පුංචි තාරකාවෝ.
දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
- බුදුරජානන් වහන්සේ.
වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
බුදුරජානන් වහන්සේ .
අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .
2014-02-12
එරියස් එකක් !.
2014-02-11
නොරොච්චෝලෙට යළි පණ දෙති .
නොරොච්චෝලෙට යළි පණ දෙති -දිවයින
ශිරාන් රණසිංහ
විසිපස් වතාවටත් වැඩි වාර ගණනක් අක්‍රීය වූ නොරොච්චෝල බලාගාරය චීන ඉංජිනේරුවන් විසින් මේ වන විට සක්‍රීය කර ඇති අතර එම බලාගාරය පරීක්‍ෂණ මට්‌ටමින් ධාවනය කර ඇතැයි ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවරු පැවසූහ.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පළමු අදියර යටතේ මෙගාවොට් 300 ක් ජාතික විදුලි පද්ධතියට එක්‌කර තිබූ අතර 2011 මාර්තු මස 22 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් එය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කෙරිණි.
මෙම ගල්අඟුරු බලාගාරය අදියර තුනක් යටතේ ඉදිකරනු ලබන අතර පළමු අදියර යටතේ මෙගොවොට් 300 ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 455 ක් වැය කෙරිණි.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය විසිපස් වතාවකට වැඩි වාර ගණනක් අක්‍රිය වීමෙන් පසු ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම බලාගාරය ඉදිකළ සී. එම්. ඊ. සී. නමැති චීන සමාගමේ ඉංජිනේරුවන් මෙරටට ගෙන්වා බලාගාරය යළි සක්‍රීය කර ඇත.
කෙසේ වෙතත් දැනට පරීක්‍ෂණ මට්‌ටමින් ක්‍රියාත්මක ගල්අඟුරු බලාගාරය ඉදිරි දින කිහිපයේදී ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට ඉංජිනේරුවන් සැලසුම් කර තිබේ. මේ වන විට බලාගාරයේ දෙවන අදියර යටතේ මෙගොවොට් 300 ක් ජාතික පද්ධතියට එක්‌කිරීමට නියමිතව ඇති අතර පරීක්‍ෂණ මට්‌ටමින් බලාගාරය ක්‍රියාත්මක කර තිබියදී වේග වෑල්වයක හටගත් දොaෂයක් නිසා මේ වන විට එය ගලවා අලුත්වැඩියා කරන බව ද ඉංජිනේරුවරයෙක් "දිවයින" ට කියා සිටියේය.
නොරොච්චෝල බලාගාරයේ දෙවන අදියර ඉදිරි සති කිහිපයේදී ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිත අතර තුන්වන අදියර නිම වූ පසු මෙම බලාගාරයෙන් මෙගොවොට් 900 ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිතය. මෙම බලාගාරය ඉදිකිරීම සඳහා යන සම්පූර්ණ වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.35 කි.
notes of imaginary
2014-02-10
කියමු බලන්න !.
2014-02-09
Face Book
නුතන අධ්‍යාපන රටාව ශිෂ්‍ය
පරපුරට ගැලපෙන අන්දමට වෙනස් විය යුතුයැයි මතවාදයක් සාකච්ඡා වෙමිනි පවතින්නකි. මේ
සාකචඡා ඉබි ගමනින් යන කවදාමවත් ක්‍රියාත්මක නොවන කමත් කතාය. කමතේ ගොයම් පෑගෙන තෙක්
හරක් බාන කෙතේ වාරයක් කැරකී කරකී සිටිතත් අවසානයේ ලැබෙන්නේ කරලෙන් ගිලිහුන වී ටික
පමනකි.
ගුරුවරුන්ද
විදුහල්පතිවරන්ද නූතන සිසු පරපුරට ගැලපෙන අන්දමට ඉගැන්වීම ද පරිපාලනයද වෙනස් කර ගත
යුතුයැයි මට සිතුනේ පසුගිය සතියේ කුරුණෑගල විද්‍යාලයකින් ඇසු ප්‍රවෘත්තියක් නිසා වෙනි.
මේ කතා පුවත
සැකෙවින් මෙසේයි.
“10 වැනි පන්තියේ
ශිෂ්‍යාවක Face Book වෙබ් අඩවියේ තම පෙම්වතා හෝ සහෝදර තරුනයෙකු සමග සිටින පින්තූරයක්
පළ විය. මේ පින්තූරය දැරිය විසින් කල් තබාම ඉවත් කරගෙන තිබූ නමුත් නිසි පරදි ඉවත්
නොකල නිසා අන්තර්ජාලයෙන් නැවත නැවතත් මතු විය. තම පාසලේ සිසුවියක් පෙම්වතා සමඟ
අන්තර්ජාලයෙන් මතුවීම විදුහල්පති වරයා කලබලයට පත්වු හේතුවක් විය. ඇය කැදවු විදුහල්පතිතුමා ඇයට අවවාද කර වැඩිදුර පරීක්‍ෂණ
සඳහා පියා සමග එන ලෙස සිසුවියට දන්වා ඇත. ගෙදර ගිය සිසුවිය සාරියකින් ගෙල වැලලාගෙන
මිය ගියා ය.”
සමාජ වෙබ් අඩවි බොහෝ ගනනක් තිබේ. ඉන් අප අතර වඩාත් ජනප්‍රිය Face Book අඩවියයි. වැඩියෙන්ම යොවුන්වියට අයත් පිරිසක් සහ ඉතා සුළු වැඩිහිටියන් පිරිසක් මෙම අවකාශය ප්‍රයෝජනයට ගනී. කවුරුන් කෙලෙස අදහස් පල කලත් නිසි අන්දමින් ප්‍රයෝජනයට ගන්නේ නම් මෙම වෙබ් අවකාශයන් පලදායි ලෙස යොදා ගත හැකිවේ. මේ ලියුම්කරුද Face Book පරිහරණය කරන්නෙකි. විදේශ ගත පවුලේ සමාජිකයන් හා සම්බන්‍ධකම් පවත්වා ගෙන යාමට ඇරඹු මගේ Face Book අඩවිය විවිධ වයස් කන්ඩායම් සමග අදහස් තොරතුරු හුවමාරු කර ගන්නා මධ්‍යස්ථානයක් ලෙස ලියුම්කරු යොදා ගනී.
සමාජ වෙබ් අඩවි බොහෝ ගනනක් තිබේ. ඉන් අප අතර වඩාත් ජනප්‍රිය Face Book අඩවියයි. වැඩියෙන්ම යොවුන්වියට අයත් පිරිසක් සහ ඉතා සුළු වැඩිහිටියන් පිරිසක් මෙම අවකාශය ප්‍රයෝජනයට ගනී. කවුරුන් කෙලෙස අදහස් පල කලත් නිසි අන්දමින් ප්‍රයෝජනයට ගන්නේ නම් මෙම වෙබ් අවකාශයන් පලදායි ලෙස යොදා ගත හැකිවේ. මේ ලියුම්කරුද Face Book පරිහරණය කරන්නෙකි. විදේශ ගත පවුලේ සමාජිකයන් හා සම්බන්‍ධකම් පවත්වා ගෙන යාමට ඇරඹු මගේ Face Book අඩවිය විවිධ වයස් කන්ඩායම් සමග අදහස් තොරතුරු හුවමාරු කර ගන්නා මධ්‍යස්ථානයක් ලෙස ලියුම්කරු යොදා ගනී.
මෙම සිසුවියගේ සිය දිවි නසා ගැණිම පිලිබදව නොයෙක් අර්ථ කථන ඇතිවිය හැක. Face Book වැනි සමාජ වෙබ් අඩවි වෙත මෙහි වරද පටවා එවැනි වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ
තහනම් කල යුතුයැයි තර්ක කරන පිරිසක්ද වේ. ගැටළු සහ ප්‍රශ්න වර්තමාන සමාජය විසින් මින්
දශක හතරකට පහකට පෙර දුටු ආකාරයෙන් දැක ඒවාට විසදුම් සෙවීමේ ක්‍රම වේදයන් අනුගමනය
කිරීමට යාමෙන් මෙවැනි ඛේදවාචකයන් ඇතිවන බව ලියුම්කරුගේ විශ්වාසය වී ඇත. දෙමව්පියන්
ගුරුවරුන් විදුහල්පති වරයා මේ ගතානුගත අදහස් වලින් මිදී කටයුතු කලේ නම් මේ දරුවා
සියදිවිනසා ගනීද ?.
මෙතන්ටත් ගිහින් බලන්න.
notes of imaginary
2014-02-08
විපක්ෂය විරෝධතාවයක.
2014-02-07
අවලම් දේශපාලනය.
දේශපාලකයන්ගේ අරමුනද රටේ සංවර්ධණය වඩා තමන්ගේ සංවර්ධනය බවට වෙනදාට වඩා අද කැපී පෙනෙන්නකි. සාර ධර්ම නැති මිනිසුන්ගෙන් සමාජය සාර ධර්ම බලාපෙරොත්තු විය යුතු නැත.
ධනය රැස්කිරීමේ අභිලාෂය වෙනුවෙන් කොයිතරමක් වුවත් අවලම් ක්‍රියා මුදවා හැරීමට මේ දේශපාලක ඇත්තන්ට හිරිකිතයක් නැත.
මේ 07 වෙනිදා “දිවයින” කතුවැකියයි.
“……………………….ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉතාම කලහකාරී ත්‍රාඩ අවධියකට පත්ව තිබේ. 1948 න් පසු ක්‍රමයෙන් ඉදිමෙන්නට පටන් ගත් ශ්‍රී ලාංකීය දේශපාලන දේහය ශ්‍රී ලංකා, යූ. එන්. පී. සහ දෙමළ දේශපාලන පක්‍ෂ මගින් ඉහඳ තබන ලදුව කුණු වී, සැරව පිරී පුපුරා යැමට ආසන්න තත්ත්වයේ පවතී. එහෙත් මෙය කවදාවත් පුපුරන්නේ නැත. හේතුව එකී තුවාලය තුළ ගැවසෙන ඉහඳ පණුවන් එය පුපුරා යැමට ඉඩ නො දීම ය. මෙය අර්බුදය නඩත්තු කිරීමකි. එකකුගේ අර්බුදය අනෙකාගේ පැවැත්ම ය. එම අර්බුදය සමථයකට පත් වීම ඒකාගේ මරණය ය. ශ්‍රී ලංකාවේ පවතින කුණු ගඳ ගසන තුවාලය සුව වුවහොත් එහි වෙසෙන පණුවන් සියලුම දෙනාට මිය යන්නට සිදු වෙයි.
බස්‌නාහිර සහ දකුණ යන පළාත් සභා දෙකෙහි නාම යෝජනා තේරීම් කමිටුවට ඉදිරිපත් වූ සමහර අපේක්‍ෂකයන්ගේ ස්‌වභාවයෙන් ම මේ රටේ දේශපාලනය ගැන තක්‌සේරුවක් ලබා ගැනීමට හැකි විය. ඔවුන් නොමිනේෂන් අත්සන් කිරීමට පෙර රූපවාහිනී චැනලවල සංවාද මණ්‌ඩපවලට සහභාගි වී තම දේශපාලන නීචත්වයේ සෙලුව විදහා දැක්‌වී ය. එබඳු එක් අපේක්‍ෂකයකු පිළිබඳ කතාව මෙසේ යá කැසිනෝ සහ ගණිකා වෘත්තීය නීතිගත කළ යුතු බව පසුගිය දිනෙක ප්‍රසිද්ධ ගායකයෙක් පැවැසී ය. එය ඔහුගේ මතය යි. රූපවාහිනී චැනලයක් හරහා එම ගායකයාගේ මතය විවේචනය කළ ඡන්ද අපේක්‍ෂකයක් කියා සිටියේ එම ගායකයාගේ දියණිය ගණිකා වෘත්තියෙහි යෙදවිය යුතු බව ය. ඉතාම කනගාටුදායක කරුණ වූයේ එම අපේක්‍ෂකයා ද ගායකයකු වීම ය. එ මතු ද නොව ඔහු රට ජාතිය ආගම වෙනුවෙන් දිවි හිමියෙන් කැපව සිටින වටිනා පක්‍ෂයක් වෙනුවෙන් බස්‌නාහිරට තරග කරන කෙනෙකු වීම ය.
එම පක්‍ෂය මේ අපේක්‍ෂකයාගේ නීච සිතුවිලි ගැන හරියාකාරව දැන සිටියේ නම් ඡන්ද අපේක්‍ෂකත්වය ලබා දීම කෙසේ වෙතත් පක්‍ෂ මූලස්‌ථානයේ දොරකඩින් ඇතුළට ගන්නේ නැත. තවකකුගේ දියණියක් ගණිකා වෘත්තියෙහි යොදවන ලෙස ඉල්ලන මේකාට ගැහැනු දරුවන් ඉන්නට ඉඩ ඇතත් ගැහැනු දරුවන් නැතැයි හිත හදා ගැනීම අප කළ යුතු ය. මන්ද මෙබඳු පියවරුන් යටතේ සිටින ගැහැනු දරුවන් අනතුරේ ය.
නාම යෝජනා භාර දීමෙන් පසු ඇතැමුන් විකාර කරන්නට පටන් ගත්හ. පැජරෝවක අලවාගෙන සිටි අපේක්‍ෂක පින්තූර සහ කතිර ලකුණ ගලවා ඉවත් කිරීමට පොලීසිය සූදානම් වූ විට එසේ කළොත් මරාගෙන මැරෙන බවට අපේක්‍ෂකයෙක් පොලිසියට තර්ජනය කළේ ය.
මෙය රූපවාහිනී චැනල මගින් ප්‍රදර්ශනය කරන ලදී. මෙය දේශපාලනය කිරීමක් නොව වියරු ලෙස දැඟලීමකි. මේ මිනිසුන් බලයට ආ දවසට කරන්නේ ද දේශපාලනය නොව තංගල්ලේ හාදයා සුද්දට හා සුද්දිට කළ දෙයම ය.....................”
notes of imaginary
මන්ත්‍රීතුමා අනාගත්තා !
2014-02-06
දරා ගන්නේ කොහොමෙයි ?.
2014-02-05
ඒක පුද්ගල ආදායම වැඩි වෙලා !
2014-02-04
Subscribe to:
Posts (Atom)




















