අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2024-08-20
මුහුදක් අසලකවත් නැති ලීච්ටන්ස්ටයින් රාජ්‍යය

8/20/2024 08:00:00 am

මුහුදක් අයිති නොමැති රටවල් එහෙම නැත්නම්, ලෑන්ඩ් ලෝක් රටවල් ගැන ඔබ අසා තිබෙන්න පුළුවන්. එවැනි රටවල්වලට මුහුදක් අයත් නොවන අතර වට වී තිබෙන්නේ අ...

Read more »
2024-08-19
නිකිණි පුන් පොහොය

8/19/2024 06:00:00 am
1

නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උ...

Read more »
2024-08-18
රස ගුණ පිරි කොල්ලු

8/18/2024 08:00:00 am

කාලෙකට පස්සේ ඔන්න අපේම මේ ලක් පොලොවේ හැදුනු කොල්ලු ටිකක් හම්බ වුනා .... කොල්ලු ගැන කියද්දී ... කළු හා සුදු වශයෙන් කොල්ලු වර්ග දෙකක්ම තියෙනවා...

Read more »
2024-08-17
අත්තනායක මහත්තයා

8/17/2024 08:00:00 am

කමල් පී අලහකෝන් සහෘදයා විසින් මෙටාවට යොමු කල වියමන් දෙකකි. කමල් සමග අපට රහට කීමට තරග කල නොහැක. මුලින්ම මම ඔහුට ස්තුති කරමි. ඔහුගේ සම්පත් උපු...

Read more »
2024-08-16
නයනා හෙට්ටිආරච්චි.

8/16/2024 12:00:00 pm

ඈත ගම් දනව්වල දුක් විඳින ගැහැනුන්ගේ සැබෑම ප්‍රතිරූපයට පණ දෙන ස්වභාවික රංගනයේ විශිෂ්ටතම මැවුම් කාරිය. නයනා හෙට්ටිආරච්චි. හිතේ කහටක් නැති නිර්...

Read more »
2024-08-15
ක්‍රිස්තු පූර්ව 400  ශීතකරන

8/15/2024 08:00:00 am

ක්‍රිස්තු පූර්ව 400 පමණ ජීවත් වූ අතීත මිනිස්සුත් "ශීතකරන" පාවිච්චි.කරලා තියෙනවා කියලා කිව්වොත් ඔබ ඒක විශ්වාස කරනවද? විදුලිය සොයා ග...

Read more »
2024-08-14
රම්මල කන්ද

8/14/2024 08:00:00 am

හම්බන්තොට ඇති තෙත් කළාපය රම්මල කන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරුවා පත්තුවේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රම්මල හෙවත් රන...

Read more »
2024-08-13
පන් පැදුර

8/13/2024 08:00:00 am
1

මහගෙදර කුස්සියේ පැදුරු ආනක තිබුණු රටා පැදුරක් අරන් දිග අරින්නෙමි සොඳින් රතුපාට සුදුපාට ජ්‍යාමිතික හැඩ මවන රමණීය පන් පැදුර මගේ ඇස ගැටෙනවා . ම...

Read more »
2024-08-12
මඤ්ඤොක්කා වලින් කේක්.

8/12/2024 08:00:00 am
1

මඤ්ඤොක්කා කියන්නෙ ඉතිං ගොඩක් රසවත් කෑමක්නෙ.. පිලිකා මර්ධන හැකියාව තියනව කියල හොයාගනත් තියනවනෙ..... ඒ හින්දා ඉතිං ......මඤ්ඤොක්කා අලේට දෙන්න...

Read more »
2024-08-11
බේත් හේත් එක්ක " up lifting" වචනත් කවලම් කරමු .

8/11/2024 08:30:00 am

ඊයෙ හවස් අතේ තාත්තාව දොස්තර මහත්තයාට පෙන්නන්ඩ තිබුනනෙ. ඉතිං පහකුත් ගානට පිටත්වෙලා යන අතර මග මං ඕනවටත් වඩා කතා කර කර හිටියටමොකද වෙනදට තොරතෝන්...

Read more »