ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2013-03-17

මරණය ජොතිෂ්‍යය ඇසින්.

මරණය ජයගත්තේ ඔබ වහන්සේය.


අපට  නියමිත ආයු කාලයක්‌ වේ. ඉසිවරු එම ආයු කාලය අවුරුදු 120 කට සීමා කර ඇතත් අපේම වැරදි පැවතුම් නිසා ඊට වඩා අඩු ආයු ප්‍රමාණයකින් අපට මිය යන්න සිදුව ඇත. අපට අත්වන ආයු කාලය කොටස්‌ කීපයකට බෙදා දක්‌වන ඉසිවරු  එය බාලාරිෂ්ඨ, මධ්‍යායුෂ්ත දීර්ඝායු හා විපරිත වශයෙන් දක්‌වා ඇත.
ජොතිෂ්‍යයට අනුව එක්‌ එක්‌ ග්‍රහයා විසින් අපට හිමි  ආයු කාලය වූ අවු. 120 කොටස්‌ වශයෙන් බෙදා  ඇත.
එම භාරකාරත්වයේ වගකීම අනෙක්‌ ග්‍රහයන් වෙත පවරන්නේ චන්ද්‍රයා විසිනි. න්ද්‍රයාගේ  ගමන් රටාව අනුව නැකැත් 27 ක්‌ නියෝජනය කරමින් ආයු කාලය බෙදා ඇත.
සමස්‌ත අහස්‌තලයම කොටස්‌ 12 කට බෙදා යළි ඉන් එක්‌ රාශියක්‌ වූ අංශක 30 ක ප්‍රමාණය යළි රාශ්‍යාර්ධයේ සිට අංශක 30 න් 150 වැනි කොටස වූ නාඩිය දක්‌වා බෙදා දක්වයි.

අපි ඉන් එක්‌ ග්‍රහයකු ගෙන එම ග්‍රහයා අපේ ජීවිතය මෙහෙයවනු ලබන ආකාරය ගැන මඳක්‌ විපරම් කර බලමු.
·        ්‍ර මඬුල්ලේ ්‍රධානියා රවිය. මේ රවි විවිධාකාර අයුරින් අපේ ජීවිත ගමනට හවුල් වෙයි.ඔබේ කේන්ද්රයේ රවි ලග්නයේ නම් රවිට තමා සිටින රාශියේ අයිතියත්, නැකතේ අයිතියත්, දෘෂ්ටියේ අයිතියත් සංයෝගයේ අයිතියත් අනුව රවි ගේ ස්වභාවය එකිනෙකාට වෙනස්වෙයි.රවි ඔබේ කේන්ද්රයේ පළමු වන කොටුවේ හෙවත් ලග්නයේ සිටියේ නම් සිතුවිලි නපුරුය. ජීවන රටාව පහසුය. අඩුවෙන් කෑම ගනී. ඇස්පෙනීම දුර්වලය. ලග්නය තුලාව වී රවි ලග්නයේ වූයේ නම් යම් පමණකට අන්ධය. තරගයකදී පුරසාරම් දොඩයි. ඉතිහාසයත් කලාවත් ගැන දැනුම ඇත.
·        එම රවි (ලග්නයේ මේෂ වී) උච්චව සිටියේ නම් ඇස්පෙනීම හොඳයි. කීර්තිමත් වෙයි. ගුණ ගරුකයි. දැනුම ලබා ගැනීමට උනන්දුයි.·        ලග්නය මීන නම් ස්්‍රින්ගෙන් සැලකුම් ලබයි. ලග්නය සිංහ නම් රාත්‍රී අන්ධයෙකි. ශක්තිමත් සිරුරකි.
·        ලග්නය කටක වී රවි ලග්නයේ වූයේ නම් ඇස්වල සුද එයි.·        එම රවි කේන්ද්රයේ තුන්වැන්නේ නම් නිර්භීතය. දුෂ්ට මිනිසුන්ගේ ඇසුරට වැටෙයි. පොහොසත් වෙයි. නිදහස්මතධාරියෙකි.
·        එම රවි හතර වැන්නේ නම් හෘදය දුබලකම් වේ. මුදල් හීනය. පොදු අදහස්නැත. තද සිත් සහිතයි.·        එම රවි පස්වැන්නේ නම් චපල සිත් ඇති ඉච්චා බස්දොඩන්නෙකි. රජයේ සේවකයෙකි. කෙටි කලක්රටින් පිට ජීවත් වෙයි.·        රවි හය වැන්නේ නම් ලෝභයෙකි. එහෙත් නිර්භය කෙනෙකි. රාජ් ගෞරවය ලබයි. ්‍රසිද්ධියට පත් වේ.·        එම රවි ඔබේ කේන්ද්රයේ හත්වැන්නේ නම් ස්්‍රී වර්ගයාට ද්වේශ කරයි. කපටි අදහස්දරයි. නපුරු පැවතුම් සහිතයි.
·        එම රවි අට වැන්නේ නම් අමාරු දෙයට දක්ෂයෙකි. සිතින් ජය ලබයි. පියාගේ ආයු දුබල විය හැකිය.
·        එම රවි නවයේ නම් සිය ගුරුවරුන් අන්‍ය ලබ්ධීන් වේ.
·        රවි දහයේ නම් පරම්පරාගත වස්තුව උරුම වේ. කීර්තිය, අවබෝධය, ඉගෙනීම හා ශක්තිය වේ.
·        රවි එකොළහේ නම් සතුටින් ජීවත් වන කෙළෙඹියෙකි. රවි දොළහේ නම් විකලාංග ඇත්තෙකි. එහෙත් බොහෝ උත්සාහ වන්තයෙකි.·        බෘහත් ජාතකයට අනුව රවි කුජ, ශනි හත්වැන්නේ නම් ස්ත්‍රීන්ගේ සරදමට ලක්වන්නෙකි.·        රවි මේෂයේ උච්ච වූ විට ධනවත් . හමුදා ක්ෂෙත්‍රයක නායකයෙකි.
·        රවි සිංහයේ මුල ්‍රීකෝණ වූ විට හෙතෙම ජනතා ගෞරවය ලබයි.
·        රවි සිංහයේ ස්වක්ෂේත්‍ර වීමෙන් ඔහුට ලස්සන ගෙයක්වෙයි.
·        රවි වෘෂභ මකර කුම්භ රාශියක (සතුරු) නම් පියාගේ සැප ජීවිතයෙන් ඈත්ව අනුන් යටතේ වැඩ කරයි. යට සඳහන් කළේ රවි ගේ පිහිටීම ගැන පමණි.
·        කේන්ද්රයක 8 වැනි රාශිය ලෙඩ රෝග, සැත්කම් ගැන කියන තැනයි. අටේ සිටින ්‍රහයා, අට දකින ්‍රහයා හෝ අට අධිපති ්‍රහයා රෝග කෙරෙහි බලපෑම් කරයි. මරණයට අට වැන්න දායක වෙයි. ්‍රහයෙකුට 8 වැන්න නොපෙනුනත් අටේ ්‍රහයෙකු නැතත්, අට හිමි ්‍රහයාට අයත් ලෙඩක්වේ.
·        රවි අටේ සිටියේ හෝ අට වැන්නට නෑකම් ඇත්තකු වූයේ නම් ගින්න හෝ උෂ්ණ රෝගයකින්ද, සක්‍ර නම් ජලය නිසා හෝ බඩ යැම ලේ දූෂණය වැනි හේතුවකින් . අටේ බුද නම් මොළයේ උණ වැනි රෝගයකින් ·        ගුරු වූයේ නම් මානසික රෝගයකින්ද, නැතහොත් සොයාගත නොහැකි රෝගයකින්ද, සිකුරුගෙන් නම් බීමත්කම නිසාද·        ශනිගෙන් නම් බඩගින්න නිසාද මරණය විය හැකිය.
·        අට වැන්න ්‍රහයන් කීපදෙනකු විසින් දකිනු ලැබුවොත් ලෙඩ කීපයක් විය හැකිය.
·        අට චර රාශියක්නම් (මේෂ, කටක, තුලා, මකර) පිටරටකදී , තිර රාශියක්නම් තම නිවසේදී උභය රාශියක්නම් අනුන්ගේ තැනකදී මරණය සිදුවෙයි.·        යමකුගේ කේන්ද්රයේ රවි 10 , කුජ 4 සිටියේ නම් මරණය උසකින් වැටීමකින් වේ.
·        ශනි 4 ත් න්ද්‍රයා 7 ත් කුජ 10 ත් නම් ළිඳකට හෝ ජලාශයකට වැටී මියයයි·        රවි න්ද්‍ර කන්‍යාවේ සිටියදී එයට අශූභ දෘෂ්ටියක්වැටුණේ නම් ස්වකීය නෑයන් නිසා මරණය සිදු වේ. නැතහොත් ඥාතීන් නිසා සිය දිවි නසා ගැනීමක්වේ.
·        ධනු, මීන, කන්‍යා, මිථුන යන උභය රාශියක්ලග්නය වී නම් ලග්නයේ රවි - න්ද්‍ර වෙතොත් දියේ ගිලීමෙන් මරණය වන බවක්ජාතක පරිජාත සංග්‍රහයේ සඳහන් වේ.·        සෙනසුරු කටකයේත්, සඳු මකරයේත් උපතේදී සිටියේ නම් උදර රෝගයක්නිසා මරණය සිදු වේ.
·        සඳු මේෂ වෘශ්චික රාශියක පාපීන් අතර සිටියේ නම් ආයුධයකින් මරණය වේ. ගින්නෙන් හෝ පිටගැස්මෙන් මරණය වේ.
·        සඳු පාප පීඩිතව, පාපීන්ට මැදිව කන්‍යාවේ වෙතොත් ලේ නරක්වීමෙන්ද, කෙට්ටු වීමෙන්ද, සඳු පාපීන්ට මැදිව මකරයේ සිටියොත් හෝ කුම්භයේ සිටියොත් එල්ලීමෙන් දිවි හානි කර ගනී. පිළිස්සීමෙන් මරණය විය හැකිය.·        ශුභ ්‍රහයන්ගේ දැකීමක්නොලද පාප ්‍රහයන් උපතේදී පස්වැන්නේ හෝ 9 වැන්නේ සිටියේ නම් බලහත්කාරකමකින් ·        අෂ්ටම දෙර්කාණය යෙදුනේ නම් සර්ප විෂකින් මරණය වේ.
·        හත් වැන්න කන්‍යා රාශිය වී සඳු පාපියකු සමඟ එක් එහි වුවොත් සිකුරු මේෂ රාශියේ වූයේ නම් බිරිය අතින් හෝ කාන්තාවකගෙන් මරණය වෙයි. එසේ සිටියොත් වස පානය කිරීමෙන් මරණය සිදුවන බව සාරාවලිය කියයි.·        රවි - ශනි - කුජ යන ්‍රහයන් තිදෙනා උපතේදී 4 වැන්නේ වූයේ නම් උලක්වැනි දෙයක්ඇනීමෙන් මරණය සිදුවනු ඇත.·        පස්වැන්නේ අඟහරුත් 9 වැන්නේ සෙනසුරුත් සඳු සමඟ සිටියේ නම් මරණය එසේය. එම යෝගයේදී කුජ ්‍රහයා සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වුණොත් පොලු පහරකින් හෝ ගසකට යටවීමෙන් මරණය සිදුවෙයි. අදහස්සාරාවලියේ .·        අව පස සඳු කුජ, ශනි හා රවි සමඟ ජන්ම කේන්ද්රයේ 8, 4, 01, 10 වැනි තැනක වූයේ නම් පොලු පහරකින් මරණය සිදුවනු ඇත. එම ්‍ර පිහිටීම 1, 5, 9, 10 යන රාශියක යෙදීම නිසාත් එම ්‍රතිඵලයම දෙයි.·        කුජ ග්‍රහයා 4 වැන්නේත්, රවි හත් වැන්නේත් සෙනසුරු 10 වෙතොත් ආයුධයකින්, ගින්නෙන් හෝ රාජ උදහසකින් මරණය සිදුවනු ඇත.
·        තුවාලයක්නිසා හෝ සැත්කමක්නිසා හෝ නැතොත් සතකු විසින් හපා කෑමක්නිසා මරණය සිදුවන්නේ සෙනසුරු 2 ත් සඳු 4 ත් කුජ 10 ත් සිටීම නිසා .
·        ශනි න්ද්‍ර දෙදෙනා ලග්නයේත් රවි 10 හා කුජ 4 ත් වෙතොත් සිරුර පොඩිපට්ටම් වී මරණය විය හැකිය.
·        තද පාපියකු වන අඟහරු ලග්නයේත්, සෙනසුරුව නීචව මේෂයේත්, සඳු මකරයේ හෝ කුම්භයේත් වෙතොත් කුණු අපවිත්‍රතා මැද මරණය යෙදේ.·        රාශිය හා රාශියේ සිටින ්‍රහයාගේ කාරක අයිතිය අනුවත් මරණය සිදුවෙයි.
·        හතරවැනි රාශිය සිවුපා (මේෂ, වෘෂභ, සිංහ) රාශියක්වී නම් සිවුපා සතකු නිසා මරණය සිදුවිය හැක.
·        බොහෝ විට සැත්කමකින් මරණය වීමට කුජ දායක වෙයි.
·        කුජ 7 ටත් ශනි න්ද්‍ර ලග්නයටත් යහපත් නැත. අව පස සඳු විසින් කුජ ්‍රහයා දැක ශනි 8 වැන්නේ වෙතොත් අර්ශස්මුත්‍රා අමාරු නිසා මරණය සිදුවන්නේය.
·        මේ සියලු ්‍රහ පිහිටීම්වලට අමතරව අයහපත් දෙර්කාණයත් මරණයට දායක වෙයි. දෙර්කාණ 36 අතුරුන් 22 වන දෙර්කාණය වඩාත් මරණයට හේතු විය හැකි බව කියෑවේ. මේ දෙර්කාණ අතර ගිනි දෙර්කාණ, ආයුධ දෙර්කාණ, ජල දෙර්කාණ, සර්ප දෙර්කාණ ආදී වශයෙන් සඳහන් වන තැන මරණයට හේතුව කුමක් යනු එම දෙර්කාණ නාමයෙන්ම සිතා ගත හැකිය. දෙර්කාණ 36 න් 22 වැනි දෙර්කාණය වඩාත් මරණයට නෑකම් කියන බව කියෑවේ. 22 වැනි දෙර්කාණය 8 වැන්නේ බලකරුය.·        ලග්නයේ සිටි ්‍රහයා නවාංශක පාලක ්‍රහයා, හෝ එම ්‍රහයා සමඟ යෝග වූ නැතොත් දෘෂ්ටිය හෙළන ්‍රහයා අනුව මරණය යෙදේ.·        සසරේ කරන ලද පාපකර්මයන්ගේ විපාක ගෙන දෙන රාශි හා එම රාශි අධිපතීන්ගේ දශාව කුමක්දැයි ජන්ම කේන්ද්රයේ පැහැදිලිවම දක්වා ඇත.
·        6 සහ 8 යන රාශිත්, එම රාශි අධිපතීන්ගේ දශා කාලයත් එම රාශිවල සිටි ග්‍රහයන්ගේ දශා කාලයත් පෙර කරන ලද පව් පළ දෙන කාලයයි.
·         9 වැන්නත් 9 වැන්නේ සිටින ග්‍රහයාත්, 9 අධිපතියාගේ දශා කාලයත් පින් පළ දෙන කාලයයි. එහෙයින් ජන්ම කේන්ද්රය තුළ සසර ගමනේ ක්‍රීයාවලිය සටහන්ව තිබේ.
මෙම සටහන පියසේන රතුවිතානයන් විසින් පලකරන ලද ලිපියකින් උපුටා ගත්තකි. ඔබගේ කේන්දරය ගෙන ගලපා ගන්න උත්සහා කරන්න.
අපි කවදා හෝ මියයන්න උපන් බැවින් මරණයට කම්පා විය යුතු නැත.


notes of imaginary

2013-03-13

සිත්ගන්නා ජොලියක් !




වචන එහෙන් මෙහෙන් පුංචි වෙනස් කමක් වුනාම මැවෙන කතා සුන්දරයි.

අපේ අසල්වාසී මුදිතාට මුදල් ප්‍රශ්නයක්. ටිකක් ලොකු ගානක. ආපදා ණය , අත්තිකාරම් ණය, වගේ ණය සීමා වලින් එහාට ගිය මුදලක් ! . වානිජ බැංකු කීපයක්ම ට්‍රයි කරලා බැළුවා පර්සනල් ණයක් ගන්න. ඒත් උපරීමය මුදිතාගේ උවමනාව පිරිමහගන්න බැහැ. යාළුවන්ගෙන් උපදෙස් ගන්න විතරයි පුළුවන් වුනේ . යාළුවන්ට උදව් කරන්න අවශ්‍ය මුදලට ලංවෙන්න බැහැ.

එක යාළුවෙක්  ඔපීනින් එකක් දුන්නා. ඉරිදා පත්‍රයක දැන්වීමක් දාමු කියලා.ඉරිදා වැඩියෙන් කියවන ,වැඩියෙන් අලවි වන, ප්‍රවර්ධණ ලේබල් දාන ඒවා  අතරින් වැඩියෙන් දැන්වීම් පලවන පත්‍රයක් තෝරාගෙන" පිළිතුරු පත්‍රය බාරේ"  තියලා ලහිපිටක දැන්වීමක් දැම්මා. මුදිතාගේ අවශ්‍යතාවය සදහන් කරලා.

 සතිදෙකකින් පිළිතුරු ලිපි මල්ලක් ලැබුනා.කොයි එක්කෙනාගෙක් ණය මුදල ගන්නවද කියලා තෝරාගන්න එකත් මුදිතාට ප්‍රශ්ණයක්. ණය මුදල දෙන්න සුදානම් සියල්ලෝම පිරිමි පාර්ශවය. ගහැණු පාර්ශවය එක් කෙනෙක්වත්  පිලිතුරු ලිපි හය හත්සීය තුල ඇත්තේ නෑ. ඔෆීස් ගිහින් යාළු මිත්‍රයින්ගේ කතාබහට මේ පිලිතුරු ලිපි මාතෘකා වුනා. “ගනිං බලන්න උඹේ දැන්වීම ”  විශාකා කිව්වා. හෑන්ඩ් බැග් එක ඇතුල අතගාලා මුදිතා දෑන්වීම ගත්තා. විශාකා දැන්වීම කියෙව්වා.“ මුදල් හදිසියකට තරුන  කාන්තාවකට රුපියල් ලක්‍ෂ පහක් ඕනෑකර තිබේ. මාස්පතා සිත්ගන්නා ජොලියක් දෙමි.පිලිතුරු  ........පත්‍රය බාරේ යොමුකරන්න."

දෙයියනේ පොලිය - ජොලිය වෙලා.!.


ඒ එක කතාවක්. 

මේ තව පරණ කතාවක්. 1971 අප්රේල් මාසේ 05 වෙනිදා මතක තියෙන්නේ  අපි වගේ අයට. 71 දරුවන්ට මේ කාලේ මතක නැහැ.  ඒ නිසා අවුරුදු 18 කට පස්සේ  89 දරුවොත් පාරට බස්ස ගන්න ජවිපෙට පුළුවන් උනා. කේන්ති යන අදහසක්. ගනං ගන්න එපා. ඒත් ජවිපෙය නිර්මානත්මක දේවල් කලාත්මකව කරනඋදවිය ඉන්න තැනක් . 1971 අප්රේල් 05 දා  පලමු විප්ලවය සදහා තම පලමු වෙඩිමුරය පත්තුකිරීමට  තම කාඩරයන් වෙත කරන ලද නිවේදනය මෙන්න මේ වගේ එකක් “.ජේ.වී.පී අප්පුහාමි මියගිය බවත් අවමගුල් උත්සවය පවත්වන වෙලාව ස්ථානය සදහන් කරමින් ”තම පලමු වෙඩි මුරය පත්තු කිරීමේ නිවේදනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් මරණ දැන්වීම් ඔස්සේ ප්‍රචාරය කරගන්න එදා ජවිපෙය කටයුතු කරලා තිබුනා.


අද වගේ සන්නිවේදනය නොදියුණු 1971 මේ වැඩෙත් චමත්කාර අදහසක් !.


මාධ්‍ය මාධ්‍යයක් කරගෙන කරපු  මතකයේ තියෙන තව කතාවක් කියන්නම්.  

1974 අප්රේල් 23 දින Ceylon daily news පුවත් පතේ  අවමංගල්‍ය දැන්වීමක් පලකරලා තිබුනා.
ශ්‍රී ලංකාවේ පුජාතන්ත්‍රවාදය මියගිහින්.    අවමගුල 20 වෙනි සෙනසුරාදා   අදුරුවෙලදී.මේ කාලවකවානුව සමගි පෙරමුන රජය දවස පත්‍ර ආයතනය සීල් තියලා  විපක්‍ෂයේ දේශපාලන රැස්වීම් පැවත්වීම වැලක්වීමඅරමුනින් හදිසි නීතිය මෙන්ම අදුරු නීතියත්  පවා යොදාගත් අවධියක් .

මෙන්න ඒ අවමංගල්‍ය දැන්වීම 

O’CRACY – the death Occurred under the tragic Circumstance of D.E.M.O.CRACY, beloved husband ofT. truth. Loving farther of L. I. Bertie, Brother of Faith , Hope and Justitia interred on Saturday 20th ,inst-AraliyaMedura, Panagiyawaththa, Andurwala.

"ඕ.ක්‍රසි - සත්‍යයේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,නිදහසේ දයාබර පියානන්වූද විශ්වාසය ,අපේක්‍ෂාව, හා යුක්තියේ සොහොයොයුරාවූද, පුජාතන්ත්‍රවාදය කනගාටුදායක තත්වයක් යටතේ අභවප්‍රප්තවිය.
භූමදානය 20 වෙනි සෙනසුරාදා සිදුකෙරේ. අරලිය මැදුර පනලියවත්ත,අදුරුවෙල.

මෙම දැන්වීම ලියා පල කර ඇත්තේ දෙහිවල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකුවු රයිලි ප්‍රනාන්දු මහතා. ‍ දැන්වීම නිසා මාධ්‍ය ආයාතන අවමගුල් දැන්වීමක් පලකරන්න මරණ සහතිකය නැත්නම් ග්‍රාමසේවක සහතිකයක් ඉල්ලන පුරුද්දක් ඇති කරගත්තා.

සමගි රජය දියවී යන කම් රයිලි මහත්තයා පොස්ට්මන් දැක්කත් බයෙන් ගැහෙන්න පටන් ගන්නවා කියලා පස්සේ කාලෙක කියලා තිබුනා.



notes of imaginary

2013-03-12

අපේ සිංහයෝ



මට හමුවුන සිංහයෝ හතලිස් පස්දෙනෙක්......


1.       අබේසිංහ
 2.       අමරසිංහ
 3.       ආරියසිංහ
 4.       ඈපාසිංහ
 5.       ඉලේසිංහ
 6.       ඉලංගසිංහ
 7.       එදිරිසිංහ
 8.       ඔබේසිංහ
 9.       කීර්ති සිංහ
 10.   කුමාරසිංහ
 11.   කුලසිංහ
 12.   ගජසිංහ
 13.   ගුණසිංහ
 14.   ගුරුසිංහ
 15.   චූලසිංහ
 16.   ජයසිංහ
 17.   ජාසිංහ
 18.   ධීරසිංහ
 19.   නෙත්තසිංහ
 20.   නිහාල්සිංහ
 21.   ප්‍රේමසිංහ
 22.   බමුණුසිංහ
 23.   මදුරසිංහ
 24.   මධුරුසිංහ
 25.   මදරසිංහ
 26.   මාපාසිංහ
 27.   මානවසිංහ
 28.   රත්නසිංහ
 29.   රාමසිංහ
 30.   රූපසිංහ
 31.   වීරසිංහ
 32.   විජේසිංහ
 33.   වලිසිංහ
 34.   වැදිසිංහ
 35.   වනිගසිංහ
 36.   වික්‍රමසිංහ
 37.   වෙත්තසිංහ
 38.   වනසිංහ
 39.   සමරසිංහ
 40.   සුබසිංහ
 41.   සුදසිංහ
 42.   සුමනසිංහ
 43.   සේරසිංහ
 44.   සතරසිංහ
 45.   සතුරුසිංහ


තවත් සිංහයෝ ඉන්නවානම් මේ කණ්ඩායමටම  එකතු කරන්න. 

මෙන්න තවත් සිංහයෝ මීදුමත් එක්ක ඉන්න සහෘදයෝ එවලා !.

  1. රණසිංහ
  2. ජීරසිංහ
  3. මුණසිංහ
  4. දුණුසිංහ
  5. කොත්තසිංහ






notes of imaginary

2013-03-06

පිලේ පැදුර හේනට අරගෙන යනවා.




 එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා  රටා වියපු අත් දෙක මට සිහිවෙනවා .
 ඉර පායා ඉර අවරට ගියාදෝසද පායා සද අවරට ගියාදෝ
හැඩු කදුළු මුහුදට එක් වුනාදෝ
හැඩු කදුළු මුහුදට එක් වුනාදෝ
ළමා ලපටි නෑනා කොයි ගියදෝ
 ඔබේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
ඔබේ කටින් ගී සීපද අහන්නට
ඔබේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට
 පිලේ පැදුර හේනට අරගෙන එනවා.එලා පැදුර මැස්සේ එහි සැතපෙනවාරටා වියපු අත් දෙක මට සිහිවෙනවා.හිතේ දුකට එතකොට..................
කවි .................................කියවෙනවා.
පිලේ පැදුර හේනට අරගෙන එනවා.
හිතේ දුකට එතකොට කවි කියවෙනවා.
 ආචාර්ය අමරදේවයන්‍ ගේ ගායනයක්.
notes of imaginary

2013-03-01

කුවේණිගේ බඩ පිරවීමට රුපියල් දෙදහක් !.





සතියේ සටහන ලියන්න ඇමති පුත්තු  - ඩීඅයිජී පුත්තුන්ගේ ගැටුම අධ්‍යයනය කරගෙන ඉන්න කොට දිවයිනට  මාධ්‍යවේදී  ඉපලෝගම - ඡේ. බී. ඒකනායක මහත්තයා ලියාපු ප්‍රවෘත්ති වාර්තාවක් දැක්කා. ලොකු ලොකු අලි ඇත්තු පෙම් කෙලින කොට පුංචි පුංචි තණකොල ලදු පොඩි පට්ටම් වෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක මතක් වෙලා ඒකනායක මහත්තයාගේ කතාවට ආරළු බුරළු ටිකක් එකතු කරගෙන  අපේ නායක හාමුදුරුවන්ට වෙච්ච ඇබැද්දියක් සටහනට එකතු කලා.
අහගම්මුකො කතාව.
අපේ හාමුදුරුවන් වැඩ වසන අධිපතිත්වය දරන රජමහා විහාරස්ථානයේ විහාර මණ්දීරය ජරාවාස වෙලා. අපේ හාමුදුරුවන්ට ඕන වුනා විහාර මණ්දීරය පිලිසකර කරලා එකලහක් කර ගන්න.කැඩිලා බිදිලා තියෙන පිලිම අළුත්වැඩියා කරලා බිතු සිතුවම් පුනරුත්ථාපනය කරන්න හිතාගෙන දවසක් දායක සභාව කැදවුවා. කැදවලා අදහස දායක සභාවට ඉදිරිපත් කලා.දායක සභාවත් වැඩේට කැමතිවුනා

බරපැන දායකයෝ බෙදා ගන්නත් හාමුදුරුවන්ට ඔන විදියට  වැඩ රාජකාරි කරන්නත් එකග වෙලා දායක සභාව සතුටින් විසිර ගියා.. මේ වගේ වැඩ වලට ප්‍රසිද්ධ සිත්තර බාස්උන්නැහේ කෙනෙක් ගැන විපරම් කරන කොට සිරිසේන බාස්උන්නැහේ හාමුදුරුවන්ට හදුන්වලා දුන්නේ ශාසනාරක්‍ෂ කමිටුවේ ලේඛකාධිකාරි හාමුදුරුවො.

හාමුදුරුවේ සිරිසේන බාස් උන්නැහේ කැදවලා විහාරගේ වටේ ඇවිදලා පිලිසකර කරන්න ඕනි බිතුසිතුවම් , ්‍රතිමා පෙන්නලා වැඩේ භාරදීලා ගණම් මිණුම් ඇහුවා.බාස්උන්නැහේත්  වැඩේ කරමුකෝ හාමුදුරුවනේ ගණම් හිලව් පස්සේ බැරියකියලා. මම එහෙනම් බ්‍රහස්පතින්දා වැඩ පටන් ගන්නත් එක්ක බඩු භාහිරාදියත් අරන් එන්නම් කියලා හාමුදුරුවන්ගෙන් එදාට සමුගත්තා.

හරියටම සිරිසේන බාස්උන්නැහේ කිව්වත් වගේ බ්‍රහස්පතින්දා උදෙන්ම ඇවිත් වැඩ පටන් ගත්තා. අත්තිකාරමක්  ඉල්ලන්නේ නැතිවම වැඩේ කරගෙන ගිය සිරිසේන බාස් උන්නැහේ සතියක් දෙකක් යන කොට වැඩේ නිමාවක් දැක්කා. අපේ හාමුදුරුවොත් වාලෙන් පල්ලෙන් බුදුගේ පිබිදෙන හැටි සන්නෝෂයෙන් අධීක්‍ෂණය කලා.වැඩේ එවර වෙන්න දවසක් දෙකක් තියෙද්දී අපේ හාමුදුරුවේ ඇහුවා සිරිසේන බාස්උන්නැහේ දැන්වත් කියමුකෝ බර පැන.?” කියලා.

අපේ හාමුදුරුවනේ  මම ගෙනාවේ ඉස්තරම්ම තීන්ත , වැලි හුණු සිමෙන්ති  ඔය ඔක්කොමත් එක්ක මගේ කුලියත් බලලා රුපියල් දාහත් දාස් පන්සීයයක් දෙන්නකෝ කියලා හාමුදුරුවන්ට උත්තර බැන්දා. හාමුදුරුවන්ට හරි සතුටුයිවිහාරගේත් අලංකාරෙට නිම වෙලා ගානත් සාධාරනයි .

සිරිසේන බාස් උන්නැහේ ,  මට දායක සභාවට පේන්නලා වියදම අනුමත කරගන්නත් එපාය ඔන්න ඔය සවිස්තර වාර්තාවක් හදලා දෙන්නකෝ හාමුදුරුවෝ සිරිසේන බාස්උන්නැහේගේ හිත නොරිදෙන්නත් එක්ක කිව්වා.  “හොදමයි අපේ හාමුදුරුවනේ අපේ ලොකු කොළුට කියලා මම හෙට උදේ ලියාගෙන එන්නම් කියලා  සිරිසේන බාස්උන්නැහේ පොරොන්දු වුනා.

පහුවෙනිදා උදේ කවරේක දාපු මිළ ගණන්  ඇස්තමේන්තුව අපේ හාමුදුරුවන්නට බාරදුන්න සිරිසේන බාස් උන්නැහේ අඩුපාඩු පිළිසකර කරන්න විහාර මණ්දීරයට ගියා. හාමුදුරුවෝ මිල ගනන් ඇස්තමේන්තුව කියවන්න ගත්තා.

රජමහා විහාරයේ විහාරගෙය ප්‍රතිසංස්කරණය කිරීම

1.      ජූතක බමුණාගේ තුවාලය සුද්දකර සැරව දැමීම
1000.00
2.      යසෝදරා දේවියගේ ඉරීගිය තණ පොට නැවත ඇන්දවීම
5000.00
3.      අංගුලිමාලගේ කඩුව මුවහත් කිරීම
2500.00
4.      අජාසත්තගේ දණහිස්වලට මස්දැමීම
3000.00
5.      කුවේණිගේ බඩ පිරවීම
2000.00
6.      චිංචි මානවිකාවගේ බඩට දර දැමීම
4000.00
සම්පුර්ණ වියදම
17500.00

අපේ හාමුදුරුවෝ දායක සභාවට මිළ ගණන් ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්න දායක සභාව රැස්කරගන්න කල් තියෙනවා. එතකොට බාසුන්නැහේට සල්ලි පරක්කු වෙයි”   කියලා කියන ගමන්  , එදා හවස සිරිසේන බාස්උන්නැහේට රු 17500/= දුන්නේ උන්නැහේ ට පින් අණුමෝදන් කරමින්.

අපේ හාමුදුරුවෝ වැඩ ඇස්තමේන්තුව අනුමතකරගන්න දායක සභාවට ඉදිරිපත් කල බවක් නම් තාම ආරංචි නැහැ.



notes of imaginary

2013-02-24

ගහමුද පොඩි අඩියක් ! .



අඩිය පොඩියෙන් පටන් අරන් බඩ ගාගෙන යන අපේ උදවියට , අඩිය ගහන්න ඉදගත්ත තැන මතක නැති  වෙනකම් අඩි ගහන්න පුළුවන් .අද අපේ රටේ සම්භාවණිය පුරවැසියන් කියලා හිතන්න පුළුවන් මේ අඩි ගහන උදවිය. රටේ සංවර්ධණය උදෙසා වැඩිම බදු මුදලක් ගෙවන්නේ මේ උදවිය නිසා. ආදායම් බදු දෙපාර්තමේන්තුව උපයන්නන්ගෙන් බදු අයකරන ආදායම් සීමාවක් තියෙනවා.මත්පැන් බොන උදවියගෙන් එහෙම සීමාවක් නැහැ.කුලියක් මලියක් කරලා  හවසට මිට මොලවා ගන්නා රු600/=ක් වගේ පුංචි මුදලෙන් ඇගේ අමාරුවට කියලා අරක්කු කාලක් බොන්න රුපියල් දෙසිය පනහක්ම වියදම් කරන අය ආණ්ඩුවට රුපියල් එකසිය අසූවක්ම බදු ගෙවනවා.දික තිහම කඹුරලා මාසික ආදායම රුපියල් 18000/= හොයාගත්තා කියමුකෝ. මේ මනුස්සයා 5400/= ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් පාරවල් හදන්න  ණයට ගත්ත මුදල්වලට පොලිය ගෙවන්න දායක වෙලා. ඉතින් මේ මිනිස්සු සම්භාවණිය පුරවැසියන් නෙමෙයිද ?.අනිත් පැත්තෙන් බාර් වහලා දාන්න පුළුවන්ද?.
ගෙවී යන සතියේ මාතෘකාවෙලා තිබුනා ශ්‍රී දළදා මාලිගාව අවට ඇති මත්පැන් අලෙවිසල් වහාම වසා දමන ලෙස ඉල්ලමින් බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා විසින් උද්ඝෝෂණයක්‌ ආරම්භ කරලා තිබෙන බව.  නිත්‍යානුකූල බලපත්‍ර සහිතව පවත්වාගෙන යන බාර් 9 ක්‌ දළදා මාළිගය අවට !.  

බහුතර බෞද්ධ ජනගහනයක් සිටින රටක ඒ බෞද්ධයන්    අති උතුම් සිද්ධස්ථානයක් ලෙස සලකන ශ්‍රී දළදා මාළිගය අවට මත්පැන්හල් අරින්නට අවසර ලැබෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන්.
මේවා වහන්න කියලා උද්ඝෝෂණය කලත් සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්තුමාට ඒ වැඩේ කරන්න බැහැ. බාර් අයිතිකාරයෝ අපොයි මගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කලා කියලා සුරා බදු කොමසාරිස් තුමාට එරෙහිව අධිකරණයට යාවි.

සුරාබදු කොමසාරිස්තුමා ට මත්පැන් බලපත්‍රයක් ඉල්ලුවිට නිකුත්කරන්න  සුදුසුකම් මාලාවක් පනතේ  තියෙනවා ඔය පාරේ අයිනේ “වයින් ස්ටෝර්ස් “කියලා අටවගෙන බෝතල් පිටින්ම විකුණන්න බලයලත් ස්ථාන වලට ( මේවා අහලින් යන්න බෑ බෝතල් කඩලත් විකුණලා වෙරි කාරයෝ පාර පුරාම වැනෙනවා.) වර්ග අබි 250ක බිම් කොටසක් ඉදිවුන ගොඩනැගිල්ලක්  තිබුනහම ඇති.  තවත් තියෙනවා බෙදා වෙන් කර අළවි කරන්න පුළුවන් වගේ බලපත්‍රයක් නිකුත් කරපු  වෙළද ස්ථාණ. මේවායේ බෝර්ඩ් ලෑල්ලේ “ රෙස්ටෝරන්ට්” කියලා ගහලා තියෙනවා මේවට වර්ග අඩි 500ක ගොඩනැගිල්ලක් ඕනි.

පාසල් ප්‍රසිද්ධ ස්ථාන පූජනීය ස්ථාන අතර මත්පැන්හලක් පිහිටිය යුතු දුර ප්‍රමාණය අතර කොන්දේසී තියෙනවා.
 මත්පැන් හල තුලදී පරිභෝජනය නොකරන්නේනම් - පාසල් ප්‍රසිද්ධ ස්ථාන පූජනීය ස්ථාන වැනි තැන් වලින් මීටර 100 ක්වත් දුරින් මත්පැන් හල් පිහිටිය යුතුය.
මත්පැන් හලේදීම පරිභෝජනය කිරීමේදී - පාසල් ප්‍රසිද්ධ ස්ථාන පූජනීය ස්ථාන වැනි තැන් වලින් මීටර 500 ටවත් දුරින් මත්පැන් හල් පිහිටිය යුතුය.
සැලකිය යුතුයි!.
අවුරුදු 10 ක් හෝ ඊට වැඩි කාලයක් පවත්වාගෙන යනු ලබන මත්පැන් හල සම්බන්ධව ඉහත සඳහන් කරුනු සුරාබදු කොමසාරිස්තුමා ට අදාල වෙන්නේ නෑ.
සුරාබදු කොමසාරිස් තුමා සෑහීමකට පත්වේ නම් හා මත්පැන් විකිණීම සම්බන්ධව පොදු ජනයාගේ විරුද්ධත්වයක් නොමැති නම් බලපත්‍රය නිකුත් කරනවා.
සුරාබදු කොමසාරිස්තුමා මේ    ප්‍රශ්ණය මෙහෙම තවත් ලිහිල් කරලා තියෙනවා.

පූජනීය ස්ථාන පාසල් වැනි තැන් අදාල මත්පැන් හල ඉදිවීමට පසුව ඉදිවුනේ නම් හා ඵ් පිළිබඳව සුරාබදු කොමසාරිස් තුමා සෑහීමකට පත්වේ නම් සුරාබදු කොමසාරිස්තුමා ට ඉහත සදහන් කරුණු අදාල වෙන්නේ නෑ.

බලපත්‍ර නිකුත්  කර ඇත්තේ සංචාරක මණ්ඩලය මගින් අනුමත කරන ලද හොටල් අවන්හල් සඳහා නම්.  
බලපත්‍ර  නිකුත් කර ඇත්තේ සමාජ ශාලා වැනි මත්පැන් පමණක් අලෙවි කරන ස්ථානයක් සඳහා නම් බලපත්‍රයක් නිකුත් නොකිරීමට ඉහත සඳහන් තොරතුරු අදාළ වන්නේ නෑ.

සිල්ලරට මත්පැන් විකුණන්නන් සඳහා, පොදු වෙළඳ සල්, සිල්ලර කඩ වල බලය පැවරීමට රජයේ පිළිගත් විගනන ආයතනයක් මගින් හෝ ආදායම් පරිපාලන දෙපාර්තමේන්තුව මගින්, අදාල ඉල්ලුම් කළ ආයතනය පසුගිය අවුරුද්ද වෙනුවෙන් රුපියල් මිලියන 72 කට වැඩි මුදලක ආදායමක් ඇති බවට තහවුරු කළ විට සුපර් මාකට් වලට ද බලපත්‍රයක් නිකුත් කිරීමට සුරාබදු කොමසාරිස් තුමා ට බලය ලැබේ.
 මේ වැඩේට දේශපාලකතුමෙක් අතගහපුවහම ලිහිල්වු කොන්දේසී යටතේ දළදා මාළිගාවේ විතරක් නෙමෙයි ශ්‍රී පාදස්ථානයෙත් බලපත්‍ර සහිත මත්පැන්හල් අවහිරයක් නැතිව විවෘත වෙනවා. බලපත්‍රලාභියාගේ  පින්තූරය එල්ලන තැන බුදුහාමුදුරුවන්ගේ පින්තුරයකුත් එල්ලා ගන්නවා.
  notes of imaginary