පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-12-23

මහ ගෙදර



බොහෝ පවුල්වල කේන්ද්‍රය උනේ තමන්ගේ "මහගෙදර" ඒත් සමහර පවුල් වල නැත්නම් ගෙවල් වල කේන්ද්‍රය වු මිනිස්සු ඉන්නවා කිව්වොත් පිළිගන්නවද....
ගොඩක් පවුල් වල තියෙනවා අපි නොහිතන කේන්ද්‍රීය ස්ථානයක් ඒක බොහෝවිට පවුලේ කෙනෙක් වෙන්න පුලුවන් නැත්නම් පවුලක් ජීවත්වෙන තැනක් වෙන්න පුලුවන්. සමහර විට ඒ කේන්ද්‍රය බිඳ වැටුනාම සියලු දේ සී සී කඩ යන එක යනවා මයි. මම එහෙම වුන පවුල් සහ මිනිස්සු ඕනතරම් දැකලා තියෙනවා.
සමහර පවුල් වල ගෘහ මූලිකයා තාත්තා කිව්වාට පවුලේ න්‍යෂ්ටිය වෙන්නේ ඔහුම නෙවේ. ගොඩක් ගෙවල්වල මේ කේන්ද්‍රය වෙන්නෙ අම්මා. සමහර පවුල් වල එක්කෝ ලොකු අයියා නැත්නම් නංගී එක්කෝ අක්කා. මේ වගේ විවිධාකාර චරිත ඒ තැනට එනවා.
මේ න්‍යෂ්ටිය සිඳී බිඳී ගිය දාට එක්කෝ නැත්තටම නැතිවු දාට මේ ගොඩක් පවුල් එකාට එකා නැතිව වෙන් වෙලා යනවා.ඒ කියන්නේ පවුලේ බැඳීම ගිලිහිලා යනවා.
ඉස්සර උඩහමුල්ලේ ඩිපෝව ඉස්සරහා වලව්වක හැඩ තල තිබූ ගෙයක් තිබුණා ඒක වලව්වක් නෙවේ ඒත් ඒ පෙනුම තිබුනා කියල මම හිතනවා. පොල්ගස් කිහිපයක් ගේ වටා තිබුනා ඒ පොල්ගස් වටේට මල් පිරුනු ඇඩ්සෝරා මල්ගස් තිබුණා. ඒවා ගානට කප්පාදු කරලා හොඳටම නඩත්තු කරලා තිබුනා.
ඩිපෝව ලඟ අනිවාර්යයෙන්ම බස් එක විනාඩි පහක් වත් නතර කරලා තියෙන නිසා මේ ගෙදර දසුන මම හිතන්නේ හැමෝටම ඉතා ප්‍රිය ජනක සිතිවිලි ගේන්න ඇති.ඒ කාලේ ඒ වගේ ගෙවල් වැඩිපුර දකින්න තිබුනේ නැහැ.ඒ නිසාම ඒ ගෙදර හැමෝටම අයස්කාන්ත දසුනක් වුනා නිසැකයි. තරමක විශාල ඉඩමක් උනත් නිවැසියෝ හැමදාම මිදුල අතුගාලා ගස් කප්පාදුකරලා ලස්සනට තියාගන්න ගොඩක් මහන්සිවුන පාටක් පේන්න තිබුනා.ඒ නිසාම හිතෙනවා ගෙදර ඇතුලත් එහෙමම පිරිසිදුවට පිලිවෙලට තියෙන්න ඇති කියලා.
මම හැමදාම ඉස්කෝලෙ ගියේ ඔය ගේ ඉස්සරහින් අනෙක් පැත්ත බලාගෙන ආවත් ඩිපෝව ඉස්සරහින් යනකොට නොදැනීම බෙල්ල ඒ නිවස දෙසට හැරෙනවා .ඒක හිතාමතා කරන දෙයක් නෙවෙයි.ඒත් ඒ නිවස දැක්කම මොකක්දෝ හිත පිරෙන ගතියක් තිබුනා.
කාලයක් ගිහින් මම නුවර පදිංචියට ගියාට පස්සෙත් මට ඒ ගෙදර මතකයේ තිබුනා. ඒත් දවසක් ඒ ගෙදර ශ්‍රී විභූතියට කනකොකා හැඬවිලා තිබුනා.....
ඇඹුල්දෙණිය හන්දිය තියෙන්නේ උඩහමුල්ලට එක බස් හෝල්ට් එකක් එහායින්.එක්තරා මුස්පේන්තු දවසක අර ගෙදර ආච්චිඅම්මා තමන්ගේ කුඩා මිනිබිරිය ඉස්කෝලෙ රැගෙනයමින් සිටියදී ඇඹුල්දෙණිය හන්දියේදී සිදුවු දරුණු බස්රථ අනතුරකින් ඔවුන් ගිය ත්‍රීවීල් රථය අනතුරට පත්වී එම ස්ථානයේදීම මියගිහින් තිබුනා.ඒක ඒ දවස්වල පුවත්පත් වල සහ ප්‍රවෘත්ති වල පලවුනා.ඒත් පුරුදු විදියටම මිනිස්සුන්ට ඒක අමතකවෙලා ගියා.
එයිනුත් වසරක් විතර යන්න ඇති. දැන් අර ගෙදර වෙනදාට තිබුන ශ්‍රී විභූතිය දකින්න තිබුනේ නෑ.මිදුල අතුගාලා තිබුනේ නෑ ගස් කප්පාදු කරලා තිබුනේ නෑ. මල් ගස් ඒවාට ඕනෑ විදියට ඔහේ හැදිලා තිබුණා.එලියෙන් බැලුවාම තිබුන අපිළිවෙළ බව ඒ නිවස තුල දැන් රජකරනවා ඇතැයි මට සිතුනා. පිට කවරේ බලලා පොත තීරණය කරන්න එපා කියලා සින්දුවෙන් කිව්වට පිටකවර දිහා බලලා පොතේ අන්තර්ගතය හිතාගන්න පුදුවන් කතා බොහෝමයක් අපි අතර තියෙනවා.ඒක තේරුම්ගන්නත් පැසුණු මනසක් තියෙන්නට ඕන.
ඔහොම තව ටික දවසක් යනකොට ඒ ගෙදර ලදරුපාසැලක් පවත්වාගෙන යනවා පෙනුනා.එතකොට තමයි මට හිතුනේ එතන මොකක්හෝ ව්‍යාකූල භාවයක් ඇතිවෙලා ඇති කියලා.මම කිසිදා අනුන්ගේ දේ නොසෙවුවත් මට ඇත්තටම දැනගන්න ඕනකම තිබුනා ඒ නිවැසියන්ට සිදුව ඇති දේ.පස්සේ මම අපේ පරණ මිතුරන් ගෙන් විමසුවා ඒ නිවසේ විස්තර. එතකොට මට දැනගන්න ලැබුනේ මෙන්න මෙහෙම දේවල්.
ඒ මරණ දෙකෙන් පසු පවුලේ සමගිය ක්‍රම ක්‍රමයෙන් වියැකී ගියාලු. ඒ ගෙදර පුතා රෝගාබාධයකින් රෝද පුටුවට උනාලු.ඒ මදිවාට ඔහුගේ පවුල් ජීවිතය ද අවුල්වී වෙන්වී ගියාලු දේපොල පිලිබඳව ආරවුලක් ඇතිවී ඒ ඉඩම කොටස් කර විකුණුවා ලු....
මම ඔය ලූ...ලූ...කියලා ලිව්වේ මට අනෙක් අය කියපු කරුණු නිසා.මොකද ස්ථිරවම මට එහෙමයි කියලා කියන්න පුදුවන් මම ටක්කෙටම දන්නා කරුනු නම් පමණයි.වෙන අය පැවසූ දේවල් නිසා මට ඒවා හරියටම එහෙමයි කියලා කියන්න බැහැ. ඒත් බහුතරයක් ඒ පැත්තේ පැරැන්නන් කීවේ ඔන්න ඔයවගේ කතාවක්.
ඒත් ඇත්තටම වසරක් දෙකක් යන්නත් මත්තෙන් ඒ ඉඩම කට්ටි කරලා වටේට බිල්ඩින් ගොඩනැගෙමින් තිබුනා මේ වනවිට මම ඔය කියපු ලස්සන මිදුල සහිත ඉඩම සහ ගේ හුදෙක් මතකයක් පමණක් වෙලා ඉවරයි. ඒත් තවමත් උඩහමුල්ල ඩිපෝව ලඟින් යනකොට මට ඒ පැත්ත බැලෙනවා නිරායාසයෙන්....තට්ටු පිට තට්ටු ගැසූ බිල්ඩින් හා කාර්යබහුල වටපිටාව ට යටින් මට බිල්ඩින් අතරින් ඇති චූටි ඉඩෙන් පේනවා අර පැරණි ගේ....හරියටම ගෙදරින් එලියට එන්නට වරම් නැති අයෙක් ආයාසයෙන් කවුළුවෙන් බලාගෙන ඉන්නවා වගේ.
දැන් ඒ ගේ හැමෝටම අමතකවෙලා ගිහිල්ලා.සමහරවිට තව ටික කාලෙකින් ඒ පැරණි ගෙදර බිමට සමතලා කොට අලුත් නිවසක් ඒ මතින් ඉදිවේවි. ඒ ඉඩමේ අලුත් අයිතිකාරයෝ දන්නෙවත් නැතිවේවි ඒ ඉතිහාසය. මං හිතන්නේ ගොඩක් මහගෙවල් වලට වෙලා තියෙන්නේ මේන් මේක තමයි. අපි ආසාවෙන් හදාගන්නා ගෙවල් දොරවල් වලටත් කවදාහරි වෙන්නේ මෙන්න මේක තමයි.ඒක ලොකු ඛේදවාචකයක් උනත් ඒක තමයි යථාර්ථය.අස්ථිර ලෝකයේ කිසිම දෙයක් ඉස්ථීර නැහැ.
මට හිතෙන්නේ ඒ ගෙදර සතුට සාමය අර ආච්චිඅම්මා සහ මිනිපිරියගේ මරණයන් එක්කම වැලලිලා යන්න ඇති. සමහරවිට ඒ නිවසේ න්‍යෂ්ටිය වන්නට ඇත්තේ එක්කෝ ඒ ආච්චිඅම්මා වෙන්න ඇති එක්කෝ ඒ කුඩා දියණිය වෙන්න ඇති. ඔවුන්ගේ අහිමිවීමත් එක්කම ඒ පවුල් බිඳවැටෙන්න ඇති.කොච්චර කිව්වත් සමහර මිනිස්සු සමහර දේවල් වලින් කඩා වැටෙනවා. ඒක නිසාම තමයි මම හැමදාම කියන්නේ ශාරීරිකව දුර්වල වුනත් මනසින් කඩාවැටෙන්න එපා කියලා
මනස කඩාවැටුනොත් තමන්ගේ පරිහානිය පටන්ගන්නේ එතනින්.එහෙම මිනිස්සුන්ව ආයේ නැගිට්ටවගන්න එක ඉතාම අමාරුයි. ඔවුන්ටම හිතිලා නැගිට්ටොත් විනා මනසින් කඩාවැටුන මිනිස්සුන්ව නගාසිටුවන්නට බැහැ.ඒ වගේම අධ්‍යාත්මිකව ශක්තිමත් මිනිස්සු ලේසියට වට්ටන්නත් බැහැ.
මේ මම පෞද්ගලිකවම ලබපු අත්දැකීමක්.ඔයවගේ අධි සංවේදී සිද්ධි ගොඩක් මගේ හිතේ තියෙනවා. ඒ දේවල් වලින් මම ගොඩාක් දේවල් ඉගෙනගන්නවා. මට හිතෙන මම දකින ජීවිතයේ අනිත්‍ය බව ඔබ සමග බෙදාගන්නවා. දැනුම ස්වයංජාතයි තනියම අවබෝධකරගන්න හැමදේම අධ්‍යාත්මිකව ඔබව යම් තලයකට ගේනවා.
අපි කිසිම දේකට ඇලී ගැලී ඉන්න ඕනෑ නැහැ.මොකද අපි ආසාවෙන් රකින ගෙයක් දොරක් වේවා බැඳීමක් වේවා කැඩී බිඳී සුනුවිසුනු වෙන්න යන්නේ තත්පරයයි.අනික අපි ආදරයෙන් රකින ඒවා වල වටිනාකම ඔක්කොම අපෙන් පස්සේ අහෝසිවෙලා යනවා.
ඒ නිසා ඇලී ගැලී රැකියයුතුයි කියලා කිසිම දෙයක් මේ ලෝකේ නෑ.

#චතුරිකා_අනුරාධා
ප.ලි.- මේ ඒ ගෙදර නෙවෙයි ඒත් ඊට බෙහෙවින් සමාන එකක් වෙනසකට තියෙන්නේ මම කියන ගෙදර මිදුලේ හරියට මල් ගස් තිබුනා එච්චරයි.

A day in the life

2025-12-22

කුසගින්නේ ආශ්චර්යය:




කුසගින්නේ ආශ්චර්යය: 
නිරාහාරව සිටීමෙන් සිරුර අලුත්වැඩියා කරන ඔටෝෆජි (Autophagy) විද්‍යාව

වර්ෂ 2016 දී වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ජපන් ජාතික විද්‍යාඥ යොෂිනොරි ඕසුමි (Yoshinori Ohsumi) වෙත පිරිනැමීමත් සමඟ ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ අප මෙතෙක් නොසිතූ අන්දමේ විස්මිත සොයාගැනීමක් වෙතය. එනම් අපගේ ශරීරයට තනිවම සුව වීමේ සහ අලුත්වැඩියා වීමේ පුදුමාකාර හැකියාවක් පවතින බවත්, එම ක්‍රියාවලිය සක්‍රීය කිරීම සඳහා ප්‍රධානතම යතුර වන්නේ අප ගන්නා ආහාර ප්‍රමාණය සීමා කිරීම හෝ යම් කාලසීමාවක් නිරාහාරව සිටීම බවත්ය.

මෙම ක්‍රියාවලිය විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ 'ඔටෝෆජි' (Autophagy) යනුවෙනි. ග්‍රීක භාෂාවෙන් බිඳී ආ මෙම වචනයේ සරල අර්ථය වන්නේ 'තමන් විසින්ම තමන්ව අනුභව කිරීම' යන්නයි. මෙය බැලූ බැල්මට බියකරු බවක් පෙනුනද, සත්‍ය වශයෙන්ම මෙය ශරීරය තුළ සිදුවන ඉතා හිතකර ස්වභාවික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකි.

අප දිනපතා ආහාර ගන්නා විට ශරීරය නිරන්තරයෙන්ම කාර්යබහුල වන්නේ එම ආහාර දිරවීමට සහ ඒවායේ පෝෂ්‍ය පදාර්ථ බෙදා හැරීමටයි. නමුත් අප යම් කාල පරාසයක්, උදාහරණයක් ලෙස පැය 12කට හෝ 16කට වඩා කාලයක් නිරාහාරව සිටින විට ශරීරයට පිටතින් ශක්තිය ලැබීම නතර වේ. මෙවැනි අවස්ථාවක ජීවත් වීම සඳහා ශක්තිය සොයා ගැනීමට ශරීරය තම අභ්‍යන්තරය දෙසට හැරේ. එහිදී සෛල තුළ එකතු වී ඇති අක්‍රිය වූ ප්‍රෝටීන කැබලි, හානි වූ සෛල කොටස්, වෛරස හෝ බැක්ටීරියා වැනි විෂ ද්‍රව්‍ය එක්රැස් කර ඒවා බිඳ දමා ශක්තිය බවට පත් කරගැනීම ආරම්භ කරයි. 
මෙය හරියටම නිවසක් පිරිසිදු කිරීමට සමාන ක්‍රියාවලියකි. නිවසේ ඇති අනවශ්‍ය කුණු කසළ ඉවත් කර ඒවා ප්‍රතිචක්‍රීකරණය කර නැවත ප්‍රයෝජනයට ගැනීමක් මෙහිදී සෛලීය මට්ටමෙන් සිදුවේ.
මෙම ඔටෝෆජි ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමත් සමඟ සිරුර තුළ දැවැන්ත සුව කිරීමේ මෙහෙයුමක් දියත් වේ. මෙහි ඇති ප්‍රධානතම වාසියක් වන්නේ වයසට යෑමේ ක්‍රියාවලිය පමා කිරීමයි. කාලයත් සමඟ අපගේ සෛල තුළ කුණු කසළ එකතු වීම නිසා සෛල දුර්වල වී සම රැලි වැටීම සහ අවයව දුර්වල වීම සිදුවේ. නමුත් උපවාසය මගින් මෙම අපද්‍රව්‍ය ඉවත් කරන නිසා සෛල අලුත් වී තරුණ බව රැක ගැනීමට විශාල පිටිවහලක් ලැබේ. 
එමෙන්ම මොළය ආශ්‍රිතව හටගන්නා ඇල්සයිමර් සහ පාකින්සන් වැනි රෝගවලට හේතු වන විෂ සහිත ප්‍රෝටීන තැන්පතු ඉවත් කිරීමට ද මෙම ක්‍රියාවලිය උපකාරී වන බව පර්යේෂණ මගින් තහවුරු කර ඇත. එනම් නිරාහාරව සිටීම හුදෙක් බර අඩු කරගැනීමට පමණක් නොව මොළයේ සෞඛ්‍යයටද එකසේ වැදගත් වේ.

තවද අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටද මෙය ඉවහල් වේ. සෛලයක් තුළ යම් විෂබීජයක් හෝ වෛරසයක් ඇත්නම් ඔටෝෆජි ක්‍රියාවලිය මගින් එය විනාශ කර දැමීම සිදු කරයි. එමෙන්ම පිළිකා සෛල ඇතිවීමේ අවදානම අඩු කිරීමටද මෙය දායක විය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. ශරීරයේ ඇති ප්‍රදාහය (Inflammation) හෙවත් අනවශ්‍ය ඉදිමීම් සහ වේදනා තත්වයන් පාලනය කිරීමටද මෙම විවේක කාලය ශරීරයට වැදගත් වේ. නිරන්තරයෙන් ආහාර ගැනීම නිසා ඉන්සියුලින් හෝමෝනය ඉහළ මට්ටමක පැවතීම දියවැඩියාව වැනි රෝගවලට අත වැනීමකි. නමුත් වරින් වර සිදු කරන උපවාසය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කර ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කරයි.

කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය පිළිබඳව අද සමාජයේ ඇත්තේ වැරදි අවබෝධයකි. බොහෝ දෙනා සිතන්නේ නිරාහාරව සිටීම යනු ශරීරයට දෙන දඬුවමක් බවයි. නමුත් යොෂිනොරි ඕසුමිගේ සොයාගැනීම අපට උගන්වන්නේ කුසගින්න යනු ඖෂධයක් බවයි. මෙය වර්තමානයේ 'අන්තර්වාර උපවාසය' (Intermittent Fasting) ලෙස ප්‍රචලිත වී ඇත. නමුත් මෙය සිදු කළ යුත්තේ නිසි අවබෝධයකින් යුතුවය. සීමාව ඉක්මවා දින ගණන් නිරාහාරව සිටීම ශරීරයට අහිතකර විය හැකි අතර, නිශ්චිත පැය ගණනක් ආහාර ගැනීමෙන් වැළකී සිටීම වඩාත් ප්‍රතිඵලදායක ක්‍රමයයි. විශේෂයෙන්ම රාත්‍රී ආහාරය වේලාසනින් ගෙන පසුදා උදෑසන ආහාරය තරමක් ප්‍රමාද කිරීමෙන් ඉතා පහසුවෙන් මෙම පැය 16ක පමණ පරාසය ලබා ගත හැක.

වසාන වශයෙන් කිව හැක්කේ, නවීන විද්‍යාව විසින් සොයාගත් මෙම 'ඔටෝෆජි' සංකල්පය අපගේ පෞරාණික ආගමික හා සංස්කෘතික උපවාස ක්‍රමවල විද්‍යාත්මක පසුබිම මැනවින් තහවුරු කරන බවයි. අප ආහාර ගන්නා වේලාවන් සහ රටාවන් වෙනස් කිරීම වැනි සරල ජීවන රටා වෙනසක් මගින් මිල අධික ඖෂධවලින් ලබාගත නොහැකි සෞඛ්‍ය සම්පන්න බවක් ලබා ගැනීමට අපට හැකියාව ඇත. එබැවින් වරින් වර ශරීරයට විවේකයක් ලබා දී ස්වයං-සුවකිරීමේ ක්‍රියාවලියට ඉඩ දීම දීර්ඝායුෂ ලැබීමට ඇති හොඳම මාර්ගයකි.
#Autophagy #YoshinoriOhsumi #NobelPrize #IntermittentFasting #CellularRepair #HealthyLiving #ScienceFacts #Longevity #Wellness #Biology

A day in the life