පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-04-04

TBM දැවන්තයා




මේ ඡායාරූපයේ දැක්වෙන්නේ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක වන ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ (Upper Elahera Canal Project) භූගත උමඟ කැපීම සඳහා යොදාගත් අති දැවැන්ත TBM (Tunnel Boring Machine) යන්ත්‍රයයි. තව නොබෝ දිනකින් මෙහි වැඩ අවසන් වූ පසු මෙම යන්ත්‍රය සදහටම පොළොව තුළම අත්හැර දමනු ලැබේ. මේ ඒ කතාව.
මොරගහකන්ද ජලාශයේ සිට උතුරු මැද පළාතට ජලය ගෙන යාම සඳහා ඉදිවන ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියට අයත් මෙම භූගත උමඟ කිලෝමීටර් 28ක් පමණ දිගින් යුක්ත වන අතර, එය සම්පූර්ණ වූ පසු ශ්‍රී ලංකාවේ දිගම උමඟ බවට පත්වනු ඇත.
මෙම කාර්යය සඳහා ගෙන්වන ලද TBM යන්ත්‍රය මීටර් සිය ගණනක් දිගු, ටොන් දහස් ගණනක් බරැති අති නවීන යන්ත්‍රයකි. එය ඉදිරියට ගමන් කරන අතරතුරම පස් සහ ගල් කපා ඉවත් කරනවා පමණක් නොව, උමඟ කඩා නොවැටෙන සේ කොන්ක්‍රීට් වළලු (Concrete segments) සවි කිරීමද සිදු කරයි.
උමඟක වැඩ අවසන් වූ පසු TBM යන්ත්‍රයක් පිටතට නොගෙන එහිම අතහැර දැමීම (Burying or Entombed) ලෝකය පුරාම උමං ඉංජිනේරු විද්‍යාවේ බහුලව සිදුවන දෙයකි.
ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපායි
1. අධික පිරිවැය
කිලෝමීටර් ගණනක් පොළොව යටට ගමන් කර ඇති ටොන් දහස් ගණනක් බරැති යන්ත්‍රයක් ආපසු හරවා ගැනීමක් කළ නොහැක. එය පිටතට ගැනීමට නම් එක්කෝ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම ගලවා (Dismantle) උමඟ දිගේම පසුපසට ගෙන ආ යුතුය. නැතහොත් උමඟ අවසන් වන තැනින් පොළොව මතුපිට සිට යන්ත්‍රය ගැනීමට තරම් දැවැන්ත වළක් (Retrieval Shaft) කැපිය යුතුය. මේ සඳහා යන වියදම සහ කාලය අලුත් යන්ත්‍රයක් මිලදී ගන්නවාට වඩා විශාල විය හැකිය.
2. එක් ව්‍යාපෘතියකට පමණක් සීමා වීම
සෑම TBM යන්ත්‍රයක්ම නිෂ්පාදනය කරන්නේ අදාළ ප්‍රදේශයේ භූ විද්‍යාත්මක තත්ත්වයන්ට (Geological conditions) සහ උමඟේ විෂ්කම්භයට හරියටම ගැළපෙන පරිදිය. එබැවින් මෙම යන්ත්‍රය වෙනත් ප්‍රමාණයක උමඟක් කැපීමට හෝ වෙනත් රටක පස් සහිත භූමියකට නැවත භාවිතා කිරීම ප්‍රායෝගික නොවේ.
3. තාක්ෂණික යල් පැනීම
මෙවැනි ව්‍යාපෘතියක් අවසන් වීමට වසර ගණනාවක් ගතවන අතර, ඒ කාලය තුළ යන්ත්‍රය දැඩි ලෙස ගෙවී යාමට ලක්වන අතරම නව තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර වෙළඳපොළට පැමිණේ.
ඇත්තටම පොළොව යට වළලන්නේ මොනවාද?
මෙය සම්පූර්ණ යන්ත්‍රයම එලෙසම අතහැර දැමීමක් නොවේ. මෙය ඉතා සැලසුම් සහගතව සිදුවන පියවරකි.
1. වටිනා කොටස් ඉවත් කරගැනීම
ව්‍යාපෘතිය අවසානයේදී ඉංජිනේරුවන් විසින් යන්ත්‍රය ඇතුළත ඇති සියලුම වටිනා කොටස් ඉවත් කරගනු ලබයි. මෙයට දැවැන්ත විදුලි මෝටර්, හයිඩ්‍රොලික් පද්ධති, ඉලෙක්ට්‍රොනික් උපාංග, පරිගණක පද්ධති සහ යන්ත්‍රය පසුපසින් ඇදගෙන යන මැදිරි (Trailing gear) අයත් වේ.
2. යකඩ කවචය කොන්ක්‍රීට් කිරීම
අවසානයේ ඉතිරි වන්නේ යන්ත්‍රයේ පිටත ඇති අති දැවැන්ත යකඩ කවචය (Outer Shield) සහ ඉදිරිපස ඇති කැපුම් තැටිය (Cutterhead) පමණි. මෙය උමඟේ අවසන් කෙළවරේ හෝ ඒ සඳහාම හාරන ලද පැති කුටීරයක (Side cavity) රඳවා, හිස් අවකාශය කොන්ක්‍රීට් කර සදහටම වසා දමනු ලැබේ.
තව නොබෝ දිනකින් සිංහ කොඩිය සහිත එම ඉදිරිපස දැවැන්ත කැපුම් මුහුණත, ව්‍යාපෘතිය අවසානයේදී අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් කළ සේවයේ නිහඬ සාක්ෂියක් ලෙස සදහටම ශ්‍රී ලංකා පොළොව යට කොන්ක්‍රීට් වලින් වැසී මිහිදන් වනු ඇත.
සටහන - Deshika Jayantha
A day in the life ජීවිතයෙන් දවසක් .

2026-04-03

රත්නපුරය -- වුනේ මෙහෙමයි




ඉබන් බතුතාට ආර්‍යචක්ක්‍රවර්ති ශ්‍රිපාදයට යාමට
ඉඩ සලසා දුන්නේය.
අතර මඟදී ඔහු "අල්කොනර්"
නම් සුල්තාන් කෙනකු වාසය කළ ස්ථානයට
ගියේය.
එය ඔහු සදහන් කරන්නේ "කොනකර්"නමිනි.

අරාබි බසින් අල්කොනර් යනුවෙන් මෙහි එන්නේ
අලගක්කෝනාරයන් බව පහසුවෙන්ම හඳුනා ගත
හැකිය.
ඔහුගේ රාජධානිය වු කොනකර් වනාහි
කුරුණෑගල යයි ලංකා ඉතිහාසය පිළිබද පොත්පත්
ලියු බොහෝ දෙනා කල්පනා කරති.

එහෙත් ඉබන්නතුතා ගේ විස්තරය අනුව එය
ශ්‍රිපාද කන්දට නුදුරු තැනක් වියයුතු බව
"කොඩ්‍රිංටන්"මහතා පවසයි.
"කොනකර්"යනු අලගක්කෝනාර පවුලේ
පරම්පරාගත වාසභූමිය වු "රයිගම"යන්නෙහි
දෙමළ පරිවර්තනය කැයි සිතන්නට පුළුවන.

එහෙත් ඉබන්බතුතාගේ විස්තරය ඒ පෙදෙසට
ගැලපෙන බවක් නොපෙනේ.

"කොනකර්"යන්න වනාහි "රත්නවර"(රජුගේ නුවර)
යන සිංහල නමේ ද්‍රවිඩ පරිවර්තනයක් විය හැකිය.
"රත්නවර"යන්න පණ්ඩිතමාණි අදහස් වලට
ගැලපෙන පරිද්දෙන් මෑත කාලයේදි "රත්නපුර"
යනුවෙන් වෙනස් කරගන්නා ලදැයි සිතිය හැකිය.

උපුටා ගැනීම :--
ලංකා විශ්වවිද්‍යාලයේ "ලංකා ඉතිහාසය"
පොතෙනි.

මගේ සටහන :-
මම සීවලී මධ්‍ය විද්‍යාලයේ ඉගැන්වු
කාලයේදී විද්‍යාලිය පුස්තකාලයේ බොහෝ පොත්
රැගෙන විත් කියවීමි.
ඒ පොත් අතරින් මා සිත්ගත් පොතක් වූවේ
රුසියානු ඉතිහාසඥණයකු වු E.H.කා මහතා ලියු
"ඉතිහාසය යනු කුමක්ද"යන ඉතිහාස පොතය.

පසුව මම ලංකාවිශ්ව විද්‍යාලයේ ඉතිහාස පොතත්
ගෙනවිත් කියවන්නට ඇත.
මේ මෑතකදි මුහුණු පොතේ රත්නපුර ප්‍රදේශයේ
මැණික් හා සම්බන්ද ගම් කිසිත් නැත යන පෝස්ටුවක්
පළකර තිබුනා මට දකින්න ලැබුනා.

ඒ අනුව රත්නපුර සම්බන්ධ ළිපියක් මා දින පොතක
සටහන් කරගත් බව මතක් වුනා.
දින පොත් ටික පෙරලා බැලු විට ළිපිය මුණ ගැසුනා.
අදාල සටහන මා ලියා ගෙන ඇත්තේ
"1986 ජනවාරි 20 වන සඳුදා."
පොත කියවමින් සිටින විට එදින ඒ කොටස මට
මුණගැසෙන්න ඇති.
ඉතින් මම ඒ අවස්ථාවේදීම ඒ කොටස
ලියා ගන්නට ඇත.

මෑත ඉතිහාසයේදි "සබරගමුව"යන්නට
"සපරගමුව"ලෙසට ලියවුන අවස්තා දක්නට ඇත.
සපරගමුවේ ලේකම් මිටිය යන්න එක් උදාහරනයකි.
එසේම මා සතුව පවතින අවුරුදු දෙසීයක් පමණ
පරන නඩු තීන්දු සියල්ලේම සඳහන් කර ඇත්තේ
සපරගමුව ලෙසය.

වඩා නිවරදි සපරගමුව යන්න නම් රත්නපුර
දිස්ත්‍රික්කයේ මැණික් වලට සම්බන්ධ එකම නම
එය පමණි.
ඒ හැර මණික් හා ගැට ගැසුනු කිසිම ගම්
නාමයක් දක්නට නොමැත.
මෙන්න මේ ආකාරයට:-
1.මැණික් කුඹුර,මණික් දෙණිය ,මැණික් ඕවිට ,
මැණික් වත්ත,මැණික් හේන .
2.දලං කුඹුර ,දලං දෙණිය ,දලං ඕවිට ,දලං වත්ත,
දලං හේන.
3.කොට්ටර කුඹුර,කොට්ටර දෙණිය,කොට්ටර ඕවිට.
කොට්ටර වත්ත ,කොට්ටර හේන.
4.මලුක්කන් කුඹුර,එම දෙණිය ,එම ඕවිට ,
එම වත්ත,එම හේන ආදි ලෙස.
ගම් වලට නම් පටබැදුනු ඈත අතීතයේදී මැණික්
කර්මාන්තය මේ ප්‍රදේශයේ සිදිනොවන්නට ඇතැයි
මා සිතනව.
පසු කාලිනව වෙන්නට ඇති මැණික් කර්මාන්තය
පටන් ගන්නට ඇත්තේ.

එවිට ගම් වලට නම් තබා අවසන් වෙන්නට ඇති.
ඉතින් ලංකා විශ්වවිද්‍යාලය ගෙනහැර දක්වන
ඉතිහාසය සත්‍යයක් යැයි මට නම් සිතෙනව.
ඉතින් රුවන්පුරය මිණිපුරය යන නම් අතීතයේදි
භාවිතා කළේ දැයි යන සැකය මට නම් ඇති වෙනව.
මෙය කියවන ඔබේ අදහස් පළ කරන්නේ නම්
මම අගේ කරනව.
මේ සම්බන්ධව සංවාදයක් ආරම්භ වන්නේ
නම් වැදගත් යැයි මම සිතනව.

2026 .03. 29.

මේ සටහන ජේ.එම්.බී බණ්ඩාර යන්
මුණු පොතට වියමන් කල අදහසකි.
එතුමා විද්‍යා ගුරුවරයෙක් වශයෙන්
සේවය කරයි.



A day in the life 
ජීවිතයෙන් දවසක් .