අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2013-05-07
New – tongue

5/07/2013 10:04:00 pm
1

යුරෝපීයෝ (සුද්දෝ) ආඩම්බරකාරයෝ කරලා තියෙන්නේ ආසියාතිකයෝ කියලයි මට හිතෙන්නේ . අතීතයේ කොල්ලකාරයෝ වගේ රට රටවලට ඇවිත් චන්ඩිකම් කරලා රටවල් මර...

Read more »
2013-05-02
මැයි දිනයට අපි ආයෙත් හමුවෙමු

5/02/2013 09:28:00 pm

2013 අවුරුද්දේ මැයි දිනය  පවත්වලා   එවරයි. මැයි පලවෙනිදා කම්කරුවන්ගේ දිනය වුනත් වර්තමානයේ අපි මැයි දිනය දකින්නේ දේශපාලකයන්ගේ දිනයක් ලෙසයි...

Read more »
2013-04-24
ගාමරී සිට ග්‍රාමසේවා නිලධාරි දක්වා.

4/24/2013 03:21:00 pm
2

  ග්‍රාම සේවා නිලධාරී තුමා තමයි අපේ ආසන්නතම රාජ්‍ය  ( සේවකයා ) නිලධාරියා .  රාජ්‍ය සේවකයින් , මහජන නියෝජිතයන් වගේ අය ඉන්නේ පොත...

Read more »