අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2024-03-29
 The Dali, ඩාලි

3/29/2024 07:06:00 pm

  ෆ් ‍ රැන්සිස්   ස්කොට්   කී     Francis Scott Key Bridge    පාලම   කඩා   වැටීමට   තුඩු   දුන්   අවස්ථාවන්හි   විස්තර   භාණ්ඩ   නෞකාවේ  ...

Read more »
ඉලපත  - (ඉලිපොත)

3/29/2024 06:01:00 pm

අදවගේ නෙවේනෙ අතීතයෙ තිබ්බේ කටු මැටි ගහලා බිත්ති බැදපු ගෙවල්. එව්වාට බිම මැද්දේ මැටිත් එක්ක ගොම කලවංකරලා. මැටි ගෙයි ගොම ගාපු බිම පුදුම නැවුම්...

Read more »
2024-03-28
බරණ ගණිතයා

3/28/2024 10:05:00 am

Kamal P Alahakoon මාතර යුගයේ හිටි කවියන් අතර, සංකීර්ණ චරිතයක් "බරණ ගණිතාචාර්ය තුමා". සාමාන් ‍ යය වහරෙදි "බරණ ගණිතයා". පෘ...

Read more »
2024-03-27
මොස්කව් ප්‍රාහාරය.

3/27/2024 10:33:00 am

මොස්කව් ප්‍රසංග ශාලාවක අවම  වශයෙන් පුද්ගලයින් 139 දෙනෙකුට මරු කැඳවූ මොස්කව් ප්‍රසංග ශාලාවට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළ බවට සැක කෙරෙන පුද්ගලයි...

Read more »
2024-03-26
නැකත් සහ අරුන් ගැන කතා බහක්.

3/26/2024 12:02:00 pm

නැකැත් ගැන මා ලියූ ලිපියේ මට අවධාරණය කිරීමට අවශ්‍ය වූයේ කරුණු දෙකක්. එකක් සිංහල සංස්කෘතියේ විවිධත්වය අනුව අවුරුදු නැකැත් සීට්ටු කිහිපයක් තිබ...

Read more »
2024-03-25
කට පරිස්සම් කර ගනිමුු

3/25/2024 11:43:00 am

මුඛයෙන් දුර්ගන්ධය පැවතීම ඔවුන්ගේ ආත්ම විශ්වාසය, සමාජ අන්තර්ක්‍රියා සහ සමස්ත සෞඛ්‍යයට බලපාන විශාල පිරිසක් මුහුණ දෙන ගැටලුවකි. දුර්ගන්ධ අප්‍රස...

Read more »
2024-03-24
කථානායකවරයාගේ හෙළිදරවුව

3/24/2024 08:08:00 pm

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා ඉතා බරපතළ හෙළිදරවුවක් කළා. තමාට විදේශීය හා දේශීය බලපැම් තිබුණ බවටත් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමටත් ක...

Read more »