පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-01-08

වෙනිසියුලාව 1.




වෙනිසියුලාව කියන්නේ ලෝකේ වැඩිම බොරතෙල් සංචිත තියෙන රට. ඉලක්කම් වලින් කියනවා නම් බැරල් බිලියන 300 ක් විතර වෙනිසියුලාවේ තියෙනවා. එච්චර තෙල් තියෙන රටක් වෙලත් වෙනිසියුලාව බිමට වැටුණේ කොහොමද?

ලතින් අමරිකානු කලාපයේ හිටපු ධනවත්ම රටක් වුණේ වෙනිසියුලාව. ඔවුන්ට කිසිම ආර්ථික ගැටලුවක් තිබුණේ නෑ. බොහොම ස්ථාවරව හිටපු රටක්. හැබැයි හැමදේම වෙනස් වෙන්නේ 1999 හියුගෝ චාවේස් ජනාධිපති බවට පත් වීමත් එක්ක.

චාවේස් ඇතුළු එක නඩයක් විසින් ඊයේ මදුරෝ අල්ලගෙන යනකන්ම රට පාලනය කළා. 1999 ඉඳලා 2013 මරණයට පත්වෙනකන් හියුගෝ චාවේස් සහ 2013 න් පස්සේ ඊයේ වෙනකන් නිකලස් මදුරෝ.

1999 ට කලින් අමරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවේ තෙල් වල ප්‍රධාන ගැණුම්කරුවා බවට පත් වෙලා හිටියා. ඇත්තටම වෙනිසියුලාවේ තියෙන්නේ එහෙම ලේසියෙන් ගන්න පුළුවන් තෙල් නෙමෙයි. ඒවා හඳුන්වන්නේ බර තෙල් (Heavy Crude) විදිහට.

මේ බර තෙල් නිස්සාරණය කරන්න විශාල තාක්ෂණයක් සහ පිරිවැයක් අවශ්‍යයි. 1999 ට කලින් මේ දේවල් කළේ ජාත්‍යන්තර පෞද්ගලික සමාගම් එක්ක එකතු වෙලා. ඒ විතරක් නෙමෙයි එතනින් වෙනිසියුලාව විශාල ලාභයක් ලබා ගත්තා. හැබැයි චාවේස් ජනාධිපති වුණ ගමන් මේ සේරම තමන්ගේ යටතට ගත්තා.

හරියට නිකම් තෙල් ජනසතු කළා වගේ වැඩක්. PDVSA එහෙමත් නැත්නම් Petróleos de Venezuela, S.A. සතුව තමයි තෙල් සම්බන්ධ සියලුම බලය කේන්ද්‍රගත වුණේ. මේකෙන් ජාත්‍යන්තර පෞද්ගලික සමාගම් වල පැමිණීම සෑහෙන සීමාසහිත වුණා.

සමාජවාදයත් එක්ක එන දෙයක් තමයි මේක. අපේ දේවල් ඔක්කොම කරන්නේ අපි. වෙන අයව එපා. රජය සේරම කරන්නම්. රජයට තනියෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා.

බැලූ බැල්මට ඉතාම හොඳ වැඩක් වගේ පෙනුනත් ඒකෙන් ලොකුවට සිද්ධ වුණේ ජාත්‍යන්තරව හිටපු ගැනුම්කරුවන් වෙනිසියුලාවට අහිමි වීම. අනිත් එක නම් කලින් කිව්වා වගේ මේ Heavy Crude ගන්න සෑහෙන ලොකු පිරිවැයක් යනවා. මේ පිරිවැය සම්පූර්ණයෙන්ම වගේ රජයට දරන්න සිද්ධ වුණා.

නමුත් තමන් සතුව තෙල් උපරිම තියෙන නිසා වෙනිසියුලා රජය පොඩ්ඩක් වත් බය වුණේ නෑ. උපරිම සද්දේ දැම්මා. විශේෂයෙන්ම චාවේස් තමන්ගේ කලින් ගැණුම්කරුවන් වුණ අමරිකා එක්සත් ජනපදය ඇතුළු පාර්ශව වලට කෑ ගැහුවා. චෝදනා කළා.

හැබැයි යටින් Petróleos de Venezuela, S.A. වල සෑහෙන ගසෑකෑම් සිද්ධ වුණා. චාවේස් ඇතුළු රජය තෙල් හැරෙන්න වෙන කිසිම දෙයක් රට ඇතුළේ ගොඩනැගුවේ නෑ. අපිට තෙල් තියෙනවා නේ ඒ නිසා කවදාවත් අපේ රට වැටෙන්නේ නෑ කියලා සැපේ ඉඳියා.

රටේ ආදායමෙන් 95% ක් විතර ලැබුණේ තෙල් අපනයනයෙන්. මේ වෙද්දි බටහිරට සද්දේ දාපු නිසා තෙල් ප්‍රවාහනයට සම්බාධක පවා වැටුණා. හැබැයි චාවේස් ආණ්ඩුව ඒවා ගණන් ගත්තෙත් නෑ. තෙල් මත්තෙම යැපුණා. රටේ වෙන දෙයක් නගාසිටවන්න, රට ඇතුලේ දෙයක් හදන්න කටයුතු කළේ නෑ.

එකපාරටම වෙළඳ පොළේ බොරතෙල් මිල අඩු වෙන්නේ ඔය කාලයේදීයි. චාවේස්ගේ උප ජනාධිපති විදිහට ඉඳියේ නිකලස් මදුරෝ. වෙළඳ පොළේ තෙල් මිල අඩු වීම, චාවේස් පිළිකාවකින් මරණයට පත් වීම සහ මදුරෝ ජනාධිපති වීම සිද්ධ වෙන්නේ එකම කාල රාමුවක.

තෙල් මිල අඩු වීමත් එක්ක රට ඇතුළේ කිසිම දෙයක් නොකර හිටපු නිසා වෙනිසියුලාව අසරණ වෙන්න ගත්තා. ඊට පස්සේ ඔවුන් ණය ගන්න පටන් ගත්තා. මම කලින් කිව්වා 1999 ට පෙර තිබ්බා වගේ ජාත්‍යන්තර පෞද්ගලික සමාගම් වලට ඔවුන් වැට බැන්දා කියලා.

ඒකෙන් වුණේ අවශ්‍ය තාක්ෂණය පවා වෙනිසියුලාවට නැති වීම. Heavy Crude පොළොව මතුපිටට ගන්න එක සෑහෙන අමාරු වුණා. වියදම් අධික වුණා. බටහිර බලවත් රටවල් වලට සද්දේ දාපු නිසා වැටුණ සම්බාධක ඔවුන්ව තවත් අසරණ කළා.

මේ දේවල් වහගන්න චාවේස් සහ මදුරෝ ආණ්ඩු දෙකම එකදිගට සල්ලි අච්චු ගහන්න පටන් ගත්තා. උද්ධමනය පොඩ්ඩ පොඩ්ඩ වැඩි වුණා.

අන්තිමට චීනෙන් ණය අරන් ණය වෙනුවට තෙල් දෙන තැනට ඔවුන් අසරණ වුණා. ලතින් අමරිකාවේ දැවැන්තයන් විදිහට වැජඹුන වෙනිසියුලාව 2017 අග වෙද්දී සම්පූර්ණයෙන්ම පුපුරලා ගියා.

වාර්ෂික උද්ධමනය 1 300 000% කින් වැඩි වුණා. මේ වැඩි වීම උදාහරණයක් විදිහට කියනවා නම් ගිය අවුරුද්දේ රුපියල් 100 ට ගත්ත පාන් ගෙඩියට මේ අවුරුද්දේ ලක්ෂ 13 ක් ගෙවන්න ඕනි. මිනිස්සු දුප්පත් වුණේ බලන් ඉද්දී.

තමන්ට කෙළ වෙනවා කියලා දැනුනත් සාකච්ඡා වලට යන්නවත් චාවේස්-මදුරෝ කටයුතු කළේ නෑ. උද්ධච්ඡ විදිහට හිටියා. අන්තිමට වීදි පුරා මුදල් නෝට්ටු නිකම් වටිනාකමක් නැති කොළ කෑලි වෙලා ගොඩගැහුණා. පාරේ අතුගාපු සල්ලි ගොඩවල් තිබ්බේ.

මිනිස්සු සත්තු වත්තේ හිටපු සත්තු පවා මරාගෙන කෑවා බඩගින්නට.

අදටත් වෙනිසියුලාවේ මිනිස්සු 10 දෙනෙක්ගෙන් 6 දෙනෙක් නිදාගන්න යන්නේ බඩගින්නේ. කෑම ගන්න සල්ලි නෑ. 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක්ට දවසට හරියට කන්න ලැබෙන්නේ නෑ. මිනිස්සුන්ට බෙහෙත් පවා නැති වුණා.

හොඳම උදාහරණය පහුගිය කාලේ වෙනිසියුලාවට බලපාපු මැලේරියා වසංගතය. මිනිස්සු දහස් ගණන් මැලේරියාවට ගොදුරු වෙද්දී දෙන්න බෙහෙත් තිබ්බෙ නෑ. අඩු ගානේ බෙහෙත් ගේන්න සල්ලිවත් වෙනිසියුලාවට නෑ.

අමාරුවෙන් ගන්න තෙල් හැම අවුරුද්දෙම ඩොලර් බිලියන 10 ක විතර බැරල් තොගයක් ස්මග්ලර්සා කොලොම්බියා, බ්‍රසීල් බෝඩර් වලින් පැන්නුවා. කොලොම්බියාවේ කොකේන් මුදාහරින ප්‍රධාන මධ්‍යස්ථානය බවට වෙනිසියුලාව පත් වුණා. මදුරෝ දන්නේ නෑ වගේ ඉඳියා.

ඔහුගේ බැංකු ගිණුම් නම් තර වුණා. ළඟ හිටපු අයටත් සුඛෝපභෝගී ජීවිත හිමි වුණා. නිකලස් මදුරෝ කියන්නේ කලින් හිටපු බස් රථ රියදුරෙක්. ඔහුගේ බිරිඳ රජයේ ඉහළම තනතුරු දැරුවා.

අපරාධ බලන් ඉද්දී ඉහළ ගියා. කැරකස් වල පාරේ බැහැලා යන්න බැරි තරම් ස්මග්ලර්ස්ලා පිරුණා. (නිකම් ඉන්න එකේ යූ ටියුබ් වීඩියෝ එකක් බලන්න මේ රටට කෙළ වුණ විදිහ).

මේ හැමදේම වෙද්දී ජනාධිපති පුටුවේ ඉඳියේ නිකලස් මදුරෝ. ඔහුට යන්න කියලා උද්ඝෝෂණ වෙද්දී ඒ මිනිස්සුන්ව හමුදාව යොදවලා මර්දනය කරන්න මදුරෝ කටයුතු කළා.

බොහොම ලස්සනට තෙල් වෙළඳාම කරගෙන හිටපු රට දෙන්නෙක් එකතු වෙලා අවුරුදු 26 ක් වගේ කාලයක් ඇතුළත වළ පල්ලටම යැව්වේ ඔහොමයි. කොච්චර සම්පත් තිබුණත් හරි කලමණාකරණයක්, දැක්මක් නැත්තන් විනාස වෙනවා කියන එකට හොඳම උදාහරණය වෙනිසියුලාව.

අමරිකා එක්සත් ජනපද හමුදාව නිකලස් මදුරෝව කුදලගෙන එන්නේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ චෝදනා ගොනු කරලා. අමරිකාව එහෙම කරපු එක ඇත්තටම ප්‍රශ්නයක්. ඔවුන් මෙච්චර දෙයක් කරන්න නීති රීති කොහෙන් හැදුවද කියන එක ප්‍රශ්නයක්.

හැබැයි අමතක කරන්න ඕනි නැති දේ තමයි අමරිකාවට කෙලින්ම ඇතුළට රිංගන්න පුළුවන් සිටුවේශන් එක අවුරුදු ගානක් පුරා හදලා දුන්නේ වෙනිසියුලාවම කියන එක. මටනම් හිතෙන්නෙම මදුරෝව අල්ලගන්න වෙනිසියුලාවේ ඇතුළෙන්ම සපෝට් එක ලැබෙන්නැති. මොකද මිනිහා කරපු දේවල් වලට විරෝධය ආවේ වෙනිසියුලාවෙන්ම නිසා.

අමරිකාව වේවා වෙනත් බලවතෙක් වේවා රටකට රිංගනවා නම් ගොඩක් වෙලාවට ඒකට අවශ්‍ය පසුබිම හදලා දෙන්නේ ඒ රටෙන්මයි.

ශ්‍රී ලංකාවටත් ඉන්දියාව වැඩිපුර අත දාන්නේ අපි වගේ රටකට දැක්මක් නැති නිසා. විහින් හු ගෙන බංකොළොත් වුණ නිසා. එතකොට හරි ලේසියි.

වෙනිසියුලාවේ මිනිස්සුත් අමරිකාව මදුරෝව අරන් ගියාම හුරේ දාන්නේ මේක කරගන්න විදිහක් නැතුව හිටපු නිසා. කවුරුහරි ඇවිල්ලා කරන්න ඕනි කියලා හිතපු නිසා. රට නන්නත්තාර වෙන්නම වැටුණ නිසා.

වෙනිසියුලාවේ පාලකයෝ හරි තීරණ අරගෙන හරි විදිහට කළා නම් මේ දේවල් මෙහෙම වෙන්නේ නෑ. එහෙනම් සම්බාධක වැටෙන්නෙත් නෑ, තෙල් වලට ප්‍රශ්න එන්නෙත් නෑ. ලෝකේ සුපිරිම රටක් විදිහට ඉන්න තිබ්බා.

දැන් ඉතින් කාගෙහරි පදේකට නටන්න වෙනවා අඩුම ගානේ ටික කාලෙකට හරි.

කාටහරි හිතෙනවා නම් අමරිකාව තමයි මේක කළේ කියලා, නෑ අමරිකාවට කොහොමත් ඔය ඕනි රටක් අල්ලන්න තියෙනවා නම් අල්ලනවා. හැබැයි නිකම් බෑ. හේතුවක් ඕනි.

හේතුව හදන්නේ මදුරෝ වගේ උන්. ඒ නිසා වෙනිසියුලාවේ ජනාධිපතිව උත්කර්ෂයට නංවන්න එපා. පොර තමයි මුළු රටම ඔය තත්ත්වෙට පත් කළේ.

ප.ලි. - සම්බාධක ගැන කියනවා නම් අමරිකාව විතරක් නෙමෙයි යුරෝපයෙන් පවා සම්බාධක දැම්මා. ඒවට හේතු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වීම, දූෂිත මැතිවරණ පැවැත්වීම වගේ දේවල්. එහෙම රට සම්පූර්ණයෙන්ම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැති දූෂිත තැනකට ඇදගෙන ගියෙත් චාවේස්-මදුරෝ පාලනයම තමයි.

ලිව්වේ,
Shaminda jayarathna













A day in the life

2026-01-07

ජීවිතයෙන් කොටසක්





1948 දරුවෝ…..

ඒ කාලේ අට වසරටත් ශිෂ්‍යත්ව විභාගයක් තිබුනා.

එහෙම විභාගයකට ලියුවා කියලා දන්නෙත් මධ්‍ය මහා විද්‍යාලයකට ඇතුල්වීමට තෝරා ගත්තා කියලා මම එවකට ඉගන ගත්ත බලන්ගොඩ රෝමාණු කතෝලික මිශ්‍ර පාඨශාලාවේ ( පල්ලියේ ඉස්කොලේ ) මුල් ගුරුතුමාගේ පණිවිඩයකින්.

ඔන්න ශිෂ්‍යත්ව විභාගේ ගැන එකල තිබුන උනන්දුව ! .

නවය වසර හැදුන්වුනේ  SSC PREF. කියලා. ඊට පස්සේ අවුරුද්ද SSC MIDDLE. විභාගෙට යොමුවුන වසර SSC පන්තිය.

ඔය පන්ති තුන තරණය කරන්න නේවාසික ශීෂ්‍යෙයක් වුන මම අළුත්ම රටාවකට ජීවිතය පටන් ගත්තා.

පන්තියේ හිටියා තිහක් ……එකම වයසේ .එක්කෙනෙක් දෙන්නෙක් හැර අනෙක් සියල්ලෝම 48 දරුවෝ….ශිෂ්‍යත්වධාරීන්.

එක්කෙනෙක් හිටියා 50 දරුවෙක්. ඈ අපේ කණ්ඩායමට එකතු වුනේ මාස කිහිපයකට පස්සේ.

ඈ ශිෂ්‍යත්වධාරියෙක් නෙමෙයි.

පසුකාලයේදී ඈ ඥාතියෙක් වුනා . නිතර මුණ ගැහෙන.

මේ මතකය අවදි වුනේ අපේ පන්තියේ හිටපු සුදු හීන්දෑරි කෙල්ලක මාතලේ ඉදන් අළුත් අවුරුද්දට සුබ පතන්න මොබයිලයෙන් මුණ ගැහුණම.

මට නොතේරුන මම නොදන්න කතා ඈ අවදි කරනවා කතා බහෙන්. අවුරුදු හැත්තෑ හතක ආතම්මා කෙනෙක් අපේ ශිෂ්‍යත්ව පන්තියට මාවත් අරන් ගියා විනාඩි තිහක් තිස්පහකින්.

කතා බහ අතරේ මම නිහඩ වෙනවා….ඈ අහනවා ඇයි අයියේ ?. කියලා. ඇත්තටම මම ඒ පන්තියට අරන් යනවා මොහොතකට.

අපි ගහ මරා ගන්නවා යාළු වෙනවා… පිලිබද සිත් ඇති කර ගත් යහළු යෙහෙලින් වටා කතා ගොතනවා.

සරුංගල් යවනවා. සීන බලනවා…..

පොත පත අතර හිරවෙලා ඉලක්ක කරා දුවනවා.

ආපදාවකින් තෙරව උසස් පෙළ කරන්න කඩ ඉම සමත් කර ගෙන මම මේ කණ්ඩායමෙන් වෙන් වෙනවා.

මට මතකයේ ඉතිරිවුන දෙයක් නැහැ . 

දැන් කවුරුත් ජීවිතයේ බකමූණු කාලය ගෙවන වයසේ…මතකය අවුස්සමින් පැරණි සුන් බුන් ගොඩ දාන කාලේ.

එක එක්කෙනා ඉන්න තැන් හොයනවා…ලෝකේ හත්දිග් බාගේ විසිරිලා.

තාක්ෂණය ඒකට පහසුවක් වෙලා. 

අළුත් අවුරුද්දේ එක එකා කතා කරනවා . අවුරුද්දට සුබ පතන්න. ඊලග අවුරුද්දේ සුබ පතන්න වෙයිද ? . කියලා කවුරුත් හිතනවා.

මේ කතා බහ අස්සේ එකියක් මගෙන් අහනවා…උඹ දන්නවද මම හින්දා පන්තියේ දෙන්නෙක් ගහ ගත්තා කියලා. 

මම නෑ කියනවා.. උඹ බබානේ ….මොනවත් උඔට ඒ කාලේ තේරුනේ නැහැ.

ඒකි කියනවා.

යන්තම් හිනාවෙනවා….කතා කොලොත් ඈඹරෙනවා. මාරුවෙලා යනවා.

අහිංසකයා. මට ලැජ්ජත් හිතතෙනවා…..

වගකීමක් නැති නව යොවුන් වයසේ . කෙල්ලෝ තුන්දෙනෙක් එක්ක ගෙදර හැදුන මට ඔක්කොම නංගිලා අක්කලා. .

පන්තියේ හිටියෙත් ඒ වගේ අය…

ඔන්න තව කතාවක් අවුරුද්දට සුබ පතන ගමන්.තව එකියක් කියනවා. මුන් අත්තම්මලා උනාට පස්සේනේ මනමාල කතා මතක් වෙන්නේ.

උඹට මතක නැද්ද උඹ පස්සේ දුවපු චාරුනී……මට මතකයි.

මම කලින්ම කිව්වානේ  

මම තොත්තබබා කියලා.මට තේරුනේ නෑ කෙල්ල මොනවට ද එන්නේ කියලා.දවසක් මගෙන් බුදධාගම පොතක් ඉල‘ලුවාම පොතේ අන්තිම පිටු කිහිපයක් අයින් කරලාපොත දුන්නා. පොතේ අන්තිම පිටු ටිකේ තිබුනේ විෂයය නිර්දේශයට තිබුන ධම්ම  පදේ ගාථා ටික.

මට දැනුයි හිතෙන්නේ මම නපුරෙක් කියලා.

කොහොම කොහොම හරි කෙල්ලට මාව ගලපගන්න බැරි වුනා.මම ඔය අවුඅස්සේ පාසල මාරු කලා.

කාලය ගෙවිලා ගිහින් ගුරියක් වෙලා….විවාහ වෙලා දූ දරුවෝ ලැබිලා..සුවපත් කරන්න බැරි රෝගයකින් ඈ ජීවිතයෙන් සමුගත්තා.

මට සමු ගන්න යන්න වුනේ ඇගේ අවමංගල්‍ය උත්සවයට.




ජීවිතයෙන් කොටසක්  ඔන්න ඔහොමයි.



A day in the life