රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2024-03-14

නුඹ ඉතිරි කර ගිය සුවඳ .







සාමාන්‍ය ගැහැණියකට වාතයක් ගිය විටදී 
ඇය, වාතයක් ගියා ටොයිලට් එකට යන්න ඕන...
බුකියේ කිවිඳියක් කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට වාතයක් ගිය විටදී ඇය, වාතයක් ගියා මේ ගැන කවියක් ලියන්න ඕන...

මෙතෙක් කලක් මගේ තුල
නිදන් ව සිටි නුඹ...
මටත් නොකියාම දොරකඩට විත්
දෑල ඉවුරු දෙදරවමින්
නික්ම ගිය බව
ලොවට කියන්නේ කෙලෙසකද...

එබැවින් ලොවට සඟවමි
නුඹ නික්ම ගිය වග
පෑල දොරින්...
එහෙත් සබඳ නුඹ ගියද
නුඹ ඉතිරි කර ගිය සුවඳ
තවමත් මා අසලමයි...

පෝස්ට් එක දැමු පසු සෙවලයන්ගේ කමෙන්ට් ටික..
ෂා නංගියෝ, හැරගිය පෙමේවතා ගැන නේද ලියලා තියෙන්නේ...
ලස්සනයි සොයුරිය...
සුන්දරයි කිවිඳිය නූතන ගජමන් නෝනා නුඹමයැ...

ටිකකින් ඉන්බොක්ස් එකට...
නංගි කවිය පුද්ගලික අත්දැකීමක් ගැනද ලිවුවේ...
පුද්ගලික අත්දැකීම් දාන්න එපා මේ බුකිය විෂමයි, හිතේ දුකක් තියනවනං කියන්න...
දිගටම යන චැට් එක...
නංගියෝ ලස්සන කවිය...
ස්තුතියි අයියා...
දිගටම ලියන්න...
හ්ම්...

ඔය වගේ අත්දැකීම් ගොඩක් ඇති නේද විරහව ගැන...
ඔවු අයියා හැමදාම වගේ ...
ඒකනේ ඒ සේරම එකතු කරලා පොතක් ගහමු...
පොතකට නම් එකතු කරන්න බෑ අයියා බැලුමකට වගේ නම් එකතු කරන්න පුලුවන් වෙයි...
නංගි හරි විහිලුනේ... සැහැල්ලුවෙන් ඉන්නවා නේද...
හ්ම්...

(දනුෂ්ක කාංචන ජයවීර මහතාගේ කතාවක් 
ස්තුතියි
A day in the life