This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2022-08-03

අග්ගලා තියෙනවා නම් ගමුකෝ - මහාචාර්ය සෙනරත් පරනවිතාන.


මෙතුමා ගැන නොදන්නා අය බොහෝ විරලයි. පුරා විද්‍යාවත් අපේ අතීත ශ්‍රී විභූතියේ හෙලිදරව්වත් සාකච්ඡා කරන කාට හෝ මහාචාර්ය සෙනරත් පරනවිතාන.මහතාගේ නම සිහිපත් නොකර සාකච්ඡා කල නොහැකියි. එතුමා ගාල්ලේ මැටරඹදී 1896 වසරේ දෙසැම්බර් 26 වෙනිදා උපත ලැබ,.1972 ඔක්තෝම්බර් 04 දා අප ඉතිහාසය තුල අතරමං කර අපෙන් වෙන් වී ගිය සටහන් කරන්නේ සංවේගයෙන්..  

මීදුම කතා කරන්නේ එතුමාගේ සේවය ගැන නොවේ. එතුමා අපට ඉතිරි කල රසකතා කිහිපයක් ගැනය. මේ රස කතා තුලද ඇත්තේ ද එතුමාගේ  පෞරුසත්‍වය  හා බුද්ධියේ නිම් වලළුයි.

1956 පිහිටවු රජයේ සංස්කෘතික අමාත්‍යාංශය මගින්  පවැත්වු පළමු සාහිත්‍ය උලෙල උත්සවශ්‍රීයෙන් කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේදී පැවත්වුනා. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වුනේ එවකට අගමැති එස් ඩබ්. ආර් ඩී . බණ්ඩාරනායක මැතිතුමා. එතුමා ගේ දේශණයෙන් පසු ඇමතුම තිබුනේ මහාචාර්ය සෙනරත් පරනවිතාන. මහතාට. එතුමා දේශණය පටන් ගත්තේ මෙහෙමයි.

“මුලාසනේ හාමුදුරුවන්ගෙන් අවසරයි , පණ්ඩිත සභාවෙන් අවසරයි ,දේශපාලන කතාවෙන් පස්සේ , කෝට්ටේ ඉතිහාසය ගැන මට අද කථා කරන්න සිද්ධවෙලා තියෙනවා  “ කියලා තම දේශණය පටන් ගත්තා. බණ්ඩාරනායක මහතාත් වේදිකාවේ ඉන්නවා. රටේ ඉහලම බලවතා දේශපාලකයා. ඒත් පරණවිතාන මහත්තයාගේ අභිමානය ඊට ඉහලින් .තියෙන බව අවසර ගැණිමේ වචන පේලි දෙක තුනේ හැංගිලා තිබුනා.

ඒ එතුමාගේ හැටි.

තවත් දවසක ගුවන් විදුලියේ සාකච්ඡාවකට මෙතුමා සහභාගි වෙනවා. මාතෘකාව “බුදු පිළිම වහන්සේ.”  ගොරහැඩි කළු ගලකින් ශාන්ත බුදු පිළිමයක් නිර්මාණය කලේ කොහොමද ? වැනි පැතිකඩ කිහිපයකින් බුදුන් වහන්සේගේ පිළිම ගැන සාකච්ඡා වුනා. මේ සාකච්ඡාවට  මාපලගම විපුලසාර හාමුදුරුවොත් මංජු ශ්‍රීමහත්තයත් .මහාචාර්ය සෙනරත් පරනවිතාන මහත්තයත් සහභාගි වුනා.මේ සාකච්ඡාව යන අතරේ සංවාදකයා මහාචාර්ය තුමාට ආරධනය කරනවා. ලංකාවේ බුදු පිළිම වල ඉතිහාසය  ගැන මහාචාර්ය තුමාගේ අදහස කියන්න කියලා.

මහාචාර්ය තුමා කියනවා “ ලංකාවේ මුල්ම බුදු පිළිම බොහෝම අඩුයි. හේතුව හුගාක් දෙනා බුලත් විටට කාලා .” කියලා.

ඊට පස්සෙයි කතාව පැහැදිලි කරන්න පටන් ගත්තේ.

ලංකාවේ බුදු පිළිම බොහෝමයක් හදලා තියෙන්නේ හුණු ගලෙන්. ඒ ගල් පුච්චාපුවම විටට කන හුණු නිෂ්පාදනය වෙනවා. අපේ මිනිස්සු බුලත් කන්න  රුසියෝ.ඒ ගලෙන් හදපු බොහෝ බුදු පිළිම විනාශ වෙලා කැඩුණු බිදුණු කොටස් මේ සදහා යොදවා ගෙන තියෙනවා.කියලා එතුමා පැහැදිලි කරනවා.අපි පුරා විද්‍යාවේ වැඩ කරන කාලේ මෙවැනි උදවිය අල්ලා ගෙන දඩුවම් කරලත් තියෙනවා.

එතුමාගේ  කතාව සාධාරනිකරණීය කලා

රාමා රාවනා සීතා වෘතාන්තය ගැන විවිධ මත තියෙනවා.පරනවිතාන මහතාගේ මතය වුනේ රාමායනය සාහිත්‍ය ග්‍රන්ථයක් විනා ඉතිහාස ග්‍රන්ථයක් නොවන බවයි. ඉතිහාසය ගොඩනැගීමේදී මූලාශ්‍රවන්නේ සෙල් ලිපි , කාසි ,පෞරාණික නටබුන් මිස සාහිත්‍ය නොවන බව එතුමාගේ මතය වුනා. එකල පැවති සම්මන්ත්‍රණයකදී මේ පිළබදව කරුණු ඉදිරිපත් කල එතුමා සහභාගී වී සිටි වියතුන්ගෙන් ප්‍රශ්න තිබේදැයි විමසුවා.

එක් වියතෙකු විසින් ඔහු නුවර එළිය ප්‍රදේශයේ පිහිටි රාවනා ඇල්ලට ගිය බවත්,එහි ඇති ගල් ගුහාවක රාවනා විසින්  සීතාවන් රදවා ගෙන සිට ඇති බවත්, එම ගල් ලෙන ආශ්‍රිතව ඔවුන් භාවිතා කල බෙහෙත් හේත් තවමත් ඉතිරිව ඇති බවත් ඔවුන් ආහාරයට ගත් අග්ගලා වැනි ගුලි විශේෂයක් හමු වු බවත් පැවසුවා . ඒ නිසා රාමායනය සාහිත්‍ය ග්‍රන්ථයක් නොවන බවත් එය ඉතිහාස ග්‍රන්ථයක් බවත් තරයේ ප්‍රකාශකලා.

මෙම ප්‍රදේශයේ හමුවන ලිහිල් පාෂාණ ගුලි සීතා අග්ගලා ලෙස හදුන්වනවා. හෝර්ටන් තැන්නේ අනවසර මැණික් ගරන්නන්ගේ කැණීම් වලදීද මෙම පාෂාණ ගුලි  හමුවෙනවා  මේවා පාෂාණ නොවන බවත් රාවනා සීතා විසින්  ගත් ආහාර වල ඉකොටස් බවයි වියතා ගේ තර්කය වුනේ..

පරනවිතාන මහතා වාඩි වී සිටි අසුනෙන් නැගිට මෛක්‍රපෝනය ලගට ආවා. “ අග්ගලා තියෙනවා නම් ගමුකෝ බලන්න . එතුමාගේ පිළිතුර වුවේ එපමනයි. සභාව එක හඩින් සිනා පැතුරුවා. වියතා පසු බැස්සා.

මුලසුනේ විශ්ව විද්‍යාලයක උප කුලපති වරයෙකු සිටි එක් දේශනයකදී එතුමා තම දේශණය ආරම්භ කලේ මෙහෙමයි. “ මුලසුනේ උප කුලපති තුමාගෙන් අවසරයි. උප කුලපති කියලා සංස්කෘතිකයේ කියන්නේ හොර මිනිහටයි.මම මේ කතා කරන්න යන්නේ හුග දෙනෙක් කියවන්න බෑ කියලා අත් හැර දාපු ඉණ්දු නිම්නයේ රූපාක්‍ෂර කියවීම ගැනයි.

එතුමා දේශණය කරගෙන ගියා . ඒත් දේශණයට ප්‍රවිශ්ඨ වුනේ හොර මිණිහා අමතලා.

 රාජා ධර්මපාල මහතා විසින් 1988 ඔක්තෝම්බර් මස “තුලන “ කලාපයට සැපයු ලිපියක් මුලාශ්‍ර කර ගන්නා ලදී.



notes of imaginary

2022-08-02

හේන්පිටගෙදර ශ්‍රී ඥාණසිහ හිමියන්ගේ චරිතාපදානයෙන් බිදක්.



...බෞද්ධාලෝක මාවතේ පිහිටි පොලිස් පරීක්ෂණ ස්ථානයේ රාත්රිය ගත කර, දෙවෙනි දින මැගසින් බන්ධනාගාරයට යවනු ලැබූ මම කාමර කිහිපයක් ඇති වාට්ටුවක එක් කාමරයක නතර කරනු ලැබීමි.
පසුවදාට එළි විය. මා අත තිබුණේ පෑන පමණකි. එහි පාලක නිලධාරී මහතා ජෝර්ඩන් නමැති ලංසි මහතෙකි. ඒ මහතා කාරුණික පුද්ගලයෙකි. එසේම බුද්ධි සම්පන්න ය. මම ඒ මහතාගෙන් ලියන්නට ඉඩ තිබේදැයි ඇසීමි. එයට ඉඩ ඇති බව දැනගත් පසු කරදාසි ද ලබාගෙන 'දුටුගැමුණු රජුගේ චරිතය' පාලි පද්යයෙන් වර්ණනාත්මකව රචනය කිරීම ආරම්භ කළෙමි. මාසයකින් එම පොත අවසන් කිරීම මගේ එකම අධිෂ්ඨානය විය.
...ඒ ගෙතූ අවස්ථාවේ මා ළඟ කිසිම පොතක් පතක් නොවීය. දසමහ යෝධයන්ගේ චරිත දැක්විය යුතු අවස්ථාවෙහිදී ඔවුන්ගේ නම්, ගම් සහ චරිත ආදිය මට මතක නැත. ඒවා කෙසේ දැන ගත හැකි ද ? යන ප්රශ්නය මා සිතට නැගිණි. සිරකරුවන් සඳහා එහි පුස්තකාලයක් ද තිබේ. මම එහි ගොස් එකිනෙකාගේ අතටම දිය වූ කබල් පොත් ගොඩ අදින විට 'දසමහ යෝධයෝ' යන නමින් මුද්රිත කුඩා පොතක් හමුවිය. එයින් මගේ ගැටලුව ලිහී ගියේ ය.
....පරිච්ඡේද 18කින් සහ පාලි පද්ය 1106කින් එය මාසයක් තුළදී සම්පූර්ණ කළෙමි. එම වර්ෂයේ ශ්රී ලංකා සාහිත්ය මණ්ඩලය මගින් පාලි පද්ය සඳහා පිරිනමන ලද ත්යාග ද එම පොතට හිමිවිය.
...මගේ ජීවිත කාලය තුළ සාර්ථක, ප්රයෝජනවත් ජීවිතයක් ගත වූ කාලය කවර කාලයදැයි යමෙක් මගෙන් ප්රශ්න කළහොත් මා පිළිතුරු දෙන්නේ මැගසින් බන්ධනාගාරය තුළ මා ගත කළ අවුරුදු 03 හා මාස කිහිපයයි කියමි. එයට හේතුව නඩුවට උසාවියට යන එන හා එහි ගෙවන කාලය හැරුණු විට හැම මොහොතක්ම ධර්ම ශාස්ත්රීය සේවය සඳහා මට කැප කළ හැකිවීම ය. මම එම බන්ධනාගාරය තුළ දින 1228ක් ගත කළෙමි.
...මගේ බන්ධනාගාර ජීවිතය ඉතාම සාර්ථක ජීවිතයක් බව එහිදී රචනා කළ පොත් 28න් ඔබට ද පැහැදිලි වනු ඇත.
- අපවත් වී වදාළ ශ්රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ශ්රී ඤාණසීහ නාහිමිපාණන් වහන්සේ
අදට යෙදෙන හේන්පිටගෙදර ශ්රී ඤාණසීහ නාහිමියන්ගේ 41වන ගුණානුස්මරණය නිමිත්තෙන් උපුටාගන්නා ලද්දේ උන්වහන්සේ විසින් රචනා කරන ලද 'හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා' ස්වයං ලිඛිත චරිතාපදානයෙනි.

(මුහුණු පොතට හසිත චාමකර ගුරුසිංහයානෝ එක් කල වියමනකි.)

Like
Comment
Share
notes of imaginary

2022-07-31

පොටිච්ච වැල්




මීදුම  ඔහු දන්නේ ආරි”  නමිනි. 
ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය….කෙනෙකු විය හැක. ආරි ………” ට පෙලපත් නමක්ද තිබුනා විය හැක.මේ කිසිවකින් ඔහු නිසි ලෙසකින් හැදිනගත නොහැකිවු අතරආරි ” –  “ ශිල්ප ආරි ලෙසින්  ප්‍රදේශවාසීන් අතර ප්‍රකට චරිතයක් විය.ඔහු කෙනෙකු ශිල්පයා ලෙසද හැදින්විය.

ශිල්පයා වට කොට කරගත් ගෙතුන සත්‍ය කතා අපමනය. නිතරම උරයක් ( ගෝණියක් ) කරෙ ඇති ශිල්පයා ගමේ ඇවිදගෙන යන අතර එක් ගැමි ගෙදර වත්තක ඔහුගේ දවසේ වියදම තියෙනු දුටුවේය.කඩුල්ල පාමුල උරය තබා ගෙට ගොඩ වැදුන ඔහුට නිවැසි මහළු කාන්තාව පමනක් සිටිනු දක්නට ලැබුනේය.ඇගේ සැමියා එවිට බැහැරක ගොස් සිටි බව ශිල්පයාගේ නිරීක්‍ෂණයට ලක්විය.

ආ ගිය කතා අතර තේ උගුරක්ද බී නැන්දේ  , මම  බෙහෙතක් සොගෙන ආවේ. මේ වත්තේ එහෙම නැද්ද ?. පොටිච්ච වැල් කාරිය

අනේ මන්දා ළමයෝ මම දන්න පොටිච්ච වැලක් නෑ තියෙනවා නම් හොගෙන පලයන් නැන්දා උත්තර බැන්දේය.

නැන්දා ගෙන් සමුගත් ශිල්පයා අවසරද ලැබුන බැවින් බිය සැකකින් තොරව වත්ත පහලට ගියේය . පොටිච්ච වැල් වලින් උරය පුරවා ගෙන  ඉක්මන් ගමනින් ඉඩමෙන් පසු බැස්සේය.

සැමියා නිවසට පැමිනීමෙන් පසු ශිල්පයා පැමිණි බවත් පැමිණි කාරණයත් විස්තරය දිගහැරියේය. ඔහුට එක වරම වත්ත පහල වැටී එක් කරගෙන නොතිබු  පොටිච්ච වැල් ටික සිහිපත් විය. ඉන්තේරුවෙම්ම දැන් ලෙලි ගසා මුදලාලිගේ කඩයටත් එතනින් මුදල් බවට පත්ව කසිප්පු  පොලටත් ශිල්පයා විසින් බැර  කරන්න ඇතැයි සිතු ඒ පිලිබද මතකය අත්හැර දැමුයේය.

වත්ත පහල වැටී තිබු පොල් ටික අහිමි කර ගත් නැන්දා පොටිච්ච වැල් ඖෂධයට යොදා ගන්නා රෝගය  කුමක්දැයි කල්පනා කරන්නට විය.

ශිල්පයා ” …..උගතෙකු නොවීය. කුලියක් මලියක් කරමින් කීයක් හෝ සොයා ගෙන දවස ගෙවු  ඔහු නිතරම බීමතින් සිටියේය. කුලියක් මලියක් නොලැබුනදාට කිසියම් ශිල්පයක් දක්වා ගතමනාව සොයාගන්නා ඔහු එය නිල හෝ නිල නොවන මත්පැන් සදහා දිය කර හරින ලද්දේය.නැතිවු හරකෙකු හෝ වත්තක භව භෝගයක් ගැන විපරම් කරන ගැමියෙකු හට නිතතින්ම ශිල්පයා ද සිහිවිය.ගම් ප්‍රදේශයේ ඇලක දොලක මසුන් හට ජීවත්වීමේ අයිතියපිළිබද  තීරකයාද ශිල්පයා ම විය.

පනස් වන වියේදී පමණ කිසියම් අබග්ගයකින් එක් පාදයක අස්ථියක් බිදී කිහිලි කරුවක ආධාරය පතන්නට ඉතිරි ජීවිත කාලයේදී ඔහුට සිදුවිය. එක් රැයක එකට කා බී නිදාගත් සගයෙකු විසින් ඒ කිහිලි කරුවම ගෙලට සිරකිරීම නිසා ශිල්පයක් නොදක්වාම ශිල්පයා මිය පරලොව ගියාය.



notes of imaginary

2022-07-30

හයිබ්‍රිඩ් ආණ්ඩු.


"හයි බ්‍රීඩි" ආණ්ඩුව එන්නේ මොකාටදැ? යි පැහැදිළිය.
"හදිසි නීතිය" ට "වාජීකරණ ලබා දී"
සම්මත කර ගත්තේ "හාල් ගරන්නට" නොවේ.
හරකා හැරෙන්නේ පොල් පැළේට බව පැහැදිළිය.

අරගල කාරයෝ අත වැරදි ඇතිවාට සැක නැත.
එය "විධිමත් සංවිධානයක්" නොවුණි.
ඊට හැම එකාම රිංගූහ.
තෙල්,ගෑස්,කිරිපිටි නැති වූ හෙයින්
සිය මධ්‍යම පංතික ආතල් කුඩු වූ එකාගේ පටන්
රෑට ෂිප්ට් එකට බුදියා ගන්නා එවුන්ද,
හිඟන්නෝද,කුඩු කාරයෝද එතුළ සිටියහ.
ඩයස්පෝරාවේ මෙන්ම,තව තවත්
ජාත්‍යන්තර බලවේගවල නියෝජිතයෝද වූහ.

එසේ වුවද වටහා ගත යුතු සත්‍යය නම්
"පැවති,පවත්නා පාලන ක්‍රමයෙහි යල් පිනූ" බව,
මෙයට ප්‍රධාන හේතු කාරකය වූ බවයි.

නිදහස ලැබූ දා පටන් තට්ටු මාරු ක්‍රමයට
දෙපිලකට මාරුවෙන් මාරුවටද,
ඉන් පසු ජේ.ආර්.ට සින්නක්නරේටමද,
රේමදාසලාටද,
දුන්නොත් බාර ගන්නා උන්ටද,
චන්ද්‍රිකාවන්ටද,
සිරිසේනලාටද දී අන්තිමේ
හැට නව ලක්ෂයක් එකතුව හමුදා කාරයෙකුට දුන්නේ
"මේක හදාවි" කියාය.

උන්නෑහේ කටයුතු කළේ "ගැලවීමේ හමුදාවේ" ජෙනරාල් වරයෙකුටද නොතරම් ලෙසිනි.
අවසානයේ හෙතෙම පලා ගියේ
රට මෙවිපතට පත් කරන්නට නායක දායකයෙකුට පවරා දීමෙනි.

ඉහත ඉතිහාසය පුරා සිද්ධ වු⁣ණේ මහජන දේපොල වංචා කිරීමයි..
පැහැර ගැනීමයි.
ජනාධිපති මැඳුරේ පමණක් නොව "කෞතුකාගරයේ තිබුණ දේ පවා සොරකම් කළේ
අරගල කරුවන් නොවේ.
රජයට ලැබුණ "පතේ පිලිප්ස් ඔරළෝසුව" ඉස්සුවේ අරගලකරුවෝ නොවේ..
මහ බැංකුව මහ දවාලේ මං කොල්ල කෑවේ අරගල කරුවෝ නොවේ.

මේ සියළු දෙනා යහතින් වැජඹෙති.
ජනාධිපති මන්දිරයේ විදුළි ඉස්තිරික්කය ඉස්සු එකා සොයා මෙහෙයුම් කෙරේ!

හරි නම් ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ
අරගල කරුවන්ට මල් වට්ටියක් තබා වැඳීමයි!
ජීවිත කාලයම කාල් ගා බැරිවුණ ජනාධිපති පුටුව අරා හිඳින්නට
ඔහුට ලැබෙන්නේ  ඔවුන් නිසාය.

ඒ කෙසේ වෙතත්
මෙයාකාරයට නම් උන්නැහේලාට හොඳටම වැරදිලා ය.
"මො⁣ළේ තියෙන කොට බලේ නෑ.
බලේ තියෙන කොට මොළේ නෑ" කියමන මාර හැබෑවක්,ය.
මෙයාකාරෙට නම් රට කරනවා බොරු ය. 
  
👨👨👨මේ සටහන  කමල් .පී.අලහකෝන්  සහෘදයන් මුනූ පොතට එක් කර තිබිණි.
මීදුම පිටපත් කර පලකරන්නේ ඔහුට ස්තුතිය පලකරමිනි.🙏🙏                                    notes of imaginary

2022-07-28

සෙනෙහෙ කොලයක්



රාත්තිරියෙ හඳ එනකොට
යකඩ පොළුවලින් ඇතුළට
කලාවැවේ හඳ වතුරේ
ඔරු පැද්දා මතක් උණා.

හඳ වතුරට තෙමා වැටුණු
කෙහෙරැළි ටික ඈත්කරල
උඹේ මූණ බලා ඉන්න
කොච්චර නම් පිං පිරුවද.

කිළුටු ජම්පරේ ඇඳගෙන
මුළු දවසෙම යතු ගාලා
බෝඩරේට ඇවිදිල්ලා
හුස්මක් ගත්තේ හතරට.

ටැංකිය ළඟ අපි ඔක්කොම
ටින් අරගෙන නාන වෙලේ
උඹත් එක්ක වැවේ නාපු
ඒ සන්දිය හිතට ඇවිත්
කඳුළු එක්ක ,මං නෑවා.

වැව් කරෝල බැදල දාල
කිරිකොස් මාළුවක් එක්ක
රස කර කෑවට මං ,
උඹ ගෙනාපු මගෙ බත් එක...
මීට පස්සෙ උඹ නෑවිත්
තාත්ත එවපන් මෙහාට

ජේලර් කාරයා ගෙ ඇස්
උඹ පස්සෙන්මයි ඇවිද්දෙ .
පපු කැනැත්ත පත්තු උණා
විලංගුවට සාප කළා .

අච්චු කරපු සමහරුන්ට
හරියට වද දෙනව ඇතුලෙ
අයිස් ගහල ,දුමත් ඇදල
පිස්සො වගේ දඟලන අය
නෝන්ජලය කියලා මට
නමකුත් හදල නෙ බලහං.

උපන් දිනේ හෙටයි උඹේ
නෑ මට අමතක වෙන්නේ .
දුකයි මෙවෙලෙ ළඟින් ඉන්න
බැරි උණාට සමාවෙයන් .

කුසෙන් හෑල්ලු උණයිං පහු
රත්නත්තරයේ පිහිටෙන්
අපි යමු දළදා වඳින්න..
පොඩි එකාව වඩාගෙනම.

හොඳ කල්කිරියාව හින්ද
ටික දොහකින් නිදහස් වෙයි.
සමහරවිට මාසයකින්
නෑ ..නෑ ,හය මාසෙන්වත්
ඩොකට් එකත් යැවුවළු මගෙ
ලොකු මහත්තයට බලන්න.

හෙට ඉඳලා බත් පාටියෙ
වැඩට මාරුකලාළු මං
උඹෙ ඇස් දෙක හැම තිස්සෙම
හිතේ විදුලි කොටනව මගෙ.
මගේ සරමක් පොරවාගෙන
නිදාගනින් හීතල නං
ගම්බාරෙට පඬුරක් හෙම
ගැට ගහපං අපි වෙනුවෙන් .


රෝ.සි. ගේ මූණු පොතෙන්

notes of imaginary

2022-07-24

මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්.



පාට වරුන ඇති කුකුලනි
මම තොපට රනින් වළළු
තනවාලා දෙමි පයට
මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට

ඉර දුටුවොත් නාඩන් කුකුලනි හෙට
සදට හොරෙන් සද මුදුනින් සාවෝ ගියා
ඉරට හොරෙන් ඉර මුදුනින් ගිරව් ගියා
මලට හොරෙන් මල මුදුනින් ඔමරු ගියා.

අපට හොරෙන් නුඹ දෑසට නොපෙනී ගියා
ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා.
සාවුන් හැර.............ගියත් නති සද තනිනොව්වා.
ඹඹරුන් හැර ගියත් මල තනිනොවේවා.
මා හැර ගියද නැගණිය තනි නොවේවා.

පිං ඇති ළදක් කර කාරෙට ලැබීයන්
රුවැති ගුනැති දූ දරුවන් ලැබීයන්
මේ ජාතියේ මං කල පව් ගෙවීයන්
මතු ජාතියේ හිමි සද ලෙස ලැබීයන්

සවි ඇති කළට උක් දණ්ඩේ පැණිසේමා.
සවි නැති කලට..................වැටකෙයියා රොඩු සේමා
වෙර නැති දා කෙතකට බැදි වැට සේමා.
අසරණදා ....................මල් යායේ කටු සේමා.

වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන්මල වාසානාවන්.
දෙපොදාට පුන් සද වාසනාවන්
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්.

චිත්‍රපටය - සිරිබෝ අයියා 
පද            - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනයය - විශාරද නන්දා මාලනි සහ විශාරද අමරදේවයන්
ස්තුතියි  town arachchi  ට.


notes of imaginary

2022-07-23

උදා අලුයම දෝත පා නුඹ පිළිගමී..

ගෙවා රෑ යම උදා අලුයම - දෝත පා නුඹ පිළිගමී..



හෙටත් එනවද ලංව ඉන්නට
සමුගන්න මොහොතක් කලින්...
මමත් නුඹ නැති දුකින් තැවි තැවි
ගෙවනවා මහ රෑ ඉතින්...
දුකක් හෙම නැතුවාද නුඹ හට
මෙලෙස මා හැර යනු නිතින්...
මටත් මොහොතක් සිනාසෙන්නට
බිදක් ළංවී ඉමු සිතින්....
ගෙවා රෑ යම උදා අලුයම
දෝත පා නුඹ පිළිගමී..
දමා මොහොතින් දුරට යද්දී
බලා නුඹෙ මුව සැනසෙමී...
මගේ නොවනා බව දැනත් මම
ආයෙ එනතුරු ඉවසමී...
එකම එක දවසක් ඇවිත් ළග
ඉන්න බැරිවද වෙන් නොවී....

2022/07/23
මංගලිකා කුමාරි ඒකනායක

මංගලිකා කුමාරි ඒකනායක මීදුමට අසල්වාසියෙක් නැගණියක්. ඇගේ කවිකම් අගේ කරන්න උපුටා පලකලා. ඈ කියන්නේ හැන්දෑවට බස්නාහිරින් සමු අරන් නැගණහිරෙන් අප හමුවන මිත්‍රයා ගැන. විදින්න ඒ අත්දැකීම



notes of imaginary

2022-07-22

කරීම්ගේ අරගලය.




නැපෝලියන් විසින් මෙහෙයවන ලද ප්‍රංශ කැරැල්ලට ඊජිප්තුවේදී මොහොමඩ් කරීම් විරුද්ධ විය,

ප්‍රංශ හමුදාවේ අත්අඩංගුවට පත් මොහොමඩ් කරීම් හට මරණ දඩුවම නියම කලේය.

දඩුවම් නියම කිරීමෙන් පසුව ආපසු කැදවු මොහොමඩ් කරීම් හට නැපෝලියන් ජීවිතය ගලවා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේය.

“ධෛර්යයෙන් හා ශක්තියෙන් ඔබේ රට ආරක්ෂා කළ මිනිසෙකු ඝාතනය කිරීමට නියම කිරීම ගැන මට කණගාටුයි. එසේ සිදු කිරීමෙන් මම ඔවුන්ගේ මව්බිම ආරක්ෂා කරන වීරයන් ඝාතනය කල බවට ඉතිහාස ගත වීමට මට අවශ්‍ය නැත ”

“ඔබ මගේ සොල්දාදුවන් ඝාතනය කිරීම සඳහා වන්දි ගෙවීමක් ලෙස රන් කාසි දසදහසක් ගෙවන්නේ නම් මම ඔබට සමාව දෙන්නෙමි”.

“මට මේ අවස්ථාවේ ප්‍රමාණවත් තරම් මුදල් නැත, නමුත් රන් කාසි ලක්ෂයකට වඩා වත්කම් ඇති වෙළෙන්දන්ගෙන් මට ණයක් තිබේ.” යයි මොහොමඩ් කරීම් නැපෝලියන්ට කීවේය.

“එසේ නම් ඔබේ මුදල් එකතු කිරීමට මම ඔබට කාලය ලබා දෙන්නෙමි. යයි නැපෝලියන් ඔහුට අවස්ථාව ලබා දුන්නේය. සිරකරුවෙකු වු මොහොමඩ් කරීම් විලංගුවලින් බැඳ සොල්දාදුවන් විසින් වෙළදපල වෙත කැදවා ගෙන ගියේය. රන් කාසි දස දහසක් එකතු කර ගැනීමට කරීම් වෙලෙන්දන් එකිනෙකා හමුවෙමින් ඔහුට නැපෝලියන් ගෙවීමට නියෝග කල වන්දි මුදල සදහන් කරමින් ආධාර පැතීය.

කරීම් විසින් උදව් උපකාර ලබා ගත් කිසිදු වෙලෙන්දෙක් ඔහුට යහපත් ප්‍රතිචාර නොදැක්වු අතර ඔහුට විවිධවු චෝදනා කරනු ලැබීය. ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආර්ථික තත්වය පිරීහිමට කරීම් ගේ ප්‍රතිපත්ති හේතුවු බව වෙලෙන්දන්ගේ මතය විය. කරීම්ගේ ක්‍රියාවන් නිසා වෙලෙන්දන්ගේ ව්‍යාපාර විනාශයට පත්වු බවට අවලාද නැගීය. කළකිරීමටත් අපේක්‍ෂා භංගත්‍වයටත් පත් කරීම් අවසානයේදී එක් රන් කාසියකුදු නොලබා නැපෝලියන් හමුවට පමුනුවනු ලැබීය.

“ ඔබ අපට විරුද්ධ වී අපේ සොල්දාදුවන් ඝාතනය කළ මට කනගාටු නැත . එහෙත් ඔබේ මව්බිමේ නිදහසේ වෙළඳාමේ යෙදෙන බියගුලු මිනිසුන් වෙනුවෙන් සටන් කර ඔබ ඔබේ ජීවිතය අනතුරට පත් කරගැනීම නිසා මට කනගාටු යැයි ” නැපෝලියන් පවසා ඇත.


notes of imaginary

2022-07-21

නස්රුදීන් - අවුරුදු ඇවිත්.


ස්රුදීන් ගැන කවුරුත් අහලා ඇති. අපේ අන්දරේ වගේ. 
අන්දරේ නම් රජ වාසලට සේවය කලා නස්රුදීන් සුල්තාන්ට සේවය කලත් නිදහස් ජීවිතයක් ගෙව්වා කියලා නිරීක්‍ෂණය කරන්න පුළුවන්. නස්රුදීන් තූර්කි වාසියෙක්.

 එයා ගමන් බිමන් යන්න භාවිතා කලේ බූරුවෙක්. නස්රුදීන්ගේ හැම කතාවකම මේ බූරු චරිතෙත් තනියට ඉන්නවා. නස්රුදීන් සංචාරකයෙක්. එක එක කාලෙට එක එක තැන පදිංචි වෙලා හිටිය බව කතා කියවන විට හැගෙන දෙයක්. මේ කියන දවස් වල නස්රුදීන් පදිංචිවෙලා හිටියේ බහු ජාතික , බහු ආගමික ගම්වාසීන් ඉන්න ගම්මානයක .

 නස්රුදීන් නත්තල් සමරන කෙනෙක් නෙමෙයිනේ. නත්තල නැති නස්රුදීන් ජනවාරි පලවෙනිදා අළුත් අවුරුද්දත් සමරන්නේ නැහැනේ ඒත් අල්ලපු ගෙදර උදවියටත්  ගමේ බොහොමයකටත් ජයටම මේ උත්සව දෙකම තියෙනවා. ඉතින් අවුරුද්දට ලෑස්ති වෙන අය පරණඇදුම් පැළදුම්  වල ඉදන්  ගෘහ භාණ්ඩ පවා වෙනස් කරලා ගෙවල් තීන්ත ගාලා පොලොව මැදලා හැඩ වැඩ කරනවා.

 නස්රුදීන් නානාට නෝනාලා තුන්දෙනයි.  නෝනලා තුන් දෙනාම එක පයින්ම අල්ලපු ගෙදර අනුගමනය කරන්න ඕන කියලා එක යුද්ධයයි. නස්රුදීන්ගේ මොලේ මඥ්ඥං වෙලා පිස්සු වගෙයි. එක පිස්සුවක්ය ,  හිතා ගන්න පුළුවන්නේ නස්රුදීන්ට පිස්සු ට්‍රිබල්වෙන  විත්තිය.

නසුරුදීන්ට අවුරදු නැතිවුනත් නෝනාලා තුන්දෙනට ඇහුම් කන් දෙන්න සිද්ධවුනා. ගෙදර තිබුන පාරම්පරික ගෘහ භාණ්‌ඩ පැත්තකට විසි කරල නවීන පන්නයේ ගෘහ භාණ්‌ඩ ගෙනත් නවීන පන්නයටම තියන්න නස්රුදීන්ට සිද්ධ වුනා. .

නස්‌රුදීනුත් ගෙදර තිබුණ පැරැණි ගෘහ භාණ්‌ඩ බුරු ගරාජයේ පැත්තකට දාලා නව පන්නයේ ගෟහ භාණ්ඩ ගෙදරට ගෙනාව. පහසු ගෙවීමේ ක්‍රමයට. නස්රුදීන් අළුත් ගෘහ භාණ්ඩ ගෙනාවා කියලා ආරංචි වුණා විතරයි සිද්ධවෙන්න ඕන විදියටම ගමේ හිටිය නෑදෑයොයි යාළුවොයි අසල්වැසියොයි නස්‌රුදීන්ගේ ගෙදරට එන්න ගත්තා. ඊළඟට බඩු ගැනයි බඩු තියෙන තැන් ගැනයි තම තමන්ගේ විවේචන විග්‍රහ ඉදිරිපත් කරන්න පටන් ගත්තා. නස්‌රුදීන්ට මේව අහල හිසේ රදේ හැදුනත් ඔහු බොහොම අමාරුවෙන් කටපියාගෙන හිටියා.

 අල්ලපු ගෙදර හාදය කමුර් ආවා. ඒත් එක්කම අසල්වාසී නවුෆරුත් ගොඩවුනා. හා නස්‌රුදීන් නානා. අලුත් බඩු ගෙනැල්ලා වගෙ අනේ හොදයි.  ඒ වුණාට මේව තියල තියෙන ක්‍රමේ නම් හරි නැහැ.  කමුර් කිව්වා. මේක අහගෙන හිටපු නවුපර් ඌණ පූරණයක් කලා මේ පුටු සෙට්‌ එක නම් මෙතැනට කොහොමත්ම ගැලපෙන්නෙ නැහැ”.

කෙලවරක් නැහැ. තව තව අය එනවා. ඉමිටියාස් ෆවුසිත් එක්ක ආවේ ඉමිටියාස්ගේ බුරුවත් එක්ක.මේ අල්මාරියෙ කැටයම් පේන්නෙ නැහැනෙ ඔය තියල තියෙන විදියටඒ ෆවුසිගෙ අදහස. තව ස්ටුල් එකකුත් තිබුනන් හොදයි ඉමිටියාස්ගෙ අදහස.

මේ අතරේ නස්රුදීන්ගේ නෝනාලා තුන්දෙනා බරපතල වාදෙක. අළුත ගෙනා ඩබල් ඇද තියන්න ඔනී කාමරේ ගැන.දෙන්නගෙම අදහස තම තමන් ගේ කාමරවලට ඩබල් ඇද ගෙනියන්න.
නස්‌රුදීන්ගෙ අලුත් බිරියගෙ අදහස අලුත් ඩබල් ඇඳ නම් හරියන්නෙම තමන්ගෙ කාමරයට බව.  ඒක මොනම ක්‍රමයටවත් ඒ කාමරයට නොගැලපෙන බව කීවෙ නස්‌රුදීන්ගෙ පරණ බිරිඳ උම්මා.බලෙන්ම කතාවට එල්ලෙන  තුන්වන නෝනා  ෆරීනා. කණ්‌නාඩි මේසෙ තියන්න ඕනෙ එන එන අයට පෙනෙන ලෙසටනේ……….? ” කියලා කණ්‌නාඩියෙන් තමන්ගෙ පිරිහෙන රූප සොබාව නරඹන ගමන් කීව්වා.

 නස්රුදීන් හිතලා බැළුවා.   බැලුවාම එක බඩුවට තියන්න ඔනී තැන් 10-12 ක් තියෙනවා. නස්‌රුදීන්ට කවුරුවත් තරහ කරගන්නත් හිතක් පහල වුනෙත් නැහැ. නස්රුදීන්  හිතුවා   කවුරුත් සතුටු වෙන ආකාරයට බඩු ටික තියන්න.

 ඔන්න පසුවදාත් කට්‌ටිය එන්න පටන් ගත්තා. නස්රුදීන්ට හරි කරදරයක්. එක එක්කෙනාට එකම පිළිතුර නේ දෙන්න තියෙන්න.  කල්පනා කලා මේ ඔක්කොමටම එකවර පිලිතුරු දෙන්න . පැය දෙක තුනක් මේ ගොල්ල  වෙන වෙන කතා කිය කියා රදවගන්න  නස්රුදීන්ට සැළසුම් කලා . මෙහෙම පැය දෙක තුනක් යන කොට ඊයේ ආපු ඔක්කොම වගේ ගෙදරට රැස්වෙලා .

ඔක්කොටම තියෙන්නේ එකම ප්‍රශ්නයයි.

ගෙදර කිසිම කාමරයක කිසිම බඩුවක්‌ නැහැ. නිකම්ම හිස්‌ කාමර. කට්‌ටිය එකවරම වගේ ප්‍රශ්න කළා කෝ මේ ගෙදර තිබූ බඩු ටික. එකක්‌වත් පේන්න නැහැනේ. මොකද කළේ ?. ඊයේ තිබුන ලස්සන බඩු වලට ?.

නස්රුදීන් ඔක්කොම පිරිස එක තැනකට රැස් කරලා මෙහෙම කිව්වා .ගෙනාපු අළුත්  බඩු තියන්න මේ ගෙදර කොතනකවත් පිලිවෙලක් නැහැනෙ. කොතන තිබ්බත් වැරැදිනේ” . කියලා  නස්‌රුදින්  කම්මුලට අත තියාගත්තා .

එහෙම කියලා යමු පෙන්නන්න මම ඒව ලස්සනට අහුරලා තිබ්බා’”. කියලා මිදුල මැදින් ගේ පිටුපසට කණ්ඩායමම එක්කරගෙන ගියා.

එක්කරගෙන ගිහින් දර මඩුව පෙන්නුවා.

අනේ  ඉතින් අද තේ එකක්වක් දෙන්න විදියක් නැහැනේ !. කෙහෙවළු පටලවා ගෙන නෝනාලා තුන්දෙනත් ‍ඒ ගොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා කියලා අත්පුඩියකුත් ගහලා නස්රුදීන් හිනාවුනා.

අපි අනුන්ගේ වැඩ වලට උපදෙස් දෙන්න යන්න හොද නෑ කියලා හිත හිතා තේ එකක්වත් නස්රුදීන්ගෙන් නොලබාම ආපු අය ආපහු ගියා.

ඔන්න ඔහොම නස්රුදීන් බොහෝම සැහැල්ළුවෙන්  අළුත් අවුරුද්ද පටන් ගත්තා.නෝනාලා තුන් දෙනත් එයාලගේ දෙමව්පියන් ලගට ගිහිල්ලානේ.




notes of imaginary

2022-07-18

විනයො නාම ශාසනස්ස ආයු !


මීදුම බෞද්ධයෙකි. 

යතිවරුන් ඇසුරු කරන එහෙත් යතිවරුන් තෝරා බේරා ගෙන ගෞරවණීය ලෙස සලකන බෞද්ධයෙකි. බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අසන විමසන සිතන බෞද්ධයෙකි. බෞද්ධයෙකු විසින් කළ යුතු  යතිවරුන් වෙත කරනු ලබන ගෞරවනීය බව සමහර යතිවරුන් විසින් කෙලෙසා ගෙන ඇතැයි සිතන බෞද්ධයෙකි.

කාලයා විසින් සිත් තුල මේ වෙනස ඇති කරවා ඇත්තේ ද යතිවරුන් විසින් මයයි මීදුම සිතයි. කාලයක සිට අපේ හාමුදුරුවරු දේශපාලනය ගැන උනන්දුවක් දක්වයි. පාලනයට සහභාගි වෙති. අතීතයේ හාමුදුරුවරු පාලනයට සම්බන්‍ධ නොවී උපදේශන සැපයු බව  අප ඉතිහාසයේ සදහන් වෙයි. . එහෙත් වර්තමානයේ සිදුව ඇත්තේ භික්ෂුව දේශපාලනයට මැදිහත්වී අවමානයට ලක්වීමයි. අපේ හාමුදුරුවන් ගෞරාන්විතව වැඩ වාසය කරමින් අර්ථයෙන් ධර්මයෙන් උපදේශනය කරනවා වෙනුවට දේශපාලනයට මැදිහත්ව  කරන විකාරය දැන් දැන් මීදුම දකින්නේ  අප්‍රසන්න කටයුත්තක් ලෙසයි. අපේ හාමුදුරුවරුන් විනය ගරුක ද? ශික්ෂාකාමී ද? උන්වහන්සේලා පොලිස් නිලධාරීන් හා  ගුටි - බැට හුවමාරුවලට යති.  ඇතැම් හාමුදුරුවරුන් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කොට ඒ මත්තේ දිවි නසාගැනීමට යති. නැත්නම් දිවි නසා ගන්නා බවට තර්ජනය කරති. මහ පාරවල් මැද උද්ඝෝෂණ කරති. දේශපාලකයනට තර්ජනය කරති.  ප්‍රසිද්ධ ස්ථානවල උපවාස කරති. ඇතැම් හාමුදුරුවරුන්ගේ  හැසිරීම සමාජයට හිසරදයකි.අප්‍රසන්න වෙති.බාල දේශපාලනය සමග හාමුදුරුවරුන් සම්බන්ධ වීම නිසා  එතැන ඇතිවන්නේ බලවත් පටලැවිල්ලකි.

 දේශපාලනයකට සම්බන්ධ වුවහොත් හාමුදුරුවරුන්ගේ  විනය මුළුමනින් ම පිරිහී යයි. ශ්‍රාවක ප්‍රජාවගෙන් ලැබෙන  ගෞරවය ද කෙළෙසී යයි.

විනයො නාම ශාසනස්ස ආයු ! ශාසනය පවත්වා ගැනීමේ ප්‍රධාන සාධකය විනයයි.  එසේ හෙයින් ශාසනයේ ආයුකාලය පවතින්නේ විනයෙ පැවත්ම  මතයයි බුදුරජානන් වහන්සේ අනු දැන වදාලේ එහෙයිනි. විනය නැති තැන ශාසනය බිඳ වැටෙයි.

ශ්‍රී ලාංකික ජනතාවගෙන් බහුතරය බෞද්ධාගමිකයෝ වෙති. ඔවුන්ගේ ජීවනය බෞද්ධාගම හා බැදි සිටී. පන්සල ඔවුන්ගේ ජීවිතයට මග පෙන්වන ආයතනයයි. පන්සලත්  ශාසනයත් දෙකක් නොවේ.   ශාසනය බිඳ වැටුණු කල රටත් - ජාතියත් දෙක ම බිඳ වැටෙයි.

 “සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාණ සච්චි කරණත්වා” “ මම  සියලු දුක් කරදර නිමාකොට නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මහණකමට පිවිසියෙමි.  යන්න පිලිගෙන මහනකමට පත්වන හාමුදුරුවරුන් හට ලෞකික ජීවිතයේ දිනාගත යුතු දේ තිබිය හැකිද ?. එතුමන් අපත් සසරින් එතෙර කිරීමට මග පෙන්වා එතුමන්ලාත් සසරින් එතරවීමට වීර්ය දැරිය යුතුයැයි මීදුම සිතයි.

එහෙත් වෙන්නනේ උඩුගං බලා  යාමකි. බලය සොයමින් යති. වීර වරුන් වීමට වලි කති,ප්‍රසිද්ධිය වැළද ගනී. යාන වාහන වස්තු දේපල රැස්කරයි.

අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයා රාජකීය නායකත්වයට වඩා ආගමික නායකත්වය පිළිගනිති. එහි අදහස වන්නේ ආගමික නායකයනට කන්දීමට බෞද්ධ ජනයා වැඩි උනන්දුවක් දක්වන බවයි. අදටත් තමන්ගේ පාඩුවේ ගමේ බෞද්ධයාට අර්ථයෙන් - ධර්මයෙන් උපදේශන සපයමින් විමුක්තියක් අපේක්ෂා කරන භික්ෂුහු අනන්තවත් සිටිති. උන්වහන්සේලා සියළු දුක්දොම්නස් දරා ගනිමින් සමාජ සුබසිද්ධිය සඳහා ද, අධ්‍යාත්මික විමුක්තිය සඳහා ද සිය ජීවිතය කැප කර සිටිති. ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවෙති.

පළමුවන ධර්ම සංගායනාව ඇතිවූයේ විනය විරෝධී වචනයක් නිසා ය. එය සුභද්‍රගේ අභද්‍ර වචන ලෙස ඉතිහාසයට එක් වී තිබේ.

දෙවන ධර්ම සංගායනාව ඇති වූයේ ද විනය විරෝධී කටයුතු දහයක් මුල් කරගෙන ය. එයින් හතරක් ම ශාරීරික අවශ්‍යතාවලට සම්බන්ධය. එකල ඇතැම් භික්ෂූන් මී - රා පානය කොට රන් කහවනු අල්ලස් ලෙස ලබාගත් බව ද ඉතිහාසයේ සඳහන් ය.

කුමක් වුව අපේ ශාසනය රැකීමට කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු ය. පළමුවන්න භික්ෂූන්ගේ සංවරය ය. දෙවැන්න භික්ෂූන් කෙරෙහි ගිහි බෞද්ධයන් දක්වන ගෞරවය යි.

භික්‍ෂුව සංවර නොවු කල ගිහියන්ගේ ගෞරවය නොලැබීයයි. එවිට  ශාසනයේ පැවත්ම විනාශවේ.  සංඝරත්නය දේශපාලනය පසෙක තබා ශාසනය ආරක්ෂා කරනු ඇතැයි බලාපොරොත්තුවුවත් එය සිතිවිල්ලකව  බොදවන්නේ කනගාටුවට පත්කරවමිනි.







notes of imaginary