පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-05-09

ඉබ්බාගේ පුංචි හිලේ රහස



ඉබ්බාගේ පුංචි හිලේ රහස ඔබ පුදුමයට පත්කරාවි.
ඔබේ ගෙදර ඉබ්බෙක් (Padlock) තියෙනවා නම් පොඩ්ඩක් අරන් එන්න. දැන් බලන්න යටි පැත්ත හරවලා යතුර දාන තැනට ලඟම පොඩි හිලක් තියෙනවද කියලා ? මොකටද මේ හිලක් හදලා තියෙන්නේ ? හදපු අය අතින් සිදුවනු වරදක්ද ? නැත්තම් කිසිම තේරුමක් නැති දෙයක්ද ?
ඇත්තම කිව්වොත් මමත් හිතන් හිටියේ ඒක කිසිම වැදගැම්මකට නැති දෙයක් කියලා. නමුත් නිකන් ඉන්න වෙලාවක ටිකක් හොයලා බැලුවම, මම ඇත්තටම පුදුම වුනා.
පුදුම වැඩේ කියන්නේ , මේ පුංචි හිල ඇතුලේ ලොකු ඉංජිනේරු රහසක් තියෙනවා. මේ ගැන අද ජීවිතේ පළමු වතාවට ඔයාලට දැනගන්න පුළුවන්. මම මේක ලස්සනට පැහැදිලි කරලා දෙන්නම්.
මේක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද?
මල ලඟදි පරන ඉබ්බෙක් කඩලා බැලුවා ඇතුලේ තියෙන්න මොනවද කියලා. ඒක ඇතුලේ වෙන්නේ ලොකු සෙල්ලමක්. බලාගෙන ගියාම පොඩි ඉබ්බෙක් ඇතුලේ උනත් තියෙන්නේ පොඩි මැෂින් එකක්. පොඩි පොඩි යකඩ කෑලි සහ, ස්ප්‍රින්ග්ස් ගොඩක් තියෙනවා. මේක දැකපු ගමන්ම මට මතක් වුනේ එකම රටාවකට වැඩකරන දැති රෝද තියෙන ඔරලෝසුවක්.
ඕනෑම යන්ත්‍රයක් ගත්තොත්, ඒක ඇතුලේ තියෙන එකට ඇතිල්ලෙන ලෝහ කොටස් හිර වෙන්නේ නැතුව වැඩ කරන්න නම්, නිතරම වගේ තෙල් ග්‍රීස් කරන්න ඕනේ නේද ?
බයිසිකලයක් ගත්තොත්, අපි ඒ බයිසිකලේ දැති රෝදයට සහ චේන් එකට උනත් තෙල් ටිකක් දානවා නේද ? ඉබ්බෙක් ගත්තත් එහෙම තමයි. ඉබ්බාගේ ඇතුලේ එහාට මෙහාට වෙන යකඩ කොටස් වලට තෙල් දාන්න තියෙන තැන තමයි මේ කියන පුංචි හිල.
ඇයි මේ සිදුර මෙච්චර වැදගත් වෙන්නේ?
මේක පුංචි හිලක් උනාට මේ පුංචි හිලෙන් වෙන වැඩ ගොඩක් තියෙනවා.
● වතුර එළියට දාන තැන(Drainage)
ගේට්ටුවට දාලා තියෙන ඉබ්බා අව්වට වේලෙනවා වගේම වැස්සට තෙමෙනවා නේද ? ඉතින් පොඩ්ඩක් හිතපන් ඇතුලට යන වතුර එලියට යන්නත් විදියක් තියෙන්න ඕනේ නේද ? නැත්තම් ඉබ්බා නිකන්ම මලකඩ කාලා හිරවෙලා කැඩිලා යනවා නේද ? අන්න එම වැදගත් රාජකාරිය කරන්නේ මෙන්න මේ පුංචි හිල.
● අයිස් මිදීම වැළැක්වීම.
මේක නම් අපේ රටට එච්චරම අදාළ නැහැ. නමුත් අධික ශීතල, අයිස් මිදෙන රටවල් වල, එළියේ තියෙන ඉබ්බෙක් ඇතුලට වතුර ගිහින් ඒවා අයිස් වෙලා ඉබ්බා පුපුරලා යන්න හැකියාවක් තියෙනවා. ඉතින් එක වළක්වන්නත් මෙන්න මේ පුංචි හිල උදව් වෙනවා කියලා විස්තර හොයලා බැලුවම මම දැක්කා.
● හුස්ම ගන්න සිදුර (Pressure Balancing).
මනුස්සයෙක්ට හුස්ම ගන්න නාස් සිදුරු දෙකකුයි කටකුයි සොබාදහමෙන් දීලා තියෙනවා නේද ? ඔබේ ගේට්ටුවේ හෝ දොරේ දාලා තියෙන ඉබ්බාට පන නැති වුනත්, ඒ කුඩා යන්ත්‍රයටත් හුස්ම ගන්න ඕනේ. මොකද රස්නය නිසා වගේම සීතල නිසාත්, ඇතුලේ තියෙන වාතයේ පීඩනය වෙනවා. මේ පොඩි හිලෙන් එම පීඩනය පාලනය කිරීමේ වැඩෙත් කරනවා. බලන්නකෝ එක පුංචි හිලකින් වැඩ ගොඩයි.
ඔන්න දැන් හැම ලිපියකින්ම වගේ ඔයාලට දෙන පුංචි උපදෙස තමයි මේ දෙන්න හදන්නේ.
කෙටියෙන්ම කියන්නම්කො, ඔයාලත් පරිස්සම් වෙන්න ඕනේ. මේක ජීවිතයට ගොඩක් වටිනවා.
"ඉතින් මට මොකෝ බන්" කියලා නිකන් ඉන්න බැහැ. මෙන්න මේ කියන දේ උඹ දැනගන්නම ඕනේ.
● ආරක්ෂාව
හිතන්නකෝ සුනාමියක් එනවා කියලා. ඔයාට ගේට්ටුවේ ඉබ්බා පටස් ගාලා ඇරගන්න බැරිවුනොත්, ඒක මලකඩ කාලා හිරවෙලා තිබුනොත් මොකද වෙන්නේ ? ඔබයි ඔබේ පවුලේ හැමෝටම ජීවිතය නැතිවෙනවා නේද ?
● හැබැයි තෙල් දානවා කියලා පොල්තෙල් දාන්න එපා.
හැම වැඩේටම පොල්තෙල් හරියන්නේ නැහැ. ගොඩක් අය ඉබ්බා හිරවුණාමත් ගෙදරට උයාගෙන කන්න ගෙනාපු පොල්තෙල් යතුර දාන හිලෙන් ඇතුලට දානවා. ඒක තමයි කරන ලොකුම වැරැද්ද. පොල්තෙල් කාලයක් යද්දී ගල් වෙලා අගුල සම්පූර්ණයෙන්ම හිරකරලා දානවා. ලිහිසි කාරක තෙල් කියලා ඉල්ලුවම හාඩ්වෙයාර් එකෙන් ගැලපෙනම එකක් ගන්න පුළුවන්.
● මුදල් නාස්ති වෙනවා.
සල්ලි ඉතුරු කරගන්න කියලා ගන්න සමහර බාල ඉබ්බෝන්ගේ මේ හිල හොයන්නවත් නැහැ. මේ හිල නැති වුනාම වෙනදේ දැන් දන්නවනේ ? ඉතින් ඒ කියන්නේ ඔයාලගේ සල්ලි ගගේ මුහුදේ දැම්මා වගේ තමයි.
ඉබ්බා හොඳින් තියාගන්න ඕනේ නම් මෙන්න මගෙන් පොඩි "Tips" ටිකක්.
● මාස දෙක තුනකට පාරක්වත් වත් අර යට තියෙන හිලට "WD-40" තෙල් බින්දුවක් දාන්න . එතකොට ඉබ්බා අවුරුදු ගාණක් අලුත් වගේ තියෙයි.
● අනිත් හැමදේම හොඳට හොයලා බලන එකේ, අලුතින් ඉබ්බෙක් ගන්නකොට අනිවාර්යයෙන්ම යට මේ හිල තියෙනවද කියලා බලන්න.
AI වලින් ජෙනරේට් කරපු ෆේස්බුක් පෝස්ට් වගේ නෙවී, මේවා මහන්සි වෙලා, ඔබේ දැනුම වැඩි කිරීමේ අදහසින්ම ඉදිරිපත් කරන වටිනා ලිපි. තවත් මේ වගේ දැනගෙන හිටියේ නැති, අලුත් අලුත් දේවල් දැනගන්න ඕනේ නම්, තත්පරයක් වැය කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.
ඉබ්බාගේ හිලෙ වටිනාකම දන්නේ නැති යාළුවො ටිකටත් දැනගන්න මේක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
හරි හරි දැන් යන්න කලින්, ලයික් එකකුත් දාගෙන යමු.
#padlockss #engineering #DailyLifeTips #DidYouKnow #nodutulokay #trendingnow







මුණු පොතෙන් - නුදුටු ලෝකය.

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-08

ලෙස්ටර්ගේ සංදේශය



මේ 1960 වසරේ තිරගත වූ සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයක් වන ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් අධ්‍යක්ෂණය කළ සිනමාස්ගේ "සංදේශය" චිත්‍රපටයේ ආනන්ද ජයරත්න සහ කාන්ති ගුණතුංග පෙනී සිටි දර්ශනයක දුර්ලභ ඡායාරූපයක්.
ගාමිණී ෆොන්සේකා, හියුගෝ ප්‍රනාන්දු, අයිරාංගනී සේරසිංහ, ඩේවිඩ් ධර්මකීර්ති, එඩී ජයමාන්න, ශේන් ගුණරත්න, ඇන්තනි සී පෙරේරා, වින්සන්ට් වාස්, ශාන්ති ලේඛා, ජීවරාණී කුරුකුලසූරිය,බන්දු ගුණසේකර, ආතර් වැලන්බර්ග්, එම්.වී. බාලන්, තිස්ස උඩංගමුව, රෙග් වැන්කියුලන්බර්ග්, ඊ.එම්.පී. බණ්ඩාර, එන්.ආර්. ඩයස්, මාපා ගුණරත්න, තිලකසිරි ප්‍රනාන්දු, ක්‍රිස් ග්‍රීට්, ඩග්ලස් වික්‍රමසිංහ, මැක්ස්වෙල් ස්පාර්ක් ආදීන් සෙසු චරිත රඟ දක්වන ලද "සංදේශය" එතෙක් සිංහල සිනමාවේ නිපද වූ දෑවැන්තම චිත්‍රපටය යි.
ජීවරාණී කුරුකුලසූරිය ගේ පළමු රංගනය මෙන්ම කාන්ති ගුණතුංග ගේ අවසන් රංගනය ඇතුලත් වූ "සංදේශය" පසුකලෙක සිනමාවේ ප්‍රවීනයන් වූ කාර්මික ශිල්පීන් රැසකගේ පළමු ආගමනය විය. පුරා මාස 9 ක් නොකඩවා නිෂ්පාදනයේ වූ "සංදේශය" එතෙක් සිංහල සිනමාවේ වැඩිම වියදමක් දරණ ලද චිත්‍රපටය වශයෙන් සැලකේ.
වානිජ සිනමාවේ දෑවැන්තයෙකු වූ සිනමාස් අධිපති කේ. ගුණරත්නම් මහතා "සංදේශය" නිෂ්පාදනය සඳහා උනන්දු කරවා ඇත්තේ ගුණරත්නම් මහතාගේ හිතවතෙක් වූ ප්‍රකට ඉන්දීය රංගන ශිල්පී සහ චිත්‍රපට අධ්‍යක්ෂ රාජ් කපූර් මහතා විසින් බව කියැවේ. ඒ ඔහු චිත්‍රපට උළෙලකදී "රේඛාව" චිත්‍රපටය නැරඹීමෙන් පසු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දස්කම් ගැන ඇති වූ පැහැදීමකිනි.
ඒ අයුරින් සිංහල සිනමා ඉතිහාසයේ නොමැකෙන සටහන් ගනනාවක් තැබූ "සංදේශය" සිංහල සිනමා සංගීතය ද නව මගකට යොමු කළ චිත්‍රපටයක් විය. සුනිල් ශාන්තයන් ගේ ඉමිහිරි ස්වතන්ත්‍ර ගී තනු සදා නොමැකෙන අයුරින් සංගීතවත් කළේ ආර්. මුත්තුස්වාමියන් විසිනි. චිත්‍රපටයේ පසුබිම් සංගීතය කේ.ඒ. දයාරත්නයන් මෙහෙයවූ අතර සියළුම ගීත රචනය අරිසෙන් අහුබුදු ශූරීන් ගෙනි. චිත්‍රපටයේ රූ ගත කිරීම් සහ නිෂ්පාදන කටයුතු මෙරට තුල සිදුකෙරුන ද සියළුම ගීත පටිගත කොට ඇත්තේ මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයෙහිය. සංදේශයට ගීත 7 ක් ඇතුලත් වූ අතර සියළු ගීත අදටත් ජනප්‍රිය ය.
1. රැජන මමයි අපේ රාජ්ජේ.....
ලතා වල්පොල/ මොහිදීන් බෙග් සහ පිරිස
2. පුන්සඳ එළියයි .....
ලතා වල්පොල සහ පිරිස
3. සුදට සුදේ වලාකුලයි...
ලතා වල්පොල
4. කටේ කිරි සුවඳ යන්නට .....
ධර්මදාස වල්පොල
5. කෝ හතුරෝ කෝ හතුරෝ ......
ධර්මදාස වල්පොල / මොහිදීන් බෙග් සහ පිරිස
6. පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා ....
එච්.ආර්. ජෝතිපාල / සිඩ්නි ආටිගල සහ පිරිස
7. රෑන ගිරා රෑන අඹේ .....
ලතා වල්පොල
"සංදේශය" 1960 මාර්තු මස 30 දින සිට ගාමිණී, සැෆයර්, කැපිටෝල්, නුගේගොඩ ක්වීන්ලන්, මහනුවර වෙම්බ්ලි , මොරටුව මානෙල්, මහරගම අනූෂා , මාතලේ සෙන්ට්‍රල් , බදුල්ල මොඩර්න් , කළුතර රිච්මන්ඩ්, මාතර රිච්මන්ඩ්, ගාල්ල ඔලිම්පියා, වත්තල සමුද්‍රා, ජාඇල රත්නාවලී, කුරුණෑගල ජුපිටර්, කෑගල්ල ඡායා, රත්නපුර ලක්ෂ්මී, වැලිගම චාන්දනි, වෙන්නප්පුව ෂැම්රොක්, කුලියාපිටිය ශ්‍රී මහල්, අම්බලන්ගොඩ රිච්මන්ඩ්, හලාවත සාගර, පොළොන්නරුව ජයන්ති, කටුනායක ජෙමිනි, අළුත්ගම ලිච්චවි සහ මහවැව ස්වර්ණමාලි යන සිනමාහල් 26 ක මුල්වරට ප්‍රදර්ශනය විය. එය එතෙක් සිංහල චිත්‍රපටයක් ආරම්භක දිනයේ ප්‍රදර්ශනය කළ වැඩිම සිනමාහල් සංඛ්‍යාව විය. ඉන් දින කිහිපයකට පසු තවත් අමතර පිටපත් 5 ක් ප්‍රදර්ශනයට එක් කළ බව කියැවේ. චිත්‍රපටය අති සාර්ථක වී විශාල ආදායම් ලැබීය.








මුණු පොතට - පින්තූරයක කතාව.
A day in the life 
ජීවිතයෙන් දවසක් .