පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-03-12

අසරණ වෙන්නත් ටික දුරයි.



සරත් ෆොන්සේකා ජණාදිපතිවරණයට ඉල්ලපු මැතිවරණ සමය.
කාලය සිහිපත් කර ගන්නයි පලකලේ .
මම උත්කර්ෂවත් විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වෙමින්.
ලාබාල මනාල යුවලක්………….
මනාලයාගේ පියානෝ මගේ සමීප හිතවතෙක්.
මේ ජරමර අස්සේ මම අහනවා.
“ හීතල ඉවසන්න බැරිවද ? මුන් දෙන්නා බන්දන්නේ . කියලා.
මනුස්සයා හිනා වෙනවා.
උත්තරයක් නැතිව.

‍මම අහල තියෙන්නේ වෙලාවට සුදුසු ප්‍රශ්නයක් නෙමෙයි.

කාලය ගෙවිලා ගියා.

කාලයත් එක්ක ඒ  දෙන්නට ප්‍රශ්න.
දරුවෙකුත් ලැබුනා…. ප්‍රශ්න උග්‍රයි.
සමතකයකට එන්න බැරිවුනා.
දෙන්නා වෙන්ව ජීවත් වෙන්න පටන් ගත්තා
කාන්තා පාර්ශවය දික්කාසදය ඉල්ලගෙන උසාවි ගියා.
දික්කසාදය ලැබුනා .දරුවට පියාගෙන් නඩත්තු ලැබුනා.

විවාහ වෙන්නත් දේශය දීපය…. වගේ පස් මහ බැළුම් බලන්න ඕනි.
මට හිතුනා.
එහෙම නැතිවුනාම ගමන යා ගන්න බැරි වෙනවා.
හීතලේට උණුසුම හොයලා විතරක් බැහැ.
---------------------------------------------------------------------------------
මේ කතාවත් මුණු පොතේ පලවුවක්.

අන්තිමට ………….

—--------“අපි දෙන්නා උසාවියට ගියේ ලොකු තරහකින්. මට ඕන වුණේ එයාගෙන් පළිගන්න. එයාට ඕන වුණේ මගෙන් ගැලවෙන්න.
නඩු තීන්දුව ලැබුණා. අවුරුදු 8ක කසාදේ එක අත්සනකින් ඉවර වුණා.
උසාවි ගේට්ටුව ළඟ අන්තිම මොහොත... 
අපි දෙන්නා උසාවියෙන් එළියට බැස්සේ නාඳුනන දෙන්නෙක් වගේ. මම ත්‍රීවීල් එකක නැගලා යන්න හැදුවා විතරයි, එයා මගේ අතින් ඇල්ලුවා.
එයාගේ ඇස්වල තිබුණේ තරහක් නෙවෙයි, 
මහා ලොකු තෙහෙට්ටුවක්.
එයා මගෙන් ඇහුවා...
"නෝනා... දැන් ඔයාට සතුටුද? අපි දෙන්නා දිනුවා... ඒත් අද ඉඳන් අපේ පැටව් දෙන්නා තාත්තෙක් නැති අනාථයෝ වුණා නේද?"
ඒ වචන ටික මගේ පපුව හාරගෙන ගියා. මට උත්තරයක් තිබුණේ නෑ. මම අහක බලාගෙන ගෙදර ආවා.

ගෙදර තිබුණු මහා පාළුව... 

ගෙදර ඇවිත් දොර අරිද්දී වෙනදා වගේ "තාත්තේ" කියලා දුවගෙන එන්න ළමයි බලාගෙන හිටියා.

මම විතරක් එනවා දැකලා පොඩි පුතා මගේ බෑග් එක අවුස්සලා ඇහුවා...
"අම්මේ... කෝ තාත්තා? තාත්තා අද එන්නෙ නැද්ද?"

දිනුවද? ? 
මම දරුවො දෙන්නව බදාගෙන මහ හයියෙන් ඇඬුවා.
අපි රණ්ඩු වුණේ පුංචි දේකට. අපේ මාන්නය (Ego) නිසා අපි ඒක දුරදිග ගෙනිච්චා. අන්තිමට මම දිනුවා කියලා හිතුවට, ඇත්තටම මම පැරදිලා.
දැන් මේ ගෙදර නිදහස්... හැබැයි මාරම පාළුයි. තාත්තා කෙනෙක් නැති ගෙදරක මොන නිදහසද?

(විවාහක අයට):

රණ්ඩු වෙන්න, තරහ වෙන්න. හැබැයි කවදාවත් 'දික්කසාදේ' කියන තැනට යන්න එපා. පොඩි දේවල් ඉවසන්න පුරුදු වෙන්න.
මොකද උසාවියේ දොරෙන් එළියට එද්දී ලැබෙන "නිදහසට" වඩා, දරුවෙක් "තාත්තා" කියලා දුවගෙන එන ඒ සතුට මිල කරන්න බෑ.
මේක කියවන ඔයාලටත් පොඩි හරි හිත් අමනාපයක් තියෙනවා නම්, අදම ඒක විසඳගන්න.

පවුලක් කැඩෙන්න දෙන්න එපා!
මේ පණිවිඩය අනිත් අයටත් පේන්න Share කරමු!.







මට සමාවන්න .
මේ කතාව වියමන් කල සුරත මට අඥාත වුනාට.
A day in the life

2026-03-11

" කුලය " කියන්නෙ සංවේදී මාතෘකාවක්.




" කුලය " කියන්නෙ සංවේදී මාතෘකාවක්. ලංකාවෙ උග්‍ර කුල භේදයක් නැතත්, අදටත් කුලය ආවාහ විවාහ වලදි බහුතරයක් හොයන බලන දෙයක් වෙලා තියෙනව. කුල භේදය දරුණු විදිහට දකින්න ලැබෙන්නෙ ඉන්දියාවෙ.

ඉන්දියානු ආභාෂය එක්ක යම් විදිහක කුල භේදයක් ලංකාවෙ ගොඩ නැගෙනව. හැබැයි ඒක වෘත්තීය මත පදනම් වුණ කුල ක්‍රමයක්. මේ ලිපියෙදි ලංකාවෙ කුල පිළිබඳ කතා කරන්න යන්නෙ නැහැ. නමුත් වැදි ජනතාවට මේ කුල ක්‍රමයෙ ලැබෙන තැන සුවිශේෂී වෙන නිසාම ඒ ගැන හැඳින්වීමක් කරන්න උත්සාහ දරනවා.

කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් සිංහල ජනතාවත්, වැදි ජනතාවත් ජන වර්ග දෙකක් නිසා, ඔවුන් කුල වශයෙන් සැසදීම සාර්ථක නැහැයි කියල. ඒත් සිංහලයන්ගේ වගේම වැද්දන්ගේ සමාජ අතර අන්‍යොන්‍ය ගැටීමක් අවුලක් දහස් ගණනක් පුරාවට සිද්ද වුණා.

වැදි ජනතාව විශ්වාස කරන විදිහට ඔවුන් පැවතෙන්නෙ, මහියංගනයට බුදුන් වැඩි අවස්ථාවේ ධර්මය නොඅසා පළාගිය යක්ෂ ගෝත්‍රික ප්‍රජාවගෙන්. විජයාවතරණයට පෙර ලංකාවෙ යක්ෂ ගෝත්‍රික පාලනයක් තිබුණ. කුවේණිය එහි පාලිකාවක්. ඇගේ දරුවන් වූ ජීවහත්ත දිසාලාගෙන් වැදි පරපුර පැවතෙන බවත් කියවෙනව.

මෑතක් වන තුරු වැදි ජනතාව ජීවත් වුණේ බාහිර සමාජෙන් බැහැරව මහ කැලෑවෙ සංචාරක ජීවිතයක් ගත කරමින්. මේ වැදි රැහැට එක් වුණ පළමු රාජකීයයන් විජය රජුගේ දරුවන් වුණත්, අවසන් රාජකීයයන් ඔවුන් වුණේ නැහැ.

වසර දහස් ගණනක් පුරාවට සිදු වූ විවිධ කුමන්ත්‍රණ වලදී ජීවිත ආරක්ෂාව පතා, විවිධ අවස්ථා වලදී රාජකීයන් වංශවතුන් වන වදින්න වුණා. ඔවුන්ට රැකවරණය වැදි ජන සමාජය තුල ලැබුණ.

මේ නිසාම වැදි ජනතාවට ලාංකික කුල ධූරාවලියෙ ඉහළම තලයක් හිමි වුණා. දුණු හී මානා කොළ අතු, නැත්නම් ගස් පට්ටා වලින් නිරුවත වසාගත් ජන සමාජයකට රටක කුල ධූරාවලියෙ ඉහළම මට්ටමක් හිමිවීම තරමක් පුදුම සහගතයි.

ලංකාවෙ රාජ්‍යත්වයේ සංකේතය විදිහට සැලකුම් ලබන්නෙ දන්ත ධාතූන් වහන්සේ, උන්වහන්සේ වැඩ වෙසෙන දළදා මාලිගයේ ආරක්ෂාව වෙනුවෙන් වැදි කණ්ඩායමක් සිටි බව ජනශ්‍රැතියෙ සඳහන්. එය බැහැර කල නොහැක්කෙ අදටත් දළදා මාලිගයේ සිදුවන සෑම වැදගත් මංගල්‍යයකදීම පාහේ මී පැණි රැගෙන වැදි ජනතාව සහභාගි වීම නිසා. වැදි ජනතාව කුලයෙන් පහත් කොට සැලකුවේ නම් එවැනි අවස්ථාවක් හිමි නොවන්නට තිබුණා.

හියු නෙවිල් මහතා 1885 පළකල ලිපියක මෙසේ සඳහන් වෙනවා " සිංහලයන් විසින් වැද්දන් උසස් තත්වයක ලා සලකමින් තම දූවරුන් වැද්දන්ට දීග දීමට අකමැති නොවන මුත්, එබඳු දීගයකින් උපන් දරුවෝ වැද්දන් විසින් පහත් කොට සලකනු ලබති "

1935 වසරෙදි ලංකාවේ වැදි ජනතාව ගැන ගවේෂණයක් කල විලියම් ගයිගර් ඔහුගේ, "The Language of Veddas" ලිපියේ " වැද්දෝ අභිමානවත් ජනතාවක් වෙති. ඔවුහු දේශයේ මුල් අයිතිකරුවන් ලෙස සිංහලයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන්නෝය" යනුවෙන් සඳහන් කරයි.

වැද්දන් සාමය සහ නිදහස ප්‍රිය කල ජන සමාජයක්. ඔවුන්ගෙ නිදහසට බාධා වුණ සෑම විටම ඔවුන් අවි අතට ගත්තා. ලංකාව ඉංග්‍රීසි යටත්විජිතවාදී න්ට යටත් වූ පසු නැඟුණු පළවෙනි කැරැල්ලෙදිම ඔවුන් තම දායකත්වය ලබා දුන්නා. කොහුකුඹුරෙ රටේ රාල, කිවුලේගෙදර මොහොට්ටාල වැනි නායකයන් සමඟ වැදි ජනතාවද සටනට පිවිසුණා.

සටන පරාජය වෙද්දි වැද්දන් නැවත වන වදින්නෙ අවුරුදු දහස් ගණනක් සිදු කලා සේම පැරදුණු සටන්කාමීන්ගෙ දරු පවුල් වැදි රටට රැගෙන යමින් ඔවුන්ට එහි ආරක්ෂාව සපයමින්.

මේ විදිහට පසු බැහැපු වැදි ජනතාව වස 1820 දි ආයෙත් ඉංග්‍රීසීන්ට එරෙහිව අවි ඔසවන්නෙ, විමලධර්ම නරේන්ද්‍රසිංහ නමින් සිංහල කුමාරයෙක් රාජ්‍යත්වයට පත් කරවීම උදෙසා. වැද්දන් විසින් මෙහෙය වූ මේ කැරැල්ල ඉතිහාස රචකයා විසින් අමතක කොට තිබීම කණගාටුවට කාරණයක්.

වැදි ජන සමාජය ඇතුලත වරිග කිහිපයකට බෙදී පවතිනවා. ඌරු වරිගෙ, තලා වරිගෙ, උනාපාන වරිගෙ, මොරාන වරිගෙ, තබුඩන් වරිගෙ වගේ වරිගෙ වශයෙන් වර්ග 13 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනව. නමුත් අද වෙද්දි දකින්න ලැබෙන්නෙ ඉන් කිහිපයක් පමණයි.

විශේෂත්වය මේ වරිග වල උස් පහත් භේදයක් වැදිජන සමාජයෙ දකින්න නොලැබීම.

මීට පෙර ලිපියෙ සඳහන් කරපු මුහුදු වැද්දන්ට ඔවුන් සම්බන්ධ වන ද්‍රවිඩ සමාජයේ හිමි වන්නෙ නම් ඉතා පහත් ස්ථානයක්. බලහත්කාරයෙන් එල්ටීටීඊ සංවිධානයට බඳවාගත් මුහුදු වැදි තරුණයන්ට එහිදී පවා පහත් කොට සැලකූ බව කියවෙනව.

කුල ක්‍රමය පරිහානියට පත් වෙනව වගේම වැදි ජන සමාජයත් කාලයත් සමඟ පරිහානියට පත් වෙනව. ඒ සියල්ල නොවැළැක්විය හැකි කාලයට උරුම දේවල්. ඒ කොහොම වුණත් කාලයක් සමාජයෙ ඉහළින් වැජඹුණු වැදි ජනතාව අද සමාජයෙ යහපත් තත්වයක නැහැ.

© කෝකිල ගිහාන් විතානතන්ත්‍රී.

A day in the life