Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Monday, June 24, 2024

මී ගස. Mabhuca




පෙර රජ දරුවන් විසින් කැපුවොත් මරණ දඬුවම නියම කළ සුද්දන් විසින් කපා හෙලීමට අවසර දුන් මී ගස් ගැන......

“Mabhuca” නමින් උද්භිත විද්‍යානාමයෙන් හැදින්වෙන මිගස විශේෂ 7ක් ලෝකය පුරා දැකිය හැකිය. මෙම විශේෂ 7 න් 4ක්ම අප රටට ආවේනික ශාක වීම විශේෂත්වයකි.
මීගස ඍජු කඳ සහිතව අඩි 50 ක් 60 ක් ක් පමණ උසට වර්ධනය වේ. මෙහි නොමේරු කොළ සහ ළපටි කොටස් වල සියුම් බූවක් දක්නට ලැබේ. ඝණ පොත්ත අළු පැහැයක් ගනී.
මී මල් වල ඇත්තේ කහපාටට හුරු සුදුපාටකි. කොළ පාටට හුරු කහපාට ඵලවල ඇතුලේ දිලිසෙන සුළු බීජ ඇත. මෙම මීමල් හටගන්නේ ජූනි, ජූලි මාසවලය.
අපරටේ හමුවන පරිසර හිතකාමීම ශාකය මී ගසයි.
එදා රජ දවස දේවානම්පියතිස්ස රජතුමා මෙම මීගස කැපීම මරණදණ්ඩනය ලැබීමට හේතුවක් ලෙස සදහන් කලා. එසේ වුවත් 1833 සුද්දන් විසින් ඉදිරිපත් කල කෝල්බෲක් ප්‍රතිසංස්කරණය මගින් මී ගස කැපීමට ලංකාවේ වැසියන්ට අවසර ලැබෙනවා. එපමණක් නොව අපේම රටේ වැසියන් ලවා මෙම මීගස් කපාහෙල බවත් සඳහන්.
ඇයි? එදා අපේ රජවරුන් මෙම ශාඛය රැකීමටත් විදේශිකයන් මෙය විනාශ කිරීමටත් හේතූව වූයේ .!


මෙම මී මල් පිපෙන කාලෙට හා ගෙඩි හැදෙන කාලෙට වවුලන්ට රජමගුල් වගේ. ඒ වගේම වවුලන් මෙම මී ගස් වලම තමයි වාසය කරන්නෙත්. මෙම මී ගෙඩි හා මල් කන වවුලන් කුබුරු පුරා වසුරු දානව. මෙම වසුරු ගිනිපෙට්ටියක් පමන ප්‍රමාණයක යූරියා කිලේ තුනක පමණ රසායනික සංඝටක තිබෙනවා. ඒ වගේම පසට නයිට්‍රජන් ලැබෙනවා,මෙම වවුලන්ගේ වසුරු වල බැරලෝහ නෑ, නමුත් ඇමෝනියා, යූරියා, TDM පොහොරවලින් දෙන රසායනික සංයෝජනය ලබාදෙනවා.
එසේම මී ගසේ කොළ කුඹුරට වැටුනම ඒ කොලත් කුඹුරට අගනාම පොහොරක් වෙනවා.
අද කලේ බරපතලම රෝගයක් වී ඇති වකුගඩු නරක්වීමට ප්‍රධානම හේතුවක් ලෙස රසායනික පොහොර වල තිබෙන බැරලෝහ හේතූවක් බව හැමෝම වගේ දන්නව. නමුත් අතීතයේ පැවති මී ගස හරිහැටි අපේ මුතුන් මිත්තන්ටත් අපිටත් රැක ගන්න හැකි වුණා නම් අද දවසේ අපට වකුගඩු රෝගය යන්න බරපතල රෝගයක්ව නොවන්නට ඉඩ තිබුණි.
අපගේ ආහාර ඇතුලත් වියයුතු විවිධ ඛණිජ ලවන වර්ග අපට ලැබෙන්නෙ අපි විසින් ලබා ගන්නා ආහාර වලින්. එම ආහාර මිනිසා ලබා ගන්නේ ශාඛ වලින්. ශාඛ එම ඛණිජ වර්ග ලබා ගන්නේ පසෙනි.
පසේ ඇති ඛණිජ ලවන මුලින්ම බැක්ටීරියා විසින් ජීරණය කළ පසුව ගස්වලට උරාගනු ලබයි.
නමුත් වර්තමානයේ කෘෂි කර්මාන්තයේදී යොදා ගන්නා වස විස නිසා පසේ සිටින බැක්ටීරියා විනාශ වී ඇත. මෙම හේතුව නිසා පසේ ඇති ඛණිජ ලවන ජීර්ණය සඳහා අවස්ථාවක් නැත. ඒනිසාම ශාඛ වලට අදාල පෝෂ්‍ය පදාර්ථ කොටස් උරාගැනීමට හැකියාවක් නොමැත.
අපි විසින් ආහාරයට ගන්නා එළවඵ සහ පළතුරු වල නියම රසය, පැහැය සහ ගුණය අද නැති වීමට ප්‍රධාන හේතුව මෙයයි. එසේ වුවද ඇතැම්විට ඵලදාව නම් බොහෝ වට වැඩි වී ඇත්තේ රසායනික පොහොර භාවිතය නියාය.


 

අපි කියන මෙම මීගස ස්වාභාවිකවම පලිබෝධ පාලනය කරයි. ගොයමට හානි කරන ගොයම් මැස්සන්, මදුරුවන්, ගොයමට හානිකරන මැස්සන් වැනි සතුන් වවුලන් විසින් ආහාරයට ගැනීම සිදුවෙනවා. ඒවගේම මී ගෙඩි හා මල් ආහාරයට ගන්න එන කුරුල්ලන් මී ගෙඩි නොමැති කාලෙට කෘමීන්ව ආහාරයට ගනු ලනව. මෙලෙසින් වී වගාවට සහ වෙනත් බොහෝ වගාවලට හානිකරන පලිබෝධකයන් ස්වභාවිකවම පාලනයක් සිදුවෙනව.
කුඹුරු අක්කරයකට සෑහීමට ප්‍රමානවත් පොහොර ප්‍රමාණයක් එක මීගසකින් ලබාගන්න පුලුවන්. එ් නිසාමයි මෙම ගසට ජාතියේ පොහොර ගස යන අනුවර්ථනාමය හිමිව ඇත්තෙ.
මී ගසෙ මල්, ගෙඩි සහ තෙල් විවිධ ආහාර සඳහා යොදාගන්නවා. මී මල් වලින් කැවුම් හා හැලප හදනවා.
තෙල් සිදීමේදී ඉතිරිවෙන පුන්නක්කු වලට කියනවා මීමුරු කියලා. මෙම මී මුරු සත්ව ආහාර වලටත්, ගොයමේ පොහොරක් ලෙසත් අතීතයේ අපේ පැරැන්නෝ යොදාගෙන තිබෙනවා.
එමෙන්ම මී මුරු කොහොඹ හා සුදුලූනු පොතු එක්කර ගෙවල්වල දුම් ඇල්ලීම පැරැන්නන්ගේ සිරිතක් වෙලත් එදවස තිබී ඇතිබව අද සිටින වැඩිහිටියන් ගෙන් දැනගැනීමට හැකියි. එසේම එම දුම නිසා ගෙදර තිබෙන විශබීජ වීනාශවෙන අතර ප්‍රසන්න සුවඳක්ද ලැබෙයි.
අතීතයේ දරුවෙකුගේ ඉපදීමෙන් පසුව මෙලෙස දුම් ඇල්ලීම අනිවාර්‍ය කාරණයක් වෙලත් පැවතිලා තියෙනව.
අනෙක් වැදගත්ම කාරණය වන්නේ හෙළ වෙදකම සදහා මෙම මී ගස ප්‍රයෝජනයට ගෙන තිබීමයි. අදටද මෙම ගසේ මල්, කොළ, පොතු, මුල්, ඇට යන සියලුම දේවල් බෙහෙත් සෑදීමට යොදාගන්නවා.
රෝගයන් ලෙස රක්තපාත, චර්මරෝග, කැඩුම්බිදුම්, සර්පවෙදකම උගුරේ ආබාධ, වාතරෝග, අතීසාරය, ග්‍රහනියේ රෝග, ක්ශයරෝගය, මුත්‍රා ආසාධනයන් සුවපත් කිරීම සදහා මී ගසේ විවිධ කොටස් යොදාගන්නවා.
වේදනා නාශක ලෙස මී තෙල් වලට ඇත්තේ ඉතාම වැදගත් තැනකි.
අතීතයේ අද මෙන් විදුලිය නොතිබූ අතර ඒ සඳහා මීතෙල් වලින් කුප්පි ලාම්පු සකසා පාවිච්චි කර ඇත. එසේම ඒ මගින් සාමාන්‍ය කුප්පි ලාම්පු වලින් ඇතිවන ඇස් දැවිල්ල ඇති නොවේ
සාමාන්‍යයෙන් ගස් වලින් දහවල් කාලයේදී ඔක්සිජන් මුදාහරින අතර රාත්‍රී කාලයේදී කාබන්ඩයොක්සයිඩ් පිට කරයි. නමුත් මීගසක් දහවලත් රාත්‍රීයේදීත් ඔක්සිජන් පිටකරන අති විශිෂ්ඨ ගසකි.
එසේ විශිෂ්ට ශාකයක් වන මෙම ගස එදා අතීතයේ මුතුන් මිත්තන් රැක ගත්තා හා ප්‍රයෝජනයට ගත්තා සේම අපට අද දවස තුළ කළ යුතු ඉතාම වැදගත් යුතුකමක් වේ. එනම් එදා ඒ පැරැන්නන් විසින් ප්‍රයෝජනයට ලබාගත් මේ ගස අද දවස රෝපණය කර රැක ගැනීමයි.
ඉතින් ඔබ රැකගන්නේ ගසක් ම නොව ජාතියකි. අපේ අභිමානයකි. ඒ මතු පරපුරටයි.

 උපුටා පළකිරීමකි.... වජිර උඩුනුවර මෙටාවට කල වියමනකි.

අයිතිය සහ ස්තූතිය මුල් හිමිකරුට


A day in the life

Sunday, June 23, 2024

පොසොන් පෝයයි දන්සැලයි.








 

පොසොන් පෝය ට අනුරාධපුරය කේන්ද්‍රකරගෙන වන්දනා මාන කරන්න බැතිමතුන් බොහෝම දෙනෙක් යනවා. මිහින්තලේ වන්දනාමාන කිරීමත් එම ගමනේ තවත් ජනප්‍රිය වන්දනාන්තයක්.බැතිමතුන් උදෙසා අනුරාධපුරයත් , අනුරාධපුරයට යොමුවන මාර්ගවලත් දන්සැල් පැවත්වීම කලක ජනප්‍රිය පුන්‍ය කටයුත්තක්.

දැන් දැන් එය රට පුරා ව්‍යාප්ත වෙලා.

නගර ගම් නියම් ගම් වල දන්සැල්.
බත්,රොටී,නුඩ්ලස් ,මඤ්ඤොක්කා වැනි මුලික ආහාරත් සිසිල් පැන් උණු පැන් සුප් ආදි විවිධ ආහාර පාන දැන්සැල් හැම තැනම.
සම්ප්‍රදායිකව වන්දනාවේ යන උදවියට දුන්න දන්සැල් පරිභොජනයට වර්තමානයේ එක් වෙන්නේ අසල්වාසී ජනතාව. ඔවුන්ට දන්සැලෙන් ආහාර ගැනීම විනෝදයට කාරනාවක්.
දන්සැල් දෙන්න පුළුවන් අයත් එන්නේ දන්සැලෙන් ආහාර ගන්න.
මේ වැඩේ හොද පැත්තකුත් තියෙනවා.මෙම කටයුත්ත සාමුහික ප්‍රයත්නයක්. සමගියෙන් සාමදානයෙන් සහයෝගිත්වයෙන් මෙයට දායක වන පිරිස දිහා බලපුවම සතුටු හිතෙනවා.
පිල් බෙදිලා වාද විවාද කරගන්න අය එක වැඩ බිමක.
දවස පු රාම විනෝද ගමනක යෙදෙමින් නොමිලේ ආහාර පානත් ලැබෙන මේ දන්සැල් ව්‍යපෘතිය එවන්නන්ට මිළ කල නොහැකි ලාභයක්.
මේ වැඩෙත් හරියට සමෘද්ධිය , අස්වැසුම , වගේ සමාජ සහණාදාර ගන්නවා වගේ වැඩක්. සුදුස්සොත් ගන්නවා . නුසුදුස්සොත් ගන්නවා.
මේ සල්ලි එකතු කරලා නැති බැරි කෙනෙකුට ගෙයක් හදා ගන්න , නැතිනම් වෙනත් පවතින දෙයක් කරලා දුන්නොත් නරකද කියලා කෙනෙක් අහහන්න පුළුවන්.
දන්සැලක් පැවත්වීමෙන් ලැබෙන විනෝදය සතුට වගේ ආනිසංස ඒ් වගේ දේකින් ලැබෙන්නේ නෑ කියලා කෙනෙක් කියන්න පුළුවන්.
එ්කත් ඇත්ත.
දන්සැල් , තොරණ , භක්ති ගීත සංදර්ශණ , වන්දනාවේ යන ජනතාව දිහා දේශපාලකයෝ නම් බලන්නේ තවත් විදියකට.
ජනාධිපතිතුමාට අනුව නම් රට බංකොලොත් භාාවයෙන් මිදිලා ජනතාවගේ අතේ මිටේ මුදල් ගැවසෙනවා වැඩි වෙලා.
ඒකයි මෙච්චර සෙනග නිදහසේ වීදී බැහැලා තියෙන්නේ. ජනතාවගේ එකමුතුවෙන් දාන ශාලා ඇතිවෙලා තියෙන්නේ !!!.
විපක්ෂයට මේවා පේන්නේ නැහැ. හැල්මේ දුවන්නේ......ඊලග නායකයා වෙන්න.
අපි පෝය ගනන් කර කර ඉමු . සුඛිත මුදිත වෙන්න.



A day in the life

Saturday, June 22, 2024

පොසොන් පෝය.








 

ශ‍්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට නිර්මල බුදු දහම මේ දිවයිනේ ස්ථාපිත වූ අතර නව බෞද්ධ ප‍්‍රබෝධයක් මෙන්ම සමාජ විපර්යාසයක් සහ අධ්‍යාත්මික විප්ලවයක් ද සිදු විණ.
ලොව අනෙකුත් සංස්කෘතීන්, ජාතීන් අතර සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්, ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බවට පත්වීමට මගපෑදූ ඒ උතුම් වූ බුදුදහම මෙරටට ලැබුණේ පොසොන් පොහෝ දිනකය.
අද වැනි දිනකදී මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල් පර්වතය මුදුනේ සිට ‘තිස්ස’ කියා ආමන්ත‍්‍රණය කළ මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ප‍්‍රචාරය කිරීමේ මහඟු කාර්යය ආරම්භ කළේය.
මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ද චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද්දේ ද මහාවංශය ඇතුළු ධර්ම ග‍්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේ ද පොසොන් පුන් පොහොය දිනයකදීය.
ලක්දිව බුදුසසුන පිහිටුවීම මෙන් ම බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප‍්‍රථම වරට සවනක් ඝන බුදුරැුස් විහිදීම, ලක්දිව ප‍්‍රථම මහණ උපසම්පදාව සිදුවීම ආදී සිදුවීම් ද මෙදින සිදු ඇති ඓතිහාසික සිදුවීම් වේ

A day in the life

මම ඉගන ගනිමින් සිටිමි.




 






 

අපිට මූහුණපාන්න සිදුවන හැම දේටම ප්‍රතිචාර දක්වන්න ගියොත්.. වෙන්නේ ලොකු අවුලක්.

මේ වගේ වෙලාවට තමයි කියන්නේ හරි ජංජාලයක් නේ කියලා.
කා එක්ක හරි වාදයකට පැටලෙනවා වෙනූවට ඕන දෙයක් කියාපුවම මගේ මොකද ? කියලා
අහගෙන ඉන්න එක සැනසිලි දායකයි නේද ?
මේ දවස්වල විද්‍යුත් මාධ්‍යවල සමාජ ජාලා තුල විවිධ දේශපාලන අදහස් පලවෙනවා. එක් එක් දේශපාලන පක්ෂවල කථිකයො , දේශකයෝ නායකයෝ අනෙක් අය විවේචනය කරනවා.
ඒ විවෙචන තුලින් තමයි අපට එක එක්කෙනාගේ කෙරුවාව තේරුම් ගන්න පුළුවන්.එහෙම නැතිව තම තමන්ගේ කථා වලින් තමන් පැහැදිලි කිරීම  නම් බොහෝම අඩුයි.
සමාජ මාධ්‍ය නේ දැන් ප්‍රචාරණයේ පෙරමුන අරන් තියෙන්නේ .
සමාජ මාධ්‍ය මේ කටයුත්තට හරි විදියට යොදා ගන්නවද කියන එක ගැටළුවක්.
අපි අතර ජනප්‍රිය පේස් බුක් නේ.
මගේ මිත්‍රයෙක් ඉන්නවා . එයා දවසකට පෝස්ට් පහක් හයක් මුදා හරිනවා. සියල්ල දෙශපාලනිකයි. ඒවා පැහැදිලි කිරීම් නෙමෙයි.
ප්‍රාහාර !!.
ඔහුට අනුව විකල්ප දේශපාලන අදහස් දරන සියළු දෙනා ගොන්නු මී හරක්.......මෝඩයෝ වහල්ළු වගේ තව තවත් මඩ ප්‍රාහාර.
දවසක් දෙකක් මෙහෙම කියන එක වැරදියි අශෝභනයි . ඔයා කියන දේ පැහැදිලි කරන්න. ඒවා තේර්ම් ගන්න අය ඔයාලට එකග වෙන්නත් පුළුවන් නේ කීවත් , එයා කියන්නේ මේ මෝඩයින්ට කියලා දෙන්න බැහැ කියලා.
එයාල හැර එයාලට පක්ෂ නොවන සියල්ලෝ අනුවන අය
පරිභව කිරීමෙන් මිනිසුන්ගේ හිත් නම්මා ගන්න පුළුවන් ද ?.
මට නම් හිතෙන්නේ තව තවත් වෛර බැද ගන්නවා මිසක් වෙනස් වීමක් නම් වෙන්නේ නෑ කියලා.
මම බොහෝ විට මගේ හිතට කරදර කරන මේ වගේ දේවල් වලට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ.
මට රිදවන අයට රිදවන්න ඕන නැහැ කියලා මගෙ හිත පුුරුදු කර ගන්න මම ඉගන ගත්තා.
දැන් හරි පහසුයි.
අකමැත්තෙන් වුනත් පාලනය කර ගන්න බැරි චරිත මෙටාවෙන් ඉවත් කර ගත්තා.
ඉවත්ව යාමත් පරිනත භාවයක් කියලා හදුන්වන්න පුළුවන්.
අපට සිදුවන සෑම නරක දෙයකටම ප්‍රතික්‍රියා කිරීමට යන ආවේග අපගෙන් සිඳී ගියාම ජීවිතයේ අයහපත් දේ දැකීමෙන් අපව වළක්වන බවට අපට තේරුම් යනවා.
මම හැමෝගෙම තේ කෝප්පයක් වෙන්නේ නැහැ.
මට සැලකීමට අවශ්‍ය ආකාරයට සැමදෙනාම මට සැලකීමට නොහැකි වන බව මම සෙමෙන් ඉගෙන ගනිමින් සිටිමි.
එයට කමක් නැහැ කියලා මම හිතනවා.
මම සෙමින් ඉගෙන ගනිමින් සිටින්නේ ප්‍රතික්‍රියා නොකිරීමටයි.
මම මගේ 'මනසේ සාමය' තෝරා ගන්නේ එය මට 'සැබවින්ම' අවශ්‍ය බැවින්.
හොඳ නැති බව මට හැඟෙන අය මට අවශ්‍ය නැහැ. රණ්ඩුකරන, අවලාද නගන , අපහාස කරන සහ ව්‍යාජ සම්බන්ධතා මට අවශ්‍ය නැත.
තර්ක විතර්ක කරමින් අදහස් පැහැදිි කරන අයට මම කැමතියි.
සමහර වෙලාවට කිසිම දෙයක් නොකියන අයටත් අවශ්‍ය විට පමනක් හැම දෙයක්ම කියන අයටත් කැමති වෙන්න මම ටිකෙන් ටික ඉගෙන ගන්නවා .'
ඔබව කලබලයට පත් කරන දේවල් වලට ප්‍රතිචාර දැක්වීමටත් මම සෙමින් ඉගෙන ගනිමි.
ඔබට අන් අය කරන දේ පාලනය කළ නොහැකි නමුත් ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය, ඔබ එය හසුරුවන ආකාරය, ඔබ එය දකින ආකාරය සහ ඔබට පෞද්ගලිකව ගැනීමට අවශ්‍ය කොපමණ ප්‍රමානයක් ද යන්න ඔබට පාලනය කල හැකියි.
මම ප්‍රතික්‍රියා කළත්, එයින් කිසිවක් වෙනස් නොකෙරෙන බවත්, මිනිසුන් මට ආදරය හා ගෞරවය ඇති නොකරන බවත්, ඔවුන් තම මනස වෙනස් නොකරන බවත් මම ඉගෙන ගනිමි.
සමහර දේවල් වීමට ඉඩ දීම වඩා හොඳයි කියලා මම හිතනවා,
ලැබෙන පිළිතුරු පසුපස හඹා නොයන්න .
තේරුම් ගනී යැයි
අපේක්ෂා නොකරන්න'.

A day in the life

තණ්ඩලේ .









 

දුම්රිය සේවය ආරම්භ ​වෙන තුරු ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ කරත්තයයි. අනුරාධපුර කාලයේ සිටම ගැල් භාවිතා විය. ගැල් යාම අසීරු ඉතා පටු දුෂ්කර මාර්ගවල භාණ්ඩ ප්‍රවාහනය කළේ තවලම් මගිනි. අදත් දුෂ්කර ගම්මානවල තවම මේ තවලම් දැකිය හැක. තවලම් නිසා ඇති වූ ස්ථාන නාම ද ග්‍රාම නාම ද වෙයි. තනි ගොනා බැඳි කරත්තය. ‘බර බාගේ’ නම් විය. ගොන් දෙන්නා බැඳි කරත්තය. ‘බර කරත්තය’ නම් විය. සමහර විට ගවයන් වෙහෙසට පත්වෙන විට මාරු කිරීම සඳහා අතිරේක ගවයකු ගැල පිටුපස බැඳගෙන යාම අද ද සිදුවෙයි.
ඉංග්‍රීසි යුගයේ කෝපි වගාව සමඟ උඩරට සිට කොළඹට කෝපි ප්‍රවාහනය කළේ ගැල් මගිනි. අද ලොරි රථ හිමියකුට ඇති කීර්තිය එද‌ා ගැල් සමූහයක හිමිකරුට විය. ගැල් සමූහයක් රාත්‍රී නවාතැන් ගත්තේ ‘ගාල්’ වලය. ඒ සඳහා සුළු මුදලක් ගෙවිය යුතු විය. ගාලට භාරකරුවකු විය.
ගැල් ප්‍රවාහනයේදී ‘තණ්ඩලේ’ එහිදී යෙදෙන එක් වදනකි. ගැල් කවි වලද ‘තණ්ඩලේ දෙන්නා දෙපොළේ දක්කනවා’ යනුවෙන් එයි. මෙහි අර්ථය කුමක් ද? බර කරත්තයේ බර අධිකවීම කඳුකර පාරවල ගවයන් දෙදෙනාට ගැල ඇදීම අසීරු වෙයි. එවිට ගැලට ඉදිරියෙන් තවත් ලීයක් බැඳ අතිරේක ගවයන් දෙදෙනෙකු යෙදීම සිදුවිය. එවිට දෙදෙනා බැගින් ගවයන් හතර දෙනෙක් ගැල ඇදීම කළ අතර ගැල ඉදිරියේ ගැල්කරුවන් දෙදෙනෙකු ඉඳගෙන හරකුන් දැක්කීම සිදුවිය. තණ්ඩලේ යනු එයයි. බදුල්ල මහියංගණ පාරේ යන දර කරත්තවල අදත් ගවයන් දෙදෙනාට අමතරව තවත් එක් ගවයකු ඉදිරියෙන් බැඳ දැක්කීම තාම සිදුවෙයි. මේ අනුව ගවයන් තිදෙනෙකු බැඳ අදත් භාවිත ​වෙන දර කරත්ත තණ්ඩලේ ලෙස සැලකිය හැක.
මෙයට අමතරව එකවර එක ළඟ ගමන් කරන ගැල් සමූහයක ඉදිරියෙන්ම යමින් ගැල් මෙහෙයවන පළපුරුදු නායකයා ද තණ්ඩලේ යන නමින් හැඳින්වෙයි.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන

උපුටා ගැනීම 'ලංකාදීප' වෙබ් අඩවියෙන්
******පාරු රැසක නායක පාරුකරුවා තන්ඩලේ නමින් හැදුන්වුවා. කළු ගග දිගේ ඇති තොටුපල වල එකල එගොඩ මොගොඩ යාමට පාරු සහ පාලම් පාරු තිබුන ස්ථාන තිබුනා. මේ තැන්වල සිටි පාරු පදින්නන් අතර තන්ඩලේ කෙනෙක් හිටියා. මට මතක එක් ස්ථානයක් තමයි රත්නපුර - පානදුර මාර්ගයේ පිහිටි දුම්බර. (ඉංගිරියට ආසන්න ) දුම්බර සහ එගොඩ පිහිටි වතුයාය සම්බන්ධ වෙලා තිබුනෙ කළු ගගේ තොටුපලකින්. මෙතන මගී පාරු කිහිපයක් සහ පාලම් පාරුවක් තිබුනා. එහි තන්ඩලේ කෙනෙක් හිටියා.



A day in the life

Friday, June 21, 2024

හාගල කන්දට වෙව්ච දෙයක්.


 






 

1948 -1960 වගේ කාලේ අපෙ ගමෙ තිබුනා රජ‌යේ බෙහෙත් ශාලාවක්. ඒ කාලේ කාර්ය භාර වෛද්‍යවරයාට කිව්වේ ඇපෝතිකරි මහත්තයා කියලා . ආරච්චි මහත්තයා , විදානේ මහත්තයා , ස්කෝලේ මහත්තයා මැම්බර් මහත්තයා ,ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හැරුනම ඇපෝතිකරි මහත්තයා ගමේ ප්‍රභු චරිතයක්.
අපි වගේ නාහෙට නාහන වයසේ එවුවන්ට නම් ඇපෝතිකරි මහත්තයා ඇරුනම සෙසු චරිත අප්‍රසනන්න චරිත.
ඇපෝතිකරි මහත්තයා කාටත් ගරු සරු ඇතිව දොස්තරමහත්තයා වුනා.
මම දන්න කාලේ ප්‍රනාන්දු මහත්තයා , සිල්වා මහත්තයා , රූපසිංහ වගේ මහත්වරුත් සමග යාපනයේ සම්බවය ඇති වේල් මුරුගු , මූර්ති වගේ සිංහල හරියට කතා කරන්න බැරි මහත්තුරුත් හිටියා.මේ වෛද්‍ය කාර්මණ්ඩලයට ඖෂධ සංයෝජක වරයෙක් සහ තවත් එක් කම්කරුවෙක් අයත්ව සිටියා.
ඒ කාලේ බෙහෙත් පෙති තිබුනේ නැහැ. බෙහෙත් දෙන ස්ථානයේ ලොකු රාක්ක වල ලොකු බෝතල් වල පුරාවපු එක එක පාට බෙහෙත් දියර වර්ග පේලියට තියලා තිබුනා. මේබොතලයක් දැන් කියන විදියටට නම් ලීටර් පහක් විතර අසුුරන්න පුළුවන්. මේ බෝතල් වලින් නියමිත මාත්‍රාව බැගින් අරගෙන කලවම් කරලා අපි ගෙනියන බෝතලවලට දාලා දෙන එක තමයි ඖෂධ සංයෝජක මහත්තයාගේ රාජකාරිය.
ඉතින් ......මේ ඖෂධ සංයෝජක මහත්තයා ඒ කාලේ හැදුන්වුනේ “ කංකානම් මහත්තයා “ කියලා.
මෙච්චර වැල් වටාරම් ගොඩක් කියලා කියන්න හදන්නේ අදාලම නැති කතාවක්.
මම කියුවනේ වේල්මුරුගු කියලා යාපනේ මහත්තෙක් ගැන. ඒ මහත්තයාගේ කාලේ වැඩ කරපු ජිනදාස කංකානම් මහත්තයා හරි විහිළු කාරයා. යාපනේ ඉදන් ආපු වේල් මුරුගු මහත්තයාට අපේ ගම සොබාව සෞන්දර්ය මවිතයකට කාරනයක් කදු වට කරලා හැම පැත්තෙන්ම දිය දහරවල්. සෞම්‍ය දේශගුණය.
රෝහල් ගොඩනැගිල්ල තිබුනේ තරමක් උස් බිමක ( දැන්නම් මෙතන සංචාරක නිවහනක් ).රෝහල් බිමේ ඉදන් බලපුවම අවට සෞන්දර්ය ලස්සනට පේනවා.
දවසක වෙල්මුුරුගු මහත්තයා ජිනදාස කංකානම් මහත්තයා ගෙන් අහනවා
“චිනතාස , අර බේන ගන්ද මොකාක්ද ?.“
කියලා
ජිනදාස කියනවා.
ඕක තමයි “ පෙත්ත --න කන්ද “
කියලා.
දැන් වේල්මුරුගු මහත්තයා  කන්දේ නම ට  භාවිතා කරන්නේ  ජිනදාස කියලා දුන්න නම.
කාලයක් ගිහිල්ලා කන්ද නගින්න ආශාවක් ඇතිවෙලා කිහිපදෙනෙක් එක්ක කතා කරන කොට තමයි ජිනදාස දුන්න ලනුව තේරුනේ.....
කන්දේ නම “ හාගල “ කියලා.



 

.




A day in the life

Thursday, June 20, 2024

THE LEGLESS BEGGAR කෝපය සහ පලිගැනීම












 

 

One day, a rich kid was walking with his dad when he saw an old legless beggar on the street, begging for alms. The boy stopped his dad immediately and walked up to the disabled beggar.

"Hey sir, can I ask you a question?" he asked him.
"Yes you can" the old man replied.
Then the boy said.
"What happened to your legs? Why are they missing?"
A look of shame showed on the dad's face as he whispered into his son's ears.
"Hey, you should never ask people inappropriate questions"
The old man heard it. He paused for a moment, then said to the little boy.
"Can I tell you a short story?"
The boy nodded his head. Then old man said.
"It's a true story about a young boy, and you should pay keen attention"
"Okay"
The old man started speaking.
"There was a boy who had a donkey he loved so much. He called him Banjo, and he was his best companion. One day, he went to bathe in the river and had taken the donkey with him for a bath. Unfortunately, a huge crocodile suddenly leaped out of the water and grabbed the donkey, dragging him deep in the water. The boy couldn't save his donkey. He screamed so hard as he watched poor Banjo being killed. He became so angry like a volcano. Burning with anger, he must wreak vengeance, so he jumped into the river to fight the ferocious crocodile. But it didn't turn out good as another crocodile attacked the boy and started devouring him... The end"
Having listened to the story, the kid wagged his head, then asked.
"So, what happened to the boy afterwards? Or was he also killed?"
The old man paused for a moment, then said.
"Over the years, that boy has grown into an old man and he is now me. I just told you a story about myself, thereby answering your question. I survived but lost both legs from the incident"
Both the father and son were marveled. Then the old beggar concluded.
"My story has a powerful lesson about anger and revenge, you should take away. You should learn to control your anger, or else you would be pushed to inflict vengeance, which would not only hurt others, but also yourself. I was so angry and desperate, I wanted that revenge so bad that I didn't realize how stupid I was. Anger can make you take stupid actions that you would live forever to regret. You see, if I had controlled my anger and walked home after the crocodile ate my donkey, I wouldn't be the 'legless beggar' you see today. It's important you learn to forgive those who hurt you, and move on with your life. Not because they deserve it, but because you deserve peace.



ඒක දවසක්තම පියාත් සමග ඇවිද යමින් සිටි ළමයෙකුට පා‌රේ අධාර ඉල්ලමින් සිටි දෙපා අහිමි යාචකයෙකු මුණ ගැහුනේය
ළමයා වහා තම පියා නවතා ආබාධිත යාචකයා වෙත ගියේය.
"ඒයි මට ඔයාගෙන්ප්‍ර‍ශ්නයක් හිතෙනවා ඒක අහන්නද?" ඔහු යාචකයාගෙන් ඇසුවේය.
"ඔව් ඔයාට පුළුවන්" මහලු මිනිසා ළමයාට පිළිතුරු දුන්නේය.
ළමයා අහනවා.
"ඔයාගෙ කකුල් වලට මොකද උනේ?
ඇයි ඒවා නැතිවෙලා තියෙන්නෙ?"
පුතා ගේ ප්‍රශ්නාවලියට තාත්තාගේ මුහුණේ දිස් වූයේ ලැජ්ජාවක්.
"පුතේ ඔබ කිසි විටෙකත් මිනිසුන්ගෙන් නුසුදුසු ප්‍රශ්න අහන්න ඒපා. ඒයාට දුක හිතෙයි.

 මහලු මිනිසාට පියා පුතාට දුන්න අවවාදය ඇහුනා.

ඔහු මොහොතක් නැවතී කුඩා දරුවා අමතා මෙහෙම කිව්වා.
"මම ඔබට පුංචි කතාවක් කියන්නද?"
ළමයා ඔලුව වනා ඊට ඒකග වනා.
එවිට මහලු මිනිසා .
"එය තරුණ පිරිමි ළමයෙකු පිළිබඳ සත්‍ය කතාවක්,
-- ඔබ හොදට අහගෙන ඉන්න
"හරි හරී දරුවා සතුටු වුනා.
මහලු මිනිසා කතාව කියනවා
තරුන පිරිමි ළමයෙකුට බැන්ජෝ කියලා බූරුවෙක් හිටියා. ඒයා බැන්ජෝට හරිම ආදරෙයි.
දවසක් එයාගේ හොඳම යාළුවා. ගඟේ යන කොට නාන්න එක්කගෙන ගිහින් තිබුණා.
ගගේ ඉන්නවා විශාල කිඹුලෙක් . අවාසනාවකට එදා මේ කිඹුලා හදිසියේම ජලයෙන් ඉවතට පැන බූරුවා අල්ලා ගත්තා, ඔහුට හ්රි කේ්න්තියි. ගිනි කන්දක් මෙන් කෝපයට පත් වූවා ඔහු ඔහුගේ බූරුවා බේරා ගැනීමට නොහැකි විය නිසාා කෝපයෙන්, කිඹුලාගෙන් පළිගැනීමක් කළ යුතුයි කියලා හිතලා, දරුණු කිඹුලා සමඟ සටන් කිරීමට ගඟට පැන්නා.
ඒ අතර තවත් කිඹුලෙකු පිරිමි ළමයාට පහර දී ඔහුව ගිල දැමීමට පටන් ගත්තා .
කතාව අහගෙන හිටපු ළමයා ඔලුව වනලා ඇහුවා.
"ඉතින් පස්සේ කොල්ලට මොකද උනේ? නැත්තම් එයත්මැරුවද?"
මහලු මිනිසාගේ කථාව මඳක් නැවතී මෙසේ කීවේය.
" ඒ ළමයා අවුරුදු ගානකින් වයයසට ගිහින්.
මමයි ඒ ළමයා.
මම ඔයාට මං ගැන කතාවක් කිව්වා, ඒකෙන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුනනේ.
මම බේරුණා, නමුත් සිද්ධියෙන් කකුල් දෙකම නැති වුණා"
තාත්තයි පුතයි දෙන්නම පුදුම වුණා.
එවිට මහලු යාචකයා මෙහෙම කිව්වා
"මගේ කතා‍වේ කෝපය හා පළිගැනීම් ගැන ප්‍රබල පාඩමක් තියෙනවා, ඔබ කෝපය ඉවත් කර ගත යුතුය, ඔබ ඔබේ කෝපය පාලනය කිරීමට ඉගෙන ගත යුතුය.
එසේ නොමැති වු විට අන් අයට පමණක් නොව ඔබටත් රිදවන පළිගැනීම් කිරීමට ඔබ පෙලබෙනු ඇති.
මම ඉතා කෝපයෙන් සිටියෙමි. මංමුලා සහගතවු , මට එම පළිගැනීම අවශ්‍ය වූයේ මා කෙතරම් මෝඩ දැයි ද යන්න මට වැටහුණේ නැහැ,
මම මගේ කෝපය පාලනය කර ගෙන කිඹුලා පසුපස නොගියා නම් සදාකාලිකවම විදවන මේ මෝඩ ක්‍රියාව නොකරනු ඇති.
ඔබට රිදවන අයට සමාව දී ඔබේ ජීවිතය ඉදිරියට ගෙන යාමට ඔබට ඉගෙන ගැනීමට මගේ කථාව වැදගත් වනු ඇති . මහළු මිනිසා කීවා


Dr. Fam
A day in the life

Tuesday, June 18, 2024

කඹේ නටන අඟනන්ගේ යොහොඹු කුල.

















රජ කාලෙ අපේ රජවරු රාජ්යය පාළනයට අමතරව,සෞන්දර්යයට කවියට කලාවට විනෝදයටත් කාලවේලාවක් වෙන් කළා.
කවියෙන් කලාවෙන් නැටුමෙන් රජ සභාව සැරසුවා.
(දෙවන)රාජසිංහ රජ සමයේ රජුගේ විනෝදාංශයක් තමයි "කඹේ නැටීම".
තරයේ ඇද බඳින ලද කඹයක් මත නාටිකාංගනාවො නර්තනයේ යෙදෙනවා.
මෙහෙම නැටුමක් නරඹන රාජසභාවෙ සිටි මොහොටිටිරාළ
තමා විඳි,රසය මෙහෙම කවියකට නඟනවා.
නුඹේ පත සදිසි වත සඳ ලෙස උදුල
රඹේ කඳ අයුරු දිසි කළවා යුගල
කඹේ නටන අඟනන්ගේ යොහොඹු කුල
නැඹේ මුල පෙනෙන්නා උඩ පනින කල
එවිට අදිකාරම්තුමා මෙ,කව කීවාලු.
අඹේ සුර ලෙසින් දුටු සත නුවන් ලැඹූ
ලොබේ වඩන පියයුරු යුග කසුන් කුඹූ
කඹේ නටන අඟනන්ගේ කුල යොහොඹූ
නැබේ මුළ පෙනෙයි ඉදිලා නිල් රොහොඹූ
මෙ,යැසූ,රාජසිංහ රජු මෙකව කීවාලු!
නිලා දෙබැම කලවා යුවල රණරඹේ
පිලා රණ තිසර සලෙලුන් වඩන ලොබේ
සලා වලග අඟනන් නටන රැව කඹේ
බලා ඉන්ට බැරි මදනගේ මෙහෙන් හබේ

--කමල් පී අලහකෝන් මෙටාවේ පලකල වියමනක්.
A day in the life

මහනුවර ඔරලෝසු කණුව





















මහනුවර නගරයට නිතරම යන එන කෙනෙක් විදියට නිතරම ඇස ගැටෙන දෙයක් තමයි මේ මහනුවර ඔරලෝසු කණුව කියලා කියන්නේ . ඇත්තටම මේ ඔරලෝසු කණුවට මෙහෙම ඉතිහාස කතාවක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ .
ඒවගේම තමයි මේ ඔරලෝසු කනුවට මෙහෙම ඉතිහාස කතාවක් තියෙනවා කියලා සමහරවිට නුවර මාකට් ස්ටෑන්ඩ් එකේ ඉඳලා දිනපතාම බස් වලට නගින බහින අයවත් දන්නේ නැතුව ඇති . වෙලාව බැලුවේ නැතත් සමහරුන්ට මේ කුළුණ ඇස ගැටිලා ඇති . මෙන්න මේක තමයි මේ කතාවේ ඉතිහාස කතාව වෙන්නේ .
හාජි මොහොමඩ් ස්මයිල් කියලා මහනුවර හිටපු ව්‍යාපාරිකයෙක් තමයි මේ ඔරලෝසු කණුව නිර්මාණය කරවලා තියෙන්නේ . ඒ තමන්ගේ මියගිය පුතාව සිහිපත් වෙන්න .
1947 අගෝස්තු මාසයේ 14 වෙනිදා මහනුවර කඩුගන්නාව මාර්ගයේ වාහනයක ගමන් කරපු මොහොමඩ් සාකි ස්මයිල් කියන මේ ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ගමන් කරපු වාහනය යට වෙන්න තරම් ලොකු පස් කන්දක් කඩාගෙන වැටිලා තියෙනවා . ඒ නිසා ඒ වාහනයේ ගමන් කරපු හතරදෙනාම දෙනාම මිය ගියා .
මේ නිසා මේ ව්‍යාපාරිකයා ලොකු හිතේ අමාරුවකින් තමයි ජීවත් වෙලා තියෙන්නේ තමන්ගේ පුතා මිය යාම හේතුවෙන් . පස්සේ පුතාව මතක් වෙන්න තරමක් ලොකු දෙයක් කරන්න ඕන කියලා කල්පනා කරනකොට තමයි මතක් වෙලා තියෙන්නේ මහනුවර නගරයට හෝරා ස්ථම්භයක් නැහැ කියල . පස්සේ මහනුවර නගරසභාවට අයත් බිම් කඩක මේ ඔරලෝසු කණුව නිර්මාණය කරලා තියෙනවා .
ඔරලෝසු කණුව මහනුවර නගරයේ තියෙන සාම්ප්‍රදායික නිර්මාණවලට ගැළපෙන විදියට ඒ සැලසුම් ක්‍රම උපයෝගී කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ . මේ නිර්මාණයට වාස්තු නිර්මාණ කටයුතු කරලා තියෙන්නේ ෂර්ලිද අල්විස් මහතා .
950 දෙසැම්බර් 23 තමයි මේ ඔරලෝසු කණුව විවෘත කරලා තියෙන්නේ . මේ ඔරලෝසු කණුව විවෘත කරලා තියෙන්නේ D S සේනානායක මහතා සහ බණ්ඩාරනායක මහත්මයා කියන අයගේ ප්‍රධානත්වයෙන් .
අදත් මේ ඔරලෝසු කණුව ඒ පියාගේ දරුදුක සඟවාගෙන මහනුවරටම වෙලාව කියමින් නගරයේ ප්‍රධාන අංගයක් විදියට පවතිනවා .
ඔරලෝසු කණුවේ මෙන්න මෙහෙම සටහනක් තියෙනවා සමරු ඵලකයේ .
THIS CLOCK TOWER IS THE GIFT O
F HAJI MOHAMED ISMAIL
TO THE TOWN OF KANDY IN
MEMORY OF HIS BELOVED SON
MOHAMED ZACKY ISMAIL
WHO LOST HIS LIFE
AT KADUGANNAWA
ON 14th AUGUST 1947




උපුටාගැනීමකි
ස්තූතිය ලිපිය සහ ජායාරූප මුල් හිමිකරුට

A day in the life

Monday, June 17, 2024

ආර්නස්ටෝ ගෙවාරා ද ලා සර්නා









 

"ඔවුන් අප පස් වලට යට කර විනාශ කර දැමීමට උත්සාහ කළේ අප හොඳින් පැළවෙන බීජ බව නොදැන ය."
( මෙක්සිකන් කියමනක්.)
ආර්නස්ටෝ පවුල රියො නගරයට පැමිණ ටික කාලයකින් ඔවුන්ට දාව පිරිමි දරුවෙක් උපත ලැබුවා. 1928 ජුනි 14 අදවගේ දවසක උපන්න ඒ දරුවට ආර්නස්ටෝ ගෙවාරා ද ලා සර්නා කියන නම තැබුවා. නමුත් මව්පියන් කතා කලේ " ටෙටෙ " කියන සුරතල් නමින් . ඒත් තරුණයෙකු වූ පසුව ටෙටෙ ට එයාගේ යාලුවො කතා කලේ
" චේ" යන නමින්. චේ යන වචනයට තේරුම් ගොඩක් තියෙනවා . සතුට, විශ්මය,මෘදු බව යන දෑ . මම හිතන්නෙ චේ කියන්නෙ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම චේ කෙනෙක්.චේ එන්න එන්න වැඩි වියට පත් උනා සමාජයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න පටන් ගත්තා .ඒ වගේම ඔහු වෘත්තියමය වශයෙන් වෛද්‍යවරයෙක් .
මේ අතර කාලයේ චේට රාවුල් කැස්ත්‍රෝ ( ෆිදෙල් කැස්ත්‍රෝ ගේ සහොදරයා ) හමුවෙනවා. කුඩා කල අම්මා කියාදුන් කතන්දර වල සිටි වීරයින් චේට සිහි වෙනවා. දැන් චේට තදින්ම වුවමනා වුනා පිදෙල් නැමති කියුබානු වීරයා මුණ ගැහෙන්න . මේ බලාපොරොත්තුවෙන් ඉදපු දවස උදාවුනා. ඔහු ඉතාම අගය කල වීරයා වූ ෆිදෙල් කස්ත්‍රො චේට මුණගැහෙනවා. ඔහු චේට පළමුවෙන්ම කිව්වෙ " මම සටන් කරන්නෙ මගේ රටේ දුප්පතුන් සූරා කන දනේශ්වර ක්‍රමය පරදවා නිදහස ලබාගන්න".
ආර්ජන්ටිනාවේ වගේම කියුබාවේත් මිනිස්සු දුක් වින්දා . දරිද්‍රතාවය නිසා අහිංසක දරුවන්ට පාසල් යන්න හැකියාවක් තිබුනේ නැ.පාසල් යා යුතු වයසේ පුංචි ළමුන් කුසගින්නෙ මිය ගියා.
චේ හැමදාමත් පුංචි ළමයින්ට ඉතාමත් ආදරෙයි . දුප්පත්කම නිසා වැඩිපුරම පීඩාවට පත් වන්නෙ පුංචි දරුවො.
ඒ වගේම චේ කිව්වා " මම කැමති ඔබේ රට සතුරන්ගෙන් නිදහස් කරගැනීමේ සටනට එකතු වන්න . වෛද්‍යවරයෙක් ලෙස මම ඔබට මගේ සේවාව ලබා දෙන්නම්." ෆිදෙල් ඉතාමත් කැමත්තෙන් චේ තම හමුදාවට බදව ගත්තා .
1959 ජනවාරි 8 වෙනිදා ඔවුන් කියුබානු නිදහස් විප්ලවය ජයග්‍රහණය කලා. මේ පිට රටකින් පැමිනි වීරයා ගැන මහත් ආඩම්බරයෙන් කියුබානු වැසියන් කතා කලා. "චේට අපි කෘත ගුණ දක්වන්න ඕනෑ.
එතැන් සිට චේ කියුබානු නිදහස් සටනට කල දායකත්වය නිසා කියුබානු පුරවැසිභාවය වගේම කර්මාන්ත ඇමති දූරයද පිරිනැමුවා. ඇමති වරයෙක් වීමෙන් අනතුරුවත් ඔහු තුල තිබුනු නිරහංකාර ගති ගුණ අඩු වුනෙ නම් නෑ කියුබාවේ විශාල උක් වතු තිබෙනවා. දහස් ගානක් කම්කරුවන් සමග ඔහු උක් ගස් කැපුවා. චේ බලාපොරොත්තු වුනෙ එකම එක දෙයයි" කවදා හෝ දුප්පත් මිනිසුන් ඔවුන්ගේ දුප්පත්කම පරාජය කරාවි. ඔවුන්ගේ දරුවො සුන්දර ලෝකයක් වෙනුවෙන් ඉගෙන ගනීවී.යනුවෙන් .
කියුබානූ නිදහස් සටන ජයග්‍රහණය කල පසු ඔහු බොලිවියාවට පැමිණියා. නමුත් කියුබාවේදි මෙන් බොලිවියානු නිදහස් සටන ජයග්‍රහණය කරන්න බැරි උනා. සතුරන් අතට පත් උනා.
" මං දන්නවා උබලා මට වෙඩි තියන බව . මා කිසි දිනෙක පණපිටින් ගන්න බැහැ. ෆිදෙල්ට කියන්න මේ පරාජය විප්ලවයේ අවසානයක් නොවන බවට. එය කොතනක හෝ ජය ලබාවී."
චේ මිය ගිය පසු අපූරු සිදුවීමක් සිදු වුනා.තමා බලන්නට එන අය දෙස බලා සිටිනවා සේ චේ මිය ගිය පසුවත් දෑස් විවරව තිබුනා.බොලිවියාවේ කදුකර වැසියො මෙය දැක" මේ නම් සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි . ඔවුන් මරා දමා ඇත්තේ අප ගලවා ගැනීමට පැමිනි සාන්තුවරයෙක්. එදා සිට අද දක්වාම බොලිවියානු කදුකරවාසි ජනතාව චේ " ශාන්ත ආර්නස්ටො යන නමින් වන්දනාමාන කරනවා.
චේ මිය ගිය පුවත ෆිදෙල් ඇතුලු කියුබානු ජනතාවට ආරංචී වීමත් සමග මුලු කියුබාවම ශෝක ගින්නෙන් දැවී ගියා. ඔහු වෙනුවෙන් අවසන් වශයෙන් කියුබානු රජය විසින් මාසයක ශෝක කාලයක් නම් කරනු ලැබුවා.
කාලය ගෙවි ගියා. චේ සමග සෙල්ලම් කල ගී ගැයු මිතුරන් දැන් වියපත් වෙලා. කියුබානු නිදහස් සටනට පන පෙවු කියුබානු මිතුරන් ක්‍රමයෙන් වියපත් වෙලා.කියුබාව දැන් දියුනු රටක් ඉස්සර වගේ දුප්පත් කම නිසා පාසල් නොයන දරුවන් නෑ.
චේ ගේ මරනෙන් වසර තිහකට පසු අපූරු පුවතක් මුලු ලොවක් මවිත කරන්න උනා. ඒ චේ මිය ගිය ස්ථානය ලෙස 1997 ජුනි මාසයේ බොලිවියාවේ ගොවිපලක චේගේ ඇටසැකිල්ල සොයාගැනීමට හැකිවුණා .
මුලු ලොවක් ආදරය කල ආදරනීය වෛද්‍යවරයා , විප්ලවවාදියා, මානව හිතවාදියා ගැන පොත් ලියැවුනා. චිත්‍රපට බිහිවුණා. ලෝකයේ අංක එකෙ බ්‍රෑන්ඩ් එක වෙන්න චේට පුලුවන් උනා. අදටත් කියුබානු තරුණයින්ගේ පරමාදර්ශී චරිතය චේ.
කියුබානු නිදහස් සටනේ පියා වන ජොසේ මාටි ගේ නමින් තිබෙන නිදහස් චතුරස්‍රයේ චේගේ භශ්මාව ශේශ තැන්පත් කරනු ලැබුවා. මල් පොකුරු රැගෙන පැමිනි කියුබානු මව්වරු තම දරුවන්ට චේ ගැන කියා දුන්නා .
කියුබානු නිදහස් සටන ජයග්‍රහණය කෙලවර කල ශාන්ත ක්ලාරා නුවර පිහිටුවා තිබෙන චේගෙ විශාල ප්‍රමාණයේ පිළිරුව අසල භශ්මාවශේශ තැන්පත් කලා. ඒ අවස්තාවේ දී තමන්ගේ විප්ලවීය සගයා වූ චේ ගැන ෆිදෙල් මෙසෙ පැවසුවා .
" අපගේ විප්ලකාරී සටන්කාමින් , අපගේ මිනිසුන් අනාගත පරපුර කවුරුන් විය යුතු දැයි කීමට අප අදහස් කරන්නෙ නම් නොපැකිලිව කිව යුත්තේ චේ වගේ වන්න කියායි."
කියුබාවේ පුංචි ලමයින්ට චේ නැමැති වීරයා ගැන කියා දීමට කියුබාවේ ගුරුවරු අමතක නොකරති. කියුබාවේ ළමයින් පවසන්නෙ " අපි ලොකු උනාම චේ වගේ වෙනවා " කියාය .
ලෝකය වඩා යහපත් තැනක් කරන්නට උත්සාහ කල මිනිස්සුන්ගේ ජීවිත සෑම විටෙකම කැපවීම , පරිත්‍යාගය හා අවංකත්වය යන උතුම් මනුශ්‍ය ගුණාංග වලින් ඔපවී තිබේ.
දරුවන්ට අවබෝධ කර දිය යුත්තේ මෙම උතුම් ගුණාංගයන්‍ ය. සෑම දරුවෙකුටම එක හා සමාන ලෙස ජිවත් විය හැකි යහපත් ලෝකයක් ගොඩනැගීම අරමුනු කරගත් චේ අද කියුබානු ළමයින්ගේ පරමාදර්ශයයි . ඒ කියුබාවේ ළමුන්ගේ අනාගතය වෙනුවෙන් කියුබානුවෙකු නොවු චේ පරිත්‍යාග කල නිසයි.
ඉතින් අපිත් චේ වගේ හිතමු ....!වෙමු..!

-------පසිදු භාග්‍ය රූපසිංහ
A day in the life