අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2013-03-17
මරණය ජොතිෂ්‍යය  ඇසින්.

3/17/2013 11:20:00 pm

මරණය ජයගත්තේ ඔබ වහන්සේය. අපට  නියමිත ආයු කාලයක්‌ වේ . ඉසිවරු එම ආයු කාලය අවුරුදු 120 කට සීමා කර ඇතත් අපේ ම වැරදි පැවතුම් නිසා ඊට වඩ...

Read more »
2013-03-13
සිත්ගන්නා ජොලියක් !

3/13/2013 10:14:00 pm
5

වචන එහෙන් මෙහෙන් පුංචි වෙනස් කමක් වුනාම මැවෙන කතා සුන්දරයි. අපේ අසල්වාසී මුදිතාට මුදල් ප්‍රශ්නයක්. ටිකක් ලොකු ගානක. ආපදා ණය , අත්ත...

Read more »
2013-03-12
අපේ සිංහයෝ

3/12/2013 10:22:00 pm
11

මට හමුවුන සිංහයෝ හතලිස් පස්දෙනෙක්...... 1.       අබේසිංහ  2.       අමරසිංහ  3.       ආරියසිංහ  4.       ඈපාසිංහ  5.       ඉලේස...

Read more »
2013-03-06
පිලේ පැදුර හේනට අරගෙන යනවා.

3/06/2013 08:24:00 pm

  එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා     රටා වියපු අත් දෙක මට සිහිවෙනවා   .   ඉර පායා ඉර අවරට ගියාදෝ සද පායා සද අවරට ගියාදෝ හැඩු කදුළු මුහුද...

Read more »
2013-03-01
කුවේණිගේ බඩ පිරවීමට රුපියල් දෙදහක් !.

3/01/2013 08:59:00 pm
9

සතියේ සටහන ලියන්න ඇමති පුත්තු  - ඩීඅයිජී පුත්තුන්ගේ ගැටුම අධ ්‍ය යනය කරගෙන ඉන්න කොට දිවයිනට  මාධ ්‍ය වේදී  ඉපලෝගම - ඡේ . බී . ඒකනායක ...

Read more »