන්දර පාණ්ඩ්‍ය කුමරු චන්ද්‍රාවතී සමඟ ප්‍රේමයෙන් බැඳී විවාහ තීන්දුවට ආවේය. මේ අතරතුර හදිසියේ ඔහුට ඈත පෙරදිග මලය රාජ්‍යයට යාමට සිදුවිය. හේතුව ලංකාව හා මලය රාජ්‍යය රජ පරපුර අතර නිරන්තර සම්බන්ධතා තිබීමයි.
සුන්දර පාණ්ඩ්‍ය කුමරු මලය රටට ගොස් කලක් ගතවනතුරු මලය රාජ්‍යයේ රජුගේ දුව වූ සුන්දරී කුමරි ඔහුට හමුවිය. පාණ්ඩ්‍ය කුමරුට ලංකාවේ චන්ද්‍රාවතී කුමරිය අමතක විය. ඔහු මලය රට රජුගේ දුව සුන්දරී කුමරිය සමඟ ප්‍රේමයෙන් වෙලී එහි ජීවත් විය. කෝට්ටේ හයවෙනි පරාක්‍රමබාහු රජුට මේ සිද්ධිය සැල වී රජු බෙහෙවින් කලබල විය. සුන්දර පාණ්ඩ්‍ය කුමරු ලංකාවට ආවේ නැත. ඉන්පසු කෝට්ටේ රජු අම්බලන්තොට විසූ සුන්දර පාණ්ඩ්‍ය කුමරුගේ පියා වූ මහින්ද කුමරුට හසුනක් යැවීය. එය ද නිෂ්පල විය. දැන් චන්ද්‍රාවතී කුමරිය වියෝගයෙන් තැවෙයි.
ලංකාවේ රාජ පරම්පරා දෙකටම සම්බන්ධ චන්ද්‍රාවතී කුමරියට විවාහ පොරොන්දු දී දැන් ඒ අමතක කර මලය රටට වී සිටින තම අණට අකීකරුව මලය රටේ රජුගේ දූ හා ප්‍රේමයෙන් වෙලී සිටීම නිසා කෝට්ටේ රජුට සුන්දර පාණ්ඩ්‍යගේ ක්‍රියාකලාපය මදිපුංචිකමක් විය. හයවැනි පරාක්‍රමබාහු රජු මලය රටට යාමට හමුදාවක් හා නැව් සමූහයක් සූදානම් කළේය. නාවුක හමුදාව සමග හයවැනි පරාක්‍රමබාහු රජු තම එකම දූ කුමරිය ද කැටුව මලය රටට යාමට සූදානම් විය.
සැතපුම් දහස් ගණනක් ඈත සැඩ කුණාටු සහිත දරුණු මුහුදේ දිගුකලක් නැව් හමුදාවක් සමඟ යාම ඉතා අන්තරාදායක කාර්යයක් විය. රජු සමග සියුමැලි රාජකුමරිය ද රැගෙන යාමට ඔහුට අවශ්‍ය විය. (මෙහිදී හයවෙනි පැරකුම්බා රජු ළඟ කුඩාකල සිටම පුතෙකු ලෙස හැදුණු වැඩුණු මේ වන විට තොටගමුවේ ශ්‍රී රාහුල නමින් පැවිදිව සිටි හිමි පැරකුම්බා රජු හා දූ කුමරිය යන දීර්ඝ මුහුදු ගමනේදී මුහුදට අධිපති උපුල්වන් හෙවත් වරුණ දෙවිඳුගේ පිහිට පතා පරෙවි සන්දේශය ලිවීය. චන්ද්‍රාවතී කුමරියට සුදුසු සැමියෙකු සොයා දෙන ලෙස පරෙවියා උපුල්වන් දෙවිඳුගෙන් අයදියි.)
නැව් හමුදාව සමග මලය රටට ගිය කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජු සටන් වැද මලය රට රජු පරාජය කළේය. සිංහල රජු ජයග්‍රාහීව මලය රටට ඇතුළු විය. චන්ද්‍රාවතී කුමරිය දුටු සුන්දර පාණ්ඩ්‍ය කුමරු යළිත් ඇය හා ආදරයෙන් බැඳුණේය. මේ අතරතුර මලය රට රජුගේ දූ වූ සුන්දරී එරට වෙනත් රජ කුමරෙකුට විවාහ කර දෙන ලදී. මලය රට විජයග්‍රහණය කළ කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජු චන්ද්‍රාවතී කුමරිය සුන්දර පාණ්ඩ්‍ය කුමරු නාවික හමුදා කැටුව ලංකාව බලා පිටත් විය.











.jpeg)









