පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-03-04

ලෝකය දැකපු මිනිහෙක් .



ඊසෝප් කතා කීවේය.

සදාතනිකවු ඒ කතා අදටත්  ගැලපෙන්නේ අපූරුවටය.

දවසක් දඩයම්කරුවෙක්ගේ ඉල්ලක්කයෙන් ගැලවී පලා යන නරියෙකුට 

දර කපන්නෙකු හමුවිය.

නරියා තමන්ට වු ඇබැද්දිය දර කපන්නාට පවසමින් 

දඩයම්කරුගෙන් බේරීමට උදව් පැතීය.

දර කපන්නා නරියාව තම නිවසේ සැගවෙන්න

උපදෙස් දුන්නේය.

ටික වේලාවක් යන විට නරියා දුව ගිය මග ඔස්සේ දඩයම්කරුවා පැමින

දර කපන්නා දැක නරියෙකු මේ පැත්තට ආවාදැයි විමසු විට

“ නැහැ “ යයි පිලිතුරු දී අභිනයෙන් නරියා නිවස තුල සිටින බව ඉගි පලකලේය.

දඩයම්කරු එය තේරුම් නොගෙන යන්න ගියේය.

නරියා ගේ තුල සිට දඩයම්කරුගේ කපටි න්‍යාය නිරීක්ෂණය කලේය.

තවත් ටික වෙලාවක් සිට අනතුර පහව ගිය බව දැන එළියට ආ නරියා

දර කපන්නාට නොකියාම යන්න ගියේය.

තමා නිසා දිවි රැක ගත් මුත් තමාට නොකියාම නරියා ගැන 

කළකිරුණු සිතිවිල්ලෙන්

තමන් කල උදව්ව අමතක කර මෙසේ නික්ම යාම නුසුදුසු බව කී දරකපන්නාට

නරියා මෙසේ කීවේය.

රහස් සංඥා , බොරු වචන නොතිබෙන්නට මම ඔබට ස්තුති කරනවා .

ඔබ මටත් වඩා කපටියෙක් ! .


ඊසෝප් කිව්වේ ඒ කතාව.

ප්‍රසිද්ධියේ තමන්ගේ යහපත් අධ්‍යාසයන් ගැන දෙසන

දේශපාලකයන් . සමාජ ක්‍රියාකාරීන් අපිට ඕන තරම් මෙකල මුණ ගැහෙනවා.

එහෙත් ඔවුන් කටයුතු කරන්නේ සත්භාවයෙන් ද ?

බොහෝ දෙනාගේ හක්කේ දඩ මස් බොක්කේ බුදු රැස්.

මාලිමවේ , ජවිපෙ ,ජනාධිපති තුමා ඇතුළු පිරිවරගේ කතා මෙකල පිලිරැව් දෙනවා.

අපි පව් කියලා හිතෙන්නේ නැත්තේ කාටද ?.

ලෝකය දැකපු ජනාධිපති තුමා ට
අපේ රට හුණ්ඩුවක් වගේ කියලා අවබෝධ වෙලා.
ලෝකය දැකපු මිනිහෙක් අපේ රටේ ජනාධිපති කරන්න අපට අමතක වෙලා.











A day in the life

2026-03-03

පරණ මතක




ඉද හිට  පරණ මතක 

අවදි වෙනවා.

තාප්පෙන් පැනලා වේලාසන ගෙදර යන

හවස් වෙනකම් බලා ඉද

නාන්න දොළට යන

චිත්‍රාව බැහැ දකින


දශම තිත්,  

තිත් කොමා          

එකතුකළ  ජීවිතේ                 

ධණ ලකුණු  ඍණ ලකුණු .......                                 

මහාපොදු සාධක ද ...               

 සරල රේඛා මෙන්ම                   

X = Y          

සමීකරණම නිසා                             

අත් හැරුණු පෙම්කතා ....  


අතර මැවෙන

නානා විධ ආදරණීය චරිත 

වියකිලා ගිහින්  එක තැනක 

නතරවෙලා….

                                                          .                 

වෘත්තයක පරිධියේ    

දුව ගියපු අවදියේ            

රතු ඉරට බය නොවුන

හිතුමතේ ජීවිතේ 

සුලු කෝන මහ කෝන 

අන්තිමට                   

සුළු කෝණයක් වෙලා 

ත්‍රිකෝණෙක හැංගුණා.  

ජීවිතේඑහෙමමයි    

ගලාගෙන ඔහෙ ගියා. ..........      


ධනලකුණු අඩුවෙලා 

ඍණ ලකුණු වැඩිවෙලා…

පාට දැන් අඩුවෙලා.......        

හමත් දැන් හැකිලිලා       

පෙනීමත් අඩුවෙලා .............

ඒත් ඉඳහිට තාම .......

සරල රේඛා මැදින් ....

තරුණ කම එබෙනවා .    


අපි අපිටම හිනා වෙනවා..                 

යහලුවන්   දුටුවාම 

තිත් කොමා මැකී ගොස් සතුට පුරවං හිතේ 

අපි තාම නටනවා.🙂🙂🙂🙂🙂 

වැලි මාළිගා හදනවා…………

 









A day in the life