පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-10-02

ලිංගික අධ්‍යාපනය - මතවාදයක.




පාසල් දරුවන්ට කොන්ඩම් දෙමුලු!
සෑම් සෙනෙවිරත්න විසිනි
2024 දෙසැම්බර් 11 දින බෝධි සභාව පළ කළ ලිපියකි.
අලුත් පනතට පාර කැපූ හැටියි මේ.

උපදේශනයේ යෙදෙන කාන්තාවක රටවාසීන්ට ලිංගික දැනුමක් නැති බව කියමින් ඉදිරිපත් කරන අදහස් අඩංගු වීඩියෝවක් මුහුණු පොතේ සංසරණය වේ. එය නැරඹූවෙකුට මැය අසහනකාරියක නැතිනම් ඇරියස්කාරියක යන හැඟීම ඇති වීමට පුළුවන. මේවා දකින විට, ‘යූටියුබ්’ හරහා දාඩිය බිබිලි  මතු වන උපදේශක උපදේශිකාවන් සමාජයට මොන තරම් වින්නැහියක් කරනවාද හැඟීමත් ඇති වේ. 
ඇය කියන කරුණු කීපයක් සැකෙවින් මෙසේයි.

‘ලංකාවේ පුරුෂයින්ට ලිංගික හැසිරීම් ගැන අවබෝධයක් නැත. ඊට මූලික වරද ගැහැණුන්ගේය. ළමයින් දෙන්නෙකු හැදූ පසු ලිංගික කටයුතු නවතා ආගමක් දහමක් කරගෙන ජීවත් විය යුතුය යන්න ඔවුන්ගේ අදහසයි. ඇතැම් පිරිමින්ට කසාද බැඳ අවුරුදු 5 ක් පමණ ගියද ‘ඕක කොරන්නේ’ කෙසේද යන්න ගැන අවබෝධයක් නැත. තරුණ තරුණියන් සිටින්නේ කොයි වේලේ අවයව සන්තර්පනය කරගන්නේදැයි විස්සෝපයෙනි. පිටරටවල ළමයින්ට නම් එවැනි අසහනයක් නැත. පිටරට පාසල්වල කොන්ඩම් තිබේ. සිසුන්ට අවශ්‍ය වේලාවට ඒවා ලබාගත හැකිය.’

මෙම දේශිකාවගේ භාෂණ විලාසය මනෝවිද්‍යා උපදේශක වෘත්තීයට නින්දාවකි. තමන් හමුවට උපදෙස් පතාගෙන ආ පුද්ගලයින්ට අපහාසාත්මකව කතා කරන මෙවැන්නන් ගැන වෛද්‍ය මණ්ඩලයේ හෝ අදාළ ආයතනවල අවධානය යොමු විය යුතුය. මෙය පැහැදිලිව වෘත්තීය විනය හා ගරුත්වය කෙළෙසීමකි. උපදේශන සේවා මොවුන්ට අවශ්‍ය බව වටහා ගැනීමට වෘත්තීය මනෝවිද්‍යාඥයෙකු විය යුතු නැත 
.
මැය කතා කරන මාතෘකාව ඇයට ඔරොත්තු නොදෙන්නකි. එය බැරූරුම්ය. සංකීර්ණය. ඈ කී කාරණාවලට බලපාන සමාජ, සංස්කෘතික, ආගමික සහ දේශපාලන හේතු තිබේ. ඒ සියල්ල මෙවැනි කෙටි ලිපියකින් සාකච්ඡා කළ නොහැකිය. විදේශ රටවල පාසල් ළමුන්ට අවශ්‍ය අවස්ථාවල ලබාගැනීමට කොන්ඩම් තිබෙන බවට ඇය කරන ප්‍රකාශය පිළිබඳව පළමුව කරුණු කීම උචිතය.

ඇතැම් විදේශයන්හි යම් මට්ටමකින් ක්‍රියාත්මක මේ ව්‍යාපෘතියේ ප්‍රායෝගික තත්වය හරිහැටි නොදැන මෙවැනි මතවාද සමාජගත කිරීම බරපතල සමාජ සංස්කෘතික හා සෞඛ්‍ය ප්‍රශ්න උද්ගත වීමට හේතුවකි.

ලෝකයේ රටවල් ඉතා සුළු සංඛ්‍යාවක් පාසල් දරුවන්ට කොන්ඩම් ලබාදීමේ වැඩසටහන් Condom Availability Program (CAP) ක්‍රියාත්මක කරයි. මෙය ඇරඹුණේ 1981 වසරේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමත් සමගය. මෑත කාලයේ කොවිඩ් වසංගතයෙන් බේරෙන්නට හැකි හෑම උත්සාහයක්ම ගත් අයුරින්, එදා ඒඩ්ස්වලින් බේරෙන්නට උපක්‍රම සොයන්නට උත්සාහ ගන්නා ලදී. පාසල් දරුවන්ට කොන්ඩම් ලබාදීම ඇරඹුණේ ඒඩ්ස් වසංගතය පැතිරීම වැළැක්වීමේ අරමුණ ඇතිවය. කාරණය සාර්ථක කරගැනීම සඳහා ඊට, පාසල් දැරියන් අනවශ්‍ය ලෙස ගැබ්ගැනීම වැළැක්වීම යන හේතුවද ඉදිරිපත් කරන ලද බවක් පෙනේ.

පාසල් දරුවන්ට කොන්ඩම් ලබාදීම ඇරඹුණේ 1989 වසරේ ඇමරිකාවේ කොලරාඩෝ පාසල් දිස්ත්‍රික්කයෙනි. 1991 නිව්යෝර්ක් නගරයේ පාසල් දිස්ත්‍රික්කයත් ඒ සම්බන්ධ වැඩසටහනක් ආරම්භ කළාය. ස්විට්සර්ලන්තයේ පාසල්වලද 80 දශකයේ සිට පාසල් දරුවන්ට කොන්ඩම් ලබාදීමේ වැඩසටහන් කියාත්මකය. ඒ හැරුණු විට ස්වීඩනය, පිලිපීනය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල මෙබඳු වැඩසටහන් ක්‍රියාත්මකය. ඇතැම් රටක මේ වැඩසටහන ඇරඹී ඇත්තේ මෑතකදීය.්‍

නමුත්, ඉහත කී නෝනා කියන පරිදි, කැන්ටිමෙන් ටොපියක් ගන්නා පරිදි කොන්ඩම් ලබාගැනීමට පාසල් ළමයින්ට හැකියාවක් නැත. ඒ වැඩසටහන් යටතේ කොන්ඩම් ලබාගත හැක්කේ, ඊට අදාළ හෙදහෙදියන්, සෞඛ්‍ය සේවකයින්, උපදේශකයින් වැනි අයගෙන් පමණි.

ඇමරිකාව වැනි රටක සමාජය පිළිබඳව නොදන්නා අය, මෙවැන්නෙකුගේ බස් අසා ඇමරිකාව පාසල් වියේ ළමුන්ට හිතු හිතු වේලාවට ලිංගිකව එක්වීමට පුළුවන් රටක් යයි වැරදි වැටහීමක් ඇතිකර ගැනීමට ඉඩ තිබේ.

ඇමරිකාවේ රෝග පාලන හා ආරක්ෂණ මධ්‍යස්ථානය (සීඩීසී) වාර්තා කරන පරිදි, යෞවන සෞඛ්‍ය සමාජයේත්, වෛද්‍ය හා සෞඛ්‍ය විශේෂඥයින්ගේත් සහයෝගය ලැබෙද්දී පවා, 2014 වන විට කොන්ඩම් ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මකව පවතින්නේ ඇමරිකාවේ උසස් පාසල්වලින් (හයි ස්කූල්) 7.2%ක සහ මැදි පාසල් (මිඩ්ල් ස්කූල්) 2.3%ක පමණි.

2022 දෙසැම්බරයේ ඇමරිකාවේ ටෙක්සස්හි දිස්ත්‍රික් විනිශ්චයකාරවරයකු දුන් තීන්දුවකින් ඉතා බරපතල කාරණයක් අනාවරණය විණි. විනිශ්චයකාරවරයා මේ තීන්දුව දුන්නේ, ඇමරිකානු රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක ‘ටයිටල් එක්ස්’ වැඩසටහනට එරෙහිවය. ටයිටල් එක්ස් යනු, ඇමරිකානු රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක, අඩු ආදායමැති හෝ ආදායමක් නැති පුද්ගලයින් සඳහා වයස් සීමා නොසලකා රහසිගතව උපත් පාලන උපකරණ ලබාදෙන වැඩසටහනකි. මේ වැඩසටහන මගින් දෙමව්පියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ප්‍රකාශ කළ විනිශ්චයකාරවරයා, ළමයින් උපත් පාලන ද්‍රව්‍ය ඉල්ලුම් කරන විට ඔවුන්ගේ දෙමාපියන්ට ඒ පිළිබඳව දැනුම් දිය යුතු බවට නියෝග කළේය.

පාසල් සිසුන්ට උපත් පාලන උපකරණ හෝ උපදේශන ලබාදීමෙන් පාසල් පද්ධතිය වැළකී සිටිය යුතු බවටත් එය දෙමාපියන්ට පැවරිය යුතු බවටත් සංවාදයක් ඇමරිකාවේ ඇරඹී තිබේ.

ඇතැමුන් පෙන්වා දෙන්නේ, ලිංගික අධ්‍යාපනය මගින් පාසල් ළමුන්ට ඉගැන්විය යුත්තේ, ලිංගික හැසිරීම්වලින් වැළකී සිටිය යුතු බවට මිස උපත් පාලනය පිළිබඳව නොවන බවයි.

කොන්ඩම් වැඩසටහන ඇරඹි සමයේද Family Research Council, Focus on the Family, The Rutherford Institute වැනි ආයතනවලින් ඊට දැඩි විරෝධතා එල්ල විණි.
ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ, පාසල් ළමුන්ට කොන්ඩම් ලබාදීමේ වැඩපිළිවෙළ දේශපාලන හා සෞඛ්‍ය බලධාරීන්ගේ අවශ්‍යතාවට සිදුවන්නක් මිස එය පොදු සමාජ අවශ්‍යතාවකට අනුව ඉටුවූවක් නොවන බවයි. ඒවා ඇමරිකාව වැනි රටක සමාජය ළමයින්ගේ ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව දරන ආකල්ප අවබෝධ කරගැනීමට හොඳ නිදර්ශනයි.

ඇමරිකානු සමාජය ඉතා සංකීර්ණය. එහි විවිධ ජනවර්ගවලට, විවිධ සමාජ සංස්කෘතික මට්ටම්වලට අයත් වැසියෝ ජීවත් වෙති. බොහෝ සාම්ප්‍රදායික පවුල්වල දරුවන් තුළ ලිංගික සංයමය තිබේ. මත්ද්‍රව්‍ය, ආයුධ හා මිනිස් ජාවාරම් සහිත ප්‍රදේශවල දරුවෝ පහසුවෙන් දුසිරිත්වලට යොමු වෙති. නැතිනම් යොමු කරනු ලබති. ඇතැම් ප්‍රදේශ පාලනය කිරීම පොලිසියට පවා අසීරුය. මෙවන් සමාජයක් ගැන කතා කළ යුත්තේ ඒ ගැන පළල් අවබෝධයක් ඇති අය පමණි.

ඇමරිකාවේ නෝර්ටෙඩාම් විශ්වවිද්‍යාලයේ විද්වතුන් දෙදෙනෙකුගේ පර්යේෂණ වාර්තාවක්, කොන්ඩම් බෙදාහැරීමේ වැඩපිළිවෙළේ අසාර්ථකත්වය පැහැදිලි කරයි. මේ වැඩසටහන නිසා පාසල් සිසුවියන් ගැබ්ගැනීම අඩුවී ඇතැයි බොහෝ පර්යේෂණ වාර්තාවලින් පැවසුනත්, ඇත්තෙන්ම සිදුවී ඇත්තේ ගැබ්ගැනීම් 10%කින් වැඩිවීම බව ඔවුහු පෙන්වා දෙති. කොන්ඩම් බෙදන පාසල්වල සිසුවින්ට ගොනෝරියා නමැති සමාජ රෝගය බෝවීමේ ඉහළ ප්‍රතිශතයක් පෙන්නුම් කරන බවද පර්යේෂණ වාර්තාවේ සඳහන්ය.

කිසිදු වෘත්තීයභාවයක්, විනයක් හෝ හැදියාවක් නැති කාන්තාවන්ගේ ජරාකතා හා නන්දෙඩිවිලි බෙදාහැර සමාජය නොමග යවන යූටියුබ්කාරයින් පිළිබඳවත් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

2025-10-01

අන්දරේ - “මගේ බුදු අප්පොච්චි.“




අන්දරේ ගැන රස කතා බොහොමයි.

අන්දරෙ රාජාධිරාජසිංහ රජ මාලිගේ විනෝදාස්වය සැපයු ඇමති තුමාය ( 1779 - 1797 ) දැන් කාලේ නම් නියමිත තනතුරක් නොදැක්වුවත් රාජමාලිගේ සිටින බොහොම දෙනෙක් කවටයෝ. 
එහෙත් අන්දරේ මෙන් සහජ දක්ෂතා ඇති බුද්ධිමතුන් නොවේ.

අන්දරේ අනාගත්තේ නැත.
නූතන අන්දරේ ලා කට ඇරියොත් අනා ගන්නේය.

අර්චුනා කට ඇරියොත් සිනා සාගරයක්ය.
බිග්කුච්චන් “ අපිට පාන් ද ? අසයි. තවත් වරක තේ වලට නෝබල් තෑග්ග ගත් බව පවසයි.
හෑවගේ රෙදි නැන්දා ගේ රාජකාරිය කරයි.
තරහ ගන්න එපා.
...........තව තවත් සිහි කරන්න ගියොත් මාතෘකාව අමතක වෙන බැවින් අපි එතනට යමු.

අන්දරේ උපත ලබන්නේ මාතර දික්වැල්ලේ යයි එක් මතයකි. 
ඔහු දෙවුන්දර කීරවැල්ලේදී උපත ලද යයි තවත් අයගේ මතයකි.
දෙවුන්දර කීරවැල්ලේ උපත ලද බව සාක්ෂි බොහොමයකි.

අන්දරේ “ සද්ද විද්ද පළග පතිරනලාගේ “යන පරම්පරා නාමය ලබා සිටිය බව සදහන් වුවත් “පොකුනේ සිටි මැඩියෙක් ගේ හඩ ඉලක්ක කර දුණු ඊ ඇද්ද කතාවෙන්“ පසු ලැබු නම්බු නාමයක් ලෙසට නමට ඈදුනු බවත් කියවෙන්නකි.

අන්දරේ ගේ උපත සහ දෙමව්පියන් පිලිබද  දෙවුන්දර කිරලවැල්ල මුල් කර ඇති කතාවල ඔහුගේ පියා  ප්‍රදේශයේ සිංහල, පාලි, සංස්‌කෘත හා ප්‍රාචීන භාෂාවන් ද ලන්දේසි භාෂාව ද ප්‍රගුණ කළ පඬිවරයෙක්‌ වු  පලවින්නගේ නමැති පෙළපතට අයත්ව සිටි බවයි  සදහන් වෙන්නේ .
පියා ලන්දේසීන්ගේ රාජකාරි ලබාගැනීමට ක්‍රිස්‌තියානි ආගම වැළඳගෙන ඇත. 
එහි ප්‍රතිඵලයක්‌ ලෙස ලන්දේසීන් දෙවුන්දර ඉදිකළ පල්ලියේ ගුරු තනතුරු 6 ක්‌ ඔහුට ලැබිණි. 
එම පල්ලිය ඉඳිකළ ප්‍රදේශය අදත් පල්ලියවත්ත නමින් ප්‍රකටය.
පසුව එම පල්ලිය පෘතුගීසීන් විසින් විනාශ කරන ලදී.
පල්ලියේ ගුරුවරයා පල්ලියගුරු වී, 
කිරලවැල්ලේ ගුරුන්නාන්සේට “පල්ලියගුරු“ යන පෙළපත් නාමය හිමි වීය.
ලන්දේසිවරුන්ගේ පාසල් පාලනයට අධ්‍යක්‍ෂ ධුරය හිමි වූයේ ද පල්ලියගුරුටය.

මෙම පල්ලියගුරු අධ්‍යක්‍ෂවරයා දික්‌වැල්ල අලුත්ගොඩ “සද්දවිද්ද පළඟපතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ“ පෙළපතේ තරුණියක සමග විවාහ වීය. 
ඔවුන්ට පළමුව ලැබුණේ දියණියකි. 
දෙවනුව පුතකු ලැබුණේය.
ඔහුට "අන්ඩ්‍රායස්‌" යයි නම තැබීය.
එය පසුව අන්දරේ වී යෑයි විශ්වාස කරති.

මේ කතාව අනුව නම් අන්දරේට තම පෙළපත් නාමය මව ගෙන් ලැබුනේද ? . යන්න විමසිය යුත්තක්ය. නැත්නම් මවගේ පෙලපත් නාමයවු “සද්දවිද්ද පළඟපතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ“ යන කොටස අන්දරේ මහනුවරින් උපයා ගත්තක් පසුව ආදේශ වීද ?.

බාල කාලය.

අන්දරේ කුඩා කාලයේ සිටම දග කාරයෙකි. මතකද ? “ මගුල් ගෙදර ගොස් ගොනා වගේ ඉන්න “ කියලා අම්මටයි තාත්තටයි උගන්නපු පාඩම.

කුඩා කලම අධ්‍යාපන කටයුතු සදහා පල්ලියට බාර දුන්නද එය සාර්ථක බවක් නොදුටු දෙමව්පියෝ ගමෙන් ඈත “ ගැටමාන්න “  ගුරුවරයෙකු වෙත අන්දරේ යවුවත් එයත්  ප්‍රතිපලයක් වූයේ නැත. 
අන්දරේ දවසක් ගුරු ගෙදරින් අතුරුදහන්ව හැන්දෑ අදුර රැගෙන නිවසට ආයේය.
මේ දඩබ්බරයාට හොද පාඩමක් උගන්නැමැයි සිතු පියා වේවැලකින් හොදටම තලා නිවසට නොගත්තේය.

එකල මෙකල මෙන් අනපනත් නොතිබු බැවින් දඩබ්බර අන්දරේගෙන් පියා නිදහස් විය.
නැත්නම් ඔහුට හිරේ තපින්න වෙනවා සිකුරුය. අන්දරේ එතරම් දඩබ්බරයෙක් වී සිටි බාලයෙක් විය.
දඩබ්බර ඔහු පියා එල්ල කර තම ප්‍රතිභාව හෙලි කලේය.

අන්දරේ  එවිට  ඇදහැළුන වැස්සට තෙමෙමින්  මැසි මදුරුවන් ගෙන් පීඩා විදිමින්ද සිටින අතර  මේ කව කීවේළු.

"වැස්‌ස වැඩි නිසා සීතල             වැඩිවෙච්චි
අතපය වෙවුලාය සන්නිය            ළංවෙච්චි
එලොව පොල් පෙනෙයි අද නම්      වැරදිච්චි
හොඳ හැටි ගෙයි නිදිද මගෙ බුදු      අප්පොච්චි"

මේ කවි ඇසු පියාට පුතන්ඩියාගේ තරම අවබෝධ විය. 
අකුරු නොකලත් බුද්ධියේ තරම දැන ගත්තේය.
සමාව දී ගෙට ගත්තේය.

අන්දරේගේ  කතා නිමක් දකින්න බැරිය.  මම තවත් දින කිහිපයක් අන්දරේගේ වගතුග  සමගම හමුවෙන්නම්.