පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-04-14

ධනවාදය සහ සමාජ වාදය පිලිබද අදහසක්.






ගිහාන් සමරසිංහ - මුණුපොතට.

මම සරලව කියන්න උත්සාහ කරන්නෙ ලෝකෙ හැමතැනම ගොඩාක් දෙනෙක් කතාවෙන ධනවාදයේ වර්තමාන ස්වරූපය සහ සමාජවාදය අතර ඇති මූලික වෙනස්කම් සහ මේ ආර්ථික ක්‍රම දෙක පිලිබඳව කෙටි තුලනාත්මක විග්‍රහයක්. 
මුලින්ම බලමු ගොඩක් බටහිර රටවල් වල වගේම ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව ආදී දියුණු රටවල වෙළඳපොළ ආර්ථිකය ලෙස ක්‍රියාත්මක වන ධනවාදය ගැන. මෙතනදි ඉතාම වැදගත් වෙන්නෙ නිදහස් වෙළඳපොළ කියන සංකල්පය. ගොඩක් දෙනෙක් මේක තේරුම් ගන්නෙ ඉතාම සුභවාදී, ධනාත්මක දෙයක් විදියට. Liberalism කියන සංකල්පය මෙතනදි මුල් වෙනව. හිතල බලන්න. අපි අපට කැමති දෙයක් ඉගෙනගෙන, අපට කැමති දෙයක් කරල මුදල් උපයගෙන, අපට කැමති ආකාරයෙන් ජීවත් වෙනව කියන එකයි මේකෙ තේරුම. මම ජීවත්වෙන ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්ත උනත් මේ කියන Liberal ලක්ශණ ගොඩක් පේන්න තියෙනව. මේ රටවල වෙලඳපොල තුල ඉතාම ඉහල විවිධත්වයක් තිබෙන භාන්ඩ හා සේවා ඉතාම විශාල ප්‍රමාණයක් තියෙනව. 
ඉතින් කෙනෙකුගෙ ගති ලක්ශන, පෞරුෂය, රුචිකත්වය මත තමන්ට කැමති ජීවන රටාවකට යොමු වෙන්න මේ වගේ රටවල් වල ගොඩක් අයට පුළුවන්. මේකෙන් ඒ අයට ඒ අයගේම අනන්‍යතාවයක් ගොඩනගාගෙන ජීවත්වෙන්න අවස්ථාව ලැබෙනව. ඉතාම වැදගත් වෙන්නෙ මේ ජීවන රටාවට සරිලන මිලදීගැනීමේ හැකියාවක් සහිත ඉතා සාධාරණ වැටුපක් මේ රටවල ගොඩක් දෙනෙකුට ලැබෙනව.මොකද කියන්නෙ? අවස්ථාව තියෙනව නම් මෙහෙම ජීවත් වෙන්න හැම කෙනෙක්ම කැමතියි නේද? ඒ වගේමයි මේ රටවල ගොඩක් අය තම කැමැත්තෙන් කෙනෙක්ව අනුගමනය කරනව නම් ඇරෙන්න බොහෝ වෙලාවට කාටවත් බලෙන් තව කෙනෙකුට බලපෑම් කරන්න බැහැ. කවුරුවත් තව කෙනෙකුගෙ යටත් වැසියෙක් හෝ වහලෙක් වෙන්නෙ නැහැ. මම දැං මේ කිව්වෙ දියුණු රටවල් වල ක්‍රියාත්මක වෙන නව ලිබරල් ක්‍රමය ගැන ඉතාම කෙටියෙන්. 
එතකොට මීට මාස හයකට පෙර ඉඳං පහුගිය වසර 40-45 ක පමන කාලයෙ ඉඳන් ලංකාවෙත් ක්‍රියාත්මක උනේ මේ කියපු විදියෙ ධනවාදයට බර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. මම මේ කියපු කාලසීමාවෙ ලංකාවෙ හිටිය කෙනෙක් නම් ඔබට කියන්න පුළුවන්ද දියුණු රටක ඉඳං මම විස්තර කරපු මේ වෙළඳපොළ ආර්ථික ක්‍රමය ලංකාවෙ ඒ වගේම ක්‍රියාත්මක උනාද කියල. නෑ ඒක කිසිසේත්ම වෙන්න බෑ. මොකද මෙච්චර කාලයක් මම මේ කියපු විදියෙ ක්‍රමයක් ක්‍රියාත්මක උනා නම් ලංකාවෙ ආර්ථිකය මේ තරම් කඩාවැටිල සමාජවාදී පසුබිමක් තියෙන NPP එක වගේ පක්ශයකට මේ රටේ පාලන බලය යාවිද?

 එතකොට ලංකාවෙ හිටිය අය අත්දැක්කෙ කොයි වගේ සමාජ ආර්ථිකය ක්‍රමයක්ද? කෙටියෙන් කිව්වොත් ඒකෙ අතීත වැඩවසම් පාලන ක්‍රමයෙ ලක්ශන හොඳින් විද්‍යමාන උනා කිව්වොත් හරි ඒ මොකද මම අර කියපු දියුණු ලිබරල් ක්‍රමය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ආර්ථික ශක්තිය ලංකාව වගේ රටකට නැහැ. හිතල බලන්න රටේ ජනගහනයෙන් ඉහලම ආදායම් හිමි 20%ට ඔබ අයත් නැතිනම් ඔබට ලැබෙන ආදායම ප්‍රමානවත්ද ඔබගේ අනන්‍යතාවයට ගැලපෙන ජීවන රටාවක් ගොඩනගාගන්න. මම නම් හිතන්නෙ නැහැ. වෙළඳපොළේ කොපමන භාන්ඩ හා සේවා තිබුනත් ඔබට තමං කැමති දෙයක් වෙළඳපොළෙන් මිලදී ගන්න අවශ්‍ය වත්කම තිබුනද? නෑ නේද? ඔබට තමං කැමති විනෝදාංශයක යෙදෙන්න අවශ්‍ය කාලය හෝ මුදල් ඔබට තිබුනද? නෑ නේද? ඒක තමයි අද රටේ අති බහුතරයක් සමාජවාදී නැඹුරුවක් ඇති රජයක් පත් කරගෙන තියෙන්නෙ.

සමාජවාදය කියන එකත් මූලිකව සමානාත්මතාව මත පදනම් වෙලා තිබුන උනත් එතනදි සම්පත් වල සීමිත බව කියන එක පිලිබඳව අවබෝධය මත තමයි සමාජවාදී ආර්ථිකයක් නිර්මාණය වෙන්නෙ.
සරල උදාහරණයකින් කිව්වොත් 5 දෙනෙකුගෙන් යුතු කන්ඩායමකට පිටි කිලෝ 5ක් සහ අනෙකුත් අවශ්‍ය සියළුම ද්‍රව්‍ය තිබෙනව කියල හිතමු. එහෙම නම් මේ පස් දෙනාට තමං කැමති කෑමක් තම තමංගෙ රුචිකත්වය හා හැකියාව මත සාදාගන්න පුළුවන්. කෙනෙක් ඉඳිආප්ප කනකොට තව කෙනෙකුට ආප්ප හෝ රොටී හෝ අවශ්‍ය නම් පාන් හදාගෙන කන්න පුළුවන්. තම තමං සාදාගන්නා ආහාරයේ රස සහ ගුනාත්මක භාවය තීරනය වෙන්නෙ තම තමංගෙ හැකියාව, මහන්සිය හා කැපවීම මත. මේක තමයි නව ලිබරල් ධනවාදයේ පරමාදර්ශය.
නමුත් හිතල බලන්න මේ පස් දෙනාටම තියෙන්නෙ පිටි කිලෝ 2 ක් සහ සීමීත ද්‍රව්‍ය (Ingredients) ප්‍රමාණයක් පමනයි කියල. දැන් මොකද කරන්නෙ. ඔන්න දැං අපිට ලංකාව වගේ රටවල ක්‍රියාත්මක වෙන ලිබරල් ධනවාදය මේකෙන් පැහැදිලි කරන්න පුළුවන්. ලංකාවෙ නම් මේ අය අතරෙන් වරප්‍රසාදලත් දෙදෙනෙක් ඒ අය කැමති ආප්ප හෝ කේක් තමන් කැමති ප්‍රමානයක් හාදාගෙන තමංගෙ ආහාර අවශ්‍යතාවය සපුරාගනීවි. එතකොට ඉතිරි තිදෙනාට ඉතිරි වෙන්නෙ පිටි ග්‍රෑම් 500 ක් සහ සීමිත කලමනා ප්‍රමානයක් කියමු. ඉතින් දැන් මේ තුන්දෙනාට තමං කැමති උනත් නැති උනත් අර සීමිත පිටි ප්‍රමාණයෙන් රොටී හදල තමන්ට අවශ්‍ය ප්‍රමාණය කොහොම උනත් කුසගින්න අවම කරගන්න පුළුවන් ප්‍රමානයට ආහාරයට ගන්න තමයි වෙන්නෙ. 
මෙන්න මේ දෙවෙනි අවස්ථාවෙදි සමාජවාදය ක්‍රියාත්මක උනා කියමු . එතනදි වෙන්නෙ මෙහෙම දෙයක් යතාර්ථවාදීව කල්පනා කරල පිටි කිලෝ 2 කින් අර පස් දෙනාටම ඕන කරන දේවල් හදා ගන්න බැරි නිසා ජාති පහක් වෙනුවට ජාති 3 ක තෝරාගැනීමක් ඒ අයට දෙනව එයින් වැඩි දෙනාගේ තේරීම මත වඩා ජනප්‍රියම ආහාර ද්‍රව්‍ය දෙක තමයි හදන්න තීරනය වෙන්නෙ. ඔන්න දැන් මේ හදන ආහාර ද්‍රව්‍ය දෙක අර 5 දෙනාගේ කැමැත්ත පරිදි සම සමව බෙදාගන්න පුළුවන්. කොටින් කිව්වොත් වැඩිය ආහාර ප්‍රමානයක් කන්න බැරි කෙනෙක් රස ගැන හිතල ආප්ප සීමිත සංඛ්‍යාවක් තෝරගන්න පුළුවන්. ඔබට ගොඩක් කන්න අවශ්‍යයි නම් අනිත් විකල්පය උන ඉඳි ආප්ප ඔබට තෝරගන්න පුළුවන්. 
හොඳයි දැන් මම මේ උදාහරණයෙ යෙදීම් පහදන්නම්. ඔබ ලංකාවෙ වරප්‍රසාදලත් 20% ට හෝ දියුණු රටක බහුතර ජනතාවට අයිති නම් ඔබට අදාල වෙන්නෙ පලමු සෙනාරිය (Scenario) එතකොට ඔබ නව ලිබරල් ධනවාදී ක්‍රමයට කැමති කෙනෙක්.
දෙවෙනි සෙනාරියෙන් (Scenario) ලංකාව වගේ සීමිත සම්පත් සහිත රටවල පවතින සමාජ අසාධාරණය පිලිබිඹු වෙනව.
තුන්වන සෙනාරිය තමයි සමාජවාදය ක්‍රියාත්මක කිරීම මඟින් දුප්පත් බවේ පීඩනය අවම කරගන්නා ආකාරය. ඉතින් මම ධනවාදයට පක්ශයි. මම සමාජවාදී, මම ලිබරල්, මම කොමියුනිස්ට් කියල කෑ ගහන්න වාද කරන්න කලින් හිතල බලන්න ඔබ ඉන්නෙ කොහෙද, ඔබ කොයි තරම් සාධාරණද, කොයි තරම් අවංකද කියල. 
අනිත් දේ තමයි නිකං පොත් වල තිබුනු පලියට කවුරුහරි කියපු පලියට සමාජවාදය බිඳ වැටුන දැන් තියෙන්නෙ ධනවාදය විතරයි කිය කිය ද‍ඟලන්න කලින් පොඩ්ඩක් යතාර්ථවාදීව හිතල බලන්න. අපි හැමෝටම අවශ්‍ය නිදහසේ, ඉතා සැප පහසුවෙන්, අපේ කැමැත්තට අනුව ජීවත් වෙන්න නේද? ඉතිං ඒක නිසා අපි හැමෝගෙම ඉලක්කය විය යුත්තෙ අර මම මුලිං කියපු "ඛේතුමතියෙ" ආකෘතියට අනුව හැදුන සමුර්ධිමත් දේශය නෙවෙයිද? හැබැයි අපිට තියෙන නැති බැරි, අඩු ලුහුඬුකම් මධ්‍යයේ අපි ඒකට ලඟා වෙනව නම් ඒකට තිබෙන එකම මාර්ගය අර තුන් වෙනි උදාහරණයෙන් කියපු වමට නැඹුරු සමාජවාදී මාවත කියන එක ඔබට හිතෙන්නෙ නැද්ද? 
ඉතිං දැං ඕගොල්ලොම හිතල බලන්න එක වගේම බඩගින්නක් තියාගෙන ඒකෙන් මිදෙන්න විප්ලව කරන එක නිකං කන්න කරන ඉල්ලීමක්ද කියල.
ඒ වගේම අර දෙවෙනි උදාහරණයෙ වරප්‍රසාදලත් දෙදෙනාගේ ගොඩට වැටිල, නැතිනම් ලංකාවෙ වරප්‍රසාදලත් 20% ට අයත් වෙන ගමන් අනිත් මිනිහට හෙනගහල ගියත් කමක් නෑ අපිට ඕන විදියට අපි ඉන්නෙ කියල නව ලිබරල් ධනවාදය ඉල්ලන එක නෙවෙයිද සැබෑ කුහක කම කියල.
A day in the life

2025-04-13

මතක අතර ඩඩ්ලි .



අදවන් දිනෙක සැමරෙන මතක අතර ඩඩ්ලි....
73 අප්‍රේල් වෙද්දි මට වයස අවුරුදු 13, ඒක හරි සුන්දර සමයක් අප්‍රේල් 1 වැනිදා ඉඳලම ගැමියෝ අලුත් අවුරුද්දට ලෑස්ති වෙනව. ඒ අවුරුද්දෙ අප්‍රේල් 1 දා දවස පත්තරේ මුල් පිටුවෙ තිබුනු පුවතකින් මුලු රටම කැලඹුනා මතක විදියට එහි සටහන්ව තිබුනේ විශාල ගෝරිල්ලෙකු දෙහිවල සත්ව උද්‍යානයට රැගෙන යමින් සිටියදී හෝ වෙනත් විදියකින් හෝ අදාල ස්ථානයෙන් පලා ගොස් ඇතිබවයි. මුලු කොලඹම කලබල වුනා . ගෝරිල්ලාගෙ විශාල ප්‍රමණයේ ඡායාරූපයක් ද පුවත්පතේ පලවී තිබුනා.
ඒ කාලෙ වෙනකොට පුවත්පත් හා පොත් කියන්නෙ මගේ හුස්ම ගැනීමේ ප්‍රධාන මාධ්‍ය වෙලා තිබුනු කාලයක්.ඇඟිලි තුඩක් එබූ සැනෙන් මුලු ලොවම එකම මොහොතක එකට ඈඳෙන තාක්ෂණයක් එකල තිබුනේ නෑ. පුවත්පත හා ගුවන් විදුලිය පමණයි තොරතුරු ප්‍රභවයකට තිබුනෙත්.
ඊට පසුවදා දවස පුවත්පතේ මුල් පිටුවේ ලොකු අකුරින් මුද්‍රණය කරල තිබ්බ, ඊයේ ගෝරිල්ලෙකු ගේ පැන යෑම පිලිබඳ ප්‍රවෘත්තිය අප්‍රේල් 1දා මෝඩයාගේ දිනය වෙනුවෙන් කල විහිලුවක් බවට.
ඒ ආසන්නයේ තවත් අවුරුද්දක අප්‍රේල්1දා දවස පුවත්පතේ මුල්පිටුවෙ ප්‍රධාන ශීර්ෂය වුනේ නිරුවත් විදෙස් කතක් කොලඹ ප්‍රධාන වීදියක දුවගියේයැයි ප්‍රවෘත්තියයි. එහිද පින්තූරයක් දමා තිබුනා. ගිය අවුරුද්දේ අප්‍රේල් 1 දා මෝඩ වූ ජනතාව ට ආයිමත් ඊලඟ වසරේ මෝඩයාට ඇන්ඳේ එලෙසිනුයි.
මගේ නිවස පිහිටා තිබුනෙ දකුනු පැත්තට පොලොන්නරුව කොලඹ බස් මාර්ගයත් වම් පැත්‍තට පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන බස් මාර්ගයත් විහිදෙන ලෙස වූ ප්‍රධාන මාර්ගය ආසන්නයේම ඊට මුහුන ලායි.
ඔය කියන අවදියේ කොලඹට නැව් මඟින් හෝ ගුවන් මඟින් ගොඩ බසින විදේශ සංචාරකයෝ මහා පිරිසක් උදේ සවස මේ ප්‍රධාන මාර්ගයේ සුඛෝපභෝගී රථවල නැගී පොලොන්නරුව පැරැණි නගරය බලන්නට ආව. එවකට ඔවුන් සඳහා නවාතැන් පහසුකම්සැපයූ ප්‍රධානතම ආයතනයවූයේ පරාක්‍රම සමුද්‍ර ජලාශයට මුහුන ලා ඉදිකල තානායම පමණයි.
මේ වයස වෙනකොට නම් මම ළමා ලෝකයෙන් ගැටවර ලොවට අයිතිවෙලා හිටියත් ඔය කියන වයසෙදි තරුණ කෙල්ලන් හෝ ළමාවියේ කෙල්ලන්ද මා ඔවුන්ගේ සමාගම්වලට ගත්තේ නෑ.හරියට කියනවනම් එහාටත් මෙහාටත් නැති ගන්දබ්බ අවදියක්.
කලිසම් කෑලි ගවුම් කෑලි එල්ලාගත් එක්කෝ උඩුකය නිරුවත් කුඩා එවුන් විදේශීය සංචාරකයින් රැගත් බස් හෝ කාර් වලට අත් වැනීම විනෝදාංශයක් කරගෙන තිබුනා.
"සුද්දෝ සුද්දෝ...."උන් කෑගැහුවෙ එහෙමයි. ඉඳහිට මේ හිඟන පැටවු ගැන අනුකම්පා කරන එවැනි බස් රථයක් නවත්වා ඉන් සුදෝ සුදු ඉතාම පිරිසිදු පෙනිමැති බටහිර සුදු ජාතික කන්ඩායම් බිමට බහිනව..
පෙර කී කුඩා හමුදාව සංචාරකයින් වට කරගන්නේ ඔවුන්ට අතපාමින්. වැඩිහිටියෙකුගෙන් අහගෙනදෝ එකෙක් "සර් මනි මනි..."යි අයදියි.
ඔය කියන කාලෙ ඩොලර් වලින් ගණං නොබැලූ කාරකදීන් හිටි කාලයක් නිසා කුඩා උන්ටත් ඩොලර් දී පලක් නැති බව වටහාගත් සංචාරකයෝ ඒ වෙනුවට ටොෆි මලු හෝ පිටුපසින් තෙරපූ කල පෑන් තුඩ පිටතට එන වර්ගයේ කාබන් පෑන් ආදි තෑගි දරුවන්ට ලබාදෙති. බැරිම තැන සුද්දෙකු හෝ සුද්දියක පෑන් අහුරු හෝ ටොෆි අහුරු වශයෙන් කොලු කුරුට්ටෝ වෙත විසි කරති.
13 වියැති මම දොරකඩ අඹ සෙවන යට සිට මේ හෙයියම්මාරුව දෙස බලා සිටින්නේ එහාටත් නැති මෙහාටත් නැති වයසේ ලැජ්ජාවකිනුයි. එදා බටහිර උදවියට අපේ රටේ ජනතාව පෙනෙන්නට ඇති විදිය ගැන අද මම මනසින් චිත්‍රයක් ඇඳගනිමි.
තෙල් පොහොර වලින් අද තරම් දූෂණය නොවූ කුඹුරුවල යල මහ බුසලට සීය බැගින්‍ රන් කරල් පීදෙද්දි අපි කවුරුවත් වැරැදිලාවත් වේලක් වත් බඩගින්නෙ ඉඳල නෑ. මුලු ගමේම තත්වත් ඒකයි.
ඔය කියන සමයේ අගමැති ධුරයේ හිටියේ සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියයි.හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ කල සිට සතියකට පවුලකට හාල් සේරු 2ක් සමූපකාරයෙන් නොමිළේ දුන්නා. ( ඒවා තමා ජාතියක් විදියට කොන්ද කෙලින් තියාගෙන නැගිටින්න බැරි ජනතාවක් බිහිකරන්නට මුල් වුනුපලමු වරද)
ගම්මු ඒ හාල හැඳින්වුනේ කූපන් හාල් කියල. යකඩ වගේ වියළි පොත්තේ රතු බතික් මෝස්තරයක් තිබුනු ඒ හාලෙන් උයන බත හරි බරයි.
ඉතින් මේ අවුරුදු සමයට මගේ තාත්තත් වී බුසල් 3 ගෝනි පිරවූ වී මිටි පුරවාගත්තු කරත්තයක ඉහලම ඉඳගෙන එන්නෙ රජෙක් වගේ. මඩ සෝදාගත් කල ගොවියා රජෙක් කියලනෙ. ( ගොවිකුලය අන්ඳා තිබුනේ එහෙමනේ) මගේ තාත්තා නම් වයස අවුරුදු 80 ක් ආයු වලඳා මිය පරලොව ගියේ හෘදයාබාධයකින්.මිය නොගොස් ඉතිරිවූ බහුතරයක් රජවරු දැන් වකුගඩු රෝහලේ රුධිර කාන්දු පෙරණයට ලක්වෙමින් ජීවිතය ඉල්ලමින් ඉන්නව.
අපේ අම්මා 6 දෙනෙකුගෙන් යුත් දරු මල්ලන්ට ඇඳුම් මැහුවෙ එයාගෙම අතින් 13 දා පරණ අවුරුද්දට එක ඇඳුමක් 14 දා අලුත් අවුරුද්දට තව ඇඳුමක් බැගින් අපට ලැබෙනවාමය.
ඔය කියන 1973 අවුරුද්දෙ අප්‍රේල් 12 දත් අපි නින්දට ගියෙ "හෙට අලුත් ගවුමක් අඳින්න තියෙනවනේ "කියන සතුටින්,
අම්මානම් ඒ රෑත් ඩිහ් ඩිහ් හඬින් කැකුලු හාල් පොඟවල වංගෙඩියෙලා කෙටුව අම්ම අතිරස හදනකොට තාත්ත බනිනව.
"ඇයි ඕයි ඔය චප්ප චපස් කෑහැක්ද කොණ්ඩ කැවුම් ටිකකුත් හදනව.."
13 දා අපි අලුත් ගවුම් අඳින්න ඕන හන්දා පාන්දරම නැගිට්ට. රතිඤ්ඤ සද්දෙ හතර වටින් ඇහෙනව.කොහෙදෝ ඈතකින් රබන් හඬත් ඇහුනා අම්ම නම් කීවෙ ඒ පොඩි විජේලාගෙ කොලණිය පැත්තෙ නැන්දලා කියලයි.
අපෙ අම්මට කවදටත් ගුවන් විදුලියෙ ප්‍රවෘත්ති අහන්න ඕන. ඒ ප්‍රවෘත්ති වලින් ඇහුනද විශේෂ නිවේදනයකින් ඇහුනද මංදා
" හිටපු අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතා හදිසියේ අභාවප්‍රාප්ත වෙයි.." කියල තමා ප්‍රචාරය උනේ
"අයියෝ....ඩඩ්ලි මහත්තයා..."
අපේ අම්මා අඬා වැටුනා.මට මැවිල පෙනුන මැදින් බෙදු හිසැකේ මෝස්තරයෙන් යුතු ටයි.කෝට් අඳින ඔහුගේ ප්‍රතාපවත් පෙනුම.
අද වගේ ජනතාවගෙන් අම්මා මෝ නැතිව බැනුම් අහන දේශපාලකයො.ඔය කියන යුගයෙ හිටියෙ නෑ. අම්මා වගේම ගමේ වැඩිහිටි මවු පියවරු වහාම අලුත් අවුරුද්ද අවලංගු කලා.තාත්තා ජාතික කොඩිය අඩ කුඹු කරල වහලය මත සවිකලා.
ඒ දවසෙ පුවත්පතකත් ඩඩ්ලි සේනානායක මහතාගේ අවමඟුල වෙනුවෙන් අවුරුදු සැණකෙලි නවත්තමු ශීර්ෂයෙන් ලිපියක් තිබ්බා මතකයි. බලයේ හුන් සිරිමා මැතිනියත් රාජ්‍ය උත්සව අවළංගු කල බව පට්ට සිරිලංකා කාරයෙකු වූ ඉස්සරහ ගෙදර කලු මාමා කීවා මතකය.
අඹ ගහ ලඟ අසල්වැසි වැඩිහිටියන් හා ශෝකබරිත මුහුනෙන් කතා බස් කරන තාත්තා ඩඩ්ලි සේනානායක මහතාගෙ පියා ඩී එස්.සේනානායක මහතා මියගියේ අශ්වයා මතින් වැටී බව කියනු මට ඇහුනා. තව දුරටත් ඒ තොරතුරුවලට කන්දෙනු රිසි මට තාත්තා, පියසේන මාමා, ජයතිලක මාමා, ගංගා සයිකල් මාමා, ඇතුලු ගමේ ජ්‍යේෂ්ඨ පරම්පරාවෙ වැඩිහිටියන් ඩඩ්ලි මහතා ගැන කියූ කතා බස් අතරින් ඇසී තවමත් මතකයේ තිබෙන්නේ බෝතලේ වලව්වේ අටේ දහයේ දැවැන්ත පිරිමි සහෝදරයින් අතුරින් ඩඩ්ලි හාමු මියයන තෙක්ම විවාහ වී සිටියේ නැති බවයි.
සේවාමුක්ත භටයෙකු වූ මගේ තාත්තා පොලොන්නරුව ගොවිජනපදයට පැමින තිබුනේ ඩී එස් සේනානායකයන් විසින් දියත්කල ඒ මහා ගොවි ව්‍යාපාරයට සම්බන්ධ වීමටයි.
ගම්මු බස් පිටින් ඩඩ්ලි මහතාගෙ දේහයට ගෞරව කරන්නට කොලඹ බලා ගියා.ශෝකය දරාගත නොහැකි අම්මාත් ඒ ගමෙන් පිටත්වූ බස් රියක නැගී එතුමන්ගේ දේහයට ගෞරව කිරීමට කොලඹ ගියා. ලක්ෂ 10ක් 15ක ජනතාවක් කොලඹට රැස්ව සිටියා එතුමන්ට අවසන් ආචාරය පිරිනමන්නට පුරා දෙදිනක්. පෝලිමේ ඉඳීමෙන් අනතුරුව යි අම්මාටත් එතුමන් වෙත තම ගෞරවය පලකරන්නට ලැබී තිබුනේ.
පත්තර පොත් ලෝකයක් කරගත් මට එකල දේශපානඥයෝ ගැන හීනෙකින් හෝ අහිතක් හට ගැනී තිබුනේ නැත.සමහරවිට ඒ දෙමවුපියන්ගේ කතා බස් අසා වන්නට ඇත.
කොයි හැටි උනත් එතුමාගෙ මරණයෙන් පසුවත් සිරිමා මැතිනියගේ රජය යටතේ ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රචාරයේදි එහි තේමාවාදනය ඩඩ්ලි ඩඩ්ලි ඩඩ්ලි ගෙදර හඬින් වැයෙන බෙරවාදනය13 හැවිරිදි මගේ හිතට තරම අපහසුවක්ගෙන දී තිබුනා.
මීරිගම බෝතලේ වලව්වේ ඉපැද කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු උගතෙකු වූ ( බැරිස්ටර්) හෙතෙම මෙරටේ තෙවරක්ම අගමැති ධුරය හෙබැවීය.
1973 වසරේ 61 වියේදි අදවන් දිනෙක අභාවප්‍රාප්ත ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතාට උතුම් නිරවාණයම වේවා
ඉන්දුමතී ජයසේන
A day in the life