පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-01-15

අද (15) තෛපොංගල් දිනයයි



තෛපොංගල් උත්සවය මූලික වශයෙන් සශ්‍රීකත්වය, කෘතවේදීත්වය සහ සාමය සමගිය උදාකරවන්නක් සඳහා කෙරෙන උත්සවයකි. මෙම උත්සවය දකුණු ඉන්දියාවෙන් පහළ වූ උත්සවයක් බව බොහෝ පඬිවරු පවසති. මෙය හින්දු ධර්මයෙන් නිපන් උත්සවයක් වන්නේ ඒ ගැන පැවසෙන පුරාවෘත්ත නිසාය.
පුරාවෘත්ත
තෛපොංගල් ඉතිහාසය හෙළිදරව් වන ජනප්‍රියම පුරාවෘත්තය වන්නේ ශිව දෙවියන්ගේ ගවයා සම්බන්ධ පුරාවෘත්තයයි. ශිව දෙවියන්ගේ ගවයා වනුයේ භාෂවය.
භාෂාව ඇමතු ශිව දෙවියෝ පෘථිවියට ගොස් මනුෂ්‍යයන්ට තෙල් සාත්තුවක් හා සෑම දිනකදීම ස්නානය කරන ලෙසට දැනුම් දෙන ලෙස පැවසුවේය. ඒ වගේම මසකට වරක් පමණක් ආහාර ගන්නා ලෙසටත් උපදෙස් දෙන ලෙසට ශිව දෙවියෝ භාෂවට ප්‍රකාශ කර සිටියහ.
එහෙත් ශිව දෙවියන්ගේ පණිවිඩය වරදවා වටහා ගත් නිසාදෝ භාෂව මනුලොවට පැමිණ සෑම දිනකම ආහාර ගන්නා ලෙසටත් මසකට වරක් තෙල් සාත්තු කර ස්නානය කිරීම සිදු කරන ලෙසටත් මානව සමාජයට පැවසුවේය. මෙම වරද පිළිබඳව කුපිතව කෝපයෙන් පසුවූ ශිව දෙවියෝ සිය ගවයා වන භාෂවයන්ට සාප කළහ.
භාෂාව සදාකාලිකවම මනු ලොවේම වාසය කරන ලෙසට එම ශාපයෙන් අපේක්ෂා කෙරිණි. එමෙන්ම භාෂව සී සාමින් කුඹුරු වැඩ ඇතුළුව මානව සමාජයේ වෙනත් කටයුතු උදෙසා සහාය වෙමින් ආහාර නිෂ්පාදනය වර්ධනය කිරීමට දායක වීමටත් ගවයාට සිදු වනුයේ මෙම පසුබිම තුළය යන්න ඉන්දියානු පුරාවෘත්තයේ සඳහන් වේ.

මෙසේ මනු ලොවේ ගොවිතැනට උදව් වන ගවයන්ට කෘතවේදී වීමට ජනයා පෙළැඹී ඇත. කෘතවේදීත්වයේ සංකේතයක් හැටියට තෛපොංගල් උත්සවයේ තෙවැනි දිනයේ පට්ටි පොංගල් නමින් හැඳින්වෙන උත්සවය ඇතිවිය.

තෛපොංගල් සංක්‍රාන්තිය

පුරාවෘත්තවලින් තෛපොංගල් ඇති වුවත් ක්‍රි.පූ. 200 සිට ක්‍රි.ව. 300 දක්වා යුගයේ දකුණු ඉන්දියාවේ මේ තෛපොංගල් ඇති වූ බව වියත්හු පෙන්වා දෙති.
තෛ මාසයේ එනම් සිංහල ක්‍රමයට දුරුතු මාසයේ පළමුවැනි දින සූර්යා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රාන්තිය සිදු කරනු ලබයි. දුරුතු මාසයේ සිට පොසොන් මාසය තෙක් එනම් දෙමළ ක්‍රමයට තෛ මාසයේ සිට ආනි මාසය තෙක් සූර්යයා උතුරු දෙස බලා ගමන් කරන හෙයින් උත්තරායන කාලය ඇති වේ.
මේ කාලයේදී සූර්යාගෙන් බොහෝ ශක්තිය ලැබෙන බව දෙමළ හින්දු ජනයෝ විශ්වාස කරති. එමෙන්ම සූර්යා දිවා රාත්‍රී දෙකෙහි එක සමාන වන බැවින් උතුරු දෙසට ගමන් කිරීම සිදුවන සමයත් රත්වීම හෝ ඉතිරි වීම සිදුවේ.
මෙම රත්වීම නිසා පොළවේ පවතින ජල කඳ වාෂ්ප වී මහා වැසි වසින්නටත් එම වැස්ස නිසා මිනිසුන්ට ජීවත් වන්නට අවශ්‍ය සියලුම භව බෝග අස්වැන්න ලැබෙන්න පටන් ගන්නා බවත් ඔවුන්ගේ විශ්වාසයයි. මේ නිසාම සූර්යයාට කෘතවේදී වීමට ඉනුවිලා උත්සව පැවැත්වීමට හින්දූහු අමතක නොකරති. එය පසුකාලීනව තෛපොංගල් විය.

තෛපොංගල් උත්සවය අනාදිමත් කාලයක සිට දෙමළ හින්දූන් විසින් සමරන උත්සවය දින හතරක් තිස්සේ සමරන උත්සවයක් කරගෙන ඇත. එහි පළමුවැන්න පෝහි පණ්ඩිගෛ නම් විය.

පෝහි පණ්ඩිගෛ

මෙය ආරම්භ වන්නේ මාර්කලි මාසයේ අවසාන දිනයෙනි. එනම් උඳුවප් මස අවසාන දිනයෙනි. මෙම දිනය එම අවුරුද්දේ අවසාන දිනය වේ.
මෙම දිනයේදී පැරණි උපකරණ සියල්ලම පුළුස්සාගේ ගේදොර සුද්ධ පවිත්‍ර කර ‌ගොම මැටි හා පිරිසුදු කර ගන්නා දවස පෝහි පණ්ඩිගෛයි වශයෙන් හැඳින්වේ. මෙම සිරිත අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. මෙහි දෙවන දිනය වන්නේ පොංගල් පණ්ඩිගෛ නමින් හඳුන්වන උත්සවයයි.

පොංගල් පණ්ඩිගෛ

මෙම දිනයේදී හිරු දෙවියන් උදෙසා වැඳුම් පිදුම් සිදු කරනු ලබති. මේ අනුව නිවසෙහි නැගෙනහිර පැත්තට වන්නට භූමි භාගයක් තෝරා ගැනේ.
විශේෂයෙන් මෙම භූමි භාගයට ගොම මැටි ගල්වා කහ දියර ඉස කෝලම් දමා සතර කොනේ කෙසෙල් ගස් සිටුවා ගත යුතුය. ඉන් අනතුරුව එම භූමි භාගයේ ලිපක් බැඳ ගිනි මොළවා කිරි උතුරවා අලුත් අස්වැන්නෙන් කිරිබතක් පිස ගනු ලැබේ.
ඉන් අනතුරුව මෙම කිරිබත හිරු දෙවියන් උදෙසා පුදනු ලැබේ. මෙම පිදීමට කැවිලි පෙවිලි සහ කෙසෙල් ගෙඩිද තබනු ලැබේ. මෙයට පොංගල් උත්සවය යැයි කියනු ලැබේ. ඊළඟට එළැඹෙන්නේ තෛපොංගල් තෙවැනි දිනයයි. මෙම දිනයට පට්ටි පොංගල් නොහොත් මාටු පොංගල් යයි කියනු ලැබේ.


පට්ටි පොංගල්

දෙමළ හින්දූහු ගොවිතැනට උදව් උපකාර කරන හරකුන්ට පොංගල් දිනට පසු දින සුවිශේෂ වත්පිළිවෙත් රැසක් ඉටු කරති. මෙම උත්සවයේදී ගව පට්ටි සෝදා සුද්ධ පවිත්‍ර කර ගව මහේෂාධීන් නහවා ඔවුන්ගේ අංවලට වර්ණ ආලේප කර පිරිසුදු කර ගනු ලැබේ. ඉන් පසුව ගව මඩුව ඉදිරිපස භූමි භාගයක් තෝරා ගොම පිරියම් කර වටේට ගොක් කොළ එල්ලා භූමි භාගයේ කෝලම් දමා ‘ගෝ’ පූජාව සිදු කරනු ලැබේ.
මෙහි සකස් කරගත් භූමි භාගයේ කිරි උතුරවා කිරිබත් පිස දෙවියන්ට පුදනු ලැබේ. අනතුරුව සෑම ගවයකුටම කැවිලි කිරිබත් කවා උන්ව සතුටු කරනු ලැබේ.
ගෝ පූජාවේදී දෙනුන් සඳහා විශේෂ පූජාවක් සකස් කර ගනු ලැබේ. ඍග් වේදයේ සඳහන් වන ආකාරයට එළ දෙනුන්ගේ පසුපස මහා ලක්ෂ්මිත් ඇගේ සිරුර පුරාම තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන් පැතිරී සිටින බව කියැවේ.
ගෝ පූජාවේදී එළ දෙනත් පැටියාත් නහවා එළ දෙනගේ මුහුණේ කහ ගල්වා කුංකුම ගල්වා ගෙලට මල්මාලයක් දමා වස්ත්‍රයක් පොරවා ඇගේ පිටුපසෙහි කහද කුංකුමද ගැල්විය යුතුය. පසුව දීප දූප අල්වා වේද මන්ත්‍ර ගයා කපුරු දල්වා දීප ආරාධනාව සිදුකළ යුතුය.
සිකුරාදා හෝ අමාවක දිනවලදී ‘ගෝ’ පූජාව සිදු කරනු විට ලක්ෂ්මි දෙවඟනගේ දයාව අනුකම්පාව ලැබෙන බව හින්දූහු විශ්වාස කරති.

හින්දු දෙමළ වැසියන් ගෝ පූජාවට දක්වන්නේ ඉමහත් භක්තියකි. එම නිසාම දෙමළ ගීත සාහිත්‍ය දියුණු වී ඇත. මෙහිදී කිවිවර කන්නදාසන් ලියූ ගීතයක් මෙසේ වෙයි.

ගෝ මාදා එන්ගල් කුලමාදා
කුල මාදර් නලම්කාක්කුම් ගුණමාදා
පුවි වාල්විල් අරුල් පොංගුම්
තිරු මාදා වන්න පූ මාදා
පලූට්ටුම් අන්බිලේ අන්නෙයි නීසේ
පලකුම් උරවිලේ පිල්ලෛ නියේ
කරුණෛ මනදිල් ගංඟයි නියේ
කල්ලාරුක්කුම් තීට්ටු වරුක්කුම්
දෙයිවම් නියේ

මෙහි තේරුම වන්නේ,

ගෝ මාතාව අපේ ශ්‍රියා කතයි
කුල මවගේ සුව රකිනා ගුණ මාතාවයි
මිහි දිවියේ මහිමය ඉතිරෙන
මිහිර මවයි වන්න පුෂ්ප මවයි
කිරි පොවනා සෙනෙහසිනේ
මව ඔබ වේ
සිත් කරුණා උපදන ගංගාව
ඔබ වේ
ගල් හිත මිනිසුන්ටත් සැමගේ
දෙවඟන ඔබමයි.


මෙම ගීතයෙන් කියැවෙන පරිදි ඵළ දෙනක් දෙවඟනකට එම කවිය සම කරන්නේ ඉතාම ගෞරවයෙනි. මේ ආකාරයෙන් දෙමළ ගීත තෛපොංගල් නිසා ගීත සාහිත්‍යය පෝෂණය වී ඇත.

මෙහිදී දවස් හතරක තෛපොංගල් අවසාන දිනය වන්නේ කාණුම් පණ්ඩිගෛ නමැති උත්සවයකි.

කාණුම් පණ්ඩිගෛ

මෙම උත්සවය කාන්තාව උදෙසා සිදු කරනු ලබන උත්සවයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. පොංගල් මුට්ටියේ බඳින ලද කහ කැබැල්ල ලිහාගෙන ගොස් එය වැඩිහිටියන් පස් දෙනකුට දී එයින් තමන්ගේ නළලත ගාවා ගනිති. වැඩිහිටි අය නැතිවුවහොත් තම සැමියාට දී ගා ගෙන ආශිර්වාද කර ගනිති. මෙදින කාණුම් නමැති පිංඩ තැබූ පසු කාන්තාවෝ ස්නානය කර අලුත් ඇඳුම් ඇඳ තෑගි භෝග ලබති.

මේ ආකාරයෙන් බලන කලට තෛපොංගල් උත්සවය මිනිස් දිවියට වැදගත් උත්සවයක් ලෙස සැලකිය හැක්කේ එහි අඩංගුවන සංස්කෘතික අංග සමාජයට බද්ධ වී ඇති නිසාය.
තෛපොංගල් නිසා දියුණු සාහිත්‍යයත් දියුණු ගීත සාහිත්‍යයත් චිත්‍රපට සාහිත්‍යයත් නවකතා, කෙටිකතා සාහිත්‍යයත් කවි සාහිත්‍යයත් දියුණු වී ඇත.
මේ නිසා මෙහිදී සාමය සතුට පමණක් නොව ලංකාව වැනි රටක සංහිඳියාවට ද උපකාරී වන ඉතා වටිනා උත්සවයකි. එම නිසා මෙම උත්සවය කෘතවේදීත්වයෙන් ආරම්භ වී මිනිසා යහ මගට හරවන ගුණධර්මයන්ගෙන් පෝෂණය වන උත්සවයක් ලෙස හඳුන්වා දිය හැකිය.

ජය සතුට පිරි තෛපොංගල් දිනයක් වේවා යයි ප්‍රාර්ථනා කරමි.


ලංකාදීපය  - 2022.01.14
ආචාර්ය දෙමළ පණ්ඩිත් පන්මොළි
විත්තහර් පන්මොළි පුලවර් සාහිත්‍යවේදී
දෙමළ ජනශ්‍රැති පර්යේෂක මඩුළුගිරියේ විජේරත්න

A day in the life

2026-01-13

6 වසර ඉංග්‍රීසි මොඩියුලය




6 වසර ඉංග්‍රීසි මොඩියුලය ගැන
මව්බිම ජාතික පුවත්පත.
2026.01.05

පාසල් දරුවන්ට ලබාදිය යුත්තේ වයසට සුදුසු නිවැරදි ලිංගික අධ්‍යාපනයක් මිස විකෘති කාමුක වෙබ් අඩවි භාවිතා කිරීම ගැන අධ්‍යාපනයක් ලබාදීම නොවෙයි.!
අපේ රටේ ලා බාල දරු දැරියන් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්ෂිකව ලිංගික අතවරවලට ලක්වන බව පොලිස් සංඛ්‍යා ලේඛන වලින් පැහැදිලි වනවා. වාර්තා නොවන එවන් අතවර ඊට වඩා විශාල ප්‍රමාණයක් පවතින බවට සාධක තිබෙනවා.ඒ අතරින්ද වාර්ෂිකව දහසකට වැඩි ගැහැණු දරුවන් ප්‍රමාණයක් කැමැත්තෙන්ම ලිංගික සංසර්ගයන්ට යොමුවී දූෂණයට ලක්වන බවත් වයස අවුරුදු 14ත් 16 ත් අතර ළමයින්ගෙන් 97.3% කට මේ සම්බන්ධව නිසි දැනුමක් නොමැති බවත් මීට වසර කිහිපයකට පෙර මා විසින් සිදු කළ සමීක්ෂණයක් ඇසුරින් ජනමාධ්‍ය වාර්තා කළා. එමගින් මා අවධාරණය කළේ වයසට සුදුසු ආකාරයෙන් දරුවන් හට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ අවශ්‍යතාවයක් තිබෙන බවයි.

අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සොයා බැලීමේදී වෙනත් රටවල් දරුවන්ට ඉතා කුඩා අවධියේ සිට වයසට සුදුසු පරිදි කාටූන් චිත්‍ර අනුසාරයෙන් ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා දක්නට පුළුවන්. නව යොවුන් වියට එළඹීමට පෙර නම් ලිංගික හෝමෝන ශ්‍රාවය වීම ඇරඹීමට පෙර ලබා දෙන මෙම අවබෝධය මගින් ඒ දරුවන් තුල ගැබ් ගැනීම් සම්බන්ධව, මවගේ කුස තුළ දරුවෙකු පිරිසඳ ගන්නා ආකාරය සහ කුස තුළ වර්ධනය වන ආකාරය පිළිබඳ මනා දැනුමක් ලබා දෙනවා. එමගින් මව් සෙනෙහස තවදුරටත් වැඩි වන අතර එමගින් ලිංගික උත්තේජනයන් ලැබෙන්නේ නැහැ.

මේ අතර පාසල් දරුවන් අතර විශේෂයෙන් කාන්තා විද්‍යාලවල ලාබාල දැරියන්ගේ සිට සමලිංගික චර්යාවන්ට පෙළඹීමේ ප්‍රවණතාවයක් තිබෙන බව තවදුරටත් මීට කලින් මා විසින් ජනමාධ්‍ය මගින් අනාවරණය කලා. මෙහිදී එම දරුවන් මෙම ක්‍රියාවන්වලට පෙළඹෙන්නේ ඔවුන් උපතින්ම වෙනස් ලිංගික දිශානතියක් ඇතිව උපදින හේතුවෙන් නොව විවිධ ක්‍රමවේදයන් මඟින් මේවාට යොමු කරන නිසයි.මෙමගින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, විකෘති ලිංගික ක්‍රියාවන්ට ඇබ්බැහිවීම ලිංගික රෝගවලට ගොදුරුු වීම, මෙන්ම අනාගත විවාහ දිවිය අසාර්ථක වීම සියදිවි නසා ගැනීම වැනි සමාජීය ගැටලු ඇතිවන බව දක්නට ලැබෙනවා.

සමලිංගික සබඳතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති නීතිය මේ සම්බන්ධයෙන් වැදගත් වනවා ශ්‍රීලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) වගන්තිය 1995 අංක 22 දරන සංශෝධනයෙන් සංශෝධනය කරනු ලැබුවේ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිසයි.ඒ අනුව එම වගන්තිය මගින්. ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තකු සමග යම් දැඩි අශිෂ්ට ක්‍රියාවක් (සමලිංගික සබඳතා) සිදුකරන නැතහොත් එවැනි යම් ක්‍රියාවකට පාර්ශ්ව කරුවෙකු වන හෝ එබඳු යම් ක්‍රියාවක් යම් තැනැත්තකු විසින් සිදු කරනු ලැබීමට කුට්ටනය කරන හෝ කුට්ටනය කිරීමටත් තැත් කරන කවර හෝ තැනක්දකු වරදකට වරදකරුවන බව දක්වා තියෙනවා .මේ සඳහා වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කොට ඇති අතර මේ වරද වයස අවුරුදු දහසයට අඩු තැනැත්තෙකු කෙරෙහි වයස 18 ට වැඩි තැනැත්තකු විසින් සිදු කර තිබේ නම් ඔහුට අවම අනිවාර්ය වසර 10 සිට 20 දක්වා වූ සිර දඬුවමක් නියම කොට තියෙනවා.

මේ අනුව ඉතා පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව තුළ කවර වයසක හෝ ස්ත්‍රී පුරුෂ කවරෙකු හෝ සමලිංගික චර්යාවන්හි යෙදේ නම් එය අපරාධමය වරදක් වන බවයි. එහිදී 'කැමැත්ත " යන්න සලකා නොබලන අතර ක්‍රියාවට සහභාගී වන සියලුම දෙනාට දඬුවම් කරනු ඇත. .ඒ අනුව සමලිංගික චර්යාවන් අපේ රටේ අපරාධ නීතිය මගින් තහනම් කළ අපරාධමය හැසිරීමක් බව තහවුරු වනවා. 
.
මෙම ප්‍රතිපාදන සලකා බලන කල නව යොවුන් වියට එළඹෙන අවධියේ වන බාල වයස්කාර දරුවන්ට සමලිංගික වෙබ් අඩවි වෙත අනිවාර්යයෙන් යොමු කිරීමේ පෙළඹවීමක් නැතහොත් එක්තරා ආකාරයක “කුට්ටනය කිරීමක්” යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වසර දරුවන්ට ඉගැන්වීමට ලබාදීමට සකස් කළ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස් කල පෙළ පොතේ දක්නට ලැබෙනවා.

දරුවන්ට සාමාජිකත්වය ලබාගෙන සම්බන්ධ වීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවියක නමක් මේ පොතේ අන්තර්ගත කොට තිබෙනවා.මේ වෙබ් අඩවිය ඉතා පැහැදිලිවම සමලිංගික චර්යාවන් සඳහා සගයන් සොයා ගැනීම සඳහා වෙන් වූ වෙබ් අඩවියක් මෙය පෙළපොතට අහම්බෙන් ඇතුළත් කළ දෙයක් නොවන බව ඉතා පැහැදිලියි. වෙබ් ලිපිනයට අමතරව එයට ඇතුළත් වීම සඳහා පිරිමි දරුවන්ට සහ ගැහැණු දරුවන්ට වෙන වෙනම ඇතුලත් කළ යුතු දත්ත අංශ දෙකක් දක්වා තිබෙන බව දක්නට ලැබෙනවා. නම, වයස, රටට අමතරව උස සහ බර ද මෙහිදී ඇතුළත් කළ යුතු වෙනවා. මිත්‍රත්වයක් ඇතිකර ගැනීම සඳහා උස සහ බර අවශ්‍ය වන්නේ ඇයි ?

 ගැහැණු දරුවන් වෙනම සහ පිරිමි දරුවන් වෙනම යොමුවකින් වෙබ් අඩවියට යොමු විය යුතු ආකාරය මෙහිදී දක්වා තිබෙනවා.එනම් සමලිංගිකයන් වර්ග කිරීමක් මෙහිදී දක්නට ලැබෙනවා. මේ සියලු උපදෙස් වෙබ් අඩවියේ නොව පොතේ දැක්වීම මගින් මෙය මේ වෙබ් අඩවිය පිළිබඳව හොඳින්ම දැනගෙන හිතාමතාම පෙළපොතට ඇතුළත් කර ඇති බව තහවුරු වෙනවා.

ඒ අනුව මෙම අසභ්‍ය වෙබ් අඩවි වලට බාලවයස්කාර දරුවන් අනිවාර්යයෙන් යොමු කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති මොඩියුලය සකස් කර ඇති පුද්ගලයන් මෙන්ම ප්‍රතිපුරුෂ වගකීම මත අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් දක්වා මේ සඳහා වගකීමට බැඳී සිටිනවා. එපමණක් නොව මෙම මොඩියුලය උගන්වන ගුරුවරුන් මෙම වෙබ් අඩවිවලට දරුවන් යොමු කිරීමට පියවර ගන්නා විට ඔවුන්ද ළමයින් අපචාරවලට යොමු කිරීම සම්බන්ධව අපරාධමය චෝදනාවට ලක්වනු ඇත.

ඕස්ට්‍රේලියාව ඇතුළු දියුණු රටවල් වයස අවුරුදු දාසයට අඩු බාල වයස්කාර දරුවන් සමාජ ජාල වෙබ් අඩවි වලින් ඉවත් කිරීමට නීති සකසද්දී අපේ රටේ අවුරුදු දොළහේ සිට දරුවන් සමාජ ජාල වෙබ් අඩවි වෙත යොමු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අනිවාර්ය කිරීම විහිළුවක් සහ අපරාධයක්.

දැනටමත් සමාජ ජාල වෙබ් අඩවි උපයෝගී කරගෙන දරුවන් රාශියක් මත්ද්‍රව්‍ය අපචාර සහ අපයෝජන වලට නීති පතා ගොදුරු වීම තුළ ඉතා ලාබාල වයසේ දරුවන් පවා අනිවාර්යයෙන් මේ සමාජ ජාල වෙබ් අඩවි වෙත යොමු කිරීමට පියවර ගැනීම මගින් අපේ සමාජය සම්පූර්ණයෙන් විනාශ වී අපේ රටත් අනාගතයේදී තවත් සෝමාලියාවක් ,හයිටියක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.
එම නිසා රටේ අධ්‍යාපනය සම්බන්ධව මීට වඩාත් දැඩි අවධානය යොමු කොට මානසික රෝගීන්ට රටේ අනාගතය සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදිසියේ සිදු නොකර මනා කථිකාවකින් අනතුරුව ඉතා සීරුවෙන් සිදු කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය වනවා.












වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ.
2026. 01. 03

A day in the life