අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2022-06-09
යාපනයේ -  මතක.

6/09/2022 09:12:00 pm

යාපනය ෙකාටුව ප්‍රවාහනය DELFT ISLAND; යාපනය චාරිකාවකට එක්වෙන්නෝ බොහොමයක් දෙනා යාපනය පුස්ථකාලය,නාගදීපය ,නල්ලූර් කන්දසාමි කෝවිල, සාන්ත ජේම්ස් ප...

Read more »
2022-06-07
අප්‍රසන්නවු ප්‍රසන්න.

6/07/2022 09:12:00 pm

👨👨👨👨👨👨👨👨👨👨👨  ප්‍රසන්න අප්‍රසන්න මාතෘකාවක් බවට පත් වුනා. කොළඹ මහාධිකරණය දුන් තීන්දුවක් වර්තමාන දේශපාලනයේ සෑබැ යක‍්ෂ මුහුන හෙළිදර...

Read more »
බොහෝම කාලයකින් .

6/07/2022 11:02:00 am

බොහෝම කාලයකින් සටහනක් මීදුමට වියමන් කලේ නැහැ. වියමන් නොකරපු කාලේ බොහෝම විපර්යාසයන් සිද්ධවෙලා තියෙනවා. අළුත් රජයක් අළුත් ජනාධිපතිවරයෙක් ඇවිත්...

Read more »
2021-12-24
අපි සහ විජය

12/24/2021 10:16:00 am
1

notes of imaginary                                                         "අප විජයගෙන් පැවතෙන්නමෝ වෙමු" යැයි යන්න ප්‍රකට මතයයි. ම...

Read more »
2021-02-10
පිලේ පැදුර හේනට අරගෙන යනවා

2/10/2021 08:59:00 pm
1

පිලේ පැදුර හේනට අරගෙන යනවා එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා ඉර පායා ඉර අවරට ගියදෝ ස...

Read more »
2020-07-08
හන්තාන සිහිනය . ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව

7/08/2020 09:14:00 pm

බලා වැලපිලි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ.. දරා නෙත් අග ගලා සිත් මග ගොතනු මැන ලදුනේ සංසාර සිහිනේ................ වැහි පබළු යට රග මඩල මැද ඔ...

Read more »
2020-06-16
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ

6/16/2020 09:40:00 pm

උදම් රල ඔබ උදම් විය යුතු නැහැ ගෙන ගියේ ඔබ මුහුදු පතුලට රැගෙන යා යුතු අය නොවේ උදම් රල ඔබ උදම් විය යුතු නැහැ පන අදිද්දී තමන්ගේ උන් පැළදි කණ ක...

Read more »
2020-05-18
පොතුවිල්  මුහුදු මහා විහාරය.-  දෙවන කොටසක්.

5/18/2020 10:09:00 am
2

මුහුදු මහා විහාරය. මතුගම සෙනෙවිරුවන් ගේ වියමනක්. සිංහල බෞද්ධයන්ගේ අද්විතීය වන්දනා ස්ථානයක් වන පොතුවිල් මුහුදු මහා විහාරය කාලයක් තිස්සේම අන...

Read more »
2020-05-07
කිනිතුල්ලෝ

5/07/2020 09:37:00 pm

කොවිඩ් 19 ත් එක්ක දැන් දැන් මාතෘකාවට එන්නේ මැතිවරණය. කවද හරි මැතිවරණය තිබ්බා කියමුකෝ. කාටද අපි ඡන්දේ දෙන්නේ ?. වියතුන්ට දූෂි...

Read more »
2020-05-05
වෛරසයත් සුන්දර දහමක් - කොවිඩ්

5/05/2020 05:55:00 pm
1

කොරෝනා - කොවිඩ් 19. වේදනාකාරිය. සහාසිකය. මරාන්තිකය. කොවිඩ් 19 ලෝකයම උඩු යටිකුරු කලා කොවිඩ් 19 මානවයාගේ ඇවතුම් පැවතුම් මොහොතකි...

Read more »