පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-10-07

අන්දරේ - රජවාසල


අන්දරේ රජවාසලට සේවය කරමින් වාසල ඇසුරේ පදිංචි කාරයක් බවට පත්විය.
උපන් ගෙයිම කවියෙක්වු ඔහු පොතපතින් නොව පරිසරයෙන් ස්වභාවධර්මයෙන් හා ජණ සමාජයේ ඇසුරෙන් අත්දැකීම් වඩවා ගෙන වියතෙකු බවට පත්වීය.
ඔහුගේ නිර්මාණ මානව දයාවෙන් යුක්ත විය. 
උපහාසාත්මක විය.

රජතුමාගේ “ කවි කාර මඩුවේ තවත් කවියන් කිහිපදෙනෙක්ම සිටියේය. මුං කොටුවේ රාළ , වඩුගොඩ කවියා සහ කැකිරි ගමයා වැනි කවීන් අන්දරේගේ සමකාලීන කවියන්ය.
දිනක් රජු තේරවිල්ලක් ඉදිරිපත් කොට එය තෝරන්නැයි මේ කවීන්ට දන්වා සිටියේය.
තේරවිල්ල මෙසේය.


දාර දෙකයි එක තැන මුල්කර තැනුවා

පාර තිහක් ගැසුවත් බයකුත් නැතුවා

කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා

තෝරාපන් ඊයේ මගදී දුටුවා

කවියෝ දස අතේ කල්පනා කරමින් සිටින විට අන්දරේ කවි පද හතර තෝරා දුන්නේ මෙසේය.

දාර දෙකයි එක මැද එය             ගැවසීය
වටපිට යන කලට කණු සතරෙන්         යාය
ගෙට වැඩි කළට කිසි බයකුත්         නැතුවාය
මට දැනෙනා ලෙස මහරජ             ඉබ්බාය


“මහ රජ ඉබ්බාය “ යනුවෙන් අවසන් පදයෙන් අන්දරේ හීන්සීරුවේ රජුට උපහාසයක් ද එල්ල කළේය.
පසු කාලයේ කැකිරි ගමයා හා එක්ව අන්දරේ කී පරහු කවි සංවාද (පිළිතුරු කවි) අපේ ජනසාහිත්‍යයේ විශිෂ්ට පරිකල්පනයකින් යුක්ත කවි වර්ගයක් ලෙස සැලකේ.
කවිවැල් අන්දරේ ලෙස අන්වර්ථ නමකින් ඔහු හැඳින්වූයේ එක දිගට කවි ගෙතීමේ තිබූ අපූරූ හැකියාව හේතුවෙනි. හිටිවන කවි, වස් කවි, සෙත් කවි, ශෘංගාරාත්මක කවි ආදී ඕනෑම කවියක් අන්දරේට සැණින් පබැඳිය හැකිව තිබුණි.

තවත් දිනක් රජු සිය වාසළ කටයුතු හමාර කරමින් පැමිණ සිටි රාජ අමාත්‍යාදීන්ට අපූරු යෝජනාවක් ගෙන ආවේය.
රාජ සභාවේ සියළු දෙනා පසුදා එනවිට බොරුවක් ගොතාගෙන ආ යුතු අතර,
ලොකුම බොරුවට ත්‍යාගයක් ද දෙන බවට රජු සැල කළේය. පසුදා රාජ සභාවට පැමිණි සියල්ලෝම ගොතා ගෙන ආ බොරු රජුට සැල කළ නමුත් ඒ කිසිවකින් රජු සෑහීමකට පත් නොවීය.
අවසානයේ අන් අයගේ බොරුවලට සවන් දෙමින් සිටි අන්දරේ නැගිට තමාට බොරුවක් කීමට උවමනා බව රජුට පැවසීය. අවසරය ලැබිණි.

රජකම් කළත් ඉඳගෙන සිහසුනක                 මත
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට         හිත
ඔබ මෙන් කුහක නින්දිත අධමයකු             කැත
මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක             නැත


රජුගේ පාලන තන්ත්‍රය සෘජුවම උපහාසයකට ලක් කරමින් අන්දරේ සිය බොරුව කවියෙන් කීය.
රාජ සභාවම තුෂ්ණිම්භුත විය.
රජුගේ කටයුතු විචාරයට ලක් කිරීම හෝ රජුට අවමන් කිරීම එකල සිදු විය නොයුත්තකි.
සියල්ලෝම බලා සිටියේ අන්දරේට මරණ දඩුවම ලැබෙන තෙක්ය.
එහෙත් රජු සිනාසී හොඳම බොරුව අන්දරේ කී බවට පිළිගත්තේය. 
ත්‍යාගය ලැබුණේ අන්දරේටය'

තවත් දවසක්‌ රජතුමා ඇමැතිවරු හා අන්දරේ සමග ඇතුපිටින් සංචාරයක යෙදෙමින් සිටියහ.

රජතුමා ගසකින් කොලයක්‌ කඩා ඇමැතිවරුන්ට දී මෙම කොලය උරූලෑ ගඳ යෑයි කීය. ඇමැතිවරු ද එම කතාව අනුමත කරමින් “ඔව්“ යෑයි කීහ.
“ රජු යමක් කීව විට එය එසේයයි කීම හැර ඇත්ත කුමක්දැයි පහදා දීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත. සීතාම්බර පට සළුව පැළද නිරුවතින් ගිය රාජ්‍ය පාලකයින් ගැන අප අසා ඇත.
දැනිදු එසේමයත
මෙතනදීම සිදුව ඇත්තේ එවන්නකි.

රජු “උරුලෑ ගදයි “ කී විට එය අනුමත කලා මිස ඇත්ත පහදා දීමට එකග නොවීය.
අදත් එහි වෙනසක් නැත. පාලකයෝ දෙසාබාන්නේ දේව වාක්‍යයන්ය.
අන්දරේ කොලය ගැන යථාර්ථය පලකලේය.
“ රැළියට දිය රැගෙන යන තෙප්පම ලුද්ද
නිරිඳුට අනුව පවසති බොරුකර සද්ද “
කියමින් ඇමතියන්ද රජුද උපහාසයට පත්කලේය.

රැළියට දිය රැගෙන යන තෙප්පම             ලුද්ද
නිරිඳුට අනුව පවසති බොරුකර             සද්ද
කෙළියට නමුත් බොරු කීකල පව්             නැද්ද
ඇතෙකුට උඩින් යන උරුලෑවෙක්‌             ඇද්ද



එක් දිනක් ඉන්දියාවෙන් පැමිණි බමුණු පඬිවරයෙක්‌ රජ වාසලට පැමිණ රාජ සභාවේ පඬිවරු සමග ශාස්‌ත්‍රීය සාකච්ඡාවක්‌ කිරීමට කැමති බව පැවැසීය.
රජතුමා තම පණ්‌ඩිතවරුන්ට ඒ බව දැන්වීය.

ඔවුන් අදිමදි කරමින් පසුබාන විට අන්දරේ තනිවම ඊට කැමැති විය.
නියමිත දින ඉන්දියානු පඬිවරයා රජවාසල පැමිණියේය.
අන්දරේ ඔහු පෙර මගදී මුණ ගැසීමට සැලසුම් කරගෙන ඉරට මිටියක්‌ මීහරක්‌ හමක ඔතාගෙන කරපිට තබා ගෙන ඉදිරියෙන් ගමන් කලේය. ඉන්දියානු පඬිවරයා අන්දරේගෙන් ඔය පොත මොකක්‌ දැයි ඇසීය.
ඊට පිළිතුරු දුන් අන්දරේ “මෙයට තමයි කියන්නේ මහීෂ චර්ම බන්ධන ඉරට්ට පුස්‌තකම්" යයි කීය.

මෙබඳු පොතක්‌ ගැන කවරදාකවත් අසා නැති ඉන්දියානු පඬිවරයා සාකච්ඡාවට ගියහොත් තමා පරාජය වේ යෑයි සිතා සාකච්ඡාව මගහැර ගියේය. 
අන්දරේ ගෙන ගියේ “ මීරහක්‌ හමෙන් වැසුණු ඉරටු මිටියකි “ .
වාද විවාද නොකර අන්දරේ ජය ගත්තේය.

අන්දරේ “ සීනි කෑ හැටි “ රජතුමාට තම බිරිය හදුන්වා දීමට එක්කර ගෙන ගොස් වාසල ඇති කල අල කලංචිය , දේවීන් වහන්සේ සැඩොල් කෙල්ලක් බවට පත් කල හැටි,ප්‍රකට වෘතාන්තයන්ය.
ලෝකයේ මැද .........අර කන්දේ තියන පස්කුඩා ගනන වැනි මුකරි විසදුම් ඕනැ තරම් අන්දරේ ගේ කතා සමග අපට සිහිපත් වන්නේය.

න.ණ පටලවා ජනතාවත් රජතුමාත් අසරණ කල කතාවකින් රජවාසලින් දැනට සමුගමු.

වාසලට අයත් නින්දගම් වලින් ( රජයේ ඉඩම් ) අස්වනු නෙලපුවම රාජ්‍ය භාගය ගෙවන එක සිරිතක්.
එක් කන්නයක තණ වගා කරලා තිබුන ගම්වරයක රාජ්‍ය පංගුව එක්රැස් කරගෙන එන රාජකාරිය අන්දරේට පැවරුනා.
රජතුමා ගමන පිටත් වෙන්න පෙර අන්දරේට කතා කරල අහනව "අන්දරේ උඹට තණ මනින්න පුලුවන්ද?" කියලා .
අන්දරේත් පුලුවන් කිව්ව.."එහෙනම් ගිහින් අහවල් ගමේ තණ මැනගෙන ඇවිත් මට ගාන කියපන්.."

ඔන්න ඉතින් මේ ගමේ අස්වනු මනින්න අන්දරේ යනවා.
අන්දරේ යමින් ගමන් මගදිම පොල් අත්තකින් ඉරටු මිටියකුත් කඩා ගත්ත.
අන්දරේ ගමට යද්දි අස්වනු නෙලනව.
අන්දරේ කවියකුත් කියාගෙනම ගොවිපලවලට යනවා .


කොට දිග මහත රවුමට උල් වෙච්ච         තන
ගැට වට අලුත් හා කල්ගිය පරණ             තන
මට මැන ගන්න මහරජුගෙන් ලැබුණි         අණ
පොට ඹසරිය මෑත්කර පෙන්වන්න             තන

අන්දරේට තන-තණ මාරු වුණා.
රජ අණනෙ ගෙවිලියනුත් ඉතින් අකමැත්තෙන් උනත් තන මනින්න අන්දරේට ඉඩ දුන්න.
අන්දරේ එක එක පියවුරේ දිග ප්‍රමාණයට ඉරටු වලින් කඩාගත්ත.
මේ ටිකත් අරන් රජ වාසලට ගිය අන්දරේ ඉරටු මිටිය රජතුමාට දුන්නා.

“අනේ රජතුමනි එතන එක එක ප්‍රමාණයේ තන තිබුණා.
ඔන්න මං බොහොම අමාරුවෙන් සේරම මැන ගෙන ආවා .
රජතුමාට තේරුණා කට වරද්ද ගත්ත බව.

ආපහු වෙනත් රාජ පුරුෂයෝ ටිකක් ඇරලා අස්වැන්න එකතු කරගන එන්න රජතුමාට සිද්ද වුනා.


A day in the life

2025-10-06

අන්දරෙයි - කාන්තාවොයි.




අතීතයේ සිටම සෞන්දර්යාත්මක රසකාමීන්ගේ වර්ණනාවට කාන්තාව වස්තු විෂයයක් විය. 
ගිහි රසවතුන් මෙන්ම පැවදි උතුමෝද ස්ත්‍රීන් අපුර්වතම උපමා එක් කර වර්ණනා කර ඇත. 

සැලලිහිණි කාව්‍ය ප්‍රබන්ධයේ -

සිසි වන වුවන ඉග සුග ගත හැකි         මිටින 
නිසි පුළුලු’කුල රිය සක’යුරු තිසර         තන 
දිසි රන ලියෙ´ව් රූ සිරි යුත් මෙ             පුරගන
ඇසි පිය හෙළන පමණින් නොවෙති         දෙවඟන

සඳ වැනි මුහුණ ඇත්තා වු 
අත් මීටින් අල්ලා ගැනීමට හැකි තරමට සිහින් වූ ඉඟටිය ඇති
රථරෝද මෙන් පළල් උකුළු පෙදෙස් ඇත්තා වූ, 
තිසරුන්  වැනි පිරුණු පයෝදර ඇති, 
දිව්‍යාංගනාවන් මෙන් දිස්වන රුපශ්‍රීයෙන් යුතු වූ මේ පුරයෙහි කාන්තාවෝ 
නොවන්නේ ඇසි පිය හෙළීමෙන් පමණෙකි. 
-තොටගමුවේ රාහුල හිමියන් කාන්තාව දුටුවේ එලෙසින්ය.

අන්දරේද කාන්තාව සමහර අවස්ථාවල උපහාසයට පත්කලේය . 
සමහර අවස්ථාවල වර්ණනාවට පත් කලේය.
 
මග තොටදී හමුවු  රුවැත්තියක් පිලිබව අන්දරේගේ සිතිවිලි 
වර්ණවත් වෙන්නේ මෙසේය.

“රන් වන් එරන් වන් රන්වන් රන      රුවට
නිල්වන් වරල පීරාලා පිට             දිගට
රන්වන් වළලු දමමින් කළය             වට
සෙල්ලම් ගමනින් යනවද ළිද         ලගට

සදක් මෙන් මුහුණ ඇගේ රූසිරි         සමන
ළදක් වෙන නුදුටිවෙමි මේ මුළු         දෙරණ
මොලොක් මට සිළුටු ගත ඔපළු         විලස
මලක් මෙන් ළපටි රතු පාටින         සොබන

සවන පිනන ළද බොළද                 සුමිරිය
බදින සිතු බදේ ඈ වෙත වී             සිරිය
කුමන ලෙස මැවීදෝ සුරගන             සරිය
වෙන නැත සිතන්නට ඇගේ රූ             සිරිය


අන්දරේ තරුණ කල තමන් ආදරය කරන ලද යුවතියක අහිමි විය.
ඒ විරහව කවි කලේ
ඔහු ඇලුම් කරන ලද ඇයගේ රූ සිරිය අගේ කලේ මෙලෙසින්ය.

“වතට ලවනතට නුඹ බලන                 බැල්මට
වරලට ගෙලට නළලට නාසිකා                 වට
ගමනට බසට නුඹ හට ලොබ කළ             මෙමට
කුමකට කියමි නිදි නැත රැය තුන්             යමට “


ඔහු විවාහ විය . 
තරුණ කලම එම විවාහය බිරිය අකාලයේ මිය යාමෙන් අවසන් විය.
බිරිදගේ අභාවයෙන් ඔහු වේදනාවටත් සිත්තැවුලටත් පත්විය. 
මැව්ම් කාර බඹාට ද  දොස් පවරමින් කල කවිය මෙසේය.

“පටුවන් නළල දිලිසෙන සුරතල්             දිගැසේ
බටුවන් සුරඟනන් පරදින මැණික             යසේ
කෙටුවොත් බඹා පල නැති ලෙස මගේ         හිසේ
දුටුවොත් යම් දිනක මම කොටමි උගෙ         හිසේ “


දිනක් ගම්මැද්දෙන් ඇවිද යන අන්දරේ දුටුවේ නාඹර තරුණියක දොර පියන්පත් අතරින් ඔහු දෙස බලන බවයි.
ඇය දුටු  ඔහු මෙසේ කීවේය.

“ඉහළ ගෙදර වී පැදුරේ         පරෙයියා
පහළ ගෙදර වී පැදුරේ         කොබෙයියා
ටිකිරි ලියක් දොර අස්සෙන්     එබෙයියා
ටිකිරි නඟේ පියයුරු කයි     කොබෙයියා“


කාන්තාවන්ගේ රූ සපුව වර්ණනා කිරීමේදී ඔහුට සීමා මායිම් තිබුනේ නැත.
කතකට මනා රුවක් තිබේ නම් කුලය කුමකට ද ?.
අන්දරේ විමසයි.

“මහ මී කුඩා මී හිමයේ බොහොම             ඇති
කොයි කොයි මලෙත් මුත් බමරුන් රොන්     ගනිති
කොතන වුණත් හරි නෙද මැණික රුව         ඇති
රුව ඇත්නම් අඩු කුලයද කමක්               නැති “


අන්දරේ රුවැති කාන්තාවන්ව කවියෙන් වර්ණනා කරන බව දැන සිටි බිරිඳ වරක් ඔහුට චෝදනා කරන්නට විය. 
ඔක්කොටම කවි කියනවා කියනවකෝ  මටත්  කවියක් කියන ලෙස ඈ කීවේය.
අන්දරේ ඇයට මෙසේ කීවේය.

ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න         පීරනා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න             ආරනා
තන දෙස බැලිමි වැටකොළු වැන්න         එල්ලෙනා
නුඹ දෙස බැලිමි වැඳිරිය වැන්න             දලුකනා


මෙම කවිය ඇසීමෙන් මහත් කෝපයට පත් ඈ සනසනු වස්  මුවට සිනහවක් ද නගමින්  මේ  කවිය නැවත  පවසා ඇත.

ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න         පීරනා
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න         ආරනා
තන දෙස බැලිමි තැඹිලිය වැන්න         දිලිසෙනා
නුඹ දෙස බැලිමි සුරඟන වැන්න         රුසිරෙනා


අන්දරේ ඇතැම් අවස්ථාවල රජු හා රජ බිසවද උපහාසයට ලක්කරමින් කවි ගායානා කර තිබේ. දිනක් රජ කුමරිය රාජකීය උයනේ දිය කෙළියට යන විට අන්දරේගේ නෙත ගැටුණි.

රජතුමා ඒ අසල නොසිටි බැවින් රජ බිසවට සරදමක් කළයුතු බව හැඟී මෙසේ කීවේය.

“කට කැඩි කළේ දිය උකුලේ             තබාගෙන
ලොට තන දෙකක් ගෙරි සමකින්         වසාගෙන
තඹත් පිත්තලත් දෙවගේ                 පැලඳගෙන
රොඩී කෙල්ල කොයි යනවද                 උදෑසන“


කෝපයට පත් කුමරිය වහා රජ මැදුරට දිවගොස් හඬමින් අන්දරේ තමන්ට පරිභව කරමින් කවි කී බව රජතුමා  දැනුම්වත් කරන ලදී. 
ඇගේ හැඬීමත් සමග මහත් කෝපයට පත් රජු වහ වහා රාජ පුරුෂයන් යවා අන්දරේ අල්ලාගෙන එන ලදී.

රජ මැදුරට අල්ලාගෙන එන ලද අන්දරේගෙන් රජ කුමරිය පැවසූ කරුණ පිළිබඳව විමසූවේය.
එවිට ඔහු පවසා සිටියේ එවැනි අපහාසාත්මක කවියක් තමන්  නොකී බවය.
අන්දරේගේ තරම දන්වනා රජතුමා එහෙනම් තමන්  කී කවිය කියන ලෙස අණ කලේය.  
රජුගෙන් අවසරය ලද අන්දරේ පෙර කී කවිය වෙනස් කර නැවත මෙසේ පැවසීය.

“රන් කැටි කළේ දිය උකුළේ             තබාගෙන
රන් කුඹු දෙකත් සළු පටකින්             වසාගෙන
රිදී රත්තරන් දෙවගේ පැලඳ                 ගෙන
මල්මද බිසව් කොයි යනවද                 උදෑසන “


දකුණු ලක උපන් අන්දරේ කන්ද උඩරට රජ මැදුරේ සේවය කළද නිවාඩුවකට  තම ගම රට බලා යන අතර. 
දිනෙක හම්බන්තොට මලල නම් ගම්මානයේදී වෙලක පලා නෙළමින් සිටින යුවතියක දැක ,.
ඇයද   විමසිලිමත් බව අන්දරේට හැගුනාය. 
ඇයගේ රූ සපුව  වර්ණනා කරමින් ඇයගේ පහස ලබන්නට ඇත්නම් සිතා මේ කවිය පැවසීය.

පුල පුලා ඇවිත් බැස මලල             ආරට
හෙළ හෙළා බඳින වරලස පිට         කරට
බල බලා මදෙස මුවරඳ              සිනාවට
විල පලා නෙලන කත හොඳලු         පහසට


අන්දරේ සහ රජ වාසල කතා  ඊලග දවසකදී කතා කරමු. 

.