පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-11-26

හමාස් සංවිධානය සහ පලස්තීනය .






ජෙරුසෙලම් පෝස්ට් පුවත් පත 2025/11/21 දින ලංකාව ගැන සදහන් ලිපියක් පලකරනවා.
ඒ වගේම 2013 මැයි 18 දින යුධ ජයග්‍රහණ සැමරැමේදී ගත් මේ ජායාරෑපයද ඔවුන් පළකරනවා.
+++++
ජෙරුසෙලම් පෝස්ට් පුවත් පත එරට යුධ විශේෂඤයකු වන කර්නල් ආචාර්ය මෝෂේ එලාද් සමග.කල සාකච්චාවක් ඇසුරින් මේ ලිපිය පලකරනවා.

එහි මෙහෙම කියනවා.හමාස් සංවිධානය පලස්තීනයේ ගාසා තීරයේ පාලනයෙන් පලවා හැරීමටත් හමාස් මුලිනුපුටා දැමීමටත් නොහැකිව ඊශ්‍රායලය අරගලයක් කරමින් සිටී.
ඊශ්‍රායලය යනු ලොව 14 වන යුධ බලවතා.
ලංකාව රටවල් 145 ක් අතරින් ලොව 69 වන යුධ බලවතා.
ලොව අංක එකේ බුද්ධි අංශය ලෙස සැලකෙන මොෂාද් ඔත්තු සේවය හිමි රට ඊශ්‍රායලය.
න්‍යෂ්ටික අවි , F 35 යානා , පේට්‍රියට් මිසයිල නාශක පද්ධති , සබ්මැරීන , යුධ ටැංකි මේ සියල්ලෙන් ඊශ්‍රායලය පොහොසත්.

බටහිර සහ ඇමරිකාව ඊශ්‍රායලය කරන ඕන අපරාධයක් සාධාරණය කරනවා.
එහෙම වෙලත් ඊශ්‍රායලයට බැහැ 35 km දිග 10km පළල කුඩා බිම් තීරැවක සිටින හමාස් පරාජය කිරීමට.
ගාසා තීරයට ආහාර විදුලිය ඉන්ධන ජලය සම්පූර්ණ සපයන්නේ ඊශ්‍රායලය විසින්.නමුත් ඊශ්‍රායලය අසමත් හමාස් මුලිනුපුටා දැමීමට.

මෝෂේ එලාද් මෙහෙම කියනවා.
ලෝකය අපට කියනවා ගරිල්ලා කණ්ඩායමක් මුලිනුපූටා දමන්න බැහැ කියලා.
නමුත් ලංකාවේ රජය ලොව දරැණුම ත්‍රස්ත සංවිධානය සම්පූර්ණ ලෙස පරාජය කලා.
ඔවුන් ලෝකය බැහැ කියන දේ කරලා පෙන්නුවා.
(ඇත්තටම LTTE සංවිධානය කොටියෙක් නම් සාපේක්ෂව හමාස් සංවිධානය පූසෙක් තරම් ඇති)

එලාද් කියන කතාව
2005 මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වෙනවා.
ඔහු සාම සාකච්චාව හරහා විසදුමක් සෙවීමේ උපායෙන් ඉවත් වී යුද්ධ කර කොටි සංවිධානය පරාජය කිරීමේ අපායට මාරැවෙනවා.
ඒ සමග රජය
විශාල ලෙස යුධ අවි මිලට ගැනීම ආරම්භ කළා.
හමුදාවට ලක්ෂ ගණනක් අලුතින් බදවා ගත්තා.
බුද්ධි අංශ තර කලා.
යුධ පෙරමුණු ගණනාවක් නිර්මාණය කර කොටියට පහර දුන්නා.

ලක් රජය ජාත්‍යන්තරය සමග සාකච්චා කර කොටි ආයුධ සැපයුම් වැහුවා.ඒ සදහා ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ බලපෑම ලංකාව උපක්‍රමිකව පාවිච්චි කලා.
කොටි සංවිධානය ජාත්‍යන්තරව තහනම් කරගැනීමට රජය සමත් උනා.

එලාද් මෙහෙමත් කියනවා.
කොටි සංවිධානය ඉතාම බලවත්.ඔවුන්ට සංකීර්ණ යුධ යාන්ත්‍රණයක් තිබුනා.
වෙනම පාලන කලාපයක් තිබුනා.
මරාගෙන මැරෙන ප්‍රහාර කලාව සොයාගත්තේ එම සංවිධානය.
ඔවුන් ඒ සදහා කාන්තාවන් සහ දරුවන් පවා යොදාගත්තා.

කොටි සංවිධානය සහ දෙමළ ජනතාව අතර බැදීම කඩා දැමීමට රාජපක්ෂ රජය සංවිධානාත්මක ප්‍රචාරක යාන්ත්‍රණයක් දියත් කලා.
ලංකාව තියෙන්නේ උපක්‍රමිකව සුවිශේෂී ස්ථානයක.ඒ වටිනාකම් පාවිච්චි කර ලංකාව බටහිර බලයට එරහිව චීන බලය ලබාගත්තා.
මහින්ද රජය යුද්ධය අවසන් වන තෙක් උතුරු නැගෙන හිරට මානව හිමිකම් සංවිධාන වලට එන්න දුන්නේ නැහැ.ජාත්‍යන්තර මාධ්‍ය වලට යුධ පෙරමුනට යන්න දුන්නේ නැහැ.ඔවුන් සියල්ල සංවිධානාත්මකව පාලනය කලා.
ඒ සියල්ල කර ඔවුන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මා.

ඇමරිකාව.චෝදනා කරනවා යුද්ධය අවසාන සමයේ උතුරේ 40000 සහ 70000 අතර ගාතන සිදු වූ බවට.නමුත් සාක්ෂි නැහැ.ලක් රජය ඒ සියල්ල සූක්ෂමව කලමණාකරණය තලා. පුවත් පත එහෙම කියනවා.

මෝෂේ එලාද් කියනවා රැසියාව , චීලී රාජ්‍ය සහ ජර්මනිය විසින් ත්‍රස්තවාදී සංවිධාන පරාජය කල අවස්ථා වාර්ථා වන නමුත් ලංකාව තමයි වීස්තීරණ සටනක් සහමුලින් අවසන් කලේ . ඒ නිසා ලක් රජය කල යුද්ධයේ තීක්ෂණ බව අපි උකහා ගත යුතු බව.
ලෝකයම ඊශ්‍රායලයේ යුධ හැකියාව වර්ණනා කරද්දී ඊශ්‍රායලයේ යුධ උපදේශක වරු මහින්ද කල යුද්ධය වර්ණනා කරනවා සහ එය මොඩ්ල් එකක් විදියට අධ්‍යනය කරනවා.

ලංකාවේ සියලු වැසියන් මහින්ද රාජපක්ෂට සහ හමුදාවට දින පතා වැද නමස්කාර කල යුතු උනත් බහුතරය කරන්නේ අදටත් ගරහන එක.
ඊට හේතුව අපි අමුතු ජාතියක්.

https://www.jpost.com/international/article-854833...
මනෝජ් විජේසේකර

A day in the life

2025-11-25

දේශගුණය .



මේ මාසේ නොවැම්බර් මා‍සේ.
ගමේ ඇත්තෝ නම් කියන්නේ නෑගණහිරිින් එන වැස්ස කියලා.
කාලගුනේට විද්‍යාත්මක අර්ථ කථන තියෙනවා.
ඒත් අපිට නම් උපන්දා සිට නොවැම්බර් , දෙසැම්බර් , ජනවාරි 15 විතර වෙනකම් වහිනවා.
උෂ්නත්වයත් වෙනස් වෙලා පරිසරය සීතල වෙනවා.
දුරුත්ත සීතල ගොඩක් වැඩි වෙලා පෙබරවාරි මාර්තු ඩිංග ඩිංග රස්නේ වැඩි වෙන්න පටන් ගන්නවා.
ඔන්න ඔහොමයි ගමට දේශගුනේ වෙනස් වෙන්නේ.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ද දේශගුණය වෙනස් වෙනවා.
මීට අවුරුදු හැට හැත්තෑවකට වගේ ඉස්සෙල්ලා නෙමෙයි අපේ ගමේ දේශගුණය. ( බෙලිහුල්ඔය ).
සීතල දේශගුණයේ ඉදන් උණුසුම් දේශගුණයකට පරිසරය හෙමින් හෙමින් ගමන් කරලා අද වෙන කොට අපේ වයසේ අයට වෙනස හොදට දැනෙන්න පටන් අරන්.
ඇළ දොල ගංගා දැන් වතුරෙන් පිිරිලා ගලා යන්නේ නෑ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් පවතිනවා. මේ දේශගුණික විපර්යාසය දැන් මිනිස් ජීවිතයේ සෑම අංශයකටම තර්ජනයක් වෙලා.
දේශගුණික විපර්යාසයන්ට පිළියමක් නොයෙදුවොත් ව්‍යසනකාරී උණුසුමක් ද, ඒ සමග පැමිණෙන දිනෙන් දින නරක අතට හැරෙන නියං, මුහුදු මට්ටම විශාල වශයෙන් ඉහළ යෑම, සහ ජීවීන්ගේ මහා නෂ්ටවීම් ද අත්විඳින්නට මිනිසාටත් ස්වභාව ධර්මයටත් සිදුවනවා නියත යි.

දේශගුණ විපර්යාස.

අවුරුදු ගණනාවක් පුරාවට යම් ප්‍රදේශයක පෙන්වන සාමාන්‍ය කාලගුණය "දේශගුණය' යනුවෙන් හැඳින්වෙනවා. සාමාන්‍ය තත්ත්වයන් වෙනස්වීම 'දේශගුණ විපර්යාසය' යනුවෙන් හැඳින්වේ.
මේ වන විට අප අත්විඳින සීඝ්‍ර දේශගුණ විපර්යාසයන් ඇතිවී තිබෙන්නේ මිනිසා විසින් සිය නිවෙස්, කර්මාන්තශාලා, සහ ප්‍රවාහන කටයුතු සඳහා ඛණිජ තෙල්, වායු, සහ ගල් අඟුරු දහනය කිරීම නිසා යි.
මේ ෆොසිල ඉන්ධන දහනය වන විට හරිතාගාර වායූන් - බොහෝකොටම කාබන් ඩයොක්සයිඩ් (CO2) - නිකුත්වේ. මෙම වායූන් මඟින් පෘථිවියට ලැබෙන සූර්ය තාපය මෙහිම රඳවා ගන්නට කටයුතු කිරීමෙන් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යයි.
1850 සිට 2020 දක්වා වාර්ෂික මධ්‍ය ගොඩබිම් සහ සාගර උෂ්ණත්වය - සාමාන්‍යයට පහළ සහ ඉහල උෂ්ණත්වයන්

වර්තමාන ලෝකය 19 වැනි සියවසේ දී තිබුණාට වඩා සෙල්සියස් අංශක 1.2කින් පමණ උණුසුම් ය. එසේම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය එදාට සාපේක්ෂව 50%කින් ඉහළ ගොස් ඇත.
විද්‍යාඥයින් පවසන්නේ දේශගුණික විපර්යාසවල නරකම ප්‍රතිවිපාක වළක්වා ගන්නට අවශ්‍ය නම් ගෝලීය උෂ්ණත්වය ඉහළ යන වේගය අඩුකළ යුතුබව යි. වර්ෂ 2100 වන තෙක් උණුසුම ඉහළ යන අගය සෙල්සියස් අංශක 1.5 ලෙස තබාගත යුතුයැ යි ඔවුන් පවසයි.

කෙසේ නමුත්, ඒ සඳහා වැඩිදුර පියවර නොගතහොත් මේ ශතවර්ෂය අවසන් වන විට පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කටත් වැඩියෙන් ඉහළ යනවා ඇති.
විද්‍යාඥයන් සිතන්නේ මීට පිළියම් කිසිවක් නොයෙදුවහොත් ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 4 ඉක්මවීම ඉඩ ඇති අතර, එය හදිසියෙන් ඇතිවන විනාශකාරී ග්‍රීෂ්මයන්ට, මිලියන ගණනකට නිවාස අහිමි කරමින් මුහුදු මට්ටම ඉහළ යාමට, සහ ශාක හා සත්ත්ව විශේෂයන් නැවත වෙනස් කළ නොහෙන අන්දමට විනාශ වී යාමට තුඩුදෙනු ඇතිබව යි.

දේශගුණික විපර්යාසයේ බලපෑම .

මේ වන විටත්, ජීවිත සහ ජීවනෝපායන් තර්ජනයට ලක් කරමින් ආන්තික කාලගුණ තත්ත්වයන් තවත් දරුණු අතට හැරී තිබේ.

පසුගිය වසර 11,300 තුළ සිදුවූ ගෝලීය උෂ්ණත්වයේ අසාමාන්‍ය වෙනස්වීම

ලෝකය තවත් උණුසුම් වුවහොත් වගාබිම් කාන්තාරබවට පත්විය හැකි නිසා, ඇතැම් ප්‍රදේශයන් මිනිස් වාසයට නුසුදුසු වීමට හැකි යි. ගොවිබිම් කාන්තාර බවට පත්වීමත් තවත් ප්‍රදේශයන්හි දී මෙහි විලෝමය සිදුවෙමින් පවතියි. මෑතක දී චීනයේ, ජර්මනියේ, බෙල්ජියමේ, සහ නෙදර්ලන්තයේ සිදුවූ පරිදි, අධික වර්ෂාපතනය හේතුවෙන් ඓතිහාසික ජලගැල්ම ඇතිවීම දැකගත හැකි ය.

දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීමට අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා වඩාත් දුක් විඳිනු ඇත්තේ අප වැනි දුප්පත් රටවල ජනතාව ය. සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ ගොවිබිම් දැනටත් අධික උෂ්ණත්වයකට මුහුණපාමින් සිටින අතර, මෙය හැරෙනු ඇත්තේ වඩාත් නරක අතට පමණි.

අපගේ සාගර ද, ඒවායේ පිහිටි බොහෝ සාගර ජීවීන්ගේ වාසස්ථාන ද තර්ජනයට ලක්වී ඇත. නිදසුනක් වශයෙන් ගතහොත්, දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුද උණුසුම් වීම නිසා ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයට 1995 සිට මේ වන තෙක් සිය කොරල්පරවලින් අඩක්ම අහිමි වී තිබේ.
දේශගුණික විපර්යාසයන් උණුසුම්, වියළි කාලගුණයක් ඇතිවීමේ අවදානම ඉහළ දමන බැවින් ලැව්ගිනි ඇතිවීම ද දැන් දැන් බහුල සිදුවීමකි.

සයිබීරියාව වැනි ප්‍රදේශවල මිදුණු පොළව දිය වී යද්දී, දේශගුණික විපර්යාස තවත් නරක අතට හරවමින් සියවස් ගණනාවක් තිස්සේ එහි සිරවී තිබූ හරිතාගාර වායූන් වායුගෝලයට මුදා හැරෙනු ඇත.
ලෝකය වඩාත් උණුසුම් වෙද්දී, සතුන්ට ද ජීවත්වීමට අවශ්‍ය කරන ආහාර හා ජලය සොයාගැනීම දුෂ්කර වනු ඇත. උදාහරණය ලෙස, ඔවුන්ගේ ජීවිතය ගෙනයෑමට අවශ්‍ය අයිස් දියවීමත් සමග හිම වලසුන් මියගොස් වඳවී යනු ඇති අතර, අලින්ට දිනකට අවශ්‍ය කරන ජලය ලීටර 150 - 300ත් අතර ප්‍රමාණය සොයාගැනීම සඳහා ඔවුන්ට මහත් සේ දුක් විඳීමට සිදුවනු ඇත.
විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නිසි පියවර නොගතහොත් මෙම සියවස අවසන් වන විට සත්ත්ව විශේෂ 550ක්වත් වඳවී යා හැකිබව යි.

ලෝකයේ විවිධ ප්‍රදේශ මුහුණ දෙනු ඇත්තේ කුමනාකාරයේ වෙනස්කම්වලට ද?

දේශගුණික විපර්යාසය ලෝකයේ විවිධ ප්‍රදේශවලට ඇති කරන්නේ විවිධ බලපෑම් ය. සමහර ස්ථාන අනෙක් ප්‍රදේශවලට වඩා උණුසුම් වනු ඇත. සමහරක් ප්‍රදේශයන්ට වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇති අතර, තවත් සමහරක් ප්‍රදේශයන්ට නියඟවලට මුහුණදීමට සිදුවනු ඇත්තේ ය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් 1.5ට සීමාකර ගැනීමට නොහැකි වුවහොත්:

එක්සත් රාජධානිය සහ යුරෝපය අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවන ගංවතුරට ගොදුරු වනු ඇත
මැදපෙරදිග රටවල් හදිසියේ ඇතිවන දැඩි ග්‍රීෂ්මයන් අත්විඳිනු ඇති අතර, ගොවිබිම් කාන්තාර බවට හැරෙනු ඇත
ශාන්තිකර කලාපයේ සහ ඉන්දියානු සාගරයේ දූපත් රාජ්‍යයන් මුහුදු මට්ටම ඉහළ යැමත් සමග අතුරුදන් වී යාමට පුළුවන
බොහෝ අප්‍රිකානු රාජ්‍යයන් නියඟයෙන් සහ දුර්භික්ෂයෙන් පීඩා විඳිනු ඇත
එක්සත් ජනපදයේ බටහිරදිග ප්‍රදේශයන්හි නියං තත්ත්වයක් ඇතිවනු ඇති අතර, අනෙක් ප්‍රදේශයන් වඩ වඩාත් දරුණු කුණාටුවලට මුහුණපානු ඇත
ඕස්ට්‍රේලියාව අධික උණුසුම සහ නියඟයෙන් පීඩා විඳිනු ඇත

රට රටවල ආණ්ඩු මොනවා ද කරන්නේ?

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට හැකි වන්නේ එක්ව වැඩ කිරීමෙන් පමණක් බව බොහෝ රටවල් එකඟ වන අතර, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට තබාගැනීමට උත්සාහ කරන බවට, 2015 වසරේ පැරිසියේ දී ලෝක ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඔවුහු ප්‍රතිඥා දුන්හ.
එක්සත් රාජධානිය ලෝක නායකයින් වෙනුවෙන් COP26 නම් සමුළුවක් පවත්වන ලදී. මෙහිදී රටවල් 2030 වසර වන විට කාබන් විමෝචනය අඩු කිරීමේ සැලසුම් ඉදිරිපත් කරන ලදී.
2050 වන විට කාබන් විමෝචනය බිංදුව දක්වා ගෙන ඒමට බොහෝ රටවල් ප්‍රතිඥා දී ඇත. මෙයින් අදහස් වන්නේ හරිතාගාර වායු විමෝචනය හැකිතාක් අවම කිරීම, සහ ඉතිරි විමෝචනයන්ට සමාන ප්‍රමාණයක් වායුගෝලයෙන් අවශෝෂණයකර සමතුලිත කිරීම යි.
මෙය සාක්ෂාත්කර ගත හැකි ඉලක්කයක්යැ යි විශේෂඥයින් පවසන නමුත්, ඒ සඳහා රජයයන්, ව්‍යාපාර, සහ තනි පුද්ගලයින් පවා විශාල වෙනස්කම් සිදුකිරීම අත්‍යවශ්‍ය ය.
ශ්‍රී ලංකා ජනපතිත් COP26 සමුළුවට

මේ අතරේ ශ්‍රී ලංකා ජනපති ගෝටාභය රාජපක්ෂ ද ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැති COP26 සමුළුවට සහභාගී විය.

ජනපතිවරයා ඔක්තෝබර් 31 වන දා සමුළුව ඇමතුවේ "නයිට්‍රජන් ගැන පසුවිපරම: දේශගුණික විපර්යාස, සෞඛ්‍යය, ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය පිළිබඳ විසඳුම් සහ සහසබඳතා" යන මාතෘකාව යටතේ ය.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය 100%ක් කාබනික කිරීම ගැන විස්තර කළ ජනපතිවරයා, එම ක්‍රියාව "බොහෝ ඇගයීමට පාත්‍රව ඇතත්, යම් විවේචනයන්ට සහ ප්‍රතිරෝධයකට ද මුහුණ දී ඇතැ"යි ද පැවසීය.
"2030 වන විට අපි අපගේ කාබන් අවශෝෂණ හැකියාව 7%කින් වැඩි කිරීමට මුලපුරා ඇති අතර, ජාතික වන ආවරණය ඉහළ නැංවීමට ද ප්‍රමුඛත්වය දී සිටිමු," යි ප්‍රකාශ කළ ජනපතිවරයා, 2030 වන විට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයගෙන් සපුරා ගන්නාබව ද, පොසිල ඉන්ධන භාවිතය ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගනිමින් සිටිනාබව ද ප්‍රකාශ කළේ ය.

day in the life