අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day of the life

Recent Comments

නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්‍රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.

නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.

ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලදී.

1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.

ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.

නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?

1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.

එම විෂය ක්ෂේත්‍ර වන්නේ,

භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.

1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

Random Post

Thursday, April 17, 2014
මහාචාර්ය විශාරද  සනත් නන්ද සිරි සමග.

4/17/2014 07:14:00 pm
2

මාර්තු මාසේ අන්තිම සතියේ බ්‍රහස්පතින්දා. වෙලාව පස්වරු 6.00යි අපි රංග ශාලාවට ඇතුල්වෙලා අසුන් ගත්තේ හතට පටන් ගන්න නියමිත සනත් නන්ද සිර...

Read more »
Wednesday, April 16, 2014
ආයුධ මුවහත් වන්නේ රත් වූ විටය.

4/16/2014 07:49:00 am

දෙමව්පියන් සහ ගුරුවරුන්  දරුවන් ගැන අතර විවිධ ගැටළු අසන්නට ලැබෙන කාලයක් බවට පත්වෙලා. මේ සම්බන්‍ධයෙන් අම්මලා තාත්තලට වගේම ගුරුවරුන්ටත් ඒක ප...

Read more »
Tuesday, April 15, 2014
විමල්ගේ ලෝකය.

4/15/2014 03:27:00 pm
2

    මගේ අතින් පසුගිය මාසයක් හමාරක්  කාලේ වැදගත් යමක්  ලියවුනේ නැහැ. මම  සටහන් තබාගෙන ලියන්නේ නැහැ. හිතේ එකතු වෙලා delete වෙන්නේ නැත...

Read more »
මගේ අවුරුද්ද .

4/15/2014 11:17:00 am

සිංහල හින්දු අළුත් අවුරුදු උත්සව සමය තාමත් ගෙවී ගොස් නැත. එරමුදු ගස් නැති මහ පොලොවේ ගෙඋයන් වල අපහසුවෙන් වවා ගන්නා පයින් විලෝ වැනි ගස් මත ක...

Read more »
Wednesday, April 09, 2014
Thursday, April 03, 2014
මහින්ද අදූරදර්ශී නායකයකු විය යුතු ද ?.

4/03/2014 01:23:00 pm

ශ්‍රී ලංකාවේ වගවීම හා ප‍්‍රතිසන්ධානයට අදාළව මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී තිබෙන යෝජනාව ආශ‍්‍රයෙන් කරළියට එන වැඩසටහන සමග ශ‍්‍රී ලංකා...

Read more »