රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2012-01-28

සැගවුන අමුත්තෝ 1

කුඩා කෘමියෙක් පරිසරයට ගැලපෙන සේ ස්වභාව ධර්මයා විසින් ම පැහැ ගන්වා ඇති අන්දම
කොළ රොඩු අතර සිටින සර්පයා හදුනා ගත හැකිද ?.

සළඹයා  හදුනාගන්න.

ගල්පර මතු පිට හුනෙක්.


ගසේ කදයි මේ සලඹයයි වෙන් කර හදුනා ගත හැකිද ?.

දම් පැහැ ගෙම්බා සොයන්න

දිරා ගිය කොළ අතර සිටින සළඹයෙක්

දිරා ගිය කොළ අතර සිටින තණකොල පෙත්තා.


මේ පින්තූර 26ක එකතුව මිත්‍රයෙකු විසින් මිදුම ගේ විද්‍යුත් තැපෑලට යොමු කරන ලද්දකි. ඔහුට ස්තුති කරන අතර මෙම පින්තුර පෙල  යොමු කල  පරිද්දෙන්ම  පලකරනුයේ  මිදුම කියවන පාඨකයන් හටද එම පින්තුරවල ඇති චමත්කාරයට වඩා යමක් ඇතැයි සිතන බැවිනි. මේ පුර්විකාව සහ පින්තුර සමග  පලවන  උධෘතද  මිත්‍රයාගේම සටහන් බව මීදුම නිහතමානීව සදහන් කරයි.

 “.......................................සත්තු විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් යුක්ත වෙති. සතුරන්ගෙන් සැගැවී ආරක්ෂා වීමටත් සැගැවී ගොදුරු ඩැහැ ගැනීමටත් ඔවුනට තම ශරීර වර්ණය බෙහෙවින් මහෝපකාරී වෙයි. කටුස්සෝ තම සිටින ස්ථානය අනුව වර්ණය වෙනස්කැර ගැනීමට සමත්කම් දක්වති. බොහෝ සත්තු තම ශරීර වර්ණයට ගැලපෙන ස්ථානය සොය සැගැවී සිටිති. ඇතැම් සත්තු අවට පරිසර පද්ධතියට ආවේණික වෙති. ඔවුන්ට උපතින්ම එම පරිසර පද්ධතියේ වර්ණයම ලැබී ඇත. බොහෝ විට මෙවැනි සතුන් පරිසරයෙන් වෙනකැර හඳුනාගැනීම අතිශය අසීරු කාර්යයකි........................”

මෙතැන් සිට පින්තුර හය බැගින් කොටස් හතරකට  මෙම පින්තූර පෙල පලවන අතර අද පලවන්නේ මුල් පින්තූර අටයි.