අතීතයේ සිටම සෞන්දර්යාත්මක රසකාමීන්ගේ වර්ණනාවට කාන්තාව වස්තු විෂයයක් විය.
ගිහි රසවතුන් මෙන්ම පැවදි උතුමෝද ස්ත්රීන් අපුර්වතම උපමා එක් කර වර්ණනා කර ඇත.
මග තොටදී හමුවු රුවැත්තියක් පිලිබව අන්දරේගේ සිතිවිලි
“රන් වන් එරන් වන් රන්වන් රන රුවට
නිල්වන් වරල පීරාලා පිට දිගට
රන්වන් වළලු දමමින් කළය වට
සෙල්ලම් ගමනින් යනවද ළිද ලගට
සදක් මෙන් මුහුණ ඇගේ රූසිරි සමන
ළදක් වෙන නුදුටිවෙමි මේ මුළු දෙරණ
මොලොක් මට සිළුටු ගත ඔපළු විලස
මලක් මෙන් ළපටි රතු පාටින සොබන
සවන පිනන ළද බොළද සුමිරිය
බදින සිතු බදේ ඈ වෙත වී සිරිය
කුමන ලෙස මැවීදෝ සුරගන සරිය
වෙන නැත සිතන්නට ඇගේ රූ සිරිය
අන්දරේ තරුණ කල තමන් ආදරය කරන ලද යුවතියක අහිමි විය.
ඒ විරහව කවි කලේ
ඔහු ඇලුම් කරන ලද ඇයගේ රූ සිරිය අගේ කලේ මෙලෙසින්ය.
“වතට ලවනතට නුඹ බලන බැල්මට
වරලට ගෙලට නළලට නාසිකා වට
ගමනට බසට නුඹ හට ලොබ කළ මෙමට
කුමකට කියමි නිදි නැත රැය තුන් යමට “
ඔහු විවාහ විය .
තරුණ කලම එම විවාහය බිරිය අකාලයේ මිය යාමෙන් අවසන් විය.
“පටුවන් නළල දිලිසෙන සුරතල් දිගැසේ
බටුවන් සුරඟනන් පරදින මැණික යසේ
කෙටුවොත් බඹා පල නැති ලෙස මගේ හිසේ
දුටුවොත් යම් දිනක මම කොටමි උගෙ හිසේ “
දිනක් ගම්මැද්දෙන් ඇවිද යන අන්දරේ දුටුවේ නාඹර තරුණියක දොර පියන්පත් අතරින් ඔහු දෙස බලන බවයි.
ඇය දුටු ඔහු මෙසේ කීවේය.
“ඉහළ ගෙදර වී පැදුරේ පරෙයියා
පහළ ගෙදර වී පැදුරේ කොබෙයියා
ටිකිරි ලියක් දොර අස්සෙන් එබෙයියා
ටිකිරි නඟේ පියයුරු කයි කොබෙයියා“
කාන්තාවන්ගේ රූ සපුව වර්ණනා කිරීමේදී ඔහුට සීමා මායිම් තිබුනේ නැත.
කතකට මනා රුවක් තිබේ නම් කුලය කුමකට ද ?.
අන්දරේ විමසයි.
“මහ මී කුඩා මී හිමයේ බොහොම ඇති
කොයි කොයි මලෙත් මුත් බමරුන් රොන් ගනිති
කොතන වුණත් හරි නෙද මැණික රුව ඇති
රුව ඇත්නම් අඩු කුලයද කමක් නැති “
අන්දරේ රුවැති කාන්තාවන්ව කවියෙන් වර්ණනා කරන බව දැන සිටි බිරිඳ වරක් ඔහුට චෝදනා කරන්නට විය.
අන්දරේ ඇයට මෙසේ කීවේය.
ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න ආරනා
තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා
නුඹ දෙස බැලිමි වැඳිරිය වැන්න දලුකනා
මෙම කවිය ඇසීමෙන් මහත් කෝපයට පත් ඈ සනසනු වස් මුවට සිනහවක් ද නගමින් මේ කවිය නැවත පවසා ඇත.
ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා
තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙනා
නුඹ දෙස බැලිමි සුරඟන වැන්න රුසිරෙනා
අන්දරේ ඇතැම් අවස්ථාවල රජු හා රජ බිසවද උපහාසයට ලක්කරමින් කවි ගායානා කර තිබේ. දිනක් රජ කුමරිය රාජකීය උයනේ දිය කෙළියට යන විට අන්දරේගේ නෙත ගැටුණි.
රජතුමා ඒ අසල නොසිටි බැවින් රජ බිසවට සරදමක් කළයුතු බව හැඟී මෙසේ කීවේය.
“කට කැඩි කළේ දිය උකුලේ තබාගෙන
ලොට තන දෙකක් ගෙරි සමකින් වසාගෙන
තඹත් පිත්තලත් දෙවගේ පැලඳගෙන
රොඩී කෙල්ල කොයි යනවද උදෑසන“
කෝපයට පත් කුමරිය වහා රජ මැදුරට දිවගොස් හඬමින් අන්දරේ තමන්ට පරිභව කරමින් කවි කී බව රජතුමා දැනුම්වත් කරන ලදී.
රජ මැදුරට අල්ලාගෙන එන ලද අන්දරේගෙන් රජ කුමරිය පැවසූ කරුණ පිළිබඳව විමසූවේය.
“රන් කැටි කළේ දිය උකුළේ තබාගෙන
රන් කුඹු දෙකත් සළු පටකින් වසාගෙන
රිදී රත්තරන් දෙවගේ පැලඳ ගෙන
මල්මද බිසව් කොයි යනවද උදෑසන “
දකුණු ලක උපන් අන්දරේ කන්ද උඩරට රජ මැදුරේ සේවය කළද නිවාඩුවකට තම ගම රට බලා යන අතර.
ඇයද විමසිලිමත් බව අන්දරේට හැගුනාය.
ඇයගේ රූ සපුව වර්ණනා කරමින් ඇයගේ පහස ලබන්නට ඇත්නම් සිතා මේ කවිය පැවසීය.
පුල පුලා ඇවිත් බැස මලල ආරට
හෙළ හෙළා බඳින වරලස පිට කරට
බල බලා මදෙස මුවරඳ සිනාවට
විල පලා නෙලන කත හොඳලු පහසට
අන්දරේ සහ රජ වාසල කතා ඊලග දවසකදී කතා කරමු.
.











