රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2017-09-07

පොටිච්ච වැල්.


මම ඔහු දන්නේ “ආරි”  නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය....කෙනෙකු විය හැක. “ආරි .........” ට පෙලපත් නමක්ද තිබුනා විය හැක.මේ කිසිවකින් ඔහු නිසි ලෙසකින් හැදිනගත නොහැකිවු අතර“ ආරි ” -  “ ශිල්ප ආරි ” ලෙසින්  ප්‍රදේශවාසීන් අතර ප්‍රකට චරිතයක් විය.ඔහු කෙනෙකු “ ශිල්පයා ” ලෙසද හැදින්විය.

“ශිල්පයා ” .....උගතෙකු නොවීය. කුලියක් මලියක් කරමින් කීයක් හෝ සොයා ගෙන දවස ගෙවු  ඔහු නිතරම බීමතින් සිටියේය. කුලියක් මලියක් නොලැබුනදාට “ කිසියම් ශිල්පයක් දක්වා ගතමනාව සොයාගන්නා ඔහු එය නිල හෝ නිල නොවන මත්පැන් සදහා දිය කර හරින ලද්දේය.නැතිවු හරකෙකු හෝ වත්තක භව භෝගයක් ගැන විපරම් කරන ගැමියෙකු හට නිතතින්ම ශිල්පයා ද සිහිවිය.ගම් ප්‍රදේශයේ ඇලක දොලක මසුන් හට ජීවත්වීමේ අයිතියපිළිබද  තීරකයාද ශිල්පයා ම විය.

පනස් වන වියේදී පමණ කිසියම් අබග්ගයකින් එක් පාදයක අස්ථියක් බිදී කිහිලි කරුවක ආධාරය පතන්නට ඉතිරි ජීවිත කාලයේදී ඔහුට සිදුවිය. එක් රැයක එකට කා බී නිදාගත් සගයෙකු විසින් ඒ කිහිලි කරුවම ගෙලට සිරකිරීම නිසා ශිල්පයක් නොදක්වාම ශිල්පයා මිය පරලොව ගියාය.

ශිල්පයා වට කොට කරගත් ගෙතුන සත්‍ය කතා අපමනය. නිතරම උරයක් ( ගෝණියක් ) කරෙ ඇති ශිල්පයා ගමේ ඇවිදගෙන යන අතර එක් ගැමි ගෙදර වත්තක ඔහුගේ දවසේ වියදම තියෙනු දුටුවේය.කඩුල්ල පාමුල උරය තබා ගෙට ගොඩ වැදුන ඔහුට නිවසි මහළු කාන්තාව පමනක් සිටිනු දක්නට ලැබුනේය.
ආ ගිය කතා අතර තේ උගුරක්ද බී “ නැන්දේ  බෙහෙතක් සොගෙන ආවේ. මේ වත්තේ එහෙම නැද්ද “ පොටිච්ච වැල් ”
අනේ මන්දා ළමයෝ මම දන්න “ පොටිච්ච වැලක් ” නෑ තියෙනවා නම් හොගෙන පලයන් නැන්දා උත්තර බැන්දේය.
නැන්දා ගෙන් සමුගත් ශිල්පයා අවසරද ලැබුන බැවින් බිය සැකකින් තොරව වත්ත පහලට ගියේය . පොටිච්ච වැල් වලින් උරය පුරවා ගෙන  ඉක්මන් ගමනින් ඉඩමෙන් පසු බැස්සේය.
වත්ත පහල වැටී තිබු පොල් ටික අහිමි කර ගත් නැන්දා පොටිච්ච වැල් ඖෂධයට යොදා ගන්නා රෝගය  කුමක්දැයි කල්පනා කරන්නට විය.



notes of imaginary