ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
3 comments:
සහතික ඇත්ත.
සිරස ට, ලසන්තලා ට ඉහළින් ක්‍රියාත්මක වන ඔවුන් පාලනය කළ බලවේගයක්, එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දැමීමේ න්‍යායය යොදා ගෙන, ආණ්ඩුව අපහසු තාවය ට ද ගක් කිරීමේ අරමුණින් මේවා කළ බවයි මගෙත් හැඟීම.
---
කවුරු හරි කියවල තියනවද "ආර්ථික ඝාතකයෙකු ගේ පාපොච්ඡාරණය" කියල පොතක් ? එහි මුල් ලිපි ටිකක් පසුගිය කාලයේ "ඉරිදා ලංකාදීප" යේ පළ වුනා. ඒක කියෙවුවා නම්, ලංකාවේ දැන් මේ රඟ දක්වන නාට්‍යය ට හොඳ පැහැදිළි කිරීමක් අපිට ලබා ගත හැකි වනු ඇති.
වහෙන් ඔරෝ නැතුව කියමුකෝ බලන්ඩ මහ දවල් දෙනෝ දාහක් මැද්දේ හමුද මුර පොළවල් ගානකින් බේරිලා මොටර් සයිකල් හතරකින් ඇවිත් සංකීර්ණ හඬ පිට නොවන අවි ආයුද වලින් කිසිම බයක් සැකක් නැතුව ලසන්ත වික්‍රමතුංග එලොව යැව්වේ කවුද කියලා. කොටි වෙන්ඩැ සමහරවිට.
අනික් අතට ආණ්ඩුව කියන්නේ ආණ්ඩුවම නෙවේනේ. ඕක ඇතුලෙත් බෙදීම් තියෙනවනේ. ආණ්ඩුවේ හැමෝම ඊලඟ චන්දෙට යන්නෙත් නෑනේ.
ලොක්කට මේ අසීරු අවස්තාවේ පොඩි සප් එකක් දීම යහපත්. ඒ වුනාට මෝඩ විදියටම කඩේ යන්න ඕනේද?
මහත්තයෝ, මේ සිදුවීම් ආණ්ඩුවේ ගිණුමට බැර වෙන්නේ ජනාධිපතිතුමා සාටකයෙන් කට බැඳගෙන, සරම කැහපට ගහගෙන මෝටර් සයිකලයක පිටුපස වාඩිවී ගොස් ලසන්තට වෙඩි තිබ්බාය යන පටු අර්ථයෙන් නොවේ. ලසන්ත ජනාධිපතිතුමාගේ හොඳම මිතුරකු බවත් ඔහු මෙවැන්නක් කෙරෙව්වාය කියා කිසිසේත් හිතන්නට බැරි බවත් කියන්නේ වික්ටර් අයිවන්ය. එය 100% ඇත්තකැයි මම සිතමි.
කවුරු කළත් ලසන්ත ඝාතනය වන්නේ මහින්ද විසින් තම පැවත්ම උදෙසා නිර්මාණය කරණ ලද යුද උන්මාදය තුළය. ඔහු මරා දැමීමට තවත් බොහෝ දෙනාට උවමනාව තිබුනත් එය නොකළ හැකි වුයේ එබඳු අවදානමක් ගන්නට තරම් පරිසරයක් නොවූ බැවිනි. අද මේ යුදෝන්මාදී පරිසරය තූළ එක්තරා පිරිසක් කරන ඕනෑම ක්‍රියාවක් ප්‍රශ්න නොකොට පිළිගන්නට සමාජයට බල කරයි. අගවිනිසුරුතුමාට පවා එවන් සමාජ ආරක්ෂාවක් නැත. ආණ්ඩුවත් මහින්දත් වගකිව යුතු වන්නේ එබඳු පරිසරයක් නිර්මාණය කිරීම ගැනය. (කිසිම සාක්කියක් නැතිව පූර්ව නිගමන වලට බැස ආණ්ඩුවට සුදුහුනු ගාන බ්ලොග් ලියවෙන්නේද එබඳු පරිසරයකය )
මේ වගකීමෙන් ආණ්ඩුවට මිදිය හැකි එකම මාර්ගය සිද්ධියට වග කිවයුත්තන් සොයා අධිකරණයට ඉදිරිපත් කිරීමය. එය සිදුවනතුරු මේ සියල්ල ආණ්ඩුවේ ගිණුමට ඉබේ බැරවෙයි.
මේ නිසා අපවාදයෙන් බේරීමේ යතුර ඇත්තේ ආණ්ඩුව අතය. අනුන්ට දොස් නඟා පලක් නැත. පදනමක් නැතිව කියන කුමන්ත්‍රණ ගොන් කතා වලට සිනා විය යුත්තේ කටින් නොවේ.
Post a Comment