පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-11-01

මරාදැමූ තේ වගාවේ පියා.

.
මම ජේම්ස් ටේලර් ඉපදුනේ ස්කොට්ලන්තයේ දුප්පත් පව්ලක අපිට කුඩා ගොවිපලක් තිබ්බා ඒකෙන් යන්තම් ජීවිතේ ගැටගහගෙන යන්න පුලුවන් උනා
මගේ පියා හොද ගොවියෙක් ඔහු තමා මට අලස නොවී මහන්සිවී වැඩකිරීම සහ විනයක් ඇතිව වැඩකිරීම මට පුරුදු පුහුණු කලේ
අපේ දුප්පත්කම නිසා වෙන්න ඇති මම ලැබුවේ මූලික අධ්‍යාපනයක් විතරයි උසස් අධ්‍යාපනයක් මට ලබන්න බැරි උනත් මම හොද මහන්සිවී වැඩකරන්නෙක් බවට පත්වුනා.
"ඉතිං කොහොමද ඔබ ලංකාවට ආවෙ"
මට මතක විදිහට ඒ 1852 අව්රුද්ද සිලෝන් යටත්විජිත ආංඩුව සහ වැවිලි සමාගම් හොද ශක්තිමත් තරුණ සේවකයින්ව සොයමින් හිටියා ලංකාවේ කෝපි වතු පරිපාලනය කිරීම සදහා මමත් ඕකට ඉල්ලුම් කලා ඉතින් සම්මුඛ පරීක්ශනවලින් අනතුරුව මාව තෝරාගත්තා එතකොට මම වයස දාසයක ශක්තිමත් තරුණයෙක්
එතකොටත් මට වගාව ගැන හොද දැනුමක් තිබුනා
මම ලංකාවට එනකොට මට වයස දාහතක් ලූල්කඳුර වතුයායට තමයි මම ආවෙ එතකොට ඒක අයිතිවෙලා තිබ්බෙ බ්‍රිතාන්‍යට අයිති කෝපි වගාකරන කොම්පැනියකට
මම රැකියාව පටන්ගත්තේ සහකාර වතු අධිකාරීවරයා වශයෙන් ටික කාලයක් යනකොට මගේ වගාව පිලිබද දැනුම කැපවීම සහ අවංකභාවය නිසා මගේ කරමත ටිකින් ටික ගොඩාක් වගකීම් පැවරෙන්න ගත්තා
මම ලූල්කඳුරට ආවට පස්සෙ මේ ප්‍රදේශය එක්ක මම ආත්මීයව බැඳුනා ඇත්තටම මෙච්චර ලස්සන රටක් මම සිහිනෙකින්වත් දැකල තිබ්බෙ නෑ ඔය මගේ ගේ කෑල්ල තිබ්බ තැන පිටිපස්සෙ තියන ගල් පර්වතය උඩට නැග්ගම පේන දර්ශනයම ඇති මේ රටේ නවතින්න.
"ඉතිං ඊටපස්සෙ මොකද උනේ ටේලර් මහත්මයා"
1860 දී දිලීර රෝගයක් නිසා ලංකාවේ කෝපි වගාව සම්පූර්ණයෙන්ම විනාශවෙලා ගියා
ගොඩාක් කෝපි වතුහිමියෝ විශාල පාඩු ලබමින් බංකොලොත් භාවයටත් පත්වුනා සෑහෙන වැවිලිකරුවන් පිරිසක් කෝපිවතු අතඇරල ආපහු ලන්ඩනයට ගියා
මට මේ රටදාල යන්න හිතුනෙ නෑ මේක තමයි මගේ රට ඉතිං මම තනියම උත්සාහකලා කෝපි වෙනුවට වෙනත් වැවිල්ලක් ආදේශ කරන්න පුලුවන්ද කියල මගෙ ඔළුවට ආවෙ තේ
"ඉතින් වැවිලි සමාගමේ නිලධාරීන් ඒකට ඔබතුමාට සහයෝගය දුන්නද"
ඔවුන් මට පර්‍යේශනය සදහා වතුයාය පාවිච්චිකරන්න ඉඩදුන්නා උදව්වට කුඩා සේවක පිරිසකුත් දුන්නා ඔවුන්ට එච්චර ලොකු බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ ඒ ගැන
මම ඉන්දියාවෙන් තේ ඇට ගෙනල්ලා මෙහෙ පැල කරල පර්‍යේශන කරල 1867 දී අක්කර දහනමයක ප්‍රථම වානිජයමය තේ වත්ත පටන්ගත්තා ඒක මේ කටින් කියන තරම් ලේසිවැඩක් උනේ නෑ
මම ප්‍රාථමික දේවල් උපයෝගී කරගෙන පොඩි තේ ෆැක්ටරියකුත් හැදුවා පස්සෙ
1872 දී මම ලොකු තේ කර්මාන්ත ශාලවක් ඉදිකෙරුවා මගේම රෝලින් ක්‍රමයක් මම භාවිතා කලා තේ කොල නිපදවන්න
අන්තිමේ 1873 දී මං හදපු තේ ලංඩනයට ගියා එතන ඉදන් තමයි මුලු ඉතිහාසෙම වෙනස් උනේ මගේ තේ ලංඩනයේදී ඉහලම ඇගැයීමට ගෞරවයට පාත්‍ර උනා
එදා තමයි කෝපිවගාව ඉවරෙටම ඉවරවෙලා ඒ වෙනුවට ලංකාවේ තේ වගාව සදාකාලික වෙන්න අඩිතාලම වැටුනේ.
"ඉතිං ඉතිං ඊට පස්සෙ මොකද උනේ"
මම හදපු පලමු තේ තොගය වික්කේ ලන්ඩන්වල වෙලෙන්දන්ට
වැඩිකලක් ගියේ නෑ 1880 දී අද කව්රුත් දන්න එකල හොද ව්‍යාපාරිකයෙක් වෙච්ච තෝමස් ලිප්ටන් මහත්තයා ලංකාවට ආව
ඔහුට ඕනෙ උනා ඉතා උසස් තත්වයේ තේ කොල නිශ්පාදකයාගෙන්ම මිලදීගෙන වෙලඳපලට දාන්න
ඔහු ලූල්කඳුර වතුයායට ආපු වෙලාවෙ තමයි මාව මුණගැහුනේ ඔහු මම නිශ්පාදනය කරපු තේ දැකල පුදුම උනා ඒව ඔහු බලාපොරොත්තු උන තත්වයටත් ඉහලින් තිබ්බා
"මම අහල තියනවා තෝමස් ලිප්ටන් ඔහුගේ ලිප්ටන් නම යටතේ ලංකාවෙ තේ අලෙවිකරන්න තීරණය කලේ ඔබගේ තේ වල ඉස්තරම් බව ඔබගේ දැනුම සහ කැපවීම ගැන විස්වාසය තියල කියල"
"එහෙම වෙන්න ඇති මොකද ඔහුට ඕනෙ උනේ උසස්ම තේ."
තෝමස් ලිප්ටන් සිලෝන් ටී ලිප්ටන් නමින් වෙළඳපොළට දැම්මට පස්සෙ තමයි හරියටම විප්ලවය සිද්ද උනේ ලංකාවෙ තේ ලෝකයේම බබළන්න ගත්තා.
"ඒකෙ මූලාරම්භකයා ඔබයි ටේලර් මහත්මයා"
"හරි දැන් මට කියන්න ඇයි බ්‍රිතාන්‍ය වැවිලි කරුවන් සහ යටත්විජිත පාලකයින් ඔබව නොසලකා ඇරියේ විශේශයෙන් ඔබ සේවය සපයපු ලූල්කඳුරේ පාලනාධිකාරිය.. ඔවුන් ඔබට කරපු හිරිහැර මිනිසත්කමටත් නිගාවක් ...ඇයි එහෙම උනේ"
ප්‍රධානම හේතුව මම ඔවුන්ට මෙරට පුරවැසියෙක් ලෙස පෙනීම ඒ මම ප්‍රදේශයේ සිංහල දෙමළ අය එක්ක මිතශීලී වීම ඔවුන්ට කාරුණිකව සැලකීම සහ ඔවුන් පෙරලා මට කල ගෞරවය
ඉංග්‍රීසි වැවිලිකරුවන් ඉහල පංතිවලින් ආපු අය ඔවුන් ළඟ ජාතිවාදයත් තිබුණා මම ඉංග්‍රීසි ජාතිකයෙක් නෙමෙයි මම දුප්පත් පව්ලකින් පැවතෙන ස්කොට්ලන්ත ජාතිකයෙක් ඉතින් මම ලංකාවේ තේ වගාවේ පුරෝගාමියා කියල හඳුන්වන්න ඔවුන්ට ඕනෙ උනේ නෑ ඔවුන්ගේ බලය එක්ක බලනකොට මම ඉතා පොඩි ඔවුන්ගේ සේවකයෙක් විතරයි
"ඔබට සිංහල දෙමළ භාශා කතාකරන්න හැකි බවත් ජීවත් උනේ මෙරටේ වැසියෙක් විදිහට බවත් කෑවෙ බිව්වෙ මෙරටේ කෑම බවත් අසා තිබෙනවා ඒක ඇත්තද"
ඔව් ඒ නිසාත් ඔවුන් මාව පිලිකුල් කලා මම සේවකයින්ට මෘදු වැඩී කියල ඔවුන් චෝදනා කලා ඔවුන්ට ඕනෙ උනේ මිනිස්සුන්ගෙන් වහල්ලු වගේ වැඩගන්න විතරයි කිසිම සැලකීමක් කලේ නෑ මම කරුනාවන්ත වැඩි බවට ඔවුන් චෝදනා කලා
මම ඉංග්‍රීසි ජාතිකයෙක් නොවුන නිසා මාව මහත්මයෙක් වගේ නෙමෙයි නිකම් සේවකයෙක් ලෙසයි ඔවුන් දැක්කේ
"ඔබට කිසියම් බලපෑමක් කරන්න බැරි උනාද ඔබයි තේ වගාව ආරම්භ කලේ ඔවුන් සියල්ල ආදායම් උපද්දවන්න ගත්තෙ ඔබනිසා"
"වැඩක් නෑ මහත්මයා මම තේ වගාව ආරම්භ කලාට මට ඒකෙ අයිතියක් නෑ. මම වතුසමාගමේ සේවකයෙක් උනා පමණයි මට පේටන්ට් එකක් නෑ මම මේ මුලු තේ රාජධානියම ගොඩනැගුවත් නීත්‍යනුකූලව මට සත පහක් අයිති උනේ නෑ අඩු තරමේ තේ වගාවේ ආරම්භකයා කියන තත්වය දෙන්නවත් තේ වගාකරුවන් හෝ ඉංග්‍රීසි යටත්විජිත ආංඩුව උනන්දු උනේ නෑ.
ටික කාලයක් යනකොට මුලු උඩරට කදුකරයම තේ වලින් වැහිල යද්දී තේ විශාල ආදායම් උපදවන වගාවක් බවට පත් උනා ඔන්න එතකොට විශාල කොම්පැනි මේ තරගකාරී වෙළඳාමට ආවා ලංඩන්වල ධනවත් ආයෝජකයෝ උඩරට වතුයායවල් මිලදීගෙන හැමදේකම පාලනය අතට ගත්තා ඔවුන්ට මගෙන් වැඩක් නැතුව ගියා මේ වගේ විශාල ආදායමක් සහ කීර්තියක් තියන ව්‍යාපාරයක ගෞරවය ඔවුන් අකමැති ස්කොටිශ් සේවකයෙකුට දෙන්න ඔවුන් කැමති උනේ නෑ"
"අවසානයේ ඔබට වතුයායෙන් ඉවත්වෙන්න බලකරල පසුව ඔබව රැකියාවෙන් දොට්ට දාපු බව තමයි මම අහල තියෙන්නෙ"
ඔව් මම මේ සුන්දර රටට ආවට පස්සෙ මගේ නියම මව්බිම මේක කියල මට දැනුනා මම මේ රටේ මිනිස්සු එක්කයි හිටියේ.. මගේ හම සුදු උනාට මමත් දුප්පත් පව්ලක මිනිහෙක් මම සිංහල දෙමළ මිනිස්සු විදින දුක දැක්කා මම ඔවුන්ට කරුණාවන්ත උනා ඉතින් වතු පරිපාලනය මට චෝදනාකලා මම සේවකයන්ට මෘදුව කරුනාවන්තව සැලකීම නිසා අනිත් වතු පරිපාලකයෝ ඔවුන්ව සූරාකන බව ඔවුන් හිතනවා කියලා
මිනිසුන් සමග මගේ තිබ්බ සබඳතාවය ඔවුන් රිස්සුවේ නෑ ඒක ඔවුන්ට අනතුරක් ලෙසයි ඔවුන් දැක්කෙ
"ඔබ සේවකයන්ගේ සුභසාධනය ගැන සොයාබැලූබවත් ඔවුන්ට වැඩ කිරීමේදී විවේකයක් දුන් බවත් සාධාරන වැටුපක් ඔවුන්ට ලැබිය යුතුබවත් මානුශීයව වැඩකිරීමේ අවස්ථාවක් ඔවුන්ට ලැබිය යුතුයැයි සිතූ බවත් එමනිසා ඉංග්‍රීසි පාලනාදිකාරය ඔබ සමග උරන වූ බව අසා තිබෙනවා එය ඇත්තක්ද?"
ඔව් අනිත් වැවිලිකරුවන් සහ යටත්විජිත අදිකාරීවරුන්ගේ ක්‍රමය උනේ ඔවුන්ව දැඩිව සූරාකමින් දැඩි පාලනයකින් තබාගන්න මම ලෙඩ වෙච්ච අයට සනීපවෙනතුරු විවේකයක් දුන්නා,පිරිසිදු ජලය සහ ආහාර ඔවුන්ට ලබාදෙන්නැයි ඉල්ලීම් කලා මම කිසිදා ඔවුන්ව නරක විදිහට මෙහෙයවෙව්වෙ නෑ ඔවුන් මත මිනිසෙකුට නොකලැකි අදික වැඩ පැටෙව්වෙත් නෑ ඔවුන් අතර වෙච්ච ආරවුල් කතාකරල විසදුවේ කිසිම දඬුවමක් නොකර හැබැයි ගොඩාක් වැවිලිකරුවෝ කලේ මේකෙ අනිත්පැත්ත ඔවුන්ට මාව එපා උනා
ඔවුන් නිතරම කිව්වේ
"සේවකයින් පාලනය කල යුතුයි ඔවුන්ට කරුනාවෙන් නොසැලකිය යුතුයි"
ඒත් මම කිව්වේ
ප්‍රීතිමත් සේවකයින් හොදම තේ නිශ්පාදනය කරන බවයි
ඔවුන්ගේ ක්‍රමය වහල් ක්‍රමයක් උනා මම ඊට එරෙහිව ගිය නිසා මට අවසානේ මේ කරදරවලට මූණදෙන්න සිද්ද උනා
මම විස්වාස කලා ලාභය සම්පූර්ණයෙන්ම ලන්ඩන් සමාගම්වලට පමනක් නොයා යුතුබවත් සේවකයින්ට ගරුත්වයක් සහ සාධාරන ජීවිතයක් ලැබිය යුතුබවත් වතුයායක් යනු එක් සමාජයක් මිස ෆැක්ටරියක් නොවන බවත් සහ නිශ්පාදන ඉලක්කවලට වඩා මිනිසුන් වැදගත් බවත්.
ඉතින් ඔවුන්ට මාව පෙනුනේ විප්ලවකාරයෙක් වගේ ඔවුන්ට ශ්‍රමය කියනදේ හරි ලාභ දෙයක් වෙලා තිබ්බෙ මම ශ්‍රම සූරාකෑමට එතරම් කැමති උනේ නෑ
"ඉතින් ඔබේ මිතුරා තෝමස් ලිප්ටන්ටවත් බැරි උනාද ඔබට පිහිටක් වෙන්න"
ඔහු උත්සාහ කලා ඒත් විශාල බලයක් තිබූ වැවිලි කරුවන් ඔහු කියනදේට සවන් දුන්නෙ නෑ අනෙක් අතට ලංකාවෙ තේ නිසා ඔහු ලෝකේ කීර්තිමත් කාර්‍යබහුල පුද්ගලයෙක් බවට පත් උනා ව්‍යාපාර මුදල් කීර්තිය මැද ටිකින් ටික ඔහුටත් මාව අමතක උනා"
"ඒ කියන්නෙ ටේලර් මහත්තයා.. තේ හැමෝටම ධන උල්පතක් වෙද්දි ඒක පාදපු ඔබව කාටත් අමතකවෙලා ගියා"
ඔව් එහෙම උනා අන්තිමට ඔවුන් මට ලිපියක් එව්වා මට සියලු දේ බාරදීල වතුයායෙන් ඉවත්වෙන්න කියල මම සේවකයින්ට මෘදුලෙස කරුණාවන්ත ලෙස සැලකීම ආයතනයට ගැටලු ඇතිකරන බවට ඔවුන් මට නිතරම චෝදනා කලා
මගේ මුලු ජීවිතයම කඩාවැටුන වගේ උනා මගේ ජිවිතයම උනේ මේ වතුයාය මගේ ජීවිතය දියකලේ මේකට මේ මගේ මව්බිම මම ලංකාවට ආපු දා ඉදං කිසිදාක ආපහු මගේ රටට ගියේ නෑ..
ඉතිං මං කොහේ කියල යන්නද?
මම ජීවත් වෙච්ච බංගලාව නැවත බාරදෙන ලෙසත් වතු අධිකාරී තනතුරෙන් ඉවත්වෙන ලෙසත් තේ කර්මාන්තශාලාවේ කටයුතු අත් හරින ලෙසත් එම ලිපියෙන් නියෝග කොට තිබුණා හතලිස් වසරක් මා කල සේවයට ස්තූති කිරීමක් හෝ එහි තිබුණේ නෑ.
මට කරන්න කිසිදෙයක් තිබ්බෙ නෑ විශාල ඉංග්‍රීසි කොම්පැනි එක්කවත් යටත්විජිත රජය සමගවත් හැප්පෙන්න මට පුළුවන්කමක් තිබ්බෙ නෑ
"ඉතින් ඔබ මොකද්ද කලේ ඊට පස්සෙ'
ඔක්කොම අතහැරල මම ලූල්කඳුර වතුයායෙ මායිමක තියන පුංචි ගේ කෑල්ලක පදිංචියට ගියා මට වැටුපක්වත් කිසිදෙයක් ලැබුනෙ නෑ අන්තිමට ඉංග්‍රීසි වතු පාලනය විසින් ලංකාවෙ මම තේ වගාව පටන්ගත්ත වතුයායට ඇතුල්වීම පවා මට තහනම් කලා ...
හදවත ඊයම්බරු එල්ලුවාක් මෙන් බරවී මගෙ දෙනෙතට කඳුලු කැට දෙකක් ආවෙ මටත් නොදැනීමයි....ඉතින් එතනින් එහාට මම ඔහු එක්ක කතාකරන්න ගියේ නෑ....
ඔහුව සේවයෙන් පහ කරල අව්රුද්දකට විතර පස්සෙ 1892 මාර්තු මස 2 දා ලූල්කඳුර වතුයායේ මායිමක ඉදිකළ කුඩා ගේ කෑල්ලක ඔහු මිය යන්නෙ ඉංග්‍රීසීන් විසින් අතහැර දැමූ කිසිවක් හිමි නැති අන්ත දිලින්ඳෙක් ලෙසයි එවකට ඔහු 57 වැනි වියේ පසු උනා..
ඉංග්‍රීසි වතු පාලනාධිකාරිය විසින් තම නිවසින් පන්නාදැමීමෙන් ඇතිවූ ආතතිය නිසා වෙහෙසට පත්වීමෙන් ඔහුගේ රෝග තත්වය උත්සන්නවී ඔහු මියගොස් තිබෙනවා
ඔහු වැඩිපුර කතා නොකල පරිසරයට ආදරය කල නිහඩව සිටීමට ප්‍රියකල පූජකයෙකුමෙන් තම දිවිය ගතකළ තැනැත්තෙක් බව ප්‍රසිද්ද කරුනක්.
අවසාන කාලෙ ඔහුගේ හිතවත් සිංහල දෙමළ සේවකයින් ඔහුව රැකබලාගත්ත බවත් ආහාර පිළියෙළ කොට දුන් බවත් ඔහු හා ඇසුරට වතු පාලනාධිකාරිය විසින් සේවකයින්ට බදා පමුණුවා තිබුණත් ඔවුන් ඔහුට කලහැකි සත්කාර සියල්ල කල බවත් සදහන්.
ඉංග්‍රීසි පාලනාධිකාරිය ඔහුගේ මරණය ගනන් ගත්නේවත් නැහැ
ඔහු මියගියාට පසු ඉංග්‍රීසින් විසින් ඔහුගේ මරණය පිලිබදව කිසිම නිල නිවේදනයක් ගෞරවයක් හෝ උත්සවයක් පවත්වනු ලැබුයේ නැහැ
ඔහුගේ අවංමගල්‍යයට සේවකයින් සහභාගීවීම පවා පාලනාදිකාරියවිසින් වළක්වනු ලැබුවා
අවසන මේ උතුම් මිනිසාට ආදරය ගෞරව දැක්වූ සිංහල සහ ද්‍රවිඩ මිනිසුන් විසින් ඔහුගේ දේහය මහයියාව සුසානභූමියට රැගෙනගොස් අවසන් කටයුතු සිදුකොට තිබෙනවා ඔහුගේ සේවකයින් විසිපස්දෙනෙකු මාරුවෙන් මාරුවට ඔහුගේ දේහය ලූල්කඳුරේ සිට නුවර මහයියාව දක්වා සැතපුම් දහ අටක් (29 කිලෝමීටර් )කරමතින් රැගෙනගොස් ඇති අතර උදෑසන ලූල්කඳුරෙන් පිටත්වූ ඔවුන් මහයියාවට එනවිට සවස හතර පමණවී තිබෙනවා
මළසිරුර සකස් කිරීම මිනීපෙට්ටිය සෑදීම සියල්ල කරනු ලැබූයේ ඔහුට ආදරය කල සේවකයින් විසින්මයි වැවිලි සමාගම වෙනුවෙන් හෝ යටත්විජිත රජයෙන් හෝ කිසිදු නිලධාරියෙකු ඔහුගේ අවසාන කටයුතුවලට සහභාගීවී නැහැ ඔහුගේ දේහය මහයියාවේ සුසාන භූමියේ මිහිදන්කලබව වාර්තා ඇතත් ඔහුගේ දේහය වලදැමූ නිශ්චිත ස්ථානයක්වත් සොයාගැනීමට නැහැ කිසිදු වාර්තාවක එය සදහන් කොට නැහැ
ඉංග්‍රීසීන් කොතරම් තුච්චලෙස ඔහුට සැලකුවේදයත් ඔහුගේ මරණය පිලිබද උත්සවයක් තබා වාර්තාවක් හෝ ඔවුන් විසින් තබා නැහැ
ඉංග්‍රීසින්ට අවශ්‍ය වූයේ ඔහුගේ නම ඉතිහාසයෙන් මකා දැමීමටයි..
මේ රටට මේ රටේ මිනිසුන්ට ආදරය කල ඒ නිසාම ඉංග්‍රීසීන්ගේ වෛරයට පාත්‍රවූ අද පවා රටට ආදයම් ලබාදෙන රටට කීර්තියක් අත්කොට දුන් තේ වගාව ආරම්භ කල ඒ මිනිසාට ඉතිහාසයේ හිමි නියම තැන හිමිවනුයේ ලංකාවට නිදහස ලැබීමෙන් පසු ලංකා ආංඩුවක් යටතේ වීම විශේෂත්වයක්.
ටේලර්ගේ මරණයට සුලුකලකට පෙර ස්කොට්ලන්තයේ ඔහුගේ මිතුරෙකුට ලියූ ඔහුගේ අවසන් ලිපිය ඔහු ලියන්නේ යටත් විජිත වතු අදිකාරීවරයෙකු ලෙස නොව ලංකාවට ගැඹුරින් ආදරය කල මිනිසෙකු ලෙසය.
එහි කොටස් කිහිපයක් මෙසේ දැක්විය හැක.
"මගේ කිසි තරහක් නෑ වෙහෙසට පත්වීමක් පමණයි තියෙන්නෙ මොකද අස්වනු නෙළන අය දන්නෙ නෑ කව්ද වැපුරුවේ කියල"
"ඔවුන් මගෙන් මගේ නිවස උදුරාගත්තා
නමුත් මේ රටට මගේ ඇති ආදරය උදුරාගන්න ඔවුන්ට බැහැ"
"ස්කොට්ලන්තය මට උපත දුන්නා නමුත් මට ජීවය දුන්නෙ ලංකාව"
"ලෝකෙ කොහේවත් කඳු ලංකාවෙ තරම් කොලපැහැනැහැ ලෝකෙ කොහේවත් උදෑසනවල් ලංකාවෙ තරම් නැවුම් පිරිසිදු නෑ"
"මෙහි මිනිසුන් සරල වගේම උනුසුම් හදවත් ඇතියවුන් මම ඔවුන්ගෙන් ලැබූ කරුණාව මගේ රටේ මිනිසුන්ගෙන් නොලැබුයෙමි"
"මෙහි සියලුම තේ වතු මට තාත්ත කෙනෙකුට දරුවෝ වගේ..මම ඒවෙනුවෙන් ජීවිතයම දීල තියනවා පෙරලා මට කිසිවක් නොලැබුනත් මට සාමකාමී ජීවිතයක් ලැබුනා"
දිනෙක ලූල්කඳුර වතුයායට යන්න ඔහු අවසන් කාලය ගතකළ කුඩා නිවෙසේ නටඹුන් සහ ඔහු බීමට ජලය ගත් කුඩා ලිද ළඟ මොහොතක් ගතකොට ඊට පිටුපසින් ඇති ගල්තලාවට නැග ඔහු ඉතා ප්‍රියකල දර්ශනය නරඹන්න
හොද හුස්මක් ගන්න මොහොතක් දෑස්පියාගන්න ඔබ ඔහුව දකිනු ඇත.
@highlight
A day in the life

2025-10-31

ගෝඨාභය


ගෝඨාභය සැබෑ නායකයෙක් ද?.....

නායකත්වය ගැන මම අහලා තියෙන හොඳම කියමන තමයි “You're not really a leader until you've lost.” “ඔබ පරදින තුරු ඔබ සැබෑ නායකයෙකු නොවේ.” මේක මම ඇහුවේ The Core නමැති විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ දෙබසක. මේ කියන්නේ කුමක්ද? මේ වැකියෙන් කියවෙන ගැඹුරු අර්ථය කුමක්ද?
අපි සාමාන්‍යයෙන් හිතන්නේ හැම වෙලාවෙම දිනන කෙනා තමයි නායකයා කියලයි. එහෙම තමයි අපව කුඩා කල ඉඳලා හදන්නේ. පන්තියේ පළමු වැනියා තමයි නායකයා. ක්‍රීඩා පිටියේ දුවලා දිනන කෙනා තමයි නායකයා. කථික තරගවලින් දිනන කෙනා තමයි නායකයා. ඒ නිසා සමාජයේ බොහෝ අය හදන්නේ කොහොම හරි දිනන්න. ආයතනයේ ලොක්කා වෙලා දිනන්න. ජනප්‍රියම නළුවා වෙලා දිනන්න. 
නමුත් ඒ දිනනවා කියන්නේ පුද්ගලික දෙයක්.

මේක තේරුම් ගන්න පුළුවන් සරත් ෆොන්සේකා කියන චරිතය දෙස බැලීමෙන්. ඔහුම නිතරම කියන හැටියට ඔහුට ඕනා හැම වෙලාවෙම දිනන්න. ඔහු කිසිසේත්ම පරදින්න කැමති කෙනෙකු නොවෙයි. අද වනවිට සම වැහැරුණු මහල්ලෙකු වුවත් ඔහු ඉතාම තරගකාරියි. ඔහුට වැදගත් වෙන්නේ එකම දෙයයි. ඒ තමයි ඔහුගේ පුද්ගලික දිනුම. ඔහු කතා කරන්නේ “මම”, “මම” සහ “මම” ගැනම විතරයි. සරත් ෆොන්සේකා වැරදිලා හරි ජනාධිපතිව සිටි අවස්ථාවක ඊනියා අරගලය වගේ දෙයක් වුනා නම් මේ රටට කුමක් වෙලා තියෙයිද කියා අපට හිතා ගන්න පුළුවන්. 
මට මතකයි ෆොන්සේකා කිසියම් අවස්ථාවක කියනවා යාපනයේ හිරවී සිටි හමුදා කණ්ඩායමක් මුදවා ගැනීමට ගෝඨාභය සහ ඔහු කළ මෙහෙයුම ගැන.
ඔහු එහිදී කියනවා ගෝඨාභය සහ ඔහු එකල සමාන නිලයේ හමුදා නිලධාරීන් හැටියට එකිනෙකා අතර තරගයක් තිබුණාය කියා. ගෝඨාභය ඉදිරියට යනකොට ඊට නොදෙවෙනිව ෆොන්සේකාත් ඉදිරියට ගිය හැටි ඔහු කියනවා. ඒ තමයි අර දිනන්න තියෙන දැඩි උවමනාව. තරගකාරී ස්වභාවය. 
ඒකත් අවශ්‍යයි. 
නමුත් අර හිරවෙලා ඉන්න මිනිස්සු බේරා ගන්නවාට වඩා ඒ බේරාගැනීම තමන් විසින් කිරීමෙන් ලබන දිනුම තමයි එතැනදී ඉස්මතු වෙන්නේ. අර චිත්‍රපටයේ සංවාදය පටන් ගන්නේ “Being a leader isn't about ability. It's about responsibility.” “නායකයෙක් වීම යනු හැකියාව පිලිබඳ දෙයක් නොවෙයි. එය වගවීම පිලිබඳ දෙයක්.” යුද්ධයේ අවසාන සටනට ඒ දෙන්නාම නැවත සම්බන්ධ වීම අහම්බයක් නොවන කර්ම විපාකයක්. ෆොන්සේකා යුද්ධය දිනනවා. ගෝඨාභය යුද්ධය අවසාන කරනවා.

ගෝඨාභයටත් දිනන්න ඕනෑකම තියෙනවා. ඔහුත් පරදින්න කැමති කෙනෙකු නොවෙයි. නමුත් වර්ෂ 2015 න් පසුව මා නිරීක්ෂණය කළ දෙයක් තමයි ඔහුගේ ඒ කෙසේ හෝ තමන් දිනන තරගකාරී ගතිය ක්‍රමයෙන් අඩුවෙලා පරිණත මිනිසෙකු බවට පත්වෙන ආකාරය. ජීවිත කාලයක් ලද මහා අත්දැකීම් සහ පතපොත කියවීමෙන් ලද දැනුම වගේම ඒ සියල්ල දෙස නිවී හැනහිල්ලේ අවලෝකනය කිරීම එයට හේතු වන්නට ඇතැයි මා සිතනවා. මිනිහෙක් වයසට යනකොට තමයි ඒ රිෆ්ලෙක්ෂන් එක කරන්න නිදහස ලැබෙන්නේ. 
ගෝඨාභය රාජපක්ෂ ජනරජයේ ජනපති වීමට වඩාත්ම සුදුස්සා කියා මා එදා කීවේත් අද කියන්නෙත් ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය මතයි. මොකද කෙසේ හෝ දිනන ස්වභාවය තියෙන කෙනෙකු රාජ්‍යයක නායකයා වීම ඉතාම භයානක දෙයක්. අවස්ථාව පැමිණි විට තමා පරදින තීරණය ගන්න බැරි නම් ඔහු සැබෑ නායකයෙකු නොවෙයි. 

මොකක්ද ඒ තීරණාත්මක අවස්ථාව?

ඊනියා අරගලය මුලදී හෝ මැදදී හෝ අගදී හෝ හමුදා බලය යොදා පාලනය කළා නම් එය නොනවතින භීෂණ රැල්ලක් බවට පත් වෙනවා. එහෙනම් මේ රට දැන් අමු සොහොනක්. ඒකම තමයි ජවිපෙ/පෙසප, කාඩිනල් සහ කොටි ඩයස්පෝරාව ඇතුළු වෛරයෙන් පිරුණු සතුරාටත් ඕන වුණේ. ඒ අවබෝධය තියෙන්නේ එවැනි ව්‍යසනයක් සැබැවින්ම අත්විඳපු අයට පමණයි. 87/89 අවිචාර සමය විකසනය වූ ආකාරය ගැන ගෝඨාභය මහතා මා සමග පැය ගණන් කතා කරලා තිබෙනවා. පොහොට්ටුවේ ආවේගශීලී අපරිණත ඇතැමුන් හරි ලේසියට කියනවා “ගහන්න තිබුණා” කියා. නමුත් පරිණත මනුස්සයාට පේනවා එහි විපාකය. සැබෑ නායකයාට එතැනදී ගන්න වෙනවා ඉතාම අපහසු තීරණයක්. 
අර චිත්‍රපටයේ අභ්‍යවකාශ යානාව පදවන කැප්ටන් කියන්නේ “You've got to be ready to make the shitty call.” කියලයි. “ඉතාම අපහසු තීරණය ගැනීමට ඔබ සූදානම්ව සිටිය යුතුයි.” කියලා ඔහු කියන්නේ ඔහුගේ තරගකාරී දෙවැනියට.

ධූරයෙන් නික්ම යෑම ඉතාම shitty call එකක්. අතිශය බරපතල තීරණයක්. ඒක ඔහුගේ හැකියාව ගැන ප්‍රශ්නයක් ඇති කරනවා කියා ඔහු දන්නවා. නමුත් නායකත්වය කියන්නේ හැකියාව නොව වගවීම පිලිබඳ දෙයක් කියාත් ඔහු දන්නවා. ඒක ගෝඨාභය රාජපක්ෂට පුද්ගලික පැරදුමක්. නමුත් ගෝඨාභය දන්නවා ඒකෙන් ඔහු ආදරය කරන ඔහුගේ රටට වෙන්න යන මහා විනාශයක් ඔහු වළක්වනවා කියා. 
ඒක තමයි ඔහුගේ අර තීරණාත්මක “අවස්ථාව”. ආත්මාර්ථය වෙනුවට පරාර්ථය අවශ්‍යම කරන අවස්ථාව. තමන්ගේ තීරණය විසින් ජීවිත බේරා දෙන මිනිසුන් ඒ බව නොදැන තමාට “දුර්වලයා” කියා බනින බව දැන දැනත් ඔවුන් වෙනුවෙන්ම අපහසුම තීරණය ගන්න වෙන අවස්ථාව.

ඒක තමයි ගෝඨාභය “සැබෑ නායකයා” වුණ අවස්ථාව...

රුක්මාල් සමරකෝන් මුණු පොතට.
- උපුටා ගැනීමකි