පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-03-18

ජනාධිපතිවරයාගේ විශේෂ මාධ්‍ය හමුව.



ඉන්ධනවලට අපි දිගු කාලීන ටෙන්ඩර් ප්‍රධානය කරලා තිබුණා. නමුත් අපි දිගුකාලීන ටෙන්ඩර් දෙකක් විශේෂයෙන් මෙට්‍රික් ටොන් 90,000 නැව් දෙකක් නියමිත කාලයට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. පෞද්ගලික අපේ තෙල් සැපයුම්කරුවන් ඉන්නවා ඔවුන්ගෙන් එක නැවක් අපිට නියමිත කාලයට ලැබෙන්නේ නෑ කියලාත් දැන් වාර්තා වෙලා තියෙනවා. අපිට අවශ්‍ය ඉන්ධන සැපයීමේ අඩුවක් තියෙනවා.. එක නැවක ප්‍රමාදයක් මේ ජාලයටම බලපෑම් එල්ල කරනවා. ඒ නිසා අපි ඉලක්ක කරලා තියෙන ඉන්ධන සැපයුම අපිට ලැබෙන්නේ නෑ.

අපි මේ වෙනකොට මැදිහත්වීම් කිහිපයක් කරලා තියෙනවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්. දෙවැනි එක අපි ඉක්මන් ටෙන්ඩර් කිහිපයක් දැම්මා. අපි අද ටෙන්ඩරයක් දැම්මා ඩීසල්, බොරතෙල්, ලිහිසිතෙල්, පෙට්‍රල්, සඳහා අපිට ඉතාම විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගෙන් ටෙන්ටර් ඇවිල්ලා තියෙනවා.

ඩොලර්වලින් ව්‍යාපාරවල යෙදෙන අය ව්‍යාපාර සඳහා ඔවුන්ට බලපත්‍රයක් දෙන්න ඔවුන්ට අවශ්‍ය වන තෙල් ආනයනය කර ගැනීම සඳහා කියලා. ඔවුන්ට අපි තාවකාලික බලපත්‍රයක් ලබා දීලා තියෙනවා.
මාර්තු මාසේ ගෑස් අවශ්‍යතාවය තිබ්බේ 33,000යි නමුත් අපි 38,000ක් ඇනවුම් කළා මාර්තු මාසයට පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩාල කරලා තිබෙන නිසා. ඒ මෙට්‍රික් ටොන් 38,000ම ලැබිලා තිබෙනවා. තව අපි ගෑස් නැවක් ඇනවුම් කරලා තියෙනවා ඒක හෙට හෝ අනිද්දා ලැබීමට නියමිතව තිබෙනවා ඒ නිසා ගෑස් අර්බුදයක් ඇති වෙන්නේ නෑ.
ගෑස්, ගල් අඟුරු සහ ඉන්ධන අපේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා හරහා ලබා ගැනීමට සාකච්ඡා කරමින් තිබෙනවා ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් යනවා.

QR කේතයේ යම් යම් ගැටලු තිබෙනවා කියලා අපි දන්නවා. යම් ගැටලු මතුවෙනවා කියලා පූර්ව අවබෝදයකින් යුතුව තමයි අපි ඉරිදා දිනයක්ම තෝරාගත්තේ. දැන් මිලියන 5කට අධික පිරිස් ලියාපදිංචි වෙලා තිබෙනවා. යම් ජාතික පද්ධතියේ ගැටලුවක් එන බව දැනගෙනම තමයි අපි මේක දැම්මේ.

අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා අපි ආරක්ෂිත තෙල් තොග පවත්වාගනිමින් යනවා. ඉන්ධන අත්‍යවශ්‍යම තැන්වලට ඒවා බිඳ වැටෙන්නේ නැතිව QR එක ප්‍රමාණවත් නැත්නම් ඒක වැඩි කරමින් ලබා දීම සඳහා අමාත්‍යාංශ මගින් වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා.

ආහාර සැපයුම් ජාලය අපි අධ්‍යනය කරමින් යනවා. විශේෂයෙන් උත්සව සමය එන්නේ. අපි මාස 3ක් දීර්ඝ වශයෙන් තොග රැස් කරන්න පුළුවන් අය සමග සාකච්ඡා කරා ඔවුන්ගාව ඒ මාස 3ක තොග ගබඩා කරන්න පහසුකම් තිබෙන බව වාර්තා කළා. ඒ නිසා අත්‍යවශ්‍ය ආහාරවල හිඟයක් ඇති නොවීම ගැන අපි කල්පනා කරනවා.

අපි හැම අමාත්‍යාංශයකටම ඉලක්කයක් දීලා තියෙනවා තමන්ගේ අමාත්‍යාංශයේ තෙල් ප්‍රමාණය අඩු කරගත යුතුයි. අඩුම තරමේ 25%කින්වත්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා අපිට දැනටමත් වාර්තාවක් ලබා දීලා තිබෙනවා ඒ අමාත්‍යාංශය සම්බන්ධව.
අපි ඉතාමත් සාර්ථකයි අපි දවස් දෙකක් වැඩ කරනවා. දවසක් නිවාඩු දෙනවා ආයේ දවස් දෙකක් වැඩකරනවා . අපිට රාජ්‍ය සේවයේ අඛණ්ඩතාව තමයි වැදගත් වුණේ.
අපි ප්‍රධාන ක්ෂේත 4ක, අඛණ්ඩ බලශක්තිය සැපයීම සඳහා, අත්‍යශ්‍ය සේවාවන් සඳහා, රාජ්‍ය සේවය සූදානම් කිරීම, පීඩාවට පත්වෙන ප්‍රජාවට ලබා දෙන සහනාධාර පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙනවා. කිසි කෙනෙක් බියට පත්විය යුතු නෑ.

බලශක්ති අර්බුදයක් මතුවෙනවානම් අපි ඒක තමයි ක්ෂණික මිලදී ගැනීම සඳහා අපි ටෙන්ඩර් කෝල් කළා. ඒකෙන් අපි නැව් 5කට අවසර ලබා දෙනවා. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලදීත් අපි ගල් අඟුරු ඇතුළත් කරලා තිබෙනවා. ප්‍රමිතියේ ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි ඒකට කටයුතු කරනවා.
අපි කාලයක් තිස්සේ හැදිච්ච කාටල බිඳිනවා. අපි සාධාරණ ටෙන්ඩර් ක්‍රමවේදයකින් ටෙන්ඩර් ලබා දෙනවා. අලුත් කෙනෙකුට චූටි චූටි ගැටලු මතුවිය හැකියි.

මම විවෘතව කිව්වොත් දැනට පස්සට ගිහිල්ලා තියෙන්නේ අප්‍රේල් 6-7 එන්න තිබුණ බොරතෙල් නැව්. දැන් ගබඩා කරලා තිබෙන බොරතෙල් ප්‍රමාණය අප්‍රේල් 15 දක්වා ප්‍රමාණවත්. අපිට නැව් එන්න ඕනේ. ඒ නැව යම් කාලයක් ගන්නවා එන්න. අපිට තියෙන්නේ සීමිත ගබඩා ප්‍රමාණයක්. ගබඩාවෙන් පිරිපහදු කෙරෙන්න ඕනේ. මේ පද්ධති කළමනාකරණයක් තියෙන්න ඕනේ. අද අපිට නැව් 10ක් ගෙනල්ලා තියාගන්න තැනක් නෑ. මේ තියෙන යාන්ත්‍රණයට අනුව CPC එකෙන් කොච්චරද IOC නැව කවදාද, RM පාර්ක් නැව කවදාද, සිනොපැක් නැව කවදාද කියලා අපි ප්ලේස් කරලා තියෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ කොතනද අවලංගු වෙන්න ඕනේ. ඉතිං අපි කලින් ටෙන්ඩර් දැම්මාට වැඩක් නෑ.
ගනුදෙනුව කරන්න පුළුවන් ඕනෑම මුදල් ඒකකයකින් අපිට. හැබැයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මොකක්ද රුසියාව සහ අපි අතර එකඟතාවයකට එනවානම් අපි ගන්න බැඳෙනවා. ගන්න බැඳෙනවානම් අපි බැඳිම ඉටු කරන්න ඕනේ. ඉටු කරන්න පුළුවන් පරිසරයක් අපි හදාගන්න ඕනේ. අපි මේ හැම දෙයක් පිළිබඳවම තීන්දු ගන්න කලින් සියල්ල සලකා බලමින් තමයි තීන්දු ගනිමින් ඉන්නේ.

අපේ කවර හෝ අමාත්‍යවරයෙක් අමාත්‍යවරයාගේ බලතල අමාත්‍යවරයාගේ විෂය පඨය උපයෝගි කරගෙන කොතන හෝ අධිකරණයක නඩුවක් පැවරෙනවානම් මම ඔහුව ඉවත් කරනවා. ජයකොඩි පිළිබඳව ප්‍රශ්නය 2014දි ඔහු රාජ්‍ය නිලධාරියෙක් විදිහට ඉන්නකොට ප්‍රසම්පාදනයේ ගැටලුවක්. හැබැයි ඔහු අමාත්‍යවරයා හැටියට නම් අධි චෝදනා ලබලා අධිකරණයට ගොනු වෙලා තිබෙනවානම් මම ඔහුව හෙට අමාත්‍යධුරයෙන් ඉවත් කරනවා.

විදුලි කප්පාදුව පිළිබඳව දැනට අවශ්‍යතාවයක් පැන නැගිලා නෑ. අපි ඉදිරිපත් කරලා තිබුණ සැලසුම් යටතේ දැනට විදුලි කප්පාදුවක් නෑ. නමුත් මේ යුද්ධයේ සීමා මායිම් ඔබට මට හෝ කාටවත් තීරණය කරන්න බෑ. ඒ නිසා දැනට අපි සකස් කරලා තියෙන වැඩපිළිවෙළ යටතේ විදුලි කප්පාදුවක් නෑ. නමුත් එතනින් එහා තීරණය කරන්නේ යුද්ධයේ සීමා මායිම් කොච්චර ප්‍රමාණයකින් වර්ධනය වේවිද කියන එක මත.
මම පාරිභෝගික ජනතාවට කියන්න කැමතියි අපේ රටේ හවස 6-10 තමයි වැඩිම විදුලි ඉල්ලුම එන්නේ. අපි මේ ඉලෙක්ට්‍රික් කාර් පාවිච්චි කිරීම නිසා ගොඩක් විදුලි කාර් වැඩ ඇරිලා ගිහිල්ලා 6-10 අතරේ චාර්ජ් කරනවා. ඒ නිසා මීට පෙරට වඩා මෙගාවෝට් 300කට වගේ ආසන්න විදුලි ඉල්ලුමක් 6-10 අතර වෙලා තිබෙනවා. හැබැයි අපිට දවල් කාලයේදි විදුලි අතිරික්තයක් තියෙන්නේ ඒ නිසා මම විදුලි කාර් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා දවල් කාලයේදී චාර්ච් කරගන්න.
අපි හඳුන්වා දෙන්න යනවා ස්මාර්ට් මීටරයක්. ඒකට අපි දැන් ටෙන්ඩර් කෝල් කරලා තියෙන්නේ. ස්මාර්ට් මීටරයක් ගෙනාවට පස්සේ මිල අගයන් දෙකක් හඳුන්වා දෙන්න කටයුතු කරනවා. දවල් කාලයේ එකක් 6-10 අතර කාලයේදී එකක්. අපේ අවශ්‍යතාවය තමයි දවල් කාලයේදී වැඩිපුර විදුලිය පරිභෝජනය කරන්න ඕනේ.

අපි සූර්ය බලයෙන් විදුලිය බලයෙන් විදුලිය හදාගෙන ගියා ගබඩා පහසුකම් නැතිව. විදුලිය කියන්නේ ඒ වෙලාවේ හදලා ඒ වෙලාවෙම පාවිච්චි කරන්න ඕනේ. නමුත් දවල් හැදෙන විදුලිය ඒ වෙලාවෙම පාවිච්චි කරන්න බැරිවෙනවා. අපිට අතිරික්තයක් තියෙනවා.

පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ කියන ඒවා නෙවෙයි නේ කෙරෙන්නේ.
කමක් නෑ අර්බූදයක් වෙලාවේ පාට පාට ගැන නෙමෙයි රට ගැනයි හිතන්නේ..
රටට යහපතක් වෙන ලෙස ප්‍රශ්න කළමනාකරනය කර ගන්නට හැකි වේවායි කියලයි මීදුම හිතන්නේ.
රටක තියෙන්න එපාය දේශපාලනය කරන්න. මින් ඉහත එහෙම නොහිතපු එක ගැන නම් දුක හිතෙනවා.


A day in the life

2026-03-17

Gastritis ගැස්ට්‍රයිටිස්



"මහත්තයෝ මට දැන් හොඳයි"
ඒ ගිය සතියේ අපේ clinic එකට ආව ලෙඩෙක් පුටුවේ ඉඳගත්තේ එහෙම කියාගෙන. 
ඒ අවුරුදු 40 ක විතර තරුණයෙක්. 
මාස ගාණක් අපේ clinic එකට ආවේ gastritis වලට බෙහෙත් ගන්න. 
Endoscopy පරීක්ෂණයක් කරා. මුලු ආමාශයම ඉදිමිලා. 
තුවාලත් තිබුනා.
ඒත් දුන්න බෙහෙත් වලට අඩුවක් උනේම නෑ.

මූණේ තිබුනේ මලානික ගතිය නිසා මානසික ප්‍රශ්නයක් තියෙනවද ? . කියලා clinic එකට ආව දෙතුන් වතාවකදී මම ඇහුවට නෑමයි කිව්වේ.
ඒත් එක දවසක් job එකේ ප්‍රශ්නයක් නිසා මානසිකව වැටිලා ඉන්නේ කියලා විස්තරේම කිව්වා. 
අපි ලෙඩාව මනෝ වෛද්‍ය සායනයට යොමු කරා.
මනෝ වෛද්‍ය සායනයට ගිහින් ආව පලවෙනි දවසෙ තමයි අර විදියට මට හොඳයි කියාගෙන clinic එකට ආවේ.

ඇත්තටම මොකක්ද මේ "ගැස්ට්‍රයිටිස්" කියන්නේ ? 

අපි කන කෑම වලට ආමාශයේ දි ඇසිඩ් එකතු වෙනවා. 
ආහාර ජීරණය වෙන්නත්, ආහාර වල තියෙන විෂ බීජ විනාශ වෙන්නත් මේ ඇසිඩ් ඕන වෙනවා. 
අපි හැමෝම දන්නවා ඇසිඩ් අපේ සමේ ගෑ උනොත් සම පිච්චෙනවා.
ආමාශයේ හැදෙන ඇසිඩ් ආමාශය බිත්තියේ ගෑ උනොත් ආමාශ බිත්තිය පිච්චෙනවා.

මේ ඇසිඩ් එකෙන් ආමාශයේ ඇතුළු බිත්තිය පිච්චෙන්නේ නැතුව ආරක්ෂා කරන්න ආරක්ෂිත පටලයක් (Mucus Layer) තියෙනවා.
ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ මෙහෙමයි. ඇසිඩ් එක වැඩිපුර හැදුනොත් හරි, ආරක්ෂිත පටලය දුර්වල වුණොත් හරි තමයි ආමාශ බිත්තිය පිච්චෙන්න පටන් ගන්නවා. මේ නිසයි අපිට බඩේ දැවිල්ල එන්නේ.

ඇසිඩ් අඩු වැඩි වෙන්න හේතු ගොඩක් බලපානවා.
ගොඩක් අය හිතන්නේ මේකට බලපාන්නේ කෑම විතරයි කියලා.

බඩේ ඇසිඩ් ගතිය වැඩි වෙන්න බලපාන ප්‍රධාන හේතු.

දිගු වෙලාවක් බඩගින්නේ සිටීම නිසා ආමාශයේ නිපදවෙන ඇසිඩ් උදාසීන වීමට ආහාර නොමැති වීම.
අධික තෙල් සහ කුළුබඩු දැමූ කෑම සහ ගැඹුරු තෙලේ බැදපු ආහාර මගින් ඇසිඩ් නිෂ්පාදනය වැඩි කිරීම.
මානසික ආතතිය (Stress)
අධික ලෙස තේ, කෝපි (Caffeine) පානය සහ මධ්‍යසාර භාවිතය.
දුම්පානය.
දිගුකාලීනව ගන්නා ඇතැම් වේදනා නාශක (NSAIDs) නිසා ආමාශයේ ඇතුලත ආරක්ෂිත පටලය තුනී වීම.
H. pylori වැනි බැක්ටීරියා මගින් ආමාශයේ ආරක්ෂිත පටලයට හානි කිරීම.
නිසි විවේකයක් නොමැති වීම නිසා ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වී ඇසිඩ් මට්ටම ඉහළ යාම.
අධික තරබාරුව.

stress එක gastritis වලට බලපාන විදිය අද කතා කරමු.

අපේ මොළයයි, ආමාශයයි අතර හරියට සෘජු සම්බන්ධයක් තියෙනවා.

1. ඔයා ලොකු මානසික පීඩනයකින් හෝ බයකින් ඉන්නකොට, මොළය හිතන්නේ ශරීරයට ලොකු අනතුරක් වෙන්න යනවා කියලා. එතකොට මොළය ආමාශයට පණිවිඩයක් යවනවා දැන් වැඩියෙන් ඇසිඩ් හදපන් කියලා. එතකොට කෑමක් නැතත් ආමාශයේ ඇසිඩ් වැඩි වෙනවා.
2. අපි stress උනාම ආමාශයේ තියෙන ආරක්ෂිත පටලය හැදෙන එක අඩු වෙනවා. එතකොට අර වැඩිපුර හැදුණු ඇසිඩ් කෙලින්ම බඩේ බිත්තිවල වදින්න ගන්නවා. ඒකයි අර දැවිල්ල විදියට අපිට දැනෙන්නේ.
3. Stress එකක් ආවම අපේ ඇඟෙන් ආමාශයට යවන ලේ ටික එක අඩු කරනවා. එතකොට ඇසිඩ් වලින් වෙන පොඩි පොඩි තුවාල සුව කරගන්න තියෙන හැකියාව නැති වෙලා යනවා.
4. හිතේ තියෙන කලබලයට බඩේ ආහාර ජීර්ණය වෙන වේගයත් වෙනස් වෙනවා. සමහර වෙලාවට කෑම බඩේ හිරවෙලා වගේ තියෙනවා. එතකොට ඒ කෑම දිරවන්න තව තවත් ඇසිඩ් හැදෙනවා.
කොච්චර බෙහෙත් බිව්වත් gastritis අඩු වෙන්නේ නැත්තේ ඒකයි.
ඔයාගේ මනස සන්සුන් නැත්නම් ඒ ලෙඩේ සුව වෙන්නේ නෑ.

අපි මොකද කරන්නේ?

හිතට වද දෙන ප්‍රශ්නය මොකක්ද කියලා හඳුනාගන්න. (Job එකේ ප්‍රශ්නයක්ද? පවුලේ ප්‍රශ්නයක්ද?)
පැය 7-8 ක සුව නින්දක් අනිවාර්යයි. ඒක ඔයාගේ ආමාශයේ තුවාල හොඳ වෙන්න උදව් වෙනවා.
දවසට විනාඩි 10ක් හරි ආගමික වතාවත්, භාවනාවක් හෝ කැමතිම සින්දුවක් අහලා හිත නිදහස් කරගන්න.
ඒත් හරියන්නේ නැත්නම් මනෝ වෛද්‍යවරයෙක් එක්ක ඔබේ මානසික පීඩනය ගැනත් කතා කරන්න. 
අවශ්‍ය නම් Counseling වලට යොමු වෙන්න බය වෙන්න එපා.

මේ වගේ තවත් සෞඛ්‍ය තොරතුරු දැනගන්න අපේ පේජ් එක Follow කරන්න.
සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්න අය මේක දකී. 
මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.




වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න.
© Dr. Gayan Senevirathne
Please share, not copy-paste, to keep the info accurate and updated.
නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.
#DrGayan, #MedicalCare #HealthyLifestyle #healthtips #Gastritis_Gayan

A day in the life