අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day of the life

Recent Comments

නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්‍රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.

නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.

ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලදී.

1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.

ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.

නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?

1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.

එම විෂය ක්ෂේත්‍ර වන්නේ,

භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.

1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

Random Post

Friday, August 12, 2011
no image

8/12/2011 07:25:00 am

ටයි කෝට් ඇද ගත්ත මහත්තුරුත් ගල් යුගයෙනුත් එහාට යනවා. දියුණු සමාජයක මේ වගේ දේවල් වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ. මේවා අනුගමනය කරන සූපවේද...

Read more »
Wednesday, August 03, 2011
සුලං කුරුල්ලෝ  හෙමින් ඉගිල්ලී

8/03/2011 09:59:00 pm

මා තර දිස්ත්‍රික්කයේ ‍කොටපලට ආසන්නයේ ගැටබරුව රජ මහා විහාරය පිහිටයි. කොටපල දෙණියාය ගාල්ල මාර්ගයේ   පිහිටි ග්‍රාමීය නගරයකි. සිංහරාජ වනාන්ත...

Read more »
Tuesday, August 02, 2011
ඔබ එන්න ඇවිත් යන්න එන්න

8/02/2011 08:57:00 pm

ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න සෞම්‍ය සද සේම - මට රූසිරි බෝමා සන්සුන් ගමනේ-  රෑ සිරි බෝමා  ආදරේ නොකියා -  ඉන්නේ කෝමා මගේ රන්කදට -  මං ආදරේයි....

Read more »
Thursday, July 28, 2011
Monday, July 25, 2011
රැජින මමයි -අපේ රාජ්ජේ

7/25/2011 09:47:00 am

ලෙස්ටර් ගේ සංදේශය චිත්‍රපටියට ඇතුලත්වු මේ ගීතය සමග පෙන්වන කදුයායයේ දර්ශන  කරුනාරත්න දිවුල්ගනේ ගයන "සමනලවැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා බස...

Read more »
Saturday, July 23, 2011
ලෙස්ටර්ගේ සංදේශය

7/23/2011 07:14:00 pm
2

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලෙස්ටර් සහ විලියම් බ්ලෙක්  ආනන්ද ජයරත්න සමග කාන්ති ගුණතුංග මී දුම ප්‍රාථමික පාසල් සිසුවකුවු අවධියේ...

Read more »
Monday, July 18, 2011
නියගය සමග  සවන්  දෙන්න.

7/18/2011 09:35:00 pm

මේ සමනලවැව අද දර්ශණ කිහිපයක්. සමනල වැව පුරවන්න ගලා බසින්නේ  වළවේ ගගයි බෙලිහුල්ඔයයි. මැයි මාසේ ඉදන් ඇති වියලි කාලගුණික තත්වය නිසා මේ...

Read more »