පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-02-25

නොමිලේ වස විස




ඔබ දන්නවාද අප නොදැනුවත්වම ශරීරයට මරණීය විස ඇතුල් කර ගන්නා තවත් ක්රමයක් පිළිබඳව ?🤔😰
මේ තියෙන්නේ අපේ රටේ ගොවිතැන් කටයුතු කෙරෙන ප්රදේශවල ධාන්ය වර්ග වේලන ක්රමයක්. මේ විදියට මහා මාර්ග අයිනේ නිකම්ම පස් මත හෝ තාර පාරේ ඉරිඟු, මුං ඇට, කවුපි, රටකජු වගේ ධාන්ය ඇට වර්ග වේලනවා. එහෙම නැතිනම් කමත් වල වේලනවා. මේ දෙආකාරයම සෞඛ්යයට ඉතාම අහිතකරයි. ☠️
ඇයි එහෙම වෙන්නේ. 🤔
ධාන්ය වර්ග බිම මෙහෙම වේළන කොට ඇෆ්ලැටොක්සින් කියන අක්මාවෙහි තැම්පත්වන, එහෙම කාලයක් තිස්සේ තැම්පත් වෙලා පිලිකා සෑදීමට හේතුවන, උග්ර පිලිකාකාරක දූලක වලින් හෝ ඒ කිවුව දූලක නිපදවන පසෙහි ස්වභාවිකව ජීවත් වෙන ඇස්පර්ජිලස් ෆ්ලාවුස් (Aspergillus flavus) කියන දිලීරයෙන් නිසැකවම ඒවා දූෂණය වෙන්න පුලුවන්.
ඇත්ත වශයෙන්ම, මේ විදියට පොලිතීන් හෝ වෙනත් ජලරෝධක ආස්තරණයක් නොදා ඇට ධාන්ය වර්ග කෙලින්ම පසෙහි වියළීම ලොව පුරා පසු අස්වනු දූෂණයට ප්රධාන හේතුවක් විදියට තමයි සැලකෙන්නේ.
මෙහෙම අනාරක්ෂිතව ධාන්ය ඇට වර්ග වියලීමෙීදි ඩැමේජ් වුන, කෘමි හානිවලට ලක් වුන ධාන්ය වර්ග ඔය කිවුව දිලීර වලින් දූෂණය වෙන්න තියෙන හැකියාව සාමාන්ය ඇට වර්ගවලටත් වඩා වැඩියි. ඒ වගේම පසෙහි තෙතමනය වැඩි වීම, වායුගෝලයේ ආර්ද්රතාව වැඩි වීම, වැඩි කාලයක් පස හෝ මාර්ග මත මෙහෙම වේලෙන්නට තැබීම වැනි සාධක මේ අවදානම තව තවත් ඉහළ නංවනවා.
වැරදිලාවත් මෙහෙම වේලනකොට යන්තම් හරි පින්නකට වැස්සකට අහු වුනොත්නම් වැඩේ තවත් සීරියස් වෙනවා.
එහෙම තමයි මේ ගැන තියෙන විද්වත් මතය.
ලංකාවේ බොහෝ ධාන්ය වර්ග, ධාන්ය ආශ්රිත නිෂ්පාදන, කුළුබඩු වර්ග සහ ඒවා ආශ්රිත නිෂ්පාදන ඇෆ්ලටොක්ෂීන් විෂ දූලකවලින් දූෂණය වෙන්න බලපාන ප්රධානම හේතුව මේක වෙන්න පුලුවන් .
මෙහෙම වේලලා ගෝනිවල අහුරලා නිසි වාතනයක් නොමැති තෙතමනය සහිත ගබඩා වල මේවා ගබඩා කරල තිබ්බොත් ඇෆ්ලජිලර්ස් දිලීරේ තව තවත් පැටවු ගහනවා .
☠️ඇෆ්ලටොක්ෂීන් කාලයක් තිස්සේ ශරීරගතවුනාම ඒක සෞඛ්ය ආබාධ කිහිපයකටම හේතු වෙනවා කියලයි කියන්නේ.
01. අක්මා පිළිකා (Hepatocellular Carcinoma): කාලයක් තිස්සේ නිරාවරණය වුනාම අක්මා පිළිකා සඳහා ප්රධාන හේතුවක් වෙනව කියල කියැවෙනවා.
02. උග්ර ඇෆ්ලටොක්සිකෝසිස් තත්වය (Acute Aflatoxicosis) ඉහළ මට්ටම්වලින් ශරීරගත වීම සිදු වුවහොත් වේගයෙන් අක්මාවට හානි කරනවා. එහෙම වුනොත් සෙංගමාලය, ඔක්කාරය, වමනය, උදර වේදනාව සහ සමහර විට මරණය පවා ඇති වෙන්න පුලුවන් කියලයි කියැවෙන්නේ.
03. දිගු කාලයක් තිස්සේ අඩු මට්ටමකින් (law level ) ඇෆ්ලටොක්ෂීන් විස දූලකවලට නිරාවරණය වුනාම, ප්රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන්නටත්, ළමයින්ගේ වර්ධනය අඩාල වෙන්නටත් (immune system suppression and impaired growth ) (මිටි වීම) බලපානවා කියල කියැවෙනවා.
ස්තුතියි
✍️ ගැමුණු සාලිය පෙරේරා .
මහජන සෞඛ්ය පරීක්ෂක .
A day in the life

2026-02-24

අදටත් වෙනසක් නෑ .



'විශ්වයේ කේන්ද්‍රය මහපොළව මිස අන්කිසිවක් නොවේ.
ඊට එරෙහි මත පල කිරීම අපරාධයකි," යි
Inqisition නම් "කතෝලික පූජක අධිකරනය" තීරනය කර,
ඊට එරෙහි මතයක්වූ
"පෘතුවිය සූර්යා වටා ගමන් කරන්නේය" යන මතය ඉදිරිපත් කළ
"ගැලීලියො ගැලීලිට සියතින් වස බී මරණයට පත් කළ යුතුය තීන්දුව දුන්නේය
එසේ නොමැති නම් "හේ සිය මතය ඉල්ලා අස් කරගත යුතු" විය.
දිවිඉරැක ගනු පිණි සිය මතය ඉල්ලා අස්කරගත් ගැලීලියෝ
අධිකරන ශාලාවෙන් පිටව යත්දී,
"ඔය මොනවා කීවත් පොළව කැරකෙන්නෙ ඉර වටේ!" කීවාලු!
මෙවන් මත ඉතිහාසය පුරා පච වූ අවස්ථා එමටය.
"සර්ව බලධාරී දෙවියන් වහන්සේ ලෝකය මවන ලද්දේ
ක්‍රිස්තු පූර්ව 4004 ඔක්තොම්බර් 21 වැනිදා"ය කීවේ
ක්‍රිස්තියානි සභාවේ ආච් බිෂොප්වර ජේම්ස් ආතර් (1581-) ය.
දැන් ඊට පොඩි එවුනුත් සිනාසේ.
මාකෝනි විසින් ගුවන් විදුලිය සොයා ගත් කල
එවක බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ සභාපති කැල්වින් සාම් කීවේ
ඊට "අනාගතයක් නොමැති" බවයි.
"එක්ස් රේ යන්ත්‍රය මහා ප්‍රොඩාවක්" කීවේද
මෙම පඬිවරයා වූ මය.
තෝමස් අල්වා එඩිසන් විසින් විදුළි බල්බය සොයා ගත් කල
"එය විද්‍යාඥයන්ගේ හෝ සාමාන්‍ය මිනිසුන්ගේ
අවධානයට ලක් නොවිය යුතු වැදගැම්මක් නොමැති දෙයකි"යැයි කීවේ
කෙලිවින් එම තනතුරේ සිටියදී
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කොමිටියකි.
"නව නිෂ්පාදන ලියාපදිංචි කරන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව
වසා දැමිය යුතු"යි,."මන්දයත් ලෝකය සියලු නව නිෂ්පාදන නිමවා හමාර"ය.
1899 දී ජනාධිපති මැකින්ලිට කීවේ එම ආයතනයේම අධ්‍යක්ෂ වරයා ය.
දුම්රිය සොයාගෙන එය පැයට සැතපුම් 15 වක වෙිගයෙන් ගමක් කරනා විට
"මිනිසුන් මෙතරම් වේගයෙන් ගමන් කල යුතු යැයි
දෙවියන් වහන්සේ අනුමත නොකරතැයි"ද
එය වහා තහනම් කළ යුතු යැයිද
එවක අමෙරිකා ජනාධිපති ඇන්ඩෘ ජැක්සන්ට කීවේ
නිවුයෝර්ක් ආණ්ඩුකාර වරයා ය.
"යුද්ධ සඳහා නව අවි නිපදවිය යුතු නැත.
සියල්ලම සොයාගෙන හමාරය" කියා
ක්‍රි:ව:පලමුවැනි සියවසේ රෝම අධිරාජ්‍යයාවූ වෙස්පයිසන්ට කීවේ
ප්‍රධාන යුධ ඉංජිනේරු "ජූලියස් ප්‍රොන්ටින්" ය.
එකල න්‍යෂ්ටික බෝම්බ තබා තුවක්කුවවත් සොයාගෙන නොතිබිණි!
"වාෂ්ප බලයෙන් ක්‍රියාකරන නැවු තැනීමට"
නැපෝලියන් බොනපාට් හට
ඉංජිනේරුවෙකු වූ "රොබට් ෆ්‍රල්වන්" යෝජනා කළ විට
බොනපාට් කීවේ "පිස්සු කෙලින්ට එපා!" කියාලු!
"පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයෙකු වන මා කියා සිටින්නේ
පරමානුව කිසිදා පිපිරීමට සමත් නොවන බවයි"
කියා අමෙරිකානු ජනාධිපති හැරී ටෲමන්ට කීවේ
නාවුක හමුදාපති "විළියම් ලිහී" ය.
ඩාවින් විසින් පරිනාමවාදය ඉදිරිපත් කළ විට
අමරිකානු ටෙනසි ප්‍රාන්තයේ ක්‍රිස්තියානුවෝ එක්ව
"එය පාසැල්වල ඉගැන්විය නොයුතු"යැයි නීතියක් සම්මත කර ගත්හ.
"බයිබලයේ සඳහන් ලෝකය හා මිනිසා පිළිබද ඉගැන්වීම්
වලට පිටස්තර කිසිවක් නූගැන්විය යුතුය"යන එම නීතිය
1967 දක්වා බලපැවැත්වින
පැරණි ලෝකය කවදත් එහෙමය.
මේ ගැන ඉංග්‍රීසි ලේඛකයෙකු වූ "ජී.කේ.වෙස්ටර්න්"මරු කතාවක් කියා තිබේ.
මතු සිදුවන දේ ගැන පණ්ඩිතයන් කියන දේ
මිනිසුන් අසා සිටිති.
අවසානයේ ඔවුන් මල පසු අලංකාර ලෙස ආදාහනය කරති.
ඉන් පසු තමන්ගේ වැඩක් බලා ගනිති.!"






කමල්.පී.අලහකෝන් මුහුණු පොතට.

A day in the life