පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-01-29

මමත් ඇසුවා ඔබෙන්.



ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යාද්දී ඈ මට හමු වූවා

සුපිපුනු වන මල් සුවඳ හමද්දී ඈ මට හමු වූවා

ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යද්දී


රන් කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී //

හිරු අවරට ඇදුනා

පාළුව තනිකම රජයන විටදී //

ඈ මට හමු වූවා

ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යාද්දී ඈ මට හමු වූවා

ඇවිලුණු ගිනි දැල් නිවි නිවි යාද්දී


සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී //

රහසක් මට කීවා

සුදු මුදු වැල්ලේ සිටියදි තනිවී //

ඈ මට හමු වූවා

ඇවිලුණු ගිනි දැල් ................


පද රචනය:            විමලධර්ම ජයවීර

සංගීත නිර්මාණය: සනත් නන්දසිරි 

ගායනය:               සනත් නන්දසිරි.


ජීවිතය හමුවෙන්නේ එහෙමයි. මම නොලිවුවත් විමලධර්ම ජයවීරයන් එහෙම ලියනවා. 

හිත අතීතය ආවර්ජනයට අරගෙන යන පසුබිමක් මවමින් සනත් නන්දසිරියන් කඩ හඩ එක්කරනවා.


කරුනාදාස සපුතන්ත්‍රී කියන්නේ මෙහෙම කතාවක්. 


මංමුලාවී පාර හොයාගෙන - 

හසරක් අසමින් යන ගමනේ

මංමුලාවූ සමණලියකගෙනි 

පාර අසා තිබුණේ

මංමුලාවී පාර සොයාගෙන 

හසරක් අසමින් යන ගමනේ

මංමුලාවූ සමණලියකගෙනි 

පාර අසා තිබුණේ


ඇයත් නොදන්නිය ඇය යන මානය - 

උන්හිටි තැන් මතකයෙ අඩමානය //

පාර කියන්නේ කෙලෙසද මා හට - 

ඇයටද පාරක් ඇති නැති ගාණය

මංමුලාවී පාර සොයාගෙන 

හසරක් අසමින් යන ගමනේ

මංමුලාවූ සමණලියකගෙනි 

පාර අසා තිබුණේ


අප හමුවූයේ මන්දැයි නොදනිමි - 

පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //

අපේ ගමන අද නවතනු හැකිනම් - 

අප යන ගමනද අද මෙතැනින් නිමි

මංමුලාවී පාර සොයාගෙන 

හසරක් අසමින් යන ගමනේ

මංමුලාවූ සමණලියකගෙනි 

පාර අසා තිබුණේ 


ගුණදාස කපුගේ ගේ හඩම මේ ප්‍රශ්නය අහන්න බලා ගෙන හිටියා වගෙයි. 

මටත් තිබුනා ප්‍රශ්ණයක් .


අප හමුවූයේ මන්දැයි නොදනිමි - 

පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //

අපේ ගමන අද නවතනු හැකිනම් - 

අප යන ගමනද අද මෙතැනින් නිමි


ඒ වුනත් අපි තාමත් යනවා. ගමන නිමා කරන්න පුළුවන් වෙන්නේ ස්වභාව ධර්මයට විතරයි.


මේ ප්‍රශ්ණය කපුගේ අහන්නේ “ පාර දිගේ චිත්‍රපටියේ. චන්දරේ  වෙන්නේ විජය කුමාරණතුංග.

එයා සීසර් කෙනෙක්. ෆිනෑන්ස් ඇරියස් වෙන වාහන උස්සන එකයි රාජකාරිය.

කාලයත් එක්ක චන්දරේට ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. ඇය චන්දරේට කියනවා මට බබෙක් හම්බුවෙන්න ලැබෙන්න ඉන්නා විත්තියක්.

බබාට දැන් මාස තුනයි කියලා.

චණ්දරේ කියනවා

“අපි ඔක්කොම නිකන් අහකට විසි කරපු එඩරු දඩු වගෙ 

අපට මුල් නැ වැල් නැ

ඒත් දලු එනවා“

කියලා .

චණ්දරේ යාළුවෝ දෙන්නෙක් එක්ක කච්චේරියට ගිහිල්ලා විවාහය ලියාපදිංචි කරලා යමින් ගමන

පාරමාරුවෙන ගමන් ඈ අහනවා අපි කොහෙද යන්නේ කියලා ?.

චණ්දරේ කියනවා..

“ දන්නේ නෑ “ කියලා .


අප හමුවූයේ මන්දැයි නොදනිමි - 

පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //

අපේ ගමන අද නවතනු හැකිනම් - 

අප යන ගමනද අද මෙතැනින් නිමි


පාර දිගේ චිත්‍රපටිය නිමා වෙනවා.


මේ ප්‍රශ්න පත්‍රය නිමා වෙන්නේ නැහැ .

ඒක නේ ජීවිතය කියන්නේ …

කුමාරදාස සපුතන්ත්‍රි බන්ඩාර අතාවුද ටයි මාලණි බුලත්සිංහලටයි  කියනවා මෙහෙම කතාවක් .

එච්. එම්. ජයවර්ධනයන් හැඩ වැඩ දාලා 

අපිට කියන්නේ මෙහෙම කතාවක්.

එකත් ජීවිතේ බදා ගන්නවා.


කොහේ යන්නෙද 

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...

කොහේ යන්නෙද 

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...


මං මුලාවී ජීවිතේ අපි

ලං වෙලා ඉමු මේ ලෙසින්

තවත් පෙම්ව..තියන්...

පෙම්වතුන්

එනතුරා මේ මාවතේ..

ගමන් මඟ විමසා අපෙන්


මේ ලෙසින් සසරේ පුරා අපි

ලංවෙලා සිටියේ හදින්

හෙටත් අද වාගේ...

බලා හිඳිමු

සිත් සතන් නැති ලෝකයා

පෙම් සුවේ දකිනා තුරා

කොහේ යන්නෙද

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...

කොහේ යන්නෙද

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...


හා.. හහහහා.... හහහහා.... හහහහා....

හා.. හහහහා.... හහහහා.... හහහහා....


මේ 2025 අවුරුදු පනහකට ආසන්න කාලයක් ගතවෙලා නානාප්‍රකාර හැළහැප්පී මැද්දේ .

නොනිමෙන ගමනක යෙදෙන ගමන් තාමත් අහනවා..


කොහේ යන්නෙද 

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්...

කොහේ යන්නෙද 

කොහේ ඉන්නෙද

ඔබත් ඇසුවා මගෙන්...

මමත් ඇසුවා ඔබෙන්…

කියලා.










A day in the life

2026-01-28

ලෙනින් කියවීම - ඇමති ලාල් කාන්ත



හිතවත් ලාල් කාන්ත ඇමතිතුමා, ලෙනින් කියවන්නට ගොස් වටිනා කතා දෙකක් කියා තිබේ. පලමුවැන්න, එතුමා සිවුර, ජාතික ඇදුම, කලු කෝට් මොනවා ඇන්දත් පහර ගසන බව කීමය. දෙවැන්න, තමන්ට දැනට ඇත්තේ ආන්ඩු බලය පමනක් බවත්, ඉදිරියේදී රාජ්‍ය බලය ලබාගැනීමට අරගලයක් කරන බව ප්‍රකාශ කිරීමය.

නිරාගමික, නිර්සංස්කෘතික දේශපාලන දෘෂ්ටිවාදයක පිහිටා කටයුතු කරන ලාල් කාන්ත ඇතුලු ජවිපෙ ප්‍රධානියකුගෙන් නිකුත්වන එම ප්‍රකාශය විසින් අපේ රටේ ශාසනික මූලස්ථාන වෙත නාහිමිපාණන් වහන්සේලා බැහැදැකීමට දැකුම් වට්ටි රැගෙන යන ආන්ඩුවේ සෙසු නායකකාරකාදීන්ගේ මවාගත් ශාසනාලයේ ධවල සළු මුලුමනින්ම ගලවා දමයි. ලාල් කාන්ත ඇමතිතුමා මෑතකදී මිහින්තලේ නාහිමියන්ට 'පහරදී' ස්වකීය ප්‍රකාශයේ පූර්වාදර්ශය ස්ථාපනය කලේය. ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇතිවූ පසුබෑමට හේතුවූ ශාසනික මැදිහත්වීමට 'සිවුරට' පහරදීමේ වගකීම ආන්ඩුව බාර දුන්නේ ලාල් කාන්ත ඇමතිතුමාට බව ඉන් ගම්‍ය වේ.

ජනාධිපතිතුමාට "මහා මහේන්ද්‍ර ප්‍රසාදනී" සම්මානයදීමෙන් මිහින්තලේ නාහිමි තමන් වහන්සේගේ අනාරක්ෂිත හා දුර්වලභාවය ප්‍රදර්ශනය කිරීමෙන් ආන්ඩුවේ 'වෙඩික්කරුවන්ගේ' ඉක්මන් ඉලක්කයක වූ බව මගේ අදහසයි. ලාල් කාන්ත ඇමතිතුමාගේ ප්‍රහාරය හ ප්‍රකාශය ගෞරවනීය මහා සංඝරත්නය නිවැරදිව කියවාගෙන ඇතැයි මම උපකල්පනය කරමි.

කලුකෝට්, ජාතික ඇදුම්,සිවුරු වලට පහර දෙන්නේ යැයි කළ පලමු ප්‍රකාශය ලාල් කාන්ත ඇමතිතුමාගේ දෙවන වටිනා ප්‍රකාශය, එනම්‍ රාජ්‍ය බලය ලබාගැනීමේ 'අරගලයේ' ක්‍රමවේදීය අනාවරනයක් ලෙස මම සලකමි. එහිදී සුපැදිලි වන එක් කරුනක් නම්, සභ්‍යත්වය නියෝජනය කරන ඕනෑම පාර්ශ්වයක් තම ප්‍රහාර අපේක්ශාවෙන් සිටිය යුතු බවය. එය තර්ජනයක් යැයි සිතන්නට ඔබට ඇති අයිතිය මම ප්‍රශ්න නොකරමි. කාලාන්තරයක් මුලුල්ලේත්, දැනටත්, ආන්ඩු විරෝදීන් යනු, රාජපක්ෂවාදීන්, සජිත්වාදීන්, රනිල්වාදීන්, හෝ පොදුවේ විපක්ෂ හෙන්චයියන් හා/හෝ ජාතිවාදීන් ලෙස හන්වඩුගසා කෲර හා සියුම් මනෝවිද්‍යාත්මක සමාජ මාධ්‍ය අශූචි ප්‍රහාර මගින් නිහඬ කිරීමේ අතිශය දුර්වල ක්‍රමවේදය, පර්‍යේෂනාත්මක ආරම්භයක් සේ ක්‍රියාත්මක බව අපි දනිමු.

මම දේශපාලන විද්‍යා විශාරදයකු නොවුනත්, ආන්ඩුවක් යනු රාජ්‍යය විසින් සකසා ගන්නා ව්‍යුහයක් බව අසා ඇත්තෙමි. ආන්ඩුවකට සියලු පුරවැසියන් අවනතවීමේ අවශ්‍යතාවක් නැත. රාජ්‍යද්‍රෝහීත්වය දඩුවම් ලැබියහැකි වරදක් වුවද, ආන්ඩු විරෝධය වරදක් නොවේ. ස්ථිරසාර වන්නේ රාජ්‍යය මිස ආන්ඩුව නොවේ. විසුරුවාහැරිය හැක්කේ ආන්ඩු මිස රාජ්‍යය නොවේ. ආන්ඩු වෙනස් කිරීමේ අයිතිය පුරවැසියන් සතුය. කොටින්ම ආන්ඩුවකට භූමියක් උවමනා නැත. එල්.ටී.ටී.ඊ. සංවිධානය කැනඩාවේ හෝ අන්තැනක පිහිටුවා ගෙන ඇතැයි කියන ඊළමද එවැන්නකි. ආන්ඩුව රාජ්‍යයේ නියෝජිතයාය..නැත්නම් ආන්ඩුව රාජ්‍යයේ සේවකයාය.

ශ්‍රී ලංකාව වනාහී දීර්ඝ ඉතිහාසයක් හා සංකීර්න විචිත්‍රවත් සම්භාව්‍ය (භාවිතාව පරස්පරවිය හැක) සංස්කෘතියක් සහිත රටකි. අපේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්‍යයෙන් අවශ්‍යය. මාගේ අදහස නම් ප්‍රතිසංස්කරණ නොව අපිට අවශ්‍ය අලුත්ම අධ්‍යාපන මාදිලියකි. එහෙයින්, ආන්ඩුවේ රාජ්‍ය බලය ඇල්ලීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස, ඉතිහාසය හා සංස්කෘතිය ආසානාසි කිරීමේ සියුම් මෙහෙයුම් තේරුම් ගැනීම අපට අපහසු නැත. සිංහල වේවා, අසිංහල වේවා, බෞද්ධ වේවා, අබෞද්ධ වේවා, ශ්‍රී ලාංකිකයා සතු සංස්කෘතික කේතය මකාදැමීම, ලාල් කාන්ත ඇමතිතුමා පවසන රාජ්‍ය බලය ඇල්ලීමේ අරගලයේ ප්‍රධාන උපාය මාර්ගයක් බව අපි දනිමු.

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා 2024 ජනාධිපතිවරණයේදී උතුරේ යාපනේ දිස්ත්‍රික්කයෙන් ලබාගන්නේ ඡන්ද 27,068ක් පමනි. ප්‍රධාන ප්‍රතිවාදියාවූ සජිත්ට යාපනෙන් 121,177කි. 
වන්නි දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිතුමාට ඡන්ද 21,412කි, සජිත්ට 95422කි. 
සමස්ත උතුරු පළාතෙන් ජනාධිපතිතුමා ඡන්ද 48, 498ක් ලබද්දී, සජිත් 216,599 ලබා ගනී.

අම්පාරෙන් ජනාධිපතිතුමාට ඡන්ද 108,971කි. සජිත්ට 200,384කි.. 
මඩකලපුවෙන් එතුමාට 38,832කි., සජිත්ට 139, 110කි. 
ත්‍රිකුනාමලයෙන් ජනාධිපතිතුමා ඡන්ද 49,886 ක් ලබයි. සජිත් 120, 558කි. 
සමස්ත උතුරු නැගෙනහිරින්ම ජනාධිපතිතුමා ලැබෙන්නේ ඡන්ද 246,187කි. ප්‍රතිවාදියා 676,651කි. 
ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේදී ලබාගත්තු මුලු ඡන්ද සංඛ්‍යාව වුනු 5,634,915 ප්‍රතිශතයක් ලෙස එතුමා උතුරු නැගෙනහිරින් ලබා ඇත්තේ 4.3% කි. 
ඒ මත පදනම් ව රටේ වාර්ගික හා සංස්කෘතික අන්න්‍යතාව අර්ථකථනය කිරීම රාජ්‍ය බලය උපයා ගැනීමේ විශිෂ්ට ක්‍රමවේදයක් නොවේ.

කෙසේ වෙතත්, ලාල් කාන්ත ඇමතිතුමා ලෙනින් කියවමින් කල ප්‍රකාශය ශ්‍රී ලංකාව නම් රාජ්‍යයේ සබුද්ධික පුර්වැසියන්ගේ චින්තනයට රසවත් ආහාරයක් සපයා ඇත. 

චමිල ලියනගේ.

A day in the life