පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-04-13

සිංහල දෙමළ අළුත් අවුරුද්ද .



අද 2026 අප්රේල් මාසයේ ( බක් මාසේ ) 14 වෙනිදාය.

සිංහල සහ හිණ්දුන් වන අපට පුර්ව භාග 9.32 ට අළුත් අවුරුද්ද උදාවන බව නැකත්කරුවන් විසින් ප්‍රකාශිතය.

මෙවර රාජ්‍ය නකැත් කමිටුව නිහඩව සිට වෙනත් පාර්ශවයන් විවිධ මත පලකිරීම නිසා පසුව නැකැත් කමිටුව මැදිහත්වු බවක් දක්නට තිබිනි.

කෙසේ වෙතත් නව අංග සහිතව දැන් නැකත් ප්‍රකාශිතය.

ශ්‍රී ලංකාවේ සිංහල අප හැර ද්‍රවිඩ ජනතාව බහුතරයක් වෙසෙන උතුරෙ සහ නැගණහිර ප්‍රෙද්ශවලද එකම දිනයේ අළුත් අවුරුද්ද සමරනු ලබන්නේය. ද්‍රවිඩ ජනතාවට අවුරුදු සමරන එක් නිශ්චිත දිනයක් ලෙසින් අප්රේල් 14 වෙනිදා සම්මතයකි.එහෙත් සිහල අපිට නැකත් අනුව 13 හා් 14 වෙනිදා විය හැකිය.

අළුත් අවුරුදු දිනය (14 වෙනිදා ) ඉණ්දියවේ තමිල්නාඩුව ,කේරලය .පොන්ඩිචේනි ආදි ප්‍රාන්තවලද වර්තමානයේ ශ්‍රී ලාංකිනයන් බහුලව සිටින මැලේසියාව ,සිංගප්පූරුව ,කැනඩාව ඔස්ට්‍රේලියාව වැනි රටවලද ශ්‍රී ලාංකිකයන් විසින් අළුත් අවුරුද්ද සමරනු ලබන්නේය.

අපිට අළුත් අවුරුද්ද ද්‍රවිඩ භාෂාවෙන් හැදින්වෙන්නේ “පුත්තාන්ඩු“ නමින්ය.

නිරායන ජ්‍යොතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ අප්‍රේල් 14 වැනිදාය. 

ජාත්‍යන්තර දෙමළ දින දර්ශනයේ හා තමිල්නාඩු දින දර්ශනයේ 14දා රජයේ නිවාඩු දිනයකි. 

නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාලපරාසය වන්නේ මාර්තු 22 අවට කාලයේදීය. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක දෝලනය එකතු කිරීමෙන් හින්දු ක්‍රමයට අනුව නිරායන මේෂ සංක්‍රාන්තිය ගණනය කෙරේ. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක්‍රාන්තියයි. 

සිංහල ජනතාව සමරන අලුත් අවුරුද්දේ සිද්ධාන්තයද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීමය. සිංහල අවුරුද්ද අප්‍රේල් 12 - 14 දක්වා වූ දින තුනෙන් ඕනෑම දවසක පැවතිය හැකිය. 

සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය අප්‍රේල්ය. හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ්‍රහ්මයා විශ්වය මවා ඇත්තේද සත්‍ය යුග නම් වූ යුගය ආරම්භ වන්නේද අප්‍රේල්වලදීය. මෙම මාසය දෙමළ බසින් හඳුන්වන්නේ පුත්තන්ඩු, වරුද පයිරප්පු හෝ චිත්තරයි තිරු-නාල් යන නම්වලිනි. 


සුබ අළුත් අවුරුද්දක් වේවා.යිය අප කියන විට ද්‍රවිඩ ජනතාව 

පුත්තන්ඩු වාස්තුකල් හෝ ඉනිය තමිල් පුත්තන්ඩු නල්ලවාස්තුක්කල්’ යැයි පවසමින් එකිනෙකාට සුබ පතා ගනිති. අප අවුරුදු ලග්න පලාපල මාධ්‍යවලින් කියවා ගන්නා අයුරින් අලුත් අවුරුදු දිනයේදී පවුලේ වැඩිහිටියකු හෝ නැකැත්කරැවකු විසින් ඉදිරි මාස 12 සඳහා සිය පවුලට අයත් පලාඵල කථනයක් සිදුකර ගනී.

දෙමළ චාරිත්‍ර අනුව අලුත් අවුරුද්ද උදාවීමට පෙර පැය හතරක් සහ උදාවූවාට පසුව පැය හතරක් විෂු කාලය ලෙස හැඳින්වේ. එය අප අනුගමනය කරන පුණ්‍ය කාලයට සමාන වේ. දෙමළ වැසියන් හිසතෙල් ගෑම, දිය නෑම, සිදුකරන්නේ විෂු කාලය තුළදීය.

අලුත් අවුරුදු දිනය යෙදෙන 14දා උදෑසනින්ම හින්දු පවුලේ මව තම පවුලේ සාමාජිකයන් වෙත යන්නීය. ඔවුන්ගේ දෑස් තම අතින් වසා ඔවුන් පවුලේ දේව ප්‍රතිමාව පිහිටි ස්ථානයට කැඳවාගෙන යයි. ඒ අලුත් අවුරුද්දේ සුබ දසුනක් පළමුව පෙන්වීම සඳහාය. රන් ආභරණ, පළතුරු ආදියද මෙහිදී පෙන්වනු ලබයි. මෙම දේවල් දැකීමෙන් වසර පුරාම සෞභාග්‍යය උදාවන බව හින්දු ආගමිකයෝ විශ්වාස කරති. 

අවුරුදු දිනයේ නිවසේ කාන්තාවන්ට වැඩ වැඩිවේ. 

නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපස කෝලම් හෝ රන්ගෝලි නමින් හඳුන්වන වර්ණවත් රටා ඇඳීම සිදුවේ. කෝලම් ඇඳීමට යොදාගන්නේ ධාන්‍ය අඹරා සකස්කර ගත් පිටි වර්ගයි. එම පිටි පසුව පක්ෂීන්ට හා කෘමීන්ට ආහාරයක් වෙතැයි හින්දූහු අදහති. කෝලම් රටා මැද තබන පහන හඳුන්වන්නේ කුක්කු විලක්කු නමිනි. 

ඉන්පසු කනි නම් චාරිත්‍රය කරති. කනි යනු සුබ දසුනයි. ඒ සඳහා රන් ආභරණ, මල්, සහල්, පලතුරු වට්ටියක් දෙස බැලීම සිදුවේ.
ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල නිවෙස් දොරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් හොඳින් පෙනෙන සේ එල්වා තැබීම සිදුවේ. ඒ සෞභාග්‍ය සංකේතවත් කරමිනි. 

කොහොඹවල ඇති සුවිශේෂී ඖෂධ ගුණය මෙන්ම මෙහි ඇති තිත්ත බව අලුත් අවුරුද්ද සමඟ මුසුකරගැනීම මගින් ජීවිතවල යම්කිසි යථාර්ථවාදී බවක් ද ද්‍රවිඩ ජනතාව අපේක්ෂා කරයි. ද්‍රවිඩ ජනතාව අලුත් අවුරුදු දිනයේදී ලක්ෂ්මී දෙවඟනට සහ ගණ දෙවියන්ට විශේෂයෙන් වැඳුම් පිදුම් කරයි.

හිසතෙල් ගා ස්නානය කිරීම.

සිංහල අවුරුද්දේ නම් හිසතෙල් ගා ස්නානය කෙරෙන චාරිත්‍රය යෙදෙන්නේ බොහෝවිට 15දාටය. නමුත් දෙමළ අවුරුද්දේදී හින්දූහු 14 දාම ඖෂධ මිශ්‍ර නානුවලින් හිස සෝදා ස්නානය කොට  පිරිසිදු වෙති. 

එය ඔවුන් හඳුන්වන්නේ “මරුත්තු නීර් වෙත්තු කුලිත්වාල” යනුවෙනි. මෙම මරැත්වද තීර් ඖෂධ විශේෂයකි. මෙහිදී දේවස්ථාන පොකුණුවල ස්නානය කිරීමෙන් පව් සෝදාහැරිය හැකි බව විශ්වාස කරනු ලබති. ඊට පසු අවුරුද්දට නියමිත වර්ණයෙන් යුත් ඇඳුම්වලින් සැරසීම සිදුවේ. 

වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය.

මෙවර මේ සදහා නැකත් සකස්වී ඇත්තේ අප්රේල් 14 වෙනිදා අපර භාග 12.06 ටය. සිංහල ජනතාව මෙය සුවිශේශ චාරිත්‍රයක් ලෙස සලකති.

ද්‍රවිඩ ජනතාව නිවස අනුව  ගොම මැටි ගා පිරිසිදු කරන්නේ අවුරද්දට පෙර දිනයේය.නැත්නම්  සෝදා පිරිසිදු කෙරේ. ප්‍රධාන දොරටුව පිහිටි උළුවස්සෙහි අඹ කොළ හතක් එල්ලා ආරක්ෂාව පැතීම සිදුවේ. බුලත්, පුවක් හා පළතුරුවලින් අලංකාර කිරීමද ජලය පිරි කලසක් මිදුලට ගෙන ඒමද සිදු කෙරේ. මෙම චාරිත්‍ර කරන්නේ අවුරැදු උදාවට පෙරය. 

වුරුදු උදාව සංකේතවත් කරමින් ලිප ගිනි මොලවා කිරිබතක් පිළියෙල කෙරේ. ඊටපසු එය අනුභව කරන්නේ සිංහල ජනතාව මෙන් ගෘහ මූලිකයාගේ ප්‍රධානත්වයෙන් සුබ නැකතටය. 

ගනුදෙනු කිරීම - කෛවිශේෂම්  

ඔවුන් ගනුදෙනු කිරීමට වැඩි තැනක් දීම විශේෂත්වයකි. එය කෛ විශේෂම් යනුවෙන් හැඳින්වේ. ඔවුන් මුදල් හඳුන්වනු ලබන්නේ ලක්ෂ්මී ලෙසය. ගනුදෙනු කිරීමට කාලය එළැඹෙන තෙක් මුදල් අතින් අල්ලන්නේ නැත. ගෘහ මුලිකයා තම බිරිඳ සමඟ ගනුදෙනු කිරීම ඉපැරුණි සම්ප්‍රදායකි.

මේ සඳහා වට්ටියක බුලත් කොළ එලා එයට ධාන්‍ය වර්ගයක් දමා මල්, පුවක් සහ කෙසෙල් දමා ඒ මත මුදල් දමා තමන්ට ධන ලාබ, වස්තු ලාභ ලැබේවායි ප්‍රාර්ථනා කරයි. ඉන්පසු බිරිද සමඟ ගනුදෙනු කරයි.

මේ සියල්ලෙන් පසු කෝවිලට ගොස් දෙවියන් පුදා දේවාශිර්වාද ලබා ගනිති. අවුරැදු දවසේ අපේ රටේද කෝවිල්වලට විශාල දෙමළ ජනතාවක් රොක් වන්නේ ඒ නිසාය. 

එමෙන්ම නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කිරීම සඳහා පස්පිඩැල්ලක් කැපීමද අවුරුදු දිනයේ සිදු කරන චාරිත්‍රයකි. මෙය ආර්පිඩු නමින් හැඳින්වේ. සිංහලයන් අතරද කිරි ගසකට පිහියෙන් කෙටීම හෝ උදැල්ලෙන් පොළොව කෙටීම දක්නට ලැබෙන චාරිත්‍රයකි.

සාමාන්‍යයෙන් හින්දු ජ්‍යොතිෂයට අනුව සෑම වසරකටම වෙන් වෙන් වශයෙන් නම් දී ඇත. 

එක් වටයකට වර්ෂ හැටක් තිබේ. අලුත් අවුරැදු උදාවන වේලාව බලා එම අවුරුද්දේ ග්‍රහයන් පිහිටන ආකාරයෙන් ඒවාට එම නම් ලැබී ඇත.

නෑදෑ හිතමිතුරන් ගෙවල්වලට කැඳවා ගැනීම,ඔවුන්ගේ නිවෙස්වලට යෑම සහ ඥාතීන්ට සංග්‍රහ කිරීමට හොඳ නැකතක්, දවසක් බැලීම ද සිදුවේ. 

බ්‍රහස්පතින්දා, අඟහරැවාදා හා ඉරිදා දිනවලට එවැනි සුබගමන් සිදු නොකෙරේ. කල්ල විසාලන් කලු තෛ අරුක්කුමි යනුවෙන් දෙමළ  ප්‍රස්ථා පිරුළක් ඇති අතර එහි අරුත හොර බ්‍රහස්පතින්දා බෙල්ලත් කපා දමයි යන්නයි. අවඅටවක, පුර අටවක අමාවක යන දිනවලදී නෑදෑ හිතමිතුරන්ට සංග්‍රහ නොකරති. නරක වේලාවේදී නරක දිනයන්හිදී සංග්‍රහ කරහොත් එම අවුරැද්ද පුරාම එම පිරිස් සමඟ නොහොඳ නෝක්කාඩු වී සිටිමට සිදුවන බව ඔවුහු තරයේ විශ්වාස කරති.

දෙමළ ජනතාවගේ අවුරුදු සිරිත්වලත් සිංහල අවුරුදු සිරිත්වලත් ඇත්තේ එකම තේමාවකි. එනම් එළඹෙන අවුරුද්ද සෞභාග්‍යවත්ව කවුරැත් සමඟ හිත හොඳින් ජීවත්වීමය. 

ඒත් අද දවසේ නවීකරණය වූ ඩිජිටල් සමාජයට අවුරුද්දේ අරමුණ අමතකවී අවුරුද්දත් නවීකරණය වී ඇති සේය.







දේශය 

2019 අප්රේල් 13.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-12

අගුරුවු සත්‍යය - 2



බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව පැවති විශ්වාස බංග යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී පැවතිණි.
ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව සිදුව ඇති බවත්, අමාත්‍ය කුමාර ජයකොඩි එම ටෙන්ඩරය ලබාදීම සඳහා කිසිදු මැදිහත්වීමක් කර නොමැති බවත් එම විවාදයේ දී තවදුරටත් තහවුරු විය.
එහෙත් විපක්ෂයේ ඝෝෂාවට රැවටී ඇති බොහෝ අය, අමාත්‍යවරයා වංචාවක් සිදු කර ඇති බව තවදුරටත් විශ්වාස කරති.
ඒ පිරිස් අතරේ මාලිමාවට ඡන්දය දුන් අය සිටී නම්, මේ කරුණු අවධාරණය කර ගැනීම අත්‍යවශ්‍ය ය.
බලශක්ති අමාත්‍යාංශයේ පමණක් නොවේ......අනෙක් සෑම අමාත්‍යාංශයකමත්, පළාත්පාලන ආයතනයකමත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලපෑම් කිරීමට කිසිවෙක්ට නොහැකි ය.
කිසිවෙක්ට තනි තීන්දු ගැනීමට ද නොහැකි ය. ආණ්ඩුවේ සියල්ල ක්‍රියාත්මක වන්නේ සාමූහික තීන්දු අනුව ය.
එයින් අදහස් කරන්නේ කෙනෙක්ට හොරකම් කිරීමට අවස්ථාවක් නැති බව නොවේ.
එහෙත් එවැනි හොරකමක්, වංචාවක් පිළිබඳව දැනගන්නට ලැබුණු පළවෙනි මොහොතේදී ම, තරාතිරම නොබලා ඔහුව අදාළ තනතුරුවලින් අයින් කිරීමට හැකි පක්ෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මකව පවතී.
එවැනි හැකියාවක්, සහ සංවිධාන ශක්තියක් ඇත්තේ මාලිමාවට පමණ ය.






පිටපත  
Lional Athukorala යන්ගේ 
මුණුපොතෙන්.

A day in the life 
ජීවිතයෙන් දවසක් .