රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2024-06-12

නස්රුදීන්ගේ කතාවක්.



ජනාධිපතිවරණයක් ගැනකතා කරමින් සිටින කාලයක්. එක ඒක්කෙනාගේ පොරොන්දු තමන් සිටින වේදිකාවට ගැලපෙන ලෙස මුදා හරිනවා. උතුරේදී 13 ,උතුර සංවර්ධණය කරන අයුරු කියන කටවල් දකුනේදී ඒ් මාතෘකා ගැන නිහඩවනවා. වතුකරයට වැඩි පඩි ,සතියේ දවස් හතක් වැඩ , නිවාස දෙන කථිකයෝ දකුනේදී අධ්යාපනය ,සෞඛ්ය ප්රවාහනය වැනි දේවල් සංවර්ධනය කරනවා

මට නස්රුදීන් මතක් වුනා. නස්රුදීන් විශාල එළවළු ගෝණියක් බැරි බර ගාතේ කර තියාගෙන නිවස දෙසට ගමන් කරමින් සිටියා. ඔහු ඉදිරියට  මුණගැසුන අයෙක්

ඇයි මේ තනියම ලොකු ගෝණියක් කර තබා ගෙන ?. මාත් උදව් කරන්නම්.

දෙන්න මම උසුලා ගෙන යන්නම්.

කියා නස්රුදින් ගෙන් එළවළු ගෝණිය ඉල්ලුවා.

අනේ බොහෝම ස්තුතියි.

අපේ ගෙදර තව ටික දුරයි. මට ගෙදර ගාවට ගෙනත් දෙන්න.

කොච්චර දෙයක්ද නස්රුදීන් කීවා.

නස්රුදීන් බොහෝම සතුටින් තමන්ගේ බර මගියා කර පැටෙව්වා. මගියා හිතුවාට වඩා ගෝණිය බරයි. ටික වෙලාවක් ගමන් කරන විට විඩාව දැනෙන්න පටන් ගත්තා.

නස්රුදීන් මේ තත්වය කලින් අවබෝධ කර ගෙන සිටියේ.

 ඔහු ඉක්මන් ගමනින් ඉදිරියෙන් ගියා.

මගියා වෙහෙසටත් ,කම්පනයටත් කෝපයටත් පත්වුනා. මේ මිනිහා මගේ කරට බර පටවලා යන හැටි ?.

අඩිය ඉක්මන් කර නස්රුදීන් හා සමපාත වෙන්න උත්සාහකලත් ඒ බව තේරුම් ගත් නස්රුදීන් ඊට ඉඩ තිබ්බේ නැහැ.

 

ටික වේලාවකට පසු, ගියා ම උත්සහාය අත්හැර දමා ගෝණිය බිම තබා පාරේ වාඩි වුනේ හුස්ම හිර වී වෙහෙසට පත් වූ බැවින්. එවිටම නස්රුදීන්  පාලනය කරගත නොහැකි ලෙස සිනාසෙන්න පටන් ගත්තා.

"ඇයි ඔයා එහෙම කලේ?" ගියා  විඩාවෙන්  සහ කේන්තියෙන් නස්රුදීන් ගෙන්  ඇහුවා.

නස්රුදීන් සිනහ වෙමින්  ,තද සිනහව නිසා ආ කඳුළු පිසදමමින්

"මට අවශ වූයේ සමහර විට අප දරන බර , ඔබ  සිතන තරම් බර නොවන බව පෙන්වීමටයි .  

අපගේ වගකීම අන් අයට කිරීමට ඉඩ නොදී අපේම බර උසුලන එක වඩාත් සුදුසුය." නේද ? කියා මගියාගෙන් ඇහුවා.

 තවමත් කලකිරුණු මිනිසාට නස්රුදීන්ගේ  ප්රඥාවට  සිනහා නොවී සිටීමට නොහැකි ුනා.

දා ඉදන් , යමෙකු අධික බරක් සමඟ පොරබදමින් සිටිනු දුටු විට, ඔහු නස්රුදීන්ගේ පාඩම සිහිපත් කර වඩාත් කල්පනාකාරී ආකාරයකින් උදව් කිරීමට ඉදිරිපත් විය.

අනුන්ගේ බර කරට ගන්න යන කොට වඩාත් කල්පනාකාරීවෙන්න ඕන. බැරි බර කරට ගත්තොත් ගෝඨාට වෙච්ච දේ කතා දාන අයටත්  සිද්ධවෙයි කියලා මට හිතුනා.

A day in the life