පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-01-25

පාන්දර හතරට අවදි වෙන්න .


රෑ 10 ඉඳන් පාන්දර 4 වෙනකම් නිදාගත්තොත් ඔයාගේ මොළයට මොකද වෙන්නේ? මෙන්න මෙතෙක් කවුරුත් නොකියපු රහස! !.

ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ කතාවක්. 
හැබැයි මේක සුරංගනා කතාවක් නෙවෙයි, 
ඔයාගේ ජීවිතයම වෙනස් කරන්න පුළුවන් සයන්ටිෆික් කතාවක්.

අපි හැමෝම දන්නවා දවස පුරාම වැඩ කරලා මහන්සි වුණාම අපේ ඇඟට විවේකය ඕනේ කියලා. හැබැයි ඔයා දන්නවද ඔයා නිදාගන්න වෙලාව අනුව ඔයාගේ මොළය ක්‍රියා කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලා? 
විශේෂයෙන්ම මේ රාත්‍රී 10 සිට පාන්දර 4 දක්වා කාලය.. අන්න ඒක තමයි මොළයේ රන්වන් පැය හය (Golden 6 Hours) විදියට හඳුන්වන්නේ.


ඇයි ඒ? මොකක්ද ඒ වෙලාවට මොළය ඇතුළේ සිද්ධ වෙන්නේ? එන්න, අපි ටිකක් ගැඹුරට ගිහින් බලමු.
1. මොළය හෝදන වොෂින් මැෂින් එක වැඩ පටන් ගන්නේ රෑ 10ට
ඔයා දන්නවද දවස පුරාම ඔයා හිතන පතන දේවල් නිසාත්, ගන්න තීරණ නිසාත් ඔයාගේ මොළය ඇතුළේ විවිධ විෂ වර්ග (Toxins) එකතු වෙනවා? මේවා හරියට කර්මාන්තශාලාවකින් පිටවෙන අපද්‍රව්‍ය වගේ. මේ අපද්‍රව්‍ය අයින් කළේ නැත්නම් තමයි අපිට ඉක්මනින් අමතක වෙන්නේ, තරහා යන්නේ, සහ ඔළුවේ කැක්කුම හැදෙන්නේ.
විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා Glymphatic System කියලා පද්ධතියක් අපේ මොළයේ තියෙනවා කියලා. මේක නිකම් වොෂින් මැෂින් එකක් වගේ. හැබැයි මේ මැජික් මැෂින් එක උපරිම වේගයෙන් වැඩ කරන්නේ ඔයා රෑ 10ට විතර තද නින්දට ගියොත් විතරයි.

ඔයා රෑ 10ට නිදාගත්තම, මොළයේ සෛල අතර තියෙන ඉඩ වැඩි වෙලා, මොළය ඇතුළේ තියෙන දියර වර්ග වේගයෙන් ගලාගෙන ගිහින් අර විෂ වර්ග ඔක්කොම සෝදලා දානවා. ඔයා රෑ 12 වෙනකම් ෆෝන් එක බල බල ඉඳලා නිදාගත්තොත් වෙන්නේ අර වොෂින් මැෂින් එකට කරන්ට් එක නැති වෙනවා වගේ වැඩක්. එතකොට උදේට ඇහැරෙන්නේ හරියට හෝදපු නැති කිළුටු රෙදි මිටියක් වගේ බර වෙච්ච ඔළුවකින්! 

2. ෂෝට් ටර්ම් මෙමරි එක හාඩ් ඩිස්ක් එකට සේව් කරන වෙලාව

අපි දවස පුරාම දකින, අහන, ඉගෙන ගන්න දේවල් මුලින්ම ගබඩා වෙන්නේ තාවකාලික තැනක Short-term memory කියන්නේ ඒකට. මේවා ස්ථිර මතකයන් බවට පත් කරන්න නම් මොළයට නිදහසේ කාලය ඕනේ.
රාත්‍රී 10 ඉඳන් පාන්දර 4 වෙනකම් කාලය ඇතුළත මොළය කරන්නේ හරියට ෆයිල් ඕගනයිස් කරනවා වගේ වැඩක්. වැදගත් දේවල් මොළයේ හාඩ් ඩිස්ක් එකට ඒ කියන්නේ Long-term memory සේව් කරනවා, අනවශ්‍ය කුණු දේවල් ඩිලීට් කරලා දානවා.

ඔයා විභාගයකට පාඩම් කරන කෙනෙක් නම්, රෑ එළිවෙනකම් පාඩම් කරනවට වඩා රෑ 10ට නිදාගෙන පාන්දර 4ට නැගිටලා බලන්න. ඔයාට පුදුම හිතෙයි ඔයාගේ මතක ශක්තිය දියුණු වෙලා තියෙන විදිය දැක්කම.


3. මානසික පීඩනය (Stress) බිංදුවටම බස්සන මැජික් එක

අද කාලේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි Stress එක. මේකට ප්‍රධානම හේතුවක් තමයි ශරීරයේ තියෙන Cortisol කියන හෝමෝනය.
අපි රෑ 10ට විතර නිදාගත්තම, අපේ මොළය ස්වභාවිකවම මේ Stress හෝමෝන මට්ටම අඩු කරනවා. ඒ වෙනුවට සතුට ඇති කරන හෝමෝන නිපදවන්න ගන්නවා. ඔයා රෑ 10ට නිදාගෙන පාන්දර 4ට ඇහැරුණොත්, ඔයාගේ හිතට දැනෙන ඒ පුදුමාකාර සැනසීම, ප්‍රබෝධය වෙන කිසිම වෙලාවක ලබන්න බැහැ.
පාන්දර 4ට නැගිටින කෙනෙක් දවස පටන් ගන්නේ ලෝකයට වඩා පැය කිහිපයක් ඉදිරියෙන් ඉඳගෙන. ඒකෙන් ලැබෙන ආත්ම විශ්වාසය ඔයාගේ මුළු දවසම සාර්ථක කරනවා. 

4. ලස්සන වෙන්න ඕනෙද ? 

එහෙනම් මේක අහන්න!
මේක නම් අපේ නංගිලාට වගේම මල්ලිලාටත් ගොඩක් වැදගත් වෙයි. රාත්‍රී 10ත් පාන්දර 2ත් අතර කාලය තමයි ශරීරයේ Growth Hormone සහ සෛල අලුත්වැඩියා කරන ක්‍රියාවලිය උපරිමයෙන්ම සිද්ධ වෙන්නේ. මේකට කියන්නේ "Beauty Sleep" කියලා.
හම පැහැපත් වෙනවා. ඇස් යට කළු වීම අඩු වෙනවා. අනවශ්‍ය ලෙස මහත් වීම පාලනය වෙනවා (Weight loss). ඉතින් ලස්සන වෙන්න ක්‍රීම් වර්ග ගානවට වඩා රෑ 10ට නිදාගන්න එක දහස් ගුණයක් වටිනවා නේද? 

5. පාන්දර 4ට ඇහැරෙන එකේ තියෙන රහස මොකක්ද ?

බොහෝ සාර්ථක මිනිස්සු, ලෝකය හොල්ලපු නායකයෝ හැමෝම පාන්දර 4ට ඇහැරෙන පුරුද්ද තියාගෙන හිටියා. පාන්දර 4 කියන්නේ පරිසරයම නිශ්ශබ්ද, ඔක්සිජන් උපරිමව තියෙන වෙලාවක්.
මේ වෙලාවට අපේ මොළයේ Alpha waves ක්‍රියාකාරීත්වය වැඩියි. ඒ කියන්නේ මොළය උපරිම නිර්මාණශීලී මට්ටමක තියෙන්නේ. ඔයා ලියන කෙනෙක් නම්, අලුත් දෙයක් හිතන කෙනෙක් නම්, මේ වෙලාව තමයි ඔයාගේ මොළයේ "සුපිරි බලය" පාවිච්චි කරන්න පුළුවන් හොඳම වෙලාව. 

ඉතින් අපි කොහොමද මේ පුරුද්ද ඇති කරගන්නේ ?.

දන්නවා, එකපාරටම රෑ 10ට නිදාගන්න එක ලේසි නැහැ. මොකද අපි දැන් "ෆෝන්" වලට ඇබ්බැහි වෙලා. හැබැයි මේ පොඩි ටිප්ස් ටික ට්‍රයි කරලා බලන්න:
රාත්‍රී 9 වෙද්දී ෆෝන් එක පැත්තකින් තියන්න ෆෝන් එකේ නිල් ආලෝකය (Blue light) නිසා මොළයට හිතෙනවා තවම දවල් කියලා. එතකොට නින්ද යන්නේ නැහැ.
කලින් රෑ කෑම කන්න නින්දට පැය 2කට කලින්වත් කෑම කාලා ඉවර කරන්න.
පුංචි අරමුණක් තියාගන්න "මම හෙට පාන්දර 4ට ඇහැරිලා මට ආසම දෙයක් කරනවා" කියලා හිතන්න.

ජීවිතේ දිනන්න ඕනේ නම්, ලෝකය දිනන්න කලින් ඔයාගේ මොළය දිනන්න ඕනේ. ඒකට කරන්න තියෙන ලේසිම සහ නොමිලේම ලැබෙන බෙහෙත තමයි මේ රාත්‍රී 10 - පාන්දර 4 නින්ද.
අද රෑ ඉඳන්ම මේක ට්‍රයි කරලා බලමුද ? 
එක සතියක් මේ විදියට නිදාගන්න. ඔයාගේ ජීවිතේ ලැබෙන වෙනස ගැන ඔයාම පුදුම වෙයි ! 

මේ වටිනා තොරතුරු ඔයාගේ යාළුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා. මොකද අපේ රටේ ගොඩක් අය රෑ එළිවෙනකම් ෆෝන් එකේ ඉඳලා තමන්ගේ වටිනා මොළය විනාශ කරගන්නවා


ලියුවේ - අමුතු.













A day in the life

2026-01-24

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - ගුණෙ අයියගෙ මඟුල් ගෙදර




අජිත් මුණසිංහයන්   දවස් දෙක තුනකට ඉ්සෙල්ලා ලියලා තිබුණා. ගුණේ අයියාගේ මගුල් ගෙදර ගැන. ඇත්තටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල කතාවත් ඒ වගේ තමයි.
කියවල බලන්නකෝ.
සංවිධාණයක් නැති වැඩ ගැන.

මිත්‍රෝවරුණි ! වැඩේ කොච්චර සංකීර්ණ වෙලාද කියනවනම් මේ කතාව නොකියා ප්‍රවේශයක් ගන්න බෑ කියලා හිතුනා.

ඔන්න ගුණේ කසාද බඳින්නයි යන්නේ මිනිහා අපේ අතීසාර මිත්‍රයෙක්..
යාළුවො ගොඩයි , සරත් බාරගත්තා මිනිහගෙ ගෝලබාලයොත් දාගෙන හෝම් කමිංග් එකේ වැඩ සූදානම් කරන්න , ඔන්න දවස් දෙකකට කලින් ඉඳලා මනමාලයගෙ ගෙදරට සරත්ගෙ සෙට් එක බැහැලා වැඩ කරලා...අපි ඉතිම් හරියට අදාල වෙලාවට මිසක් කලින් ගිහිල්ලා චාටර් කන්නෙ නෑනේ.
අපිට ඉන්වයිට් කරලා තිබුනේ රෑ කෑමට...අපි ඉතිම් වෙලාවට ගියා
ආයෙ අඩුපාඩුවක් නෑ ගමම හෙල්ලෙන්න වැඩේ කරලා සරතා සහ ගෝලයෝ " හොඳටම කරලා"

මිදුලේ පොඩි ස්ටේජ් එකකුත් ගහලා මියුසික් ගෲප් එකකුත් ප්ලේ කරනවා...ඔන්න අමුත්තන්ටත් සිංදු කියන්න වාරයක් ආවා...අපේ සරතත් හෙන ගායකයා...ගෝලයෙක් පැනලා අපේ සර්ගෙන් පලවෙනි සිංදුව කියලා මයික් එක අරගෙන සරතා අතට දුන්නා...
දැන් ගෲප් එකේ උන් සින්දුවට රෙඩි වෙනවා..චිං චුන් ඤැං ටියුන් කරනවා ...කොහේදෝ ඉඳලා ආපු එකෙක් , සරතගෙ අතින් මයික් එක උදුරලා වගේ අරගෙන , පලමු ගීතය මනමාල පාර්ශවයෙන් කියලා වෙන මෝලෙකුට දුන්නා...ඔන්න සරතගෙ ගෝලයට මල පැන්නා ඒ වෙනකොට චංඩියත් බඩේ නේ.

.....අඩෝ අපි දවස් ගානක් මෙහේ වැඩ , අපේ සර්ට දීපං.....හරිනේ 
අම්මට සිරි ! දැන් ස්ටේජ් එකේ වලිය පහලටත් ආවා...කට්ටියක් බේරන්න යනවා එකම ජරමරයයි....අලුතින් එන්ටර් වෙන උන් වලිය මොකක්ද කියලා දන්නෙත් නෑ , ඔක්කොගෙම බඩේ චංඩියා වැඩ

මනමාලයාගෙ ගම උඩුපිල කියමු , 
මනමාලි ඊට අල්ලපු ගම යටිපිල...
අම්මට සිරි දැන් වලිය යන්නේ උඩු පිලයි යටිපිලයි.

අඩෝ  !  යටිපිලේ උන් උඩුපිලට ඇවිත් පාට් දාන්න ආවොත් අම්මට හැ#%$* න් නෝනො පගයෝ ..ඩෝං #&@ පටෝං @#& එහෙට මෙහෙට පුටුත් විසි උනා...දැන් කලබලේ බලන්න මනමාල ජෝඩුවත් එලියට ආවා...හරිනේ මනමාලයටත් මල පැන්නා....
මේ කතාව මෙතනින් නවත්තමු.





අදටත් අපි ඔය මඟුල මතක් කරලා කනබොන තැන්වල සරතයා එක්ක ඉල කැඩෙනකම් හිනා වෙනවා..

දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලිය තියෙන්නෙත් උඩුපිල - යටිපිල වලියක් විදියට , මඟුල කැඩෙන සයිස් එකෙන් වලිය නැගලා යනවා.
මනමාලි එක පැත්තකට අදිනවා.
 අපේ නෑදෑයින්ට අත තිව්වොත් බලාගෙනයි කියනවා .
මනමාලයගෙ පැත්තෙ උන් මේ මඟුල අවුරුද්දක් කල්දාමු කියනවා .
එකෙක්වත් දන්නෙ නෑ වලිය මොකක්ද කියලා .

ටිකක් දිග උනත් කතාව හැකිතරම් කෙටියෙන් කියන්නම්....
රනිල් අධ්‍යාපන ඇමති කාලේ පිහිටවපු එක වැදගත් ආයතනයක් තමයි මහරගම NIE
( national institute of education )
දැන් ඒගොල්ලන්ගෙ මූලික වැඩේ
curriculum & teacher training කිවුවොත් වැරදි නෑ...තව පර්යේෂණ අරවා මේවා කරනවා තමයි
ඔය අස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 සංශෝධනය ආවම රේඛීය හා පලාත් කියලා කතාවකුත් එන නිසා NEC කියලා එකකුත් පිහිටෙවුවා( National Education Commission )
දැන් NEC එක තමයි→ policy level වැඩවල බලධාරියා
NIE → curriculum & teacher training කරන tool එක කිවුවොත් වැරදි නෑ...
MOE තමයි අවසානයේ implementation කරන්නේ..
තව විදියකට කිවුවොත් NEC කියන්නේ:
“Policy brain” එක 

කෝකියො ගොඩයි සුප් එක වඳයි .

ආයෙ මාතෘකාවට එමු.
ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙ ADB එක හැමදාමත් ආධාර දුන්නා සහන ණය දුන්නා
.2013 ඉඳලා ක්‍රියාත්මක project එකකුත් තිබුනා NEC එක ඔය සල්ලි වියදම් කරන ගමන් ඉතිම් පොඩි පොඩි වැඩ කලා ඔය තොරතුරු තාක්ෂණ විශයන් වගේම තාක්ෂණ වේදී විශය දහරාව වගේ ඒවා කරන අතරේ
 2018 විතර යෝජනාවක් එනවා සම්පූර්ණයෙන්ම අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිසංස්කරණයක් කරන්න ඕන කියලා.
ජාත්‍යන්තරව පිලිගත්තුSTEM පදනම් කරගන්න ඕන කියලත් නිර්දේශ උනා. stem කිවුවේ S- science 
T- technology
E- Engineering 
M- mathematics
පස්සෙ ඕකට Aesthetics කියලා කෑල්ලකුත් ඇවිල්ලා STEAM කියලා පදනම සකස් උනා.

ADB එකත් ඇ.ඩො. මිලියන 400 ක් අනුමත කලා ( අවු.26 කින් ගෙවන්න 0.5% පොලියට )
ඔන්න ඉතිම් අපේ මහරගම NIEපොරවල වැඩේ පටන්ගත්තා
අත දිගෑරලා වියදම් කරන්න සල්ලිත් තියෙනවා නේ .
කොහොමහරි සෑහෙන කාලයක් අරගෙන මෑන්ලා වැඩේ කරගෙන ආවා.
ඒ අස්සේ ඔන්න ගෝඨ ගොබ්බයා ජනාධිපති උනා .
මෑන්ට ඔය ගාට ගාට ඉන්න වැඩ හරියන්නේ නෑනේ
වියත් මගෙන් සේදරද මොකෙක්ද එකෙක් දාලා ඉක්මනින් ප්‍රොජෙක්ට් රිපෝට් එකක් දීලා අර ඩොලර් මිලියන 400 යේ ඉතුරු මුදල ගනින් කිවුවා .
වලං කඩේට පැන්න හරක් සේදර NIE එකේ පඬියො කර කර හිටපු වැඩ නවත්වලා , 
ඕයි  ! ළමයිගේ පොත් බෑග් එකේ බර අඩු කරනවා....දැන් තියෙන පෙලපොත් නරක නෑනේ ඔන්න ඔය ටිකම කඩලා මොඩියුල් කරලා වැඩේ ඉක්මන් කරනවා කියලා නියෝග කරලා..
NIE එකෙක් ඉඳලා නෑ , 
එහෙම බෑ ඕයි  !  මේක ක්ෂණික නූඩ්ල්ස් වගේ කරන්න බෑ කියලා කියන්න...
උනුත් කලේ පෙලපොත් කොටස් වලට කඩලා මොඩියුල් හැදුවා .

වැඩේ ඉක්මන් කරන්න පිට හාදයොත් හයර් කරලා දඩි බිඩියට කරලා ( සල්ලිත් තියෙනවා නේ ) ඔන්න ඒ අස්සේ ගෝල්ෆේස් අරගලය ඇවිල්ලා ගොබ්බ ගෝඨාට ගහලා පැන්නුවානේ...වැඩේ එහෙමම ඇණහිටලා , ගෝඨාත් නෑ සේදරත් නෑ මොඩියුලත් නෑ...2022 රනිලා ආවට මෑන්ට ඒ වෙලාවේ තිබුනේ වෙන මරාලයක් නිසා 2024 වෙනකම් වැඩේ ඇදි ඇදී තිබිලා.

ඔන්න ඒ අස්සේ පුනුරුද පප්පලා ආවානේ මුන් ඉතිම් අනුන්ගෙ ළමයින්ට උප්පැන්න ලියන්න හපන්නු නේ , හතර මායිම් මුකුත්ම බැලුවෙ නෑ , නවත්වපු තැනින් ඉතුරුටික ඉක්මනින් ඉවර කරලා ඇ.ඩො. මිලියන 400 න් ඉතුරුවෙලා තිබුනු තව මිලියන 280 ද කොහෙද ගන්න හදිසි උනා...හෙරනි මේවා ඉතිම් අලින්ගෙ අපේ වැඩ කියන්න ගිහිල්ලා හොඳ එකෙන් කෙලෝගත්තා...පෙලපොත් මොඩියුල් කරන්න NIE එවුන් පිට එවුවොත් හයර් කරපු නිසා මොකා වැරැද්දුවද හොයන්නත් ලේසි නැති වෙලා.
ඒ මදිවට ඇත්ත කතාව ඔය කියන STEAM පාදක ප්‍රතිසංස්කරණයකුත් මේකෙ නෑ විධිමත්ව තිබුනු පෙලපොත් වලිනුත් එහෙන් මෙහෙන් කෑලි හැලිලා එකම අච්චාරුවක් වෙලා තියෙන්නේ.

තව ලියන්න ගොඩක් දේවල් තියෙනවා comments වලින් ඇහුවොත් විතරක් ලියන්නම් අනෙක් හැම කේෂත්‍රෙය්  වගේම අධ්‍යාපනයෙත් තිබුනු පුකත් නැතිකරන්නයි මුන් යන්නේ...
රටේ දරුවන්ට .

අජිත් මුණසිංහ.





A day in the life