පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2009-05-26

ජයග්‍රහණය පසුතැවිල්ලක්ව.





මීදුම සටහනක් තබන්නට පසුගිය කාලයම උත්සහාකලත් සිතිවිලි කටු සටහන තුලම සටහන්වී අසම්පූර්නව මකා දමන්නට අකාරුණික විය.පෞද්ගලික හේතුවක් නිශ්චිත නැති වුවද ජීවිතය කැළබී ඇති බවක් මනස ආකූල ව්‍යෘකූල වී ඇති බවක් දැනෙන්ට විය. මා වටා ගම් කිහිපයක දූ දරුවෝ සියයකට ආසන්න පිරිසක් හමුදා සේවයට එක්වී ඇත. මින් බොහෝ දෙනෙකුට හමුදාවට බැදීමට පුර්ව සුදුසුකම් සපයා ගැණීමට මට උපකාර කිරීමට සිදුවිය.මින් දහදෙනෙකුන් පමන විටින් විට පසු ගිය අසීරු ආක්‍රමික සමයේ තම ජීවිතය අප වෙනුවෙන් පුද කලාය.මේ විරුවන් මිහිදන්වු සොහොන් බිමේ තනිවු මා හැම විටම වගඋත්තර කරුවෙකුව කදුළු සැළුවාය.ඔවුන්ගේ ජීවිත නිරර්ථක වෑයමක් උදෙසා මිහිදන් වූවාද? යන්න ප්‍රශ්නයක්ව ඉතිරි කර ගත්තාය.

ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවෙන් ජීවිතය අතහැර මිහිතලය සිපගත් පසු යලිත් ජීවිතය මා සොයා එන්නට පටන් ගත් සෙයක් දැනෙමින් පැවතීම යම් ආනන්දයක් විය.
මේ දැන් දකින්නේ තැන තැන කැවුම් කිරිබත් ‍ මහ මග පිසමින් බෙදා හදාගන්නා උද්වේග කර ජනතාවය. මහ මග පා පැදි, ත්‍රී රෝද , වැනි නන් රිය වල නැගී නොතේරෙන නොගැලෙපෙන සටන් පාඨ කියමින් බෙරිසන් දෙමින් යන හූදී ජනයාය. මොවුන් මෙහෙයන වන ගම් වැදි දේශපාලන බට්ටන්ට වීරයන්ව සිහිපත්ව ඇත්තේ මේ මානුෂික මෙහෙයුමේ සැබෑ වීරයන් වු ගමේ සිට හමුදා සේවයට එක්වු ගිනියම්වු අව්ව, ධාරානිපාත වැස්ස නොහදුනන වැලිතලා මඩ වගුරු කලපු පියමන් කල සහෝදර සහෝදරියන් හෝ ඔවුන් රටට ජාතියට දායාද කල මව්වරුන් පියවරුන් නොව ජනාධිපති තුමාය.
අවිවාදයෙන්ම එතුමා අපේ කාලයේ සැබෑ වීරයාය. නියමුවාය. අපේ සිත සතන් යාවජීව ව එතුමන් හැර නොයනු ඇත.

ඒත් ගමේ එකා පලමුව පෙරහැරෙන් ගොස් දන නමස්කාර කලයුත්තේ තවමත් නිවාඩුවක් නොලබා නිවසට නොආ සෙබළ විරුවාගේ මව් වරුන්ටය,පියවරුන්ටය. නැත්නම් බිරින්දැවරුන්ටය. අපේ ජීවිතවලට ආලෝකය ගෙන ඒමට හිරු සදුවු ඔවුන්ව අදම අමතක කර දමත් නම් එය කුමන අකෘතඥකමක්ද ?. සතුට බෙදා ගන්නේ හරයක් නොමැති ප්‍රදර්ශණයකට සහභාගීවී ලකුණු දමා ගැණීමේ වින්තනයෙන්වීම නම් බලවත්ම කනගාටුවකි.

මේ සෙබල විරුවන් බොහෝ දෙනා තරු පන්තියේ දෙමව්පියන්ගේ දූ දරුවෝ නොවෙති. බඩ ගැන දොඩමින් සිටින විට බඩත් රටත් ගැන සිතමින් හමුදාවට බැදුන මේ සත්පුරුෂයන්ගේ අගහිග කම් බොහෝය. හිසට නිසි වහළක් තමන්ට කියා බිම් අගලක් නොමැති මේ විරුවන් හමුදා සේවයේත් නිවසේදීත් ජීවත් වන්නේ බංකර තුළය.ප්රිටති ඝෝෂා කරන කොටස වහා ඒ දෙස හැරී බලන්නේ නම් කෙතරම් සුන්දරද.


සෝඩා බෝතලයක් කඩා හලවිට මිදී යන කාබන්ඩයොක්සයිඩ් වායුව මෙන් පෙළපාලි යන කිරිබත් උයාගෙන මහමග බෙදන හූදී ජනයා හට මේ බවක් සිහිපත්වන්නේ නම් නැත. උන්ගේ අස්වාභාවික සතුට තවදින දෙක තුනකින් වියකී ගිය පසු ඇස් මස් ලේ මව් බිම වෙනුවෙන් දන් දුන් විරුවන් අමතකය.

2009-04-29

එජාපයට සහ ජවිපෙයට ඥාණය දෙනු මැනවි.





බස්නාහිර පලාත් සභා මැතිවරණය අවසන් විය. සුළු ජාතීන් බහුතර ඡන්දදායකයින් වන මැතිවරණ කොට්ඨාශ පහක එක්සත් ජාතික පක්ෂයට බහුතරය ලබා දෙමින් අනෙක් සියළුම මැතිවරණ කොට්ඨාශ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බහුතරය ලබාදීමට ජනතාව කටයුතු කලේය.

සිංහල බෞද්ධ ඡන්ද පදනම උතුරේ විසදුම නිවරදි බව තීන්දු කලත් සුළු ජාතික ජනතාව තවමත් දෙගිඩියාවකින් පසුවෙන්නේද ? .මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව මානුෂික මෙහෙයුම් දෙස වෛරයෙන් බලන්නේද ?. යන්න අපට සිතන්න ඉඩදී ඇති බවක් මෙම ප්‍රතිඵල දෙස බලන මට ප්‍රශ්න දෙකක් ඉතිරිවිය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් ඡන්දදායකයින්ගෙන් අතිවිශාල ප්‍රතිශතයක් තම කැමැත්ත පල කලේ සන්ධාණයටවත් අපේක්ෂායනටවත් නොව ජනාධිපතිවරයාටය. එතුමාගේ ජනප්‍රියතාවය නොවන්නට පුරසාරම් දොඩන්නට අනෙක් අයට කිසිවක් ඉතිරිවන්නේ නැත. ශ්‍රීලනිපය තුල නොතිබු ජවිපෙය රැගෙන ආ දේශප්‍රේමිත්වයේ ධජය මහින්දයන් අත ලෙල දෙද්දී ජවිපෙය කුණු ගොඩවල් බදා ගෙන වලපල්ලට යන්න පටන් ගෙන තිබෙන බවක් පෙනෙන්නට ඇත. ජනාධිපතිතුමා සුළුජාතීන් බහුතරයකගේ ආකර්ෂණය , විශ්වාසය දිනාගැනීමට වත්මනයේ ගන්නා යම් යම් පියවර සාර්ථක වුවහොත් රනිල් වික්‍රමසිංහයන්ට සිදුවන්නේ දවල් සිහින බලමින් නිදන්නටය.
එක්සත් ජාතික පක්ෂය ජයගත් මැතිවරණ කොට්ඨාශ පහ යම් තරමකින් දුමින්ද සිල්වා තිලංග සුමතිපාල වැනි එජාප චරිත එක්සත් ජනතා නිදහස් සන්ධානයට එම ආසනවලදී තම චන්ද ප්‍රමාණය වර්ධනයට හේතු සාධකයක් විය. කරු එජාපයට යලිත් සේන්දුවූවත් නාය යාම වලක්වා ගැණිමට නොහැකි බව ගම්පහ ප්‍රතිඵලය පෙන්වා දෙන්නේය.කෙලෙසවුවත් ජන චින්තනය දේශප්‍රේමී වින්තනය ක් තුල සිටින බවක් නිගමනය කළ හැක.ඔවුන් ආර්ථික අපහසුකම් තඹයකට නොසලකමින් රටේ ඒකීය භාවයට මුල් තැන දෙමින් කටයුතු කරන බව නම් පැහැදිලිය.

ත්‍රස්තවාදය පරාජය කල නොහැකිය යන මානසිකත්වයෙන් කටයුතු කල රනිල් දක්වා වු නායකත්වය ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කලේ මහින්දයන් ජනාධිපති කරවීමෙනි. සියළු සම්පත් එම මැතිවරණයේදී අත්පත් කරගෙන සිටි රනිල් පරදවා අමාරුවෙන් ජනාධිපතිවරණය ජයගත් මහින්දයන් වටා රොක්වන ජනතාව‍ගේ විඥාණය වැලද ගැණිමට එජාපයට නොහැකි වුවහොත් තව තවත් පල්ලම් බැසීමට සිදුවනු ඇත.
එජාපයට තවදුරටත් රනිල් නායකත්වයේ තබා ගෙන නම් ඒ ගමන යාමට නොහැකිවන අතර ජනතා විශ්වාශය ඇති නායකත්වයක ආදේශයක් වහාම එජාපයට අවශ්‍ය බව නම් පැහැදිලිය. ජවිපෙය , ජනාධිපතිවරණයෙන් පසු ඔවුන් කටයුතු කළ යුතු කෙසේද යන්න සාකච්චාවු කරුණු නැවත නැවතත් විමර්ශණය කර නිවරදි මගට ආ යුත්තේ රටට ජවිපෙයද අත්‍යවශ්‍ය දේශපාලන බලවේගයක් බැවිනි. 

(“ඇත්ත වෙනුවට නැත්ත “ පොතෙහි ඇතුලත් සෝමවංශ, නන්දන ගුණතිලක, විමල් වීරවංශ මත පලකිරීම් කියවන්න )