පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-12-12

මුගලන් ක්‍රිස්තියානි ද ?;




මුගලන් ක්‍රිස්තියානි උනේ කෝමද? 

මගේ පිළිතුර -

ක්‍රිස්තියානි රජවරු ලංකාවෙ නෑ. ඉතිහාසය විතරක් නෙවෙයි පුරාවිද්‍යාත්මක සාධක පවා නෑ. තියෙන්නෙ නෙස්ටෝරියන් කුරුසය දැමූ ගල් කුලුනක්. ඒක ගැන තවම නිශ්චිත නිගමනයකට එන්න බෑ. මොකද ඒක හම්බුනේ කොහොමද කියලා තාම කාටවත් දන්නේ නෑ. ලංකාවේ ක්‍රිස්තියානි ආගම අදහන අය හිටියේ පිටරටින් ආපු වෙළෙඳ ප්‍රජාව තමයි. ස්වදේශීය ජනතාව ක්‍රිස්තියානි උනේ 16වන සියවසේ පස්සේ
- උපුටා ගැනීම Don supun

තේවත්ත පල්ලියේ මුගලන් කෙනෙක්ව ඇඳගෙන දැන් කාලයක් තිස්සේ චාටර් වෙනවා. මේක පහලොස්වන සියවසේ වීදිය බණ්ඩාරගෙයි සමුද්‍ර දේවියගෙයි පුතා වෙන ධර්මපාලවල බෞතීස්ම කරලා පෘතුගීසින් නටපු නාඩගමට දෙවනි නෑ. මේ සියල්ලම ඔය අයතනගත ආගම් රාජ්‍යට ඈඳලා අපිට ඒ කාලේ ඉඳන්ම කිරීටය සම්බන්ධවත් සුජාත අයිතියක් තියෙනවා කියලා පෙන්නන්න දරන උත්සහයන්.
මුගලන් කියන්නේ කාශ්‍යපගෙම අර්ධ සොහොයුරා. ධාතුසේන රජතුමාට හිටපු පුත්තු දෙන්නා ගැන කියද්දි මහවංසය කියන්නේ
'භින්නමාතෘක කසුප්ය සමාන මාතෘක මහබල ඇති මුගලනැයි උහු පුතුන් දෙදෙනෙක් වුහ'

භින්නමාතෘක සමාන මාතෘක කිව්වම මේ දෙන්නාගේ මව්වරුන් දෙදෙනෙක් සහ මව්වරුන් දෙදෙනා රාජවංශික ධුරාවලිය අනුව දෙයාකාරයක පිළිගැනීම් ලැබුනු දෙදෙනෙක්. කලින් ලිව්ව ලංකාවේ නිකාය බේදය ගැන ලිපි පෙලෙත් සටහන් කරා ධාතුසේන කියන්නේ මහාවිහාරීක නිර්මාණයක් කියලා. මහාවිහාර ලේඛනය වන මහාවංසයේ පරිඡ්ජේද ගනනාවක් දුටුගැමුණු රජතුමා ගැන ලිව්වට මහාවිහාරයට poster boy වෙන්නේ ධාතුසේන. එහෙම කියන්නෙ ඇයි ? මහාවංසය ලියන රාජ ලැයිස්තුවෙන්ම ධර්මාශෝක අධිරාජ්‍යාට සමාන කරන්නේ ධාතුසේනව විතරයි.

"සිවුපසයෙන් භික්ෂුන් තුටු කරවා ධර්මාශෝක මහරජහු සෙයින් තුන් පිටකයෙහිද සංග්‍රහ කලේය"
ධාතුසේනගේ ඇවෑමෙන් පස්සේ රජකම ගන්න කාශ්‍යප එක්ක මහා විහාරය දුරස්තවයි කටයුතු කරන්නේ. මහා විහාරිකයො කාශ්‍යපට පත්තනික්කුජ්ජන කර්මය සිදුකල බව මහාවංසය කියනවා. පත්තනික්කුජ්ජන විනය ගැන කලින් ආර්ටිකල් වල ලියලා තියෙනවා. මේ නිසා කාශ්‍යප යම්කිසි ආකාරයකින් ධම්මරුචිකයන්/අභයගිරි නිකාය එක්ක සමීපව කටයුතු කල බව හැඟවෙනවා
මහාවංසයේම කියලා තියෙන කාරණා අනුව.
කාශ්‍යපව ඒ ගානට අයින් කරලා තිබ්බ මහාවිහාරික භික්ෂුන් මුගලන් නැවත ලංකාවට ඇවිත් රජකම ලබා ගනිද්දි කිසිඳු විරෝධයක් හෝ වර්ජනයක් දක්වන්නෙ නෑ. ඒ වගේම මුගලන් තමන්ගේ පියා වෙන ධාතුසේනගේ අඩිපාරේ යමින් මහා විහාරය සතුටු කිරීම සිද්ධ කරනවා. මොනම ආකරයකින් හෝ ඉන්දියාවේදි මුගලන් ක්‍රිස්තියානි දහම වැලඳගත්තනන් නැවත ඇවිත් රජකම ගනිද්දි මහා විහාරිකයෝ ඊට අංශු මාත්‍රයකින් සම්මාදම් වෙන්නෙ නෑ. රාජ්‍ය බලය සහ ආගම අතර තියෙන බැඳීම එතරම්ම දැඩියි.

මුගලන්ගේ ක්‍රිස්තියානි කියන කතාව ගේන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාන. පුරාවිද්‍යාවට කල සේවයට එතුමාට තිබෙන ගෞරවය ඒ විදිහටම තියෙද්දි මේ මුගලන් කතාව ගැන කියන්න තියෙන්නෙනන් මේ පිළිබඳව පරණවිතාන කිව්වට ඒවා ගැන සාක්ෂි දැකලා තියෙන්නෙ පරණවිතානම පමණයි. සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්නෙ එතුමා සියැසින් දුටුවැයි කියන අන්තරාලීන ලිපි. අන්තරාලීන සෙල්ලිපි. අන්තරාලීන සෙල්ලපි කියන්නේ පරණවිතාන කියන විදිහට පේන්න තියෙන සෙල්ලිපියක අකුරු අතරේ කොටා ඇති අතුරු ලිපි. එහෙම ඒවා ඇත්තටම කියෙව්වා කියන්නේ පරණවිතාන විතරයි. වෙන කවුරුත්ම එහෙම එකක් දැකලාත් නෑ, පිටපත් වෙලත් නෑ. කියෙව්වානන් යම් ආකාරයකින් පිටපත් කිරීම සිදුකල යුතුයි. නමුත් එහෙම වෙලත් නෑ. 
Inscriptions of ceylon වෙළුම් ගනනාවකට වැඩ කල පරණවිතානට එතරම්ම වැදගත් වැයි කියන "අන්තරාලීන ලිපි" මඟහැරිලා. කිසිඳු සාක්ෂියක්, අභිලේඛනයක්, ඓතිහාසික ලිඛිත මුලාශ්‍රයක් නොමැති මේ කතාව තමයි තේවත්ත පල්ලිය ඉතාමත් ලැජ්ජසහගත විදිහට කරේ තියන් යන්නේ.

ලංකාවේ ක්‍රිස්තියානි දහම පෘතුගීසීන් මේ දිවයිනට එන්න කලින් තිබුනේ නෑ කියලා කවුරුහරි තර්ක කරනවානන් ඒ ඉතිහාසය නොදන්න කෙනෙක් විය යුතුයි. ග්‍රීක, පර්සියානු, අරාබි, චීන නෞකා අනාදිමත් කාලයක් තිස්සේ නැංගුරම්ලු වරායන් තියෙන රටක් විදිහට ඉතාමත් ඈත යුගයේ සිට ක්‍රිස්තියානින් පවා පැමිණි බව අනුමාන කරන්න පුළුවන්. ඒ ඇරෙන්න ආසන්න රටවන ඉන්දියාවේ කේරළයේ ප්‍රථම ක්‍රිස්තියානි සභාව පිහිටවන්නේ ක්‍රි.ව 52 වගේ කාලයේදි සාන්ත තෝමස් විසින්. සමකාලීන ලක්දිව සංදර්භය සලකා බැලුවොත් මෞර්ය පෙළපතේ අවසාන රජු වෙන යසලාලකතිස්ස ලංකාවේ රජකරන සමයේදි තමයි කේරළයට ක්‍රිස්තියානි දහම එන්නේ.

අපි වර්තමානයේදි නොමනා ක්‍රියා සිදුකරන පුද්ගලයන් හඳුන්වන්න "නසරානියා" කියන වචනය පාවිච්චි කරනවනෙ. නසරානි වචනයේ ආරම්භය තියෙන්නෙ මෑත පෙරදිග ක්‍රිස්තියානිය වැලඳගත් සිරියානුවන්ගේ. ඇත්තටම මේ වචනේ එන්නේ නාසරෙත් නමින්. නාසරෙත්හි ජේසුස් වැනි පදය තමයි පසුව නස්රීන් = නස්රානි වෙන්නේ. මේ සිරියැක් සම්භවය සහිත ක්‍රිස්තියානිය තමයි මලබාරය නොහොත් වර්තමාන කේරළයට එන්නේ.⁣ කේරළ⁣යේ මලන්කාර් නස්රානි කාණ්ඩය මේ නමින් හඳුන්වනවා. හින්දු සමභවයක් තිබුනු කලාපයක ක්‍රිස්තියානිය විහිදීමත් එක්ක හින්දුන්ගේ සහ ක්‍රිස්තියානින්ගේ ගැටුම්වලින් නස්රානි වචනයට එන්නේ එච්චර හොඳ පිලිගැනීමක් නෙවෙයි. කාලයකට කලින් ශුද්ධවු අර්ථයක් තිබුනු නස්රානි පදය පස්සේ එන්නේ විශමාකාර ක්‍රියාවන්වල යෙදෙන්නන් හඳුන්වන්න. ලංකාවට නසරානි වචනේ එන්නේ එහෙම.

මේ මලබාර් නස්රාන් බලපෑම අනාදිමත් කාලයක පටන් ලංකාවට එන්න යන්න ඇති. අනුරාධපුරයෙන් හමුවෙන නෙස්ටෝරියානු කුරුසය ඒකට සාක්ෂියක්. නෙස්ටෝරියන් කුරුසය කියන්නේ ඉන්දියාවේ සාන්ත තෝමස් විසින් පිහටවපු ක්‍රිස්තියානින්ගේ ලාංඡනය. මේකේ තියෙන්නෙ නෙළුම් මලක් උඩින් පැන නගින කුරුසය. මර් තෝමා ස්ලීවා කියලා හඳුන්වනවා සාන්ත තෝමසුවන්ගේ කුරුසය ලෙස. ඉන්දියාවේ කෙරළයේ ඉඳන් තක්ෂිලාව, බල්ටිස්ටානය වෙනකම්ම මේවා හම්බෙනවා. එහෙම එකක් තමයි ඔය අනුරාධපුරයෙනුත් ලැබෙන්නේ. ලංකාවේ කතෝලික සභා කොඩියේ තියෙන්නෙත් මේ නෙස්ටොරියන් කුරුසය. තක්ෂිලාව (වර්තමාන පකිස්තානය) දක්වාම මේ නෙස්ටෝරියන් කුරුස තිබ්බානන් අනුරාධපුරයේ මේවා හමුවීම එතරම් දෙයක් නෙවෙයි. 

ලංකාවේ ක්‍රිස්තියානි දහමේ පැරණි බව ගැන කතෝලික සභාවට කතා කරන්න අවශ්‍යනන් කතා යුතුව තිබුනේ මේ මර් තෝමාව හෝ මලබාර් නස්රානි බලපෑම මිසක් පැරශුට් මුගලන් ගැන නෙවෙයි. වගකිවු යුතු ආයතනයක් ලෙස කිසිඳු සාක්ෂියක්, ⁣ඓතිහාසික මුලාශ්‍රයක් නොමැතිව මුගලන්ව තේවත්ත බැසිලිකාවේ ඇඳීම ලැජ්ජ නැති වැඩක්.

2023 දෙසැම්බර් 07.
මුණු පොතෙන් .
Isuru Upanada සහ 
තවත් 14 දෙනෙක්
 සමග Sheikh Irshad Sahabuddeen සිටී.


A day in the life

2025-12-11

යකඩ මරං .





යකඩමරං වලට අපි කිව්වේ මරං කියලා. මරංගහවෙල ,මරංගොඩ අපේ පැත්තේ තියෙන ගම්මාන.
මේ පැත්තේ නිසරු බෑවුම් පතන් ලදු කැලෑ මීට අවුරුදු සීයයකට වගේ පෙර වැහිලා තිබුනේ මරං ගස් වලින්.
ජනගහණය ව්‍යාප්ත වීමත් එක්ක මේ බිම් ජනාවාස වුනා .මරං ශාඛය ටිකින් ටික පර්සරයෙන් සමුගත්තා.
ඊට අමතරව බෑවුම් සහිත කදු අක්කර දහස් ගනනක් පයිනස් යුකැලිප්ටස් වගෙ විදේශීය ශාක වලින් වැහුනා.

මහින්ද කුමාර දළුපොත මහත්තයා ගේ නිරීක්‍ෂණ එතුමාගේ වචනයෙන් මෙහෙමයි..

“යකඩමරං කෝටු නිත්තෙන්ම ගත්තේ, යපස් උණුකිරීමටයි. සබරගමු යපස් උණුකිරීමේ මූලික ඉන්ධනය .ඒ වගේම කඳුකරයේ පස් හෝදාපාළු වළකා ගත්ත ප්‍රමුඛ ශාක විශෙශ්ෂයක් තමයි , යකඩමරං ගස් . ඕනැම කන්දක ඕනැම පාංශුව්‍යුහයක් යටතේ ස්වාභාවිකව සාරෙට වැවෙන යකඩමරං ගස් ,අපේ මුතුන්මිත්තන් නිකං නිරපරාදේ කපන්නට දුන්නේ නැ ඒක තහංචියක් .

දියඌලවල් බහුල කඳුවල පස් තට්ටු පහළට රූටනවා නම්, ඒ තැන්වල යකඩමරං ගස් හිටුවීමෙන් පස රැකගත්තේ .

ඒ වගේම අව්වට ,තද වැස්සට වගේම හුළංමාරාවට හොඳින් ඔරොත්තු දීමේ ගුණය යකඩමරං ගස් සතුයි . ඉබේ බෝවෙනවා .ආයේ අමුතු රැකුම් බැලුම් ඕනේ නෑ . යකඩමරං ගස් දරට ගන්න බෑ . ඒවා ගත්තොත් මැටි මුට්ටි පැලෙනවා එච්චර දැඩි ගින්දරක් තියෙන්නේ .

යකඩමරං ගස් හා සබැඳි උරුමයන් යළි යළිත් හඳුනාගනිමින් ඒවා භාවිතයට ගත යුතු බවයි මේ සුළිකුණාටුව අපට මතක් කරලා දෙන්නේ .යකඩමරං ගස් වගේම මුල් මණ්ඩලය හරිම සවිමත් .

යකඩමරං ගස් වතු වගාවත් සමඟ විනාශ කරලා දැම්මා . දැන්වත් නායේ යන තැන්වල කඳුමුදුනේ අතරේ යකඩමරං ගස් හිටුවීමෙන් අනාගත උවදුරු වළකා ගත්ත පුළුවන් .

හැබැයි අපේ වනරක්ෂණය මනාප නැ දේශීය හා අපට ආවේණික ශාක හිටුවන්න..

ෆයිනස්, යුකැලිප්ටස්, හා අපේ කඳුකරයට නොගැලපෙන ශාක වවලා ඊගාවට එන නායේයෑමට නම් උත්තර නැ රජෝ.

A day in the life