ජනාධිපතිවරණයේදී සියළු ජයග්‍රහණ සාධක රනිල් දෙසට යොමුව තිබියදී මහින්ද ජයග්‍රහණය කරවීමට ජනතාව පෙල ගැස්වු ජනතා විමුක්ති පෙරමුණ රට මුදවාගැණිමේ මගට යොමු වන විට මහින්ද දඩුකදේ ගැසීමේ ස්ථාවරයකට මාරුවිය.එයින් අස්ථාවර තත්වයකට පත්වු ආණ්ඩුව කප්පන් ගෙවමින් එජාපයේ පිරිසක් රජයව එක්කර ගැණිමටත් විමල් වීරවංශ පිරිස ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වීමත් සිදුවිය. ජනතා විමුක්ති පෙරමුණ පසුකාලය වන විට එජාපයේ න්‍යාපත්‍රයකට කටයුතු කරනබවක් විද්‍යාමාන කල බවක් හැගෙන්නට විය.
විවිධ කන්ඩායම් රජයට එක්ව රජය ශක්තිමත් වුවත් ජනතා විමුක්ති පෙරමුණ රජය සමග කටයුතු කලානම් මෙතරම් විශාල ඇමතිවරු සංඛ්‍යාවක් අපට පාර්ලිමේන්තුව තුල හමුනොවන්ට බෝහෝ විට ඉඩ නිර්මාණය වන්නට තිබිණි. ජනතා විමුක්ති පෙරමුනේ මතවාදයන් සමග ශ්‍රීලනිප මතවාදයන් පෑහෙන්නේ නැතිවුවත් කවුරුත් එක්ව කපා ගත් මාර්ගයේ යාමට පෙලගැසීම ජනතාවට සාධාරනවුවකි. ජනතා විමුක්ති පෙරමුණට එය කල නොහැකි විය. ඔවුන් ස්වභාවයෙන්ම දැඩි මතධාරීන් වීම සහ සාධාරණව එකගවීමට මැලිකමක් දක්වන බවක් මම දකිනා දුර්වල කමක් ලෙස සදහන් කල යුතුය.
උදාහරණයක් ලෙස ලෝක බැංකුවේ ප්ලග් එක ගලවන්න යෝජනා කිරීම ප්‍රායෝගිකව සලකා බලමු. මෙලෙස කියන න්‍යායචාරීන් තමන්ගේ නිවස ඉදිකරන්න නිවාස ණය රැගෙන ඇත. ගමන් බිමන් යන්න රැගෙන තියෙන යතුරු පැදිය කුඩා මෝටර් රථයේ සිට ඩබල් කැබ් රථයට දක්වා ලීසිං පහසුකම් ලබා ගෙන ඇත.ඉතින් රටක් ගොඩ නගන්න ලෝක බැංකුවේ ප්ලග් එක ගලවා පුළුවන්ද ?.( මේ ඇත්තන්ගෙන් සමහරෙක් දැන්නම් ප්ලග් එක ගලවා බැරි බව තේරුම් අරගෙන ඇත )
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රායෝගික දේශපාලනයට කවදා එයිද ?.
එදාට යලිත් ජය නියතය.











