පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-10-06

අන්දරෙයි - කාන්තාවොයි.




අතීතයේ සිටම සෞන්දර්යාත්මක රසකාමීන්ගේ වර්ණනාවට කාන්තාව වස්තු විෂයයක් විය. 
ගිහි රසවතුන් මෙන්ම පැවදි උතුමෝද ස්ත්‍රීන් අපුර්වතම උපමා එක් කර වර්ණනා කර ඇත. 

සැලලිහිණි කාව්‍ය ප්‍රබන්ධයේ -

සිසි වන වුවන ඉග සුග ගත හැකි         මිටින 
නිසි පුළුලු’කුල රිය සක’යුරු තිසර         තන 
දිසි රන ලියෙ´ව් රූ සිරි යුත් මෙ             පුරගන
ඇසි පිය හෙළන පමණින් නොවෙති         දෙවඟන

සඳ වැනි මුහුණ ඇත්තා වු 
අත් මීටින් අල්ලා ගැනීමට හැකි තරමට සිහින් වූ ඉඟටිය ඇති
රථරෝද මෙන් පළල් උකුළු පෙදෙස් ඇත්තා වූ, 
තිසරුන්  වැනි පිරුණු පයෝදර ඇති, 
දිව්‍යාංගනාවන් මෙන් දිස්වන රුපශ්‍රීයෙන් යුතු වූ මේ පුරයෙහි කාන්තාවෝ 
නොවන්නේ ඇසි පිය හෙළීමෙන් පමණෙකි. 
-තොටගමුවේ රාහුල හිමියන් කාන්තාව දුටුවේ එලෙසින්ය.

අන්දරේද කාන්තාව සමහර අවස්ථාවල උපහාසයට පත්කලේය . 
සමහර අවස්ථාවල වර්ණනාවට පත් කලේය.
 
මග තොටදී හමුවු  රුවැත්තියක් පිලිබව අන්දරේගේ සිතිවිලි 
වර්ණවත් වෙන්නේ මෙසේය.

“රන් වන් එරන් වන් රන්වන් රන      රුවට
නිල්වන් වරල පීරාලා පිට             දිගට
රන්වන් වළලු දමමින් කළය             වට
සෙල්ලම් ගමනින් යනවද ළිද         ලගට

සදක් මෙන් මුහුණ ඇගේ රූසිරි         සමන
ළදක් වෙන නුදුටිවෙමි මේ මුළු         දෙරණ
මොලොක් මට සිළුටු ගත ඔපළු         විලස
මලක් මෙන් ළපටි රතු පාටින         සොබන

සවන පිනන ළද බොළද                 සුමිරිය
බදින සිතු බදේ ඈ වෙත වී             සිරිය
කුමන ලෙස මැවීදෝ සුරගන             සරිය
වෙන නැත සිතන්නට ඇගේ රූ             සිරිය


අන්දරේ තරුණ කල තමන් ආදරය කරන ලද යුවතියක අහිමි විය.
ඒ විරහව කවි කලේ
ඔහු ඇලුම් කරන ලද ඇයගේ රූ සිරිය අගේ කලේ මෙලෙසින්ය.

“වතට ලවනතට නුඹ බලන                 බැල්මට
වරලට ගෙලට නළලට නාසිකා                 වට
ගමනට බසට නුඹ හට ලොබ කළ             මෙමට
කුමකට කියමි නිදි නැත රැය තුන්             යමට “


ඔහු විවාහ විය . 
තරුණ කලම එම විවාහය බිරිය අකාලයේ මිය යාමෙන් අවසන් විය.
බිරිදගේ අභාවයෙන් ඔහු වේදනාවටත් සිත්තැවුලටත් පත්විය. 
මැව්ම් කාර බඹාට ද  දොස් පවරමින් කල කවිය මෙසේය.

“පටුවන් නළල දිලිසෙන සුරතල්             දිගැසේ
බටුවන් සුරඟනන් පරදින මැණික             යසේ
කෙටුවොත් බඹා පල නැති ලෙස මගේ         හිසේ
දුටුවොත් යම් දිනක මම කොටමි උගෙ         හිසේ “


දිනක් ගම්මැද්දෙන් ඇවිද යන අන්දරේ දුටුවේ නාඹර තරුණියක දොර පියන්පත් අතරින් ඔහු දෙස බලන බවයි.
ඇය දුටු  ඔහු මෙසේ කීවේය.

“ඉහළ ගෙදර වී පැදුරේ         පරෙයියා
පහළ ගෙදර වී පැදුරේ         කොබෙයියා
ටිකිරි ලියක් දොර අස්සෙන්     එබෙයියා
ටිකිරි නඟේ පියයුරු කයි     කොබෙයියා“


කාන්තාවන්ගේ රූ සපුව වර්ණනා කිරීමේදී ඔහුට සීමා මායිම් තිබුනේ නැත.
කතකට මනා රුවක් තිබේ නම් කුලය කුමකට ද ?.
අන්දරේ විමසයි.

“මහ මී කුඩා මී හිමයේ බොහොම             ඇති
කොයි කොයි මලෙත් මුත් බමරුන් රොන්     ගනිති
කොතන වුණත් හරි නෙද මැණික රුව         ඇති
රුව ඇත්නම් අඩු කුලයද කමක්               නැති “


අන්දරේ රුවැති කාන්තාවන්ව කවියෙන් වර්ණනා කරන බව දැන සිටි බිරිඳ වරක් ඔහුට චෝදනා කරන්නට විය. 
ඔක්කොටම කවි කියනවා කියනවකෝ  මටත්  කවියක් කියන ලෙස ඈ කීවේය.
අන්දරේ ඇයට මෙසේ කීවේය.

ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න         පීරනා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න             ආරනා
තන දෙස බැලිමි වැටකොළු වැන්න         එල්ලෙනා
නුඹ දෙස බැලිමි වැඳිරිය වැන්න             දලුකනා


මෙම කවිය ඇසීමෙන් මහත් කෝපයට පත් ඈ සනසනු වස්  මුවට සිනහවක් ද නගමින්  මේ  කවිය නැවත  පවසා ඇත.

ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න         පීරනා
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න         ආරනා
තන දෙස බැලිමි තැඹිලිය වැන්න         දිලිසෙනා
නුඹ දෙස බැලිමි සුරඟන වැන්න         රුසිරෙනා


අන්දරේ ඇතැම් අවස්ථාවල රජු හා රජ බිසවද උපහාසයට ලක්කරමින් කවි ගායානා කර තිබේ. දිනක් රජ කුමරිය රාජකීය උයනේ දිය කෙළියට යන විට අන්දරේගේ නෙත ගැටුණි.

රජතුමා ඒ අසල නොසිටි බැවින් රජ බිසවට සරදමක් කළයුතු බව හැඟී මෙසේ කීවේය.

“කට කැඩි කළේ දිය උකුලේ             තබාගෙන
ලොට තන දෙකක් ගෙරි සමකින්         වසාගෙන
තඹත් පිත්තලත් දෙවගේ                 පැලඳගෙන
රොඩී කෙල්ල කොයි යනවද                 උදෑසන“


කෝපයට පත් කුමරිය වහා රජ මැදුරට දිවගොස් හඬමින් අන්දරේ තමන්ට පරිභව කරමින් කවි කී බව රජතුමා  දැනුම්වත් කරන ලදී. 
ඇගේ හැඬීමත් සමග මහත් කෝපයට පත් රජු වහ වහා රාජ පුරුෂයන් යවා අන්දරේ අල්ලාගෙන එන ලදී.

රජ මැදුරට අල්ලාගෙන එන ලද අන්දරේගෙන් රජ කුමරිය පැවසූ කරුණ පිළිබඳව විමසූවේය.
එවිට ඔහු පවසා සිටියේ එවැනි අපහාසාත්මක කවියක් තමන්  නොකී බවය.
අන්දරේගේ තරම දන්වනා රජතුමා එහෙනම් තමන්  කී කවිය කියන ලෙස අණ කලේය.  
රජුගෙන් අවසරය ලද අන්දරේ පෙර කී කවිය වෙනස් කර නැවත මෙසේ පැවසීය.

“රන් කැටි කළේ දිය උකුළේ             තබාගෙන
රන් කුඹු දෙකත් සළු පටකින්             වසාගෙන
රිදී රත්තරන් දෙවගේ පැලඳ                 ගෙන
මල්මද බිසව් කොයි යනවද                 උදෑසන “


දකුණු ලක උපන් අන්දරේ කන්ද උඩරට රජ මැදුරේ සේවය කළද නිවාඩුවකට  තම ගම රට බලා යන අතර. 
දිනෙක හම්බන්තොට මලල නම් ගම්මානයේදී වෙලක පලා නෙළමින් සිටින යුවතියක දැක ,.
ඇයද   විමසිලිමත් බව අන්දරේට හැගුනාය. 
ඇයගේ රූ සපුව  වර්ණනා කරමින් ඇයගේ පහස ලබන්නට ඇත්නම් සිතා මේ කවිය පැවසීය.

පුල පුලා ඇවිත් බැස මලල             ආරට
හෙළ හෙළා බඳින වරලස පිට         කරට
බල බලා මදෙස මුවරඳ              සිනාවට
විල පලා නෙලන කත හොඳලු         පහසට


අන්දරේ සහ රජ වාසල කතා  ඊලග දවසකදී කතා කරමු. 

.




2025-10-05

අද වප් පුර පසොලොස්වක පෝය.



අද වප් පුර පසොලොස්වක පෝය.

ලංසි අවුරුද්ද ගෙවෙන්න තියෙන්නේ තව මාස දෙකයි

 - නැත්නම් පෝය දෙකයි.

 ලංසි අවුරුද්ද කියලා කලක් භාවිතා උනේ ක්‍රිස්තු වර්ෂ වලට .

කලින් අප භාවිතා කලේ බුද්ධ වර්ෂ.

ඔන්න සිස්ටම් චේන්ජ් එකක්.


මහින්දාගමනයෙන් පසු ලක්දිව උපාසක උපාසිකවෝ පෝය දිනයන්හි මෙලොව පරලොව සැප පිණිස විවිධ ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදුනා. 

කාය වාග් සංයමය හා චිත්ත පාරිශුද්ධිය උදෙසා අටසිල්, දසසිල් සමාදන් වූනා. 

සද්ධාතිස්ස රජතුමා එක් දිනෙක මුළු රැයක්ම බණ අසන පිරිස් අතර සිටගෙනම බණ ඇසූ බවත්, වසභ, උපතිස්ස, දාඨෝපතිස්ස, ධාතුසේන වැනි අපේ රජ දරුවෝ ද පෝය දිනයන්හි අටසිල් සමාදන්ව  ආගමික කටයුතු වල යෙදුනු බවත්, වංශ කථාවන්ගෙන් හෙළිවේ.පෝදින වර්තමාන පාලකයොත් එහෙම ආගමික වත්පිලිවෙත් ප්‍රදර්ශණය කල කාලයක් තිබුනා.

දැන් දැන් ආගම අබිං වන තැනට යමින් තියෙනවා කියලා මීදුම හිතනවා.

පෝය කතාව නොගැලපෙන තැනකට යමින් තියෙනවා. 


අපි වප් පෝය ගැන කතා කරමු.

වප් පුර පසළොස්වක පෝය දිනය ද එම මාසය ද කරුණු කීපයක් නිසාම සුවිශේෂ කොට සැලකනවා.


බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට දඹදිව සංකස්ස පුරයට වැඩමවීම, 


එක් වස් සමයක බුදුරජාණන් වහන්සේ තව්තිසාවේ සක්‍ර දේවේන්ද්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි සත් වන මාතෘ දිව්‍ය පුත‍්‍රයා ප්‍රමුඛ දෙව්, බමුණට අභිධර්මය දේශනා කරමින් වැඩහුන් සේක. 

ඒ වස් අවසානයේ මහා වස් පවාරණයට සත් දවසක් පමණ තිබියදී සැවැත් නුවර වැසියෝ මුගලන් මහතෙරුන් වහන්සේ වෙත පැමිණ බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට කවර දවසක මිනිස් ලොවට වඩින්නේ දැයි විමසූහ. 

එවිට මුගලන් මහතෙරුන් වහන්සේ  දෙව්ලොව වැඩම කර බුදුන් වෙත එළඹ ”මුළු දඹදිව වැසියෝ තුන් මසක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ දකිනු රිසිව අද දකින්නෙමු හෙට දකින්නෙමු” යි සිත සිතා ම`ග බල බලා සිටිතියි දන්වා මිනිස් ලොව වඩින්නේ කවර දවසකදැයි විචාළහ. 

එවිට බුදුරජාණන් වහන්සේ මෙයින් සත් දවසක් ගිය තැන වප් මස මැදි පෝය දින සංකස්ස පුරයට වඩින බව දන්වා වදාළ සේක. 

 මුගලන් මහතෙරුන් වහන්සේ පෙරළා මිනිස් ලොවට වැඩම කොට මෙයින් සත් දවසක් ගිය තැන බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වඩින බැවින් සියලූ දෙනාට එහි රැස්වන ලෙස දැන්වූහ.

මෙසේ සත් වන වස් අවසානයේ දිව්‍ය පෙරහැරින් මිනිස් ලොව වැඩියේ වප් මස පුර පසළොස්වක පෝය දිනයකදීය. 


මතු බුදුවන මෛත්‍ර  බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි බව ලැබූයේ ද වප් පුන් පොහෝ දිනයකය.


වස්සානය අවසානයේ මහාපවාරණ දිනය යෙදීම,


පෙරවස් සමාදන් වී තුන්මස ගතවීමෙන් පසු මහාපවාරණය යෙදෙන්නේ ද වප් මස පුර පසළොස්වක දිනයටය. ”අනුජානමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට දඹදිව මධ්‍ය දේශයට ධාරානිපාත වර්ෂාව පවතින ඇසළ, නිකිණි, බිනර, වප් යන සතර මාසය වස් කාලය ලෙස එක් තැනක වාසය කරමින් ප්‍රතිපත්ති පිරීමේ වැදගත්කම පිළිබඳව අනුදැන වදාළ සේක.

එතැන් සිට එම සිරිිත   අදත් පවත්වාගෙන එයි.


වස් සමාදන්වන සිල්වත් භික්ෂූන් වහන්සේ සිහි කල්පනාවෙන් යුතුව (සතිකරණයෙන්) වස්සාන පටිපදාවන් පුරමින් කාලය ගත කරති. දෙමාපියන් රෝගාතුර වීම, මහා සංඝරත්නයේ කැඳවීම, අසාධ්‍ය භික්ෂූන් වහන්සේ නමකගේ කැඳවීම වැනි අතිශය වැදගත් කරුණකදී ”හත් වෙනි දින අරුණ නැගෙන්නට පෙර ජීවිතයට අනතුරක් නොවුනි නම් පැමිණෙන බව දන්වා ආරාමයෙන් බැහැරට යා හැකි වුව ද හයවන දින රාත‍්‍රියෙහි හෝ ආපසු පැමිණිය යුතුය. එතරම්ම දැඩිව පිළිවෙත් රැකීම වස් වසන භික්ෂූන් වහන්සේගෙන් අපේක්ෂා කෙරිණ.

වස්සානය නිසි ලෙස සමාදන්ව පිළිපැදි භික්ෂූන් වහන්සේ නමකට පමණක් කඨින චීවරයක් පිළිගත හැකිය.


පාර්ල්‍යෙිය නුවර සිට භික්ෂූන් වහන්සේලා තිස් නමක් සැවැත්නුවර වැඩ වාසය කළ බුදුරජාණන් වහන්සේ දකිනු රිසිව ධාරානිපාත මහ වැස්සේම තෙමී තෙමී පාගමනින් සැවැත්නුවර ජේතවන විහාරයට වැඩම කළහ. වැඩම කළ එම භික්ෂූන් වහන්සේ හා පිළිසඳර කථාවේදී උන්වහන්සේලා සාකේත නුවරදී වස් සමාදන් වී වස් පවාරණය කොට එන අතරමගදී වැස්සට හසුවී තෙමී තෙත බරිතව පැමිණි බව දැන, වෙනත් සිවුරක් ද නොමැති බැවින් තෙත බරිතව සිටින්නට සිදුවූ අයුරු දැක කඨිනාස්තරණාය අනු දැන වදාළ සේක. 

එතැන් පටන් කඨින චීවර පූජාව උතුම් පූජාවක් කොට සලකා ලොකු කුඩා තරුණ මහළු හැම දෙනාම මහත ශ්‍රද්ධාවෙන් ් එයට සහභාගි වෙති. 

වප් අවපෑලවියේ සිට ඉල් පසළොස්වක දක්වා කඨින චීවර පූජා පින්කම් පැවැත්වීම සිරිතය. 


ධර්මාශෝක රජු වෙත පණිවිඩ යවා  ශ්‍රී මහාබෝධි ශාඛාවක් වැඩමවා ගැනීමට කටයුතු සංවිධානය කිරීම, 


ලක්දිවට  ශ්‍රී  මහාබෝධීන් වහන්සේ හා භික්ෂුණින් වහන්සේ මෙරටට වැඩමවා ගැනීම සඳහා මහින්ද මහතෙරුන් වහන්සේගේ අනුශාසනා පරිදි දඹදිව ධර්මාශෝක රජු වෙත අරිට්ඨ කුමරු අත සංදේශයක් යවා කටයුතු සංවිධානය කර එහි ගමනාරම්භය සිදුවූයේ ද වප් මස මැදි පෝය දිනයකදීය. 

එසේම මහින්ද මහතෙරුන් වහන්සේගේ අනුදැනුම ඇතිව අරිට්ඨ තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් විනය පිටකය සංගායනා කරවීම ද වප් පෝය දිනකදී සිදුවී ඇත.


A day in the life