පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-04-16

අවුරුද්ද ඉවරයි.....




සිංහල දෙමළ අලුත් අවුරුද්දක මතක.
අවුරුදු සමරලා එවරයි. රතිඥ්ඥා හඩත් වියකිලා ගිහින්.
අපිට ( මධ්‍යම කදුකරයට ) වැස්ස නිසාදෝ කොහා ආවෙම නැහැ .
මැයි මාසයේ පරිසරය උණුසුම් වෙන කොට වෙසක් අරන් කොහා ඒවි.

 අවුරුද්ද සමරන්න අපේ රටේ අය  එකිනෙකා එක එක විදියට.

ගමේ ගොඩේ අපි වගේ ( බයියන් )  අය තාමත් පරණ හණමිටිය කරේ ගහගෙන නැකත් සාශ්‍ත්‍රයට මුල් තැන දෙමින්  සංස්කෘතික අංග අනුගමනය කරනවා. රූප මාධ්‍ය නම් ඔය ඔක්කොම කළවම් කරගෙන වැඩ සටහන් කරනවා. කොහොමත් අපේ මාධ්‍ය කරන්නේ විලම්බීතමනේ. දේශපාලකයන්ට අනුව අවුරුද්ද පුනරුදයට අහුවෙලා. අවුරුදු හැත්තෑහයක් රට කරපු හොරු දූෂකයෝ රට නැති බංගස්තාන කරපු හැත්ත අවුරුදු නැකතට කිරි උතුරලා කිරිබත් කාලා ගණුදෙනු කරලා අනුගමනය කරපු  ගතාණුගතික ක්‍රමය මේ අවුරුද්දේ වෙනස් වෙලා. අලුත් ඇත්තෝ මොනවද කලේ කියලා රට දන්නේ නැහැ. අවුරුදු කියලා රාජ්‍ය උත්සවයක් නැහැ. තොයිතරම් සරල ද ?. හොද ද  ?.

නාස්තිකාර වියදම් ඇත්තේ නැහැ .දිගින් දිගටම මේ අවුරුද්ද ආදර්ශයට ගත්තෝත් අවුරුදු දෙක තුනක් යන කොට බයියන්ගේ සම්ප්‍රදායික සිරිත් විරිත් නැත්තටම නැති වෙලා රට නිදා ගන්න සතියක් වැඩකරන සතියක් බවට පත් කර ගන්න ප්‍රල්‍රවන්.  

  රට වෙනස් කරන්න පුලුවන් වුනත් ලෝකේ වෙනස් කරන්න අපිට බැහැ. දකුණු අග්නි දිග ආසියාණු රටවල් මේ අවුරුදු සැමරුම සිද්ධ කරනවා. මෙයාලත් අපිට සමගාමිව එකම කාලවකවාණුවක තමයි අවුරුදු සමරන්නේ. දෙමළ අලුත් අවුරුද්ද ,තායි අලුත් අවුරුද්ද බෙංගලියන්ගේ බෙංගලි අලුත් අවුරුද්ද කාම්බෝජයේද කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕසයේදී ලාඕ අලුත් අවුරුද්ද මියන්මාරයේ තිංග්යන් සහ ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද අපේ අවුරුද්ද හා බොහොම සමාන කම් දක්වන අවුරුදු උත්සව.

 නැකත් ගැන අවධානය යොමු කරන අය හිතන්නේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේදී අවුරුද්ද උදාවෙන බවයි. සුර්යා රේවතී නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වෙන අවස්ථාවේ අවුරුදු උදාවන බවත් නැකත් සාස්ත්‍රය අනුගමනය කරන්නෝ පවසනවා.

අවුරුද්දේ නැකත් විධ අනුගමනය කරන්නෝ 
  • අලුත් අවුරුදු උදාව
  • නව සඳ බැලීම
  • පරණ අවුරුද්දේ අවසන් ස්නානය
  • කෑම පිසීම
  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම
  • හිස තෙල් ගෑම
  • රැකියාවට පිටත්වීම
  • අවුරුදු උත්සවය පැවැත්වීම    
වැනි චාරිත්‍ර විධි අනුගමනය කරනවා. මේවා දැන් දැන් වෙනස් වෙලා. අතීතයට එක්වෙලා .අතීතයට එක් වෙමින් තියෙනවා. හාස්‍යයටත් අවතක්සේරුවටත් ලක්වෙමින් පවතිනවා.

කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු පුරුදුව සිටි අපේ බාලකාලය මතක්වෙනවා. බක් මාසේ වැස්ස පටන් ගන්නේ මාර්තු අවසන් සතියේ තරම. ඊට පෙර වී ගොවියෝ තම අස්වැන්න ගෙට ගන්නවා .අප්රේල්  මුල් සතිය අවසන් වෙන කොට ගොවිතැන් කටයුතු වලින් විරාමයක් ලැබිලා විවේක කාලය එලඹෙනවා. ඉතින් අපට අවුරුදු තමයි. අලුත් ඇදුම් පැළදුම්, ගෙවල් දොරවල් අලුත් වැඩියා කරලා කල එලියට පත් වෙනවා. ගෘහ භාණ්ඩ වෙනස් වෙනවා. නෑදෑයෝ එහාට මෙහාට නෑ ගම් යනවා. කෝන්තර ආරවුල් විරසක සමතයකට පත් වෙලා එකම මේසේ කකාබිබි සතුටු සාමිචියේ යෙදෙනවා......ඉතින් අවුරුදු නෙමෙයි ද ?.

මේවා බයියන්ට අයත් දේවල් වෙලා බයියනුත් සමග විනාශයට  පත් වෙනවා දකින්න කැමති ටොයියෝ ඉන්නවා.  වැරද්දක් නැහැ. අද ගොවිතැනට බතට නෙමෙයිනේ මුල්තැන !.

ගමෙන් නගරයට සංක්‍රමණය වෙලා යන්ත්‍ර සූත්‍ර වල හිරවෙලා , කඩදාසි ලිපි ගොනු වල හිරවෙලා. ජීවිතයම දුෂ්කරක්‍රියාවක් පත්වෙච්ච ජනතාවකට මේ කාලය හුස්මක් ගන්න සබ්බ සකල ගතමනාව දිය කරලා හරන කාලයක්. ඒ පැත්ත බලලා මේ පැත්ත බලන කොට බැංකු ගිණුම දාලා ගිහින් මැයි මාසේ අන්තිම වෙනකම් දැවෙන ගින්නට දෑස නිලන්කාර වෙලා.


ඔන්න
 අවුරුදු ..............

 A day in the life

2025-04-14

ධනවාදය සහ සමාජ වාදය පිලිබද අදහසක්.






ගිහාන් සමරසිංහ - මුණුපොතට.

මම සරලව කියන්න උත්සාහ කරන්නෙ ලෝකෙ හැමතැනම ගොඩාක් දෙනෙක් කතාවෙන ධනවාදයේ වර්තමාන ස්වරූපය සහ සමාජවාදය අතර ඇති මූලික වෙනස්කම් සහ මේ ආර්ථික ක්‍රම දෙක පිලිබඳව කෙටි තුලනාත්මක විග්‍රහයක්. 
මුලින්ම බලමු ගොඩක් බටහිර රටවල් වල වගේම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව ආදී දියුණු රටවල වෙළඳපොළ ආර්ථිකය ලෙස ක්‍රියාත්මක වන ධනවාදය ගැන. මෙතනදි ඉතාම වැදගත් වෙන්නෙ නිදහස් වෙළඳපොළ කියන සංකල්පය. ගොඩක් දෙනෙක් මේක තේරුම් ගන්නෙ ඉතාම සුභවාදී, ධනාත්මක දෙයක් විදියට. Liberalism කියන සංකල්පය මෙතනදි මුල් වෙනව. හිතල බලන්න. අපි අපට කැමති දෙයක් ඉගෙනගෙන, අපට කැමති දෙයක් කරල මුදල් උපයගෙන, අපට කැමති ආකාරයෙන් ජීවත් වෙනව කියන එකයි මේකෙ තේරුම. මම ජීවත්වෙන ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්ත උනත් මේ කියන Liberal ලක්ශණ ගොඩක් පේන්න තියෙනව. මේ රටවල වෙලඳපොල තුල ඉතාම ඉහල විවිධත්වයක් තිබෙන භාන්ඩ හා සේවා ඉතාම විශාල ප්‍රමාණයක් තියෙනව. 
ඉතින් කෙනෙකුගෙ ගති ලක්ශන, පෞරුෂය, රුචිකත්වය මත තමන්ට කැමති ජීවන රටාවකට යොමු වෙන්න මේ වගේ රටවල් වල ගොඩක් අයට පුළුවන්. මේකෙන් ඒ අයට ඒ අයගේම අනන්‍යතාවයක් ගොඩනගාගෙන ජීවත්වෙන්න අවස්ථාව ලැබෙනව. ඉතාම වැදගත් වෙන්නෙ මේ ජීවන රටාවට සරිලන මිලදීගැනීමේ හැකියාවක් සහිත ඉතා සාධාරණ වැටුපක් මේ රටවල ගොඩක් දෙනෙකුට ලැබෙනව.මොකද කියන්නෙ? අවස්ථාව තියෙනව නම් මෙහෙම ජීවත් වෙන්න හැම කෙනෙක්ම කැමතියි නේද? ඒ වගේමයි මේ රටවල ගොඩක් අය තම කැමැත්තෙන් කෙනෙක්ව අනුගමනය කරනව නම් ඇරෙන්න බොහෝ වෙලාවට කාටවත් බලෙන් තව කෙනෙකුට බලපෑම් කරන්න බැහැ. කවුරුවත් තව කෙනෙකුගෙ යටත් වැසියෙක් හෝ වහලෙක් වෙන්නෙ නැහැ. මම දැං මේ කිව්වෙ දියුණු රටවල් වල ක්‍රියාත්මක වෙන නව ලිබරල් ක්‍රමය ගැන ඉතාම කෙටියෙන්. 
එතකොට මීට මාස හයකට පෙර ඉඳං පහුගිය වසර 40-45 ක පමන කාලයෙ ඉඳන් ලංකාවෙත් ක්‍රියාත්මක උනේ මේ කියපු විදියෙ ධනවාදයට බර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. මම මේ කියපු කාලසීමාවෙ ලංකාවෙ හිටිය කෙනෙක් නම් ඔබට කියන්න පුළුවන්ද දියුණු රටක ඉඳං මම විස්තර කරපු මේ වෙළඳපොළ ආර්ථික ක්‍රමය ලංකාවෙ ඒ වගේම ක්‍රියාත්මක උනාද කියල. නෑ ඒක කිසිසේත්ම වෙන්න බෑ. මොකද මෙච්චර කාලයක් මම මේ කියපු විදියෙ ක්‍රමයක් ක්‍රියාත්මක උනා නම් ලංකාවෙ ආර්ථිකය මේ තරම් කඩාවැටිල සමාජවාදී පසුබිමක් තියෙන NPP එක වගේ පක්ශයකට මේ රටේ පාලන බලය යාවිද?

 එතකොට ලංකාවෙ හිටිය අය අත්දැක්කෙ කොයි වගේ සමාජ ආර්ථිකය ක්‍රමයක්ද? කෙටියෙන් කිව්වොත් ඒකෙ අතීත වැඩවසම් පාලන ක්‍රමයෙ ලක්ශන හොඳින් විද්‍යමාන උනා කිව්වොත් හරි ඒ මොකද මම අර කියපු දියුණු ලිබරල් ක්‍රමය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ආර්ථික ශක්තිය ලංකාව වගේ රටකට නැහැ. හිතල බලන්න රටේ ජනගහනයෙන් ඉහලම ආදායම් හිමි 20%ට ඔබ අයත් නැතිනම් ඔබට ලැබෙන ආදායම ප්‍රමානවත්ද ඔබගේ අනන්‍යතාවයට ගැලපෙන ජීවන රටාවක් ගොඩනගාගන්න. මම නම් හිතන්නෙ නැහැ. වෙළඳපොළේ කොපමන භාන්ඩ හා සේවා තිබුනත් ඔබට තමං කැමති දෙයක් වෙළඳපොළෙන් මිලදී ගන්න අවශ්‍ය වත්කම තිබුනද? නෑ නේද? ඔබට තමං කැමති විනෝදාංශයක යෙදෙන්න අවශ්‍ය කාලය හෝ මුදල් ඔබට තිබුනද? නෑ නේද? ඒක තමයි අද රටේ අති බහුතරයක් සමාජවාදී නැඹුරුවක් ඇති රජයක් පත් කරගෙන තියෙන්නෙ.

සමාජවාදය කියන එකත් මූලිකව සමානාත්මතාව මත පදනම් වෙලා තිබුන උනත් එතනදි සම්පත් වල සීමිත බව කියන එක පිලිබඳව අවබෝධය මත තමයි සමාජවාදී ආර්ථිකයක් නිර්මාණය වෙන්නෙ.
සරල උදාහරණයකින් කිව්වොත් 5 දෙනෙකුගෙන් යුතු කන්ඩායමකට පිටි කිලෝ 5ක් සහ අනෙකුත් අවශ්‍ය සියළුම ද්‍රව්‍ය තිබෙනව කියල හිතමු. එහෙම නම් මේ පස් දෙනාට තමං කැමති කෑමක් තම තමංගෙ රුචිකත්වය හා හැකියාව මත සාදාගන්න පුළුවන්. කෙනෙක් ඉඳිආප්ප කනකොට තව කෙනෙකුට ආප්ප හෝ රොටී හෝ අවශ්‍ය නම් පාන් හදාගෙන කන්න පුළුවන්. තම තමං සාදාගන්නා ආහාරයේ රස සහ ගුනාත්මක භාවය තීරනය වෙන්නෙ තම තමංගෙ හැකියාව, මහන්සිය හා කැපවීම මත. මේක තමයි නව ලිබරල් ධනවාදයේ පරමාදර්ශය.
නමුත් හිතල බලන්න මේ පස් දෙනාටම තියෙන්නෙ පිටි කිලෝ 2 ක් සහ සීමීත ද්‍රව්‍ය (Ingredients) ප්‍රමාණයක් පමනයි කියල. දැන් මොකද කරන්නෙ. ඔන්න දැං අපිට ලංකාව වගේ රටවල ක්‍රියාත්මක වෙන ලිබරල් ධනවාදය මේකෙන් පැහැදිලි කරන්න පුළුවන්. ලංකාවෙ නම් මේ අය අතරෙන් වරප්‍රසාදලත් දෙදෙනෙක් ඒ අය කැමති ආප්ප හෝ කේක් තමන් කැමති ප්‍රමානයක් හාදාගෙන තමංගෙ ආහාර අවශ්‍යතාවය සපුරාගනීවි. එතකොට ඉතිරි තිදෙනාට ඉතිරි වෙන්නෙ පිටි ග්‍රෑම් 500 ක් සහ සීමිත කලමනා ප්‍රමානයක් කියමු. ඉතින් දැන් මේ තුන්දෙනාට තමං කැමති උනත් නැති උනත් අර සීමිත පිටි ප්‍රමාණයෙන් රොටී හදල තමන්ට අවශ්‍ය ප්‍රමාණය කොහොම උනත් කුසගින්න අවම කරගන්න පුළුවන් ප්‍රමානයට ආහාරයට ගන්න තමයි වෙන්නෙ. 
මෙන්න මේ දෙවෙනි අවස්ථාවෙදි සමාජවාදය ක්‍රියාත්මක උනා කියමු . එතනදි වෙන්නෙ මෙහෙම දෙයක් යතාර්ථවාදීව කල්පනා කරල පිටි කිලෝ 2 කින් අර පස් දෙනාටම ඕන කරන දේවල් හදා ගන්න බැරි නිසා ජාති පහක් වෙනුවට ජාති 3 ක තෝරාගැනීමක් ඒ අයට දෙනව එයින් වැඩි දෙනාගේ තේරීම මත වඩා ජනප්‍රියම ආහාර ද්‍රව්‍ය දෙක තමයි හදන්න තීරනය වෙන්නෙ. ඔන්න දැන් මේ හදන ආහාර ද්‍රව්‍ය දෙක අර 5 දෙනාගේ කැමැත්ත පරිදි සම සමව බෙදාගන්න පුළුවන්. කොටින් කිව්වොත් වැඩිය ආහාර ප්‍රමානයක් කන්න බැරි කෙනෙක් රස ගැන හිතල ආප්ප සීමිත සංඛ්‍යාවක් තෝරගන්න පුළුවන්. ඔබට ගොඩක් කන්න අවශ්‍යයි නම් අනිත් විකල්පය උන ඉඳි ආප්ප ඔබට තෝරගන්න පුළුවන්. 
හොඳයි දැන් මම මේ උදාහරණයෙ යෙදීම් පහදන්නම්. ඔබ ලංකාවෙ වරප්‍රසාදලත් 20% ට හෝ දියුණු රටක බහුතර ජනතාවට අයිති නම් ඔබට අදාල වෙන්නෙ පලමු සෙනාරිය (Scenario) එතකොට ඔබ නව ලිබරල් ධනවාදී ක්‍රමයට කැමති කෙනෙක්.
දෙවෙනි සෙනාරියෙන් (Scenario) ලංකාව වගේ සීමිත සම්පත් සහිත රටවල පවතින සමාජ අසාධාරණය පිලිබිඹු වෙනව.
තුන්වන සෙනාරිය තමයි සමාජවාදය ක්‍රියාත්මක කිරීම මඟින් දුප්පත් බවේ පීඩනය අවම කරගන්නා ආකාරය. ඉතින් මම ධනවාදයට පක්ශයි. මම සමාජවාදී, මම ලිබරල්, මම කොමියුනිස්ට් කියල කෑ ගහන්න වාද කරන්න කලින් හිතල බලන්න ඔබ ඉන්නෙ කොහෙද, ඔබ කොයි තරම් සාධාරණද, කොයි තරම් අවංකද කියල. 
අනිත් දේ තමයි නිකං පොත් වල තිබුනු පලියට කවුරුහරි කියපු පලියට සමාජවාදය බිඳ වැටුන දැන් තියෙන්නෙ ධනවාදය විතරයි කිය කිය ද‍ඟලන්න කලින් පොඩ්ඩක් යතාර්ථවාදීව හිතල බලන්න. අපි හැමෝටම අවශ්‍ය නිදහසේ, ඉතා සැප පහසුවෙන්, අපේ කැමැත්තට අනුව ජීවත් වෙන්න නේද? ඉතිං ඒක නිසා අපි හැමෝගෙම ඉලක්කය විය යුත්තෙ අර මම මුලිං කියපු "ඛේතුමතියෙ" ආකෘතියට අනුව හැදුන සමුර්ධිමත් දේශය නෙවෙයිද? හැබැයි අපිට තියෙන නැති බැරි, අඩු ලුහුඬුකම් මධ්‍යයේ අපි ඒකට ලඟා වෙනව නම් ඒකට තිබෙන එකම මාර්ගය අර තුන් වෙනි උදාහරණයෙන් කියපු වමට නැඹුරු සමාජවාදී මාවත කියන එක ඔබට හිතෙන්නෙ නැද්ද? 
ඉතිං දැං ඕගොල්ලොම හිතල බලන්න එක වගේම බඩගින්නක් තියාගෙන ඒකෙන් මිදෙන්න විප්ලව කරන එක නිකං කන්න කරන ඉල්ලීමක්ද කියල.
ඒ වගේම අර දෙවෙනි උදාහරණයෙ වරප්‍රසාදලත් දෙදෙනාගේ ගොඩට වැටිල, නැතිනම් ලංකාවෙ වරප්‍රසාදලත් 20% ට අයත් වෙන ගමන් අනිත් මිනිහට හෙනගහල ගියත් කමක් නෑ අපිට ඕන විදියට අපි ඉන්නෙ කියල නව ලිබරල් ධනවාදය ඉල්ලන එක නෙවෙයිද සැබෑ කුහක කම කියල.
A day in the life