පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-05-20

යම් දවසක ඔබට මා අමතකව වේවි . - මහින්ද



යම් දවසක ඔබට මා අමතකව වේවි..
මම යුද්ධ කළේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සූදානමින්
රණවිරු සැමරුමට ආරාධනා නැති මහින්ද ලියූ සංවේදී සටහන.

යුද්ධ කිරීමට තමන් තීරණය කළේ ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැකි බව අවබෝධ කරගෙන යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රණවිරු සමරු දිනය වෙනුවෙන් සටහනක් තබමින් අද පස්වරුවේ සඳහන් කළා.
මේ අතර හෙට (19) පැවැත්වෙන ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට ආරාධනා කර ඇති බවට අමාත්‍ය උපාලි පන්නිලගේ සඳහන් කළද මේ වන තෙක් කිසිදු ආරාධනයක් ලැබී නොමැති බවට හිටපු ජනපතිගේ මාධ්‍ය ලේකම් නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරනවා.

ජනතාව නොමඟ යවමින් විජයග්‍රාහී සැමරුමට මහින්ද රාජපක්ෂට ආරාධනා කර ඇතැයි අමාත්‍යවරයා පවසා ඇතැයිද සඳහන් කළ නීතිඥ මනෝජ් ගමගේ මහතා වෙනදාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෝ ආරක්ෂක අමාත්‍යංශයෙන් නිල වශයෙන් විජයග්‍රාහී සැමරුම සඳහා ආරාධනය ලැබෙන බවද ඔහු පෙන්වා දෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රණවිරු සමරු දිනය වෙනුවෙන් තැබූ සටහන පහතින් දැක්වෙනවා.
' 2005 වර්ෂයේ නොවැම්බර් මස 19 වන දින මා ජනාධිපති ධුරයට පත් ව දින 08කට අනතුරුව පැවති එල්ටීටීඊ සැමරුම් දිනයේ දී ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් විසින් සිදු කළ සැමරුම් දින කතාව කෙරෙහි දේශීය සහ විදේශීය වශයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව පැවතිණි.
නව රජය ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ඉඩ නොදී දැඩි මතධාරී පිළිවෙතක් අනුගමනය කළහොත් ඔවුන් විසින් ස්වයං පාලනයක් ස්ථාපනය කරනවා යන්න එම කතාවෙහි අන්තර්ගතය විය.
2006 වසරෙන් අඩක් ගෙවී යන තුරු ද අප සියල්ල ඉවසමින් රජයක් ලෙස සාම වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන ලදී. එහෙත්, ත්‍රස්තවාදීන් සුපුරුදු පරිදි සාම වැඩ පිළිවෙලට මුවා වී තම ත්‍රස්ත ක්‍රියා දිගින් දිගටම සිදු කළහ. ඔවුන් හමුදා රථ වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරමින් හමුදා සෙබළුන් ඝාතනය කළහ.
මායිම් ගම්මානවලට පහර දෙමින් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඝාතනය කළහ. මුහුදු කොටි යාත්‍රා මඟින් අපගේ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරනු ලැබූහ. අවසානයේ කැබිතිගොල්ලෑව බලා ගමන් කරමින් තිබූ මගීන් රැගත් ලං.ග.ම. බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් බරපතල වරදක් සිදු කළේය. එම ප්‍රහාරයෙන් අහිංසක සිඟිති දරුවන්, සිවිල් වැසියන්, ග්‍රාම ආරක්ෂක බටයන්, ඇතුළු විශාල පිරිසක් මියගියහ. බොහෝ දෙනෙකු තුවාල ලැබුවෝය.
ඔවුන් එදා නැඟූ විලාප හඬ නොවෙනස් ලෙස මා මතකයේ අද ද පවති. ඉන් අනතුරුව සිංහල, දමිළ හා මුස්ලිම් ජනතාවගේ දෛනික පරිභෝජනය සහ වගා කටයුතු සඳහා යොදා ගත් මාවිල්ලාරු ජලාශයේ සොරොව්ව වසා දැමීමට ත්‍රස්තවාදින් කටයුතු කිරීම හේතුවෙන් නැවතත් ජනතාව පීඩා වින්ඳහ. අතිශය මානවවාදී කරුණු හේතුවෙන් මගේ ජනතාව අමානුෂික ලෙස පීඩනයට පත් වීම මා වැනි ජනාධිපතිවරයෙකුට බලා සිටිය නොහැකි වූයේය. දරාගැනීමේ සීමාවත් ඉවසීමේ සීමාවත් අවසන් වූයේය.
අප සටන් කළේ ලොව දරුණුතම ත්‍රස්තවාදයට එරෙහිවය. සටනකට නැත්නම් යුද්ධයකට නීති, රීති, ‌‌කොන්දේසි සහ සදාචාරාත්මක සීමා මායිම් පවතී. එහෙත්, එල්ටීටීඊ ත්‍රස්තවාදයට එම සීමා කිසිවක් අදාළ වූයේ නැත. වසර ගණනාවක් පුරා එය ඔබත් මමත් අත්දැක්කෙමු. ශ්‍රී මහා බෝධි මළුවෙහි ආගමික වතාවත් වල යෙදී සිටි අහිංසක මිනිසුන් අත අවි ආයුධ නොතිබුණි.
ඔවුන් යුද්ධ කළේ නැත. අරන්තලාවේ අපේ හාමුදුරුවරු යුද්ධ කලේ නැත. නමුත් ත්‍රස්තවාදීන් ඔවුන්ව ඉතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළේය. රාත්‍රියේ ගමට කඩා වැදුණු ත්‍රස්තවාදීන් මායිම් ගම්මානවල විසූ ජනතාව කපා කොටා ඝාතනය කළහ. වෙඩි හඬ ඇසුණවිට අවට කඳවුරුවල රැඳී සිටින ආරක්ෂක අංශ පැමිණිය හැකි බැවින් තියුණු කඩු මන්නා වැනි ආයුධ වලින් අහිංසක නිරායුධ මිනිසුන් කපා කොටා මාරු දැමූහ. ගෝනගල ගම්මානයේ මෙලෙස ඝාතනය කරන ලද ගම් වැසියන් පිරිස අතරට ගැබිනි මව්වරුන් ඇතුළු කාන්තාවන් සහ කුඩා ළමුන් ද සිටියහ.
මෙවැනි ඛේදජනක නිදසුන් බොහෝමයක් අප ඉතිහාසය පුරා දැකිය හැක. එකල එල්ටීටීඊ සංවිධානය තම ආරක්ෂාව සඳහා මිනිස් පලිහක් ලෙස භාවිතා කළ අහිංසක දෙමළ සිවිල් වැසියන් වෙනුවෙන් ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය එම ප්‍රදේශ වෙත යැවීමට රජයට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. සිවිල් ජනතාව බේරා ගැනීමේ ක්‍රියාන්විත ආරම්භ කිරීමේ දී, එම ප්‍රදේශ මුදා ගැනීමේ දී අපේ රණවිරුවන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූහ.
වරක් එසේ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් බේරා ගනු ලැබූ වාකරේ ප්‍රදේශයේ සංචාරයක මම නිරත වූයෙමි. සංචාරය අතරතුර මා වාකරේ හින්දු කෝවිලක් වැඳ පුදා ගැනීමට ගිය අතර එහි දී එම කෝවිලේ පූසාරි වරයා වන කුරුක්කල් තුමා මල් මාලයක් දමා මා පිළිගනු ලැබුවේය. ඉන් සිව් දිනකට පසු ත්‍රස්ත්‍රවාදීන් විසින් එම කුරුක්කල් තුමා ඝාතනය කර ඇති බව මට දැන ගැනීමට ලැබිණි. ත්‍රස්තවාදය හමුවේ ආගම, ජාතිය පවා පරාජයට පත් විය. මම වේදනාවට පත්වූයෙමි. ත්‍රස්තවාදවට සීමා මායිම් නොමැති බව මා පැවසුවේ එහෙයිනි. එහෙත් එවන් කෲර ත්‍රස්තවාදයට පවා අප පිළිතුරු දුන්නේ මානුෂීය මෙහෙයුමකින් බව ඔබ සැම මතක තබා ගත යුතුය. ඔබත් මමත් ගන්නා හුස්මක් ගානේ එම රණවිරු දරුවන් ගෞරවනීය ලෙස සිහිපත් කළ යුතුය.
මම අභිමානවත් සිංහල බෞද්ධයෙකි. එසේ පැවසීමට කිසි සේත් මම පසුබට ‌නොවෙමි. එහෙත් මම කිසි සේත් ම ජාතිවාදියෙකු නොවෙමි. යම් පිරිසක් එසේ හුවා දක්වමින් දේශපාලන වාසි ලබා ගැනීම කනගාටුවට කරුණකි. දකුණ රැක ගත් මා උතුර ද රැක ගැනීම ජාතිවාදී නම්, උතුරේ වේවා දකුණේ වේවා මේ රටේ පුරවැසියෝ වන මගේ ජනතාව රැක ගැනීමේ වගකීම නිසි ලෙස ඉටු කිරීම ජාතිවාදී නම්, සිංහල දරුවා සේම අපේම දමිළ දරුවා ද රැක ගැනීම ජාතිවාදී නම්, යටිතල පහසුකම් ඇතුළු සේවා සපයමින් උතුරට වසන්තය ගෙන යෑම ජාතිවාදී නම්, ඔව් මේ මහින්ද රාජපක්ෂ දැඩි ජාතිවාදියෙකි.
මම දකුණ රැකගනිමින් උතුරට ගියෙමි. උතුර ද නැගෙනහිර ද රැක ගත්තෙමි. මගේම ජනතාව දකුණට පැමිණෙන අයුරුත්, දකුණේ ජනතාව උතුරට ගමන් කරන අයුරුත් මම බලා සිටියෙමි. උතුරත් දකුණත් වෙන් නොකරමින්, කොළඹ හා යාපනය අතර දුම්රිය මාර්ගය යළි විවෘත කරමින් වසර 24 කට පසුව යාපනය බලා ගමන් කළ 'යාල් දේවි' දුම්රියේ ප්‍රථම මගියා බවට පත්ව උතුරට නෑගම් ගියේ සිංහල බෞද්ධ මහින්ද රාජපක්ෂය. ඒ මගේම සහෝදර ජනතාව බැලීමටය.
තවත් කොපමණ කාලයක් ගත වුව ද, ත්‍රස්තවාදයට සහාය දැක් වූ කණ්ඩායම් විවිධ ස්වරූපයන්ගෙන් අප මව්බිමේ ඒකීයත්වයට බලපෑම් කිරීමට උත්සාහ කරනා බව මම හොඳින් දනිමි. තවත් කෙතරම් කාලයක් අප මාතෘභූමියේ ඒකීය භාවය වෙනුවෙන් සහ ආදරණීය රණවිරු දරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව මට ලැබේ දැයි මා දන්නේ නැත.
අනාගතයේ යම් දවසක ඔබට මා අමතකව යනු ඇත. එහෙත් ඔබ සැම විසින් වීරෝදාර රණවිරු දරුවන් මතකයේ තබා ගත යුතුමය. ඔවුන්ගේ ගෞරවය රැක ගත යුතුමය. මෙය මාගේ ඉල්ලීමකි. මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමකි. එවකට ත්‍රිවිධ හමුදාවෙහි නායකත්වය දැරූ සියලු ම සන්නද්ධ සේවා නායකයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඔබ යටතේ මාතෘ භූමිය වෙනුවෙන් යුධ වැදුණු එම දරුවන් වෙනුවෙන් පෙනී සිටිනා ලෙසයි. අන් සියලු දෙනාට වඩා ඔවුන්ගේ කැප කිරීම් දුටුවේ ඔබය. කිසිවෙකුට ඔවුන් වෙත චෝදනා කිරීමට ඉඩ නොතැබීමේ වගකීමක් සහ යුතුකමක් ඔබ සතුය.
ත්‍රස්තවාදීන් යුද්ධ කරද්දී, ලෝකයේ ඇතැම් බලවතුන් දේශපාලනික වශයෙන් මා සමඟ සටන් කරද්දී, යුද්ධය නවත්වන ලෙස පවසද්දී මහින්දට ශක්තියක් වූයේ මේ රටේ ජනතාව වන ඔබ තමුන්නාන්සේලා බව මම සිහිපත් කරමි. රණවිරු දරුවන්ගේ මෘත දේහ පෝලිමට ගමට ගෙන එද්දීත් ඒ හා සමානව රට ජාතිය වෙනුවෙන් සටන් කිරීමට අපේ අම්මලා තාත්තලා තමන්ගේ ලෙයින් බිහි වූ දරුවන් හමුදාවට භාර දුන්හ. ඒ අයුරින් තම දරුවා දන් දුන් බොහෝ නිවෙස් තුළ අද ද සෙබළ ඇඳුමින් සැරසුනු පින්තූරයක් සුදු පැහැති පර නොවූ මල් මාලයක් දමා එල්ලා තිබේ.
පින්තූරය පැරණි වුව ද එහි පැළඳි මල් මාලය නැවුම්ය. සිදුවීම් අතීතයට අයිති විය හැක. එහෙත් වේදනාවන් අතීතයට පමණක්ම අයිති නොවේ. අපට නිදහසේ ජීවත් වීම උදෙසා මේ භූමිය රැක ගනිමින් මේ මහ පොළොව වැළඳ ගත් මිනිසුන්ගේ ජීවිතවල වටිනා කම හෑල්ලු කිරීමට ඉඩ නොදිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. මේ පොළොව ආරක්ෂා කර දී, රැක ගත් බිමේ අද තම දෙපා තබා අඩියක් ඇවිද යාමට නොහැකි දරුවන්ගේ කැප කිරීම් අවතක්සේරු කිරීමට ඉඩ නොදිය යුතුය. එම අභීත රණවිරු දරුවන් ඔබේ හදවත් තුළ ගෞරවනීය ලෙස රඳවා තබා ලන්නා ලෙස මම ඔබ සැමගෙන් හදවතින් ම ඉල්ලා සිටිමි.
මෙම භූමිය ගුවනින්ද , මුහුදින් ද, ගොඩ බිමින් ද වීරෝදාර රණවිරුවන් සටන් කර දිනා දුන් අපගේ මාතෘ භූමියයි. මෙම භූමිය සතුරා ඉදිරියේ තම ජීවිතය හා ආරක්ෂාව පසෙකලා අභීතව කැපවීමෙන් සටන් කර මව්බිම වෙනුවෙන් දිවි පුදා රැක දුන් භූමියයි. දස දහස් ගණනින් අත් පා අහිමිව රණක්ෂිතයට පත්ව රැක ගනු ලැබුවේ මෙම භූමියයි. අප සැම එක්ව දශක තුනක් පුරාවට පැවති කුරිරු යුද්ධය නන්දිකඩාල් කලපුවේ උතුරු ඉවුර මතින් අවසන් කළෙමු. ඔව්, අපි ත්‍රස්තවාදය අවසන් කළෙමු.
මරණ සහතිකය අත දරා ගත්, තම ජීවිතයට වඩා මව්බිමට අසීමිතව ආදරය කළ තරුණ දරුවෝ පිරිසක් මෙම ත්‍රස්තවාදය අවසන් කළහ. කිසිවිට තම සගයා අතහැර නොගිය, අවසන් උණ්ඩය තෙක් සටන් කළ, ධෛර්යවන්ත දරුවන් පිරිසක් මේ යුද්ධය අවසන් කළහ. යුද්ධය අවසන්ව වසර 17 ක් ගතව ඇති වර්තමානයේ එම වීරෝදාර දූ පුතුන් පිරිසකගේ නවාතැන වී ඇති අභිමංසලට, මිහිඳු සෙත් මැදුරට ඔබේ දරුවන් සමඟ පැමිණෙන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලීමක් කරමි. එවිට ඔබ කිසි දිනක එවන් දූ පුතුන්ට රණවිරුවන් ලෙස ඇමතීමට පසුබට නොවනු ඇත.
යුධ මෙහෙයුම් ආරම්භ කළ දිනයේ සිට සියලු ජාතීන්ට නිහසේ හුස්ම ගතහැකි රටක් බිහි කිරීම දක්වා තම සේවය මව්බිම වෙනුවෙන් ලබා දී ඒකීය රටක් වෙනුවෙන් මින් වසර 17කට පෙර යුධ බි‌මේ රුධිරය වගුරුවා ඇස්, ඉස්, මස් දන් දී අවසානයේ තම හුස්ම පවා රට වෙනුවෙන් කැප කළ වීරෝදාර යුධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ දරු දැරියන්ව ද, අප වෙනුවෙන් අහිමි කර ගත් දෑත් දෙපා නිසා රණක්ෂිතයට පත්ව සිටින සියලුම රණවිරු දරු දැරියන්ව ද, විජයග්‍රාහී ගමනක පෙරමුණ ගත් එවකට ධූරයන් හෙබවූ ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ, නාවික, ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති තුමන්, සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී ඇතුළු සියලුම නිලදරුවන් ද මම ගෞරවයෙන් සිහිපත් කරමින් ආචාරය පුද කරන්නෙමි. එවන් නිර්භීත දරුවන් බිහි කරමින් තම මව්බිම වෙනුවෙන් සංග්‍රාම භූමියට යන්නට නියත විවරණ දුන් මව්පියවරුන්ද, අපමණ කැපකිරීම් කළ බිරින්දෑවරුන් ද, ස්වාමිවරුන් ද මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. පැවති සංකීර්ණ දේශපාලන, ආර්ථික හා සමාජීය තත්ත්වයන් මැනවින් තේරුම් ගනිමින් සියල්ල ඉවසා සහයෝගය ලබා දුන් සියලු ශ්‍රී ලාංකික මගේම ජනතාවට ද මාගේ ප්‍රණාමය පුද කරමි.
මෙම ගෞරවනීය දිනයේ දී අවසන් වශයෙන් මම ඔබට යමක් පවසමි. යුද්ධ කිරීමට මා තීරණය කළේ සියල්ලට සූදානමිනි. දේශපාලන වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් මා වෙත ඇඟිල්ල දිගු වන බව මම හොඳින් දැන සිටියෙමි. ජීවිතයෙන් වුව ද වන්දි ගෙවීමට සිදු විය හැකි බව මම අවබෝධ කරගෙන සිටියෙමි. එය මට ගැට‍ළුවක් වූයේ නැත. නින්දා අපහාස ද මහින්දට හොඳින් හුරු පුරුදුය. නමුත් ඔබ පැහැදිලිවම මතක තබා ගත යුතු කරුණක් ඇත. ඒ අප යුද්ධ කරනු ලැබුවේ දෙමිළ ජනතාවට විරුද්ධව නොවන බවය.
අප යුද්ධ කරනු ලැබුවේ ත්‍රස්තවාදයට විරුද්ධවය. කවුරුන් කෙසේ ප්‍රකාශ කළ ද අපි ඔබව ත්‍රස්තවාදයෙන් බේරා ගත්තෙමු. අප විසින් වැඩි වශයෙන් බේරා ගනු ලැබුවේ ද ‌දෙමිළ ජනතාවය. මුලතිව් නන්දි කඩාල් කළපුව අසල පිහිටි කුඩා බිම් ප්‍රමාණයකට ඒල්ටීටීඊ ත්‍රස්තවාදීන් කොටුව සිටිය දී, ත්‍රස්තවාදීන් එම දමිළ ජනතාව මානුෂීය පලිහක් ලෙස යොදා ගත්හ. ඔවුන්ගෙන් ඔබව බේරා ගනු ලැබූයේ මගේ රණවිරු දරුවන්ය. ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරගෙන තිබූ ලක්ෂ ගණනක දමිළ ජනතාව බේරා ගැනීමේ ලොව විශාලතම මානූෂීය මෙහෙයුම කරනු ලැබූවේ මගේ වීරෝදාර හමුදාවය. යුද්ධයේ අවසන් හෝරා කිහිපයේ දී පවා ඔබව ත්‍රස්තවාදී බර අවි ප්‍රහාරයන්ගෙන් බේරා ගත්තේ අපේ වීරෝදාර හමුදාවය.
ඔබේ දරුවාව දෑතින් ඔසවාගත්තේ මගේ රණවිරු දරුවන්ය. ඔබේ හිතේ පැවති බිය ද, තුවාල හේතුවෙන් ඇති වූ ශාරීරීක වේදනාව ද, කුස ගින්න ද නිවා දැමූයේ මිනිසත් කම හිතේ දරා ගත් අප රටේ මානුෂීය හමුදාවය. එම දිනය මා ජීවිතයේ වැඩි වශයෙන් ම සතුටට පත් වූ දිනයයි. මහින්ද රාජපක්ෂ වන මා හට එම මතකය ද සතුට ද පමණක් ප්‍රමාණවත්ය.


Ranjith Madushanka

A day in the life
ජීවිතයෙන් දවසක් .

2026-05-19

හාච්චිං.......................




“ඩොක්ටර්... මට උදේට ඇහැරුණු ගමන් එක දිගට කිවිසුම් යනවා. නහයෙන් දියර ගලනවා, ඇස් දෙකත් කසලා රතු වෙනවා. සාමාන්‍ය හෙම්බිරිස්සාවක් කියලා හිතුවත් මේක දැන් හැමදාම වගේ තියෙනවා...”**
උදෑසන අවදි වූ සැණින් හෝ පරිසරයේ යම් වෙනස් වීමකදී බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් තමයි මේ නිතර කිවිසුම් යාම සහ නාසයෙන් දියර ගැලීම. වෛද්‍ය විද්‍යාවේදී මෙය **"ආසාත්මික නාසයේ ප්‍රදාහය" (Allergic Rhinitis)** ලෙස හඳුන්වනවා. මෙය සාමාන්‍ය වෛරස් හෙම්බිරිස්සාවකට වඩා වෙනස්, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බාහිර ද්‍රව්‍යයන්ට දක්වන අධික සංවේදීතාවය නිසා ඇති වන තත්වයකි.
**නිතර කිවිසුම් යාමට සහ සොටු දියර ගැලීමට ප්‍රධාන හේතු (Triggers):**
**දූවිලි සහ දූවිලි මයිටාවන් (Dust & Dust Mites):** නිවසේ ඇති මෙට්ට, කොට්ට, තිර රෙදි සහ පරණ ලියකියවිලි වල සිටින පියවි ඇසට නොපෙනෙන කුඩා සතුන්.
**පරාග (Pollen):** මල්, ගස්කොළන් සහ තණකොළ වලින් වටපිටාවට මුදාහරින කුඩා පරාග අංශු.
**සුරතල් සතුන්ගේ ලොම් හා කෙළ (Pet Dander):** බළලුන්, බල්ලන් වැනි සතුන්ගේ ලොම් සහ සමෙන් ගැලවී යන කුඩා කොරපොතු.
**කාලගුණික වෙනස්වීම්:** එකවරම පරිසරයේ උෂ්ණත්වය අඩු වීම, අධික සීතල සුළඟ හෝ තෙතමනය සහිත දේශගුණය.
**දිලීර බීජාණු (Mold Spores):** නිවසේ තෙතමනය සහිත බිත්ති හෝ නානකාමරවල හටගන්නා දිලීර.
**මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ (Symptoms):**
* එක දිගට කිවිසුම් යාම (විශේෂයෙන් උදෑසන කාලයේදී).
* නාසයෙන් පැහැදිලි වතුර මෙන් දියර ගැලීම හෝ නාසය හිරවීම.
* නාසය, උගුර සහ ඇස් කැසීම.
* ඇස් රතු වීම සහ ඇස්වලින් කඳුළු ගැලීම.
**මීට ඇති පිළියම් සහ පාලනය කර ගන්නේ කෙසේද? (Remedies & Prevention):**
**ආසාත්මිකතාකාරක වලින් වැළකී සිටින්න:**
ನಿಮ್ಮ සිරුරට අසාත්මික වන ද්‍රව්‍යය කුමක්දැයි හඳුනාගෙන ඉන් ඈත් වන්න. දූවිලි සහිත ස්ථාන පිරිසිදු කිරීමේදී මුඛ ආවරණයක් (Mask) පළඳින්න.
**නිදන කාමරය පිරිසිදුව තබා ගන්න:**
ඇඳ ඇතිරිලි, කොට්ට උර නිතරම උණු වතුරෙන් සෝදා තද අව්වේ වේලා ගන්න. පාවිච්චි නොකරන පරණ ඇඳුම්, පොත්පත් නිදන කාමරයෙන් ඉවත් කරන්න.
**හුමාලය ඇල්ලීම (Steam Inhalation):**
නාසය හිරවීම සහ සෙම් ගතිය පාලනය කර ගැනීමට දිනකට වරක් හෝ දෙවරක් පිරිසිදු උණු වතුරෙන් හුමාලය අල්ලන්න.
**ලුණු වතුරෙන් නාසය සේදීම (Saline Nasal Rinse):**
ෆාමසිවලින් ලබාගත හැකි සේලයින් නාසයට දමන දියර (Saline Nasal Sprays/Drops) මඟින් නාසය ඇතුළත ඇති දූවිලි ඉවත් කර සහනයක් ලබා ගත හැක.
**වෛද්‍ය උපදෙස් මත ඖෂධ භාවිතය:**
රෝග ලක්ෂණ අධික නම් වෛද්‍ය උපදෙස් මත ඇන්ටිහිස්ටමින් (Antihistamines) ඖෂධ හෝ නාසයට විදින ස්ප්‍රේ (Nasal Corticosteroid Sprays) භාවිතා කළ හැකියි.
**වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථා:**
නාසයෙන් ගලන දියර ඝන, කහ හෝ කොළ පැහැයට හැරේ නම්, තද උණ හෝ මුහුණ සහ නළල අවට තද කැක්කුමක් (Sinusitis ලක්ෂණ) ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
**මතක තියාගන්න...**
මෙය නිට්ටාවටම සුව කළ නොහැකි වුවත්, නිසි පරිදි පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් සහ ඖෂධ මඟින් සම්පූර්ණයෙන්ම පාලනය කර සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි.
ඔබේ පවුලේ අය සහ හිතවතුන් දැනුවත් කිරීමට මේ වටිනා තොරතුරු **Share** කරන්න.
මේ පිළිබඳව ඔබට ඇති ගැටලු **Comment** එකකින් අපට කියන්න.
සෞඛ්‍ය සම්පන්න දිවියකට මඟ පෙන්වන අපේ පේජ් එක **Follow** කරල තියාගන්න.
#allergicrhinitis #Sneezing #runnynose #allergies #healthytips #mediupdater #srilanka #prevention #healthawarenesss @top fans Medi updater








Medi updater 

A day in the life
ජීවිතයෙන් දවසක් .